The Most/Recent Articles

Showing posts with label Weeklyb. Show all posts
Showing posts with label Weeklyb. Show all posts

පුවත් දෙකක්. හරි සෙල්ලමක් !



හර්ෂි සි. පෙරේරා

පළමු පුවත.

ළමා අයිතිවාසිකම් රැක දෙන ලෙස ඉල්ලමින් මඩකළපුවේ සිංහලල දෙමළ හා මුස්ලිම් දරුවෝ අද මඩකළපුව නගරයේ පා ගමනක් ගියහ. සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂාවලින් ලියූ පුවරු ඔවුන් අත විය. ළමා හිසංන නවත්වන ලෙස ඒවායේ සඳහන් විය.

දෙවන පුවත.

හපුතලේ තංගමලේවත්තේදී පහරදී ගිනි පෙනෙල්ලකින් පිළිස්සීමෙන් තුවාල ලබා බදුල්ල මහ රෝහලේ ප‍්‍රතිකාර ලැබූ සිවු හැවිරිදි දරුවකු අද අලූයම මියගිය බව රෝහල් ආරංචි කියයි. හපුතලේ තංගමලේවත්ත ග්ලැනෝර්හි එස්. පුවනේෂ්වරම් මිය ගියේය. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට දරුවාගේ සුළු පියා බව කියන තැනැත්තෙක් රිමාන්ඞ් කරනු ලැබ සිටී. මියගිය දරුවාගේ මවල 11 හැවිරිදි සහෝදරිය සහ දෙහැවිරිදි නැගණිය පහර කෑමට ලක්ව බදුල්ල මහ රෝහලේ ප‍්‍රතිකාර ලබති. මියගිය දරුවාගේ අත් බිඳී තිබූ බවත් සිරුර සහ රහසඟ ගිනි පෙනෙල්ලකින් පුළුස්සා තිබුණ බවත් පොලිසිය කියයි.

මේ දේවල් සිදුවන්නේ සමුගන්නා විට දුරකථන සංවාදයක් පවා අවසන් කරන විට බුදු සරණයි කියන කරුණාව දයාව මයිත්‍රීය පෙර දැරි කරගත් රටකය. ළමා හිංසනය නවත්වන්නයි පෙළපාලි ගොස් වැඩක් නැත. රටේ නිතිය හරියට ලොකු කුඩා බේදයකින් තොරව ක්‍රියාත්මක කල යුතුය.


ලලිත්, කුගන් හා සංහිදියාව

හර්ෂි සි. පෙරේරා

ආණ්ඩුවට සුදුහුනුගාන උගත් පාඩම් හා සංහිදියා කොමිසමේ වාර්තාව නිකුත් කෙරිණි.

2009 මැයි මස අවසන්වූ යුද්දයේදී පමණක් නොවේ වර්තමානයේත් සුළු ජාතීන්ගේ මානව හිමිකම් කඩවෙයි. හොදම නිදසුන මිට සති දෙකකට පමණ පෙර අතුරුදහන් වූ ලලිත් සහ කුගන්ය.

ආණ්ඩුව සිදු කරන මානව හිමිකම් උල්ලන්ගනයන් සහ ලලිත් සහ කුගන් නිදහස් කර ගැනීමට තමන් යුරෝපා සංගමයේ සහය පැතීමට බලාපොරොත්තු වන බව ජන අරගල වියාපාරය සදහන් කරයි. ජන අරගල වියාපාරය යනු ජනතා විමුක්ති පෙරමුණෙන් කැඩී ගිය කොටසකි. මෙසේ විදේශයන්හි සහය පැතීමට හේතුව දේශීය සහන ගැන පවත්නා අවිශ්වාසයයි. සැකයයි.

මේ තත්වයෙන් ගැලවීමට නම් ආණ්ඩුව පළමුව දරුස්මන් වාර්තාව සහ උගත් පාඩම් හා සංහිදියා කොමිසමේ වාර්තාව සිංහලට හා දෙමළට පරිවර්තනය කර සාමාන්‍ය ජනයා අතට පත් කල යුතුය. එවිට සිදුවුයේ කුමක්ද? සිදු වන්නට යන්නේ කුමක්ද ? කියා ඔවුන් තීරණය කරනු ඇත. ඔවුන්ගේ හර්ද සාක්ෂිය තවමත් බලය දරා සිටින්නන්ගේ මෙන් අපවිත්‍ර වී නැත.


සංශෝදනය විය යුත්තේ නීතියද? නැතහොත් ඊට ඉහලින් සිටින බලකාමිත්වයද?

හර්ෂි සි. පෙරේරා

මේ පුවත් තුනම වාර්තා වන්නේ දෙසැම්බර් 15 වැනිදා ලංකාදීප පුවත්පතේය. එකකින් ආඩම්බරකාර ජනාදිපති තාත්තගේ පුතා නීතිඥයකු වීමයි. දෙවැන්න රටේ අපරාද නඩු විදාන සංග්‍රහය සහ සිවිල් නඩු විදාන සංග්‍රහය සංශෝදනයට ආණ්ඩුව සැරසෙන බවයි. තෙවැන්න සාමාන්‍ය පෙළ හොරට ලියා සිසුන් සිවු දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත් වීමයි.

අපට කළු අකුරින් මුද්‍රිත සුන්දර නීතියක් ඇත. එය ක්‍රියාත්මක කිරීමට ජස්ටිස් සිස්ටම් එකක්ද ඇත. නමුත් යථාර්තය කුමක්ද?

සෑම වසරකම සිසුන් සිය ගණනක් නීතිඥවරු ලෙස දිවුරුම් දෙති. ඔවුන් සහ නාමල් රාජපක්ෂ අතර ඇත්තේ වෙනස්කම් දෙකකි. ඒ ඔහු නීතියට ඉහලින් පිහිටි විදායකයකින් පැවත ඒමත් ඔහුට විබාග වලදී සුවිශේෂ වරප්ප්‍රසාද හිමිවිමත්ය.

නීතියේ පාලනයට හිමි තැන නිතිය සහ පිළිවෙල විසින් අත්පත් කරගත් විට මෙවන් වියසනයන් සිදුවන අතර ඒ ගැන මහා ජනතාව ටික දොහකට ගොනාට අන්ද විය හැකිය.

මහනායක හිමිකිවා හරියට හරිය. එනම් හිතවතුන්ට සහ විරුද්ද මතදාරීන්ට නිතිය ක්‍රියාත්මක වන්නේ දෙවිදියකටය.

සාපෙළ විබාග වංචාව කල සිසුන් අත්අඩංගුවට ගැනිණි. එය හොදය. නමුත් ප්‍රෙහෙලිකාව සෑම විබාග වන්චනයිකයින්ට විරුද්දව නිතිය සමානව ක්‍රියාත්මක නොවීමයි. එහෙත් ඒ බර මහත ප්‍රතාපවත් නීති පොත්වල නිතිය ඉදිරියේ සැවොම සමාන බව පැහැදිලි කළු අකුරින් සිංහල දෙමල ඉංග්‍රීසි බාෂා තුනෙන්ම සදහන් ව ඇත.

ඉතින් පළමුව සංශෝදනය විය යුත්තේ කුමක්ද?



ජවිපෙ දේශපාලනය - සැබෑව සහ මිත්‍යාව


l ඩී . සුගත් රාජපක්ෂ

ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තර අර්බුදය පුපුරා මේ වන විට ටිල්වින් කණ්ඩායම හා කුමාර කණ්ඩායම වශයෙන් කණ්ඩායම් දෙකක් බිහි වී තිබේ. දැනට දෙකඩ වී ඇති ජවිපෙ පාර්ශව දෙක තරඟයට විජේවිරගේ පොල්ම:කාර අයිතිය තමන් සතු කරගන්නට වෙර දරන අයුරු පැහැදිලිවම දැකිය හැකිය. ඔවුන් තරගයට රැස්වීම තබමින් , පොත් ලියමින් විජේවීර ගේ උරුමය පිළිබඳව විවිධ මත ප්‍රකාශ කරති. මෙම කණ්ඩායම් දෙකම රෝහණ විජේවීර ශාස්තෘවරයෙක් ලෙසට ඔසවා වන්දනාමාන කරන අතර සැබෑ විජේවීර කවරක්ද යන්න මෙම පාර්ශව දෙකේ සාමාජියකයන් නොදන්නවා හෝ දැනගෙන යම් යම් වාසි තකා නිශ්ශබ්දව සිටිනවා විය හැකිය. මාක්ස්වාදී ශාස්තෘවරයෙක් ලෙසට විජේවීරව ඔසවා තැබීම මගින් අල්තාරය පහල සිටින පූජකයන්ටද යම් ආකාරයක පුජනීයත්වයක් සහ පිළිගැනීමක් ලැබෙන අතර ක්‍රිස්තුස්ගේ සහ බුදුන්ගේ නම් විකුණා යැපෙන පුද්ගලයන් , සංවිධාන මෙන් බඩ වියත සොයාගැනීමට දේවත්වයට පත් කරන ලද විජේවීර ගැන අති මානුෂික කතා ගොතමින් පහල ස්ථරයේ අන්ධ අනුගාමිකයන්ව නිබඳ රැවටීමකට ලක් කරන අයුරු පෙනේ. රෝහණ විජේවීර යනු සංකීර්ණ චරිතයකි. ඔහුගේ අන්ධානුගමිකයන් විසින් අර්ධ දෙවියෙකු කරන ලද මෙම මිනිසා ඔහුගේ විරුද්ධවාදින්ට මිනීමරුවෙකි, ත්‍රස්තවාදියෙකි. නමුත් සැබෑ රෝහණ විජේවීර පිළිබඳව කතිකාවක් තවමත් ගොඩනැගී නැත. 



සැබෑ විජේවීර

විජේවීර උපත ලබන්නේ පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර ලෙසටය. ඔහුගේ පියා ශ්‍රී ලංකා කොමිනිස්ට් පක්ෂයේ භක්තිමත් ආධාරකරුවෙකි. 1947 මැතිවරණයේදී දෙනියාය ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂයේ මැර ආධාරකරුවන් විසින් උසිගන්වනු ලැබූ වතු කම්කරු පිරිසක් විසින් පහර දීම නිසා විජේවීරගේ පියා සදාකාලික ආබාධිතයෙකු වෙයි. මේ නිසා කොමිනිස්ට් පක්ෂයේ දොස්තර එස් ඒ වික්‍රමසිංහ සහ ඊලියන් නානායක්කාර යන මහතුන්ගේ ආධාරය ඇතුව අපොස සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනුම ලැබූ විජේවීරට වෛද්‍ය විද්‍යාව හැදෑරීමට මොස්කව් හි ලුමුම්බා මිත්‍ර සරසවියේ ශිෂත්වයක් ලැබේ. 1960 දී මොස්කව් ගිය විජේවීර වෛද්‍ය විද්‍යාව ඉගෙනීමට වඩා තැන දෙන්නේ මාක්ස්වාදය ඉගෙනගැනීමටය. මේ නිසා ඔහුගේ අධ්‍යාපනය කඩා වැටේ. මේ නිසා ඔහු බයෝ කෙමිස්ට්‍රි විෂය අසමත් වේ. විඩාවට ලක් වීම නිසා විශ්ව විද්‍යාල වෛද්‍ය ඒකකය විජේවීරව සැනටෝරියම් හෙවත් සුඛස්ථානයකට යොමු කරයි. මෙය පසුකාලයක ඔහුගේ විරුද්ධවාදීන් අර්ථ දක්වන්නේ විජේවීර මානසික රෝහලක ප්‍රතිකාර ලැබුවා ලෙසටය. එය සහමුලින්ම වැරදි මතයකි.

විභාගය අසමත්වීම නිසාත් පියාගේ අයහපත් සෞක්‍ය තත්වය නිසාත් 1964 දී විජේවීර ලංකාවට පැමිණේ. මොස්කව්හිදී ලංකාවේ කොමිනිස්ට් පක්ෂයේ ඇතැම් සාමාජිකයන් විසින් කල හොරට ඩොලර් මාරු කිරීම , පිටරට භාණ්ඩ සෝවියට් දේශයට ගෙන ගොස් විකිණීම වැනි ක්‍රියා විවේචනය කිරීම නිසා විජේවීරට එරෙහිව පක්ෂය තුල කුමන්ත්‍රණ ඇතිවේ. මේ හැර ඔහු චීන පිලේ රැස්වීම වලට සහභාගී වීමද විවේචනයට ලක් වේ. කේ පී සිල්වා විසින් කොළඹ රුසියානු තානාපති කාර්යාලයට කරන ලද දැනුම් දීමක් නිසා ඔහුට යලි සෝවියට් දේශයට යාමට විසා නොලැබේ. මේ නිසා විජේවීරගේ වෛද්‍ය ශිෂත්වය අවලංගු වේ. මෙම කරුණ අශ්‍රිතව විශාල මිථ්‍යාවන් තිබේ. අන්ධ භක්තිකයන් විශ්වාස කරන්නේ විජේවීර සෝවියට් දේශයේ වැරදි සෝවියට් කොමියුනිස්ට් පක්ෂය හමුවේ විවේචනය කිරීම නිසා ඔහුගේ ශිෂත්වය අවලංගු කල බවයි. නමුත් මෙය සහමුලින්ම ප්‍රබන්ධ කරන ලද්දකි. තවත් මිත්‍යාවක් නම් අනාගත සෝවියට් දේශයේ බිඳවැටීම 1964 වැනි කාලයකදී විජේවීර ටක්කෙටම අනාවැකි කියූ බවයි.

විජේවීර සෝවියට් දේශයට ගිය කාලයේදී ස්ටාලින්ගේ ග්‍රහණය බිඳ වැටී ස්ටලින්වාදය එළිපිට විවේචනය කල සමයක් ඇතිවී තිබුණි. නිලධාරිවාදයේ දඬු කඳට අසුවී තිබු සෝවියට් දේශය බිඳ වැටෙන බව කීමට අනාගත වක්තෘ කෙනෙකු අවශ්‍ය නොවිය. තර්කානුකුලව සෝවියට් සමාජය හැදෑරු විදේශිකයන් බොහෝ දෙනෙකු සෝවියට් දේශයේ බිඳ වැටීම ගැන පවසා තිබුණි. විජේවීරට දේශපාලන අනාවැකි කීමට හැකියාවක් තිබුනේ නම් 1971 , සහ 1988 කැරළි විනාශකාරී අවසන් වන බව දැනගැනීමේ අන්තර්ඥානයක් නොතිබුනේ මන්ද සහ 1982 ජනධිපතිවරණයේදී සහමුලින්ම වැරදි අධිතක්සේරුවකට ගියේ මන්ද යන ප්‍රශ්න මතු වේ.

ශිෂත්වය අවලංගු වීමෙන් පසු ශන්මුගදාසන්ගේ චීන පිලට බැඳුනු විජේවීර එම පක්ෂය කඩාගෙන 1965 මැයි මස 14 වන දින අක්මීමන දී ජනතා විමුක්ති පෙරමුණ සැදීමට මුල්ගල තියයි. නමුත් මෙම කණ්ඩායම ජනතා විමුක්ති පෙරමුණ නමින් ක්‍රියාත්මක වන්නේ පසුවය. විජේවීර ප්‍රමුක මෙම කණ්ඩායම ලංකාවේ අයුධ සන්නද්ධ විප්ලවයක් කිරීමට තීරණය කරති.


විජේවීරගේ හැකියාවන් සහ සීමා

විජේවීර යනු දක්ෂ සංවිධායකවරයෙකි. ඒ බව ඔහුගේ විරුද්ධවාදින්ද තර්ක රහිතව පිළිගනිති. ඔහු දක්ෂ දේශකයෙකි. කතා කිරීම මගින් පුද්ගලයන් දිනා දැනීමට විජේවීරට සමකල හැකි දේශපාලකයෙකු තවමත් පහල වී නැත. ඔහුගේ බොහෝ අනුගාමිකයන් ඔහු සමග සාකච්ඡා කල ප්‍රථම දියේම ඔහු කෙරෙහි පැහැදී ඔහුගේ අනුගාමිකයන් වූ පුද්ගලයන් වීම විශේෂත්වයකි. වෙනත් සම්ප්‍රදායික දේශපාලකයන් මෙන් රැකියා , නිවාස වැනි භෞතික දැ දීමට පොරොන්දු වීමෙන් ඔහු අනුගාමිකයන් දිනා ගත්තේ නැත. ඔහු අදාල පුද්ගලයා අධ්‍යනය කොට ඔහුට හෝ ඇයට ඔබින ආකාරයට කතා කිරීම , කරුණු පැහැදිලි කිරීම මගින් ඔහු අනුගාමිකයන් ඇති කර ගත්තේය. විජේවීරගේ සන්නිවේදන හැකියාව කොතරම් ප්‍රබලද යත් ඔහුට එදිරිව පවතී නඩු විභාගයේ දී අපරාධ විනිශ්චය කොමිෂන් සභාවේ විනිසුරන් ද ඔහුගේ කතාවෙන් වශී වුහ.

මෙම දක්ෂතා තිබුනද විජේවීරට ආවේනික වූ දුබලතා සහ හැකියාවන් වල සීමා දක්නට ලැබුණි. මිනිසුන් දිනා ගත්තද එම මිත්‍රත්වය දිගටම පවත්වා ගැනීමට විජේවීරට නොහැකි විය. එයට එක හේතුවක් වුයේ ඔහු තුල පවතී සැකයයි. ඔහු සැකය නිසා කල්ලිවාදයෙන් අනුගාමිකයන්ට චෝදනා කළේය. 1971 වන විට පක්ෂය තුල කල්ලි චෝදනා නිසා අභ්‍යන්තරය දුර්වල වෙමින් තිබුණි. විජේවීර තුල තිබු සැකය හා ඊර්ෂ්‍යාව නිසා ඔහු ධර්මසේකර , සරත් විජේසිංහ වැනි හැකියාවක් තිබු පුද්ගලයන් කපා දමා තමන්ට එරෙහි විරුද්ධවාදීන් ඇති කරගෙන සිටියේය. දත් බොල්ලෑව නිසා විජේවීර සිටියේ දැඩි හීනමානයකිනි. ඔහු තමන්ට ගැහැණු ළමයි කැමති නොවන බව සිතුවේය. මේ නිසා වියාපාරයේ ප්‍රේම සම්බන්ධතා ඇති කරගෙන සිටි අනුගාමිකයන්ට ඒවා නවතා දමන ලෙස උපදෙස් දුන්නේය. මුල් කාලයේදී විජේවීර ගැහැණු ළමයින්ට පන්ති පැවැත්වුයේ බිම බලාගෙනය. වියපාරයට ගැහැණු ළමුන් ආකර්ෂණය වන විට එම ආකර්ෂණය විජේවීර කෙරෙහිද බලපෑවේය. මේ නිසා තමාට ගැහැණු ළමයි ආකර්ෂණ හැකියාවක් තිබෙන බව දැනගත් පසු ඔහු යසෝමාට සහ ටී . ඩී සිල්වාගේ දුව මලී වෙත කිට්ටු විය. මේ අනපේක්ෂිත වෙනස නිසා ඔහුගේ අනුගාමිකයෝ කැළඹී ගියහ. 1971 කැරැල්ලට පෙර පක්ෂයේ අර්බුධ ඇතිවීමට මෙයද හේතු කරණා වේ.


විප්ලවවාදී ගරිල්ලා භටයා

විප්ලවය ගැන කථා කලද විජේවීරට මාක්ස්වාදය ගැන ගැඹුරු දැනුමක් තිබුනේ නොමැත. මෙය ඔහුගේ වර්තමාන අන්ධ අනුගාමිකයන් නොපිලිගනිතත් පන්ති 5 තුල සහ විජේවීර විසින් ලියන ලද ලිපි වල හා කෘති වල ( උදා අවස්ථාවාදයද නිර්ධන පන්ති ජාත්‍යන්තරවාදයද’ ?) මාක්ස්වාදී න්‍යායාත්මක ඌනතා බහුලව දක්නට ලැබේ. ඔහු ලෙනින්ගේ ඇතැම් ලිපි වලට ලංකාවේ දේශපාලකයන්ගේ නම් ආදේශ කොට ස්වතන්ත්‍ර ලේඛන ලෙස ඉදිරිපත් කළේය. පසු කාලයක මේ ගැන පොඩි අතුල (වික්ටර් අයිවන්) දැඩි විවේචන කරන ලදී. චීන විප්ලවය කල මාඕ ගැන සහ කියුබානු විප්ලවය කල කැස්ත්‍රෝ ගැන අභිරුචියෙන් කතා කලද ඔහු තමන්ගේ ඇතැම් අනුගාමිකයන් හෙලා දැක්කේ හෝ කපා දැමුවේ ඔවුන්ට චීන ලයින්කාරයා හෝ කියුබන් ලයින්කාරයා යන ලේබල ඇලවීමෙනි. "අප ගොඩනැගිය යුත්තේ අප පසුපස එන මිනිසුන් නොව අපව පසුකර යන මිනිසුන්" යැයි රෝහණ විජේවීර පවසා තිබේ. නමුත් ඔහුගේ ජීවිත කාලය තුල ඔහු ගොඩනැගු එසේ පසුකර ගිය එක් මිනිසෙකුගේ නමක් කිව හැකිද ? විජේවීරගේ නාමය භාවිතා කොට දේශපාලන ව්‍යපෘති අරඹා මුල්‍යමය අතින් ඔහු පසුකර ගිය මිනිසුන් නම් බොහෝ සිටිති.

ගරිල්ලා භටයෙකුගේ දිවිපෙවත ගැන දේශනා කලද විජේවීරට ආයුධ ගැන දැනුම සහ ආයුධ භාවිතය ගැන දැනුමක් තිබුනේ නැත. ඔහුට පිහිනීමට නොහැකි විය. ඔහුගේ පැරණි සගයන් කියන පරිදි විජේවීරට බයිසිකලයක් පැදීමට පවා නොහැකි විය. පන්ති සතුරා ඉදිරියේ කිසිවක් හෙළිදරව් නොකර සිටීමේ ධෛර්යය සහ නිර්භීතකම ඔහු සතු නොවිය. මුල් වරට හම්බන්තොටදී අත්අඩංගුවට පත් වූ විට සර්නි විජේසුරියගේ බැටන් පොල්ල ඉදිරියේ ඔහු වියාපාරයේ රහස් වැමෑරුවේය. අම්පාරේදී අත් අඩංගුවට පත් වීමෙන් පසුව රහස් පොලිසිය ඉදිරියේ ඔහු වියාපාරයේ සගයන්, ඒ ඒ දිස්ත්‍රික්වල ක්‍රියාකාරීන් ගැන සඳහන් කරමින් පිටු සිය ගණනක කට උත්තරයක් දුන්නේය. රහස් පොලිසියේ නිලධාරීන්ට ඉන්පසු 71 කැරැල්ලේ දැඩි මතධාරී විජේවීරවාදින් බිඳ දැමීමට අමුතු ආයාසයක් දැරීමට සිදු වුයේ නැත. ඔවුන් කලේ අත්අඩංගුවට ගත් අනුගාමිකයන්ට විජේවීරගේ මාගලක් බඳු කට උත්තරය කියවීමට දීම හෝ පටිගත කල කට උත්තරය විජේවීරගේ කටහඬින් ඇසීමට සැලැස්වීමය. මේ නිසා 71 කැරැල්ලේ ඉදිරිපෙළ සිටි විජේවීරවාදින් සංවිධානය අතහැර ගියහ. මෙම කට උත්තරය ඇසු ප්‍රේමපාල හේවාබටගේ සී.අයි.ඩී යේ මේසයක හිස රුවාගෙන ඉකි ගසා අඬන ලදි.


1988 - 89 භීෂණ සමය

1983 ජූලි 30 වනදා ජේ.ආර්. ජයවර්ධන රජය ජවිපෙ තහනම් කිරීම නිසා විජේවීරට යටිබිම් ගත වීමට සිදු විය. අනෙකුත් විකල්ප දේශපාලන ධාරාවල නායකයන් වූ වාසු , බාහු සැඟවී අප්‍රසිධව සිටියද විජේවීර ආයුධ සන්නද්ධ ක්‍රියාදාමයකට අවතීර්ණ විය. 1971 දී බොහෝ කැරලිකරුවන් ක්‍රියා කලේ ශික්ෂණයකින් යුතුවය. නමුත් 1988 -89 භීෂණ සමයේදී තමන් විප්ලවාදීන් යැයි කියාගත් අමනයන් මංකොල්ලකෑම් , මිනීමැරීම් මෙන්ම ස්ත්‍රී දුෂණ ද රිසි සේ කළහ. හිටපු අනුගාමිකයන්ටද භිෂණය මුදා හැරීමටද අමතක නොකළහ. මරාදැමුවන් අතර විජේවීර කෙරෙහි අසීමිත භක්තියෙන් ලේ දහඩිය වැගිරූ නන්දන මාරසිංහ ද විය.

ජවිපෙ විසින් මරාදමන ලද හිටපු ක්‍රියාධරයෙකු වූ නන්දසේන සිල්වා ගේ දියණිය වන රුවන්දි සිල්වා තමා පියා ගේ මරණය ගැන මෙසේ කියන්නීය.

වාමාංශිකයෙකු වූ මාගේ තාත්තා 1988 නොවැම්බර් 08 දා ජනතා විමුක්ති පෙරමුණ විසින් ඝාතනය කරන ලදී. ඔහු නමින් නන්දසේන සිල්වාය. ජීවිතයේ තිස් නම වැනි අවුරුද්දේදී ඔහු මරා දමන විට මා කුඩා දැරියකි. මා දන්නා පරිදි ඔහුගේ දේශපාලනය ආරම්භ වන්නේ 1971 කැරැල්ලට සමගාමීවය. ඒ 1971 කැරැල්ලට සම්බන්ධ වුවන් හා ඔහු අතර වූ දේශපාලන මිතුදම් නිසාවෙනි. මාගේ මතකයන් අතරේ ඔහු ඉතාමත් ප්‍රිය ජනක, සමාජයේ අනිත් මිනිසුන් උදෙසා වැඩ කළ පුද්ගලයෙකි. ජනතා විමුක්ති පෙරමුණ විසින් 1988 නොවැම්බර් 08 දින මාගේ තාත්තා සාහසික ලෙස මරා දැමීමට ප්‍රධාන හේතුව වුයේ වාමාංශික මත දරන්නෙක් ලෙස එවකට ජනතා විමුක්ති පෙරමුණෙහි දේශපාලනය ඔහු ප්‍රසිද්ධියේ හෙළා දුටු හෙයිනි. ඔහු ජාතිවාදයට සහ පුද්ගල ඝාතනයට එරෙහිව විවෘතව කතා කළේය. නන්දන මාරසිංහ සහ විජය කුමාරතුංග ඝාතනයන් ඔහු ප්‍රසිද්ධියේම හෙළා දැක්කේය. මාරසිංහ ඝාතනයෙන් පසු, තාත්තා නන්දන මාරසිංහයන්ගේ විශාල සේයාරුවක් ගේ ඉදිරිපස එල්ලා ඒ ගැන ශෝකයෙන් කතා කළ බව මට මතකය. ළදැරියක වූ මම මාරසිංහ යනු කවරෙක්දැයි ගැඹුරින් දැන නොසිටියෙමි. නමුත් තාත්තාගේ වේදනාව තුළින් ඔහු පිළිබඳව මා තුළ චිත්‍රණය වූ රුව දැනුදු මතකයේ තැන්පත්ව තිබේ.

මා සහ අක්කා අවසන් වරට තාත්තා දුටුවේ නොවැම්බර් 03 වෙනිදා පාසැල් නේවාසිකාගාරයේදීය. ඉන් පස් දිනක් ඇතුළත ඔහු මරා දැමිණ. ඔහු සමඟින් තවත් 04 දෙනකු ඝාතනයට ලක් විණ. දෙදෙනකු යාබදව තිබූ ගොවිපලවල් හී අයිතිකරුවෝ වූහ. ඒ දෙදෙනාම දෙමළ ජාතිකයන් වූ අතර කිසිදු කි්‍රයාකාරී දේශපාලනයක් නොකළවුන්ය. ඔවුන් දෙදෙනා ඝාතනය කරන ලද්දේ කුමන හේතුවක් නිසා දැයි මම අද ද නොදනිමි. අනෙක් දෙදෙනාගෙන් අයෙක් ගොවිපොළේ කටයුතු සඳහා අත් උදව්වට හොරණ ප්‍රදේශයේ සිට ආ වඩු කාර්මිකයෙකු වූ රෝහණය. දෙවැන්නා වුයේ ජයවර්ධන අන්කල්ය. (ඔහු වාමාංශික කි්‍රයාකාරිකයෙකු වූ වසන්ත දිසානායකයන්ගේ බාල සොහොයුරාය.) ජයවර්ධන අන්කල් එවකට කටුබැද්ද විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ශිෂ්‍යයෙක් විය. සරසවි වසා දැමීම හේතුවෙන් ගෙදරට වී සිටි ඔහු වෘත්තියෙන් ගෘහ නිර්මාණ සැළසුම්කරුවෙකු වූ මගේ තාත්තාගෙන් ප්‍රායෝගික දෑ උගෙනීමට අපේ ගෙදරට විත් සිටි බව මට මතකය. ඔවුන් සියල්ලෝ අපේ නිවස තුළදීම අමු අමුවේ මරා දැමිණ. අනතුරුව නිවස මුළුමණින්ම ගිනිබත් කරන ලදී. සුරතලයට ඇති කරන්නට යැයි කියා රාවණඇල්ලේ තාත්තාගේ මිතුරෙකු මට ගෙනවිත් දී තිබූ මුව පැටවාද මරා දමා තිබිණ. මරණයට පෙර තාත්තාට වධ දුන්නා දැයි මම නොදනිමි. ජයවර්දන අන්කල් ගේ දකුණු අත කපා වෙන් කොට, තාත්තාගේ කඳින් වෙන් කළ හිස සමග අප නිවසට එන ප්‍රධාන පාරේහි ගසක එල්ලා තිබිණ. ඔහු වෙනුවෙන් අවමගුල් චාරිත්‍ර තහනම් කළ ඝාතකයින් එසේ කළහොත් අපෙන් පළිගන්නා බවට තර්ජනාත්මකව දන්වා තිබිණ. මටත්, අක්කාටත් තාත්තාගේ අවමංගල්‍යය තහනම් අඩවියක් විණ. ඔහු අපෙන් සමු නොගත්තේය. ඔහුගේ මුහුණ සිඹ සමු දෙන්නට මටත් අක්කාටත් නොහැකි විය. මට ලෝකය සහ ආදරය ගැන කියා දුන් තාත්තා ඒ තරම් බිහිසුණු මරණයක ගොදුරක් වූයේ ඇයි? ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්ගෙන් මට අදත් අසන්නට ඇති ප්‍රශ්නය එයයි.

ගිනිබත් කොට දැමූ ගේ දොරට යට වී ළමා විය පිළිබඳ මාගේ සියළු මතක සටහන් දැවී හළු විය. අඩුම වශයෙන් තාත්තාගේ සේයාරුවක් හෝ අපට ඉතිරි නොවිණ. එදා ජනතා විමුක්ති පෙරමුණෙහි දේශපාලනය විවේචනය කළ පුද්ගලයින්ට ඔවුන් දුන් දඩුවම් එබඳු ය. ඒ ඝාතකයෝ අද වුවද නිදැල්ලේ හැසිරෙමින් සිටින බව මම දනිමි. ඒ රුධිරයේ වගකීමෙන් වත්මන් ජවිපෙ නායකයින්ට ගැළවී ගත හැක්කේ අප සමාජයක් වශයෙන් ශිෂ්ඨත්වයක් නොපෙනෙන මානයක ජීවත්වන බැවිනි. මගේ තාත්තාගේ ඝාතකයන්ට එරෙහිව නැගි සිටිය යුත්තේ කෙසේ දැයි මම අදටත් නොදනිමි.

(තාත්තා ගැන මගේ මතකය - රුවන්දි සිල්වා)


ඉල්මහ විරු සමරුව

ජවිපෙ ඉල් මහා සමරුව එක්තරා ආකාරයක උභතෝකෝටියකි. විරුවන් සහ ද්‍රෝහියන් යන ලේබල් දෙක පමණක් භාවිතා කරන ජවිපෙට මේ නිසා බලවත් ගැටළු ඇති වෙයි. රුවන්දි සිල්වා ගේ පියා මෘග ආකාරයෙන් ඝාතනය කල ජවිපෙ සාමාජිකයන් ආරක්ෂක අංශ අතින් පසුව මැරුම් කෑවේ නම් ඔවුන්ද අද ඉල්මහ විරු සමරුවේ උපහාරයට ලක්වන්නන් ය. 71 කැරැල්ලේ දී මිය ගිය සාමාජිකයන් විරුවන් වන අතර නොබියව හමුදාව සමග සටන් කල සහ වසර ගණන් ඝන කැලයේ සැඟවී ගරිල්ලා ජිවිත ගත කල බෝල සමරේ , ගරුසිංහ , රාහුල , කැප්ටන් සෙනෙවි , ඉලුක් සේනාරත්න වැන්නවුන් ද්‍රෝහියන්ය. 71 කැරැල්ල ලොකු අතුලගේ කුමන්ත්‍රණයක් නිසා ආරම්භ වූ බව කියා එහි වගකීම විජේවීර අත් හැරියේය. ඒ මතය අනුව කැරැල්ලට පෙර ඇසළමුල්ලේ බෝම්බ පිපිරීමෙන් මිය ගිය සාමාජිකයන් කුමන්ත්‍රණකරුවන් වේ . එසේම කැරැල්ලේ දී මියගිය සනත්, සුසිල් , සරත් විජේසිංහ, සුජාත හඳගම , සුභසිල කොඩිකාර ඇතුළු 5000 පමණ තරුණ තරුණියන් ද ද්‍රෝහීන් හෝ කුමන්ත්‍රණකරුවන් යැයි කියා ජවිපෙට වගකීමෙන් නිදහස් විය හැකිද?


ද්‍රෝහීන්ගෙන් සහ සහෝදරයන්ගෙන් පමණක් සමන්විත වී ඇති ලොව

අනෙකුත් දේශපාලන පක්ෂ වල මෙන් නොව ජවිපෙ සාමාජිකයන් බොහෝ විට (සෑම දෙනෙකුම නොවේ) අවට ලෝකය දෙස බලන්නේ අමුතු කණ්නාඩියකිනි. මේ කණ්නාඩියට අනුව ලෝකය සමන්විත වන්නේ ද්‍රෝහීන්ගෙන් සහ සහෝදරයන්ගෙන් පමණි. යම් කෙනෙක් පක්ෂය හැර ගියේ නම් ඒකාන්ත වශයෙන් ඔහු හෝ ඇය විනාශ කල යුතු ද්‍රෝහී පුද්ගලයෙකි. ඔහු හෝ ඇය මෙතක් කල කැප කිරීම් වලංගු නැත. පෙරදා සහෝදරයා සහ වීරයා වූ තැනැත්තා ද්‍රෝහියෙකු වීමට යන්නේ නිමේෂයකි. මේ ගැන රංජිත් හෙන්නායකආරච්චි මෙසේ කියයි.

71 සිටම ජනතා විමුක්ති පෙරමුණ තුළ මත ගැටුම් නිසා ඉන් ඉවත්ව ගිය කණ්ඩායම් සහ පුද්ගලයින් විශාල ප්‍රමාණයකි. ඉවත්ව ගිය අය ගැන පක‍ෂය සැමදාම කීවේ ''ද්‍රෝහීන්'', ''පාවාදෙන්නන් සහ ප්‍රතිගාමීන්'' කියායි. එමෙන්ම අලූතින් පක‍ෂයට එක්වන ලා බාලයන් අර පැරණි දෙයම වැමෑරූහ. එපමණක් නොව 87-90 දක්වා කාලය තුළ මෙසේ ඉවත්ව සිටි විශාල පිරිසක් කපාකොටා මරාදමනු ලැබීය. 71 ට ප්‍රථම පක‍ෂය ගොඩනැගීමට මුල් වූ අය සටන්වල අත්දැකීම් සහ දැනුම සම්භායරක් මේ සමගම වලපල්ලට යවනු ලැබීය. මඩම්පැල්ලේ සෙල්ටන් සිරිපාල, ෙජ්මිස් ඇතුගල, ටී.බී., මාරසිංහ, නන්දසේන, ආදීහු මේ අතරය. නමුත් පක‍ෂයේ නව සාමාජිකයන්ට මේ මරා දැමීම ප්‍රශ්නයක් නොවීය. එය සාධාරණීකරනය කරනු ලැබීය. නමුත් මේ ද්‍රෝහීන් කීම සහ ද්‍රෝහීන් විනාශ කිරීම අහම්බ සිදුවීම් නොව මෙය පක‍ෂයේ සම්ප්‍රධායයි. මෙය පක‍ෂයේ සංස්කෘතියයි. ඇත්තෙන්ම මෙය ලංකාවේ මෙවැනි දේශපාලනය තුළ උඩුදුවා තිබු පිළිකාවකි. දෙමළ 'විමුක්ති' කණ්ඩායම් තුළද මෙය මේ අයුරින්ම පැවතිණි. එදා 1969දී ධර්මසේකර, කුරුණෑගල ජයකොඩි, රත්නපුරේ පරාක්‍රම ආදීන්ට විෙජ්වීර, ලොකු අතුල, පියතිලක ආදීන් විසින් ද්‍රෝහීන්ය පැවසීය. පසුව ලොකු අතුල ආදින්ටද මේ ඉරණමම අත්විය. ( ඉල් මහ විරුසමරු සහ හෘද සාක‍ෂිය -රංජිත් හෙන්නායකආරච්චි)


අන්ධ අනුගාමිකයන් බිහි කිරීම

විචාරශිලිභාවයෙන් තොර අන්ධ අනුගාමිකයන් බිහි කිරීම ජවිපෙ තුල දක්නට ලැබෙන තවත් ප්‍රවණතාවයකි. පක්ෂයේ සැබෑ ඉතිහාසය සැඟවීම , සංස්කරණය කල ඉතිහාසයක් අනුගාමිකයන්ට ඉගැන්වීම , ප්‍රශ්න ඇසීම වෙනත් හැදෑරීම කිරීම අධෛර්ය කිරීම මගින් අනුගාමිකයන් අඳුරේ තබා ගැනීම සිදු කෙරේ. ජවිපෙ අනුගාමිකයන් අතර මුග්ධභාවය නඩත්තු කිරීම ගැන ජවිපෙ හිටපු සාමාජිකයෙකු වූ අජිත් පැරකුම් ජයසිංහ මෙසේ කියයි.

සිංහල බස පමණක් දත්, සාමාන්‍ය උගතුන් වන, වැඩිය පොත පත නො කියවන, කියවීමේදී පක්ෂය විසින් නිර්දේශ කර ඇති ලේඛන පමණක් තෝරා ගන්නා මේ තරුණයෝ පක්ෂ පංති, කඳවුරු ආදියට සහභාගි වී තමන් පක්ෂයේ සාමාජිකයින් හැර ලෝකයේ අන් කිසිවකු විසින් අත් පත් කරගෙන නැති අවබෝධයකින් යුක්ත පිරිසකැයි තමන් ගැන අධි විශ්වාසයක් හා මානයක් ඇති කර ගනිති. ඉන් පසු ඔවුන් කියවන්නේත්, සවන් දෙන්නේත් පක්ෂය හරහා ගලා එන දැනුමට පමණි. පක්ෂය ඔවුන්ට ආගමක් වන්නේ එසේ ය. මේ ආගමික විශ්වාසය මත පදනම්ව ඔවුහු ලොව අන් සියලු දෙනා මිත්‍යා දෘෂ්ටිකයන් සේ සලකති. මේ පක්ෂවල නායකයෝ මීට වඩා බුද්ධිමත්තු ය. එහෙත්, ඔවුන්ගේ ගැටලුව වන්නේ ඔවුන් සාමාජිකයන් අතර මෙම මුග්ධත්වය නඩත්තු කිරීමයි. විශ්වාසවන්ත අනුගාමිකයන් පිරිසක් බිහි කර ගැනීම සඳහා මෙම මුග්ධත්වය නඩත්තු කිරීම හැර අලුත් ක්‍රමයක් ගැන අදහසක් ඔවුන්ට නැත. එහෙයින්, දැන දැන ම මේ ආගමික අන්තවාදීනට ශාස්තෲ භූමිකාව රඟපාති. මේවායින් බිහි වන්නේ හිට්ලර්ගේ නාසි පක්ෂයට ව්‍යූහාත්මක වශයෙන් වෙනස් නැති පක්ෂ ය. (ජවිපෙ ගිරා පෝතකයකු සමග පැයක් - අජිත් පැරකුම් ජයසිංහ )

ජවිපෙ ක්‍රියාකාරිකයා නම් අප දන්නා මිනිසා වෙනුවට සුන්දර නව මිනිසකු පරමාදර්ශගත කිරීම වම හමුවේ ඇති අභියෝගයකි. අප මෙසේ කියූ විට, ජවිපෙ බැතිමතුන් කුපිත වනු ඇත. තාත්තලාගේ විශ්‍රාම වැටුපෙන් ජීවත් වන, සහෝදරියන් හෙවත් බිරියන් රෙදි මසා හම්බ කරන මුදලින් පවුල් නඩත්තු කරන, අනුන්ගෙන් ඉල්ලාගෙන කමිස අඳින, පුළුවන් නම් බස් එකේ ඉබ්බාට යන, ‍හැම දේම නිකම් බලාපොරොත්තු වෙන, කට්ටියක් එක්ක ගොස් තේ බිවූ විට කිසිදාක බිල ගෙවීමට ඉදිරිපත් නො වන, ඉල්ලා ගත් පොතක් කිසිදා ආපසු නො දෙන, සමහර විට වැඩිය නො නාන, ව්‍යායාම නො කරන, ක්‍රීඩා අරහං, මත් පැන් නො බීම දැවැන්ත පෞරුෂ ලක්ෂණයක් ලෙස හුවා දක්වන, මානසික ගැටලුවලට මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර වෙනුවට පක්ෂ දේශපාලනය ආදේශ කරන, තමන් මාර පොරකි ය යන භින්නොන්මාද ලක්ෂණයෙන් පෙළෙන, පක්ෂ සාමාජිකයන් නො වන සෙසු මිනිසුන්ට ගේම් ගහන, පක්ෂ‍ නායකයන් කියනවා නම් ඕනෑම බලු වැඩක් කරන ආදී ලක්ෂණ අඩු වැඩි වශයෙන් ඇති අප දන්නා ජවිපෙ ක්‍රියාකාරිකයා ඔබ සිතන තරම් සුන්දර, ආකර්ශනීය මිනිසකු නො වන බව වටහා ගැනීම අලුත් වීමේ දොරටුව වෙත ඔබ ගෙන යයි. ජවිපෙන් ගැලවුණු විගසින් ඔවුන් නින්දිත අන්දමින් නිරුවත් වන්නේ ඒ නිසා ය. (ලංකාවේ දෙමළ ජනයාගේ අරගලය හා දකුණේ සහෝදර වාමාංශිකයන්ගේ අරගල හෘදය සාක්ෂියකින් තොරව ධනපති ආණ්ඩුවලට පාවා දුන් ජවිපෙ මහත්වරුනි, චේ ගුවේ‍රාගෙන් ඉගෙන ගන්න! - අජිත් පැරකුම් ජයසිංහ )


අන්තරේ සහ සිසු අරගල 

සිසු අයිතීන් ලබා ගැනීම පිණිස වඩා පුළුල් ශිෂ්‍ය වියාපාරයක් හිමි ජවිපෙට විශාල කාර්යභාරයක් කල හැකිය. නමුත් ඒ වෙනුවට සිසු අධ්‍යාපනය කඩාකප්පල් කිරීම තුලින් බොරදියේ මාළු බෑමේ ක්‍රමවේදය ජවිපෙ විසින් දිගින් දිගට කරගෙන යනු ලැබේ. මෙය දැන් යල් පැන ගිය ක්‍රමයක් පමණක් නොව මෙම විනාශකාරී ක්‍රමය ගැන මධ්‍යස්ත මතධාරී සිසුන් ද සිටින්නේ අවබෝධයෙනි. ජවිපෙ මොටිසෝරිය හෙවත් අන්තරයට බඳවා ගන්නේ අව වරප්‍රසාධිත, හීනමානය පහසුවෙන් වගා කල හැකි , පන්ති වෛරය මත ඕනෑම දෙයක් කිරීමට නොපසුබට සිසුන්ය. අන්තරයේ සිසුන් විභාග අසමත් අධ්‍යාපනික වශයෙන් කුජිත වුවන්ය. එබැවින් මොවුන් නායකත්වය දෙන සිසු අරගල ගැන අවශේෂ සිසහු සිටින්නේ හොඳ සිහි කල්පනාවෙනි. එම නිසා බොහෝ විශ්ව විද්‍යාලවල අන්තරය සහ එහි සාමාජිකයන් සැලකෙන්නේ තම අධ්‍යාපනය විනාශ කරගෙන අන්‍ය සිසුන්ගේ අධ්‍යාපනයට වින කැටීමට එන මාරයන් පිරිසක් ලෙසටය. එම නිසා සිසු අරගල එල රහිත මැර සංදර්ශන බවට පත් වේ. එසේම අන්තරයේ අමන වැඩ නිසා එම නිසා එස් .බි. වැන්නවුන්ට රිසි සේ විශ්ව විද්‍යාලවල තම න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීමද සිසු මර්දනයට පිඹුරුපත් සකස් කිරීමටද මාර්ගය සැකසී ඇත. පාලකයන් සිසු මර්ධනයට අවශ්‍ය සියලුම පනත් සම්මත කර ගන්නේ අන්තරය විසින් කරන මරිකම් වලට පින්සිද්ද වන්නටය. අන්තරයේ අශික්ෂිත මෝඩ වැඩ අතර නවක වධයද විශේෂයෙන් සඳහන් කල යුතුය. එය සිසුන් නම්මවා ගැනීම සඳහා භාවිතා කල යල් පැනගිය කෙමනකි. දැන් මෙම කෙමනට විශාල ප්‍රචාරය දෙමින් පාලකයන් සියලු විශ්ව විද්‍යාල වල බුද්ධි අංශ පවා ස්ථාපිත කොට තිබේ. සාමාන්‍ය ජනයා දැන් විශ්ව විද්‍යාල අරගල දෙස බලන්නේ වපර ඇසෙනි. මෙම තත්වය ලඟා කර දුන්නේ අන්තරයි. මේ අනුව අන්තරය යනු පාලකයන්ට වෙස් වෙලාගත් ආශීර්වාදයකි.


විවේචන ඉවසීම සහ අතීත වැරදි ගැන සමාලෝචනය

විවේචන ඉවසීම සහ අතීත වැරදි ගැන සමාලෝචනය පිලිබඳ ජවිපෙට අත්තේ යහපත් ඉතිහාසයක් නොවේ. අතීත වැරදි ගැන සමාලෝචනය විශේෂයෙන් 1988, 89 කාලයේ මුදා හරින ලද මෘග ප්‍රචණ්ඩත්වය ගැන ෆ්ලැට් න්‍යායෙන් උත්තර දී ගැලවී යාම හැර ශ්‍රී ලංකික සමාජය ඉදිරියේ පිළිගත හැකි ස්වයන් විවේචනයකට ජවිපෙ යොමු නොවීම තුලින් තවමත් පක්ෂය පොදු ජනතාවගේ සැකයට පත්‍ර වී තිබේ. මේ ගැන සරත් දිසානායක මෙසේ සඳහන් කරයි.

අප දන්නා ජවිපෙ යනු තමන්ගෙන් වෙන්ව ගිය පුද්ගලයා යනු තමනගේ ප්‍රධානතම සතුරා බවට පත්කරගන්නා දේශපාලන පක්ෂයකි....විවේචන අත්‍යාවශ්‍යය. එය ඕනෑම සමාජ සංවිධානයක දියුණුවට අත්‍යාවශ්‍ය වූවකි. එහෙත් එකී පුද්ගලයාට හෝ සංවිධානයට එකී විවේචනය අවශෝෂණය කරගත හැකි පරිදි එකී විවේචනයේ විවෘතභාවය රැදී තිබිය යුතුය. ද්වේෂ සහගත විවේචනයකින් අනෙකා යටපත් වනවා මිසෙක ගොඩනැගීමක් වන්නේ නැත. (ජවිපෙ නව වාම ප්‍රවණතාව පිළිබඳ නිරීක්ෂණ කිහිපයක් - සරත් දිසානායක)


ද්‍රෝහීන්ට දඬුවම් කිරීම යලි පුනරුක්තියේ

ජනතා විමුක්ති පෙරමුණට ද්‍රෝහී වූවන්ට කිසිදු සමාවක් නොදෙන බවත් ඔවුන් නිසි දඬුවම් දෙන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පසුගියදා චේ සමරු උත්සවය අමතමින් ජයවර්ධන කේන්ද්‍රයේදී පැවසිය. මෙම දඬුවම කුමක්ද යන්න ඔහු පවසා නැත. එය 1988 , 89 දී මෙන් බෙලි කපා ප්‍රදර්ශනය කරන අන්දමේ එකක් ද යන්න ටිල්වින් සිල්වා පැහැදිලි කොට නැත. මේ ගැන මහාචාර්ය සුචරිත ගම්ලත් අදහස් දක්වන්නේ මෙසේය.

ද්‍රෝහීන්ට දඬුවම් කිරීම යනුවෙන් ජ.වි.පෙ. අදහස් කරන්නේ ඔවුන්ට පහර දීම හා ඔවුන් මරා දැමීමයි. මෙයයි. පන්ති අරගලයට ද්‍රෝහී පිළිවෙත. මෙය ජ.වි.පෙරමුණේ උපන් ගෙයි ගතියකි. ඔවුහු 1971 දී විරුද්ධ මත දැරූවන්ට පහර දුන්හ. 1989 දී ඔවුන් මරා දැමූහ. දයාපතිරණ නන්දන මාරසිංහ, බදුල්ලේ පිටවල, පේරාදෙණියේ ගුණපාල හා තවත් අය එසේ විරුද්ධ මත දරා ජ.වි.පෙන් මැරුම් කෑවත් අතර වෙති. (ජවිපෙ විමතික සහෝදරවරුන් වෙතයි මහාචාර්ය සුචරිත ගම්ලත්)

ජවිපෙ විසින් ලක් ජනතාවට ලබා දුන් දේ කුමක්ද ? 

මෙතෙක් ජවිපෙ විසින් ලක් ජනතාවට ලබා දුන් සාධනීය දේ කුමක්ද යන්න විමසීමට කාලය එළැඹ තිබේ. ලංකාවේ දේශපාලන ක්‍රියාවලියට සහභගි වූ පුද්ගලයන් / පක්ෂ තම තමන් විසින් කල විනාශයන් වලට අමතරව යම් යම් ප්‍රතිලාභ ජනතාවට ලබා දී ඇති බව ඉතිහාසය විමසා බැලීමේදී පෙනී යයි. ඩී එස් සේනානායක ගොවි ජනපද ඇති කළේය. ඩඩ්ලි වගා සංග්‍රාමය දියත් කළේය. බණ්ඩාරනායක දෙමහල්ලන් ජනසතු කිරීම් කොට යම් යම් ප්‍රතිලාභ ජනතාවට දීමට උත්සුක වුහ. එන් එම් හා කොල්වින් වැඩකරන ජනතාවට සහන ලබා දුන්නේය. ජේ ආර් මහවැලිය කළේය. ප්‍රේමදාස උදාගම කළේය. මහින්ද රාජපක්ෂ යුද්දය නිම කළේය. නමුත් ජවිපෙ මෙතෙක් උද්ගෝෂණ , වර්ජන කොට ජනතාවට ලබා දුන් දෙය කුමක්දැයි හෙළි කිරීම පක්ෂයේ වගකීම වේ. ඝාතන කිරීම්, තරුණයන් ධනපති දන්ගෙඩියට ගෙනයාම, කෝටි ගණන් වටිනා ගොඩනැගිලි දේපොළ ගිනි තැබීම, බස් ගිනි තැබීම වැනි අසහනාධාර හැර සාධනීය යමක් ජනතාවට දුන්නේද යන්න ජවිපෙ හමුවේ ඇති ප්‍රශ්නයයි. ආර්ථික ඝාතකයෙකු ලෙස 1988-89 සමයේදී ජවිපෙ බස් රථ දහසකට වඩා ගිනි තබා විනාශ කළේය. ගොඩනැගිලි විනාශ කළේය. දේපොළ විනාශ කිරීම් අතින් ජවිපෙ දෙවැනි වූයේ ප්‍රභාකරන්ගේ එල්ටීටීයට පමණි.


ජවිපෙ පුනරුත්තාපනය කිරීම 

ජවිපෙ පුනරුත්තාපනය කිරීමට ගිය සැමටම සිදු වුයේ අත පුලුස්සා ගන්නටය. මුලින්ම ජවිපෙ පුනරුත්තාපනය කොට එහි ජාතිවාදී ප්‍රවණතා නිශේධනය කිරීමට උත්සහ කලේ සුසිල් සිරිවර්දනයි. නමුත් ඔහුගේ උත්සාහය ඔහුටම පරාවලල්ලක් විය. ඉන්පසු ගතවූ කාලය තුල සුනිලා අබේසේකර ද මෙම කාර්යට අත ගැසුවාය. ඇයටද සුසිල්ට මෙන් ජවිපෙ ගිරා පෝතකයන්ගේ සී අයි ඒ කුමන්ත්‍රණ භිතිකා වලට මුහුණ දීමට සිදු වුවාය. පක්ෂය විසින් සුනිලා අබේසේකර ගැන ඔත්තු බැලීමට යොදවන ලද්දේ නන්දන මාරසිංහගේ බිරිඳ වූ පද්මා මාරසිංහයි. ජවිපෙ විසින් නන්දන මාරසිංහ මරා දැමීමෙන් පසුව අසරණ වූ පද්මා මාරසිංහට සෙවන දුන්නේ සුනිලා අබේසේකර සහ කෙලි සේනානායකයි.


ජවිපෙ සාධනීය දේශපාලන බලවේගයක් ලෙසට 

ජවිපෙට සාධනීය දේශපාලන බලවේගයක් ලෙසට තවමත් පෙරමුණට පැමිණිය හැකි ජවය සහ ශක්තිය තිබේ. නමුත් මෙම ජවය සහ ශක්තිය විනාශකාරී ලෙස නොව එලදායි ලෙස යොදා ගැනීම පක්ෂයේ නායකයන්ගේ කාර්යභාරයකි. මෙතෙක් කල් කලේ අන්ධ ලෙස අනුගමිකයන් රවටා පුස් වෙඩි වැනි විරෝධතා පවත්වා පොලිසියට ගල් ගසා පොලිසිය කුපිත කොට වෙඩි තබ්බවාගෙන ඉදිරි පෙළ සිටින මෝඩ අනුගමිකයෙකුගේ ජීවිතය බිල්ලට දී ඉන්පසු ඔහුගේ මළකුණ කරතබාගෙන රට වටේ යාමය. එය යල් පැන ගිය සහ අමන ක්‍රමවේදයකි. එසේම දුෂණයේ සහ සදාචාරය වැහැරීමේ ජීවමාන උදාහරණය වන හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා පෙරට දමාගෙන ආණ්ඩුවේ වංචා දුෂණ සෙවීමට පත් කල සෝඩා බෝතල් ව්‍යාපෘතියටද සිදු වූ දෙයක් දැන ගැනීමට නොමැත. ජවිපෙ කල යුත්තේ මෙවැනි ගොබ්බ සංදර්ශන , මිනීමැරුම්, ආර්ථික ඝාතක පසුගාමී ක්‍රියා වලින් මිදී නව ප්‍රගතිශීලි බලවේගයක් වීමය.

මේ වන විට ජනතාව තුල ඇති දේශපාලන සවිඥානික බව ඉතා තදින් වැහැරී තිබේ. ජනතාවට දේශපාලනික වශයෙන් සවිඥානික භාවයක් ලබා දීමේ නොහැකියාව නිසා අද පබාලා , අනර්කලීලා වැනි දේශපාලනය ගැන මෙලෝ හසරක් නොදන්නා පියර බබුන් පාර්ලිමේන්තුවට පිවිස ඇත. ජනතාවගේ දේශපාලන සවිඥානික බව මොට කිරීමට ජවිපෙද දායක වී තිබේ. එම නිසා තම වැරදි වලින් පිරි අතීතය අතහැර නව වර්තමානයකට, සාධනීය දේශපාලනයකට අවතීර්ණ වීමට ජවිපෙ උත්සහ ගත යුතුව ඇත. එයට තවමත් ප්‍රමාද නැත.



යාපනය, චුන්කාම් පොලීසිය 28 හැවිරිදි තරුණයෙකුට දස වධ දී,දියේ ගිල්වා මරා දැමීම


ඔහු පුන්නාලෙයි කට්ටුවන් දකුණ (Punnalai Kattuman South) හි පදිංචි ශ්රී ස්කන්ධරාජා සුමනන් වයස අවුරුදු 28 යි. අවිවාහක

2011 නොවැම්බර් 24 වන දින පෙරවරු 11.30 ට පමණ, අවමගුලකට සහභාගීවී එන අතරතුර, ලැබුණ දුරකථන පණිවුඩයකට පුන්නාලෙයි කට්ටුවන් හංදියට ගොස් ඇත. ඔහු ගොස් ඇත්තේ යතුරුපැදියකින්ය.

පුන්නාලෙයි කට්ටුවන් හංදියේ, බාබර් සාප්පුව ඉදිරිපිටදී, සිවිල් ඇඳුමින් පැමිණ, රහස් පොලීසියේ යයි කියන නිලධාරින් දෙදෙනෙකු, ඔහුව අත්අඩංගුවට ගෙන, ඔවුන් පැමිණි යතුරුපැදියේ “මැද” තබාගෙන යාපනය පොලීසියට ගෙන ගොස් තිබේ.

සිද්ධිය දැනගන්නට ලැබුණ හිතවතුන් ඔහු බැලීමට යාපනය පොලිසියට ගිය විට, ඔවුන් පවසා ඇත්තේ, ඔහුව චුන්කාම් පොලීසියට මාරු කළ බවයි.

මෙම හිතවතුන් චුන්කාම් පොලීසියට ගියද, සුමනන්ව පෙන්වා නැත.

පසුදිනයේද එනම්, 2011. 11. 25 වන දිනද චුන්කාම් ගියද පොලීසිය සුමනන්ව පෙන්වා නොමැත. එදින එනම්, 25 වන දින චුන්කාම් පොලීසිය සුමනන් ආහාර ගන්නා නිවසේ කාන්තාවගෙන් සුමනන්ගේ තොරතුරු විමසා ඇත.

එයින් අනතුරුව සුමනන්ගේ නිවසට ගොස් ඔහුගේ ඥාතියෙකුගෙන් ඔහු පිළිබඳව විමසා ඇත.

එයින් අනතුරුව, එම ඥාතියාට හා කටාර්හි සේවය කරනෙ නිවාඩුවකට පැමිණ සිටි ඔහුගේ 27 හැවිරිදි සහෝදරයා වන ශ්රීට ස්කන්ධරාජා සුගන්දන්ට, සුමනන් මියගොස් ඇති බවත්, මෘත දේහය හඳුනා ගැනීමට පැමිණෙන ලෙසටත් දන්වා ඔවුන් දෙදෙනාව කිලිනොච්චියට ගෙනගොස් තිබේ.

කිලිනොච්චියේ ඇලකින් සුමනන්ගේ මළමිනිය හමුවූ බව පොලීසිය පවසා මෘත ශරීරය පොළොන්නරුව දිසා රෝහලට, පශ්චාත් මරණ පරික්ෂණය සඳහා ගෙන ගොස් තිබේ.

2011. 11. 26 වන දින පශ්චාත් මරණ පරික්ෂණයෙන් පසුව, 2011. 11. 27 වන දින මෘත දේහය චුන්කාම් වලට ගෙනවිත් භූමදානය කර තිබේ.


මෘත දේහයේ තුවාල තිහක් හතලිහක් පමණ තිබුණ බවද, ඒවා සියල්ලම වධහිංසා පැමිණවීමෙන් සිදුවී තිබෙන ඒවා බවද ප්රබකාශ කරයි.

පොලීසිය කියා ඇත්තේ, ඔහු පැනයන විට කිලිනොච්චියේදී දියේ ගිලී මරණය සිදුවී තිබෙන බවයි.

මෙම තරුණයා, ප්රෙ ද්ශයේ සොරකම් රැසකට සම්බන්ධ අයෙකු බව පොලීසිය පවසා ඇත.

ඥාතීන්ට අනුව මොහු, පේදුරුතුඩුවේ මොන්තායි රජයේ රෝහලේ මානසික ඒකකයෙන් ප්රීතිකාර ලබන අයෙකි.

චුන්කාම් පොලීසියේ අත්අඩංගුවේ සිටියදී දරුණු ලෙස වධහිංසා පමුණුවා කිලිනොච්චියට ගෙනගොස් දියේ ගිල්වා හෝ දියේ ගිලීමට සලස්වා සිදු කරන ලද මරණයක් බව ප්රගකාශවේ.

මෙසේ පොලීසියේ අත්අඩංගුවට පත් පුද්ගලයින්ව මරා දැමීම, දිවයිනේ සෙසු ප්රෙ දේශවල පොලීසි විසින් සිදු කරනු ලබයි. මේ වසරේ ඒ අතර, මාතලේ, දොම්පේ, මොරටුව යන ප්රෙසද්ශවල අත්අඩංගුවට පත් පුද්ගලයින් මරා දැමීම පෙන්වා දීමට පුළුවන.

චුන්කාම් පොලීසිය මගින් වධහිංසා පැමිණවූ දියේ ගිල්වා මරා දමන ලද 28 හැවිරිදි ශ්රී ස්කන්ධරාජා සුමනන් පිළිබඳව නිසි පරික්ෂණයක් පවත්වන ලෙසටත්, මේ පිළිබඳ සාක්ෂි වසන් කිරීමට ඉඩ නොදී අපරාධය හෙළිදරව් කරවා ගැනීමට තිබෙන බාධක ඉවත් කරන ලෙසටත් ශ්රී ලංකා රජයෙන් ඉල්ලමු.

පොලිස් ඝාතන සම්බන්ධයෙන් ශ්රීඅ ලංකාවේ බොහෝ ප්රෙනදේශවල ජනතාවද, පොලීසියට විරුද්ධව සාක්ෂි දීමට ඉදිරිපත් නොවෙති. ඒ පළිගනීවිය යන සැකයෙනි. යාපනයේ පවතින සුවිශේෂ තත්වයන් තුළ මෙවන් පොලිස් ඝාතන ඉතා පහසුවෙන් යටගැසීමට හැකිවන බවද අවධාරණය කරමු.

ජනසංසදය





අහෝ! විල්පත්තුව නම් ඒ සොඳුරු වන උයන

| සුපුන් ළහිරු ප්‍රකාශ්

ශ්‍රී ලංකාවේ විශාලතම ජාතික වනෝද්‍යානය විල්පත්තුව බව ප්‍රකට කරුණකි. එහි ඇති අද්විතීය ජෛව විවිධත්වයද ලොවක්‌ මවිත කිරීමට හේතු වූ බවද නොකිව මනාය. නමුත් "සංවර්ධනය" යන ප්‍රමුඛ අවශ්‍යතාවය දඩමීමා කරගෙන එකී සොබා උරුමය මෙන්ම එහි අගනා ජෛව විවිධත්වයද කෙලෙසා දැමීමට අදූරදර්ශී දේශපාලකයන් හා උන්ගේ හෙන්චයියන්ද කටයුතු කිරීම ජාතියක්‌ ලෙස අප කණගාටුවට පත්විය යුතු තත්ත්වයකි. කලකට ඉහත සෘජු දේශපාලන මැදිහත්වීම මත විල්පත්තුවේ ජෛව උරුමයන් කාබාසිනියා කළ ව්‍යාපෘති කිහිපයක්‌ම මෙම වන උයන තුළ ක්‍රියාත්මක වූයේ විල්පත්තුව කිසිදු හවුහරනක්‌ නැති තත්ත්වයට පත් කරමිනි. ඉනික්‌බිති කලින් කලට මේ ආශ්‍රිත වන පෙත් පටු අවස්‌ථාවාදීන්ගේ ගොදුරු බවට පත්කළ අතර එවැනි අවාසනාවන්ත සංවර්ධන ක්‍රියාදාමයන් පිළිබඳව අප පසුගිය දිනකද සොබාසර මගින් හෙළිදරව් කළෙමු.

මෙම සමස්‌ත භූමි ප්‍රදේශ වන අලින්ගේ පාරම්පරික නිජබීමක්‌ වන අතර විල්පත්තුව ජාතික උද්‍යානයේ සිට කරුවලගස්‌ වැව දෙසට අලින් සංක්‍රමණය වන සම්ප්‍රදායික හැරුම් මාවතද විහිදී ඇත්තේ මෙම ප්‍රදේශය හරහාය. එය විදුලි වැටක්‌ යොදා අවහිර කිරීමට අදාළ ව්‍යාපෘති කරුවන් අද වනවිට කටයුතු කර තිබීම ප්‍රදේශයේ අලි-මිනිස්‌ ගැටුම තව දුරටත් උග්‍රවීමට හේතුවක්‌ බව අවධාරණය කළ යුතුය.
නමුත් ඉන්ද නොනැවතී යළි යළිත් විල්පත්තු වනෝද්‍යානය මායිමේ වනාන්තර ඉඩම් අක්‌කර 335 ක්‌ ඊනියා සංවර්ධනයේ නාමයෙන් බිලිගැනීමට ප්‍රබල දේශපාලන ඥතියෙකු කටයුතු කරමින් සිටීම කුමන අභාග්‍යයක්‌ දැයි වටහා ගැනීමට අප අපොහොසත් වෙමු. පුත්තලම දිස්‌ත්‍රික්‌කයේ පිහිටි විරක්‌කුලි මෝලේ - ඔළුවන්කුලම යෝජිත රක්‍ෂිතය, තබ්බෝව අභය භූමිය හා අච්චිමලේ පුරාවිද්‍යා රක්‍ෂිතය ආශ්‍රිත ඉඩම් අක්‌කර 35 ක වනාන්තර ප්‍රදේශයක්‌ යොදාගෙන දැනට වසර ගණනාවකට පෙර සිදු කිරීම ආරම්භ කළ පෞද්ගලික වගා ව්‍යාපෘතියක්‌ පුළුල් කිරීම සඳහා ඒ ආසන්නයේ තවත් වනාන්තර අක්‌කර 225 ක්‌ ලබාදීමට කිසිදු විළියකින් තොරව වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කිරීම මෙහි ආසන්නතම ෙ€දවාචකය ලෙස හැඳින්විය හැකිය. ඒමතුදා නොව තවත් ඉඩම් අක්‌කර 75 ක්‌ පමණ සමඟ මෙම සමස්‌ත භූමිය වන සතුන්ගෙන් උදුරාගෙන වගා ව්‍යාපෘතිය පුළුල් කිරීමට අදාල පුද්ගලයින් කටයුතු කරමින් සිටීමද විමතියට කරුණකි. සියලු පාලක කාරකාදීන්ගේ නොමසුරු සහයෝගය මධ්‍යයේ මෙකී සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ උස්‌තැන් දැක හැකිලෙන මිටි තැන් දැක පුප්පන ශ්‍රී ලංකාවේ පරිසර නීතියේ ඇති දුබලකම නිසාද නොඑසේ නම් ඒවා ක්‍රියාත්මක කරන නිලධාරීන්ගේ පිටකොඳු සිඳී ඇති බැවින්දැයි කීමට අප නොදනිමු.

විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ස්‌වාරක්‍ෂක කලාපය මෙන්ම වන අලින්ගේ පාරම්පරික නිජබිමක්‌ද ආශ්‍රිතවන මෙකී වගා ව්‍යාපෘතිය ස්‌ථාපිත කිරීමට ඉඩ සැලසීමට මෙරට ක්‍රියාත්මක නීති අනපනත් රැසක්‌ අභියෝගයට ලක්‌කිරීමක්‌ බව ඇස්‌ පනාපිටම පෙනෙන්නට තිබියදී තවදුරටත් වනාන්තර ඉඩම් නිල නොනිල වශයෙන් අත්පත් කර ගනිමින් මෙම ව්‍යාපෘතිය පුළුල් කිරීමට අදාළ පුද්ගලයින්ට හැකිවීම මෙරට වන සතුන්ටත් තුරු ලතාවන්ටත් කාගේ සරණද යන පැනය අප හමුවේ පැන නගින්නකි. දැනට මෙම වගා ව්‍යාපෘතිය අනවසරයෙන් පවත්වාගෙන යන අක්‌කර 35 ක භූමියම වනජීවි රක්‍ෂිත ප්‍රදේශ දෙකකට අයත්ය. වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය වන විරක්‌කුලිමෝලේ - එළුවන්කුලම යෝජිත රක්‍ෂිතය තුළ මෙම වගා බිමෙන් වැඩි කොටසක්‌ පැතිරී ඇත. තවත් කොටසක්‌ පැතිරී ඇත්තේ 2002 ජුලි 19 ප්‍රකාශයට පත්කළ තබ්බෝව අභය භූමිය තුළය. එපමණක්‌ද නොව අච්චිමලේ පුරාවිද්‍යා රක්‍ෂිතයටද මෙම වගා බිමෙහි කොටසක්‌ අයත්වේ. මෙම සියලු අපරාධ සිදුවන තුරු අදාළ රජයේ නිලධාරීන් අඳ ගොළු බිහිරි වතින් නිදිගැන්වී සිටින්නේ මෙය මෙරට අනාගත පරපුරේ උරුමයක්‌ බව නොවැටහීම නිසාදැයි විමසිය යුතුය.

වර්ෂ 2003.04.02 දින රැස්‌වූ රාජ්‍ය ආයතන රැසකින් සුසැදි පුත්තලම දිස්‌ත්‍රික්‌ ඉඩම් පරිහරණ කමිටුව තීරණය කර තිබුණේ පරිසර විද්‍යාත්මකව හා පුරාවිද්‍යාත්මකව ඉතා වටිනා ප්‍රදේශයක්‌ වන මෙය කිසිදු සංවර්ධන කටයුත්තක්‌ සඳහා නිදහස්‌ නොකළ යුතුබවය. එසේම මෙම වගා ව්‍යාපෘතිය සඳහා විකල්ප ඉඩමක්‌ ලබාදෙන ලෙස දැක්‌වෙන අධිකරණ තින්දුවක්‌ද ලබාදී ඇතත් ඒ කිසිදු නෛතික ප්‍රතිපාදනයකින්ද මෙම ස්‌වාභාවික හා පුරාවිද්‍යා උරුමයන්ට සැලසුනු සෙතක්‌ නම් පෙනෙන්නට නැත.

මෙම සමස්‌ත භූමි ප්‍රදේශ වන අලින්ගේ පාරම්පරික නිජබීමක්‌ වන අතර විල්පත්තුව ජාතික උද්‍යානයේ සිට කරුවලගස්‌ වැව දෙසට අලින් සංක්‍රමණය වන සම්ප්‍රදායික හැරුම් මාවතද විහිදී ඇත්තේ මෙම ප්‍රදේශය හරහාය. එය විදුලි වැටක්‌ යොදා අවහිර කිරීමට අදාළ ව්‍යාපෘති කරුවන් අද වනවිට කටයුතු කර තිබීම ප්‍රදේශයේ අලි-මිනිස්‌ ගැටුම තව දුරටත් උග්‍රවීමට හේතුවක්‌ බව අවධාරණය කළ යුතුය. මෙම වගා බිම මායිමෙන් ගලායන ගල්මඩුව ඔය දැඩි නියං සමයේදීද නොසිඳී පැවතීම හේතුවෙන් එහි ජලය පානය කිරීම සඳහා අලි ඇතුන් මෙම ප්‍රදේශයට පැමිණෙති. එහෙත් වගා භූමියෙන් වන අලින්ගේ සංක්‍රමණයට බාධා එල්ලවීම මේ වනවිට බරපතළ තත්ත්වයක්‌ බවට පත්ව ඇත.

එසේම රටම වගා ව්‍යාපෘතිය සඳහා යොදාගෙන ඇති ඉඩමේ ඉදිකර ඇති ගොඩනැඟිලි ආසන්නයේ දැනට අනාරක්‍ෂිතව දමා ඇති අඩි 02 ක්‌ පමණ උස කිරිගරුඬ බුද්ධ ප්‍රතිමාවද ප්‍රදේශයෙන් හමුවී ඇති ශෛලමය කුළුණු හා ආලින්ද, මෙහි පුරාවිද්‍යාත්මක වැදගත්කමට කදිම නිදසුන්ය. මෙහි ඉඩම් අක්‌කර 2.5 ක්‌ පුරාවිද්‍යා රක්‍ෂිතයක්‌ ලෙස ප්‍රකාශයට පත්කර ඇත්තේද එකී පුරාවිද්‍යාත්මක වටිනාකම හේතුවෙනි.

මේ සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමට අදාල බලධාරීන් අපොහොසත් වීම තුළ සිදුවන්නේ පියවරින් පියවර රක්‍ෂිත වනාන්තර බිලිගැනීමට අදාල ව්‍යාපෘති කරුවන්ට ඉඩ සැලසීම බව අවධාරණය කළ යුතුය. අතීතයේදී නියපොත්තෙන් නිවැරදි කිරීමට තිබූ වරද අද වනවිට නිවැරදි කිරීමට වගකිව යුතු නිලධාරීන් පොරව හෝ භාවිතා නොකළ හොත් අනාගතයේ මෙම ප්‍රදේශයේ වන සතුන්ට පමණක්‌ නොව අලි මිනිස්‌ ගැටුම මගින් ප්‍රදේශයේ ජනතාවගේ පැවැත්මටද බරපතළ තර්ජන එල්ලවිය හැකි බව නොකියාම බැරිය. එබැවින් මෙම විනාශය පිටුදැකීම සඳහා අපගේ මාතෘ භූමියේ මතු පරපුරේ නාමයෙන් වත් වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව හා වයඹ පළාත් පරිසර අධිකාරිය සෘජු හා නිර්භීත තීරණයක්‌ ගනු ඇතැයි පරිසරයට ලැදි සියලු දෙනා උදක්‌ම අපේක්‍ෂා කරනු ඇත.

විශේෂ ස්‌තූතිය පරිසර සංරක්‍ෂණ භාරයට

Tell a Friend

ජවිපෙ අර්බුදය: කැමති දේ කෑම සහ දෙන දේ කෑම

( දෙවන කොටස )


නිලන්ත ඉලංගමුව 


ජනතා විමුක්ති පෙරමුණ මුහුණ දී සිටින අභියෝගය සහ එම පක්ෂයට අහිමි වී ගිය බලය ( එනම් කේවල් කිරීමේ බලය) යලි ලබා ගැනීමේ අරගලය පිළිබඳව පසුගිය සතියේදී ඉදිරිපත් කළ ලිපියට උණපූරකයක් එකතු කිරීම අවශ්‍ය වන අතර අදාළ පක්ෂයේ දේශපාලනය පිළිබඳව ඊට පරිබාහිරින් සිට නිරීක්ෂණය කිරීම කාලෝචිත වේ. කෙසේ වෙතත් අදාළ ලිපිය සඳහා ලැබී තිබුණු ප්‍රතිචාර පිළිබඳව දැකීමේදී පෙනී යන්නේ බොහෝ දෙනෙකු ජවිපෙ කණ්නාඩිය ඔස්සේ ජවිපෙ දේශපාලනය දෙස බැලීමට උත්සහ කරන බවයි. එවිට තමන් දුර්වල ලක්ෂණයක් දුටුවද එය සඟවා තබා ගැනීමට උත්සහ ගෙන පූර්ණ ධනාත්මක චින්තනයක් ඔස්සේ කරුණු දැක්වීමට ප්‍රයත්න දැරීම සහ පුද්ගලයෙකු මත වැරැද්ද පටවා පක්ෂය ශුද්ධ වස්තුවක් ලෙස සැලකීම සාමාන්‍ය පුරුද්දකි. මිනිස් මනස සරලය තමන් වැරද්දක් කළ පසු වැරදි යැයි කීමට තරම් කිසිවෙකුත් අකමැතිය. සෑම විටම තම නිවැරදිබාවය පමණක් හුවා දැක්වීමට ප්‍රයත්න දරන මිනිස් මනස එය සාධාරණීකරණය කිරීම සඳහා ඕනෑම තක්කඩි කටයුත්තක් කිරීමට පෙළඹේ. මෙය සරල වශයෙන් ශේක්ස්පීරියානු මතවාදයට අනුව ජයග්‍රහණයට පීතෘවරු බොහෝ වන නමුත් පරාජයට සිටින්නේ එක් පිතෘවරයෙක්ය යන කාරණය හා බැඳී පවතින සරල මෙන්ම සුඛ නාමය සත්‍යකි.

" වත්මන් ලෝකය වඩාත් යථාර්තවාදී
විකල්පයක් වෙතට තල්ලු වෙමින් තිබේ.
මේ වන විට අපට සිදු වී ඇත්තේ ඇන්ග්ලෝ
-සැක්සන් නව ලිබරල් වාදයද - නොඑසේනම්
 ආසියානු අගනාකම් සහිත වූ චීන - සිංගපෝරියානු
ධනවාදයට යන ද්විත්වය පමණි. ඒ සඳහා අපි
කිසිවන් නොකරන්නේ නම් අපි අනුක්‍රමයෙන් නව
 මාදිලියක අධිපතිකාරීත්වයක් සඳහා තල්ලු වනු ඇත.
අරාභී වසන්තය මඟින් මෙන්ම වෝල් ස්ට්‍රීට් ආක්‍රමණය
හරහා ලෝකයට ලබා දෙන පණිවිඩය වන්නේ එයයි .
මෙහිදී මතක තබා ගත යුතු වැදගත්තම කාරණය
වන්නේ ධනවාදය සහ ප්‍රජාතත්‍රවාදය අතර ඇති විවාහය
 අවසන් වී ඇති බවයි,"  - ජිසේක්
ජවිපෙ මුහුණ දී සිටින ආන්දෝලනාත්මක තත්වය තව දුරටත් තේරුම් ගැනීම සඳහා රෝහණ විජේවීර මහතා පිළිබඳව පසුගිය සතියේ පැවති සම්මන්ත්‍රණයේදී පල වූ අදහස් උපුටා දැක්වීම වැදගත්ය. ".......රෝහණ විජේවීර සහෝදරයා ඒ සම්මුතිකාමීත්වය ප්‍රතික්ෂේප කළා. මේ කියන්නේ ප්‍රායෝගික තත්වය නොසලකා මනෝරාජික භාවිතාවකට යාම නොවෙයි. ඒ වගේම පැරණි වම කළා වගේ ප්‍රායෝගික තත්වයන්ට අනුගත වෙලා ප්‍රායෝගිකවාදයට යාමත් නොවෙයි. පැරණි වමට සිදු වුණේ, සමාජය වෙනස් කරන්න අමාරුයි කියලා උපයෝගීතා දෘෂ්ඨියකින් බලලා, ඡන්ද ටිකක් කඩා ගන්න උත්සාහ කළා. එදා ඉපැරණි වම ඒක කළා, දැන් පැරණි වම ඒක කරමින් සිටිනවා", යයි ජවිපෙ කැරලිකාර කණ්ඩායමේ සාමාජිකයෙකු ප්‍රකාශ කළේය. එසේම තව දුරටත් හෙතම, " ........ක්‍රියාවලිය තුළම නව දේශපාලන කතිකාවක, නව වමක ඇරඹුම ඉල්ලා සිටිනවා. එය, සම්මුතිය වෙනුවට අසම්මුතිය පිළිගන්නා, ප්‍රායෝගිකවාදයට නොයන දේශපාලනයක් විය යුතුයි. රෝහණ සහෝදරයා ප්‍රතික්ෂේප කළ සම්මුතිකාමීත්වයට, ප්‍රායෝගිකවාදයට ජනතා විමුක්ති පෙරමුණ ගිහින් ඉවරයි." මෙම අදහස ඔස්සේ ජවිපෙ අර්බුදයේ සැබෑ අවුල ගැන තව දුවරත් මේ ඔස්සේ අදහස් දැක්වීම වටින්නේය.

ඊට පෙර ඉදිරිපත් කළ යුතු කාරණය වන්නේ ජනතා විමුක්ති පෙරමුණ ගැන හෝ ද්‍රවිඩ ඊළාම් විමුක්ති සංවිධානය හෝ වෙනයම් දේශපාලන ව්‍යාපාරයක් සමඟ කිසිම අන්දමේ පුද්ගලික කෝන්තරයක් හෝ ලාභ අපේක්ෂාවෙන් සිදු කරන ගුණ වැයීමක් මා සතුව නැතුවා මෙන්ම ඒ සඳහා කිසිඳු වුවමනාවක්ද නැත, යන්නයි. එසේම නව ලිබර් ධනවාදයේ මූලයන් සඟවා තබා පවතින ගැටලුව මතුපිටින් අතපත ගෑමේ කිසිඳු වුවමනාවක්ද නැත. මා වඩාත් සැලකිලිමත් වන්නේ අදාළ පක්ෂ වලින් ඉදිරිපත් කළ මුද්‍රිත ප්‍රකාශනයන් වලට වඩා එම සංවිධාන වල ප්‍රයෝගික භාවිතයන්ය. එය තේරුම් ගැනීම අතිශය සරලය. එනම් මහින්ද චින්තනය ඇතුලත් කෘතීය පමණක් කියවන්නෙකුට එය අගනා කෘතීයකි, මංගල සමරවීර රාජපක්ෂ ආණ්ඩුවෙන් එලවා දමන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහජන පාර්ශවය එළි දක්වමින් ප්‍රකාශ කළ " සිහිනයේ අභියෝගය" නමැති කෘතියද , රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලියු අනාගත අභියෝග කෘතීයද ඉතා අගනේය. ඒවායෙහි ඉදිරිපත් කළ අදහස් තුළ සිහින රාශියක් තිබේ. නමුත් ප්‍රයෝගික භාවිතය ගැන අපි දන්නෙමු. එබැවින් උපුටා දැක්වීම වටිනා කමින් ඉහළ වන්නා සේම එය ප්‍රයෝගිකව භාවිතයට ගෙන ඇති ආකාරය ඊටත් වඩා වටින්නේය.

ජවිපෙ මෙන්ම කොටි සංවිධානයද එකම අරමුණක් මූලික කර ගනිමින් එනම් විමුක්තිය මූලික කරගනිමින් ඇති වූ සංවිධාන වේ. වෙනස කොටි සංවිධානය මුලදී පූර්ණ ලෙස දෙමළ ධනපතීන්ගේ අතකොළුවක් එනම් අමිර්තලිංගම් වැනි දේශපාලඥයින්ගේ සන්නද්ධ අංශය ලෙස කටයුතු කළ නමුත් ජනතා විමුක්ති පෙරමුණ යම් තාක් දුරකට මෙරට සිංහල බමුණු කොටස කෙරෙහි වෛරී හැඟීමෙන් පසු වන බව ජනතාවට ඒත්තු ගැන්වීය. නමුත් එම විරෝධය හාස්‍යට ලක් වන්නේ රෝහණ විජේවීර මහතා 71 තමන්ගේ කුළුඳුල් විපල්වය පටන් ගැනීමට මොහොතකට පෙර කේන්ද්‍රය බලා සුභ මුහුර්තියක් බැලීමට වටින බවට සිදු කරනු ලැබුවේය යනුවෙන් ඔහු විසින් කළේය, කියන පාපොච්චාරණයයි. එය සත්‍ය නම් රෝහණ විජේවීර චරිතයම වූ කලී පිටින් ආගම අබිං යැයි කියූ මාක්ස්වාදය නමැති වෙස් මුහුණ දමා ගත්, සම්ප්‍රදායික හින්දු බමුණෙකු මිස වෙනත් සුජාත භාවයක් එකී චරිතය තුළද නැත. ඇතැම් විට ඔහුටද වසර දහස් ගණනක් තිස්සේ රටේ ක්‍රියාත්මක වූ සම්ප්‍රදායෙන් ගැලවීමේ හැකියාවක් නොතිබුණා විය හැකිවා මෙන්ම සම්ප්‍රදාය සහ යූටෝපියානු වුවනාව මත සිර වුනු චරිතයක් වූවා විය හැකිය. එම සිරවීම විසින් ඔහු තල්ලු කරනු ලැබුවේ ජන ඝාතනයක් වෙතය. සතුරාගේ ශක්තිය සහ බලය හඳුනා නොගෙන යුධ මඟට බැසීම වූ කලී පහන් දැල්ලක් වටා එක් රැස් වෙන මෙරුවන්ගේ ස්වභාවය හා සමාන කටයුත්තකි. විජේව්වීර මහතා මෙන්ම වේලුපිල්ලේ ප්‍රභාකරන් මහතාද සිර වී සිටියේ මෙකී මානසික උගුලට යැයි සිතේ. මීට පෙරද සඳහන් කළා සේ ජවිපෙ සංවිධානයට වඩා තරමක් ඉහල කෞශල්‍යක් වසර තිහක් තිස්සේ ගෙන ගිය අඛණ්ඩ අරගලය තුළින් එල්. ටී.ටී. ඊ . සංවිධානය පෙන්නුම් කළේය.

මේ ඔස්සේ ජවිපෙ කැරලිකාර කණ්ඩායමේ අය " සම්මුතිකාමිතාවයෙන්" අපගමනය වූ යමක් ගැන සෙවීම ගැන විමසා බැලීම වැටී. එය සරල වශයෙන්ම කොටි සංවිධානය වසර තිහක් තිස්සේ ගෙන ගිය අරගලය හා සමරූපී වේ. තම ශක්තිය තනා ගැනීම සඳහා ආරම්භයේදී තෙවන පාර්ශවයන් මත යැපුනද ඉන් පසුව තම යුධමය සහ දේශපාලනමය සහවාසයෙන් පරිභාහිර වූ වෙනම විමුක්ති මගයක් උදෙසා වන අස්ථානයක් වෙතට තල්ලු කළේය. අමිර්තලිංගම්, සේම රාජිනි තිරාණගම මැරුම් කෑවේ එහි ප්‍රතිපලය වශයෙනි. එසේම තිම්පු සාකච්චා වලින් සති කිහිපයකට පසු ටෙලෝ ඇතුළු අනෙකුත් සහෝදර සන්නද්ධ කණ්ඩායම් වල සාමාජිකයින් සිය ගණනින් මහා පාරවල් දිගේ කොටි සංවිධානය විසින් මරා දමනු ලැබුවේ විවිධත්වය නැති නොඑසේනම් සම්මුතිකාමිත්වයෙන් පරිභාහිර වූ විමුක්තියක් සෙවීමට ගොසිනි. ඒ සඳහා අටුවා ටීකා අවශ්‍ය නොවේ. නන්දිකන්ඩාල් කලපුවෙන් ගොඩ බිමට ගෙන අමුඩයක් ගසා 2009 මැයි මාසයේදී ප්‍රදර්ශනය කරනු ලැබූ කොටි සංවිධානයේ නායක ප්‍රභාකරන්ගේ මළ සිරුරෙන් ප්‍රකශ කරනු ලැබුවේ එකී ( විසම්මුතියේ) පරම සත්‍යයි. එසේම සම්මුතියෙන් පිට පනිමින් සිදු කළ විසම්මුතිවාදී දේශපාලනය 1989 නොවැම්බර් 13 උලපනේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු මරා දැමූ ( යුධ අපරාධ ගණයට වැටෙන අපරාධයකි) රෝහණ විජේවීරගේ දේශපාලන චින්තනයෙන්ද කියන්නේ එයයි. ජවිපෙ ඉතිහාසය වූ කලී බිහිසුණු මෙන්ම සතුරාට පාරදීසයන් නිර්මාණය කර දුන් කැරලි දෙකෙන් පසු යළිත් ඔවුන් කියන සම්මුතියෙන් මිදුණු දේශපාලනය එවැනිම වූ කටයුත්තක්ද? නොඑසේ නම් ඉන්ද්‍රජාලිකයක් ජනතාව හමුවේ ප්‍රදුර්හූත වන යූටෝපියානු දේශපාලන චින්තන්යක්ද? මින් දෙවැන්න එනම් මැජික් බලාපොරොත්තු වීම කවදත් ලාංකීය දේශපාලනය තුළ සිහින සමඟ බැඳී පැවති අතර ඒ වෙනුවට යථාර්තය විසින් නිර්මාණය කරනු ලැබුවේ ඛේදවාචකයන් පමණි. ලාංකික වාමාංශික මකුළුවා තම දැල වියනු ලැබුවේ ලෙහෙසියේනම් බලය නමැති මාංශ භක්ෂකයාට ගිල ගැනීමට පහසු වන ආකාරයෙන් මිස දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම උදෙසා නොවේ.

සැබවින්ම ජවිපෙ සිටින සහ සිටි නායකයින් කිසිවෙකුට හෝ විජේවීර ගැන තුලනාත්මක විග්‍රහයක් තිබේනම් පුදුම විය යුතු කාරණයකි. මීට වසර හයකට පමණ පෙර ජවිපෙ තලවතුගොඩ කාර්යාලයේදී මා හා විමල් වීරවංශ මහතා අතර පැය ගණනක් පුරා විජේවීර මහතා ගැන ඇති වූ සාකච්චාවකදී ඔහු සෑම විටම සිදු කළ ලේ හැලීම් ගැන සාදාරණීකරණය කළා මිස තුලනාත්මක විවේචනයක් තිබුණේ නැත. සාකච්චාව අවසානයේ මියගිය දහස් ගණන් තරුණ තරුණියන් ගැන ඒ අකාරයෙන් සරලව කතා කිරීමට හැකි තරම් තක්කඩි සහ පිළිකුල් සහගත හැඟීමක් එවකට පක්ෂයේ ප්‍රචාරක ලේඛම් වරයා වශයෙන් සිටි ඔහුට ලැබුනේ කෙසේද යන්න ගැන පමණක් කණගාටුවක් මට දැනුණි. ලතින් ඇමෙරිකානුවන්ගේ විශේෂයෙන් වෙනුසියුලාව සහ කියුබාව ගැන මේ වන විට ජාතික නිදහස් පෙරමුණ නමැති දෙපැත්ත වැනෙන සංවිධානය ඔස්සේ කතා කරමින් සිටින්නේ එම වීරවංශම වේ. ඔහු ජාතිවාදය සහ සමාජවාදය නමැති දෙපැත්ත ඇති ගිරයට හසු වුනු පුවක් ගෙඩියක් හා සමාන චරිතයකි. තම යැපීම සඳහා ජාතිවාදයද දේශපාලන වුවමනාව සඳහා කුහක සමාජවදයද තෝරාගෙන ඇත. එසේම විවිධ අර්ථ කතන ඉදිරිපත් කළ ලාල් කාන්ත මහතාගේ නිවසේදී මා හමු වී සිදු කළ සාකච්චා වේදීද ප්‍රතිපලය එයම විය. වීරවංශ මහතා සඳහන් කළ පරිදි ( මීට වසර 06 කට පෙර) විජේවීර ඔහු දුටුවේ රැස්වීම් වලදී පමණි. ලාල් කාන්ත මහතාට ඒ ගැන නිශ්චිත අදහසක් නැත. කෙසේ වෙතත් මෙහිදී වැදගත් වන්නේ විජේවීර මුහුණට මුහුණ හමුවූයේද නැද්ද යන්න නොවේ, එනම් ඔහුගේ දේශපාලන දර්ශනය කෙතම් දුරට පක්ෂයේ මෙන්ම රටේ උන්නතිය උදෙසා පාවිච්චි කළේද, තමන්ගේ පුද්ගලික සුඛ විහරණය සඳහා පාවිච්චි කළේද, යන්න පමණි.

" දින කිහිපයකට කලින් ලිබියානු නායක කර්නල් මුවම්මර් අල් ගඩාෆිව නේටෝ හමුදාව විසින් අල්ලාගෙන වධ වේදනා දීලා ඉතාමත් මිලේච්ච ලෙස මරා දමනු ලැබුවා. යුද බිමේදී අල්ලාගත් සතුරකුට වුවත් ලබාදෙන අංශුමාත‍්‍ර ගෞරවයක්වත් ලබා නොදීයි ඔහුව මරා දමනු ලැබුවේ,' යැයි වෙනිසුයුලාවේ දේශපාලනය ගැන විශාරද ආදරවන්තයෙකු ලෙස පෙනී සිටීමට උත්සහ කරන විමල් වීරවංශ පසුගියදා ඉදිරිපත් කරනු ලැබූ අදහස කදිම විහිළුවකි. විජේවීර ගැන හෝ ප්‍රභාකරන් ගැන ඔහු එසේ කිව්වේදැයි නොදනිමු. නමුත් ගඩාෆිගේ මරණය හෝ විජේවීර මෙන්ම ප්‍රභාකරන් මරා දැමීමේ වෙනසක් නැත. වෙනස් ගඩාෆි ඝාතනය අපට පිටින් පිහිටි ප්‍රජාවක් හමුවේ සිදු වීමත් අනෙක් දෙදෙනා ඝාතනය කිරීම මෙම සිංහල බමුණු අධිපතිකාරී සමාජය හමුවේ සිදුවීමත් පමණි.

කෙසේ වෙතත් විසම්මුතිය මත පදනම් වූ දේශපාලනයක් සොයන ජවිපෙ කැරලිකාර කණ්ඩායමත් , තම පැවැත්ම පිළිබඳව වන අවුලක පැටලී සිටින සෝමවංශ කණ්ඩායමත් වේලි සිටින්නේ එකම මායාවක හැඩය වෙනස් කුලකයන් දෙකකය. මෙහි වාසිය ජවිපෙ නමැති ඉනිමඟ ඔස්සේ ඉහලට ගොස් පසුව සිංහල බමුණු ජාතිවාදය තම පැවැත්ම උදෙසා තෝරා ගත් වීරවංශ වැනි අයෙකු විසින් සම්පූර්ණයෙන්ම අත් පත් කර ගත හැකි මාවත සෙවිය හැකිය. එය අහිතකර වන්නේ එකී වාසී ලබා ගන්නා දෙපැත්ත කන්නාගේ චරිතය හමුවේ කිසිඳු සුජාත භාවයක් සිදු නොවන හෙයිනි. මේ නිසා ජවිපෙට අහිමිවීමට වඩා එහා ගිය දෙයක් විසම්මුතිය ඔස්සේ සිහින දකිමින් ගත කරන කාලය තුළදී ලැබෙන්නේ නැත. කෙටියෙන්ම කිවහොත් ඉන් ලැබෙන ඉටිගෙඩියක් නැත.

එසේම පෙර ලිපියට ප්‍රතිචාර වශයෙන් ලැබුණු ලිපියක සඳහන් වූ පරිදි ප්‍රතිසංස්කරණය නමැති රාමුවෙහි මා පැටලී සිටිනවා යැයි කීමම විහිළුවකි. එවැනි පැටලීමක මා පැටලී සිටින්නේද ප්‍රතිසංස්කරණය නමැති වචනයට මුවා වී ගූඪ මායාවක පැටලෙමින් කුහකත්වය මත පදනම් වන වෛරී දේශපාලනයක් තමන් විසින්ම නිර්මාණය කර ගනිමින් සිටින්නේද යන්න තම තමාම සිතා බැලිය යුතුය. යළිත් මතක් කළ යුත්තේ, මකුළුවා දැල වියන්නේ අහාර ලබා ගැනීමටය, ඒ සඳහා මකුළුවා එය තමන්ට වඩා ඉහල බලයකට කඩා දැමීමට හැකි තත්වයක් ඇති තැනක් තෝරා නොගැනීමට පරිස්සම් වේ. අවසාන විග්‍රහයේදී අප සියල්ල සටන් කරනු ලබන්නේ බලය උදෙසා මිස වෙන කිසිවක් සඳහා නොවේ. එසේම පක්ෂය තුළ අභ්‍යන්තර ගැටුම් විසඳාගැනීම නව පක්ෂ ඔස්සේ දේශපාලනය කරනවාට වඩා ප්‍රයෝගික බව අවබෝධ කර ගැනීම වැදගත් වේ.

සමාජවාදය වූ කලී ලෝකයට සතුට වෙනුවට දුක, ත්‍රාසය, බලාපොරොත්තු රහිතකම ලබාදුන් සංකල්පයක් බව ඉතිහාසය උගන්වා ඇත. ඉන් නව ලිබරල් වාදය ශුද්ධ කිරීමේ වුවමනාවක් මට කොහෙත්ම නැති අතර එකිනෙකට එකක් සාපේක්ෂව තේරුම් ගැනිමේදී එය දැක ගත හැකිය. ලිබරල්වාදය ගැනද එවැනිම අදහසක් කෙනෙකුට ඉදිරිපත් කළ හැකිය. සමාජවාදය අවසානයේදී පරාජය වූයේ මන්ද? එනම් සමාජවාදය ස්ථාපිත කිරීමට ගිය සෑම අවස්ථාවකදී මෙන්ම එය නිමා වූ සෑම අවස්ථාවකදීම භයානක මිනිස් ඝාතන ඛේදවචකයන් සිදු විය. බර්ලින් තාප්පයට යටවී මාර්ක්ස් මිය ඇදෙන විට ඔහු කියුබාවේ යළි ඉපදුනේය; යැයි කියූ බොහෝ දෙනෙක් එසේ සඳහන් කරනු ලැබුවේ කියුබාවේ දේශපාලනය සහ කස්ත්‍රෝ පොතේ ගුරු මාර්ක්ස් වාදයෙන් අපගමනය වී සිදු කළ සමාජ මෙහෙවර ගැන නොකියවා ඔහුගේ සේයා රූ වලට හාදු දෙමිනි. මීට ඌනපුරකයක් ලෙස අල් ජසීරා රූපවාහිනිය සමඟ ඊයේ ( ඔක්තෝම්බර් 29 ) පැවැත් වූ සම්මුඛ සාකච්චාවකදී ප්‍රකට දාර්ශනිකයෙකු වන ස්ලවෝජ් ජිසේක් ඉදිරිපත් කළ අදහස් වලින් සාරාංශයක් උපුටා දැක්වීම වැදගත් වේ. " වත්මන් ලෝකය වඩාත් යථාර්තවාදී විකල්පයක් වෙතට තල්ලු වෙමින් තිබේ. මේ වන විට අපට සිදු වී ඇත්තේ ඇන්ග්ලෝ සැක්සන් නව ලිබරල් වාදයද - නොඑසේනම් ආසියානු අගනාකම් සහිත වූ චීන - සිංගපෝරියානු ධනවාදයට යන ද්විත්වය පමණි. ඒ සඳහා අපි කිසිවන් නොකරන්නේ නම් අපි අනුක්‍රමයෙන් නව මාදිලියක අධිපතිකාරීත්වයක් සඳහා තල්ලු වනු ඇත. අරාභී වසන්තය මඟින් මෙන්ම වෝල් ස්ට්‍රීට් ආක්‍රමණය හරහා ලෝකයට ලබා දෙන පණිවිඩය වන්නේ එයයි . මෙහිදී මතක තබා ගත යුතු වැදගත්තම කාරණය වන්නේ ධනවාදය සහ ප්‍රජාතත්‍රවාදය අතර ඇති විවාහය අවසන් වී ඇති බවයි," යනුවෙන් ජිසේක් සඳහන් කළේය. එසේම ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ලෙස පිළිගැනෙන ඉන්දියාව ඉතා පරෙස්සමින් විශ්ලේෂණයට බඳුන් කළ හෙතම ගාන්ධි විසින් හිට්ලර්ට වඩා විනාශයක් සිදුකළ නායකයෙක් බව සඳහන් කරයි. වික්ටර් අයිවන් මහතා කෙරෙහි පුද්ගලික තරහක් මා හට කිසිසේත්ම නොමැති නමුත් ඔහු විසින් කලින් කලට ඉදිපත් කරන දේශපාලන ගුණ කතන සහ නොදන්නා කම වසා ගැනීම සඳහා ලෝක ඉතිහාසයේ අහු මුළු වලින් ගෙන තම මතය අලංකරණය කිරීම ගැන විවේචනයක් තිබේ. එසේම ඔහු හිටපු ජවිපෙ සාමාජිකයෙකි. ජවිපෙ අර්බුදයට විසඳුම ලෙස මුලාවක පැටලෙමින් ගාන්ධිගේ සමාජ මෙහෙවර ශ්‍රී ලංකාවට ආදේශ කිරීමට ගිය අයිවන් මහතා වෙනුවෙන් පෙර ලිපියේදී ඉදිරිපත් කරනු ලැබුවේ එය සාර්ථක නොවන සහ බොරුවක් බව පෙන්වීමට මිස වෙනත් කාරණයක් පිරි මසා ගැනීමට නොවේ. එසේම ජනතා විමුක්ති පෙරමුණේ දෙපාර්ශවයටම අවබෝධ වී නැති කාරණය වන්නේ කැමති දේ කෑම සහ දෙන දේ කෑම අතර ඇති වෙනසයි.

Tell a Friend

ස්ත්‍රී දුෂණයට ලක්ව රිමාන්ඩ් එකේ මාස 29 ක් සිටිය වින්දිතයා ගෙදර එයි.

හර්ෂි සි. පෙරේරා
මෙම වෙබ් අඩවියේ 2011.10.03 දින පහත උදෘතයෙන් යුතු ලිපිය ඔබ කියවන්නට ඇත.

"ස්ත්‍රී දුෂණයට ලක්වූ වින්දිතයා වැලිකඩ රිමාන්ඩ් එකේ. මේකද ලංකාවේ යුක්තිය?"
Uploaded by admin feature, Harshi C. Perera, social, srilanka, Weeklya 1:43 PM

ඇය එනම් ජෙබමලා අම්මාන් නොහොත් වසන්තා රානි ගිය අගහරුවදා එනම් 25 වැනිදා වැලිකඩ කාන්තා අංශයේ අවුරුදු 02 සහ මාස 05 ක් සිට නුවර එළියේ පිහිටි සිය නිවසට ඒමට වාසනාවන්ත වුවාය. 25 වැනිදා ඇයව ගම්පහ මහා අදිකරණයෙන් නිදහස් කර ඇත.
ඔබේ මතකය අලුත් කිරීමට ඔක්තෝබර් තුන්වෙනිදා ශ්‍රී ලංකා ගාඩියන් වෙබ් අඩවියේ සහ චිත්‍රාංගි වඩ්ප්‍රෙස් බෝල්ග්හි පලවූ ලිපිය පහතින් සදහන් කරමු. ඇය නිදහස්වීමෙන් අනතුරුව පුවුලේ සාමාජිකයින් සමග ගත් සේයාරුද මෙහි පල වේ.
අවසාන වශයෙන් කීමට ඇත්තේ ලංකාවේ යුක්තිය ප්‍රමාදවුවත් යුක්තිය අහිමි නැති බවයි.

"ස්ත්‍රී දුෂණයට ලක්වූ වින්දිතයා වැලිකඩ රිමාන්ඩ් එකේ. මේකද ලංකාවේ යුක්තිය?"
Uploaded by admin feature, Harshi C. Perera, social, srilanka, Weeklya 1:43 PM

වසන්ත රාණි ජෝමල අම්මා නැතිනම් සැක අංක 385 දරන 29 හැවිරිදි තරුණිය දැනට වසරකට වැඩි කාලයක් තිස්සේ වැලිකඩ බන්දනාගාරයේය.

ජෝමාල අම්මා සිටින්නේ වැලිකඩ බන්දනාගාරයේ කාන්තා වට්ටුවේය. ඇය ගම්පහ මහදිකරණයේ අංක 315/2004 දරන නඩුවේ පැමිණිල්ලේ ප්‍රදාන සාක්ෂිකාරියයි. ඇයව දුෂණය කිරීම පිලිබදව මෙම නඩුව වදුමෙස්ත්රිගේ බන්දුල සරත් කුමාරට විරුද්දව පවරා ඇත.

මේ ඇගේ නඩුවයි. ඇය බරපතල අපරාදයක් වූ ස්ත්‍රී දුෂණයේ වින්දිතයායි. ඇය ඇගේ ඇප කොන්දේසි පහත පරිදිය. රුපියල් 10000/= ක් මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පහ බැගින් ශරීර ඇප දෙකකි. මෙම ශරීර ඇපකරුවන් දෙදෙනාගෙන් එක්‌ අයෙකු ඇගේ මව වියයුතු අතර අනෙක් අය ඇය ගෘහසේවිකාවක් වශයෙන් සේවය කරන නිසා සේවය කරන ඉස්ථානයේ ගෘහ මුලිකයා විය යුතුය. මේ ඇප කොන්දේසි ලිහිල් කිරීමට කල ඉල්ලීමද ප්‍රතික්ෂේප විය.

අදත් ඔක්තෝම්බර් 03 වැනිදා ඇගේ මව අදිකරණයට ගිය විට කිවේ නඩුව 2012 ඒ කියන්නේ ලබන අවුරුද්දේ ජනවාරි 12 වැනිදා නඩුව කල් ගිය බවත් පවසන ලදී.

ඒ අනුව ජෝමාලා අම්මා වසර දෙකකට වැඩි කාලයක් රිමාන්ඩ් එකෙය. ලබන ජනවාරි 12 වැනිදාට හිතක් පපුවක් නැති යුක්තිය කුමකින් කුමක් කරයිද?

ඇගේ ස්වාමිපුරුසයා ඇයව අතහැර ගොසිනි. දරුවාව බලාගන්නේ ඇගේ මවයි. ඇගේ මව එදා වෙලා සොයාගන්නේ නුවර එළියේ එළවලු කොටු වල වැඩකිරිමෙනි.

ඇගේ දරුවා පාසල් යන්නේ නැත. ඒ තම මව නොමැති දුකෙනි.

චායාරුපයේ සිටින්නේ ඇගේ වයස අවුරුදු 50 ක් වන මව අන්තෝනි අම්මා සහ වයස අවුරුදු 05 ක් වන පුතු විසොප්ය."






Tell a Friend

ජවිපෙ අර්බුදය හෙවත් පාවෙන වම


නිලන්ත ඉලංගමුව 


නතා විමුක්ති පෙරමුණේ වර්තමාන නායක සෝමවංශ අමරසිංහ මහතා පසුගිය දා සඳහන් කරනු ලැබුවේ තමන් වුර්තීමය විප්ලවාදියෙකු බවය. ඔහුගේ මෙම අදහසේ පරාමිතීන් කෙබඳුද? ඔහු වුර්තීමය වශයෙන් සිදු කළ විප්ලව මොනවාද? යන්න පිළිබඳවද හෙතම අදහස් පල කළේය. ඉන් මාගේ අවධානය යොමු වූයේ ඔහු එම පක්ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීර බැලීමට සිර ගෙදරට ගිය පසු ඔහු විජේවීරට ලබා දුන් ආලවන්ත පොරොන්දුවයි. එනම් " මැරෙණතෙක්ම සහෝදරයා උගන්නපු දේ වෙනුවෙන් සටන් කරනවා," ලෙසය. ඉන් පසු හෙතම වාසුදේව නානායක්කාර මහතා නිර්මාණය කිරීමට ගිය විප්ලවීය ජනතා විමුක්ති පෙරමුණ නමැති පක්ෂය නිර්මාණය නොකිරීමට බලපෑම් කරමින් තමන්ගේ පක්ෂයේ නම පිටරට සිට ලබා දුන් දුරකථන පණිවිඩ මඟින් රැක ගැනීමයි. නමුත් මා සිතන පරිදි පසුගිය කාල වකවානුව තුළදී සෝමවංශ අමරසිංහ මහතා යථාර්තය සහ සිහිනය අතර පැටලුනු දේශපලඥයෙකි. ඔහු ජවිපෙ ප්‍රසිද්ධ දේශපාලනයට අවතීර්ණ වීමෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණයේ නුහුරු අතින් මාක්ස්ද , බටහිර ධනවාදී ආර්ථික මොඩලය තම හුරු අතින්ද රැගෙනය. එය ඔහුගේ වරදක් ලෙස කිසිසේත්ම දැකිය නොහැකි වන අතර නිතීයේ ආධිපත්‍යයක් කිසි ලෙසකින් තහවුරු වී නැති සමාජයකින් වියුක්ත වූ අයෙකු නිතීයේ ආධිපත්‍ය ඇති එහෙත් ධනාවාදී සමාජ රටාවක් ඇති තැනකට විසිවීමෙදී සිදු වන සැබෑ යථාර්තය වන්නේ එයයි.

ජවිපෙ අර්බුදයේ මූලිකම හේතුව ලෙස නිරීක්ෂණය කළ හැක්කේ එක්තරා නිශ්චිත රාමුවක් ඔවුහු විසින්ම නිර්මාණය කර ගැනීම සහ එය තුළ සිරවී සිටිමින් තමන් සිරවී සිටින බව නොපිළිගෙන එය නිදහස යැයි සිතීමයි. එය වූ කලී කුහක, මෝඩ, ඊර්ෂ්‍යා සහගත, තක්කඩි, ගූඪවාදී, ධූරවලීයක් විසින් ගිලගෙන ඇති ව්‍යාපාරයකි. ඔවුන්ට කළ හැක්කේ සතුරාට වෛරකිරීමට සහ දේශපාලන විකල්පයක් වෙනුවෙන් පෙනීසිටීම වෙනුවට ස්වං ඝාතකයින් බවට පත්වීමය.
ප්‍රසිද්ධ දේශපාලනයට පිවිසීමෙන් ජවිපෙ තම අභියෝග ජයගත්තේ ද යන්න අදටත් ඉතා දීර්ඝ වශයෙන් විවාද කළ හැකි කාරණයකි. නමුත් කිසියම් හෝ දේශපාලන පක්ෂයක් ප්‍රසිද්ධ දේශපාලනයට පැමිණ තම මිලිටරි සංස්කෘතියෙන් අත්මිදී ජනතාවගේ බලය කේන්ද්‍ර කරගනිමින් ජනතාව වෙනුවෙන් කටයුතු කිරීම සඳහා යොමුවීම අතිශය වැදගත් වේ. එසේම ලෝකයේ මෙතෙක් බිහි වූ සාර්ථකම වාමාංශික දේශපාලන ව්‍යාපාරය වන කියුබාවද සිවිල් ජන බලය කෙරෙහි මිස වෙනත් කිසිවක් ගැන විස්වාශය තැබුවේ නැත. මෙහිදී කියුබානු විපල්වය මෙහෙය වූ හිටපු ජනාධිපති ෆිදෙල් කස්ත්‍රෝ ජනවාරි 21 , 1959 හවානා නුවරදී මිලියනයක් පමණ වන කියුබානු ජනතාව අමතමින් සිදු කළ අදහස් උපුටා දැක්වීම උචිත යැයි සිතේ. " අපි කිසිම කෙනෙකුට විරුද්ධව ප්‍රචණ්ඩත්වය ප්‍රකාශ කොට නැත. කියුබානු විපල්වය කිසිම ජාතියකට එරෙහිව ප්‍රහාර එල්ල කළේ නැත. දැඩි අපාරාධ සහ මර්ධනයකට නතු වී සිටි කියුබානු ජනතාව විශාල පිරිසක් තම ජීවිත පරිත්‍යාග කරමින් තම සතුරාගෙන් තමන්වම නිදහස් කර ගනු ලැබුහ.

නමුත් මාගේ අදාරණීය ජනතාවනි, මම අධිෂ්ඨානයෙන් යුතුව කීමට කැමතියි අපි ඒ සටන විවිධ අදහස් ඇති, විශ්වාසයන් පිළිපදින විවිධතත්වයකින් හෙබි ජනසමූහයක් සමඟ එක් වී එකමුතු කමින් යුතුව ජයගත්තෙමු. මෙම සටන සියල්ලටම අයිතියි. තමන්ගේ යුක්තිය, ස්වාධිපත්‍ය සහ ගරුත්වය වෙනුවෙන් මෙම ජනතාව අභිමානයෙන් යුතුව ඒ සඳහා එකමුතු වූයෙමු.

එක් මිනිසෙකුගේ අරගලයක් තරමට එක අදහසක් මත පිහිටා කටයුතු කිරීමට තිර අධිෂ්ඨානයෙන් යුතුව කටයුතු කළ මෙම ජනතාවට අපේ ගරුත්වය මෙන්ම අභිමානය හිමි වේ. මෙවැනි ජනතාවක් කිසිවෙකුට පරාජය කිරීමට නොහැකිය. අපි සියලු බෙදීම් වලින් ආරක්ෂා විය යුතුයි. අපේ පීතෘ වරුන්ගේ අධිෂ්ඨානයන් ආරක්ෂා කර ගත හැක්කේ එක්සත් වීමෙන්ය. අපි සටන් කළ යුත්තේ අපරාධකාරයින්ට දඬුවම් දීමේ චේතනාවෙන් නොවන නමුත් සමාජ සාධාරණත්වය සහ යුක්තිය වෙනුවෙනි," යයි කියුබානු නායකයා ප්‍රකාශ කළේය. එසේම ඔහු ඉන් වසර 44 කට පසු එනම් 2003 දී ප්‍රකාශ කළේ මෙලෙසය, එනම් 2003 මැයි 01 හවානා නුවර පිහිටි විපලවීය චතුරශ්‍රයේදී මැයි දිනය නිමිත්තෙන් කතා කරමින්, "අපට ස්ථීර වශයෙන්ම ඉගෙන ගැනීමට හැකි වූ පාඩම මෙන්ම අධිෂ්ඨානය ලබා දෙනු ලැබුවේ ආයුධවලට වඩා සාමාජ සාධාරණය වෙනුවෙන් ඉදිරිපත් වූ අදහස්ය. එහිදී ආයුධ වල තාක්ෂණික හැකියාව හෝ බලය කිසිම විදිහකින් වැදගත් වූයේ නැත;" යැයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කෙළේය. ෆිදෙල් වූ කලී න්‍යායික සහ ප්‍රයෝගික වශයෙන් ඉතා සාර්ථක දේශපාලනඥයකි. ජවිපෙ අර්බුදය දෙස මෙම කෝණයෙන් බැලීම වැදගත් වන්නේ මේ නිසාය. නමුත් එය එකම කෝණය නොවේ. මන්ද ෆිදෙල් වූ කලී කියුබානු හෙවත් ලතින් ඇමෙරිකානු භූගෝලීය පිහිටීම කෙන්ද්‍රගනිමින් බිහි වූ නායකයෙකි. ඔහු හැදී වැදුණු සංස්කෘතික සහ සමාජීය වටපිටාව වෙනස්ය. විජේවීර මෙන්ම ප්‍රභාකරන් මෙරට සිංහල/දෙමළ සහ හින්දු අන්තවාදය කේන්ද්‍රකර ගනිමින් බිහි වූ ද්විත්ව චරිතයකි.

ජවිපෙ අර්බුදයේ මූලිකම හේතුව ලෙස නිරීක්ෂණය කළ හැක්කේ එක්තරා නිශ්චිත රාමුවක් ඔවුහු විසින්ම නිර්මාණය කර ගැනීම සහ එය තුළ සිරවී සිටිමින් තමන් සිරවී සිටින බව නොපිළිගෙන එය නිදහස යැයි සිතීමයි. එය වූ කලී කුහක, මෝඩ, ඊර්ෂ්‍යා සහගත, තක්කඩි, ගූඪවාදී, ධූරවලීයක් විසින් ගිලගෙන ඇති ව්‍යාපාරයකි. ඔවුන්ට කළ හැක්කේ සතුරාට වෛරකිරීමට සහ දේශපාලන විකල්පයක් වෙනුවෙන් පෙනීසිටීම වෙනුවට ස්වං ඝාතකයින් බවට පත්වීමය. ස්වං ඝාතනයෙන් ඔබ්බට ගිය තැන තම සගයා පාවාදී තමන්ගේ දිවි ගලවා ගැනීමය. 71 දී මෙන්ම 88-89 දී ඔලුබක්කන්ගේ භූමිකාව රඟපෑ බොහෝ දෙනෙක් මෙය හොඳින් දන්නෝය.

කිසිවෙකුගේ හෝ මනසට සීමාවක් නැතැයි කියන්නේ නම් එය පිළිගැනීමට නොහැකි බව මුලින්ම කතාබහට ලක් වන්නේ ග්‍රීක දර්ශනය තුළය. ඊට අනුව මනසට සීමාවක් තිබේ. එය වූ කලී තමන්ගේ අත්දැකීම් වල සහ සිහින දැකීමේ පරිමාණයයි. සිහින බොහෝ දුරට අත්දැකීම මත තීරණය වන්නක් වේ. මේ අනුව බලන කළ මාක්ස්වාදය ගැන හෝ කමියුනිස්ට් සමාජය ගැන ළිං මැඩියන් කතා කරන අකාරය ඉන් පිටත සිටින්නෙකුට පෙනෙන්නේ පිස්සුවක් හෝ හාස්‍යක් ලෙසිනි. තාක්ෂණය ඔස්සේ අප එකිනෙකට යාකොට ඇතත් අවසානයේදී අපගේ පරිකල්පනය රඳා පවතින්නේ භෞතික වශයෙන් ලබා ගන්නා යථාර්තයන් තුළය. ජවිපෙ වූ කලී සංශෝධනවාදය කරා ගමන් කරන පක්ෂයක් ලෙස සොමාවංශ අමරසිංහ මහතා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිනි හට ප්‍රකාශ කළ බව හෙළිවීමත් සමඟ දේශීය ජවිපෙ ස්මාජිකයින්ට එතරම් කේන්ති යෑම පිටු පස ඇත්තේ තම පරිකල්පනයේ සීමාව හෙවත් තමන් විසින්ම තමනට දමාගෙන ඇති රාමුවයි.

දේශපාලන පක්ෂයක් වූ කලී එක්තරා දේශපාලන න්‍යායයක් මත ගොඩ නගනු ලැබූ රාමුවක් ලෙස පිළිගත හැකි වුවත් අමතක නොකළ යුත්තේ සියල්ල අවසානයේදී එකිනෙකා අරගලය කරනු ලබන්නේ බලය වෙනුවෙන් බවයි. තමන් අපේක්ෂා කරන බලය ලබාගැනීමට නිශ්චිත අවකාශයක් නොමැති වූ තැන වෙනත් විකල්ප සෙවීම සත්වයින් සතු පොදු ප්‍රාථමික ගතියකි. සමාජ විද්‍යාඥයකු වන මැක්ස් වෙබර් තම න්‍යාය තුළින් ක්‍රමෝපායෙහි දක්ෂයා අනුවර්තනය වන බවත් අදක්ෂයා නැසී යන බවත් එය ඉතා සාදාරණ එකක් බවත් සඳහන් කරෙන්නේය. චාර්ල්ස් ඩාවින් විසින් පරිණාමවාදය යයි නම් කරමින් විද්‍යාව තුළට ගෙන එන්නෙත් නිකොලොයි මැකියාවෙලී විසින් පාලකයාට නරි වෙස් ගැනීමටත් සිංහ වෙස් ගැනීමටත් කියා දෙමින් එය දේශපාලන විද්‍යාව තුළට ගෙන එන්නෙත් එහිම වෙනත් හැඩයන්ය. සිහිනය සහ යථාර්තය අතර සිර වී සිටින සෝමවංශ අමරසිංහ මහතාද ඔහුගේ කණඩායමට විරෝධය පල කළද ඒ අකාරයෙන්ම සිහිනය සහා යතාර්ථය අතර සිර වී සිටින අනෙක් කැරලිකාර කණ්ඩායමද මුහුණ දී සිටින ඇත්ත වන්නේ එයයි. සෝමවංශ පිල විසින් ඇපත් නැති වී ඇති ජවිපෙ ධාවනය කළහැකි මාවත සොයන අතර ඇත්ත වම තමන් සතු බව කියමින් සහ ඊට අවශ්‍ය ඥානය සේම සම්පත් තමන් සතු බව කියන අනෙක් කණ්ඩායමද අඳුරේ අතපත ගාමින් මුහුණ දී සිටින පොදු අභියෝගය වන්නේ මෙයයි.

මෙරට දේශපාලන පක්ෂ වලින් තරුණ පිරිස් වසඟයට ගත් නමුත් කිසිඳු සාදාරණයක් ඔවුහු වෙත සිදු කිරීමට නොහැකි වූ පක්ෂය වන ජවිපෙ සිදු කළ බලගතුම විනාශය වූයේ මෙරට නීතියේ ආධිපත්‍යක් සේම නව දේශපාලන සස්කෘතියක් ඇති කිරීම වෙනුවෙන් උරදීමට සිටි පිරිස ඝාතනය කිරීමට වක්‍රාකාරයෙන් මෙන්ම ඍජුව මැදිහත් වීමයි. එනම් අසාර්ථක වනබව දැන දැනම විපලවයක් කිරීමට යන්ත දැරීමයි. මෙය සමාන වන්නේ ජපානය ඉලක්ක කර ගනිමින් ඇමෙරිකානුවන් පරමාණු බෝම්බ හෙලන බව ආරංචි වූ එක් විප්ලවාදියෙක් ගල්කටස් තුවක්කුවක් රැගෙන ඉහළ ආකාශයේ සිට පතිත වන පරමාණු බෝම්බ වලට වෙඩි තැබීමටය. ලංකාවේ විප්ලවවාදීන් සෑම විටම සිදු කරනු ලැබුවේ පය බරවායට පිටිකර බෙහෙත් බැඳීමේ දේශපාලනයකි. අද වන විටත් ලංකාවේ සමාජයට සුව කිරීමට නොහැකි ප්‍රධාන රෝග දෙක වන නීතියේ ආධිපත්‍ය කුඩ්ඩන් සහ ඔවුන්ට අත දෙන්නන් විසින් විනාශ කිරීම සහ දුෂණය සමාජය තුළ ඉහ වහා ගිය යථාර්ථයක් වීම සුව කිරීම සඳහා කිසිම විප්ලවවාදියෙක් ඉදිරියට පැමිණියේ නැත. 70 දශකයේ සිට 90 දශකය දක්වා වූ වසර විස්සක කාලය වූ කලී ලොව සෑම දෙසම දියුණු වීමට අපේක්ෂා කළ ජාතීන් වල නිතීය, දුෂණයට එරෙහි වීම, ක්‍රියාකාරී පොලිස් සේවයක් ඇති කිරීම, යුක්තිය පසිඳලන කොන්ද පණ ඇති කාටත් සාදරණය ඉටු කරන අධිකරණ පද්ධතියක් ඇති කිරීම, ආදී රටක පැවැත්ම රඳා පවතින මුලිකාංගයන් නිවැරදිව ක්‍රියාත්මක කරන ආකාරය ගැන පරීක්ෂණ පැවැත් වූ කාලවකවානුව විය. සැබවින්ම ඒ නිසා සැබෑ විපලවාදින් රැසකට තම ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදු විය. නමුත් තමන්ගේ නායකයා ගැනවත් නිවැරදි තකසේරුවක් නැති ජවිපෙ සමාජයට කළ අත්වැරැද්ද ගැන කිසිඳු තැකීමක් නොකරනවා පමණක් නොව සෝමවංශ අද වන විටත් තමන්ගේ වුර්තීමය විප්ලවාදීත්වය ඒ දෙසට නැඹුරු කර ගෙන නැත. ඒ වෙනුවට මාක්ස්ගේ පින්තූරය යලි ලබා ගැනීමට සහ කණ්ඩායමට තම පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව දඬුවම් ලබා දීමට මානබලමින් සිටින්නේය. තේරෙන බාසාවෙන් කිවහොත් අංචි අල්ලමින් සිටින කට්ටඩියෙකුගේ භූමිකාව රඟපාමින් සිටින්නේය.

කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණ තුළ හටගත් තවත් එක් බෙදීමක් ලෙස පමණක් මෙය තේරුම් ගත නොහැකිය. මෙවර බෙදීම එම පක්ෂයේ ප්‍රචාරක ලේඛම් වරයා වශයෙන් සිටි විමල් වීරවංශ පක්ෂයෙන් නෙරපා හැරීම නිසා සිදු කළ මට්ටමේ එකක් නොවේ. වීරවංශ තම පක්ෂයේ රැඳී සිටීමට හැකි උපරිම උත්සාහය ගත්තේය. පාර්ලිමේන්තුවේදී පමණක් නොව ප්‍රසිද්දියේ හැඬුවේය. එහෙත් පක්ෂය ඊට අකමැති වූ නිසා මෙන්ම දේශපාලන අනාතයින් වී සිටි සිංහල ජාතිවාදීන් කොටසක් ඔහුට සමීප වීමෙන් ඔහුගේ රතු දේශපාලනය හින්දු බමුණු අන්තවාදයක් වෙතට තල්ලු කළේය. භෞතික සම්පත් එකතු කිරීම සඳහා විමල්ගේ මාක්ස්වාදී හැව හැරීම මහඟු පිටුවහලක් වූ නමුත් ඔහු ඔහුගේම දේශපාලන හරයන් තුළ අසරණයකු විය. එකී අසරණයා ආණ්ඩුවේ වුවමනාවට එනම් ආරක්ෂක ලේඛම් ගෝඨාබය රාජපක්ෂගේ උවමනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයට එරෙහිව පෙර පාසල් යන ළමයෙකුවත් නොකරන මට්ටමේ මෝඩ කටයුත්තක මාරාන්තික උපවාසයක් යැයි කියමින් යම් නාටකයක නිරත වූයේ එහි එක් උච්චතම අවස්තාවක් ලෙස. මෙය පැරණි මාක්ස්වාදී උණ වැළඳුන රෝගියෙකු වන වීරවංශ නේරංජනා ගඟ අසබඩට ගොස් තමන්ගේ කොණ්ඩය සහ රැවුල මුඩු ගා එහි දෙපැත්තේ ඇති මිනිසුන්ගේ මළපහ වල දුර්ගන්ධය සුවඳක් ලෙස ගනිමින් එහා ඉවුරේ සිටින බමුණෙකු දැක තමන් බුදුන් දැක්කා යැයි ප්‍රකාශ කිරීම හා සමානය. අවසානයේදී මොවුහු සියල්ලම රාජපකිස්තානය වෙනුවෙන් සහය වී කහවනු ලද්දෝ වෙති. ඉන් ඉවත් වුවහොත් තමන් ගත් කහවනු සියල්ලම මෙන්ම ඊටත් වඩා වැඩි වන්දියක් රාජපක්ෂට ගෙවීමට සිදු වන බව අනිවාර්යෙන්ම දන්නෝය. පිටත සහ ඇතුලත අතර ඇති ප්‍රභලම නොගැලපීම වන්නේ මෙයයි.

මෙහිදී අදාළ අර්බුදය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ අදහස් අතුරින් වික්ටර් අයිවන් ඉදිරිපත් කළ අඩක් නිවැරදි අදහස ගැන අදහස් දැක්වීම සුදුසු යැයි සිතෙන්නේ ඒ ගැන ලියු අනෙක් අයට සාපේක්ෂව මෙහි අඩක් හෝ ඇත්ත ලිය වී තිබීම නිසාය. ඔහු ලියන මිත්‍යාව/ බොරුව මෙහිදී දැක්වීම වැදගත් වේ. ඔහුට අනුව, " ගාන්ධිගේ ඉන්දියානු නිදහස් ව්‍යාපාරයට ඉන්දියාවේ අතීතය ගැන සේම ඉන්දියාව කෙරෙහි පැවති බි‍්‍රතාන්‍ය ආධිපත්‍යය ගැනත් අපේක්ෂා කරන නිදහස පිළිබඳවත් තියුණු න්‍යායික විශ්ලේෂණයක් තිබුණි. ශක්තිමත් ඉදිරි දර්ශනයක් ඇති කරගැනීමට කොංග‍්‍රසය සමත්ව තිබුණේ එම න්‍යායික විශ්ලේෂණයන් නිසාය. ගාන්ධි නිදහස ලෙස දැක්කේ බි‍්‍රතාන්‍ය ආධිපත්‍යයෙන් ලබන නිදහස පමණක් නොවේ. බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදයෙන් ලැබී තිබුණු ජාතික රාජ්‍යය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩු ක‍්‍රමය ආරක්ෂා කරගැනීමේ වැදගත්කම දුටු ඔහු එසේ කිරීමට නම් බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදී ආධිපත්‍යයෙන් නිදහස දිනාගැනීම සඳහා කරන අරගලය තුළ කුල භේදයට තිබුණු පිළිගැන්ම නැති කොට ආගමික හා වාර්ගික බෙදීම් තුනී කොට එක්සත් ඉන්දියානු ජාතියක් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් ඇතිකර ගැනීම අත්‍යවශ්‍ය බව තේරුම් ගනිමින් එම තුන් ඈඳුතු අරමුණ එක අරගලයක් තුළ සම්පූර්ණ කරගැනීමට වෙර දැරීය," මෙය වික්ටර් අයිවන් ගාන්ධි දර්ශනය ගාන්ධිගේ වෙස්මුහුණ දමාගෙන ඒ පිළිබඳව කියවා ඇති සීමාවේ ප්‍රමාණයයි. එසේම වික්ටර් ඇතුළු බොහොමයක් විචාරකයින් ලාංකීය දේශාපාලනය හමුවේ හෙලන කාලතුවක්කු ප්‍රහාරය හෙවත් ෂෙල් වෙඩිල්ල වන්නේ මෙයයි. එනම් පිටින් භාගයක් ගෙන ඊට වන්දනාමාන කරමින් තම සමාජයට එය එන්නත් කිරීමට උත්සහ කිරීම නොහොත් නොදන්නා බව නොපෙන්වීම සඳහා සළුවකින් හෙළුව වසා ගැනීම වේ. මෙවැනිම විචාරයක් ඔහු අන්නා හසාරේ පිළිබඳවද සිදු කළේය.

ගාන්ධි යම් කිසි කටයුත්තක් කළ බව සත්‍ය නමුත් ජවහල්ලාර් නේරුට සාපේක්ෂව ගාන්ධි සිටියේ හින්දු අන්තවාදී බමුණන් පැත්තේය. එසේම ඔහු ආගමික, වාර්ගික බෙදීම් තුනී කරමින් කුල බේදය නැති කළා යැයි කීම පට්ටපල් බොරුවකි. වික්ටර් බොරු ලියන්නේද නැතහොත් ගාන්ධි ලියා ඇති පොත් එලෙසම ගිල දමමින් ඔහු වමාරමින් සිටින්නේද කියා නොදන්න්නා නමුත්, ගාන්ධි කුලබේදය වැනි සමාජ ධූරවලීයේ බෙදීම් තව දුරටත් පවත්වා ගැනීමට දායක වූ අයෙක් මිස සිතන තරම් සුන්දර අහිංසාවාදයක් ඔහුට තිබුණේ නැත. එය ඉන්දීය ව්‍යවස්ථාවේ නිර්මාතෘ වන බි. ආර්. අම්බෙඩ්කාර්ගේ දේශපාලනයට කළ කෙනහිලි කම් වලින්ම පැහැදිලිය. අම්බෙඩ්කාර් වූ කලී දලිත් කුලයට දාව උපන් ශ්‍රේෂ්ඨ මෙන්ම බෞද්ධ දර්ශනය මැනවින් ප්‍රගුණ කළ දාර්ශනිකයෙකි. නමුත් ගාන්ධි පිළිකුල් සහගත නොවන අකාරයෙන් වුණත් වඩාත් උපක්‍රමශීලීව කුලබේදය පවත්වාගැනීමට දායක විය. ගාන්ධි න්‍යාය ජවිපෙ අර්බුදය විසඳීම සඳහා ගෙන ඒම සමාන කළ හැක්කේ මීට පෙර ලෝකයේ සිටි දරුණුතම ත්‍රස්තවාදී සංවිධානය මෙල්ල කළ නායකයාගේ අභිමුව සපත්තු ලෙවකමින් එම නායකයා සියල්ලටම පයින් ගසමින් 18 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන එමෙන් පසු වෙනත් පැත්තකට පිම්ම ගසා උඩුගුවෙකුගේ රංගනයක් වික්ටර්ට රඟපෑමට සිදු වීමටය. මෙය විහිළුවකි.

පිළිගත් මුලිකාංග වලින් සමස්ත රටේ විහුහය වෙනතකට තල්ලු කොට එය ඉතා සුළු පිරිසක් විසින් මෙහෙයවන තත්වයට තල්ලු වී තිබේ. සහයෝගීතාවය සහ එකඟතාවය වෙනුවට අභිමතය නීතිය බවට පත් වී තිබේ. මේ තත්වය තුළ තව දුරටත් අපේක්ෂා කළ හැක්කේ සමාජයේ සිදුවන බෙදීම් මිස එකමුතු කම් නොවේ. මානවයාට බහුතර ජනතාවගේ සාදාරන කැමැත්ත මත සම්මත කරගත් නීතයක් අවශ්‍ය වූයේ එය තනි පුද්ගලයෙකුට හෝ කුඩා කණ්ඩායමකට කිරීමට නොහැකි බව උදාහරන හෙවත් නීරස අද්දැකීම් සමග තේරුම් ගැනීමෙන් පසුවය.
සැබවින්ම ජනතා විමුක්ති පෙරමුණ වූ කලී මෙරට බිහි වූ දේශපාලන ව්‍යාපාර අතරින් සිංහල බහුතරයක් වන ජනතාව විනාශ මුඛයට ඇදගෙන ගිය සංවිධානයකි, යනුවෙන් එම පක්ෂයේ සිට පසුව ඉන් ඉවත් වූ අයවුලුන් කියන මතයද කිසිවෙකුටත් බැහැර කළ නොහැකිය. එය උතුරේ එල්. ටී. ටී. ඊ. සංවිධානය දෙමළ ජනතාවට සිදු කළ අසාධාරණයට වැඩි යමක් සිංහල ජනතාවට සිදු කළේය. මෙහිදී කොටි සංවිධානයට යම් කිසි මට්ටමේ සාර්ථක ක්‍රමෝපායක් තිබුණු අතර එය ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සංවිධානයක් වුවා පමණක් නොව වත්මන් ශ්‍රී ලංකා ආණ්ඩුවට බලපෑම් කළ හැකි මට්ටමේ ඩයස්පෝරාවක් ( එක් එක් ජාතීනට අයත් ජනතාව තමන්ට අයිති රටෙන් පරිභාහිරව විසීමෙන් තනා ගන්නා ප්‍රජාව ඩයස්පෝරාව හෙවත් විසිරුණු ජනතාව ලෙස හැඳින් වේ. ඒ අනුව ලක්ෂ නවයකට ආසන්න ජනතාවක් නියෝජනය කරන ප්‍රභල දෙමළ ඩයස්පෝරාවක් අපට ඇත.) නිර්මාණය කිරීමට සමත් විය. කොටි සංවිධානය සහමුලින්ම යුධමය වශයෙන් අතුගා දැමීමෙන් පසු වසර දෙකකට වඩා ගෙවී ඇතත් දැනටත් දෙමළ ඩයස්පෝරාව ප්‍රබලය. නමුත් ජනතා විමුක්ති පෙරමුණ ගෙන බැලුව හොත් ඔවුන්ට සතුටු විය හැකි කිසිවක් නැතිවා පමණක් නොව ඇත්තේ කනස්සල්ල පමණි. ඊට රාජපක්ෂ විසින්ද තව දුරටත් දේශීය සහ ජාත්‍යන්තර දේශපාලනය තුළ වැදගැම්මකට නැති තත්වයක් ලබා දෙමින් සිටින්නේය. මන්ද ජනතා විමුක්ති පෙරමුණට හිතවාදී චීනය මෙන්ම ඔවුහු පසුව කුළුපඟ වීමට ගිය රුසියාවද ඔහුන්ගේ ග්‍රහණයෙන් ගලවාගෙන තමන්ගේ සාක්කුවේ දමා ගැනීමට රාජපක්ෂ සමත් වී ඇත. චීනය පුද්ගලික මට්ටමෙන් රාජපක්ෂ සමඟ ගනුදෙනු කිරීමට පටන් ගෙන ඇති අතර තමනට රිසි පරිදි වියදම් කිරීම සඳහා මුදල්ද චීනයෙන් ලබා දී ඇත. සැබවින්ම රුසියාවට යෑමට අවශ්‍ය වීසා ලබා දුන්නේ නම් රෝහණ විජේවීර තබා ජවිපෙ නමින් පක්ෂයක්වත් මෙරට නැති වීමට ඉඩ තිබුණි. ශන්මුගදාසන්ගේ බලපෑම ඔස්සේ චීනයේ සහය මත ( චීනයෙන් ප්‍රභල මට්ටමේ සහයක් ජවිපෙට තිබුණේද නැතහොත් එය බොරු රඟපෑමක්ද යන්න විවාද සම්පන්න කාරණයකි. ) ජවිපෙ නිර්මාණය කිරීමට රෝහණ විජේවීර දායක වුවද එහි විදෙස් ප්‍රතිපත්තිය සහ එක් එක් රටවල් සමඟ සම්බන්ධතා ගොඩනගා ගත් ආකාරය ප්‍රභල නැත. මේ නිසා බලපෑම් කළ හැකි මට්ටමේ ජාත්‍යන්තර ප්‍රජාවක් තමන් සතුව නැතුවා පමණක් නොව දේශීය වශයෙන් සිවිල් ප්‍රජාවක් ඇති කිරීමටද ජවිපෙට නොහැකි විය.

එසේම ජවිපෙ මෙරට අධ්‍යාපනය වෙනුවෙන් හිටපු අගමැති බණ්ඩාරනායක සිදු කළ මට්ටමේම විනාශයක් සිදු කළ පක්ෂයකි. එය දැනටත් සිදු කරමින් සිටින්නේ එයයි. 71 කැරැල්ලේදී ඔවුන්ගේ එක් සටන් පාඨයක් වූයේ " පළමුව මව්බිම දෙවනුව අධ්‍යාපනය", යන්නයි. මෙය වාමාංශික ව්‍යාපාරයක් විසින් ලෝක ඉතිහාසයේ කරනු ලැබූ ඔලමොට්ටල සහ මහා භයානකම ප්‍රකාශ අතරින් එකකි. එසේම එය ඒ අකාරයෙන් මහා භයානක ප්‍රතිඵල අත්කර දුන්නේය. කියුබානු විප්ලවය සිදු වෙමින් පවතින අවස්තාවකදී චේ ගෙවාරා ඉදිරිපත් කළ අදහසක් මෙහිදී මතක් කිරීම වැදගත් වේ, ඒ වූ කලී, වරක් චේ ගෙවාරාට මුදල් එවූ එක් සිසුවෙකු තමන් මෙම පරිත්‍යාගය ලබා දීමට කැමති බවත් සටන්කාමියෙකු ලෙස එකතු වීමට කැමති බවත් සඳහන් කෙළේය. අදාළ මුදල් ආපසු ඔහුටම යවමින් චේ සටහන් කරනු ලැබුවේ, "  ඔබේ වයසේදී ඔබ සිදු කළ යුත්තේ ඉගෙන ගැනීමයි. එය අපගේ විප්ලවයට දායක විය හැකි වඩාත් වැදගත්ම වගකීමයි," ලෙසය. එසේම චේ ළමා සොල්දාදුවන් බඳවා ගැනීමද දැඩිව ප්‍රතික්‍ෂේප කළේය. සැබවින්ම තමන් වාමාංශිකයින් ලෙස පෙනී සිටින ලංකාවේ වුර්තීමය සහ වුර්තීමය නොවන විප්ලවවාදීන්ට වඩාත් වැදගත් වන්නේ ප්‍රථමික, ද්විතීයික මෙනම් තෘතීයික මට්ටමේ මූලධර්මයන් සහ විනයෙන් හෙබි සාරධර්ම මත පිහිටා කටයුතු කිරීම මිස කොමුනිස්ට් ප්‍රකාශනය හෝ දාස් කැපිටාල් අකුරෙන් අකුර කට පාඩම් කොට ඒ ඔස්සේ තම සිහින දැක එය එකම සිහිනය ලෙස ගෙන ඒ වෙනුවෙන් සටන් කිරීම නොවේ. ලංකාවේ වුර්තීමය මෙන්ම වුර්තීමය නොවන විප්ලවාදීන්ගේ ගැටලුව වන්නේ තමන් මතුපිටට පෙන්වන සිහින ලෝකය එලෙසම ජනතාවට එන්නත් කරවමින් තමන් වෙනත් ලෝකයක ජීවත් වීමය. සෝමවංශ නැවත මෙරටට එන විට තම හුරු අතින් ධනවාදය රැගෙන පැමිණියේ යැයි මීට ඉහතදී සඳහන් කළේ එයයි.

මෙහිදී උරුගුවේ සති අන්ත ප්‍රකාශනයක් වන මාර්ච පුවත්පතේ කතුවරයා වන කර්ලොස් කියුජානෝ වෙත චේ ගෙවාරා විසින් යැවූ ලිපිය " ෆ්‍රොම් ඇල්ජීරියා , ෆොර් මර්ච, ද කියුබන් රිවොලුෂන් ටුඩේ" නමැති ශීර්ෂය යටතේ 1965 මාර්තු 12 වැනිදින ප්‍රසිද්ධ කරනු ලැබූ ලිපියේ කොටසක් උපුටා දැක්වීම කාලෝචිත යැයි සිතේ, චේ එහීදී මෙලෙස සඳහන් කළේය, " අපි සමාජවාදීන් නිසා අපි නිදහස්. අපි තව තවත් සම්පූර්ණයි මන්ද අපි නිදහස් නිසා. සම්පූර්ණ නිදහසක් උදෙසා වූ ඇටසැකිල්ල මේ වන විටත් තනා අවසන්. ඊට අවශ්‍ය මාංශ සහ ඇඳුම් පමණක් සම්පූරණ විය යුතුයි. එයත් අපි නිර්මාණය කරාවි. අපේ නිදහසට සහ එහි දෛනික පැවැත්මට රුධිරයෙන් පවා කැපකිරීම් කරන්නෙමු. අපේ කැපකිරීම් සවිඥානක එකක් වන අතර නිදහස නමැති ගොඩනැගිල්ලට ගෙවූ කැපකිරීමේ කොටසක් වන්නේ එයයි. මාවත බොහෝ දුරය, එහි කොටසක් නොදන්නේය. අපි අපේ සීමාව හදුනා ගෙන ඇත්තෙමු. අපි අපිවම 21 වැනි සියවසට උචිත මිනිසුන් නිර්මාණය කරන්නෙමු. අපි අපේ දිනපතා කටයුතු වලින් නව තාක්ෂණය සමඟ මුසු වූ මිනිසුන් සේම සත්‍රීන් නිර්මාණය කිරීමට දායක වන්නෙමු."

එසේම චේ ගෙවාරා, " අපේක්ෂාවන් සහ අභිලාෂයන් ජය ගැනීමට ආත්මීය වශයෙන් අපේ මාවත සකස් කරගැනීම සදහා එකිනෙකා තනි තනිව විශාල කාර්ය භාර්යක් සිදු කළේය. පක්ෂයේ මාවත නිර්මාණය කිරීමට දායක වන බලඇණිය එහි සිටින හොඳම කොටස වේ," යැයි සඳහන් කළේය. ජවිපෙ මුහුණ දී සිටින ප්‍රබල බෙදීමේ ඇති ගැඹුර තේරුම් ගැනීමට මෙයම ප්‍රමාණවත් වේ.

අදාළ අර්බුදය සම්බන්දයෙන් මාගේ මෙම කෙටි විමසුම අවසන් කිරීම සඳහා ජෝශප් ස්ටාලින් ගේ සමයේදී සෝවියට් සංගමයේ ජිවත් වූ ජනතාව මුහුණ දුන් අතිශය දරුණු තත්වය ගැන ඇලෙක්සැන්ඩර් අයි. සොල්සේනිට්සින් ලියු " ද ගුලක් ආචිපෙලගෝ" කෘතියෙහි එකළ පැවති සමාජ තත්වය විස්තර කරන ආකාරය උපුටා දැක්වීම සිදු යැයි සිතේ. ඔහු සඳහන් කරන ආකාරයට, " ඒ මහා අපායන් වගේ තිබුණු කඳවුරු වල අල්ලාගෙන ආව උන් පිලිස්සු හැටි සිතනවිට, සෝවියට් මෙහයුම් වල කටුක ඇත්ත වැටහේ. අත් අඩංගුවට පත්වන අයෙකු නැවත තම නිවසට පැමිණීම කිසිවෙකුට විශ්වාස කිරීමට නොහැකි නිසා ඔහු එම අවස්ථාවේදීම තම පවුලට "ආයුබෝවන්" කියා යුතුව තිබුණි. විශේෂයෙන්ම ලේනින්ග්රෑන්ඩ් වැනි ප්‍රදේශ වල එනම් මුළු නගරයෙන් හතරෙන් එකක් අත්අඩංගුවට ගනිමින් සිදු කළ මහා පරිමාණ අත්අඩංගුවට ගැනීම් වලින් පසුව දුසිම් ගණන් මිනිසුන්, ඔවුන්ගේම අතේ තිබුණ කුමන හෝ ආයුධයකින් මරා දමනු ලැබුවේ දැයි සිතේ. සැබවින්ම නිලධාරීන් ප්‍රමාණය සහ ප්‍රවාහන පහසුකම් වල තිබු දුෂ්කර තත්වය නිසා මේ ශාපය අඩුවීමට ඉඩ තිබුනත් ඒ සියල්ලටම සරිලන ලෙස ස්ටාන්ගේ ලේ පිපාසය තිබුණි. අපි..නිදහසට සැබෑ ලෙස ආදරය කළේ නැත්නම් අපට අප වට සිදුවන සත්‍ය තත්වය පිලිබඳව සහ ඉන් පසුව ඇති වන දෑ ගැන තැකීමක් ඇතිවන්නේ නැත." ( උපුටා ගැනීම - ද ගුලක් ආචිපෙලගෝ)

සැබවින්ම ලංකාවේ සිදුවන්නේ ඒ හා සමාන තත්වයකි. පිළිගත් මුලිකාංග වලින් සමස්ත රටේ විහුහය වෙනතකට තල්ලු කොට එය ඉතා සුළු පිරිසක් විසින් මෙහෙයවන තත්වයට තල්ලු වී තිබේ. සහයෝගීතාවය සහ එකඟතාවය වෙනුවට අභිමතය නීතිය බවට පත් වී තිබේ. මේ තත්වය තුළ තව දුරටත් අපේක්ෂා කළ හැක්කේ සමාජයේ සිදුවන බෙදීම් මිස එකමුතු කම් නොවේ. මානවයාට බහුතර ජනතාවගේ සාදාරන කැමැත්ත මත සම්මත කරගත් නීතයක් අවශ්‍ය වූයේ එය තනි පුද්ගලයෙකුට හෝ කුඩා කණ්ඩායමකට කිරීමට නොහැකි බව උදාහරන හෙවත් නීරස අද්දැකීම් සමග තේරුම් ගැනීමෙන් පසුවය. නමුත් ලංකාව යලිත් ශිෂ්ටාචාරයේ මුල් අවධියට ගමන් කරමින් නුතන ලෝකයෙන් හුදෙකලා වී ගොඩ ඒමට යන්ත දැරීම තුළ ඇත්තේ ඉතා සුළු පිරිසකගේ දිගු කාලින පැවැත්ම තහවුරු කර ගැනීම මිස රටේ පවතින සැබෑ ගැටලූ විසඳීම නොවේ. නමුත් අප වටා නිර්මානය කර ඇති සිහිනය විසින් මෙම කටුක ඇත්ත තේරුම් ගැනීමට ඇති ඉඩ අහුරුවා ඇති අතර ඒ වෙනුවට පාලකයාගේ විෂයන් බවට සමස්ථ සමාජය පත්වී සිටිති. ජවිපෙ තේරුම් ගත යුතු සැබෑ යථාර්තය සහ ඒ වෙනුවෙන් කළ යුතු වඩාත් බුද්ධිගෝචර වැඩපිළිවෙල සැබෑ වමක් සෙවීමද එසේ නොවේනම් බිඳ වැටී ඇති නිතීයේ අධිපතය යලි ඇතිකිරීම වෙනුවන් පෙනී සිටීමද යන්න තීරණය කිරීම සමස්ත රටටම වැදගත් වේ. එය පක්ෂයක් හැටියටද ජනතාවක් හැටියට ලංකා ඉතිහාසය තුළ ලබන සැබෑ ප්‍රගමනයකි.

Tell a Friend

"අම්මගෙන් බීපු කිරි පනින්න දෙන්නම්" - පානදුර දකුණ පොලිසිය.


හර්ෂි සි. පෙරේරා

ඔහු පානදුර කිරිබෙරියේ පදිංචි දම්මික අසංක සිල්වාය. වයස අවුරුදු 25 කි. අවිවාහකයෙකි. කම්කරුවෙකු ලෙස වැඩ කරයි.

2011.06.23 වන දින ඔහු සම්පත් නමැති මිතුරාගේ ගෙදර සිටියදී පානදුර දකුණ පොලිසියෙන් පැමිණි සිවිල් ඇදුමින් සැරසුණු පොලිස්කාරයින් දෙදෙනෙකු විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ ඔහුව වැඩ කරන තැන බලන්නට එක්ක ගෙන යන බවයි.

ඔවුන් දම්මිකව ටික දුරක් එක්ක ගොස් පැනලා යයි කියා අත් වලට මාංචු දමා ඇත. පසුව පොලිසියේ අපරාද අංශයට ගෙන ගොස් ගෙවල් කියක් බින්දදයි ඔහුගෙන් ප්‍රශ්න කර ඇත. දම්මික තම නිර්දොශිබාවය ගැන කියද්දී සරත් නමැති පොලිස්කාරයා උබ කියන දේවල් අහන්න අපි කවුද අපි පොඩි එවුන්ද අම්මගෙන් බීපු කිරි පනින්න දෙන්නම් කියා පාරවල් 06 ක් 07 ක් ගසා ඇත.

ඉන්පසුව දම්මිකගේ එක මාන්චුවක් ගලවා මේසයක කකුලට දමා ඇත. ඉන්පසුව ඔහුගේ මිතුරා වන සම්පත්වද පොලිසියට ගෙනවිත් ඇත. 2011.06.24 දින පාන්දර 5 ට පමණ දම්මිකව කුඩුවට දමා තිබේ. දම්මිකව බැලීමට ඔහුගේ මාමාට සහ නැන්දට ඉඩ දී ඇත.

2011.06.26 දින නැවතත් දම්මිකව අපරාද අංශයට රැගෙන ගොස් තිබේ. අමිත් නමැති පොලිස්කාරයා ප්‍රියන්ත නමැති පොලිස්කාරයට කැන්ටිමට ගිහින් කොච්චි කොටා ගෙන එන්නයි කියා තිබේ. ඉන්පසුව දම්මිකව ඇදන් සහිත කාමරයකට ගෙන ගොස් ඇත. එහිදී ඔහුට ඇදුම් ගලවන ලෙස කීවත් එය ප්‍රතික්ෂේප කිරීම නිසා පොල්ලකින් පහරදී බලෙන් ඇදුම ගලවා තිබේ.

පසුව දම්මිකට බිම වාඩිවන ලෙස අණ කොට අත් දණහිස් වලට තබා රෙදි පටියකින් ගැට ගසන ලදී. පසුව පොල්ලක් අත් සහ කකුල් යටින් යවා පොල්ල මේස දෙකක් උඩ තබා තිබේ. එවිට දම්මිකගේ ඔලුව පහලට තිබුන අතර ඔහුට හුස්ම ගැනීමේ අපහසුතාවක් පැවතිනි. එවිට අමිත් නමැති පොලිස්කාරයා ඔහුගේ බෙල්ලෙන් අල්ලා ගෙන ඇස් වලට කොච්චි ඉස්ම වත් කර තිබේ. ප්‍රියන්ත නමැති පොලිස්කාරයා ඔහුගේ යටි පතුල් වලට පොල්ලකින් පහර දෙමින් ගෙවල් වලින් හොරකම් කිරීම් ගැන ප්‍රශ්න කර ඇත.

මේ ආකාරයට දම්මිකව විනාඩි 45 ක් පමණ එල්ලා තැබීමෙන් අනතුරුව බිමට ගෙන ෂවර් එකකින් නා ගැනීමට ඉඩ දී ඇත. පසුව විකට් පොලු වලින් පහර දෙමින් බලෙන් කුඩු පොවා ඇත.

පසුව පොලිසිය ඔහුව මාලමුල්ල සහ කිරිබෙරිය ගෙවල් කීපයකට ගෙන ගොස් ඔහුද හොරකම් කලේ යයි අසා ඇතිමුත් නැති එම ගෙවල් වල අය නැහැයි කීම නිසා නැවතත් පොලිසියට ගෙනවිත් තිබේ.

2011.06.28 දින උදේ දම්මිකව උසාවි දමා ඇත. ඔහු තමාට පොලිසිය පහරදුන් බව අදිකරණයට ප්‍රකාශ කර පොලිසියේ බොරු නඩුවට නිවරදිකරුයි කියා ඇත. නමුත් ඔහුව රක්ෂිත බන්දනාගාර ගත කරන ලදී. 2011.09.29 දින ඇප මත දම්මිකව මුදා හැර තිබේ.

පොලිස් පහරදීම නිසා දම්මිකගේ ඇස් වලින් කදුළු ගැලීම තවම පවතින අතර ඔහුට ආලෝකය බැලීමද අපහසුය. ඔහු තමා හිසේ කැක්කුමෙන් පෙලෙන බවද කියා සිටි.


Tell a Friend

නඩුවක හා නාඩගමක ඇති වෙනස

| නිතිඥ බැසිල් ප්‍රනාන්දු

නඩුවක් යනු නීති කෘත්‍යයකි. ගැටලුවකට මුහුණදී ඇති කිසියම් සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ශවකරුවනට යුක්තිය ඉටුවිය යුත්තේ කෙසේද යන ප්‍රශ්නය නිරාකරණය කරගැනීමේ සම්මත ක්‍රමය ලෙස පිළිගැනීමට ලක්වි තිබෙන්නේ ඩු ඇසිම පිළිබඳ සංකල්පයයි. එය සමහර විට අපරාධ ක්‍ෂේත්‍රයේ සිදුවුනා යැයි කියන සිද්ධියක් ගැන විය හැකිය. උදාහරණයක් වශයෙන් මිනිමැරිමක්, සොරකම් කිරීමක්, නිතිවිරෝධී ආයුධ ළඟ තබාගැනීමක් හෝ නිතවිරෝධි මත්ද්‍රව්‍ය පිළිබඳව සිදුවිමක් විය හැකිය. මෙහිදි ඇත්තටම සිදුවුනු සිදුවිම කුමක්ද? එම සිදුවිම සම්බන්ධයෙන් වගකිම දරන්නේ කවුද? යන ප්‍රශ්න රටේ ඇති නීතිය අනුවත්, නිතිය විසඳාලීමට ඇති නෛතික කාර්ය පට්පාටිය අනුවත්, විසදිම නඩුවකදි සිදුවිය යුතු ක්‍රියා කලාපයයි.

අපරාධ පරික‍ෂණය නැසිලෙස නිමවිමත් සමගම "කොමන් ලෝ" (Common Law) යනුවෙන් හැඳින්වෙන ලංකාවේ දැනට පවතින නිති ක්‍රමයට අනුව ඊළඟ වගකිම පැවරෙන්නේ නිතිපතිවරයාටය. නිතිපතිවරයාගේ දෙපාර්තමේන්තුවේ නිසි අධ්‍යාපනික සුදුකම් ඇති නියෝජිතයෙකු විසින් මෙම වාර්තාව පිළිබඳව විශ්ලේෂණයක් කරණු ලබයි.
නාඩගමක් යනු ප්‍රබන්ධයකි. නිර්මාණකරුවෙකු හෝ කරුවන් විසින් යම් මනඃකල්පියතයක් නිර්මාණය කරයි. එහි අඩංගුවන සිද්ධින් ප්‍රබන්ධයන් බව සියලු දෙනාම දනී. නිර්මාණකරුවාට තමා කැමති ආකාරයකින් එම සිද්ධිය ඉදිරිපත් කිරිමේ නිදහස ඇත. සිද්ධියේ ඇත්ත නැත්ත පිලිබඳ ප්‍රශ්නය ප්‍රබන්දකතාවක් තුළ මතු නොවේ. ප්‍රබන්ධකරු කලාවට ආරූඩ රීතිනට හැර අන් කිසිවකට යටත් නොවේ. නාඩගමේ අවසාන අරමුණ ප්‍රේක්ෂකයාගේ වින්දනය පමණකි.

යම් අවස්ථාවකදී අධිකරණයක් ඉදිරියේ ඇති හෝ අධිකරණයක් ඉදිරියට යෑමට සූදානම්ව පවතින නිති කෘතියක් සම්බන්ධයෙන් ජනමතය තුළ මේක නිකම්ම නාඩගමක් යැයි යන මතයක් ඇතිවුව හොත් එයින් කියවෙන්නේ, යුක්තිය පසිඳලීමේ බැරෑරුම් කර්තව්‍යයෙන් බැහැරව කිසියම් ප්‍රබන්ධ කථාවක් නිර්මාණය කෙරි පවතින බවත්, එය යුක්තිය පසිඳලීමට නොව යුක්තිය වසන් කිරිම සඳහා සිදුවෙමින් පවතින ක්‍රියාදාමයක් බවය. ඇත්තෙන්ම සිදුවු දෙය නොව සිදු නොවු දෙයක් සත්‍ය ලෙස හුවා දක්වන ප්‍රබන්ධ කථාවක් බවට නිති කෘත්‍යය හැරෙන්නට පටන්ගෙන තිඛෙන බව පිළිබඳව මහජන අවබෝධය එවැනි කියවිමක් තුළින් ප්‍රකාශයට පත්වේ.

නඩු ඇසීම

නඩු ඇසිම සමාජයේ බැරෑරුම් කර්තව්‍යයක් බවට පත්විමට පටන්ගත් දිනයේ සිටම පැවති ඇති ප්‍රශ්නයක් නම්, මෙවැනි නිති කෘතියක් හුදෙක්ම සත්‍යකරුණු ගවේශණය කිරිම සඳහාම පමණක් පවත්වාගෙන යන්නේ කෙසේද යන ප්‍රශ්නයයි. අද බොහෝ නිතින් තුළත් නිතිමය ක්‍රියාපටිපාටින් තුළටත් ඇතුළත් කොට ඇත්තේ සත්‍ය හා අසත්‍ය වෙන්කොට ගැනීමේ මූලදර්මයන් පිළිබඳ යුක්තිය පිළිබඳ ක්‍ෂේත්‍රයේ නියැලුන වියතුන් අතර සිදුවූ විවාද තුළින් පැමිණි එකඟතාවයන් තුළින් ලියවී ඇති රීතින්ය.

සත්‍ය අසත්‍යභාවය පිළිබඳව විවාදය යුරෝපයේ ඉතා දැඩිලෙසම මතුවූයේ 17 හා 18 ශතවර්ශවලදි ඇතිවු දාර්ශනික මතවාදයන් තුළිනි. යුරෝපයේ මධ්‍යතන යුගය ක්‍රිස්තියානි ආගමේ විශ්වාසයන් හා ඇදහිළි තුළ හිරවි පැවතින. එහෙත් සියලු දෙය තාර්කිකව ඔප්පුකරන තුරු ඒ කරුණු පිළිබඳව දැඩි සැකයෙන් බැලීම පිළිබඳව "රෙනි ඩෙකාට්ස්" ( René Descartes ) විසින් මුළින් පටන් ගෙන පසුව බොහෝ දෙනෙකු අතරට ව්‍යාප්තවූ මතවාදය නිසා පෙර පැවති ආගමික ආදානග්‍රාහිත්වය වෙනුවට කරුණු ඔප්පුකිරීම් මත පමණක් සත්‍යය අසත්‍යය සෙවීම ව්‍යාප්ත විය. එම ව්‍යාපත්ත වීම් වල ප්‍රතිපලයක් වශයෙන් 17, 18 ශතවර්ශයන් තුළදී විද්‍යාව විශාල වශයෙන් මුල් බැසගන්නට පටන් ගත්තේය. මේ මඟින් බුද්ධිමය ලෝකය තුළ නව යුගයක මිනිසුන් හා ගැහැණුන් බිහිවිය. ඔවුන් අතර පොදුවේ පැවති ගුණය නම් සෑම කරුණක්ම සැකයෙන් යුතුව විග්‍රහ කරමින් තාර්කිකව යමි සිදුවිම් පිළිබඳව හෝ යම් දේවල් පිළිබඳව සත්‍යාසත්‍යතාවය සෙවිමට උත්සාහ කිරීමය. නූතන ලෝකයේ ඇති සියලුම වර්ධනයන් පසුපස ඇත්තේ ප්‍රබන්ධයන් ගෙන් මිදි තමන් දකින හෝ තමන්ගේ ඉන්ද්‍රියට ගොචරවන දේ සැකයට භාජනය කරමින් අදාල සියලුම කරුණු ගවේෂණය කරමින් සිද්ධින් පිළිබඳව සත්‍යය අවබෝධ කරගැනිමේ උත්සාහයයි. අද පවතින වර්ගයේ ගුවන් ගමන් හා අජඨාකාශ ගවේෂණය පිළිබඳව දියුණුවද, වෛද්‍ය විද්‍යාවේ ඇතිවි ඇති මහා පරිමාණ දියුණුවිම්ද, වෙනත් විද්‍යාවන්හීදි මෙන්ම සමාජ ක්‍ෂේත්‍රයේ හා බුද්ධිමය ක්‍ෂේත්‍රයේ ඇතිවි ඇති වෙනස්කම් වලද, පදනම මනඃකල්පිත ප්‍රබන්ධයන් මත නොරැඳී සිද්ධීන් හා දේවල සැබෑ තත්ත්වය සෙවිමට නැඹුරු වුණු විද්‍යාත්මක ක්‍රමයයි.

විද්‍යාව

විද්‍යාවේ ඇතිවු මේ මහා විපර්යාසය යුක්තිය පසිඳලීමේ ක්‍රියාපටිපාටිය පිළිබඳවද ක්‍රමක්‍රමයෙන් ඇතුළු වි එම ක්‍රියාවලිය සිදුකරන ආකාරය ගැන සියලුම අදහස් හා විධික්‍රම මෙම විද්‍යාත්මක පදනම පසුබිම් කොටගෙන නිර්මාණය වි ඇත. අද නඩුවක් ඇසිම පිළිබඳව සංකල්පය ඉතා බැරෑරුම් විද්‍යාත්මක ගවේෂණයක් පිළිබඳව සංකල්පයකි.

නිතිමය ගවේශණ ශෛලිය

අපරාධ ක්ෂේත්‍රය තුළ මෙය සිදුවන ආකාරය දෙස බලමු. අපරාධයක් විය හැකිසේ පෙනෙන කිසියම් සිද්ධියක් පිළිබඳව වාර්තාවක් පොලිස් ස්ථානයකට ලැබේ. ඒ මොහොතේම පටන්ගන්නා විද්‍යාත්මක ක්‍රියාදාමයක් ඇත. තමන් වෙත ලැබුණු සිද්ධිය පිළිබඳව තොරතුරු නිසිලෙස වාර්තා කරගැනිම පොලිස් ස්ථානයේ වගකිම බවට පත්වේ. එසේ වාර්තා කරන්නා හුදෙක් විද්‍යාත්මක කටයුත්තකදී යම් කරුණක් වාර්තා කරගන්නා කෙනෙකුට සමාන කටයුක්තක් කරයි. සියලුම මනඃකල්පිතයන් හා ප්‍රබන්ධයන්ගෙන් තොරව තමන් වෙත වාර්තා කරන දේ පමණක් සටහන් කරගැනිමට ඔහු බැඳේ. එතැන් සිට පටන් ගන්නේ අපරාධ පරික‍ෂණය යනුවෙන් හැඳින්වෙන සාක්කි සටහන් කරගැනිමේ ක්‍රියාවලියයි. සාක්කි සටහන් කරගැනිම පිළිබඳව ක්‍රියාවලියේදි ඊට සම්බන්ධවන සෑම නිලධාරියෙක්ම තමා අසන දකින හෝ තමාගේ පර්යේෂණ තුළින් හෙළිදරව්වන කරුණු පමණක් සටහන් කර වාර්තා කරගැනිමට බැඳේ . අපරාධ පරීක‍ෂකයාට නාඩකමක නිර්මාණකරුවෙකු සතුවන ප්‍රබන්ධයන් සාදාගැනිමේ අයිතිය ඇත්තේ නැත. ඔහු ප්‍රබන්ධයන් නිර්මාණය කිරිමේ යෙදුන හොත් අපරාධ පරීක‍ෂණය පිළිබඳව ඇති සියලුම මූලධර්ම උල්ලංඝනය කරන අතර ඒ මඟින් ඔහු අපරාධ පරික‍ෂකයෙකු නොව ප්‍රබන්ධකරුවෙකු බවට පත්වේ. ඔහුට එසේ ප්‍රබන්ධකරුවෙකු බවට පත්විමට ඉඩදුනහොත් මුළු නිති කෘතියද නාඩගමක් බවට පත්වේ. ඇත්තෙන්ම එය කලාවට හිමි සම්භාවනියත්වය නැති පහත් වර්ගයේ නාඩගමක් බවට පත්වේ.

අපරාධ පරික‍ෂණය නැසිලෙස නිමවිමත් සමගම "කොමන් ලෝ" (Common Law) යනුවෙන් හැඳින්වෙන ලංකාවේ දැනට පවතින නිති ක්‍රමයට අනුව ඊළඟ වගකිම පැවරෙන්නේ නිතිපතිවරයාටය. නිතිපතිවරයාගේ දෙපාර්තමේන්තුවේ නිසි අධ්‍යාපනික සුදුකම් ඇති නියෝජිතයෙකු විසින් මෙම වාර්තාව පිළිබඳව විශ්ලේෂණයක් කරණු ලබයි. හුදෙක්ම තාර්කික ක්‍රියාවක් වන මෙම විශ්ලේෂණයේ එකම අරමුණ වන්නේ අදාල නිතීයට අනුව යම් අපරාධයක් සිදුවුණා යැයි ඔප්පුකිරිමට හැකි සාක‍ෂි අපරාධ පරීක‍ෂණය තුළදි හෙළිදරව් වි ඇත්ද නැද්ද යන කරුණ පිළිබඳව නිගමනයකට එළඹීමය. මෙයද හුදෙක්ම කරුණු මත පදනම්වූ බුද්ධිමය ක්‍රියාවක් වන අතර අදාල නියෝජිතයාගේ හිතුවක්කාර සිතුවිලි කිසිවකට එම ක්‍රියාදාමය තුළ ඉඩක් නැත. නඩුවක් ඔප්පු කිරිමට තරමි සාක‍ෂි ඇතැයි නිගමනය වුවහොත් ඊට අදාලව චෝදනා පත්‍රයක් නිසිලෙස නිර්මාණය කිරිම නිතිපතිවරයාගේ ඊළඟ යුතුකම වේ. මෙයද වගකිමෙන් යුතු බුද්ධිමය කටයුක්තකි. එය නිසිලෙස නොකළහොත් ඉන් පසු සිදුවන නඩු ක්‍රියාදාමයම නොමග යා හැකිය.

ඉන් පසු එම අධිචෝදනා පත්‍රය අධිකරණයේ ලිපිගොනු කරන අතර එතැන් සිට අධිකරණමය ක්‍රියාමාර්ගය පටන් ගනි. එය කරණු ලබන්නේ නිතිය පිළිබඳව මනා අවබෝධයක්ද ශිෂ්ඨ සම්පන්න ගතිගුණ පිළිබඳව සමාජ පිළිගැනිමක්ද නිතිකෘතියක් මෙහෙයවිම සඳහා බුද්ධිමය ශක්තියක්ද ඇති අයෙකු ඉදිරියේය. ඔහු නඩුකාරයා හෝ විනිශ්චයකරු වශයෙන් හැඳින්වේ. මෙම විනිශ්චයකාරවරයා නඩුවක් සිදුකළයුතු ආකාරය අදාල නිතිවල හා නිතීය ක්‍රියාත්මක කිරිමේ සම්ප්‍රදායන් තුළ ගැබ්ව ඇත. අධිකරණය පිළිබඳව සංකල්පය ඇඟවෙන සංකේතය නම් ඇස් වසා අතින් තරාදියක් දරා සිටින කාන්තාවකගේ සංකේතයයි. ඒ තුළද ඇත්තේ පෙරකි පරිදි හුදෙක්ම කරුණු මත පදනම් වීම තාර්කිකභාවය තුළ නිගමන ගැනිම හා පුද්ගලික මතිමතාන්තර පසෙක තබා කටයුතු කිරිමේ හැකියාවයි. කිසියම්ම හෝ බලපෑමකට යටත් නොවිම අධිකරණ නිදහස යනුවෙන් හැඳින්වේ. මේ සියල්ල මගින්ම කියවෙන්නේ පාරිශුද්ධ වූ බුද්ධිමය ක්‍රියාදාමයක් පිළිබඳවය.

විනිශ්චයකාරවරයා තමන් ඉදිරියේ සිදුවන නිතිකෘත්‍යය සම්බන්ධයෙන් අංග සම්පූර්ණ වාර්තාවක් තබාගනි. එසේ වාර්තාව තබාගැනිමේ සම්ප්‍රදායද විද්‍යාත්මක සම්ප්‍රදාය තුළින් ඇතිවුවකි. සෑම විද්‍යාත්මක ක්‍රියාදාමයකදිම විද්‍යාඥයා ඔහු යෙදි ඉන්නා ක්‍රියාවලිය පිළිබඳව අංග සම්පුර්ණ සටහනක් තියා ගනි. එහි තේරුම නම් එම සටහන බැලිම මගින්ද ඇත්තෙන් සිදුවී ඇති ගවේශණය පිළිබඳව අවබෝධයක් ඔහුට මෙන්ම වෙනත් පුහුණුවක් ඇති අයෙකුටද ලබාගැනිමට හැකිවිමයි. නඩුවකින් පසු අභියාචනා අධිකරණ කරා යන්නේ මේ වාර්තාවයි.

නඩුවක් විකාරයක් විමට ඉඩ නොතැබිම

මෙසේ දළ වශයෙන් ඉදිරිපත්කර ඇත්තේ නඩුවක විශේෂයෙන්ම අපරාධ නඩුවක සිදුවන්නාවු ගවේශණ ශෛලිය හා ඊට පදනම්වූ සත්‍ය අසත්‍යතාවය සෙවිමේ මුලධර්ම පිළිබඳවය. යම් විටක රටවැසියන් යම් නීති කෘත්‍යයක් නාඩගමක් වශයෙන් දකින්නට පටන් ගතහොත් එයින් පෙනෙන්නනේ ඉහත සඳහන් වූ නඩුවකට අදාල මූලධර්ම උල්ලංඝනය වී ඇති බවත්, කාගේ හෝ හිතුවක්කාර ක්‍රියාවන් මෙම ක්‍රියාදාමයට ඇතුල් කර ඇතිබවත්, එම නිසා ඉන් පැනෙන අවසාන නිගමනය හුදෙක්ම ප්‍රබන්ධයෙක් හා මනෘකල්පිතයක් බවට පමණක් බවට පත්වන බවත්ය.

Tell a Friend