ලලිත්, කුගන් හා සංහිදියාව

හර්ෂි සි. පෙරේරා

ආණ්ඩුවට සුදුහුනුගාන උගත් පාඩම් හා සංහිදියා කොමිසමේ වාර්තාව නිකුත් කෙරිණි.

2009 මැයි මස අවසන්වූ යුද්දයේදී පමණක් නොවේ වර්තමානයේත් සුළු ජාතීන්ගේ මානව හිමිකම් කඩවෙයි. හොදම නිදසුන මිට සති දෙකකට පමණ පෙර අතුරුදහන් වූ ලලිත් සහ කුගන්ය.

ආණ්ඩුව සිදු කරන මානව හිමිකම් උල්ලන්ගනයන් සහ ලලිත් සහ කුගන් නිදහස් කර ගැනීමට තමන් යුරෝපා සංගමයේ සහය පැතීමට බලාපොරොත්තු වන බව ජන අරගල වියාපාරය සදහන් කරයි. ජන අරගල වියාපාරය යනු ජනතා විමුක්ති පෙරමුණෙන් කැඩී ගිය කොටසකි. මෙසේ විදේශයන්හි සහය පැතීමට හේතුව දේශීය සහන ගැන පවත්නා අවිශ්වාසයයි. සැකයයි.

මේ තත්වයෙන් ගැලවීමට නම් ආණ්ඩුව පළමුව දරුස්මන් වාර්තාව සහ උගත් පාඩම් හා සංහිදියා කොමිසමේ වාර්තාව සිංහලට හා දෙමළට පරිවර්තනය කර සාමාන්‍ය ජනයා අතට පත් කල යුතුය. එවිට සිදුවුයේ කුමක්ද? සිදු වන්නට යන්නේ කුමක්ද ? කියා ඔවුන් තීරණය කරනු ඇත. ඔවුන්ගේ හර්ද සාක්ෂිය තවමත් බලය දරා සිටින්නන්ගේ මෙන් අපවිත්‍ර වී නැත.