සුනන්ද දේශප්‍රිය
මෙම තීරුවෙහි අප කියා සිටි ඇත්ත දැන් නිල වශයෙන්ම පිළිගෙන හමාරය. මාතලයේ සමූහ මිනීවළ අයත් වන්නේ ජවිපෙ සහ ආන්ඩුව යුද වැදී සිටි 1988 - 1990 භීෂන සමයට ය. එහි නිදන්නේ කුරිරු වධ හිංසාවන්ට ගොදුරු කරනු ලදුව ඝාතනය කරන ලද ජවිපෙ සම්බන්ධ හෝ සම්බන්ධ වූ බවට සැක කරන තරුණ තරුණියන් ය. මෙම ඇට සැකිළිවලින් හෙළි වන එම තරුණ තරුණියන් ලක් ඇති වධ හිංසා ශ‍්‍රී ලංකාවෙහි මර්දනකාරී රාජ්‍ය යන්ත‍්‍රයේ ක‍්‍රෑරත්වය මොනවට පෙන්නුම් කරයි.
අපි ද මෙයට වසර 42කට පෙර 1971 අප්‍රෙල් මාසයේ දී වධහිංසාවන්හි බිහිසුණූකම අත් වින්දෙමු.
මෙම සමූහ ඝාතනයට අදාළ තවත් වැදගත් වර්ධනයක් වෙයි. එනම් ඒ පිළිබඳව විධිමත් පරික්ෂනයක් කරන ලෙස එකළ බලයේ සිටි එක්සත් ජාතික පක්ෂයත් එම ආන්ඩුව සමඟ යුද වැදුණූ ජනතා විමුක්ති පෙරමුණත් යන දෙකම ඉල්ලා සිටීම යි.
නිහඩව සිටින්නේ එදා මේ තරුණයින් වෙනුවෙන් හඩ නැඟූ ජනාධිපති රාජපක්ෂ නායකත්වය දෙන පොදු පෙරමුණ පමණි.
තවද ජනතා විමුක්ති පෙරමුණ කියා සිටන්නේ එම එම පරීක්ෂනය සඳහා ස්වාධීන පරීක්ෂන ආයතනයක් අවශ්‍ය බව ය. (විදේශ අත පෙවීමක් ලෙස ගැරහීමට ලක්වන* යුද්ධයේ අවසන් සමයේ සිදුවූ බවට චෝදනා කැරෙන මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් විශ්වශනීය සහ ස්වාධීන පරීක්ෂනයක් පැවැත්විය යුතු බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව විසින් කරන ලද ඉල්ලීම සහ මෙම ඉල්ලීම අතර ඇති එකම වෙනස වන්නේ කාලය සහ ප‍්‍රදේශය අතර ඇති වෙනස පමණි.
මුල්ලෙවයික්කාල් වෙනුවට මාතලය ද 2009 මැයි වෙනුවට 1989 ද (සහ එල්ටීටීඊ ය වෙනුවට ජවිපෙ)* ආදේශ වීම ය.
අදාළ 1988 - 1990 භීෂන සමය යුද වැදුණූ දෙපාර්ශවයේ ම බිහිසුණූ භාවිතයන්ගෙන් පිරී තිබුණි. එකළ දේශපාලනය වූයේ බිය වැද්දවීම සහ මැරිල්ල ය. ඕනෑම තත්ත්වයක දී මෙන්ම එසමයෙහි දී ද රාජ්‍යයේ මර්දන උපාංග එනම් සන්නද්ධ හමුදාවන්, පොලීසිය සහ නිල සහ නිල නොවන බන්ධනාගාරයන් (වධකාගාරයන් ලෙස කියවන්න)* කුරිරුබව අතින් සටන් වැද සිටි අනෙක් පාර්ශවය වූ දේශපේ‍්‍රමී ජනතා ව්‍යාපාරයේ (ජවිපෙ ලෙස කියවන්න)* එවැනි ම වූ හැසිරීම අභිබවා ගියේ ය.
ඒ කෙසේ වෙතත් සමාජයක් වශයෙන් අප දැන් මුහුණ දී සිටින්නේ මෙම සමූහ මිනීවළෙහි මිහිදන් වූ එකසිය පනහකට වැඩි තරුණ තරුනියන්ට යුක්තිය ඉෂ්ඨ කරන්නේ කෙසේ ද යන කරුණට ය.
එකී භීෂන සමය 1994 මැතිවරණ දේශපාලනය සඳහා වේදිකාවක් බවට පත්් වූ බව අප කව්රුත් දනිමු. එහිලා උත්පේ‍්‍රරක කාර්්‍ය භාරය කරනු ලැබුනේ මහින්ද රාජපක්ෂ සහ මංගල සමරවීර යන විපාක්ෂික දේශපාලනඥයින් දෙදෛනාගේ නායකත්වයෙන් දියත් කරන ලද අතුරුදහන්වුවන්ට යුක්තිය ලබා දීමේ මව් පෙරමුණ වැනි මහජන ව්‍යාපාරයන් විසිනි.
මේ අනුව අතුරුදහන්වීම් පිළිබඳ පරීක්ෂනයක් කිරීමටත් ඔවුන්ට යුක්තිය ඉටු කිරීමත් පොදු පෙරමුණෙහි සහ චන්ද්‍රිකා කුමාරතුංගගේ මැතිවරණ ව්‍යාපාරයන්හි පොරොන්දුවක් බවට පත් විය.
ජනාධිපතිධුරයට පත් චන්ද්‍රිකා කුමාරතුංග සිය පොරොන්දුව අනුව යමින් එසමයෙහි සිදුවූ බවට චෝදනා ලද අතුරුදහන්වීම් සොයා බලා අවශ්‍ය නි්ර්දේශ ඉදිරිපත් කිරීම පිණිස කලාපීය කොමිෂන් සභා දෙකක් 1994 නොවැම්බර් මාසයේ දී පත් කරන ලද අතර ඒවා සිය වාර්තා 1997 සැප්තැම්බර් මාසයේ දී ජනාධිපතිනියට බාර දුන්නේ ය. උක්ත සමූහ ඝාතනයට අදාළ මධ්‍යම පළාත (උතුරු මැද, ඌව සහ සබරගමුව*) ද අයත් වු කොමිසමෙහි ප‍්‍රධානියා වූයේ හිටපු මහාධිකරණ විනිසුරු ටී. සුන්දරලිංගම් මහතා ය. 1997 දී එම කලාපීය කොමිෂන් සභා දෙකට අවසන් කිරීමට නොහැකි වූ පරික්ෂන අවසන් කිරීම පිනිස අධිනීතිඥ මනෝරී මුත්තෙට්ටුවගම ප‍්‍රධානත්වයෙන් සමස්ත ලංකාව ම ආවරණයවන සේ තෙවන කමිටුවක් ද පත් කළා ය.
මෙම කොමිෂන් සභා තුන ඒවාට ලැබුණූ පැමිණිළි 27,526ක් පරීක්ෂා කරන ලදුව ඉන් 16,800 බලහතකාර පැහැර ගැනීම් ලෙස නිගමනය කළේ ය. මෙම පැහැර ගැනීම් 16,800ය අතරින් සිද්ධි 1,681ක් සම්බන්ධයෙන් අපරාධකරුවන් හදුනා ගැනීමට තරම් ප‍්‍රමාණවත් සාක්ෂි තිබෙන්නේ යැයි කොමිෂන් සභා වාර්තා නිගමනය කළේ ය.
මාතලේ සමූහ මිනීවලට සම්බන්ධ තොරතුරු සදහන් වන්නේ සුන්දරලිංගම් සහ මනෝරී මුත්තෙට්ටුවෙගම කොමිෂන් සභා දෙකෙහි වාර්තාවන්හි ය. ඔවුන්ගේ අත්සන ද ඇතිව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විසින් කරන ලද පැමිණිළි ඇතුලූව සිය විමර්ශන වාර්තා ද නිරික්ෂනයන් සහ නිර්දේශයන් ද මෙම කොමිෂන් සභා විසින් ජනාධිපති කාර්යාලයට එක් පිටපතක් ද ජාතික ලේඛනාගාරයට තවත් පිටපතක් ද වශයෙන් බාර දෙන ලදී. තිසි වසරක් යන තුරු මෙම ලේඛන ප‍්‍රසිද්ධියට නොපැමිණවිය යුතු යැයි ජනාධිපතිනිය විසින් නිෝග කරන ලදී.
එසේ නමුත් නිසි අධිකරන ක‍්‍රියාදාමයක දී එම තොරතුරු ඉදිරිපත් කිරීමට මෙම ආයතන බැදී සිටී.
ඊට උදාහරණයක් නම් ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ස්වාධීන ආයතනයක් වශයෙන් පැවැති අවධියෙහි එහි අවසාන සභාපතිනිය වූ රධිකා කුමාරස්වාමි යටතේ මෙම සියළු පැමිණිළි සහ විමර්ශන වාර්තා එක් දත්ත ගබඩාවකට ගැනීමට දරන ලද ප‍්‍රයත්නය යි. සියළු ලියැවිළි ඒ සදහා ලබා ගැනීමට ඇය සමත්වූවා ය. එපමණක් නොව පැරනි කොමිෂන් සභා තුන විසින් ඉතිරි කරන ලද පැමිණිලි 17,000ක් පරීක්ෂා කිරීමටද ඇය මානව හිමිකම් කොමිසම යටතේ පියවර ගත්තා ය.
එසේ නමුත් 18වන සංසෝධනය යටත් ජනාධිපති රාජපක්ෂගේ සිතැඟි අනුව පත් කරන ලද ඊළඟ සභාපතිවරයා සහ එහි ප‍්‍රධාන පරීක්ෂන නිලධාරියා මෙම ක‍්‍රියාදාමයට අඟුළු දමන ලදී.
මාතලයේ සමූහ මිනීවළ ඇසුරින් දැන් සාකච්ජාවට පැමිණ ඇති වධකාගාර තිබුණේ යැයි සැළකෙන ස්ථාන අතුරුදහන්වූවන්ගේ ඥාතීන් සහ එවායින් නිදහස් වී පැමිණි අයගේ සාක්ෂි අනුව මෙම කොමිෂන් සභා විසින් හදුනා ගනු ලැබී ය. මෙම වධකාගාර පිළිබඳ සාක්ෂි සපයනු ලැබුනේ කවර පැමිණිල්ල අනුව ද යන්න නිදසුනක් ලෙස ඹඪ්රැුඊ්ෘරැු463ල 1003ල 25 යනාදී වශයෙන් එම වාර්තාවෙහි සඳහන් කර තිබේ.
මධ්‍යම පළාත අතුරුදහන්වීම් කොමසමෙහි වාර්තාව හදුනා ගන්නා ලද වධකාගාර අතර මේවා ද විය.
නුවර සිල්වෙස්ටර් විද්‍යාලය, වැලිමඩ වයි.එම්.සී.ඒ. හමුදා කඳවුර, මොනරාගල ප‍්‍රජා මධ්‍යස්ථානය, ආනමඩුව සදම්පාය, බදුල්ල හාලි ඇල මෝටර්ස්, හපුතලේ බෙරගල හමුදා කඳවුර.
ඊට අමතරව මුත්තෙට්ටුවගම අතුරුදහන්වීම් කොමිෂමේ වාර්තාව තවත් වධකාගාර ගණනාවක් ( පිටව 96*) සඳහන් කරයි. ඒවා නම් මාතලයේ විජය විද්‍යාලය, ඕවිලිකන්ද හමුදා කඳවුර, රත්තොට කටරන්තැන්න බංගලාව, වලපනේ ටී පැක්ටරිය, රන්දෙනිගල හමුදා පුහුණු කඳවුර, නුවර අලදෙනිය හමුදා කඳවුර යනාදිය යි.
සෑම කොමිෂන් සභාවකටම පැමිණිළි මෙහෙයවීමට ද ඒ අනුව පරීක්ෂණ පැවැත්වීමට ද යෝග්‍ය නිලධාරීන් පත් කර තිබුණි. මධ්‍යම පළාත සම්බන්ධ පැමිණිළි මෙහෙයවන ලද්දේ පසුව මහාධිකරන විනිසුරුවරයකු බවට පත් එවකට රජයේ නීතිඥයකු වූ සිසිර ද අබෲ ය. පැමිණිළි විමර්ශන අංශය බාරව සිටියේ පොලිස් අධිකාරී පි.වී.ඩබ්. ද සිල්වා ය.
නිදසුනක් ගන්නේ නම් භීෂන සමයෙහි ඔවිලිකන්ද ප‍්‍රදේශයේ තරුණයන් 16 දෙනෙකු ඝාතනය කර ප‍්‍රසිද්ධියේ ප‍්‍රදර්ශනය කිරීම මෙම විමර්ශන ඒකකය විසින් කරන ලද එක් පරීක්ෂනයකි.
රත්නපාල නම් පොලිස් සාජන්වරයකු විසින් පවත්වන ලද පරීක්ෂනයේ දී එම ඝාතනයන් සම්බන්ධයෙන් පාරම්පරික එජාප දේශපාලනඥකුට චෝදනා එල්ල වු බව ඔහුගේ නමද ඇතිව මධ්‍යම පළාත් කොමිසමේ වාර්තාව සඳහන් කරයි.
නුවර සිල්වෙස්ටර් විද්‍යාලයේ පැවැති වධකාගාරයේ සිට ඝාතනය පිණිස ගෙන ගොස් 20දෙනෙකු එක පේ්ළියට සිටුවා වෙඩි තැබීමකින් දිවි ගලවා ගත් තරුනයකු මෙම කොමිෂම හමුවෙහි සාක්ෂි දුන්නේ ය. එසේ සාක්ෂි දුන්නේ යැයි පොලිස් පරීක්ෂක සෙනවිරත්න මෙම තරුණයාට තර්ජනය කළේ ය. එම තරරුණයාගේ ආරක්ෂාව පිනිස එම නිලධාරියා වහාම මාරු කරන ලෙස කොමිෂම ඉල්ලා සිටි නමුත් ආරක්ෂක ඇමැති රත්වත්තේ එය වැළැක්වීය. මෙම නිලධාරියා සිල්වෙස්ටර් වධකාගාරයට වගකිව යුතු අයෙක් බව වාර්තාව සඳහන් කරයි.
එවතට ආණමඩුව පොලිස් ස්ථානාධිපති, ඝාතන රුසක් සම්බන්ධ චෝදනා ලද මහව පොලිස් අධිකාරි, පැහැර ගැනීම් 44ක් පිළිබදව නම සඳහන් වූ ගල්ගමුව පොලිස් ස්ථානාධිපති යනාදී පොලිස් නිලධාරීන් ගණනාවක් ද එකී වාර්තාවෙහි නමින් ම සඳහන් වේ.
මෙම කොමිෂන් සභා පිළිගත හැකි නිරීක්ෂනයන්ට පැමිණායේ තමන්ට ලැබුණු පැමිණළි මත හැකිතාක් දුරට විධිමත් පරික්ෂනයන් පැවත් වීමෙන් පසුව ය. විමර්ශණ නිලධාරීහු පිළිගත හැකි සිදුවීම් ලෙස සටහන් කරන ලද්දේ අතුරුදහන් වූ තරුණ තරුනියන්ගේ මා පියන්ගෙන් පමණක් නොව ඒ සාක්ෂි අනුව පොලිස් ලේඛන පිරික්සීමෙන්ද කරුණු රුස් කළහ. පොලිස් වාහන රියදුරන් විසින් තබා තිබූ ධාවන වාර්තා අනුව කිසියම් හෝ ගමනක දී වාහනයේ සිටි සිවිල් පුද්ගලයින් ගනන සොයා ගත හැකි විය. එනමුත් එවැනි පුද්ගලයින් අත් අඩංඟුවට ගත් බවට පොලිස් පොතෙහි සඳහනක් නොතිබූ අවස්ථා පරීක්ෂනයට ලක් කිරීමෙන් සහ මා පියන්ගේ සාක්ෂි අනුව බැස ගත් නිරීක්ෂනයන් ද තිබුණි.
තවත් අවස්ථාවන් හිදී පොලිස් සිර මැදිරියෙහි රඳවා තැබුණූ බවට ආහාර ලැයිස්තුවෙහි සඳහන් වූ නමුත් පොලිස් පොතෙහි සඳහන් නොවූ සැක කටයුතු අවස්ථා ද විය.
මෙම අතුරුදහන් කොමිෂන් සිය වාර්තාවන්හි දී තවදුරටත් පරීක්ෂණ පවත්වා අධිකරණමය පියවරයන් ගත යුතු බවට යුද හා පොලිස් නිලධාරීන් මෙන්ම දේශපාලනඥයින් ද ඇතුළත් දෙසිය ය ඉක්ම වූ නම් ලැයිස්තුවක් ජනාධිපතිනි කුමාරතුංගට ඉදිරිපත් කළා ය.
අතුරුදහන්වීම් සම්බන්ධයෙන් චෝදනා ලැබූ දේශපාලනඥයින් අතර එවකට අධිකරණ සහ බුද්ධ ශාසනය බාර අමැති, මධ්‍යම පළාත් සංවර්ධන ඇමැති, ජල කළමනාකරන ඇමැති, වාරිමාර්ග ඇමැති සහ සිය ප‍්‍රදේශයේ අතුරුදහන්වීම් 30කට වෝදනා ලද මංත‍්‍රිවරයකු ද විය.
මේ බොහෝ දෙනෙකු ආන්ඩු පක්ෂට බැදී තවමත් දේශපාලනයේ යෙදී සිටිති. එපමණක් නොව පාර්ලිමේන්තු මංත‍්‍රීවරුන් විසි හත් දෙනෙක්, පළාත් සභා මංත‍්‍රීන් 14 දෙනෙක්, ග‍්‍රාම නිලධාරීන් 12 දෙනෙක්, බෞද්ධ භික්ෂුවක්, සමඟ පොලිස් අධිකාරීවරුන් 20 දෙනෙක්, පොලිස් ස්ථානාධිපතිවරුන් 51 දෙනෙක්, හමුදා කපිතාන්වරුන් දොළොස් දෙනෙක් සහ මේජර්වරු හතර දෙනෙක් මනෝරි මුත්තෙට්ටුවගම පරීක්ෂන වාර්තාවෙන් නම් කර තිබුණි.
වාර්තාවන් හමස් පෙට්ටියට යාම සහ ඒවායේ ඒක පාර්ශවීය බව ඇතුළු ඉතිරිය ලබන සතියට තියමි.
07.04.13