සංශෝදනය විය යුත්තේ නීතියද? නැතහොත් ඊට ඉහලින් සිටින බලකාමිත්වයද?

හර්ෂි සි. පෙරේරා

මේ පුවත් තුනම වාර්තා වන්නේ දෙසැම්බර් 15 වැනිදා ලංකාදීප පුවත්පතේය. එකකින් ආඩම්බරකාර ජනාදිපති තාත්තගේ පුතා නීතිඥයකු වීමයි. දෙවැන්න රටේ අපරාද නඩු විදාන සංග්‍රහය සහ සිවිල් නඩු විදාන සංග්‍රහය සංශෝදනයට ආණ්ඩුව සැරසෙන බවයි. තෙවැන්න සාමාන්‍ය පෙළ හොරට ලියා සිසුන් සිවු දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත් වීමයි.

අපට කළු අකුරින් මුද්‍රිත සුන්දර නීතියක් ඇත. එය ක්‍රියාත්මක කිරීමට ජස්ටිස් සිස්ටම් එකක්ද ඇත. නමුත් යථාර්තය කුමක්ද?

සෑම වසරකම සිසුන් සිය ගණනක් නීතිඥවරු ලෙස දිවුරුම් දෙති. ඔවුන් සහ නාමල් රාජපක්ෂ අතර ඇත්තේ වෙනස්කම් දෙකකි. ඒ ඔහු නීතියට ඉහලින් පිහිටි විදායකයකින් පැවත ඒමත් ඔහුට විබාග වලදී සුවිශේෂ වරප්ප්‍රසාද හිමිවිමත්ය.

නීතියේ පාලනයට හිමි තැන නිතිය සහ පිළිවෙල විසින් අත්පත් කරගත් විට මෙවන් වියසනයන් සිදුවන අතර ඒ ගැන මහා ජනතාව ටික දොහකට ගොනාට අන්ද විය හැකිය.

මහනායක හිමිකිවා හරියට හරිය. එනම් හිතවතුන්ට සහ විරුද්ද මතදාරීන්ට නිතිය ක්‍රියාත්මක වන්නේ දෙවිදියකටය.

සාපෙළ විබාග වංචාව කල සිසුන් අත්අඩංගුවට ගැනිණි. එය හොදය. නමුත් ප්‍රෙහෙලිකාව සෑම විබාග වන්චනයිකයින්ට විරුද්දව නිතිය සමානව ක්‍රියාත්මක නොවීමයි. එහෙත් ඒ බර මහත ප්‍රතාපවත් නීති පොත්වල නිතිය ඉදිරියේ සැවොම සමාන බව පැහැදිලි කළු අකුරින් සිංහල දෙමල ඉංග්‍රීසි බාෂා තුනෙන්ම සදහන් ව ඇත.

ඉතින් පළමුව සංශෝදනය විය යුත්තේ කුමක්ද?