tag:blogger.com,1999:blog-31263793406219481432024-03-23T15:44:32.079+05:30Sri Lanka GuardianBeyond the Island Unknownnoreply@blogger.comBlogger7609125tag:blogger.com,1999:blog-3126379340621948143.post-43849827405209307172024-02-19T13:14:00.004+05:302024-02-19T13:22:39.775+05:30ජන සංහාර චෝදනා මත ශ්‍රී ලංකාව, ICJ වෙත ගෙනයන බවට පියාව් පෝලියෙෆ් දුන් ප්‍රතිඥාව TGTE යේ පැසසුමට
ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර අධිකරණයට (ICJ) ගෙනයාමට හා ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ චූදිත යුද අපරාධකරුවන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීමට නීතිඥයන් පත්කිරීමට කැනේඩියානු කොන්සර්වේට්ව් පක්ෂයේ නායක පියාව් පෝලියෙෆ් දුන් ප්‍රතිඥාව දෙමළ ඊළාම් දේශාතික්‍රාන්ත ආණ්ඩුවේ (TGTE) පැසසුමට ලක්වී ඇත.
පසුගියදා දෙමළ මාධ්‍ය ආයතන දෙකකට සම්මුඛ සාකච්ඡා ලබාදෙමින් පියාව් අවධාරණය කළේ, ‘ජන සංහාරයට දායකවෙමින් ඉටුකළ භූමිකාව තුළ රාජපක්ෂ රෙජීමයේ වැරදිකරුවන් ඉලක්ක කිරීමට මැග්නිට්ස්කි සම්බාධක පැනවීම’ ඔහුගේ සැලසුමට ඇතුළත්වී ඇති බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පෙන්වා දුන්නේ, ‘රාජපක්ෂ රෙජීමයේ වැරදිකරුවන් සම්බන්ධයෙන් පාලන තන්ත්රයේ වගවීම සඳහා එක්සත් ජාතීන්ගේ හා අනෙකුත් ජාත්‍යන්තර වේදිකාවල මොවුන් වාරණය කිරීමටත්, මෙය ඔවුන් දෙමළ ජනයාට එරෙහිව සිදුකළ ජන සංහාරයක් බවට ජාත්‍යන්තරය හමුවේ තහවුරු කිරීමට අපි යෝජනා ඉදිරිපත් කරනවා.
ඔවුන් සිදුකරපු ජන සංහාරය සම්බන්ධයෙන් අදාළ වගකිවයුත්තන්ට නඩු පැවරීමට හැකි, ජාත්‍යන්තර අපරාධ අධිකරණවල පාලන තන්ත්රයට එරෙහිව නඩු පැවරීම සඳහා වන අයදුම්පත් ඉදිරිපත් කරන්න කැනඩාවේ විදේශ කටයුතු සම්බන්ධයෙන් කටයුතු කරන නීතිඥයින්ට උපදෙස් දෙන්න සූදානම්’ යන්නයි.
පියාව් පෝලියෙෆ් යනු කැනඩාවේ වටිනාකම් හා ලොවපුරා යුක්තිය වෙනුවෙන් සටන් කරන ජනතාව වෙනුවෙන් පෙනී සිටින ශ්‍රේෂ්ඨ කැනේඩියානු නායකයෙකු බව මේ වනවිට ඔප්පු කර හමාරය. 2025 දී පැවැත්වෙන කැනේඩියානු මැතිවරණයට තරඟ කරන ඔහුට හදවතින්ම සුබ පතන බව TGTE අගමැති විශ්වනාදන් රුද්රකුමාරන් මහතා පවසයි.
පලස්තීනුවන්ට එරෙහි ජන සංහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට චෝදනා එල්ල කරමින් දකුණු අප්‍රිකාව ජාත්‍යන්තර අධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සමට තුඩු දෙන තත්ත්වයන් සිහිකරන්නේ දෙමළ හා ලංකා රජය අතර යුද්ධයේ අවසාන අදියරේදී පැවති තත්ත්වය'' යි යනුවෙන් TGTE අගමැතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.
* දෙමළ ඊළාම් දේශාතික්‍රාන්ත ආණ්ඩුව (TGTE) පිළිබඳ - Transnational Government of Tamil Eelam (TGTE)
දෙමළ ඊළාම් දේශාතික්‍රාන්ත ආණ්ඩුව (TGTE) යනු ලොවපුරා රටවල් කිහිපයක වෙසෙන මිලියනයකට අධික (ශ්‍රී ලංකා දිවයිනේ) දෙමළ ජාතිකයින් විසින්
ප්‍රජාතන්ත්‍රවාදීව තෝරාපත්කර ගැනුණු රජයකි. ශ්‍රී ලංකා රජය 2009 දී දෙමළ ජනතාව සමූහ වශයෙන් ඝාතනය කිරීමෙන් පසුව TGTE පිහිටවනු ලැබුණි. TGTE තුන් වතාවක් ජාත්‍යන්තරව අධීක්ෂණය කරන ලද මැතිවරණය ලොවපුරා දෙමළ ජනතාව අතර පැවැත්වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 132 දෙනෙකු තෝරාපත් කරගැනුණි. මෙම පාර්ලිමේන්තුවේ සභා දෙකක් ඇති අතර, නියෝජිත මන්ත්‍රී මණ්ඩලය, සෙනෙට් සභාව හා කැබිනට් මණ්ඩලයෙන් එය සමන්විත වේ.
TGTE ප්රජාතන්ත්රවාදී හා රාජ්‍ය තාන්ත්‍රික ක්‍රම මගින් දෙමළ ජනයාගේ දේශපාලන අභිලාෂයන් සාක්ෂාත් කරගැනීමේ ව්‍යාපාරයක් මෙහෙයවන අතර එහි ව්‍යවස්ථාව
මගින් මෙහි දේශපාලන අරමුණු සාක්ෂාත් කරගත යුත්තේ සාමකාමී මාර්ගවලින් පමණක් බව දැඩිව විශ්වාස කරයි. එය ජාතිකත්වය, නිජබිම හා ස්වයං නිර්ණය යන මූලධර්ම මත පදනම් වේ.
TGTE උත්සහ කරන්නේ ජාත්‍යන්තර ප්‍රජාවේ මැදිහත්වීමෙන් යුතුව යුද අපරාධ, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ දෙමළ ජනතාවට එරෙහි සමූලඝාතන සිදුකළ
අපරාධකරුවන්ට නිසි දඬුවම් පැමිණවීමටයි. දෙමළ ජනතාවගේ දේශපාලන අනාගතය තීරණය කිරීමට ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව TGTE අවධාරණය කරයි.
TGTE හි අග්‍රාමාත්‍යවරයා වන්නේ නිව්යෝර්ක්හි නීතිඥවරයෙකු වන විශ්වනාදන් රුද්රකුමාරන් මහතාය.
ට්වීටර් - @TGTE_PMO
ඊමේල් - pmo@tgte.org
වෙබ් අඩවිය - www.tgte-us.org
ටැමිල් ගාර්ඩියන් ඇසුරිනි
Windyhttp://www.blogger.com/profile/16625585454214566462noreply@blogger.com0tag:blogger.com,1999:blog-3126379340621948143.post-77194112724475438302023-12-27T13:51:00.001+05:302023-12-27T13:51:08.797+05:30 දෙමළ ජනතාවගේ දුක්ගැනවිලිවලට කන් නොදුන් ‘හිමාලයා ප්රකාශනය’ අපිට එපා - දෙමළ සිවිල් සමාජ කණ්ඩායම්
යහපත් ශ්‍රී ලංකාවක් සඳහා වූ සංඝ සංසදයේ භික්ෂූන් වහන්සේලා (SBSL) හා ගෝලීය ද්‍රවිඩ සංසදයේ (GTF) සාමාජිකයින්ගේ දායකත්වයෙන් යුතුව මෙම ‘හිමාලයා ප්රකාශනය’ නිර්මාණය විය.
දෙමළ ජනතාවගේ දුක්ගැනවිලිවලට ආමන්ත්‍රණය නොකිරීම හේතුවෙන් පසුගියදා එළිදැක්වූ ‘හිමාලයා ප්රකාශනය’ දෙමළ විශ්වවිද්‍යාල සිසුන්, වින්දිත කණ්ඩායම්, අතුරුදහන්වූවන්ගේ පවුල්, ආගමික කණ්ඩායම්, කම්කරු සංගම්, කාන්තා කණ්ඩායම් හා විද්වතුන් ඇතුළු කණ්ඩායම් ගණනාවක් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.
‘අපි බොහොම සැලකිල්ලෙන් මෙම ‘හිමාලයා ප්රකාශනය’ කියෙව්වා. නමුත්, මේ ප්රකාශනය තුළ දෙමළ ජනතාවගේ දුක්ගැනවිලි වගේම ඔවුන් තවමත් අත්විඳිමින් ඉන්න දුක, වේදනාව සම්පූර්ණයෙන්ම නොසලකා තිබීම ගැන දැඩි කලකිරීමට පත්වෙනවා.
බෞද්ධ පූජ්‍ය පක්ෂය දෙමළ ජනතාව වෙසෙන ප්‍රදේශ වලින් පිටත - එනම්, සිංහල ජනතාව අතර ජීවත්වන නිසාත්, දෙමළ ජනතාව අත්විඳින හා ඉදිරියේ සිද්ධ වෙන දේ ගැන කිසිදු හෝඩුවාවක් නැති නිසාත්, දෙමළ දුක්ගැනවිලි ගැන බෞද්ධ පූජකවරුන් නොදන්නා බව තේරුම්ගන්න පුළුවන්’ යනුවෙන් මෙම කණ්ඩායම් වැඩිදුරටත් පැවසීය.
ඔවුන් වැඩිදුරටත් පෙන්වාදුන්නේ, ‘වසර දාහතරකට පෙර යුද්ධය අවසන් වූ දා සිට දෙමළ ජනතාව P2P (පොතුවිල් සිට පොලිකන්ඩි දක්වා) වැනි දැවැන්ත ජන රැළි හරහා ඔවුන්ගේ දුක්ගැනවිලි ප්‍රකාශ කර ඇති බවයි. ආරක්ෂක හමුදා හා කුප්‍රකට හමුදා බුද්ධි අංශවල ප්‍රහාර හා බිය ගැන්වීම් නොතකා P2P වැනි මහා ජන රැළි තුළින් දෙමළ ප්‍රදේශ හරහා දින හතක පාගමනක් ගිය අතර මෙම රැළියට ලක්ෂ 5 ක පමණ මහා ජන ගඟක් එක්විය.
දෙමළ විශ්වවිද්‍යාල සිසුන්, වින්දිත කණ්ඩායම්, අතුරුදහන්වූවන්ගේ පවුල් හා අනෙකුත් සිවිල් සමාජ කණ්ඩායම් ආදිය එක්ව දෙමළ ජනතාවගේ දුක්ගැනවිලි ප්‍රකාශ කිරීමට විරෝධතා, උපවාස හා පාගමන් ගණනාවක් පැවැත්වූහ. මෙම ‘හිමාලයා ප්රකාශනය’ තුළින් ඔවුන්ගේ දුක්ගැනවිලි කිසිවකට ආමන්ත්‍රණය කර නැත.
‘වසර දාහතරකට පෙර යුද්ධය අවසන් වූ දා සිට දෙමළ ජනතාව විසින් ප්‍රකාශ කරන ලද දෙමළ දුක්ගැනවිලි පහතින් ඔබේ අවධානයට යොමුකිරීමට කැමැත්තෙමු.’
1) 1983 යුද්ධයට පෙර පැවති ලෙස දෙමළ ප්‍රදේශවල සන්නද්ධ හමුදා රැඳී සිටීම අඩු කිරීම.
2009 වසරේ සිට යුද්ධය අවසන් වී වසර දාහතරකට අධික කාලයක් ගතවී ඇතත්, 2009 මැයි මාසයේදී යුද්ධයේ උච්චතම අවස්ථාව වූ ආකාරයටම කුපුකට හමුදා බුද්ධි අංශ ඇතුළු ආරක්ෂක හමුදාවන්ගේ පැමිණීම පවත්වාගෙන යනු ලැබේ.
• සාම කාලය තුළදී සිවිල් ජනතාව අතර ආරක්ෂක හමුදා සිටීම දෙමළ ජාතිකයින්ට, විශේෂයෙන්ම, කාන්තාවන්ගේ ආරක්ෂාවට මෙන්ම සමාජීය ගැටළු රාශියක් නිර්මාණය කරයි. ආරක්ෂක හමුදා විසින් දෙමළ ජාතිකයින් සමූහ වශයෙන් සමූලඝාතනය කිරීම හා දෙමළ කාන්තාවන් දැවැන්ත ලෙස දූෂණය කිරීම ඇතුළු සාහසික අපරාධවලට දෙමළ ජනයා මේ වනවිට මුහුණදී ඇත.
2) පෞරාණික හින්දු සිද්ධස්ථාන ඇතුළු හින්දු කෝවිල් විනාශ කර දැමීම නැවැත්වීම හා බෞද්ධ ජනතාව ජීවත් නොවන දෙමළ ප්‍රදේශවල බෞද්ධ විභාරස්ථාන ඉදිකිරීම නවතා දමන්න.
3) දෙමළ ජනතාව ජීවත්වන ප්‍රදේශ තුළ රජයේ අනුග්‍රහය ඇතිව සිංහල ජනාවාස ඉදිකිරීම නවතාදමන්න, රජය විසින් දෙමළ ජනතාවගේ ඉඩම් අත්පත්කරගැනීම නවත්වන්න. එමෙන්ම, තවමත් ආරක්ෂක අංශ භාරයේ පවතින සියලුම සිවිල් වැසියන්ගේ ඉඩම් සම්පූර්ණයෙන්ම නිදහස් කරන්න.
4) එක්සත් ජාතීන්ගේ නිළධාරීන් විසින් ඉල්ලා සිටින පරිදි, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) යොමුකරන්න.
යුද්ධය නිමාවී වසර දාහතරක් ගතවී ඇතත් එකදු ආරක්ෂක අංශ නිළධාරියෙකු හෝ දේශපාලන නායකයෙකු හෝ මෙම ඝාතන සම්බන්ධයෙන් යුක්තියට මුහුණදුන්නේ නැත. එමෙන්ම, කුඩා දරුවන් ඇතුළු දෙමළ ජනතාව දහස් ගණනක් අතුරුදහන් වී ඇත.
• එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ හිටපු මහ කොමසාරිස්වරයෙකු ඇතුළු එක්සත් ජාතීන්ගේ නිලධාරීන් කිහිපදෙනෙකු විසින් ඉල්ලා සිටි පරිදි, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) යොමුකරන්න.
5. තවදුරටත් ලේ වැගිරීම වැළැක්වීම සඳහා, දිග්ගැස්සුණු දෙමළ ගැටුම විසඳීම සඳහා ජාත්‍යන්තර මට්ටමින් පවත්වනු ලබන ජනමත විචාරණයක් පවත්වන්න.
නිදහසින් පසු දිග්ගැස්සුණු දෙමළ ගැටුමට මූලික හේතුව වූවේ දේශපාලන විසඳුමක් නොමැතිවීමයි. දෙමළ ගැටුමේ ප්‍රතිඵලය වූයේ 1958, 1977, 1983 හා 2009 දී දෙමළ ජනයා සමූහ වශයෙන් ඝාතනය කිරීමයි.
දෙමළ නායකයින් හා සිංහල ආධිපත්‍ය ඇති ආණ්ඩු අතර ඇතිකරගත් ගිවිසුම් කිහිපයක්ම බලයට පත්වූ රජයන් විසින් ඒකපාර්ශ්විකව අවලංගු කරන ලදී.
ඉන්දියාව හා නෝර්වේ ජාත්‍යන්තර මැදිහත්වීම් පවා අසාර්ථක විය.
• ලොව පුරා රටවල් කිහිපයක ක්‍රියාත්මක වන පරිදි, තවදුරටත් ලේ වැගිරීම වැළැක්වීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදීව ස්ථිර දේශපාලන විසඳුමක් සෙවීම සඳහා ජාත්‍යන්තරව පවත්වනු ලබන ජනමත විචාරණයක් පවත්වන්න.
1) ඒ. විජයකුමාර් මයා - සභාපති, ශිෂ්‍ය සංගමය, යාපනය විශ්වවිද්‍යාලය
2) වයි. කනගරංජිනී මිය - සභාපති, බලහත්කාරයෙන් අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ සංගමය, උතුරු හා නැගෙනහිර පළාත්
3) තවතිරු වේලන් ස්වාමිගල්, සිවගුරු ආතීනම් - සම්බන්ධීකාරක, පොතුවිල් සිට පොලිකන්ඩි රැළිය (P2P)
4) ගරු ජෝසප් මාරි පියතුමා - මඩකලපුව
5) ටී. තංගරාජා මයා - සභාපති, සේවක සංගමය, යාපනය විශ්වවිද්‍යාලය
6) විමලේශ්වරී ශ්රීකාන්තරූබන් මිය - එක්සත් කාන්තා නිරීක්ෂණ සංගමය, උතුරු සහ නැගෙනහිර පළාත්
7) තවතිරු අකාතියර් අඩිකල්, තෙන්කයිලායි ආතීනම් - ත්‍රිකුණාමලය
8) ගරු ජයන්තන් පච්චෙක් පියතුමා, Oblates of Mary Immaculate - යාපනය
9) ගජරූබන් මයා - ශිෂ්‍ය සංගමය, කලා හා සංස්කෘතික පීඨය, නැගෙනහිර විශ්වවිද්‍යාලය
10) මිතිලෙයිචෙල්වි ශ්‍රී පද්මනාදන් මිය - වැඩකරන කාන්තා සමිතිය
11) ගරු කන්දයියා ජෙගතාස් පියතුමා - සම්බන්ධීකාරක, පොතුවිල් සිට පොලිකන්ඩි රැළිය (P2P)
12) ස්රොජා සිවච්චන්ද්රන් මිය - කාන්තා හා සංවර්ධන මධ්‍යස්ථානය
Windyhttp://www.blogger.com/profile/16625585454214566462noreply@blogger.com0tag:blogger.com,1999:blog-3126379340621948143.post-43215858076811782832023-11-17T15:34:00.003+05:302023-11-17T15:34:57.973+05:30 යුක්ති-ධාර්මික දේවස්ථානයේ සන්ධිස්ථානයක්!
ගාමිණී වියන්ගොඩ
සියලු බලාපොරොත්තු කඩා වැටෙමින් තිබෙන යුගයක, අනාගතයක් ගැන අපේක්ෂාවක් ඈත මානයකින්වත් හිතට නොදැනෙන යුගයක, නින්දේදී පෙනෙන සිහින පවා අශුභවාදී වන්නේය. පරමාදර්ශ වශයෙන් කාලයක් තිස්සේ විශ්වාස කළ පද්ධති කඩාවැටෙන අයුරු සහ පරමාදර්ශී යැයි ගත් පුද්ගලයන් ඇස්පනාපිට පිරිහෙන අයුරු බලාගෙන සිටීමට සිදුවීමේ ඉරණම, එවැනි අවස්ථාවක හතර පැත්තෙන් අපව වට කරනු ලැබේ.
ඩයනා ගමගේ ගැන නඩු තීන්දුව ගිය සතියේ මේ කොලමේ සාකච්ඡාවට ගැනුණේ එවැනි මනෝ භාවයකිනි. ඊට දින කිහිපයකට පසු, මෙරට ප්රමුඛ පෙළේ එක් ජනාධිපති නීතිඥවරයෙකු සමග කළ සාකච්ඡාවකදී මේ ලියුම්කරු උදක්ම අවධාරණය කළ කතාවක් තිබුණි. එනම්, ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගැනුණු සහ පෙරේදා (13) එහි විනිශ්චය ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබුණු ‘රාජපක්ෂලාගේ නඩුව’, පදනමක් නැති චෝදනා රාශියක් වශයෙන් හෝ අධිකරණයක අධිකාරී විනිශ්චය පථයට හසු නොවන දියාරු විෂයයක් වශයෙන් හෝ සලකා අහක දැමෙන බව ය. එපමණක් නොව, වගඋත්තරකරුවන්ගේ, එනම් රාජපක්ෂලාගේ නඩු ගාස්තු ගෙවීමට පවා පැමිණිලිකරුවන්ට සිදුවිය හැකි බව ය.
ඊට සතියකට කලින් ඩයනා ගමගේ නඩු තීන්දුව ගැන බරපතල ප්රශ්නකාරී ආකල්පයක් තිබියදීත්, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැන් ලැබීමට නියමිතව තිබුණු ‘රාජපක්ෂලාගේ නඩුවේ’ විනිශ්චය ගැන එසේ අශුභවාදීව සිතුණේ, අධිකරණය යනු තවදුරටත් බලාපොරොත්තු තබාගත හැකි රක්ෂාස්ථානයක් වශයෙන් සැලකිය නොහැකිය යන හැඟීමක් පෙරදැරිව නොවේ. අපේ ආශාවන්ට සහ අභිලාෂයන්ට අනුරූප තීන්දු පමණක්ම අධිකරණයකින් ලැබිය යුතුය යන බොළඳ ආශාවකින් මඩනා ලදුව, එසේ ස්වකීය අභිලාෂ සාධනය සිදු නොවන කළ ඇති වන ළාමක කලකිරීමක් නිසාද නොවේ.
ඇත්තෙන්ම මේ නඩුවට ප්රස්තුත විෂයපථය, නෛතිකත්වයට වඩා මූලධාර්මික දේශපාලනික සහ ආර්ථික කාරණාවන්ට මූලිකත්වය දෙන පරිශ්‍රයක් භජනය කෙරෙන බැවිනි. නෛතිකත්වය පවා හැකිතාක් පටු සීමාවන් තුළ සිටිමින්ම අර්ථකථනය කිරීමේ යම් ඌරුවක් සහිත විනිශ්චය සම්ප්රදායයක් තුළ, එවැනි විෂයයකට අයත් සමාජ යුක්තිය/අයුක්තිය සමබරව ගෝචර වීම පිළිබඳ නිත්‍ය සහතිකයක් නැති බැවිනි. සීමාන්තික උදාහරණයක් වශයෙන් ගත්තොත්, පුරවැසියෙකුට තුන් වේල කෑමට ඇති අයිතියක් නැති කිරීම ගැන ප්රජාතන්ත්රවාදී රටක පාලකයෙකු නීතියක් ඉදිරියේ වගවීමට බැඳගැනීම මොන තරම් දුෂ්කර විය හැකිද යන්න ගත හැකිය. යම් පුද්ගලයෙකුට තුන් වේල කෑමට නැති වීමේ සංසිද්ධිය, ඉතා සංකීර්ණ සහ විවිධ ආකාරයේ විචල්‍යයන් විසින් මෙහෙයවනු ලබන තත්වයක් වීම ඊට හේතුවයි. දේශපාලන වේදිකාවක් මත ඒ වගකීම ඉතා පහසුවෙන් පාලකයෙකු වෙත පැටවිය හැකි වෙතත්, අධිකරණයක් ඉදිරියේ පාලකයෙකු හෝ පාලක පිරිසක් නිශ්චිතව එකී වගවීමට නෛතිකව බැඳගැනීම එතරම් පහසු නැති බවක් බැලූ බැල්මට පෙනෙන්ට තිබේ. මේ නඩුව, මේ විනිශ්චය ලැබෙන තෙක්, මගේ සන්තානයේ වැඩ කෙළේ එලෙසයි.
එහෙත්, අභව්‍යයකැයි මා සිතූ දෙය යථාර්ථයක් විය. පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයේ ගරු විනිසුරුවරු හතර දෙනෙක්, පෙත්සම්කරුවන්ගේ පැමිණිල්ල සමග එකඟ වූහ. පෙත්සම්කරුවන් වුණේ, ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු වන චන්ද්‍ර ජයරත්න, සරසවි ඇදුරන් වන ආචාර්ය මහිම් මෙන්ඩිස් සහ ආචාර්ය අතුලසිරි සමරකෝන් සහ සමගි ජනබලවේගයේ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ය. පෙත්සම්කරුවන් කියා සිටියේ, ගෝඨාභය රාජපක්ෂගේ පාලනය විසින් රට ප්‍රපාතයට ඇද දැමීම තුළින් තමන්ගේ මූලික අයිතීන් උල්ලංඝණය වී ඇති බවයි. පංච පුද්ගල විනිශ්චය මණ්ඩලයේ එක් ගරු විනිසුරුතුමෙකු පමණක් ඒ මතය සමග එකඟ නොවුණි.
සිරිසේනගේ කුමන්ත්‍රණ නඩුවෙනුත් ඔබ්බට
මෛත්‍රීපාල සිරිසේන, මේ රාජපක්ෂවරුන් සමග එකතු වී එදා පැවති ‘යහපාලන ආණ්ඩුව’ ව්‍යවස්ථා විරෝධීව ගෙදර යැවූ අවස්ථාවේ, රටේ ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවේ ඓතිහාසික වටිනාකම සමග මේ තීන්දුව සන්සන්දනය කිරීම අසීරුයි. එදා යම් භයානක ව්‍යවස්ථා-විරෝධී ක්‍රියාවලියක් ආපසු හැරවුණි. එසේ නොවුණි නම්, මේ රටේ ප්රජාතන්ත්රවාදය කියා දෙයක් ඉතුරු නොවෙනු ඇත. ඊට වෙනස්ව, මේ නඩු තීන්දුවෙන්, මෙතෙක් සිදුව ඇති ක්‍රියාවලිය ආපසු හැරවීමක් සිදු නොකෙරෙයි. එහෙත්, බලය පාවිච්චි කිරීමේදී, විධායකය හෝ පරිපාලනමය බලය හිතුවක්කාරීව සහ/හෝ අපරීක්ෂාකාරීව අභ්‍යාස කිරීමෙන් සමාජයකට සිදු කෙරෙන හානියට, එකී රාජ්‍ය බලධාරීන් වගවීමට බැඳී සිටින බව මේ නඩුවෙන් ඉතා පැහැදිලිව පෙන්වා තිබීම, අර තීන්දුව තරමටම ඓතිහාසික වැදගත්කමක් මෙයට ලබා දෙයි.
වෙනත් අර්ථයකින් ගත් කල මේ තීන්දුව, එදා තීන්දුවටත් වඩා අර්ථසම්පන්න බවට කෙනෙකුට තර්ක කළ හැකිය. මන්ද යත්, මේ නඩුව තුළ, නෛතිකත්වයට හෝ ව්යවස්ථානුකූලත්වයට අමතරව, ඒ නෛතිකත්වය සහ ව්‍යවස්ථානුකූලත්වය සමග නිසඟයෙන් ගැටගැසුණු ඉතා පෘථුල සමාජ-ආර්ථික විෂයපථයක්ද අධිකරණය සිය සාවධාන සැලකිල්ලට ගෙන තිබෙන බැවිනි. එහිදී, සමාජ-ආර්ථික යුක්තිය වෙනුවෙන් කෙරෙන ප්රගාමී මැදිහත් වීමකට අධිකරණයක් මැළි නොවිය යුතු බව මේ විනිශ්චය තුළින් පෙන්වා දී තිබීම ඉමහත් වැදගත්කමක් දරයි. පිටු 265 ක් පුරා දිවෙන මේ විනිශ්චය, නීතිය පමණක් නොව, ආර්ථිකය පිළිබඳවත් කරන ලද විදග්ධ විවරණයකැයි කිව හැක්කේ එබැවිනි. මේ සමස්ත විනිශ්චය සිංහල පාඨකයන්ට කියැවීමට අවස්ථාව සැලසිය යුතුය. ඒ වන තෙක්, දැනට අපට කළ හැක්කේ, විනිශ්චයේ ඇතැම් තැන් කිහිපයක් පමණක් අපේ පාඨකයා වෙත ලබාදීම පමණි.
නඩු තීන්දුවේ 33 වැනි පිටුවේ එක් සඳහනක අනුවාදය මෙසේ ය:
“වගඋත්තරකරුවන්ගේ එක් ප්‍රධාන තර්කයක් වුණේ, පැමිණිලිකරුවන් ඉදිරිපත් කරන කරුණු, රාජ්‍ය ආදායම්-වියදම්, ආර්ථික සහ දේශපාලනික ස්වභාවයක් ගන්නා නිසා සහ ඒවා ‘ආණ්ඩුවේ ප්‍රතිපත්ති තීරණ’ වන නිසා, මේ අධිකරණයට එවැනි පැමිණිලි භාරගැනීමට, ඇසීමට සහ විනිශ්චය කිරීමට බලයක් නැති බව ය.”
ලංකාවේ මෙන්ම ඉන්දියාව වැනි වෙනත් රටවලද නඩු තීන්දු, මේ තර්කයට පක්ෂව සහ විපක්ෂව උද්ධෘතකොට දක්වමින් ඒ ගැන දීර්ඝ විශ්ලේෂණයක් කරන ගරු අධිකරණය, සිය විනිශ්චයේ 42 වැනි පිටුවේ සිය අදහස මෙසේ ඉදිරිපත් කරයි:
“නීතියේ ආධිපත්‍යය යනු, හුදෙක් අයිතීන් සහ සමානාත්මතාව පිළිබඳ කාරණයක් පමණක්ම නොවේ. නීතියේ ආධිපත්‍යය යන්නට, රටක සහ එරටේ වෙසෙන සකල ජනතාවගේ තිරසාර ආර්ථික සංවර්ධනයට අදාළ ක්‍රියාවලියත්, එහි කාර්යක්ෂමතාවත් ඇතුළත් වෙයි. එසේ හෙයින්, (වගඋත්තරකරුවන් ගත්) තීන්දු තීරණ අදාළ වන්නේ ආර්ථික ප්රතිපත්තියකට යැයි කී පමණින්, වගඋත්තරකරුවන් වගකීමෙන් නිදහස් වන්නේ නැත.”
මේ කාරණයට ගරු අධිකරණය පිවිසෙන්නේ, ප්රජාතන්ත්රවාදය තුළ පැනෙන ඉතා වැදගත් එක් මූලධර්මයක් ආශ්‍රය කරගනිමිනි. එය හැඳින්වෙන්නේ, “විශ්වාසය මත පදනම් වන, මහජන භාරය” වශයෙනි. රාජ්‍ය පාලකයන් සහ රාජ්‍ය නිලධාරීන්ට යම් බලයක් පැවරෙන්නේ, ‘විශ්වාසය මත පදනම් වන මහජන භාරයක්’ වශයෙනි. එනම් පාලකයන්ට පැවරෙන බලය නීත්‍යානුකුල වන්නේ, මහජන විශ්වාසය මත පාලකයන්ට පැවරුණු එකී භාරය, රටේ සහ මහජනතාවගේ සුභසිද්ධිය සඳහා ඔවුන් විසින් අභ්‍යාස කරන තාක් පමණක් මිස, එකී මහජනතාවට හානියක් කිරීම සඳහා පාවිච්චි කිරීමට නොවන බවයි. මේ සඳහා ගරු අධිකරණය උද්ධෘතකොට දක්වන කලින් නඩු තීන්දුවක් මේ විනිශ්චයේ 48 වැනි පිටුවේ මෙසේ දැක්වෙයි:
“...තවද, ‘මහජන භාරය’ නමැති මූලධර්මය, මේ අධිකරණය විසින් දීර්ඝ කාලයක් තිස්සේ පිළිගෙන සිය පාවිච්චියට ගෙන තිබේ. එනම්, රාජ්‍ය බලධාරීන් වෙත පැවරෙන බලතල පරම වන්නේවත්, නිර්බාධිත වන්නේවත් නැති අතර, ඒ භාරය බලධාරීන් දැරිය යුත්තේ, ජනතාව සඳහා වන බව ය. ඒ බලය අභ්‍යාස කළ යුත්තේ, බලය පවරා ඇති පරමාර්ථ සාධනය වන පරිදි ය. එසේම, ඔවුන් ඒ බලය අභ්‍යාස කරන ආකාරය, අදාළ පරමාර්ථවලට අනුරූපව, අධිකරණමය විමර්ශණයට බඳුන් කළ හැකි බව ය.”
මේ පිළිබඳව තවත් දීර්ඝ වශයෙන් කරුණු ගෙනහැර දැක්වීමෙන් අනතුරුව ගරු අධිකරණය සිය විනිශ්චයේ 77 වැනි පිටුවේ මෙසේ කියා ඇත:
“අපේ අදහසේ හැටියට, 2 වැනි වගඋත්තරකරු (මහින්ද රාජපක්ෂ), 2 (අ) වගඋත්තරකරු (බැසිල් රාජපක්ෂ), 32 (අ) වගඋත්තරකරු (ගෝඨාභය රාජපක්ෂ) සහ 38 වැනි වගඋත්තරකරු (පී. බී. ජයසුන්දර) යන අයවළුන් (එදා රට වැටෙමින් පැවති බංකොළොත් භාවය වළක්වාගැනීම සඳහා) එක දිගට පියවරක් නොගෙන සිටීම සහ ප්රතිකර්මික පියවරගැනීමක් ගැන අසංවේදී ආකාරයෙන් නොතකා හැරීම වනාහී, මුරණ්ඩු සහ අතාර්කික චර්යාවක් වන අතර, මහජනතාව ඔවුන් කෙරෙහි තැබූ මහජන විශ්වාසය ඒ මගින් ඔවුන් විසින් උල්ලංඝනය කර ඇත.”
මේ පැමිණිලිකරුවන් අධිකරණය වෙත ගියේ සමස්ත රටවැසියන් වෙනුවෙන් බව අධිකරණය පිළිගත්තේය. එසේ යාමට තරම් බරපතල හේතු කාරණා ඔවුන්ට තිබුණි. ඒ ගැන විස්තර කරන අධිකරණය සිය විනිශ්චයේ 116 වැනි පිටුවේ මෙසේ කියයි:
“රටේ ආර්ථිකය පිරිහුණේ එක් රැයකින් නොවන අතර අප ඉදිරියේ ඇති කරුණුවලට අදාළ යම් කාලයක් තුළ එය සිදු වූ බව කවුරුත් දනිති. මේ අධිකරණය වෙත ඉදිරිපත්ව ඇති කරුණු අනුව, දළ රාජ්‍ය සංචිත සහ මහබැංකු සංචිත හිඳී ගොස් ඉතිහාසයේ පෙර නොවූ විරූ පහළ අඩියකට වැටී තිබුණු බව පැහැදිලියි. එහි රුදුරු ප්‍රතිවිපාක රටේ සියලු වැසියන්ට එක සේ විඳින්නට සිදු වුණි. පෙට්‍රල්, ගෑස් සහ ඖෂධ වැනි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය නැති වීම සමග විදුලිය කපාහරින දීර්ඝ පැය ගණන් තුළ ජනතාවගේ දිවිපැවැත්ම එක තැන නතර වුණි. රටවැසියන්ට විඳගැනීමට සිදු වූ ඒ මහා විඳවිල්ල, නිසැකවම, අසීමාන්තික විය.”
එසේ කියන ගරු අධිකරණය ඊට ඡේදයකට පසුව මෙසේ කියයි:
“තමන්ගේ බලතල ප්‍රකාරව ගත් තීන්දු “ප්‍රතිපත්ති තීරණ” යැයි කියමින් වගකීමෙන් අතහෝදාගැනීමට ඔවුන්ට නොහැක.”
ඔවුන්ගේ නිගමනය කැටි කරමින් අවසානයේ ගරු අධිකරණය කියන්නේ මෙයයි:
“... එබැවින් රාජ්‍ය නිලධාරීන් වශයෙන් තමන් කෙරෙහි ගෞරවයෙන් තබන ලද විශ්වාසය ආරක්ෂා වන ආකාරයෙන් ක්‍රියා කිරීමට වගඋත්තරකරුවන් සෑම වෙලාවකම බැඳී සිටී. මීට ඉහතින් හඳුනාගන්නා ලද (වගඋත්තරකරුවන්ගේ) ක්‍රියාකාරකම්, නොකර හැරීම්, තීරණ සහ චර්යාව, පැහැදිලිවම, ආර්ථික අර්බුදයට දායක වී ඇති අතර, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, මහබැංකුවේ මූල්‍ය මණ්ඩලය, නිවාඩ් කබ්රාල්, ඩබ්.ඩී. ලක්ෂ්මන්, එස්. ආර්. ආටිගල, සමන්ත කුමාරසිංහ, ගෝඨාභය රාජපක්ෂ සහ පී. බී. ජයසුන්දර යන වගඋත්තරකරුවන් වෙත පවරන ලද මහජන භාරය/විශ්වාසය කඩකොට ඇත. ඒ අනුව, ව්‍යවස්ථාවේ 12 (1) වගන්තියෙන් කියැවෙන නීතියේ සමාන ආරක්ෂාවට ඇති මූලික අයිතිය උල්ලංඝණය කර ඇති බවට තීන්දු කරමු.”
පැමිණිලිකරුවන් කිසිවෙකු වන්දියක් ඉල්ලා නැත. ඒ නිසා, ඔවුන්ගේ නඩු ගාස්තු පමණක් ගෙවිය යුතු බවට අධිකරණය තීන්දු කෙළේය.
මේ රට විනාශ කෙළේ රාජපක්ෂ පවුල ඇතුළු ඔවුන්ගේ නිලධර තන්ත්රය විසින් ය යන්න තවදුරටත් දේශපාලනික කතාවක් පමණක් නොවේ. එය, රටේ ඉහළම අධිකරණය විසින්ද තීන්දු කර ඇති තතු යටතේ, තවදුරටත් මේ මහා විනාශයෙන් පලායාමේ කිසි ඉඩක් රාජපක්ෂවරුන්ට ඉතිරිව නැත. අධිකරණය විසින් දෙන ලද මේ තීන්දුව ඉදිරි මැතිවරණයකදී අපරානුමත කිරීම රටේ සියලු පුරවැසියන්ගේ යුතුකමයි. වගකීමයි.
අවසාන වශයෙන්, මෙතරම් සංකීර්ණ පැමිණිල්ලක් සමාජ සුභසිද්ධිය සඳහාම අධිකරණය වෙත යොමු කිරීම ගැන ඉහත කී පැමිණිලිකරුවන් සියල්ලන්ටත්, ඒ පැමිණිල්ල ගරු අධිකරණය ඉදිරියේ විදග්ධ ආකාරයෙන් සනාථ කිරීමට සමත් වූ ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය ඇතුළු නීතිඥ මඬුල්ලටත් පුරවැසියන් වශයෙන් අප කවුරුත් ණයගැති විය යුතුය.
Windyhttp://www.blogger.com/profile/16625585454214566462noreply@blogger.com0tag:blogger.com,1999:blog-3126379340621948143.post-33482762092221298912023-11-10T14:51:00.004+05:302023-11-10T14:51:27.616+05:30“අධිකරණය ඉදිරියට එතොත්, පිරිසුදු දෑතින් එව!”
ගාමිණී වියන්ගොඩ
සමස්තයක් වශයෙන් අදීන අපේ අධිකරණයේ ඉඳහිට සිදුවන පීලි පැනීම් තිබේ. ඇතැම් විනිසුරුවරුන් නිසා අධිකරණයේ ගෞරවය සහ අධිකරණය කෙරෙහි ජනතාව තුළ තිබෙන විශ්වාසය පළුදු වූ අවස්ථා ඉතිහාසයේ දක්නට තිබුණි. ඉන් එක් කැපීපෙනෙන අවස්ථාවක් වුණේ, සුනාමි ආධාර අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂට එරෙහිව තිබූ නඩුව විභාග කළ ආකාරයයි. එම නඩුවේදී, තමන්ට අවශ්‍ය විණි නම් මහින්ද රාජපක්ෂව හිරේ යැවීමට හැකියාව තිබුණු බවත්, එදා එසේ නොකිරීම ගැන තමා ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවත්, ඒ නඩුව විභාග කළ හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා ඊට වසර ගණනාවකට පසු අවස්ථාවක ප්‍රසිද්ධ වේදිකාවක කීවේය. මෙයින් පෙනී යන්නේ, යුක්තිය ඉෂ්ට කිරීම වෙනුවට, අයුක්තියට ඉඩ හැරීමේ යම් ඉඩහසරක් සහ අවසරයක් විනිසුරුවරයෙකුගේ අභිමතය විසින් නිර්මාණය කළ හැකි බවයි.
සෑම විනිසුරුවරෙයකුටම පාහේ එවැනි අවසරයක් සිය පාවිච්චියට ගත හැකි අවස්ථා සිය වෘත්තීය ජීවිතය තුළ මුණගැසෙනවාට කිසි සැකයක් නැත. එහෙත් අතිබහුතරයක් විනිසුරුවරුන් එවැනි අවස්ථා තමාගේ පුද්ගල රුචිකත්වයන් සඳහා පාවිච්චියට නොගෙන, නීතිය විසින් ඉල්ලා සිටින යුක්තිය පසිඳලීම කෙරෙහි පමණක් යොමු වීම සාමාන්‍ය සිරිතයි. රටක අධිකරණයක් අදීන සහ අපක්ෂපාතී වන්නේ එවිට ය. එසේ නොමැතිව, පැමිණිලිකරුවන් තමන් ඉදිරියට ‘පිරිසුදු දෑතින් නොපැමිණි බව’ කියමින්, අර අගවිනිසුරුවරයා මහින්ද රාජපක්ෂව නිදහස් කළා පමණක් නොව, පැමිණිල්ල ඉදිරිපත් කළ ‘පිරිසුදු දෑතින් නොපැමිණි’ යැයි ඔහු සිතූ තුන්දෙනාට, එක්කෙනෙකුට රුපියල් ලක්ෂය බැගින් වන වන්දියක් ගෙවන ලෙසටත් නියම කෙළේය.
අභිමතානුසාරී සහනයක් පතාගෙන අධිකරණය ඉදිරියට එන කෙනෙකු ‘පිරිසුදු දෑතින්’ පැමිණිය යුතු බව, සාධාරණ පදනමක් මත විනිශ්චය කළ පූර්වාදර්ශ කිහිපයක් අපේ පැරණි නඩු තීන්දුවල තිබේ. ‘පිරිසුදු දෑත’ යනුවෙන් මෙහිදී දළ වශයෙන් අදහස් වන්නේ, අදාළ අභිමතානුසාරී සහනය කෙනෙකු අධිකරණයෙන් අපේක්ෂා කළ යුත්තේ, සාධාරණ සහ පොදු යහපත සඳහා මිස, පටු සහ හුදෙක් පුද්ගල අවශ්‍යතා පිරිමැසීම සඳහා නොවිය යුතු බවයි. යමෙකු කෙරෙහි වන ද්වේෂයක් වැනි අගතියක් පෙරටු කරගෙන, යමෙකු අපහාසයට සහ නින්දාවට පත්කිරීමක් සඳහා අධිකරණයෙන් සහන නොපැතිය යුතු බව එහි මුඛ්‍යාර්ථයයි. ඒ මූලධර්මය කෙරෙහි එකහෙලා කෙනෙකුට විරුද්ධ විය නොහැකි වෙතත්, එය භාවිතයට ගැනීමේ පරාසය පුද්ගල කේන්දී්රය තලයක් භජනය කිරීම හේතුවෙන් අසීමිත අවකාශයක විසිරිය හැකි නිසා, බොහෝවිට එකී මූලධර්මය අවභාවිත වීමේ හෝ සාධාරණ සීමාවෙන් ඔබ්බට යාමේ වැඩි ඉඩකඩක් තිබේ. (මේ න්‍යාය ඉතා ඈතට ගෙන ගියොත්, දූෂණයට ලක් වූ ගණිකාවකට කිසි දවසක යුක්තිය පතා අධිකරණයක් ඉදිරියට පැමිණිය නොහැකි වනු ඇත).
ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය
ගෝඨාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසි භාවය අභියෝගයට ලක්කරමින් මේ ලියුම්කරු සහ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර පැවරූ පෙත්සම විභාගයට ගැනීමේදී, මේ මූලධර්මය, එක්තරා නොමඟ යවනසුළු පදනමක් මත පිහිටා අර්ථගැන්වුණි. අපේ නඩුව විභාගයට නොගෙන අභියාචනාධිකරණය විසින් වීසි කිරීමට එක් හේතුවක් වුණේ, ගෝඨාභය රාජපක්ෂ වගඋත්තරකරු කරමින් අප ඉල්ලා සිටි සහනය අපට ලබාදීමට තරම්, අපේ ‘දෑත් පිරිසුදු නැති’ බවට අධිකරණය තීන්දු කිරීමයි. මේ කියන අපේ අත්වල තිබුණු ‘අපිරිසුදුව’ කුමක්ද?
අප දෙදෙනා කළ පැමිණිල්ලක් ප්‍රකාරව, පොලීසිය විසින් මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ කරුණු ඉදිරිපත් කෙළේය. අපේ පැමිණිල්ල වුණේ, ගෝඨාභය රාජපක්ෂ ලබාගෙන ඇතැයි කියන ලංකාවේ ද්විත්ව පුරවැසි භාවය නීත්‍යානුකූල එකක් නොවන බවයි. හෙවත්, ඔහු ශ්‍රී ලාංකිකයෙකු නොවන බවයි. එහිදී, ගෝඨාභය රාජපක්ෂව අත්අඩංගුවට ගැනීමට/ඔහුගෙන් ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද ඉල්ලීමක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළ බවක් එක්තරා මාධ්‍යයක පළ වී තිබුණි. ඒ ප්‍රවෘත්තිය දැකීමෙන් අප ‘බෙහෙවින් සිත් තැවුළට පත් වූ’ බව, පොලීසියට දෙන ලද අපගේ ප්‍රකාශයක සටහන්ව තිබුණි. ඒ හේතුව, එනම් ගෝඨාභය රාජපක්ෂව අත්අඩංගුවට ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණය ඉඩ නොදීම ගැන අප ‘බෙහෙවින් සිත් තැවුළට පත්වීම’, ගෝඨාභය රාජපක්ෂ කෙරෙහි අපගේ පූර්ව-අගතියක් පිළිබඳ සාක්ෂියක් වශයෙන් අභියාචනාධිකරණය සැළකීය. එනම්, අප අධිකරණය ඉදිරියට ගොස් තිබුණේ ‘අපිරිසුදු දෑතිනි.’ හෙවත්, ගෝඨාභය රාජපක්ෂ කෙරෙහි පැවති ජන්මාන්තර වෛරයකිනි.
එහෙත් ඇත්තෙන්ම සිදුව තිබුණේ කුමක්ද? මාධ්‍යයේ පළ වී තිබුණු ඒ වාර්තාව අමූලික බොරුවකි. ගෝඨාභය රාජපක්ෂව අත්අඩංගුවට ගැනීමට එදා මහේස්ත්‍රාත් අධිකරණයෙන් පොලීසිය ඉල්ලා සිටියේ නැත. ඒ නිසා මහේස්ත්‍රාත් අධිකරණයෙන් එවැනි ප්‍රතික්ෂේප කිරීමක් සිදු කර තිබුණේද නැත. මේ බොරු වාර්තාව පළ කළ මාධ්‍යවේදීන් ඊට පසුවදා අධිකරණය ඉදිරියට කැඳවා, ඒ ගැන අවවාද කිරීමට තරම් මහේස්ත්‍රාත් අධිකරණය පියවර ගෙන තිබුණි. එම වැරදි වාර්තාව මාධ්‍ය තුළ ගොනුකොට තිබුණේ, අපේ ‘පරාජයක්’ සහ ගෝඨාභය රාජපක්ෂගේ ‘ජයග්‍රහණයක්’ පිළිබඳ බොළඳ ප්‍රවෘත්තියක් රටට ගෙනහැරපෑමට උනන්දුවක් තිබුණු, මාධ්‍ය ක්ෂේත්රයේ සිටි යම් පිරිසකි. ඒ අනුව අප, ‘බෙහෙවින් සිත් තැවුලට පත්වුණේ’ මහේස්ත්‍රාත් අධිකරණයකින් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට ඉඩ නොදීමක් නිසා නොව, එසේ ඉඩ නොදුන් බවට හිතාමතා වැරදි වාර්තාවක් යම් පිරිසක් විසින් මාධ්‍ය මගින් ජනගත කිරීම නිසා ය. එය, මාධ්‍ය සදාචාරය උල්ලංඝණය කිරීමකි. පොලීසියට දෙන ලද අපේ කටඋත්තරයක සඳහන් වන්නේ ඒ කාරණයයි. එහෙත්, අපේ එම ප්‍රකාශයට වැරදි අර්ථකථනයක් ආරූඪ වීම නිසා, අපේ අත් ‘පිරිසුදු නැති බව’ ඒ මගින් නිගමනය කිරීමට අභියාචනාධිකරණය එදා ඉක්මන් වුණි. (මේ සමස්ත තීන්දුව අභියෝගයට ලක්කොට අප ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනුකොට තිබුණත්, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වීමත් සමග, ජනාධිපතිවරයාට එරෙහිව නඩු කීමේ ඉඩක් නීතියේ නැති නිසා, ඒ නඩුව අප විසින් ඉල්ලා අස්කරගැනුණි).
ඕෂල හේරත්ට වඩා ඩයනා ගමගේ ‘පිරිසුදු වීම’
මේ කියන ‘අත් පිරිසුදු නැති’ කතාව පසුගිය දා ඩයනා ගමගේට එරෙහිව සමාජ ක්‍රියාකාරික ඕෂල හේරත් විසින් අභියාචනාධිකරණය ඉදිරියේ පවරා තිබූ ‘ක්වෝ වොරන්ටෝ’ ආඥාව සම්බන්ධයෙන්ද සඳහන් විය. අභියාචනාධිකරණ සභාපතිවරයා වන බන්දුල කරුණාරත්න සහ ඛේමා ස්වර්ණාධිපති යන ගරු විනිසුරුවරුන් විසින් මේ නඩුව වීසි කරන ලදි. ඒ අනුව ඔවුන්ගේ තීන්දුව වුණේ, ඩයනා ගමගේට පාර්ලිමේන්තු අසුන දැරීමට බාධාවක් නැති බවත්, ඈට නින්දා කිරීමට සහ ඇය අපහසුතාවට පත්කිරීම සඳහා සමාජ ක්‍රියාකාරික ඕෂල හේරත් විසින් මේ ‘ක්වෝ වොරොන්ටෝ’ ආඥාව ඉල්ලා සිට ඇති බවත් ය. එහෙත්, අභියාචනාධිකරණයේ මේ නඩුව විභාග කළ අනෙක් ගරු විනිසුරුවරයා වන එම්. ඒ. ආර්. මරිකක්කාර් ඊට ඉඳුරා ප්‍රතිවිරුද්ධ නිගමනයකට පැමිණ, ඩයනා ගමගේට පාර්ලිමේන්තු ආසනයක් දැරීමට නීත්‍යානුකූල අයිතියක් නැති බවට තීන්දුවක් දුන්නේය.
මේ පරස්පර තීන්දු දෙක සඳහා පදනම් වී ඇතැයි පෙනෙන, දැනට ප්‍රකාශයට පත්ව ඇති හේතු කාරණා පිරික්සීමේදී, අභියාචනාධිකරණයේ සභාපති ඇතුළු බහුතර විනිසුරු මතය, ඕෂල හේරත්ගේ ‘දෑතේ අපිරිසුදු භාවය’ මත වැඩියෙන් රඳා සිට ඇති බවක් පෙනෙන්ට තිබේ. අනිත් පැත්තෙන්, එම්. ඒ. ආර්. මරික්කාර් විනිසුරුවරයාගේ තීන්දුව, නිමිත්ත වෙනුවෙන් ඉදිරිපත්ව ඇති දත්ත සහ නීතිමය මූලධර්ම ආශ්‍රයකොට පවතින බවක් බැලූ බැල්මට පෙනෙන්ට තිබේ.
‘ක්වෝ වොරොන්ටෝ’ යනු, යමෙකුට බලය ලැබෙන්නේ කොහෙන්ද යන්න ප්‍රශ්න කරන නඩු විශේෂයකි. උදාහරණයක් වශයෙන්, ඩයනා ගමගේට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට බලය සහ සුදුසුකම එන්නේ කොතැනින් කොහොමද යන ප්රශ්නය මතු කිරීම, ඒ නඩුවේ මූලික හරයයි. එහිදී, එම්. ඒ. ආර්. මරික්කාර් විනිසුරුතුමා උපුටා දක්වන එක් නිදර්ශනයක්, මේ පිළිබඳ වැදගත් නෛතික මූලධර්මයක් අවබෝධ කරගැනීමට අපට උපකාර වෙයි. ඒ මෙසේ ය: ටිකට් පතක් නොමැතිව දුම්රියේ ගමන් කර අසුවන තැනැත්තෙකු සම්බන්ධයෙන් නඩුවක් වෙතොත්, දුම්රියේ ගමන් කිරීමට තමා අතේ ටිකට් පතක් තිබුණු බව ඔප්පු කළ යුත්තේ එම තැනැත්තා මිස පැමිණිලිකාර ටිකට් පරීක්ෂකවරයා නොවේ. ඕෂල හේරත් කෙළේ, ඩයනා ගමගේ බි්රතාන්ය පුරවැසියෙකුට හිමි විදෙස් ගමන් බලපත්‍රයකින් ලංකාවට ආ ගිය බවත්, ලංකාවේ ද්විත්ව පුරවැසි භාවයක් නොලබා, ලංකාවේ විදේශ ගමන් බලපත්‍ර කිහිපයක්, කූඨ ලේඛන මාර්ගයෙන් ඇය ලබාගෙන ඇති බවත් පෙන්වා දීමයි. ඒ බවට, ආගමන-විගමන පාලක ජෙනරාල් අංශයද සනාථ කරයි.
දැන්, ස්වාභාවික යුක්ති ධර්මය දෙසට සහ සාමාන්‍ය බුද්ධිය දෙසට හැරෙන්න: කෙනෙකුට ද්විත්ව පුරවැසි භාවයක් නැති බව ඔප්පු කිරීමද වඩා පහසු, එසේ නැත්නම්, ද්විත්ව පුරවැසි භාවයක් ඇති බව ඔප්පු කිරීමද වඩා පහසු? තමාට බලය ලැබුණේ කොහෙන්දැයි විමසන ‘ක්වෝ වොරොන්ටෝ’ නඩුවකදී, බලය ලැබුණු ආකාරය ඔප්පු කළ යුත්තේ, එසේ ඔප්පු කිරීමට අවශ්‍ය සාක්ෂි අනිවාර්යයෙන් තමන් අතේ තිබිය යුතු පුද්ගලයා ය. (ටිකට් නැතිව කෝච්චියේ ගිය පුද්ගලයා සිහියට ගන්න). ඩයනා ගමගේගේ ශ්‍රී ලංකා පුරවැසි භාවය පිළිබඳ සහතිකය තිබිය හැක්කේ ඩයනා ගමගේගේ අතේ මිස, ඕෂල හේරත්ගේ අතේ නොවේ. ඒ නිසා, යුක්තිය පසිඳලීම සඳහා අධිකරණයට සහාය වන ඕනෑම කෙනෙකු ඒ වැදගත් සාක්ෂිය අධිකරණයට ඉදිරිපත් කිරීමට බැඳී සිටියි.
දැන් තවත් පැත්තකින් මේ ප්රශ්නය දෙස බැලිය හැකියි. මේ රටේ වෙසෙන දෙකෝටියකට අධික ජනතාවක් තමන්ගේ පුරවැසි භාවය ඔප්පු කරන, උප්පැන්න සහතිකය හෝ ජාතික හැඳුනුම්පත, ඩයනා ගමගේ සම්බන්ධයෙන් ප්‍රමාණවත් නොවන්නේ ඇයි? ඇය බි්රතාන්ය පුරුවැසියෙකු වශයෙන් යම් අවස්ථාවකදී සිටි බව ඇය විසින්මත් පිළිගෙන ඇති බැවිනි. බි්රතාන්ය විදේශ ගමන් බලපත්‍රයක් පාවිච්චි කරමින් ලංකාවට ආ ගිය කෙනෙකු වන බැවිනි. ඒ කාරණය ඇය විසින් පිළිගැනීමේ පටන්, ලංකාවේ පුරවැසි භාවය ඔප්පු කිරීමේ පූර්ණ බර පැටවෙන්නේ ඩයනා ගමගේට ය.
දෙවැනුව, දෙහිඅත්තකණ්ඩියේ පියදාස බි්රතාන්ය විදේශ ගමන් බලපත්‍රයකින් ලංකාවට ආ ගිය බවක් ආගමන-විගමන දෙපාර්තමේන්තුව කීවොත්, එය අප කාටවත් වැදගත් කාරණයක් නොවේ. පියදාසගේ අල්ලපු ගෙදර වෙසෙන සිරිපාලටත් එය වැදගත් නැත. එහෙත්, ඩයනා ගමගේ යනු අර දෙකෝටියකට අධික ජනතාවක් නියෝජනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අසුන් ගන්නා නියෝජිතවරියකි. එසේ වන හෙයින්, ඕසල හේරත් පමණක් නොව, මුළු මහත් ඡන්දදායක ජනතාවම මේ ‘ක්වෝ වොරොන්ටෝ’ භාවය ඇගෙන් ඉල්ලා සිටිය යුතුය. ඒ සහතිකය ඉදිරිපත් කිරීම ඇය ප්‍රතික්ෂේප කරයි නම්, එනයින්ම ඇය ලංකාවේ පුරවැසියෙකු නොවන බවට නිගමනය කළ යුතුය. කරුණු එසේ තිබියදී, පැමිණිලිකාර ඕසල හේරත්ගේ ‘දෑත් පිරිසුදු නැතැ’ යි කීම (එය ඇත්තක්ම වුණත්), සාධාරණ විනිශ්චයාසනයකින් පුරවැසියන් බලාපොරොත්තු වන දෙයක් නොවේ.
ළබැඳියාවන් අතර ගැටුමක් ?
මේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුතුමා පිළිබඳව ඊයේ (8) පාර්ලිමේන්තුවේදී යම් හෙළිදරව්වක් කෙරුණි. ඒ, ක්‍රිකට් පාලක මණ්ඩලයට අදාල නඩුවක් සම්බන්ධයෙනි. වර්තමාන ක්‍රිකට් පාලක මණ්ඩලය ක්‍රීඩා ඇමතිවරයා විසින් විසුරුවා හරිනු ලැබීමට එරෙහිව මේ විනිසුරුතුමා විසින් අතුරු තහනම් නියෝගයක් පනවන ලදි. මේ ක්‍රිකට් නඩුවට අදාළ සියලු දත්ත අප සතුව නැති නිසා, එකී අතුරු වාරණ නියෝගය ගැන අදහසක් ප්‍රකාශ කිරීමට අපට පුළුවන්කමක් නැත. එහෙත්, ඊයේ පාර්ලිමේන්තුවේදී කියැවුණු එක් කාරණයක්, එය සත්‍යයක් වන්නේ නම්, බරපතළ වැදගත්කමකින් යුක්තයි. ක්‍රිකට් පාලක මණ්ඩලයට සම්බන්ධ සහ ක්‍රිකට් පාලක මණ්ඩලයේ නීති අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින එක් පුද්ගලයෙකු/නීතිඥවරයෙකු, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුතුමාගේ ඥාති පුත්‍රයෙකු වන බවයි. මෙය, පැහැදිලිවම ළබැඳියාවන් අතර ගැටුමක් ඇති කරන තත්වයකි. එසේ හෙයින්, සභාපති විනිසුරුතුමා මේ නඩුව විභාග කිරීමෙන් ඉවත්ව සිටිය යුතුව තිබුණු බව, සාමාන්‍ය පුරවැසි ඥානයට වැටහෙන කාරණයකි.
ඒ අනුව, නීතියේ සහන පතා පුරවැසියෙකු අධිකරණයක් ඉදිරියට පැමිණීම ‘දෑත් පිරිසුදුව’ කළ යුතු කාර්යයක් යැයි යමෙකු කියන්නේ නම්, පුරවැසියන් සරණ පතා යන ඒ අධිකරණයේ විනිසුරුවරයෙකු ඊටත් වඩා ‘දෑත් පිරිසුදුව’ එහි අසුන් ගත යුතුව ඇතැයි කෙනෙකුට කිව නොහැක්කේ මන්ද? අධිකරණයේ ස්වාධීනත්වය, අදීනත්වය සහ ගෞරවය ආරක්ෂා කරන ප්‍රධාන සාධකය වන්නේ, විනිසුරුවරුන්ගේ සුපිළිපන් භාවය බව අමුතුවෙන් කිව යුතු නැත.
Windyhttp://www.blogger.com/profile/16625585454214566462noreply@blogger.com0tag:blogger.com,1999:blog-3126379340621948143.post-7170715988464486622023-10-13T14:06:00.002+05:302023-10-13T14:06:49.784+05:30 රාජ්‍ය නායකයෙකු දැනුවත්ව බොරු කීම සහ කරුණු වසං කිරීම
ගාමිණී වියන්ගොඩ
සාමාන්‍යයෙන් රටක නායකයෙකු බොරු කියන්නේ සහ කරුණු වසං කරන්නේ හෝ විකෘති කරන්නේ, තමන්ගේ රටේ ඡන්දදායකයන් ඉදිරියේ ය. එයද, බොහෝවිට, මැතිවරණ කාලයේදී ය. මෙවැනි දේශපාලනඥයෝ ජාත්‍යන්තර වේදිකාවට ගිය විට, හැකිතාක් සත්‍ය වසංකොට කතා කිරීමට බැලුවත් කෙළින්ම බොරු නොකියති. බොරුවක් කීවත්, එය රාජ්‍ය තාන්ත්‍රික වාංමාලාවක දවටා, සත්‍යයක් සේ හැඟෙන ආලේපයක් ඊට ගල්වති. එහෙත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දා ජාත්‍යන්තර මාධ්‍ය ඉදිරියේ කරුණු වසංකොට කතා කළා පමණක් නොව, තමන් කියන බොරුව තව පැයකින් හෝ දෙකකින් පසු අතේ පැළවෙන බව දැනගෙනම බොරු කීවේය.
ගිය සතියේ මේ කොලමේ, ඔහු ජර්මානු රූපවාහිනි නාලිකාවක් සමග පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවට මුහුණදුන් ආකාරය ගැන කරුණු සාකච්ඡා කොට ඇත. එහිදී අපේ මූලික අවධානයට යොමු වුණේ, ඒ මාධ්‍යකරුවා ඉදිරියේ ඔහු හැසිරුණු අසංවර ආකාරය සහ අතාර්කික භාවය ගැනයි. ජරමානු මාධ්‍යකරුවාගේ තිබුණු සංයමය සහ සෘජු භාවය ජනාධිපතිවරයාගේ අහලකින්වත් ප්‍රදර්ශනය නොවුණු බව එහිදී අප පෙන්වා දුනි.
එහෙත්, දැන් කරුණු අනාවරණය වන ආකාරයට ඔහු එහිදී තර්කයෙන් ජයගැනීම සඳහාම හෝ උද්ධච්චකම නිසා හෝ, හිතාමතා බොරු කියා ඇති බවත් ඔප්පු වී තිබේ. ඒ, වෙනත් වැදගත් කරුණු ගණනාවක් වසං කිරීමට සහ විකෘති කිරීමට, ඒ සාකච්ඡාවේදී ගත් උත්සාහයට අමතරව ය.
කාදිනල්වරයාගේ කොල කෑල්ලක් අතේ තියාගෙන තමාගෙන් ප්‍රශ්න ඇසීමට කලින්, අදාල මාතෘකාව පිළිබඳ “ගෙදර වැඩ” කරගෙන ඒමට මාධ්‍යවේදියෙකුට හැකියාව තිබිය යුතු යැයි පුරසාරම් කියමින් ඒ සාකච්ඡාවේදී රනිල් වික්‍රමසිංහ අර මාධ්‍යවේදියාව හෑල්ලුවට ලක්කෙළේය. රනිල් වික්‍රමසිංහ එහිදී කී “ගෙදර වැඩ” යන්න, ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවට අදාළ කාරණයකි. රනිල් වික්‍රමසිංහ එහිදී නොකියා කීවේ, මැල්කම් රංජිත් කාදිනල් හිමියන්ගේ වචනය විශ්වාස නොකර, ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව සමග අර ජර්මානු මාධ්‍යවේදියා කතා කළ යුතුව තිබුණු බවයි. මේ ප්රශ්නය පැනනැඟුණු මොහොතේ, ‘ඔබ ලංකාවේ රදගුරු සමුළුව සමග කතා කළාද?’ යැයි රනිල් වික්‍රමසිංහ අර මාධ්‍යවේදියාගෙන් ප්‍රශ්න කෙළේය. මාධ්‍යවේදියාගේ උත්තරය වුණේ ‘නැත’ යන්නයි. එවිට ඉතා ජයග්‍රාහීව රනිල් වික්‍රමසිංහ කියන්නේ ‘එහෙනම් තමුසෙට කිසි අයිතියක් නැහැ මගෙන් ඔය ප්රශ්නය අහන්න!’ යනුවෙනි. මාර තර්කයකි!
අදිසි හස්තය දේශීය එකකි
ඇත්ත වශයෙන්ම ඒ මාධ්‍ය සාකච්ඡාවට සවන්දෙමින් සිටිද්දී මගේ සිතට නැඟුණු අදහස වුණේ, කාදිනල්වරයාගේ මතයට වෙනස් මතයක්, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ලංකාවේ රදගුරු සමුළුවට ඇතැයි කියා ය. ඊට සවන්දුන් ඕනෑම කෙනෙකුට හැඟෙන අදහස එයයි. කාදිනල් හිමියන් දැන් කාලයක සිට දිගින් දිගට කියමින් සිටින එක් මුඛ්‍ය කතාවක් තිබේ. එනම්, සහරාන් ඇතුළු ත්රස්තවාදීන්ට අමතරව, ඔවුන්ව මෙහෙයවූ අදිසි හස්තයක් පාස්කු ප්‍රහාරය පසුපස තිබී ඇති බවයි. එය, ජාත්‍යන්තර අදිසි හස්තයකැයි කාදිනල්වරයා පිළිනොගනී. ඒ වෙනුවට, ඔහු දරන අදහස බව පෙනෙන්නේ, ලංකාව ඇතුළේම යම් කිසි පිරිසක්, දේශපාලනික හේතු පෙරදැරිව මේ ත්‍රස්තවාදී ප්‍රහාරයට යම් ආකාරයකින් සහාය සපයා ඇති බව හෝ ආශීර්වාදකොට ඇති බවකි. ඔහුට අනුව, ඒ ‘අදිසි හස්තය’ දේශීයයි.
මේ මතය රාජපක්ෂලා ප්‍රතික්ෂේප කරති. රනිල් වික්‍රමසිංහ දැන් රාජපක්ෂ කඳවුරේ ජනාධිපතිවරයා වන නිසා ඔහුද ඒ මතය ප්‍රතික්ෂේප කරන බවක්, මේ කියන මාධ්‍ය සාකච්ඡාවේදී පෙන්නුම් කෙළේය. එංගලන්තයේ චැනල් 4 නාලිකාව පසුගිය දා මුදාහැරිය වීඩියෝ හෙළිදරව්ව තුළ ඇඟිල්ල දිග් කෙරෙන්නේ, ඒ කියන ‘දේශීය’ දේශපාලනික හස්තය හෝ ජාලය වෙතට ය. චැනල් 4 නාලිකාවේ මේ චෝදනාවේ සත්‍යතාව අපි කවුරුත් තවම හරිහැටි නොදනිමු. ඒ නිසාම කාදිනල් හිමියන් ඇතුළු අප කවුරුත් ඉල්ලා සිටින්නේ, ගවේෂණයකොට, පරීක්ෂණකොට ඒ සත්‍යය සොයාගත යුතුව ඇති බවයි. එහිදී, ඒ ගවේෂණය හෝ පරීක්ෂණය දේශීය වශයෙන් සිදු කළ නොහැක්කක් බව, මේ පාස්කු ප්‍රහාර සිද්ධිය පමණක් නොව, ඊට කලින් ඇති වූ දේශපාලනික අපරාධ සියල්ල සම්බන්ධයෙන්ද, අප කවුරුත් අත්විඳ ඇති සත්‍යයකි. එවැනි දේශීය පරීක්ෂණවලින් මේ දක්වා යුක්තියක් හෝ සාධරණත්වයක් වින්දිතයන්ට ඉටු වී නැත. ඒ නිසා, මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්ද ජාත්‍යන්තර පරීක්ෂණයක අවශ්‍යතාව දැන් කාලයක සිට, මෙරටේ යුක්තිය සහ සාධාරණත්වය අපේක්ෂා කරන කවුරුත් ඉල්ලා සිටින දෙයකි.
ජාත්‍යන්තර පරීක්ෂණයක් නොපවත්වන බව, ජර්මානු මාධ්‍යවේදියා ඉදිරියේ රනිල් වික්‍රමසිංහ කියා සිටියේ එවැනි තත්වයක් යටතේ ය. එසේ නොපැවැත්වීම සඳහා තමන්ට ලංකාවේ කතෝලික රදගුරු සමුළුවේ අනුමැතියත් ලැබී ඇතැයි යන්න ගම්‍ය කිරීමට ඔහුට අවශ්‍ය විය. “තමුසෙ නෙවෙයි, මමයි රදගුරු සමුළුව එක්ක ගනුදෙනු කරන්නේ. ඒක නිසා කටවහගන්නවා!” යැයි ඔහු අර මාධ්‍යවේදියාට සැර විය. අසාගෙන සිටි අපටත්, ලෝකයාටත් ඔහු දුන් පණිවිඩය වුණේ, කාදිනල්වරයා ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටියද, ලංකාවේ රදගුරු සමුළුව එවැන්නක් ඉල්ලා නොසිටින බවකි. පාස්කු ප්‍රහාරය පසුපස දේශීය අදිසි හස්තයක් ක්‍රියාත්මක වී ඇතැයි කාදිනල්වරයා කීවද, ලංකාවේ රදගුරු සමුළුව එවැනි අදහසක් නොදරන බවයි.
එහෙත්, මේ සාකච්ඡාව අවසන් වී දින දෙකක් ගියේ නැත. ලංකාවේ කතෝලික රදගුරු සමුළුව ප්‍රකාශයක් නිකුත් කෙළේය. කතෝලික රදගුරු හිමිවරුන් 12 දෙනෙකු සහ සහායක කතෝලික රදගුරු හිමිවරුන් 2 ගේ අත්සනින් එය නිකුත් විය. එයින් කියැවුණේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් සියල්ලන් දරන මතය, කාදිනල් හිමිපාණන් දරන මතයම වන බවයි! එසේ තිබියදී, ‘කාදිනල්වරයාගේ කොල කෑල්ලක්’ අතේ තියාගෙන තමාගෙන් ප්‍රශ්න අසන බවට අපහාසකොට, ජර්මානු මාධ්‍යවේදියා අපහසුතාවට පත්කරමින්, රනිල් වික්‍රමසිංහ සිංහ ස්‍යොවෙන් කියා ඇත්තේ තනිකර බොරුවකි. එතෙකින් නොනැවතුණු ඔහු, ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටින්නේ කිහිප දෙනෙකු පමණක් බවත්, පාර්ලිමේන්තුව එවැනි ඉල්ලීමක් කර නැති බවත්, තවදුරටත් කියාගෙන ගියේය.
දේශීය පරීක්ෂණයක් පිළිබඳ විශ්වාසය නැත්තේ දෙතුන් දෙනෙකුට පමණක්ද?
නමුත් සත්‍යය කුමක්ද? විපක්ෂ නායකවරයා ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන සමස්ත විපක්ෂයමත් කියා සිටින්නේ, රනිල් වික්‍රමසිංහ පත්කිරීමට යන කමිටුවට හෝ පාර්ලිමේන්තු කාරක සභාවකට හෝ මේ පරීක්ෂණය පවත්වා සත්‍යය හෙළිදරව් කරගැනීමට හැකියාවත් ඇතැයි තමන් විශ්වාස නොකරන බවයි. මේ පාස්කු ප්‍රහාරය වැළැක්වීමට අවශ්‍ය පියවර නොගැනීම පිළිබඳ අධිකරණයෙන් වැරදිකරුවෙකු වී විශාල වන්දියක් ගෙවීමටත් නියම වී සිටින, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටී. ජාතික ආරක්ෂාවට අදාළ කරුණු සම්බන්ධයෙන් වැඩිම අත්දැකීමක් සහ ගැඹුරු දැනුමක් ඇති කෙනෙකියි සිතිය හැකි, හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාද ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටී. සුළු ජාතීන් නියෝජනය කරන ප්‍රධාන විපක්ෂය වන ‘දෙමළ ජාතික සන්ධානයත්’ එවැනි පරීක්ෂණයක් ඉල්ලා සිටී. මේ සියලු කරුණු රනිල් වික්‍රමසිංහ අර මාධ්‍ය සාකච්ඡාවේදී හිතාමතා වසංකොට, ‘දෙතුන් දෙනෙකු ඇරෙන්න වෙන කෙනෙක්... පාර්ලිමේන්තුවෙන් එවැනි ඉල්ලීමක් කරලා නැහැ’ යි කීවේය.
පාර්ලිමේන්තුවෙන් එවැනි ඉල්ලීමක් පැමිණිය යුතු බව කීමෙන් රනිල් වික්‍රමසිංහ අදහස් කෙළේ කුමක්ද? පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත කරගන්නා යෝජනාවක් මාර්ගයෙන් එවැනි පරීක්ෂණයක් පැවැත්විය යුතු යැයි ඉල්ලා සිටීම එවැන්නක් සඳහා අනිවාර්ය බවද? මෙවැනි මහා අපරාධයක් පරීක්ෂා කිරීම අරමුණු කරගත් කර්තව්‍යයකට, පාර්ලිමේන්තුවේ යෝජනා සම්මත කරගත් ඉල්ලීමක් අවශ්‍ය යැයි කියන්නේ, මොන නීතියක් හෝ මොන සම්ප්රදායයක් උඩද? ජාත්‍යන්තර පරීක්ෂණයක් කිරීම සඳහා රටේ ඉල්ලීමක් නැතැයි බොරුවක් කියන අතරේම, අනිත් පැත්තෙන්, එවැනි පරීක්ෂණයක් කිරීම සඳහා අත්‍යාවශ්‍ය කොන්දේසියක් වශයෙන් ‘පාර්ලිමේන්තුවෙන් කෙරෙන ඉල්ලීමක්’ තිබිය යුතුය යන ව්‍යාජ අවසරය ගෙනහැරපෑමෙන්, තමාගේ තර්ක ඥානයේ පවතින පටු භාවයත් රනිල් වික්‍රමසිංහ එදා ලෝකයාට හෙළි කෙළේය.
ඊළඟට, පාස්කු ප්‍රහාරය ගැන මේ දක්වා පරීක්ෂණ පවත්වා ඇති ජාත්‍යන්තර සංවිධාන ගණනාවක නම් පෙළක් ජනාධිපතිවරයා කියවාගෙන යයි. බි්රතාන්ය පොලීසිය, ඕස්ටේ්රලියානු, ඉන්දියානු සහ චීන පමණක් නොව, පාකිස්තානු පොලීසිය පවා පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ පවත්වා ඇතැයි ඔහු කීවේය. ඒවා සියල්ලේ නිගමනය වශයෙන් ඔහු දක්වා සිටියේ, ‘විදේශ සම්බන්ධතාවක්’ මේ පාස්කු ප්‍රහාරයට නැති බවයි. එය, ගිය සතියේ මේ කොලමෙන්ද කියා ඇති පරිදි, අපේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරීක්ෂණවලින්ද සොයාගෙන තිබුණු කාරණයකි. එහෙත් මේ කියන ජාත්‍යන්තර සංවිධාන මගින් කර ඇතැයි කියන පරීක්ෂණ වාර්තාවන්හි, කාදිනල්වරයා ඇතුළු යුක්තිය අපේක්ෂා කරන සියල්ලන් එක දිගට කියා සිටින, ‘දේශීය අදිසි හස්තය’ පිළිබඳ කිසි සඳහනක් නැත්දැයි රනිල් වික්‍රමසිංහ කියන්නේ නැත. කෙසේ වෙතත්, දැන් ඔහුගේ මෙම ප්‍රකාශය නිසා, ඒ කියන ජාත්‍යන්තර පරීක්ෂණ වාර්තා සියල්ල තමන්ට ලබාදෙන්නැයි ලංකාවේ රදගුරු සමුළුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.
කතෝලික පල්ලියෙන් ‘අතරමැද’ ඉල්ලීමක්
මෙසේ තිබියදී ඊයේ (11), කතෝලික රදගුරු සමුළුවෙන් පත්කරන ලද ‘ජාතික කතෝලික කමිටුවෙන්’ ප්‍රකාශයක් නිකුත්කොට තිබේ. කාදිනල් මැල්කම් රංජිත් පියතුමාද එහි එක් අත්සන්කරුවෙකි. මේ ලිපියෙන් ඉල්ලා සිටින්නේ ‘විදේශීය නිරීක්ෂකයන් සහිත දේශීය පරීක්ෂණයක්’ පවත්වන ලෙසයි. පූර්ණ ජාත්‍යන්තර පරීක්ෂණයක් සහ පූර්ණ දේශීය පරීක්ෂණයක් යන ස්ථාවර දෙකට අතරමැද තැනක් වශයෙන් මෙය පෙනෙන්ට තිබේ. එසේම, මේ දක්වා පවත්වන ලද ජනාධිපති කොමිෂන් සභා සහ පාර්ලිමේන්තු කාරක සභා ආදියෙන් සැලකිල්ලට ගෙන නැති ඉතා වැදගත් කරුණු රාශියක් වෙත අවධානය එම ලිපියෙන් යොමු කර තිබේ. ඇමරිකානු එෆ්.බී.අයි. බුද්ධි අංශ විමර්ශකයෙකු විසින් ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන ලද අයි.පී. ලිපිනයට හිමිකම් කියන පුද්ගලයා පිළිබඳ මේ දක්වා සොයා නොබැලීම, ‘සොනික් සොනික්’ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන පොලිස් පරීක්ෂක බණ්ඩාර නමැත්තාව ප්‍රශ්න කිරීම නතර කර ඇත්තේ මන්දැයි සොයාබැලීම, අබු හින්ද් නමැත්තා හඳුනාගැනීමට මේ දක්වා අපොහොසත්ව සිටීම, ජමිල් නමැති බෝම්බකරුවාට අපේ බුද්ධි අංශ සමග පැවති සම්බන්ධතාව සොයා නොබැලීම සහ පුපුරණ ද්‍රව්‍ය පුරවාගත් ලොරියකට ගැලනිගම අධිවේගී මාර්ග fදාරටුවෙන් පිටවීමට හැරීමේ සිද්ධිය ගැන විධිමත්ව සොයා නොබැලීම ආදී කරුණු රාශියක් ඒ අතර වෙයි.
මෙතෙක් පවත්වන ලද විමර්ශනවලින් මොන තරම් වැදගත් කරුණු මඟහැරී ඇත්ද යන්න මෙයින් ස්ඵුට වෙයි. ඒවා සියල්ලම පාහේ, එක්කෝ නොදැනුවත්ව මඟහැරී ඇති කරුණු ය. නැත්නම්, බලධාරීන්ගේ අකුල්හෙලීම නිසා හෝ ඔවුන්ගේ බලපෑම් නිසා විමර්ශනය කළ නොහැකි වූ කරුණු ය. ජාත්‍යන්තර පරීක්ෂණයකින් හෝ ජාත්‍යන්තර නිරීක්ෂණය යටතේ පැවැත්වෙන පරීක්ෂණයකින් මෙහා, පාස්කු ප්‍රහාරයේ සැබෑ සුලමුල සොයායාමේ හැකියාවක් නැති බව මෙයින් පෙනේ. ඉතිං, ජනාධිපතිවරයා පෙනී සිටින්නේ පාස්කු වින්දිතයන් වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කිරීමේ සැබෑ අරමුණ වෙනුවෙන් නම්, පාස්කු ප්‍රහාරයේ සැබෑ මොළකරුවන් නීතිය ඉදිරියට පැමිණවීම වෙනුවෙන් නම්, දැන් කතෝලික රදගුරුවරුන්ගේන් ඉදිරිපත්ව ඇති මේ අතරමැද ඉල්ලීම කෙරෙහි සාධනීය ප්‍රතිචාරයක් දැක්විය යුතුව තිබේ.
Windyhttp://www.blogger.com/profile/16625585454214566462noreply@blogger.com0tag:blogger.com,1999:blog-3126379340621948143.post-16136044329256113272023-10-06T13:10:00.000+05:302023-10-06T13:10:26.170+05:30වික්‍රමසිංහ ලෝකය ජයගැනීම !
ගාමිණී වියන්ගොඩ
රනිල් වික්‍රමසිංහ යනු උගතෙකියි කියති. වැඩකාරයෙකියි කියති. මීට කලින් ජනාධිපති පදවියේ සිටි මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන සමග සසඳන විට, ඔහු උගතෙකු බව ඇත්තයි. ඒ සැසඳීමෙන් එහාට ගොස් බැලුවත්, ඔහු උගතෙකැයි කීමට බැරිකමක් නැත. ඒ ප්‍රධාන කාරණා දෙකක් නිසා ය. මේ කාරණා දෙකම, අපේ මිනිසුන්ගේ දිළිඳු විඥානයේ තරමට සකස් කරගත් බොල් නිර්ණායක දෙකකි. ඒවා මෙසේ ය:
(1) ඔහු ඇතැම් විෂයයන්ට අදාළ කරුණු සහ දත්ත දනී. විශේෂයෙන්, ලෝක යුද්ධවලට අදාළ කරුණු සහ ප්‍රධාන පෙළේ ලෝක නායකයන් පිළිබඳ තොරතුරු දනී. තවත් එවැනි වෙනත් විෂයයන් පිළිබඳ දත්ත ඔහු කටපාඩමින් දනී. මීට බොහෝ කාලයකට පෙර ජැක්සන් ඇන්තනි අපේ ඉතිහාස රජවරුන්ගේ නම්ගම් සහ නෑකම් (අහවලාගේ පුතා අහවලා, අහවලාගේ බාප්පා අහවලා ආදී වශයෙන්) පිළිවෙලින් සහ කටපාඩමින් ගිරවෙකු මෙන් කියාගෙන යන වීඩියෝවක් අප දැක ඇත. එය දුටු බොහෝ අය, ජැක්සන් ඇන්තනි මහා ඉතිහාසඥයෙකු සේ සලකන්ට ඇත. ඉතිහාසය යනු දත්ත සහ සිද්ධි පිළිබඳ මතකය වශයෙන් සැලකීමට අප තුළ ඇති පුරුද්ද ඊට හේතුවයි. අවසානයේ ඒ ජැක්සන් ඇන්තනි නැවතුණේ, මහින්ද රාජපක්ෂ සුද්දෝදන රජ පවුලට නෑකම් ඇතැයි කියමිනි.
උගතා සහ බුද්ධිමතා අතර වෙනසක් බොහෝවිට අවධාරණය කෙරෙන්නේ එබැවිනි. ප්රශස්ත අර්ථයෙන් ගත්තොත්, උගතා යනු කරුණු දන්නා කෙනා ය. අවම අර්ථයෙන් ගත්තොත්, උගතා යනු අධ්‍යාපන සහතික ඇති තැනැත්තා ය. අනිත් අතට, බුද්ධිමතා යනු, තමන් උගත් කරුණු අනුසාරයෙන් අලුත් ඥානයක් සහ දැක්මක් ඇති කරගැනීමට තරම් මොළයක් ඇති තැනැත්තා ය.
(2) ලංකාව වැනි රටවල පවතින යටත්විජිත මානසිකත්වය නිසා ‘උගතා’ යන්න තවත් ආකාරයකින්ද නිර්වචනය වෙයි. එනම්, ඉංග්‍රීසි දත් තැනැත්තා ලෙසිනි. ඉංග්‍රීසි කතා කරන කෙනෙකු උගතෙකු වශයෙනුත්, ඉංග්‍රීසි නොදන්නා කෙනෙකු නූගතෙකු වශයෙනුත් සලකන පුරුද්දක් අපේ රටේ තිබේ. මෙය, සහමුලින්ම යටත්විජිත මානසිකත්වය විසින් ඇති කරන ලද හැඟීමකි. භාෂාවක් වශයෙන් ඉංග්‍රීසියම පමණක් අප විසින් කරට ගෙන තිබීමෙන් එය ඔප්පු වෙයි. ඇයි, ප්‍රංශ, ස්පාඤ්ඤ, ජපන් හෝ හින්දි හෝ චීන භාෂා උගත් කෙනා ‘උගතෙකු’ වශයෙන් නොසැලකෙන්නේ? අපේ අධිරාජ්‍යවාදී ස්වාමියා, ඉංග්‍රීසිකාරයා මිස අර කී කිසි ජාතිකයෙකු නොවන නිසා ය. කොච්චර බැන්නත් අපට අවශ්‍ය කරන්නේ ‘සුද්දෙකු’ වීමට ය.
දැන්, සියලු රාජපක්ෂලාට වෙනස්ව, රනිල් වික්‍රමසිංහ උගතෙකු වශයෙන් සැලකෙන්නේ මේ කියන කාරණා දෙක නිසා ය. ඔහු පොතපත කියවතියි කියති. එසේම, ඇතැම් විෂයයන් සම්බන්ධයෙන් (නැවතත්, රාජපක්ෂලාට සාපේක්ෂව) ඔහු තොරතුරුවලින්ද සන්නද්ධ බවත් ඇත්තකි. එහෙත්, ලෝකය සහ දේවල්ද, සංසිද්ධි සහ සංකල්පනාද, වඩාත් තාර්කිකව සහ අපක්ෂපාතීව ඥානනය කිරීමට තරම් බුද්ධිමය පරිචයක් නැති කෙනා සැබෑ බුද්ධිමතෙකු නොවේ. එවැන්නෙකු, තමා දන්නා විෂය කරුණු සහ දත්ත පාවිච්චියට ගන්නේ, සැබෑව නිරාවරණය කරගැනීම සඳහා නොව, බොරුව අස්සේ සැඟවීමට අවශ්‍ය සුහුරු මෙවලම් ලෙස ය. රනිල් වික්‍රමසිංහ, පසුගිය දා ජර්මනියේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සිය භාවිතයෙන් පෙන්නුම් කෙළේ තමාද එවැන්නෙකු බව ය. හැබැයි, ‘ඌටත්, උගේ සනුහරේටත් ඇටි හැලෙන්න දුන්නා’ යැයි රනිල් වික්රමසිංහත්, ලංකාවේ දේශප්‍රේමීනුත් දැන් ආඩම්බරෙන් සිතනවාට අඩමානයක් නැත.
රාජ්‍යතාන්ත්‍රික ප්‍රොටොකෝලය තුළ, රාජ්‍ය නායකයෙකුට හිමි වන අධිකාරීත්වය පාවිච්චියට ගනිමින් ප්රශ්නකරුවෙකු නිශ්ශබ්ද කිරීම හෝ යටපත් කිරීම ඕනෑම රාජ්‍ය නායකයෙකුට ඉතා පහසුවෙන් කළ හැකි දෙයකි. ඉඩි අමින් ඒ දිනවල එසේ හැසිරුණි. අනිත් පැත්තෙන්, රාජ්‍ය නායකයෙකුගෙන් ප්‍රශ්න අසන මාධ්‍යවේදියෙකු අනිවාර්යයෙන්ම රාජ්‍ය නායකයාගේ බහට, ඉතා මෙහා සීමාවකදී නතු වෙයි. හෙවත් ඔහු නිශ්ශබ්ද වෙයි. ඒ ද්විත්ව වාසිය රනිල් වික්‍රමසිංහ උපරිමයෙන් ප්‍රයෝජනයට ගත්තා මිස, මේ කියන සම්මුඛ සාකච්ඡාවේදී, තමන්ගේ බුද්ධිමය ප්රභාවක් හෝ ශිෂ්ටසම්පන්න සංයමයක් හෝ ප්‍රදර්ශනය කිරීමට ඔහු මුළුමණින්ම අසමත් විය.
අපේ නායකයෙකු මෙතරම් කුලප්පු වුනේ සහ ඇවිස්සුනේ මන්දැයි මට සිතාගත නොහැකි විය. එය ඉතා අතාර්කික කැසිල්ලකි. එසේම ලෝකයා හිනාගස්සන තර්ක ක්රමයකි. උදාහරණයක් වශයෙන්, පාස්කු ප්‍රහාරය පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම ගැන ප්‍රශ්නකරු විමසන විට රනිල් වික්‍රමසිංහ ප්‍රශ්නකරුගේ ඇඟට කඩාගෙන පැනීම ගත හැකිය. මාධ්‍යවේදියා අසන්නේ එවැනි ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්නේද නැද්ද යන්නයි. ඊට රනිල් වික්‍රමසිංහ දෙන පිළිතුර කුමක්ද? ‘තමුසෙලාගෙ රටවල එහෙම පරීක්ෂණ පවත්වනවාද?’ යන ප්‍රති-ප්රශ්නයකි.
ජනාධිපතිතුමනි, අර මාධ්‍යවේදියා සහ ඔබ සමාන තත්වයක සිටියේ නම්, ඔහු ඔබට මෙසේ කියනු ඇත: ‘ඔබතුමාගේ රටේ මේ ගැන පරීක්ෂණ කීයක් දැන් කරලා තියෙනවද? කොමිෂන් සභා කීයක් පත්කරලා තියෙනවද? පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකුත් පත්කර තියෙනවා නේද? (මේ තෝම්බුව 2008 සිටම අර මාධ්‍යවේදියා එළියට අදිද්දී, රනිල් වික්‍රමසිංහ ඔහුව කටින් ගසා නතර කෙළේය). මීට පෙර, ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ පටන් මේ දක්වා සිදු කෙරී ඇති කිසි දේශපාලනික අපරාධයක බලවන්තයෙකු මේ දක්වා දඬුවමට ලක් වී නැති බව ඔබ නොදන්නේද?”.
ජනාධිපතිතුමනි, ඊළඟට ඔහු ඔබට මේ කරුණත් පෙන්වා දෙනු ඇත: “ඔබතුමා කියන ජර්මනියේ හෝ වෙනත් බටහිර රටක මෙවැනි සිද්ධි සම්බන්ධයෙන් තමන්ගේ නීතිය සහ අධිකරණ ක්‍රියාවලිය සමග සෙල්ලම් දමා ඇති තත්වයකට උදාහරණයක් ඔබට සැපයිය හැකිද? මේ රටවල අගමැතිවරුන් පවා හිරේ යන බව ඔබ දන්නේද? කොටින්ම, දණ්ඩමුක්තියක් මේ රටවල ඇති බවට හෙවත් අපරාධයක් කොට පහසුවෙන් ගැලවී යා හැකි බවට උදාහරණයක් මේ රටවලින් ඔබට දිය හැකිද?”
ජනාධිපතිතුමනි, අවසාන වශයෙන් ඔහු ඔබට මෙසේ කියනු ඇත: ‘මේ රටවල්වලට ජාත්‍යන්තර පරීක්ෂණ අවශ්‍ය නොකරන්නේත්, ඔබේ රටට ජාත්‍යන්තර පරීක්ෂණ අවශ්‍ය කරන්නේත් ඒ නිසා යැයි ලෝකයා කියතොත් ඔබ කියන්නේ කුමක්ද?”
සිරිකොතේ රනිල් ජර්මනියෙන් ප්රාදුර්භූත වීම
මාධ්‍යවේදියාට තමන්ගේ ප්රශ්නය තාර්කිකව පැහැදිලි කිරීමට රනිල් වික්‍රමසිංහ ඉඩ නොදුනි. එසේම, රනිල් වික්‍රමසිංහගේ ප්‍රති-ප්‍රශ්නයට උත්තර දෙන්නටත්, රාජ්‍ය තාන්ත්‍රික ප්‍රොටොකෝලය විසින් මාධ්‍යකරුවාට ඉඩ නොදෙයි. රනිල් වික්‍රමසිංහ මෙහිදී හැසිරුණේ සිරිකොතේ තමන්ගේ පක්ෂයේ සාමාජිකයන් ඉදිරියේ ඔහු හැසිරෙන ආකාරයටමයි. තමාගේ වචනයට පිටින් යාමට කිසිවෙකුට ඉඩ නොදීම ඔහුගේ සිරිතයි. කෙනෙකුට එක වරක් ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට ඔහු ඉඩ දෙයි. ඉන්පසු ඔහු එම ප්‍රශ්නයට දෙන උත්තරය මත නැවත ඔහුව ප්‍රශ්න කිරීමට ඔහු කිසි විටෙක අර ප්‍රශ්නකරුට ඉඩ නොදෙයි. මේ මාධ්‍යවේදියා එසේ පැහැදිලි කිරීමට තැත් කරන එක් අවස්ථාවක ‘තමුසෙ කතා කරන්නෙ බහුබූත!’ යැයි රනිල් වික්‍රමසිංහ ඔහුගේ ඇඟට කඩා පැන්නේය. ප්රශ්නය වන්නේ, මුළු ලෝකයාටම ඔහුගේ අසංයමයත්, අර මාධ්‍යවේදියාගේ සංවරයත් ප්‍රදර්ශනය වීමයි. අශිෂ්ඨත්වය සහ ශිෂ්ටත්වය පුටු දෙකක වාඩි වී සිටි පුද්ගලයන් දෙන්නෙකුගෙන් ප්‍රදර්ශනය වීමයි.
ඇමරිකාවේ එෆ්.බී.අයි. සහ එංගලන්තයේ අපරාධ විමර්ශන අංශ මගින් කළ පරීක්ෂණ වාර්තා ඇති බවත්, පිටස්තර කිසිවෙකු පාස්කු ප්‍රහාරයට සම්බන්ධයක් නැතැයි ඒවායේ කියා ඇති බවත් රනිල් වික්‍රමසිංහ එහිදී කීවේය. එෆ්.බී.අයි. වාර්තාවේ පිටස්තර සම්බන්ධයක් නැතැයි කියා ඇත්තේ අයි.එස්.අයි.එස්. වැනි ජාත්‍යන්තර අන්තවාදී මුස්ලිම් සංවිධානවල සහභාගීත්වයක් පාස්කු ප්‍රහාරයට තිබී නැති බවයි. එය, ඔවුන් පමණක් නොව, අපේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවා එක දිගටම පෙන්වා දී ඇති කාරණයකි. චැනල් 4 හෙළිදරව්ව තුළ නැඟෙන චෝදනාව වන්නේ, රට ඇතුළේම, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු අපේම පිරිසකගේ සම්බන්ධයක් පාස්කු ප්‍රහාරයට තිබී ඇති බව ය. ජර්මානු මාධ්‍යකරුවාගේ ප්රශ්නය එයයි. ඊට උත්තරයක් වශයෙන්, රටින් පිටස්තර සංවිධානයක සම්බන්ධයක් මීට නැති බව එෆ්.බී.අයි. වාර්තාවෙන් පවා කියා ඇති බව රනිල් වික්‍රමසිංහ කීම, යන්නෙ කොහෙද මල්ලෙ පොල් කතාවකි.
රනිල් වික්‍රමසිංහ කෙමෙන් රාජපක්ෂකරණය වීම
මේ සාකච්ඡාවේ එක තැනකදී, “හූ ආ යූ?’ (තමුසෙ කවුද?) කියා රනිල් වික්‍රමසිංහ මාධ්‍යවේදියාට දමා ගසයි. ඊළඟට, තමාද රූපවාහීනි මාධ්‍ය ඇතුළු මේ ක්ෂේත්රයේ සෑහෙන කාලයක් කරක්ගසා ඇති බවට කයිවාරුවකුත් ගසයි. මට මතක් වුණේ, ගෝඨාභය රාජපක්ෂව ය. එක් විදේශ මාධ්‍යවේදියෙකු ලසන්ත වික්‍රමතුංග ගැන ප්‍රශ්නයක් ඇසූ අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂත්, ‘හූ ඉස් ලසන්ත?’ (කවුද ලසන්න කියන්නෙ?) කියා ඇසුවේය. ඒ මාධ්‍ය සාකච්ඡාවේදීත් මේ විදිහටම විදේශ මාධ්‍යවේදියාට ගෝඨාභය සැර වුණි. රනිල් වික්‍රමසිංහ යනු ගෝඨාභය රාජපක්ෂගේ අනුමැතියෙන් සහ ඔහුගේ කඳවුරේ ඡන්දයෙන් ජනාධිපති තනතුරට පත් පුද්ගලයා වන නිසා දෙන්නා අතරේ එවැනි සාම්‍යත්වයක් තිබීමත් අරුමයක් නොවේ. ඇත්තෙන්ම, මේ සමස්ත මාධ්‍ය සාකච්ඡාව තුළ රනිල් වික්‍රමසිංහ පෙනී සිටියේ ලංකාව නමැති රටේ ජනාධිපතිවරයා වශයෙන් නොව, ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ඔවුන්ගේ පවුල වෙනුවෙන් තමන් පෙනී සිටිය යුතු යැයි සිතන ජනාධිපතිවරයෙකු වශයෙනි.
අපේ රට ගැන බටහිර ආකල්පය වෙනස් විය යුතු බව ඔහු අවධාරණය කරන විට, ජාත්‍යන්තර මානව හිමිකම් කොමිෂන් වාර්තාව තමා ප්‍රතික්ෂේප කරන බව ඔහු කියන විට, ජාත්‍යන්තරය සම්බන්ධයෙන් කාලයක් තිස්සේ අපට හුරුපුරුදු රාජපක්ෂ වාගාලාප නිතැතින්ම අපේ සිතට එයි. කාලයක් තිස්සේ සිදු වූ සියලු අපරාධවලින් සැඟවීම සඳහා රාජපක්ෂලා පාවිච්චි කළ ‘දේශප්‍රේමී’ වාංමාලාව අපේ මතකයට එයි. රනිල් වික්‍රමසිංහ යා යුත්තේ තව එක අඩියකි. එවිට, මේ සියල්ල ‘බටහිර කුමන්ත්‍රණ’ වශයෙන් ඔහු හඳුන්වනු ඇත!
හිටිගමන්, තමන් ඉන්නේ සිරිකොතේ නොවන බව එක මොහොතකදී ඔහුට මතක් විය. එවිට සන්සුන් වූ ඔහු, තමා දැන් කමිටුවක් පත්කර ඇති බවත්, ඒ කමිටුවෙන් නිසි පරීක්ෂණයක් නොකෙරුණොත් පාර්ලිමේන්තු කමිටුවකින් නැවත ඒ ගැන සොයා බැලිය හැකි බවත්, තැන්පත්ව කීවේය. පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් සහ යුක්තිය සහ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින සියල්ලන් මේ සම්මුඛ සාකච්ඡාවෙන් අවබෝධ කරගත යුතු වැදගත් පාඩමක් තිබේ. එනම්, දැනට මියගොස් සිටින ත්රස්තවාදීන් හැරුණුකොට වෙන කිසිවෙකු මේ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධයක් නැතැයි යන අවසාන තීන්දුවට රනිල් වික්‍රමසිංහ දැනටමත් පැමිණ ඇති බවයි. එය රාජපක්ෂලාගේ අවසාන තීන්දුවයි.
රනිල් වික්‍රමසිංහගේ සමස්ත හැසිරීම මොන තරම් අතාර්කිකද යන්න සොයා බැලිය හැකි හොඳම ක්‍රමය, මේ සාකච්ඡාව ආරම්භයේදී නැඟෙන ප්‍රශ්නයට ඔහු උත්තර දෙන ආකාරයත්, සාකච්ඡාව අවසාන වන විට ඔහුගේ හැසිරීම වැටී තිබූ තත්වය සැලකිල්ලට ගැනීමත් ය. සාකච්ඡාව පටන්ගන්නා මොහොතේම මාධ්‍යකරු අසන්නේ, මේ ජර්මානු සංචාරය අවසන් වී ආපසු ලංකාවට යන විට ගෙන යාමට යහපත් පණිවිඩයක් ඇත්ද යන්නයි. ඊට පිළිතුරු දෙමින්, අප අතරේ (එනම්, බටහිර සහ අපේ රට අතරේ) පරතරය අවසන්ව ඇති බවත්, අප අතරේ වඩාත් හොඳ අවබෝධයක්, විශේෂයෙන් යුරෝපය පැත්තෙන් අප පිළිබඳ හොඳ අවබෝධයක් ඇතිව තිබීම සතුටට කාරණයක් බවත් රනිල් වික්‍රමසිංහ කියයි. එහෙත්, ඉන්පසු සාකච්ඡාව පුරාම ඔහු හැසිරුනු ආකාරයෙන් කියාපෑවේ, ඔවුන් (බටහිර) ගැන එවැනි යහපත් අවබෝධයක් සහ පැහැදීමක් තමා තුළ නම් කොහෙත්ම නැති බවයි. සමහරුන් ඔහුව ‘රනිල් රාජපක්ෂ’ නමින් හැඳින්වීමේ යම් තර්කයක් ඇතැයි මට නිකමට සිතුණි.
Windyhttp://www.blogger.com/profile/16625585454214566462noreply@blogger.com0tag:blogger.com,1999:blog-3126379340621948143.post-24601299512054327822023-09-22T10:23:00.004+05:302023-09-22T10:27:06.009+05:30 කණ්නාඩියෙන් පස්ස බලනකොට පේන්නේ අනාගතය
මහේෂ් හපුගොඩ
ඉතිහාසය ඇතුලේ සාර්ථක අවසන් සංග්‍රාමයක් වෙනුවෙන් සේනා සම්පාදනය කරලා ඒ වෙනුවෙන් මාර වෙහෙසක් වෙන්නේ වළගම්බා. ඒක එක්තරා ගරිල්ලා අත්දැකීමක් අද දවසේ අර්ථයෙන් ගත්තම. ඒ මහන්සිය වගේම වළගම්බා ආපසු අනුරාධපුරයට ඇවිල්ල ඒ සංග්‍රාමය අවසානයක් දක්වා සාර්ථකව අරන් ගියා.
ඒ වගේම තමයි වළගම්බා හැංගිලා හිටියේ වැඩිපුරම ගල් ගුහාවල. ඒ කියන්නේ ලංකාවේ මධ්‍යම කඳුකරය ආසන්නයේ සබරගමු පළාතේ බොහොමයක් ගල් ගුහාවල. ඒ ගල්ගුහා වල කුඩා කුඩා පන්සල් දකින්නත් පුළුවන් (cave temples). ඒවා ඔක්කොම කෙරෙව්වෙත් වළගම්බා. ඒ පන්සල් අද හොඳ තෝතැන්නක් ඓතිහාසික 'ගුහා සංචරණය' ලංකාවේ ප්‍රවර්ධනය කරන්න (cave tourism).
ගල් ගුහා මතක් උනේ ඉතිහාසය අද දවසේ ඉඳන් පසු අර්ථකතනය කරන්න ගත්තම විමුක්තිගේ ''අහසින් වැටෙයි'' ඊයේ තරංගනී ශාලාවේ ආයෙත් බලල.
අහසින් වැටුණු කතා නායකයා මේ මහා ඩිස්තොපික ඝාතන සෙවනැල්ලෙන් බේරෙන්න කරන්නේ ගහක තියන ගුලකට රිංගන එක. ඒකට රිංගල ජීවිතේ බේරගන්න හදන එක. පස්සේ පුළුවන් 'මාමල' මරන්න. දැන් ඕනි පණ බේරාගන්න. මේ ගුහාව (ගුල) විමුක්ති ගෙනෙන්නේත් ඉතිහාසයේ මොකක්දෝ කුමාරයෙක්ගේ කතාවක් පදනම් කරගෙන.
ඒ කියන්නේ කණ්නාඩියෙන් පස්ස බලනකොට (A) ඇත්තටම පේන්නේ අතීතය නෙවෙයි (B) වර්තමානය (Not B). වෙන විදියකට කිව්වොත් අතීතය නොවන දෙය. මෙන්න මේක තමයි විමුක්ති මේ ෆිල්ම් එකෙන් ගේන්න හදන ප්‍රවාදය. A කියන ස්ථානයේ ඉඳල පසු ආවර්තිතව B දෙස බලනකොට පේන්නේ B නෙවෙයි. වෙනත් දෙයක්. C වෙන්නත් පුළුවන්.
මේ අනුව අනාගතයේ අර්ථයෙන් අද දවසේ හොයාගන්න ගුහාව වැදගත්. බයේ රිංගලා ඉන්න නෙවෙයි. අවස්ථාව එන කල් පසුබහින්න. වළගම්බා කළා වගේ.
මේ අනුව කතා නායකයා 'අහසින් වැටිලා' ටවුමේ අලකලංචි මැද්දෙන් යන්නේ ගමට. ස්වභාවධර්මය දෙසට. ස්වභාව ධර්මයේ තිබෙන ගහක තමයි අවසන් සැඟවුම් ස්ථානය තෝරාගන්නේ. හරියට මවගේ ඇකය වගේ. නැත්නම් ගර්භාෂය වගේ (womb). අතර මඟදී වුණත් උදව්කරන්නේ වයසක අම්මා කෙනෙක්. දුටුගැමුණුට කළා වගේ.
නමුත් විමුක්ති අර ජැක්සන් ඇන්තනී ගෙනාපු ඉතිහාසයෙන් සාර්ථකව වෙනස් වෙනවා. ඒක වැදගත්.
මේක ලංකාවේ අරගල ඉතිහාසය එක්ක සැසඳෙනවා. ජවිපෙ වගේම විමුක්ති කොටි කියන පාර්ශව දෙකම තෝරාගත්තේ කැලේ.
නගරය තෝරා ගත්ත ගෝල්ෆේස් අරගල මොඩලයට අල්ලාගෙන ඉන්න පුළුවන් උණේ මාස තුනක් විතරයි. වන්නි කැලේ කොටි අවුරුදු තිහක් අල්ලාගෙන හිටිය. ජවිපෙ අවුරුදු ගණනක් අල්ලාගෙන හිටිය.
ඒ නිසා මම අවිඥාණිකව මෑතදී ලිව්වා ආයේ අරගල කරන්න කොළඹ එන්න එපා කියල. විමුක්ති කියන්නෙත් ඊට ටිකක් සමාන අදහසක්. මේ ෆිල්ම් එක 2009 කරනකොට කොටි සංවිධානය අවසන් වෙලත් නැහැ. ගෝල්ෆේස් කියල එකක් දැකල තිබ්බෙත් නැහැ. බංකොලොත් ලංකාවක් කියල එකක් දැනගෙන හිටියෙත් නැහැ.
ඒ නිසා විමුක්තිගේ ෆිල්ම් එක ස්ථානගත වෙන්නේ කාලයට නිරපේක්ෂක තැනක. සාපේක්ෂව නිරපේක්ෂක තැනක. එහෙම ෆිල්ම් මේ කාලයේ කෙරෙනවා අඩුයි. ඒ ෆිල්ම් එක තනිකර රූපකයක්. ගිහිල්ල බලන්න.
Windyhttp://www.blogger.com/profile/16625585454214566462noreply@blogger.com0tag:blogger.com,1999:blog-3126379340621948143.post-56303029098311170982023-09-22T09:19:00.004+05:302023-09-22T09:19:54.756+05:30 “ටෘත් විත් අහවලා”
ගාමිණී වියන්ගොඩ
“බේබද්දෙකු වීමට, අලසයෙකු වීමට, බියගුල්ලෙකු වීමට, වලත්තයෙකු වීමට ඔබට නිදහස ඇත. එහෙත්, නිදහසේ හිතන්නට ඔබට නිදහස නැත.” - ජෝර්ජ් ඕවල්
ඉහත කී උද්ධෘතයේ මුලින් කී කාරණා සඳහා ලැබෙන නිදහස සහ දෙවැනුව කී කාරණය සඳහා නොලැබෙන නිදහස අතර සහසම්බන්ධයක් ඇත. මේ ලැබීම සහ නොලැබීම, හුදෙක් පිටස්තර කිසිවෙකු විසින් ඔබේ කැමැත්තකින් තොරව බලහත්කාරයෙන් පටවන දෙයක් නොවේ. එහෙත්, යම් පිටස්තර ක්‍රියාවලියක් විසින් ඔබව හැසිරවිය හැකි මූලික යාන්ත්‍රණය නිපදවා ඇති අවස්ථාවක, ඔබ යනු බේබද්දෙකු සහ වලත්තයෙකු වීමට අවසර ඇති මුත්, නිදහසේ හිතන්නට අවසර නැති පුද්ගලයෙකු බවට ඉබේම පත්වෙයි. වැදගත් වන්නේ මෙයයි: තනියෙන් සිතීමට අවසරයක් තමාට තිබිය යුතු යැයි නොසිතන පුද්ගලයෙකු බවට ඔබම මේ මොහොත වන විට පත්ව සිටීමයි.
මෙවැනි මොහොතක විශේෂත්වය මෙයයි: ඔබ වෙනුවෙන් සිතන වෙනත් පිරිසක් බිහිවෙති. ඔබ වෙනුවෙන් ඔවුන් සිතතියි ඔබට සිතෙයි. එහෙත් ඇත්තෙන්ම සිදුවන්නේ, ඔවුන් සිතන දෙය ඔබත් සිතන දෙයක් බවට ඔවුන් විසින්ම පත්කිරීමයි. කාලයක් යද්දී ඔබ ඒ ක්‍රමයට හුරු වෙයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්, චැනල් 4 අනාවරණය මත ගෝඨාභය රාජපක්ෂව හෝ සුරේෂ් සලේ නමැති හිටපු හමුදා බුද්ධි අංශ ප්‍රධානියාව හිරේ දැමිය යුතු යැයි සිතීම මුග්ධ ය. ඒ වැඩසටහනෙන් ඉදිරිපත් වූ කරුණු එවැන්නක් සඳහා කොහෙත්ම නොසෑහෙයි. ඊට වඩා, ගෝඨාභය හිරේ දැමීම සඳහා ලෙහෙසියෙන් ඔප්පු කළ හැකි සිදුවීම් රාශියක් තිබුණි. එහෙත් ඒ කිසිවක්, යුක්ති ධර්මයේ විනිශ්චයාසනය වෙත නොපැමිණියා පමණක් නොව, කිසි දවසක පැමිණෙන්නේද නැත.
දැන්, අලුත් පරිච්ඡේදය හැඩගැසෙන්නේ මෙසේ ය: සැබෑව නිරාවරණය කරගැනීම සඳහා යම් උත්සාහයක් ගන්නා යමෙකු සිටීද, ඔහු/ඇය ඉවරයක් කර දැමිය යුතුය. එවැනි මිනිසුන් සිටින තාක්, ඉහතින් කී ‘රොබෝ සමාජයක්’ පවත්වාගෙන යාම කළ නොහේ. දිල්රුක්ෂි ඩයස් නම් වූ උගත්, බුද්ධිමත් කාන්තාව ඔබට මතකද? සමාජ සාධාරණත්වය වෙනුවෙන් ඇගේ මැදිහත් වීම, එක් දූෂිත දේශපාලනඥයෙකුගේ සහ එක් දූෂිත ව්‍යාපාරිකයෙකුගේ කූඨ මැදිහත්වීමෙන් සහ රාජ්‍ය අනුග්‍රහයෙන් නතර කළ හැකි විය. ශානි අබේසේකර නමැති පොලිස් නිලධාරියා සම්බන්ධයෙන්ද එම ක්‍රියාවලියම දියත් කෙරුණි. ශානී අබේසේකර හිරේ යැවීමට සහ අපරාධකරුවන් නිරුපද්‍රිත වීමට එය ඉවහල් විය.
චැනල් 4 ගැන දැන් පිස්සු වැටී සිටින්නේ, ඒ වැඩසටහනේ මොනයම් හෝ විශේෂිත හෙළිදරව්වක් නිසා නොව, හෙළිදරව්වක් සඳහා අවශ්‍ය කළ මුත්, එතෙක් පාවිච්චි කළ නොහැකිව තිබූ ‘තහනම් වචන’ කිහිපයක් සමාජගත වීම නිසා ය. සුරේෂ් සලේ එවැනි එක් නාමයකි. ඒ සමග ගැටගැසුණු, හමුදා බුද්ධි අංශ සහ දේශපාලනය අතර සහසම්බන්ධතාව, එතෙක් තහනම්ව පැවති, දැන් ඉස්මත්තට පැමිණ ඇති, තවත් පරිශ්‍රයකි. මෙය, භයානක ඉඩහසරක් වශයෙන් සැලකේ. එනිසා වහා එය වසා දැමිය යුතුය. ඒ සඳහා, පාස්කු ප්‍රහාරයේ වගකීම, ගොඩින් බේරාගත හැකි හෙවත් පැටවිය හැකි, අහුමුලු ඇවිස්සිය යුතුය.
“ටෘත් විත් අහවලා” නමින් යූටියුබයක් දැන් කාලයක සිට ක්‍රියාත්මකයි. පසුගිය සතියේ එහි එක් වැඩසටහනක මාතෘකාව වුණේ, “සහරාන් අල්ලන්න ගිය කණ්ඩායමට ශානී ආපහු එන්න කිව්වා” යන්නයි. මාතෘකාවේ සඳහන, සාකච්ඡාවේ/වාර්තාවේ අඩංගුව තුළ නොමැති වීම, මෙවැනි බොහෝ ඉදිරිපත් කිරීම්වල දකින්ට ලැබෙන විශේෂ ලක්ෂණයකි. පැයකට ආසන්න කාලයක් තිස්සේ දිවෙන වැඩසටහන පුරා කිසි තැනක, එසේ ශානී කී බවක් සඳහන් නොවීම ඊට උදාහරණයකි.
මොහු කවුද?
මේ සාකච්ඡාවට කැඳවා සිටියේ, හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන පාලිත සිරිවර්ධන ය. මොහුම ඊට දවස් කිහිපයකට පසු, වෙනත් රූපවාහිනි නාලිකාවකත් මේ මාතෘකාවම සාකච්ඡා කිරීම සඳහා කැඳවා තිබුණි. මොහු කවුද? සරත් වීරසේකර ඇමතිවරයෙකු වශයෙන් සිටියදී ඔහුගේ උපදේශකයෙකු වශයෙන් කටයුතු කළ අයෙකි. ඒ නිසා, පාස්කු ප්‍රහාරය සහ රාජපක්ෂලා සම්බන්ධ වෙනත් කරුණු අරභයා සරත් වීරසේකර පාර්ලිමේන්තුවේදී කර ඇති ප්‍රකාශ සහ මේ විශ්‍රාමික පොලිස් නිලධාරියාගේ ප්‍රකාශ අතර අපූරු සමානත්වයක් සටහන් වෙයි.
මීට වසර විස්සකට පමණ කලින්, වැලිකඩ පොලීසියේ ස්ථානාධිපති වශයෙන් සිටියදී, මොහු සහ යම් කාන්තාවක් අතර අයථා සම්බන්ධයක් විණැයිද, ඒ කාන්තාවගේ සැමියා වන ශාන්ති කුමාර් නමැත්තාව මොහුගේ අවශ්‍යතාව හෝ අනුදැනුම මත, ‘ආමි ඉන්දික’ නමැත්තා ලවා ඝාතනය කරවන ලදැයිද කියැවුණු සිද්ධියක් ඇති විය. ඒ සිද්ධිය සම්බන්ධයෙන් මේ පොලිස් නිලධාරියා මාස හයක පමණ කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටියේය. අපරාධකාර ‘ආමි ඉන්දික’ රටින් පැන්නේය. සාක්ෂි නැති කම නිසා පොලිස් නිලධාරියා නිදහස් වුණේය. අපරාධය සෘජුව කළ තැනැත්තා රටින් පැනගොස් ඇත්නම් හෝ මියගොස් ඇත්නම්, අපරාධයක ‘මහ මොළකරුවෙකු’ සොයාගැනීම අපහසු ය. පාස්කු ප්‍රහාරයත් ඊට තරමක් සමානයි. පුදුමය වන්නේ, මේ කියන සාකච්ඡාව අවසානයේ මේ පොලිස් නිලධාරියාගේ (පාස්කු ප්‍රහාරය පිළිබඳ) අවසාන නිගමනයද එයම වීමයි. එනම්, පාස්කු ප්‍රහාරයේ ‘මහමොලකරුවා’ සහරාන් බවයි. ඉන් එහා වෙන කවුරුවත් නැත. රාජපක්ෂලාගේ චින්තාවලියත් එයම මිස අන් කවරක්ද!
මාවනැල්ලේ බුදු පිළිම කඩන කාලයේ මොහු කෑගල්ල ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ය. මේ සිද්ධිවලට සම්බන්ධ විශේෂිත සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට නොගත් බව මේ පොලිස් නිලධාරියා කියයි. ඊට හේතුව විමසන විට ඔහුගේ පිළිතුර වන්නේ, එවක බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි විසින් ඔවුන් දෙන්නා අහවල් දවසට කලින් ගෙනැවිත් පොලීසියට භාරදෙන බවට පොරොන්දු වූ නිසා අර සැකකරුවන් දෙන්නා තමන් විසින් අත්අඩංගුවට නොගත් බවයි. මේ කියන සැකකරුවන් දෙන්නා සහරාන්ගේ සමීපතම අනුගාමිකයන් ය. අසාද් සාලි පොරොන්දු වූ පරිදි මොවුන් දෙන්නා භාර දී නැත. අවසානයේ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ පාස්කු ප්‍රහාරයෙන් පසුවයි.
පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත්කරන ලද විශේෂ ජනාධිපති කොමිසම මේ සිද්ධිය ගැන මෙසේ කියා ඇති බව, ඉහත කී සාකච්ඡාව තුළ මොහු කියයි. එනම්, “මෙවැනි ක්‍රියා, (එනම්, දේශපාලනඥයන්ගේ මැදිහත් වීමෙන් සැකකරුවන් අත්අඩංගුවට නොගැනීම) පොලීසියේ ස්වාධීන ක්‍රියාකාරීත්වයට හානියක් බැවින් එවැනි දේශපාලනඥයන්ගේ ක්‍රියාවන් දඬුවම් ලැබිය හැකි වරදක් වශයෙන් සැලකිය යුතුව ඇති” බවයි. කොමිසමේ එම නිර්දේශය මේ සාකච්ඡාව තුළ පොලිස් නිලධාරියා ගෙනහැරපාන්නේ, එය දේශපාලනඥයන්ට කළ තරවටුවක් වශයෙන් අවධාරණය කරමිනි. එහෙත්, එම තරවටුවම, අර දේශපාලනඥයාට යට වූ ඉහළ පොලිස් නිලධාරියා වශයෙන් තමන්ටත් අදාළ නොවන්නේද යන්න, ප්‍රශ්නකරු ඔහුගෙන් නොවිමසයි.
දැන්, ඔහුගේ ප්‍රධාන චෝදනාව සහ එය අතිශයෝක්තියට නැඟූ යූටියුබ්කරුවාගේ සිරස්තලය ගැන සලකා බලමු: 2019 පෙබරවාරි 19 වැනිදා (එනම්, පාස්කු ප්‍රහාරයට මාස දෙකකට පමණ කලින්) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සහරාන් අත්අඩංගුවට ගැනීම සඳහා සහරාන්ගේ බිරිඳගේ නිවසට ගොස් තිබේ. ඒ අවස්ථාවේ සහරාන් එහි සිට නැත. සහරාන්ගේ බිරිඳගෙන් කටඋත්තරයක් ගැනීමෙන් පසු පොලිස් කණ්ඩායම අපරාධ පරීක්ෂණ මූලස්ථානයේ ප්‍රධානියාට කතාකොට, ඊළඟට කළ යුත්තේ කුමක්දැයි උපදෙස් පතා ඇති අතර, ඔවුන්ට එතැනින් ආපසු එන්නැයි ඔවුන්ගේ කණ්ඩායම භාර ප්‍රධානියා කියා ඇතැයි මොහු කියයි. එදා, සහරාන්ගේ බිරිඳ ඇතුළු පිරිස අත්අඩංගුවට ගත්තේ නම් පාස්කු ප්‍රහාරය වළක්වාගත හැකිව තිබිණැයි යන්න මේ පොලිස් නිලධාරියාගේ තර්කයයි. අදාළ අපරාධය අරභයා බිරිඳගේ සහභාගීත්වයක් නැති අවස්ථාවක, සැමියා වෙනුවෙන් බිරිඳ අත්අඩංගුවට ගැනීමක් නීත්‍යානුකූල කෙරෙන තර්කයක් ඔහුගෙන් පළ නොවෙයි. ඊටත් වඩා, එදා සහරාන්ගේ බිරිඳ අත්අඩංගුවට ගත්තේ නම්, පාස්කු ප්‍රහාරය වැළකෙනු ඇත්තේ කෙසේද යන්නත් ඔහු අපට විස්තර නොකරයි.
කෙසේ වෙතත්, ආපසු එන ලෙස අංශ ප්‍රධානියාගෙන් පොලිස් කණ්ඩායමට ලැබුණු උපදේශය එන්නට ඇත්තේ, එවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්යක්ෂ වශයෙන් සිටි ශානි අබේසේකරගෙන් යැයි තමා සිතන බව මොහු කියයි. මේ සමස්ත සාකච්ඡාව පදනම් වන්නේ ඔහුගේ ඒ ‘උපකල්පනය’ මත ය. මීට පෙර, මෙම පොලිස් නිලධාරියා විසින් විශේෂ ජනාධිපති කොමිසම ඉදිරියේද, විශේෂ විමර්ශන අංශය ඉදිරියේද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද ශානි අබේසේකරට විරුද්ධ කාරණා ගෙනහැර දක්වා ඇති බවත්, ඒවා ගැන නිසි පරීක්ෂණ පවත්වා, ඒ චෝදනා පදනම් විරහිත බවට ඒ සියලු පරීක්ෂණ මගින් නිගමනය කොට ඇති බවත්, මෙහිදී සඳහන් කිරීම වටී. (ශානි අබේසේකර සහ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න විසින් මේ නිලධාරියා අරභයා ඊට කාලයකට පෙරාතුව රාජකාරිමය වශයෙන් ගෙන ඇති පියවර වෙනම ලිපියකට නිමිති විය යුතුය. ඔහුගේ වර්තමාන කොන්තරයේ මූලය ඒ මගින් දැනගත හැකි වනු ඇත).
ඔහුගේ ඊළඟ ‘උපකල්පනය’ වන්නේ, එදා රෑ සිය බිරිඳ රැගෙන යාමට සහරාන් මේ නිවස වෙත පැමිණීමට නියමිතව සිටි බවයි. ඉතිං, බිරිඳව අත්අඩංගුවට නොගැනීම සහ සහරාන් එදා නොපැමිණීම අතර සහසම්බන්ධයක් ගොඩනඟා ගන්නේ කෙසේද යන්න ඔහු පැහැදිලි කළ යුතුව තිබුණි. එහෙත් එවැනි හෝඩුවාවක් මේ සාකච්ඡාව තුළ අපට හමු නොවෙයි. කෙසේ වෙතත්, මේ කියන දවසේම සිය බිරිඳ රැගෙන යාමට සහරාන් පැමිණීමට නියමිතව සිටියේ මන්ද යන ප්‍රශ්නයට ඔහුගේ පිළිතුර වන්නේ, ඊට කලින් වනාතවිල්ලුව යන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබූ පුපුරන ද්‍රව්‍ය සහ අවිආයුධ පිළිබඳ සිද්ධිය සැල වී තිබීම නිසා, බිරිඳව එදා එම නිවසින් ඉවත් කරගැනීමට සහරාන්ට අවශ්‍ය වූ බවයි. අප මේ කතා කරන්නේ, 2019 පෙබරවාරි 19 වැනිදා සිද්ධියක් ගැනයි. එහෙත්, වනාතවිල්ලුවේ සිද්ධිය වී තිබුණේ, ඊට මාසයකටත් ඉහත, 2019 ජනවාරි 16 වැනිදා ය. එතකොට මොහු කියන්නේ, මාසයකට කලින් සිද්ධියක් නිසා, සිය බිරිඳ එතැනින් ඉවත් කරගත යුතු යැයි සහරාන්ගේ මතකයට ඇවිත් ඇත්තේ මේ දවසේ කියාද? බිරිඳ රැගෙන යාමට සහරාන්ට අවශ්‍ය කළ බව බොරුවක් නොවේ. එහෙත් ඒ අවශ්‍යතාව සමග වනාතවිල්ලුව සිද්ධිය මේ කියන දවසේම ඔහුගේ කල්පනාවට ඇවිත් ඇතැයි කීම, පොලිස් නිලධාරියෙකු තබා අප වැනි පෘථග්ජනයෙකු පවා කෙසේ නම් තේරුම්ගන්නද?
එක්කෝ නොදැනුවත්කම - නැතහොත්, දැනුවත්ව බොරු කීම
ඊළඟට, සහරාන් ඇතුළු පිරිස මරාගෙන මැරෙන්ට දිව්රුම් දුන් ඡායාරූපය ගත්, සහ සහරාන් ඇතුළු ත්රස්තවාදීන් නිතර ආගිය (ගල්කිස්සේ) ස්ථානය පිළිබඳ කරන ලද පරීක්ෂණ සඳහා ගලවාගෙන ආ සී.සී.ටී.වී. කැමරාවල අඩංගු සියල්ල මකා දමා ඇතැයි මේ පොලිස් නිලධාරියා චෝදනා කරයි. ඔහුගේ අනුමිතිය වන්නේ, ඒ වනාහී, සිද්ධි වසං කිරීමට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගන්නා ලද තවත් ප්රයත්නයක් බවයි. සී.සී.ටී.වී. කැමරාවල අඩංගුව, තාක්ෂණික කාරණයක් නිසා මැකී ගොස් ඇති බව සත්‍යයකි. එහෙත්, මේ පොලිස් නිලධාරියාගේ චෝදනාව ඒ මත පදනම් කළ හැක්කේ කෙසේද යන්න ප්රශ්නයකි. මන්ද යත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්ම මේ කැමරා ආපසු ඇමරිකාවට යවා, ඒ මැකී ගිය සියලු දත්ත ආපසු ලබාගෙන ඇති බවත්, ඒවා සියල්ල, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ‘ඩිජිටල් වෝහාරික පරීක්ෂණාගාර’ ගබඩා දෙකක අදටත් තැන්පත්කොට ඇති බවත් මොහු දැන සිටිය යුතු බැවිනි. නැත, තමන්ගේ ද්වේෂසහගත චෝදනා ගොඩනැඟිය හැක්කේ, එවැනි දැනුමක් ඇතත්, එවැන්නක් නොදන්නා සේ කතා කිරීමෙන් පමණක් බව මෙවැනි අය දනිති.
මේ සාකච්ඡාව තුළ ඔහු මතු කරන සියලු කරුණු මීට කලින් අවස්ථා තුනකදී ආයතනික මට්ටමින් පරීක්ෂාවට ලක් වී ඇත. එකක් වන්නේ, පාස්කු ප්‍රහාරය ගැන සොයා බලා වාර්තා කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පත් කළ “මලල්ගොඩ කොමිසමයි”. දෙවැන්න වන්නේ, ඒ විෂය අරභයාම පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවයි. තෙවැන්න වන්නේ, මලල්ගොඩ කොමිසමේ නිර්දේශ අනුව, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින්ම පත්කළ “විශේෂ ජනාධිපති කොමිසමයි”. ඒ කිසි වාර්තාවක, මේ කියන කිසි සිදුවීමක් සම්බන්ධයෙන් (ඒවා සියල්ල සාකච්ඡාවට ගෙන ඇතත්), ශානී අබේසේකරට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෙන කිසිවෙකුට හෝ විරුද්ධ කිසි සඳහනක් හෝ ඈතින්වත් ගෑවෙන දෝෂාරෝපණයක් හෝ චෝදනාවක් සොයාගන්නට නැත.
“ටෘත් විත් අහවලා” නමැති මෙම වැඩසටහනට, අඳුරු අතීතයක් ඇති, පෞද්ගලික කෝන්තර පිරිමහන මෝඩ පොලිස් නිලධාරියෙකු කැඳවන්නේ, හුදෙක් ශානී අබේසේකරට මඩගැසීමට යැයි මේ ලියුම්කරු නොසිතයි. ඉන් එහා ගිය අභිලාෂයක් ඊට ඇත. එය, මුළු සමාජයම ආවරණය කෙරෙන අභිලාෂයකි. එනම්, සත්‍යය ඔළුවෙන් සිටුවීමයි. පුරවැසියන් මබ්බෝද කොට, සත්‍යයෙන් අසත්‍යය වෙන් කරගත නොහැකි ඉසව්වකට පුරවැසියා කැඳවාගෙන යාමයි. හරි-වැරැද්ද අතර වෙනසක් නොපෙනෙන මංමුළාවකට පුරවැසියා පත්කිරීමයි. එවිට, සියලු අපරාධකාරයෝ නිදහස් වෙති. සියලු දූෂිතයෝ රජ වෙති.
ලංකාවේ ඩිජිටල් මාධ්‍ය අවකාශය තුළ වැඩිම ලාභයක් සහිත භාණ්ඩය බවට නග්න ඕපාදූප පත්ව ඇත. ඒ ඕපාදූපවලට වාචාලකමත් එක් කළ විට, ඔබට එක රැයකින් ධනවතෙකු හා තරුවක් විය හැකිය. සමාජය දැනුවත් කිරීම තවදුරටත් අදාළ නැත. ‘ටෘත්’ යන්නෙහි සිංහල තේරුම සත්‍යය යන්නයි. එය මෙවැනි වැඩසටහන්වල අපට හමු නොවන හිඟ ‘භාණ්ඩයකි.’
Windyhttp://www.blogger.com/profile/16625585454214566462noreply@blogger.com0tag:blogger.com,1999:blog-3126379340621948143.post-18713993295087398572023-09-08T13:57:00.002+05:302023-09-08T13:57:05.037+05:30 හිරේ දැමීම වෙනුවට විශ්වාසභංගයක රැකවරණය සැපයීම
- ගාමිණී වියන්ගොඩ -
මේ ලිපිය පළවෙන මොහොත වන විට විශ්වාසභංගයෙන් ජයගෙන සිටින කෙහෙලිය ජයකෙහෙලි නංවමින් සිටිනු ඇත. ලංකාවේ ආණ්ඩුවකට විරුද්ධ විශ්වාසභංගයක් ජයගෙන ඇති එකම අවස්ථාව වන්නේ, මෛත්‍රීපාල සිරිසේනගේ දේශපාලනය තුළ පත්කරගත් දින 52 නීති විරෝධී මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව ගෙනා විශ්වාසභංග අවස්ථාව පමණි. ආණ්ඩුවේ ඇමතිවරයෙකුට විරුද්ධ විශ්වාසභංගයකින් ඇමතිවරයෙකු ගෙදර යවන කතාවත් එසේමයි. මෙය ලියන මොහොතේ, ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයක් පාර්ලිමේන්තුවේ දිගහැරෙමින් තිබේ.
ආණ්ඩුවකට හෝ ඇමතිවරයෙකුට එරෙහි විශ්වාසභංගයක් යනු, අපේ රටේ ගත්තොත්, ඇත්තෙන්ම ක්‍රීඩාවකි. ලංකාවේ අතීත අත්දැකීම් අනුව එහි ප්‍රධාන කාර්යයන් දෙකක් තිබේ. එකක් වන්නේ, පාලක කඳවුරට එරෙහිව නැඟී එන ජනතා විරෝධයක් ප්‍රකාශයට පත්කිරීම සඳහා, පාලකයාට හානියක් හෝ බරපතල තුවාලයක් සිදු නොවන පිට්ටනියක්, පාලකයා විසින් කැමැත්තෙන්ම විරුද්ධවාදීන්ට තනා දීමයි. තවත් විදිහකින් කිවහොත්, ජනතා විරෝධය, එක්තරා ක්‍රීඩාමය අවස්ථාවක් තුළින් තනුක කොට නිශ්ක්‍රීය කිරීමේ රංගනයකට අවස්ථාව විපක්ෂයට සලසා දීමයි. එය, ප්රජාතන්ත්රවාදී ක්‍රමවේදයේ එක් අත්‍යාවශ්‍ය අංගයක් සේ සැලකෙයි. එය නරක දෙයක් නොවේ.
දෙවැන්න, ඉහත කී කාසියේම අනිත් පැත්තයි. එනම්, පාලකයා කෙරෙහි පවතින විවේචනය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමක් තුළින් ආණ්ඩු විරෝධී යම් ජනමතයක් ඇති කිරීම සඳහා විපක්ෂයේ දේශපාලනයට තල්ලුවක් ලබාගැනීමයි. මේ දෙවැනි හේතුවත් නරක නැත. විශ්වාසභංගයක් ගෙනෙන්නේ දිනීමටම නොවේ යැයි කතාවට කියන්නේ එබැවිනි. එසේ වෙතත්, මෙවැනි පාර්ලිමේන්තු ක්‍රියාවලියන් තුළින්, දිනුම පැරදුම කවුරුන් සතු වුණත්, අදාල ප්‍රශ්නයට සම්බන්ධ කාරණයට විසඳුමක් සොයාගැනීමට ඒ මගින් හැකි වේවිද සහ අදාළ ප්‍රශ්නයට සම්බන්ධ ආණ්ඩුවට හෝ පුද්ගලයාට එරෙහිව යුක්තියේ නියාම ධර්මය ක්‍රියාත්මක වේවිද යන කාරණා නොවිසඳී ඉතිරි වෙයි. වරද ඇත්තේ එතැනයි.
තවත් විදිහකින් කිවහොත්, පාර්ලිමේන්තුවේ සිටින අන්ත දූෂිතයන්ට, සොරුන්ට සහ අපරාධකරුවන්ට ඔවුන්ගේ දුෂ්ක්රියාවන් සම්බන්ධයෙන් නිසි දඬුවම් පැමිණවීම යන කාරණය, මේ විශ්වාසභංග ක්‍රීඩාව මගින් අමතක කරවන්නේය. ඒ නිසා, අදාළ දේශපාලනඥයා නීතිය ඉදිරියට පැමිණවීමේ යාන්ත්රණයකින් තොරව ගෙන එන ඕනෑම විශ්වාසභංගයක්, විශේෂයෙන්ම එම විශ්වාසභංගයට නිමිති වන කාරණය ජනතාවගේ ජීවිත පවා පරදුවට තබන ලද සිද්ධියක් විණි නම්, එම විශ්වාසභංගය ජනතාව දැනුවත් කිරීමට නොව, ජනතාව ඇන්දවීමට පමණක් පාවිච්චියට ගැනෙන යාතුකර්මයක් බවට පත්වන බව නොකිවමනා ය.
හිරේ දැමීමෙන් මෙහා යුක්ති ධර්මයක් නැත
කෙහෙලිය රඹුක්වැල්ල යනු, හිරේ යැවිය යුතු දේශපාලනඥයෙකි. මොහුගේ දූෂිත චර්යාව ඉතිහාසගතයි. මීට කලින් රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිවරයෙකු වශයෙන් සිටියදී, විදේශයක හෝටල් කාමරයක ජනේලයකින් පැනීමට ගොස් කකුල් කඩාගෙන ඊට ප්‍රතිකාර කිරීමටත් මෙරට ජනතාවගේ මුදල් අවභාවිත කළ කතාව ඒ දිනවල කුප්‍රකටයි.
මොහු වෛද්‍යවරයෙකු හෝ ඖෂධවේදියෙකු නොවේ. එහෙත්, ඔහු තනියෙන්ම, ඔහුගේම වියදමින් අපේ ජනතාවට අවශ්‍ය කරන බෙහෙත් වර්ග මොනවාදැයි සොයා බැලීමට විදේශගත විය. මේ විදේශ සංචාරයේ ඔහුගේ හෝටල් බිල, ඖෂධ සමාගමක නියෝජිතයෙකු විසින් ගෙවා තිබේ. මේවා ‘දත්ත’ වශයෙන් හඳුනාගැනේ. ඒ දත්ත පිළිබඳ ඔහුගේ වෙනම අර්ථකථන තිබිය හැකිය. උදාහරණයක් වශයෙන්, හෝටල් බිල ගෙවීමට බැරි වුණේ තමාගේ බැංකු කාඩ්එකේ යම් ප්‍රශ්නයක් ඒ වෙලාවේ ඇති වු නිසා යැයි ඔහුට කිව හැකිය. එසේම, ඔහුගේ හෝටල් බිල එකලාසයක් කළ අර ඖෂධ සමාගම් නියෝජිතයාට තමා විසින් එම මුදල පසු අවස්ථාවක ආපසු ගෙවන ලද බවත් ඔහුට කිව හැකිය.
සෑම සිද්ධියකම, අවම බුද්ධියට සහ අවම තර්කයට හසු කරගත හැකි යම් හැඩයක් තිබේ. මේ පුද්ගලයාගේ අතීත පැටිකිරිය සමග, අපට බෙහෙත් සොයාගෙන ඒමට තමාගේ වියදමින් තකහනියක් තනියෙන් පිටරට යාම නමැති කාරණය එකට තබා කියවන විට නැඟෙන අර්ථය, අන්ත බයියෙකුට වුව වහා ගෝචර වන තරමට සරල ය.
‘බ්ලැක් ලිස්ට්’ යනුවෙන් ගැනෙන යෙදුමක් තිබේ. එහි අදහස වන්නේ, මීට කලින් වංචාවක්, නීති විරෝධී ක්‍රියාවක් හෝ අපයෝජනයක් කොට අතට හසු වූ පුද්ගලයන්ගේ හෝ ආයතනවල නාම ලැයිස්තුවකි. රටකට යමක් ආනයනය කිරීමේදී මෙවැනි පුද්ගලයන් හෝ සමාගම් සමග යළි ගනුදෙනු නොකිරීම සාමාන්‍ය සිරිතයි. කෙහෙලිය රඹුක්වැල්ල ගනුදෙනුකොට ඇත්තේ එවැනි අසාධුගත (බ්ලැක් ලිස්ටඩ්) සමාගමක් සමග ය. මෙය ඔහු යුක්තිසහගත කරයි. ඒ කෙසේද යත්: “අසාධුගත සමාගම් දහස් ගණනක් තිබේ. එහෙත්, ඔවුන්ගේ ඉල්ලීම් පරිදි පසුව ඒවා ‘සාධුගත’ කරනු ලැබේ.”
ඉතිං, රෝගීන් මැරෙන්ට පටන්ගැනුණි. සමහර රෝගීන්ගේ ඇස් පොට්ට වුණි. ඒවා, ඒ ඒ රෝගීන්ගේ ‘කරුමය’ යැයි නොකියා, ඊට වඩා විද්‍යාත්මක වචනයකින් හඳුන්වන ලදි. ඒ වචනය වන්නේ ‘අසාත්මිකතාවයි.’ එනම්, බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් නොවන (බෙහෙතක් වැනි) බාහිර යමක් නිසා ඇතැම් පුද්ගලයෙකු තුළ රෝගී තත්වයක් හෝ ජීවිත අවදානම් තත්වයක් පවා ඇති කරවීමට ඇති හැකියාවයි. ඉතිං, අර මිනිසුන් මියගියේ මේ කියන බාල ඖෂධ නිසා නොව, ඒ ඒ පුද්ගලයන් තුළ පැවති ‘අසාත්මිකතාවන්’ නිසා යැයි මේ සෞඛ්‍ය ඇමතිවරයා පුනපුනා කීවේය. මොහුගේ එක් මහාචාර්ය ගෝලයෙක්, අප වැනි පෘථග්ජනයන්ට ගෝචර වන ආකාරයෙන් ඒ කාරණය විස්තර කර දෙමින් කීවේ, ‘කිසිවෙකු නොමළ ගෙයක්’ නැති බවයි. එසේම, රෝහල් ඉදිරිපිට අවමංගල ශාලා පිහිටුවා ඇත්තේ නිකංම නොවන බවයි!
ඇමතිවරයා, මෙපමණ කලක් අහිංසක රෝගීන්ගේ ජීවිත අහිමි වීම හෝ ඇස් අන්ධ වීම ඔවුන්ගේ ‘කරුමයට’ (අසාත්මිකතාවට) බැර කරමින් සිටියදී, අර ගෝල මහාචාර්යවරයා (ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්යක්ෂවරයා) ගිය සතියේ තවත් අපූරු හෙළිදරව්වක් කෙළේය: “ඔව්, ඇත්ත තමයි, බාල ඖෂධ අපි ගෙන්නලා තියෙනවා.”
අපේ කතාව දැනට නවත්තමු: මෙතැන දූෂිත ගනුදෙනුවක් විතරක් නොව, සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක බරපතළ විත්තියක්ද තිබේ.
එක් පූර්වාදර්ශයක්
1983-84 ඒඩ්ස් රෝගය මුලින්ම සමාජ කතාබහට ලක් වූ කාලයයි. ඒ කාලයේ, ප්‍රංශයේ ඒඩ්ස් රෝගීන්ගෙන් 4700 දෙනෙකුට ඒ රෝගය වැලඳී තිබුණේ, ලිංගික ක්‍රියාවකින් නොව, යම් අවස්ථාවක රෝහලක ප්රතිකාරයකදී, ඒඩ්ස් වයිරසයේ යම් අඩංගුවක් සහිත ලේ දීමෙනි. ඔවුන්ගෙන් 300 ක් මියගියහ.
රෝගියෙකුට ලබාදෙන ලේ තුළ අඩංගු විය හැකි ඉහත කී වෛරසය හඳුනාගත හැකි පරීක්ෂණ ක්‍රමවේදයක් ඒ වන විට ඇමරිකානු සමාගමක් සතුව තිබුණි. එහෙත්, ප්‍රංශයේ සෞඛ්‍ය බලධාරීහූ ඒ පරීක්ෂණ කට්ටලය ඇමරිකානු සමාගමෙන් මිල දී ගැනීම ප්‍රතික්ෂේප කළහ. හේතුව, අප මෙන් දූෂණයක යෙදීමට නොව. එම පරීක්ෂණ මොඩලය නිෂ්පාදනය කිරීම ඒ වන විට ප්‍රංශයේ පාස්චර් විද්‍යාගාරයේ අත්හදාබැලෙමින් තිබුණු බැවිනි. ඉතිං, ජාතිමාමකත්වයට මුල් තැන දීමට සිතාගත් ප්‍රංශ බලධාරීහූ, තමන්ගේම රටේ නව නිෂ්පාදනය එන තෙක්, මාස කිහිපයක් තිස්සේ, නිසි ප්‍රමිතිය නොමැතිව රෝගීන්ට ලේ දීම කරගෙන ගියහ. ඉහත කී ඇබැද්දිය වුණේ ඒ කාලයේදී ය. සිද්ධියෙන් පසුව බලධාරීන්ගේ නිදහසට කරුණ වුණේ, එවැනි අවදානමක් පිළිබඳ ‘දැනුම’ ඒ අවස්ථාවේ තමන්ට නොතිබුණු බවයි.
1992 දී, වෛද්‍යවරියක් සේම මාධ්‍යවේදිනියක්ද වූ ඈන් මරි කැස්තරේ “ලේ අපචාරය” නමින් පොතක් ලීවාය. ප්‍රංශයේ බලධාරීන්ට අවශ්‍ය විණි නම් පරීක්ෂාවකින් තොරව රෝගීන්ට ලේ දීමේ අවදානම පිළිබඳ දැනුම ලබාගැනීමේ සෑම අවස්ථාවක්ම එදා (එනම්, 1983 දී) ඔවුන්ට තිබුණු බව ඒ කෘතියෙන් සාක්ෂි සහිතව ඈ පෙන්වා දුන්නාය. ඒ කරුණු මත පදනම්ව, අදාළ කාලයේ ප්‍රංශ අගමැතිවරයාට, සමාජසේවා අමාත්‍යවරයාට, සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ එවක ප්‍රංශ ලේ බැංකුවේ අධ්යක්ෂවරයාට එරෙහිව ‘සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය’ යන චෝදනාව යටතේ 1999 දී නඩු පැවරුණි. ඒ නඩුවෙන් අගමැතිවරයා සහ සමාජසේවා ඇමති නිදහස් වූහ. (සමාජසේවා ඇමතිවරයා විත්තිකරුවෙකු වුණේ, ‘ලේ දන් දීමේ ව්‍යාපාර’ සංවිධානය කෙරී තිබුණේ ඔහුගේ අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් බැවිනි). කෙසේ වෙතත්, සෞඛ්‍ය ඇමතිවරයා වරදකරු බවට අධිකරණය තීන්දු කෙළේය. ලේ බැංකුවේ ප්‍රධානියා ඇතුළු තවත් නිලධාරීන් දෙදෙනෙකු අවුරුදු හතරකට හිරේට යැව්වේය.
වැදගත්ම දඬුවම ලැබුණේ අධිකරණයෙන් නොව, ඉන් පරිබාහිර දේශපාලන සංස්කෘතියෙනි. මේ කියන කාලයේ අගමැති වශයෙන් සිටි, ප්‍රංශ ඉතිහාසයේ ලාබාලම අගමැතිවරයා වශයෙන් සැලකෙන ලෝරොං ෆැබියුස් ඊළඟ ජනාධිපති වීමේ සෑම සුදුසුකමක්ම සපුරා සිටි ජනප්‍රිය දේශපාලනඥයෙකු විය. එහෙත් මේ සිද්ධිය නිසා ඔහුගේ නම කැලැල් විය. ඒ නිසා ජනාධිපති සිහිනය ඉටු කරගැනීමට කිසි දවසක ඔහුට නුපුළුවන් විය. අධිකරණයෙන් නිදහස් වුණත් සමාජයෙන් නිදහසක් නැති බව එහි අදහසයි.
මේ කතාවේ තව කොස්සක් ඉතිරි වෙයි. එනම්, සෞඛ්‍ය ඇමතිවරයා අධිකරණයෙන් වැරදිකරු වූවත් ඔහුට දඬුවමක් නියම නොවුණේ මන්ද යන්නයි. ඇමතිවරයා ප්‍රතිපත්ති තීරකයෙකි. ඒ ප්‍රතිපත්ති තීරණය වෙනස් කළ හැකිව තිබූ විද්‍යාත්මක කරුණු ලේ බැංකු ප්‍රධානියා ඇතුළු සෙසු සෞඛ්‍ය නිලධාරීන් ඔහු වෙත සපයා නොතිබුණි. ඒ නිසා ඔහු වෙත සාපරාධී වගවීම පැවරුණේ ඔහුගේ ‘ප්‍රතිපත්ති තීරණය’ සම්බන්ධයෙන් පමණි.
අපේ කතාවට නැවත ආවොත්, කෙහෙලිය රඹුක්වැල්ල ප්‍රතිපත්ති තීරකයා පමණක් නොව, ඒ ප්‍රතිපත්තිය ක්රියාවේ යෙදවීම සඳහා, කිසි ඖෂධ විශේෂඥයෙකු නොමැතිව, තනියම ඉන්දියාවට ගොස්, මේ කියන ඖෂධ පිළිබඳ පරීක්ෂාවද කර තිබුණේ ඔහු විසින්මයි. ඒ ‘පරීක්ෂාවේ’ ප්‍රතිඵලයක් වශයෙන්, හොර සමාගමක් සමග වෙළෙඳ ගනුදෙනුවකට පිවිසියේද ඔහුමයි. ඒ මදිවාට ඔහුගේ හෝටල් බිලත් ගෙවා තිබුණේ ඒ හොර සමාගමමයි. අර ප්‍රංශ සෞඛ්‍ය ඇමතිවරයාට ලැබුණු සහනයෙන් අංශුමාත්‍රයකට හෝ කෙහෙලිය රඹුක්වැල්ල හිමිකරුවෙකු නොවන්නේ එබැවිනි.
විශේෂඥ කමිටු කොච්චර ‘විශේෂඥ’ ද?
අවසානයේ තමාගේ ක්‍රියාව ගැන විමසා බැලීමට කෙහෙලිය රඹුක්වැල්ල තමාගේම විශේෂඥ කමිටුවක් පත්කෙළේය. ඔහුට අවශ්‍ය උත්තරය, එනම් ඔහු නිර්දෝෂී බව කියැවෙන උත්තරය ඒ කමිටුව විසින් ලබා දුන් බව ඔහු කියා සිටී. එහෙත්, අද වන තෙක් ඒ කමිටු වාර්තාව අපටත් කියවාගත හැකි පරිදි ඔහු ප්‍රසිද්ධකොට නැත. එසේ තිබියදී, මරණයට පත් වූ සෑම පුද්ගලයෙකුගේ සිද්ධියක්ම නැවතත් වෙන වෙනම සොයා බැලීමට තීරණයකොට ඇතැයි අර මහාචාර්යවරයා දැන් කියයි. ඒ ඇයි? ඇමතිවරයාගේ විශේෂඥ කමිටුව, මේ කාරණය සම්බන්ධයෙන් පිළිගත හැකි ‘විශේෂඥ’ නිගමනයක් ලබා දී ඇත්නම් නැවත ඒ ගැන සොයා බැලීමේ අරුත කුමක්ද? එහි ඇති එකම අරුත විය හැක්කේ, ගෝඨාභය රාජපක්ෂ තමන් ඇතුළු රාජපක්ෂවාදීන් අහිංසක බව පෙන්වීම සඳහාම (දේශපාලන ‘වින්දිතයන්’ පිළිබඳ ඊනියා) කොමිසමක් පත්කළ පූර්වාදර්ශයම, රඹුක්වැල්ලත් තමන්ගේ විශේෂඥ කමිටු ක්‍රියාව සඳහා අනුගමනයකොට ඇති බව මේ කියන මහාචාර්යවරයා පවා දැන් පිළිගනිමින් සිටින බවයි.
විපක්ෂය මේ අවස්ථාවේ මොහුට විරුද්ධ විශ්වාසභංගයක් ගෙන ආ යුතු නැතැයි මෙයින් නොකියැවෙයි. මෙවැනි පුද්ගලයන් නිරුවත් කිරීමේ සෑම අවස්ථාවක්ම ප්‍රයෝජනයට ගත යුතුය. එහෙත්, ඒ ව්‍යවස්ථාදායක අභ්‍යාසයෙන් පිටස්තරව, අපරාධය සහ දඬුවම පිළිබඳ නියාමය මහපොළොවේ සක්‍රීය කිරීමේ ක්‍රමවේදයක් කෙරෙහිත් විපක්ෂයේ අවධානය යොමු විය යුතුය. එහිදී, අවුරුදු ගණන් දිග්ගැස්සෙන, සාමාන්‍ය අධිකරණ ක්‍රියාවලියට එය භාර නොකොට, මෙවැනි දූෂිත සහ සාපරාධී ක්‍රියා විභාග කිරීම සඳහා විශේෂ අධිකරණ ක්‍රියාවලියක් ස්ථාපිත කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම වටී. සිස්ටම් චේන්ජ් සහ අලුත් දේශපාලන සංස්කෘතියක් යැයි කටපුරා කෙනෙකුට කිව හැක්කේ එසේ වුවහොත් පමණි.
Windyhttp://www.blogger.com/profile/16625585454214566462noreply@blogger.com0tag:blogger.com,1999:blog-3126379340621948143.post-71778502232932508092023-09-01T15:24:00.003+05:302023-09-01T15:24:09.156+05:30 ‘අඳුරු යුගය’ හරිම කළුවරලු
ගාමිණී වියන්ගොඩ
එක තැන කැරකෙන, තත්කාලීන දේශපාලනයේ පිලුනු කතාවලින් ඇති කෙරෙන තෙහෙට්ටුව මකාගැනීම සඳහා, ඉතිහාසයේ සිල්ලර කතා කිහිපයක් වෙනුවෙන් මීට කලින් ලිපි කිහිපය වෙන් කෙරුණි. ඒවා තුළ අවධාරණය කෙරුණු කරුණු කිහිපය සංක්ෂිප්තව මෙසේ ය:
(1) මිනිස් ශිෂ්ටාචාරය බිහි වුණේ මීට වසර 10,000 කට පමණ කලින් යැයි කියති. ඊට කලින්, ‘ශිෂ්ටාචාරය’ යැයි ගත හැකි දෙයක් මිනිසාට නොතිබුණු බවක් එයින් ඇඟවෙයි. එහෙත්, අලුත් පුරාවිද්‍යා සාක්ෂි අනුව ඒ අදහස නිවැරදි නොවන බව ඉතිහාසඥයෝ පෙන්වා දෙති. එනම්, අලුතෙන් බිහි විණැයි කියූ ශිෂ්ටාචාරයේ තිබූ බොහෝ සංස්කෘතික අංග ඊට කලින් ජීවත්ව සිටි ‘නොදියුණු’ යැයි සිතා සිටි ජන කොටස් අතරද තිබී ඇති බව ඔවුන් පෙන්වා දී ඇත. පූර්ව-ශිෂ්ටාචාරය සහ ශිෂ්ටාචාරය අතර සිදුව ඇතැයි පෙනෙන මූලික වෙනස වන්නේ, අලුතෙන් ඇති වූ ශිෂ්ටාචාරයට ‘ස්ථිර ලිපිනයක්’ ලැබීමත්, ඊට කලින් පැවති මිනිස් සංවිධානයට ‘ඇඩ්රස් නැති’ කිරීමත් ය.
(2) දෙවැනුව සාකච්ඡා වුණේ, ප්රජාතන්ත්රවාදයේ සුපිරිසුදු බව හුවාදැක්වීම සඳහා නිතර පාවිච්චියට ගැනෙන, ග්‍රීසියේ ඇතන්ස් නුවර සෘජු ප්රජාතන්ත්රවාදය සහ මහජන සමාජ සංවිධානය තුළ පවා, ප්රජාතන්ත්රවාදයට පටහැණි බොහෝ දේවල් තිබී ඇති බවයි. උදාහරණයක් වශයෙන්, ඒ සමාජය තුළ ‘මහජනතාව’ වශයෙන් සැලකුණු ජන කොටස, ඇත්තෙන්ම ‘මහ ජනතාවක්’ නොවුණු බව එහිදී කියැවුණි. ඒ ක්‍රමය තුළත්, ඉතා බරපතල ආකාරයේ ‘වෙනස්කොට සැලකීමකට’ මිනිසා (විශේෂයෙන් ගැහැනිය) ලක් වී තිබේ. ඒ ක්‍රමය තුළ, ප්රජාතන්ත්රවාදයෙන් කාලක්ද, නිර්-ප්රජාතන්ත්රවාදයෙන් තුන්කාලක්ද තිබී ඇත.
(3) තුන්වැනුව සාකච්ඡා කෙරුණේ, එයින් සියවස් කිහිපයකට පසු, අධිරාජ්‍ය යුගයක් බිහි වීම ගැනයි. එහි බලවන්ත අවස්ථාව වුණේ රෝම අධිරාජ්‍යයයි. ඉතා දියුණු සමාජ සංවිධානයක් වශයෙන් තිබූ මේ රෝම අධිරාජ්‍යය, ‘බාබේරියන්ලා’ හෙවත් ම්ල්ච්ඡ ජන කණ්ඩායම් වශයෙන් සැලකෙන බාහිර ආක්‍රමණිකයන් අතින් විනාශයට පත් විය. මේ ම්ලේච්ඡයන් ඉතා නරක මිනිසුන් වශයෙනුත්, අධිරාජ්යවාසී රෝමවරුන් ඉතා හොඳ මිනිසුන් වශයෙනුත් ඉතිහාසයේ ලියැවී තිබේ. එහෙත්, බාබේරියානු ආක්‍රමණිකයාට එවැනි ‘ම්ලේච්ඡ’ ලේබලයක් අලවන ලද්දේ, පරාජයට පත් රෝම අධිරාජ්‍යය වෙනුවෙන් පෙනී සිටි ඉතිහාසඥයන් විසිනි. ඉතිහාසයේ සැබෑ තතු සොයා බලද්දී, අර කී ‘ම්ලේච්ඡයාගේ’ කතාව සත්‍යයක්ම නොවන බව නූතන ඉතිහාසඥයෝ පෙන්වා දෙති. (‘බර බරේ දානවා’ යැයි කියමනක් නාගරික සිංහල ව්‍යවහාරයේ තිබේ. ඇත්තෙන්ම, මෙහි නිරුක්තිය සහ බා(ර්)බේරියන් යන වචනයේ නිරුක්තිය අතර යම් සම්බන්ධයක් ඇත්දැයි වාග්විද්‍යාඥයන් නැතත්, මනෝවිද්‍යාඥයන් විසින් හෝ සොයා බැලීම වටී. මන්ද යත්, මුලින්ම මේ වචනය ග්‍රීකයන් විසින් පාවිච්චියට ගෙන ඇත්තේ, (ඔවුන්ට) කිසි අර්ථයක් නොදෙන ශබ්ද ගොඩක් හෙවත් දෙඩවිල්ලක් වෙනත් පිරිසක් විසින් වහරනු ලැබීම හැඳින්වීමට වන බැවිනි. එනම්, ග්‍රීක භාෂාවට ඉඳුරා වෙනස් ගෝත්‍රික භාෂා හැඳින්වීමට ග්‍රීකයන් ‘බාර් බාර්’ යන උපහාසාත්මක යෙදුම යොදාගෙන ඇති බවයි. බාබේරියන් යන්න ව්‍යුත්පන්න වී ඇත්තේ එලෙසිනි. අදටත්, උතුරු අප්‍රිකාවේ ‘බර්බර්’ නමින් හැඳින්වෙන විශාල ගෝත්‍රික ජනතාවක් වෙසෙති).
මේ ලිපියේ සාකච්ඡා කෙරෙන එක් කාරණයක් වන්නේ, රෝම අධිරාජ්‍යයේ විනාශයට, බාබේරියාන්ලාට අමතරව රෝමවරුන්ම කොපමණ දුරට දායක වී ඇත්ද යන්නයි. (මීට සමාන ප්‍රශ්නයක්, ලංකාවේ කන්ද උඩරට ඉංග්‍රීසීන්ට යටත් වීමට, උඩරට රදල පවුල් සහ සිංහල වැසියන් කොතෙක් දුරට දායක විණිද යනුවෙන් මතු කළ හැකිය). තවත් කාරණයක් වන්නේ, බාබේරියන්ලාට කරන සමච්චලය කොච්චර සාධාරණද යන්නයි.
රෝම අධිරාජ්‍යයේ ඉතිහාසය සම්බන්ධයෙන් මුලින්ම කිව යුතු දෙයක් තිබේ. එනම්, බාබේරියන්ලාගේ ආක්‍රමණ නිසා විනාශ වුණේ ඉතාලියේ රෝමය නමැති නගරය මුල් කරගෙන පිහිටි ‘බටහිර රෝම අධිරාජ්‍යය’ වශයෙන් හැඳින්වෙන කලාපය පමණක් බවයි. රෝම අධිරාජ්‍යයේ නැගෙනහිර කලාපයක්ද මේ වන විට ගොඩනැඟී තිබුණි. එහි කේන්ද්‍රස්ථානය වුණේ කොන්ස්තන්තිනෝපල් නගරයයි. අද සිතියමෙන් ගත්තොත්, තුර්කියේ ඉස්තාන්බුල් නගරයයි. මෙය, නැගෙනහිර රෝම අධිරාජ්‍යය වශයෙන්ද, බිසන්තියානු අධිරාජ්‍යය වශයෙන්ද හැඳින්වෙයි. මේ බිසන්තියානු අධිරාජ්‍යය (තුන්වැනි සියවසේ පටන්) අවුරුදු දහසකට වැඩි කාලයක් ආයු වළඳා අවසන් වුණේ 15 වැනි සියවසේදී ය. ‘අඳුරු යුගය’ වශයෙන් ඉතිහාසය තුළ හැඳින්වෙන්නේ එම කාලයයි. ඊට ප්රතිපක්ෂව, රෝමය අගනුවර කරගත් බටහිර රෝම අධිරාජ්‍යය, ‘ආලෝකමත් යුගය’ වශයෙන් සැලකේ.
මේ කියන බටහිර රෝම අධිරාජ්‍යය සතුව ඒ කාලයේ 500,000 (පන් ලක්ෂයක) හමුදාවක් සිටියේය. එහෙත්, අර කියන බාබේරියන්ලාගේ හමුදා ශක්තිය 25,000 (විසිපන් දහස) ඉක්මවා ගියේ ඉතා කලාතුරකින් බව ඉතිහාසඥයෝ පෙන්වා දෙති. එවැනි කුඩා සහ විසිරුණු ශක්තියක් ඉදිරියේ අර තරම් දියුණු සහ ශක්තිමත් රාජ්‍ය ක්‍රමයක් විනාශ වී ගියේ කෙසේද?
හතරවැනි සියවස අවසාන භාගය වන විට රෝමය ඇතුළතින්ම ‘ගිනි ගැනීමට’ පටන්ගෙන සෑහෙන කාලයකි. (හැබැයි, රෝමය ගිනි ගනිද්දී නීරෝ වීණා වාදනය කෙළේ යැයි කියන කතාව බොරුවකි). අධිරාජ්‍යයක් යනු, එක රාජ්‍යයක් විසින් වෙනත් රාජ්‍යයන් යටපත් කරගැනීමෙන් ගොඩනඟාගන්නා මහා රාජ්‍යයකි. අධිරාජ්‍යවාදී බලවතුන් යැයි අපේ කාලයේ අප දන්නා (ඉංග්‍රීසි, පෘතුගීසි, ප්‍රංශ, ලන්දේසි, රුසියානු, ජපාන සහ බෙල්ජියානු ආදී) සියලු ජාතීන්ගේ ඉතිහාසය එසේ ය. එක්තරා කාලයක් යද්දී මෙවැනි අධිරාජ්‍යයන්, එක මධ්‍යස්ථානයකින් නඩත්තු කරගත නොහැකි තත්වයකට පත්වෙයි. එවිට ඒවා කඩාඉහිරෙයි.
රෝම අධිරාජ්‍යයේ කඩාවැටීමට එක් හේතුවක් වී ඇත්තේ එයයි. විශාලත්වය වැඩි වන තරමට, ආර්ථික කළමනාකරණය අයාලේ ගියේය. දේශපාලන ස්ථාවරත්වය බිඳී ගියේය. එහි අනිවාර්ය ප්‍රතිඵලය වන්නේ මර්දනයයි. මර්දනයේ පළමු බිල්ල වන්නේ නිදහසයි. එතෙක් කල් නිදහසේ සිටි අධිරාජ්යවාසීන් තුළ අධිරාජ්‍යය කෙරෙහි පැවති ප්‍රසාදය එහිදී දිය වීමට පටන්ගත්තේය. රෝමය සම්බන්ධයෙන් ගත් විට, විශාල හමුදාවක් නඩත්තු කිරීම සඳහා විශාල වශයෙන් ජනතාව මත බදු බර පැටවුණි. ජනතා අසහනය ඉන් වැඩි වුණි.
මේ කියන රෝම අධිරාජ්‍යයේ දේශපාලන අස්ථාවරත්වයේ ස්වභාවය දළ වශයෙන් වටහාගැනීමට පාවිච්චි කළ හැකි එක කෝදුවක් මෙසේ දැක්විය හැකිය: පස්වැනි සියවස වන විට (එනම්, රෝම අධිරාජ්‍යය අභාවයට පත්වන කාලයේ) රෝම අධිරාජයෙකු බලයට පත්වීමෙන් පසුව ජීවත් වීමට ලැබී ඇති සාමාන්‍ය ආයු කාලය අවුරුදු හතක් පමණි! එනම්, තවත් බලකාමියෙකු අතින් අධිරාජයා ඉතා කෙටි කාලයක් තුළ ඝාතනයට ලක් වූ බවයි. එසේ ඝාතනයට ලක්ව ඇති අධිරාජයන්ගේ සංඛ්‍යාව 25 කි. මේ කාලයේ පුද්ගල බල අරගලය මොන තරම් තීව්ර වී තිබෙන්නට ඇත්දැයි එයින් අපට සිතාගත හැකිය. මේ අය අතරින්, අර කී බාබේරියන්ලා හෙවත් ම්ලේච්ඡයන් අතින් ඝාතනයට ලක්ව ඇත්තේ තුන්දෙනකු පමණි! ඉතිං, රෝම අධිරාජ්‍යයේ අභාවයට, තමන් ඇතුළේම තිබූ බල පොරය සහ ඇනකොටා ගැනීම් තරම්, බාබේරියන්ලාගේ ‘ම්ලේච්ඡත්වය’ හේතු විණැයි කෙසේ නම් කෙනෙකුට කිව හැකිද?
අධිරාජ්‍යය යන සංකල්පයට අධිරාජ්‍යවාදීන් විසින්ම ඓතිහාසික අරුතක් ආරෝපණය කොට තිබුණි. එනම්, තමන්ට පිටස්තර වෙනත් රාජ්‍යයන් සහ වෙනත් ජන කොටස් ‘ශීලාචාර’ කිරීමේ වගකීමක් තමන්ට ඇතැයි යන්නයි. ඒ සදාචාරමය රාජකාරිය ඔවුන් තමන් වෙත පවරාගත්තේ, වෙනත් ප්‍රදේශ තමන්ගේ ආර්ථික සහ භූ-දේශපාලනික වාසි සඳහා යටත් කරගැනීමේ අරමුණෙන් බව අද කවුරුත් දනිති. පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි අධිරාජ්‍යවාදී ජාතීන් ලංකාව යටත් කරගෙන පාලනය කරන අතරේ විවිධ ආකාරයෙන් මේ මතය සමාජගත කිරීමට වෙහෙස වී ඇති බව ඉතිහාසය පිරික්සුවොත් පෙනෙන්ට තිබේ. (මෙය මොන විදිහකින්වත්, අප තරම් ශිෂ්ට ජාතියක් වෙන කොහේවත් නැතැයි යන අපේ මිථ්‍යාව අනුමත කිරීමක් නොවන බව සලකන්න). එසේ වෙතත්, මේ ක්‍රියාවලිය අභව්‍ය හෝ අස්වාභාවික දෙයක් නොවන්නේ, සමස්ත මිනිස් ශිෂ්ටාචාරයේ ඉතිහාසයම පිරී ඇත්තේ එවැනි ක්‍රියාදාම රාශියකින් වන බැවිනි.
ඉතිං, රෝම අධිරාජ්‍යයත් ගොඩනැඟුණේද, ‘අනෙකා’ ශිෂ්ටසම්පන්න කිරීමේ අරමුණෙන් බව කිව හැකිය. එසේ තිබියදී, ක්‍රි.ව. 410 දී, ශිෂ්ටත්වයක් නැතැයි කියන බාබේරියන්ලා රෝමයේ ගේට්ටුව ළඟට ඇවිත් සිටියහ. මෙය හැඳින්වෙන්නේ ‘රෝම කොල්ලය’ වශයෙනි. එදා කාලයේ කොල්ලකෑම් හැටියට බලද්දී සත්තකින්ම මෙය, බාබේරියන්ලා විසින් රෝමය යටත් කරගැනීමක් වශයෙන් මිස කොල්ලයක් වශයෙන් හැඳින්විය නොහැකි යැයි ඉතිහාසඥයෝ කියති. ඔවුන් පෙන්වා දෙන පරිදි මේ කියන ‘කොල්ලය’ පැවතියේ දින තුනක් පමණි. (ලංකාවේ ‘කළු ජූලිය’ දින කීයක් තිබුණේද!). මියගියේ සීමිත පිරිසකි. නුවරට ඇතුළු වූ සොල්දාදුවන්ට ඉතා තද නියෝගයක් ලැබී තිබුණි. එනම්, ශාන්ත පීතර සහ ශාන්ත පෝල් වැනි දේවස්ථානවලට අතක් නොතියන ලෙස ය. ඒ නිසා විනාශය අවම විය. කොටින්ම, අවුරුදු දෙක තුනක් යන විට, තමන් වෙනත් පාලනයකට යටත් විණිද යන්න පවා එහි වැසියන්ට අමතකව ගිය බව ඉතිහාසඥයෝ කියති.
හේතුව කුමක්ද? ආක්රමණික බාබේරියන්ලා, කලින් පැවති සමාජ සංවිධානය විනාශ නොකිරීමයි. (එළාරගේ රාජ්‍ය කාලයේ එහි වැසියන්ට තමන් පිටදේසක්කාරයෙකු යටතේ විසීම බරපතළ ප්‍රශ්නයක් වී ඇති බවක් නොපෙනේ). බාබේරියන්ලා රෝම අධිරාජ්‍යයේ පැවති පරිපාලන ක්රමයම පවත්වාගෙන ගියහ. ආගමික සහජීවනය ප්‍රවර්ධනය කළහ. රෝම නීතියම, තමන්ගේ භාවිතයටත් ගත්හ. ඉන්පසු බලයට පත් මේ ‘පිටදේසක්කාර’ රජවරුන්ගෙන් සමහරෙකු, කලින් පැවති රෝම අධිරාජ්‍යයේ ප්‍රෞඪත්වය පවා යළි නඟා සිටුවීමට කටයුතුකොට ඇති බව ඉතිහාසඥයෝ පෙන්වා දෙති. සමහර බාබේරියන් රජවරු, කලාවේ අනුග්රාහකයෝ වූහ. තවත් රජවරු කවියට පෙම් බැන්දෝය. ඒ අනුව ගත් විට, මොවුන් රෝම අධිරාජ්‍යය උරුමයේ හිමිකාරයන් වූවා මිස එය විනාශ කළ පිරිසක් නොවූ බව පෙනේ.
අනිත් අතට, රෝම අධිරාජ්‍යයේ නැගෙනහිර කලාපය හෙවත් බිසන්තියානු අධිරාජ්‍යය, මේ කියන ‘අඳුරු යුගය’ පුරා නොනැසී පැවතුණි. එය බාබේරියන්ලා යටතට පත්වුණේ නැත. රෝම අධිරාජයෙකු වූ කොන්ස්ටන්ටයින් එය ‘අලුත් රෝමය’ යැයි නම් කෙළේය. රෝමයේ පැවති ශ්‍රී විභූතිය ඔහු එහි බිහි කළේය. අද ඉස්තාන්බුල් නමින් හැඳින්වෙන තුර්කි නුවර, ඔහුගේ නමින් කොන්ස්තන්තිනෝපල් ලෙස එදා බෞතීස්ම විය. මේ අධිරාජ්‍යය ඉතා ධනවත් විය. කොන්ස්තන්තිනෝපලයේ පාරවල් රනින් සැරසී තිබුණු බවට වර්ණනා, සාහිත්‍යයේ ඇතැම් තැන්වල හමු වෙයි. පැරණි රෝම නගරයේ තිබූ ඓතිහාසික දේවස්ථාන, අධ්‍යාපනික ආයතන, රෝහල්, රජ මාලිගා සහ ස්ථම්භ ආදිය මේ නගරයේ ස්ථාපිත කෙරුණි. මෙහි සශ්‍රීකත්වය ඇත්තෙන්ම රෝමයත් පරයා ගිය බව කියති. බටහිර යුරෝපයේ රෝමය වැනි පැරණි නගර කෙමෙන් ජනශූන්‍ය වෙද්දී බිසන්තියානු අධිරාජ්‍යයට අයත් ආසියාව පැත්තේ නගර ජනාකීර්ණ විය.
අරාබි සංස්කෘතිය සහ අරාබි දැනුම ඒ දියුණුව පසුපසින් පැවති ප්‍රධාන සාධකයක් බව ඉතිහාසඥයෝ පෙන්වා දෙති. 7 වැනි සියවසේ සිට සෞදි අරාබියෙන් පටන්ගෙන උතුරට පැතිරෙමින් තිබුණු මුස්ලිම් දිග්විජය, ඉරාන අධිරාජ්‍යය අභිබවා විත් බිසන්තියානු අධිරාජ්‍යයේ විශාල කොටසකුත් අත්පත් කරගැනීමත් සමග, භෞතික දියුණුව සහ විද්‍යාලෝකය සීග්‍රයෙන් එහි ව්‍යාප්ත විය. එතෙක් රෝම ඉලක්කම් පාවිච්චි කරමින් සිටි බිසන්තියානු අධිරාජ්‍යයට අද අප භාවිත කරන 1-9 දක්වා ඉලක්කම් මාදිලිය ලැබුණේ ඒ ආක්රමණික මුස්ලිම්වරුන්ගෙනි. ඔවුන් එය ලබාගෙන තිබුණේ ඉන්දියානුවන්ගෙනි. එහෙත් මුස්ලිම් ගණිතඥයෝ එය තවත් වර්ධනය කරමින් ඒ ඉලක්කම් පෙළට බිංදුවත් එක් කළෝය. (එක් ගණිතඥයෙකු පෙන්වා දෙන පරිදි රෝම ඉලක්කම් ක්‍රමයට අනුව ක්ඞඛෂඪ නමැති සංඛ්‍යාව ඞෂෂ අගයෙන් බෙදීමට ගියොත් වෙන අබග්ගයක තරම අපට සිතාගත හැකිය!) මේ කාලයේ දැනුම වර්ධනයේ ස්වභාවය මැනගැනීමට තව එක සාධකයක් පමණක් දැක්වීම වටී. පෘථුවියේ වටප්රමාණය ඔවුන්ගේ ගණනයට අනුව, සැතපුම් 24,835 කි. අද නවීන විද්‍යානුකූලව අප සොයාගෙන ඇති වටප්රමාණයේ සැතපුම් සංඛ්‍යාවට වඩා මෙය වෙනස් වන්නේ සැතපුම් 39 කින් පමණි!
එහෙත් සම්භාව්‍ය ඉතිහාසය ලියැවුණේ බටහිර යුරෝපීය දෘෂ්ටිකෝණයකින් නිසා, බටහිර රෝම අධිරාජ්‍යය අධිකතර වර්ණනාවටත්, ආසියාතික නැඹුරුවක් ඇති නැගෙනහිර රෝම අධිරාජ්‍යයේ ඉතිහාසය හෑල්ලුවට ලක්කිරීමටත් ප්‍රධාන පෙළේ ඉතිහාසඥයන් පෙළඹී ඇති බවක් පෙනේ. ඒ සමගම, රෝම අධිරාජ්‍යයට අයත් නැති පිටස්තර සියල්ලන් බාබේරියන්ලා හෙවත් ම්ලේච්ඡයන් වශයෙන් හංවඩු ගැසීමත්, යළි යුරෝපීයයන් අතට අධිරාජ්‍ය බලය ගන්නා තෙක් ගත වූ දීර්ඝ කාලය ‘අඳුරු යුගය’ වශයෙනුත් සැලකී තිබේ.
අලුතෙන් යළි සොයාගත් ආලෝකමත් යුගය වශයෙන් සැලකෙන, 14 වැනි සියවසෙන් පටන්ගෙන 17 වැනි සියවස දක්වා විහිදෙන ‘පුනරුද යුගය’ නමින් හැඳින්වෙන කාලයත්, 17-18 වැනි සියවස් දෙක තිස්සේ දිගහැරුණු ‘ප්රබුද්ධ යුගය’ නමින් හැඳින්වෙන කාලයත් සමග සසඳන විට, මේ කියන ‘අඳුරු යුගය’ තුළ එක්තරා කළුවරක් තිබී ඇති බව ඇත්ත. එහෙත් එය සාධාරණ සන්සන්දනයක් නොවේ. එය හරියට, විදුලිය සොයාගැනීමට කලින් පැවති කාලය ‘අඳුරු යුගයක්’ වශයෙන් සමච්චලයට ලක්කරනවා වැනි දෙයකි.
Windyhttp://www.blogger.com/profile/16625585454214566462noreply@blogger.com0tag:blogger.com,1999:blog-3126379340621948143.post-88186495156879008262023-08-25T13:17:00.003+05:302023-08-25T13:17:24.154+05:30තද කළු ම්ලේච්ඡයා සහ සුදෝසුදු ශිෂ්ටයා
ගාමිණී වියන්ගොඩ
‘තද කළු’ සහ ‘සුදෝසුදු’ යන වර්ගීකරණය අයෝමය නියාමයක් සේ භාවිතයේ යෙදී ඇති ප්‍රධාන අවස්ථා දෙකක් ඉතිහාසයේ දක්නට ලැබේ. එකක් වන්නේ, ප්රජාතන්ත්රවාදයේ සුපිරිසුදු ආරම්භය ගැන කියැවෙන ග්‍රීසියේ ඇතන්ස් නුවර කතාවස්තුවයි. දෙවැන්න වන්නේ, දියුණු රෝම අධිරාජ්‍යය ම්ලේච්ඡයන් විසින් විනාශ කර දමන ලද කතාවස්තුවයි.
අපේ වර්තමාන ලෝකය ප්රජාතන්ත්රවාදී ය. ඒ කෙතෙක්ද යත්, ඒකාධිපතියා පවා තමා ප්රජාතන්ත්රවාදියෙකැයි හඳුන්වාගැනීමට කැමත්තක් දක්වයි. විවිධ රටවල කුමන්ත්රණවලින් බලය අල්ලාගන්නා හමුදා ප්‍රධානීන් ජාතිය අමතා කරන පළමු කතාවේදීම කියන්නේ, ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරගැනීම සඳහාම තමන් බලය අල්ලාගත් බව ය. එසේම, අහවල් කාලයේදී මැතිවරණ පවත්වා සිවිල් පාලනයට හෙවත් ප්රජාතන්ත්රවාදී පාලනයට නැවත ඉඩ සලසන බවටත් එවැනි හමුදා ප්‍රධානීහූ ප්‍රතිඥා දෙති. එහි අදහස වන්නේ, පොදුවේ ලොව පුරා වෙසෙන සකල ජනතාව ප්රජාතන්ත්රවාදය ප්‍රිය කරන බව, ඒකාධිපතියන් පවා දැන සිටින බවයි.
මේ ප්රජාතන්ත්රවාදය මුලින් ආවේ ‘සෘජු’ පාලනයක් වශයෙනි. එනම්, ජනතාව සඳහා ජනතාව විසින්ම පාලන කටයුතු කරගෙන ගිය මාදිලියක් වශයෙනි. ස්ථානය, ග්‍රීසියේ ඇතන්ස් නුවරයි. මේ නගරයේ විසූ මිනිස්සු එක තැනකට රැස් වී, තමන් පිළිබඳ ප්‍රතිපත්ති තීරණ ගනිමින්, තමන්ගේ දෛනික කටයුතු පාලනය කරගත්හ. අතරමැදියෝ නොවූහ. එහෙත්, ජනගහනය වැඩි වන විට සියල්ලන්ට එක්රැස් වී සියල්ලන් සඳහා තීරණ ගැනීමේ ප්‍රායෝගික අපහසුවක් ඇති වුණි. එසේම, ජනගහනය වැඩි වීම නිසා, වඩාත් සංකීර්ණ පාලන කාර්යාවලියක අවශ්‍යතාව මතු විය. එවිට මේ මහජනතාව කෙළේ, තමන් වෙනුවට සීමිත නියෝජිතයන් පිරිසක් පත්කොට, ඒ නියෝජිතයන් මාර්ගයෙන් තමන්ගේ ප්‍රතිපත්ති තීරණ ගනිමින්, ඔවුන් මාර්ගයෙන්ම ඒ ප්‍රතිපත්ති ක්රියාවේ යොදවන පාලන මොඩලයකට මාරු වීමයි.
මේ ක්‍රමය තුළ එක්තරා අවදානමක් තිබුණි. එනම්, ජනතාව විසින් පත්කරනු ලබන නියෝජිතයන්, ජනතාව විසින් ඔවුන්ට පවරන ලද බලය යම් මොහොතක අයුතු ලෙස ප්‍රයෝජනයට ගනීද යන සැකයයි. ඒ නිසා, පාලන බලය අභ්‍යාස කිරීමේ ක්‍රියාවලිය තුළ, එකිනෙකට වගකියන සහ එකිනෙකින් බැඳී පවතින ආයතන ත්‍රිත්වයක් ඇති කරගැනුණි. ඒ ආයතන ත්‍රිත්වය වන්නේ, (ජනාධිපති හෝ අගමැති හෝ කොන්සල් ජෙනරාල් ආදී වශයෙන් වන) විධායකයකුත්, (ව්‍යවස්ථාදායකය සහ සෙනේට් සභා ආදී වශයෙන් වන) පාර්ලිමේන්තුවකුත්, අධිකරණයකුත් ය. අද අපේ ප්රජාතන්ත්රවාදයේ මූලික ආකෘතිය එයයි. මේ අයවළුන් සහ ආයතන අතර රණ්ඩුසරුවල් නැතිවා නොවේ. අපේ ජනාධිපතිවරයා සහ කතානායකවරයා පසුගිය දා අධිකරණය ගැන කළ චණ්ඩි කතා උදාහරණයට ගත හැකිය. ඒ සියල්ල තිබියදීත්, ඒ ආයතනික ආකෘතිය අප ප්‍රතික්ෂේප කරන්නේ නැත. කොටින්ම, අපේ පරමාදර්ශී සහ පූර්වාදර්ශී ආකෘතියේ මූලික ව්‍යුහය, හැමදාමත් ඇතන්ස් ප්රජාතන්ත්රවාදයයි. ඒ තරමට එය, ශුද්ධ වූත්, සුපිරිසුදු වූත් ඓතිහාසික භාවිතයකැයි සැලකේ.
හැබැයි ඡන්ද බලය මෙහෙමයි
ප්රජාතන්ත්රවාදයේ මූලය, ඡන්ද බලය බව අපි දනිමු. ක්‍රි.පූ. 5 වැනි සියවසේ ග්‍රීසියේ ඇතන්ස් නුවර පළමු ප්රජාතන්ත්රවාදය ඇති වන අවස්ථාවේ ඡන්ද බලය හිමි රටවැසියන් (පුරවැසියන්) එහි සිටියේ 20,000 ක් පමණි. මෙය නගර රාජ්‍යයක් නිසා එහි අරුමයක් නැතැයි කෙනෙකුට සිතෙන්ට පුළුවනි. එහෙත් මේ කියන කාලයේ එමෙන් දෙගුණයක් හෙවත් 40,000 ක් ‘විදේශිකයෝ’ ඇතන්ස් නුවර ජීවත්ව සිටියහ. විදේශිකයන් යනු, ග්‍රීසිය නමැති රටට පිටස්තර වෙනත් රටකින් පැමිණ පදිංචි වී සිටි පිරිසක් නොවේ. එකම රටේ, වෙනත් ප්‍රදේශවලින් පැමිණ ඇතන්ස් නුවර ජීවත් වෙමින් සිටි පිරිසයි. ඔවුන්ට ඡන්ද බලය හිමි වුණේ නැත. තේරුම්ගැනීමේ පහසුව සඳහා, අපේ රටේ පරම්පරා ගණනක් ජීවත් වූ දෙමළ වතුකරේ ජනතාවගේ ඡන්ද බලය අපේ පළමු නිදහස් ලංකාව තුළ අහිමි කෙරුණු අවස්ථාව ගන්න. (එය, අප කළ ඓතිහාසික වරදක් බව අද කවුරුත් පිළිගනිති).
දැන් අප ඇතන්ස් කතාවට ආපසු ගියොත්, ඡන්ද අයිතියක් නැති ඉහත කී අය අතරේ අප කවුරුත් දන්නා මහා පඬිවරයෙකු වන ඇරිස්ටෝටල්ද සිටියේය. ඔහු මැසඩෝනියාව නමැති ග්‍රීසියේ වෙනත් ප්‍රාන්තයක සම්භවය ඇති කෙනෙකි. සිය ජීවිතයේ අවසාන වසර 20 ඔහු ගතකොට ඇත්තේ ඇතන්ස් නුවරයි. එහෙත් ඒ මහා පඬිවරයාට පවා, මේ ඡන්ද අයිතිය දීම එදා බලධාරීන් ප්රතික්ෂේපකොට තිබේ.
ඊළඟට, පුරවැසි භාවය තිබුණත්, කිසි ගැහැනියකට මේ කියන ප්රජාතන්ත්රවාදය තුළ ඡන්ද අයිතිය නොතිබුණි. ඡන්ද අයිතිය පමණක් නොව, මේ ප්රජාතන්ත්රවාදය තුළ ගැහැනුන්ට දේපළ අයිතිය තිබුණේද නැත. ගැහැනියකට නඩු කටයුත්තක් තිබුණොත්, ඇය උසාවියේ පවා පෙනී සිටිය යුත්තේ පිරිමි භාරකාරයෙකු සමග ය. 40,000 කට ඡන්ද බලය අහිමි කෙළේ පිටස්තර ප්‍රාන්තවල සම්භවයක් තිබුණු නිසා යැයි නිදහසට කරුණක් වශයෙන් කිව හැකි වෙතත්, ගැහැනිය ඡන්ද බලයෙන් ඉවත් කරනු ලැබුවේ සහ දෙවැනි පුරවැසියෙකු වශයෙන් සැලකීමට ලක්කෙළේ මොන ප්රජාතන්ත්රවාදී ආකල්පයක් පෙරදැරිවද යන ප්රශ්නය මතු වෙයි. මේ සියල්ල එකට ගත් විට, ඇතන්ස් ප්රජාතන්ත්රවාදය තුළ ඡන්ද අයිතිය තිබුණේ, එහි විසූ මුළු ජනගහනයෙන් දහයෙන් පංගුවකට පමණි.
මොවුන්ට අමතරව, ඇතන්ස් නුවර වහලුන් 150,000 ක් ජීවත්ව ඇත. ඔවුන්ට ඡන්ද බලය නැති බව අමුතුවෙන් කිව යුතු නැත. වහල් සේවය සහ ප්රජාතන්ත්රවාදය අතර කිසි පරස්පරයක්, මේ කියන මුල් ප්රජාතන්ත්රවාදය තුළ නිරීක්ෂණය වී නැති බව එයින් පෙනේ. වහලා සහ ප්රජාතන්ත්රවාදය අහසට පොළොව මෙනි. වහලාට ඡන්ද බලය නොතිබුණා පමණක් නොව, වහලෙකු ඝාතනය කිරීම නීතිය යටතේ අපරාධයක් වශයෙන් නොසැලකුණි. මේ නෛතික වෙනස, පුරවැසියන් නොවන අය සම්බන්ධයෙන්ද, මීට අඩු මට්ටමකින් ක්‍රියාත්මක වුණි. ඝාතනයට ලක්ව ඇත්තේ විදේශිකයෙකු නම් සහ අපරාධකරුවා ඇතන්ස් පුරවැසියෙකු නම්, එම අපරාධයේ බරපතලකම සැලකුණේ අඩු ලංසුවෙනි.
ඉතිං, ඉතා සෘජු සහ ආශ්වාදජනක මුල් ප්රජාතන්ත්රවාදය, ජනප්‍රිය ඉතිහාසය තුළ කියන තරම් සුදෝසුදු නැති බව පෙනී යයි. එහෙත්, ජන්මයෙන් එන රාජකීය උරුමයක් වෙනුවට, ජනතාව මූලිකත්වයේ ලා සැලකෙන පාලන ප්‍රතිපත්තිය සහ ආකල්පය බිහි වුණේ, ඇතන්ස් ප්රජාතන්ත්රවාදයෙන් බව, මේ කිසිවකින් බැහැර නොකෙරෙන බවත් අප අමතක නොකළ යුතුය.
බාබේරියන්ලා සහ ශිෂ්ටයන්
බාබේරියන් යන යෙදුම පොදුවේ අශිෂ්ටයන් හෝ ම්ලේච්ඡයන් හැඳින්වීම සඳහා භාවිත කෙරේ. එහෙත් මුලින්ම මේ වදනින් අදහස් වුණේ, අදාළ පුද්ගලයාගේ සමාජ සහ අශිෂ්ට යැයි කියන චරිත ලක්ෂණවලට වඩා, ශිෂ්ට යැයි පිළිගත් බලවන්ත රාජ්‍ය කලාපයට එපිටින් ජීවත්ව සිටි ඕනෑම කෙනෙකි. ඒ අනුව, වර්තමාන ජර්මනිය, රුමේනියාව, ඔස්ටි්රයාව, සර්බියාව, නෝර්වේ සහ ස්වීඩනය ඇතුළු රටවල් පමණක් නොව, ග්‍රීසිය පවා විටින්විට මේ කියන බාබේරියන් කලාපයට අයත්ව සිට තිබේ.
ශිෂ්ට රාජ්‍ය කලාපය වුණේ රෝම අධිරාජ්‍යයයි. එහි කේන්ද්‍රය වුණේ ඉතාලියේ රෝමයයි. යුරෝපයේ විශාල කොටසක් සහ බටහිර ආසියාවේ සහ උතුරු අප්‍රිකාවේ විශාල කොටසක්ද ඊට අයත් විය. අවුරුදු 600 කට වැඩි ආයු කාලයක් ඊට තිබුණි. එහෙත් පස්වැනි සියවසේදී ඒ මහා බලවතා විනාශයට පත්විය. ඒ වන විට එහි පැවති ශක්තිමත් රාජ්‍යය ව්‍යුහයත්, උසස් සංස්කෘතිය සහ විද්‍යාලෝකයේ බුද්ධි සම්ප්‍රදායත් නිසා, එවැනි විනාශයක් ඊට අත්වෙතැයි එදා කිසිවෙකුට උපකල්පනය කළ නොහැකි තරම් විය. එතැනින් පසු බිහි වූ ඉදිරි අවුරුදු දහසක කාලය හැඳින්වෙන්නේ ‘අඳුරු යුගය’ වශයෙනි.
මේ විනාශය ඇති කළෝ, ජනප්‍රිය ඉතිහාසයට අනුව, ‘බාබේරියන්ලා’ ය. මේ ආක්රමණිකයන්ගේ සංස්කෘතිය සහ සභ්‍යත්වය, රෝම අධිරාජ්‍යයේ මට්ටමින් සලකන විට පහත් බව කියැවෙයි. විද්‍යාව සහ දැනුම වෙනුවට ඔවුන්ට තිබුණේ අධිකතර මිථ්‍යාව බව කියැවෙයි. කොටින්ම, ඔවුන් සැලකුණේ, ශිෂ්ට සංස්කෘතිය වෙනුවට ම්ලේච්ඡ සංස්කෘතියක සාමාජිකයන් වශයෙනි. එය මුළුමණින්ම බොරුවක්මත් නොවේ. මන්ද යත්, ඔවුන් අතින් විනාශයට පත් දේශයන්හි ජනතාව අත්දුටු රුදුරු බව සහ ක්‍රෑර බව ඊට සාක්ෂි වශයෙන් පවතින බැවිනි.
එහෙත්, හැම අතකින්ම දියුණු යැයි සැලකුණු රෝම අධිරාජ්‍යය බිඳවැටුණේ ඇත්තෙන්ම මේ කියන බාබේරියන්ලාගේ ආක්‍රමණ නිසාමද යන්න ප්රශ්නකාරී වන බව නූතන ඉතිහාසඥයෝ පෙන්වා දෙති. බාබේරියන්ලාගේ තිරිසන් ගති ස්වභාවයට අමතරව, ඔවුන්ගේ කැලෑ රූප සොබාවත්, පැරණි රෝම ඉතිහාසඥයන් පුනපුනා කියා ඇත. ඔවුන් කොණ්ඩ ගොතාගෙන සිටීම සහ රැවුල් වවාගෙන සිටීම ඔවුන්ගේ අපිරිසුදුකමේ ලක්ෂණ වශයෙන් සැලකුණි. ඔවුන් ළඟින් තද දුර්ගන්ධයක් හැමූ බව කියැවුණි. රෝම අධිරාජ්‍යයේ විසූ මිනිසුන්ට වඩා ඔවුන් ශරීර ප්‍රමාණයෙන් විශාල බව කියැවුණි. එපමණක් නොව, කලිසම් හැඳ සිටි බවත් කියැවුණි. (කලිසමත් ඒ කාලයේ අශිෂ්ට බවේ සංකේතයක් වී ඇති සැටි!)
කලකදි වහලු කලකදි රස වෙනවාලු
මේ සියලු ‘නුගුණ’, කලක් යද්දී උසස් සංස්කෘතිකාංග බවට රෝම අධිරාජ්‍යය තුළම පිළිගැනීමට ලක්ව ඇති බව නූතන ඉතිහාසඥයෝ පෙන්වා දෙති. ඇත්තෙන්ම, රෝම අධිරාජ්‍යය අභාවයට ගියේ, බාබේරියන්ලාගේ යුද ආක්රමණවලට ගොදුරු වීමට වඩා, ඔවුන්ගේ සංස්කෘතික ආක්රමණවලට ගොදුරු වීම නිසා බවට ඒ අනුව තර්ක කෙරේ. ඒ අතින් ගත් විට එය, රෝමවරුන්ගේ විශේෂ ‘පරාජයක්’ නොව, මිනිස් ඉතිහාසයේ මුල පටන් සිදුව ඇති, විවිධ සමාජ එකට මුණගැහීමේ ස්වභාවික ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් බව පෙනී යයි. මෙවැනි අවස්ථාවන්හිදී සාමාන්‍යයෙන් සිදුවන්නේ, තමන් ළඟ නැති, අනුන් ළඟ ඇති සියලු දේවල් දිහා වපර ඇහින් බැලීමයි. උදාහරණයක් වශයෙන් ගත්තොත්, රෝම සංස්කෘතියේ පිරිමි රැවුල බාති. කොටින්ම, ඒ කාලයේ උඩුරැවුල හැඳින්වෙන වචනයක් පවා රෝමවරුන්ට තිබී නැත. ඉතිං, උඩුරැවුල්/යටිරැවුල් සහ කොණ්ඩ වවාගෙන සිටි බාබේරියන්ලා ‘අපිරිසුදු’ සේ රෝමවරුන්ට පෙනෙන්ට ඇති. ‘දිග යටරැවුලක් ඇති එකා’ යන අරුතින් පටබැඳුණු ‘ලෝං බියර්ඩ්ස්’ යන්න පසුව ඉතාලියේ ලොම්බාර්ඩි යන ප්‍රදේශ නාමයට මුල් වී තිබේ. (අද පවා, රැවුල් වවාගෙන සිටින පිරිමි පිළිබඳ එක්තරා ‘අපිරිසුදු’ ගතියක් සමහරු දකිති).
රෝමවරුන්ට ‘සබන්’ යන වචනය ලැබී ඇත්තේ, බාබේරියන්ලාගෙනි. බාබේරියන්ලා දිනපතා නෑම පුරුද්දක් කරගත් ගෝත්‍රිකයන් ය. මෙය පවා එදා රෝමවරුන් සලකා ඇත්තේ, ම්ලේච්ඡ ගතියක් ලෙසයි. මේ නිසා, බාබේරියන්ලා ළඟ ගඳ යැයි කියන රෝමවරුන්ගේ කතාව ප්‍රශ්න කරන නූතන ඉතිහාසඥයෝ, රෝම අධිරාජ්‍යයේ කේන්ද්‍රය වූ අතිශය ජනාකීර්ණ රෝම නගරය තුළ මේ කාලයේ කසල බැහැර කරන ක්‍රමයක් හෝ මලමූත්‍ර බැහැර කරන ක්‍රමයක් හෝ නොතිබුණු බව පෙන්වා දෙති. ඉතිං, ගඳක් ආවේ නම් ඒ බාබේරියන්ලා ළඟින් නොව, උසස් යැයි සම්මත රෝමවරුන් ළඟින් විය හැකි යැයි කෙනෙකුට අනුමාන කළ හැකිය.
බාබේරියන්ලාට මෙසේ අවමන් කරන අතරේ ඔවුන්ගේ සංස්කෘතිකාංග වැලඳගැනීමටත් රෝමවරු අමතක නොකළහ. ඒ සමාජ අනුකරණය කෙතෙක් දුරදිග ගොස් තිබෙන්ට ඇත්දැයි සිතාගත හැකි සිද්ධි දෙකක් මෙසේ ය: ක්‍රිස්තු වර්ෂ 399 දී රෝම නගරය තුළ පිරිමියෙකු කලිසමක් හැඳීම අපරාධයක් බවට නීතිගත කෙරුණි. ක්‍රිස්තු වර්ෂ 416 දී, රෝම නගරයේ පිරිමියෙකු කොණ්ඩය වැවීම නීතියෙන් තහනම් කෙරුණි.
ඉතිං, උසස් සංස්කෘතිය සහ උසස් සදාචාරය වෙනුවෙන් මෙසේ පෙනී සිටි රෝමවරු, බාබේරියන්ලාට වඩා සාමකාමීද, ශිෂ්ටසම්පන්නද? කොලෝසියම් නමින් හැඳින්වෙන කවාකාර, විවෘත රඟමඩලක් රෝමය මධ්‍යයේ තිබුණි. (මෙහි නටබුන් තවමත් එහි තිබේ). ග්ලැඩියේටර් නමින් හැඳින්වෙන මල්ලවයන්, රුදුරු මෘග සතුන් සමග, තවත් ප්රතිමල්ලවයන් සමග හෝ හිරේට නියම වූ අපරාධකරුවන් සමග මේ වටමඬලේ සටනට දැමෙති. ඒ, වෙන කිසිවක් සඳහා නොව, ප්‍රේක්ෂකයන්ගේ විනෝදය සඳහා ය. සතෙකු අතින් හෝ වෙනත් ප්‍රතිමල්ලවයෙකු අතින් කෙනෙකු ඝාතනය වන මේ දසුන නැරඹීමට වරකට පැමිණි පිරිස 50,000-80,000 ත් අතර විණැයි කියති. ඒ ප්‍රේක්ෂක විනෝදය මධ්‍යයේ මෙහි ඝාතනයට ලක්ව ඇති පිරිස තිස් ලක්ෂයකි. වරක්, බාබේරියානු යුද සිරකරුවන් කොපමණ ප්‍රමාණයක් මේ වටමඬලේ පොරයට දැමුණේද යත්, ඔවුන් සියල්ලන් විනාශ කර දැමීමට බැරි තරමට සිංහයන් අවසානයේ තෙහෙට්ටුවට පත්වීලු! අප අද ඊට වඩා ‘තරමක්’ දියුණුයි. අපි දැන් කුකුළන් කොටවමු. බොක්සිං බලමු!
දීර්ඝ කාලයක් තිස්සේ දිගහැරෙන ඓතිහාසික යුග පිළිබඳ අවසාන සත්‍යය කියා දෙයක් ඇතැයි ගැනීම නිරර්ථක බව ඇත්ත. එහෙත්, ඉස්සර කාලෙක ඇත්තෙන්ම සිදුවන්ට ඇත්තේ කුමක්දැයි දළ වශයෙන් දැනගැනීමේ අසලකට හෝ පැමිණිය හැකි වන්නේ, කළු-සුදු වර්ගීකරණයේ පිහිට පැතීමෙන් නොවන බව නම් සහතික ය.
Windyhttp://www.blogger.com/profile/16625585454214566462noreply@blogger.com0tag:blogger.com,1999:blog-3126379340621948143.post-36663114610944649162023-08-25T12:40:00.000+05:302023-08-25T12:40:00.456+05:30 amanté නවතම අලෙවිසැල මීගමුවේදී විවෘත කෙරේ
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමීප ඇඟලුම් සන්නාමය වන amanté හි නවතම ස්වාධීන අලෙවිසැල පසුගියදා මීගමුවේදී විවෘත කරන ලදි. amanté ශ්‍රී ලංකාව තුළ විවෘත කරන ලද 5 වන අලෙවිසැල මෙයයි.
මෙම අලෙවිසැල විවෘත කිරීමේ උත්සවය 2023 අගෝස්තු 10 දින පැවති අතර, එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ බුද්ධි බතික්ස් ප්‍රධාන විධායක නිලධාරිනී සහ අධ්‍යක්ෂිකා දර්ශි කීර්තිසේන මහත්මියයි. amanté කළමනාකාරීත්වයේ නියෝජිතයන් මෙන්ම තවත් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
“මම කවදත් amanté රසිකාවියක්. ඒ වගේම, කාන්තාවන් සවිබල ගැන්වීම සම්බන්ධයෙන් amanté සන්නාමයේ දැක්ම අගය කළ යුතුයි. ආරම්භයේ සිටම ශ්‍රී ලංකාව තුළ amanté අත්කරගත් දියුණුව දෙස උනන්දුවෙන් බලා සිටි කෙනෙකු ලෙස, ඔවුන්ගේ නවතම ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වීමට ලැබීම මට මහත් සතුටක්.” දර්ශි කීර්තිසේන මහත්මිය පැවසුවා ය.
මේ වනවිට දිවයින පුරා අලෙවිසැල් 200 කට අධික සංඛ්‍යාවක amanté ඇඟලුම් අලෙවි කෙරේ. මීගමුවේ නව අලෙවිසැල, amanté විසින් ක්‍රියාත්මක කරනු ලබන, කොළඹ දිස්ත්‍රික්කයෙන් පිට ස්වාධීන 2 වැනි අලෙවිසැල වන අතර, එය amanté රසික රසිකාවියන්ට රිසි සේ amanté විශිෂ්ටත්වය අත්විඳීමට අවස්ථාව සලසා දෙනු ඇත. කාන්තා යට ඇඳුම්, ‘Athleisure’ වර්ගයේ ක්‍රීඩා ඇඟලුම්, නිදන ඇඳුම්, පිහිනුම් ඇඳුම් සහ නව යෞවනියන් සඳහා වෙන් වූ නවතම ඇඟලුම් එකතුව ඇතුළුව amanté ඇඟලුම් වර්ග සියල්ලම මෙම නව අලෙවිසැලෙන් මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබේ.
“අපගේ අලෙවිසැල් ජාලය පුළුල් කිරීමේ පියවරක් වශයෙන් මේ ආකාරයට මීගමුව ප්‍රදේශයේ අලෙවිසැලක් විවෘත කිරීමට හැකි වීමට අපට මහත් සතුටක්. මාස 4 කට පෙර අපගේ 4 වැනි අලෙවිසැල විවෘත කිරීමෙන් අනතුරුව ඉතාමත් කෙටි කාලයක් තුළ තවත් අලෙවිසැලක් විවෘත කිරීමට හැකි වීම මගින් පෙනී යන්නේ, ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම සමීප ඇඟලුම් සන්නාමය බවට පත්වීම සඳහා අප ගන්නා උත්සාහය වේගයෙන් සාර්ථක වෙමින් පවතින බවයි.” amanté Sri Lanka ව්‍යාපාර ප්‍රධානී පද්මාල් සිල්වා මහතා පැවසී ය.
amanté ඇඟලුම්වල විශේෂත්වය වන්නේ, එහි සෑම නිෂ්පාදනයක්ම මාස 12 ක කාලයක් පුරා දැඩි තත්ත්ව පරීක්ෂණ ක්‍රියාවලියකට භාජනය වීම ය. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව නිෂ්පාදනය කෙරෙන මෙම ඇඟලුම් වෙළඳපොළට නිකුත් කරනු ලබන්නේ ඉන් අනතුරුව ය. මෙවැනි ජාත්‍යන්තර තලයේ ක්‍රියාවලියකට යටත් කරනු ලැබුවද, ප්‍රමිතියෙහි කිසිදු වෙනසකින් තොරව, සහනදායී මිලගණන් යටතේ මෙම ඇඟලුම් මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව සලසා දීමට amanté කටයුතු කරයි. එමෙන්ම නවතම ගෝලීය ප්රවණතා හඳුනා ගනිමින් හැකි ඉක්මනින් එම ප්රවණතා ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් වෙතද හඳුන්වා දීමට amanté පියවර ගනියි.
2007 වසරේ ඉන්දියාවේදී ආරම්භ වූ amanté, 2012 වසරේදී ශ්‍රී ලංකාවටද පිවිසුණු අතර, මේ වනවිට මෙරට ජනප්‍රියම සමීප ඇඟලුම් සන්නාමයක් බවට පත්වීමට එය සමත් වී ඇත. මීගමුව ප්‍රදේශයේ විවෘත කළ නව අලෙවිසැලට අමතරව Racecourse Mall (කොළඹ 07), Marino Mall (කොළඹ 03), Kandy City Centre (මහනුවර) සහ Cool Planet Shopping Centre (නුගේගොඩ) යන ස්ථානවලද amanté අලෙවිසැල් විවෘත කර තිබේ. එමෙන්ම රටපුරා පිහිටි අනෙකුත් ප්‍රධාන පෙළේ ඇඟලුම් අලෙවිසැල් 230 කට අධික සංඛ්‍යාවක් වෙතින් මෙන්ම amanté නිල වෙබ් අඩවිය වන www.amante.lk වෙතින්ද amanté ඇඟලුම් මිලදීගත හැක. 2021 වසරේදී ඉන්දියාවේ විශාලතම සමාගමක් වන Reliance Retail Ventures Ltd. විසින් amanté හිමිකාරීත්වය පවරා ගන්නා ලද අතර, එය ආත්ම විශ්වාසයෙන් යුත් කාන්තාවන් සඳහා සුවපහසු හා අලංකාර ඇඟලුම් නිර්මාණය කිරීමේ amanté මෙහෙවර තවදුරටත් ශක්තිමත් කරන පියවරක් විය.
වැඩිදුර තොරතුරු සඳහා amanté නිල විද්‍යුත් ලිපිනය වන reachus@amante.lk ඔස්සේ විමසන්න. නැතිනම් amanté ක්ෂණික ඇමතුම් අංකය වන 0114534707 අමතන්න.
Windyhttp://www.blogger.com/profile/16625585454214566462noreply@blogger.com0tag:blogger.com,1999:blog-3126379340621948143.post-15156097615939981252023-08-18T12:42:00.003+05:302023-08-18T12:42:12.508+05:30 ශිෂ්ටාචාරයේ තොටිල්ල පැද්දුන පැත්ත
ගාමිණී වියන්ගොඩ
වර්තමාන ශිෂ්ටාචාරය පටන්ගන්නේ ස්ථිර පදිංචියත් සමග ය. මේ ශිෂ්ටාචාරයට කලින් සිටි මිනිසා එක තැනක පදිංචි වී සිටි කෙනෙකු නොවේ. ඔහු ජීවිකාව ගෙන ගියේ තැනින් තැන දඩයමේ යමින් සහ ඇහිදන් කෑමෙනි. පිරිස සුළු ප්‍රමාණයක් වූ නිසා, කෑමවලින් අඩුවක් නොවුණි. කැලේ පලවැල තිබුණි. මරාගත හැකි සතුන්ගෙන් අඩුවක් නොවුණි. සතුන්ගේ ඇටකටු, ලී සහ ගල් කැබලි, ආයුධ වශයෙන් තිබුණි. ඒවා හොඳටම සෑහුණි.
එහෙත්, එක දවසක් මේ මිනිහා එක තැනක පදිංචි වීමට තීරණය කෙළේය. (‘එක දවසක්’ යන්න වාච්‍යාර්ථයෙන් නොගන්න). ඊට විවිධ හේතු බලපාන්ට ඇති. ඒ අතර, තමන්ගේ පිරිස වැඩි වීමත් සමග, එලාගත හැකි දඩයම සහ අහුලන් කෑ හැකි පලවැල ඒ පිරිසට ප්‍රමාණවත් නොවුණා විය හැකියි. හැමදාම තැනින් තැනට යාමෙන් හෙම්බත් වුණා විය හැකියි. නිදැල්ලේ සිටීමේදී මෘග සතුන්ගෙන් එල්ල වන අනතුරු වැඩි වුණා විය හැකියි. තැනින් තැන යනවා වෙනුවට එක තැනක සිට, ස්වභාවයෙන් නිකන් දෙන දෙයක් වෙනුවට උවමනාවෙන් වවාගත්තොත් සහ ස්වභාවයෙන් නිකන් ලැබෙන සතෙකු වෙනුවට උවමනාවෙන් සතෙකු අල්ලාගෙන හීලෑ කරගත්තොත්, වැඩි වාසියක් ලැබෙතැයි සිතුවා විය හැකියි. තැනින් තැන ඇවිදින අතරේම අතරින්පතර යමක් වවාගැනීම නිසා නිෂ්පාදන වැඩි වීමක් හෙවත් නිෂ්පාදනයේ අතිරික්තයක් ඇති වීම නිසා එක තැනක විසීම වඩාත් ප්‍රායෝගික බව අත්දැකීමෙන් දැනුණා විය හැකියි. මේ සියල්ලටමත් වඩා, දරුවන් වැඩි වීම නිසා පවුලක් ගොඩනැඟී, පවුල නිසා පෞද්ගලික අයිතිය පිළිබඳ හැඟීමක් ඇති වී, ගෙයක්fදාරක් සහ එක තැනක පදිංචියක් ගැන අදහසක් ඇති වුණා විය හැකියි. මේ පරිවර්තනය සිදු වන්නේ, එක තැනක විසීම සහ ගොවිතැන යන සාධක දෙක එකිනෙකට බද්ධ වුණු තැනකදී ය. වර්තමානයේ අප හඳුන්වන ශිෂ්ටාචාරය බිහි වුණා යැයි කියන්නේ එදා සිටයි.
මෙය සිදුව ඇත්තේ මීට අවුරුදු 10,000 කට පමණ පෙරාතුවයි. හෙල්ල පැත්තකින් තියා, දෑකැත්ත අතට ගත් කාලය එයයි. මේ අලුත් ක්‍රමය සඳහා යම් සංවිධාන ජාලයක් අවශ්‍ය කෙරේ. ඒ සංවිධානය මෙහෙයවීම සඳහා බලය අවශ්‍ය කෙරේ. බලය යනු, ප්‍රායෝගික සහ අභ්‍යන්තරික මෙවලමකි. ඒ දෙක අන්යොන්යයි. ප්‍රායෝගික බලය දේශපාලනිකයි. අභ්‍යන්තරික බලය ඇදහිලිවන්තයි. වර්තමාන අර්ථයෙන් ගත් විට, ආණ්ඩුවක් සහ පන්සලක්/පල්ලියක් මෙනි. මේ දෙකම, එනම් දේශපාලන බලය සහ ඇදහිල්ල, අර කියන අලුත් සංවිධාන ජාලය පවත්වාගැනීමට අවශ්‍ය කෙරුණි. වඩාත් නිවැරදිව කිව්වොත්, දේශපාලන බලයෙන් මෙල්ල කරගත නොහැකි තැන් ආගමෙන් මෙල්ල කරගත හැකි බව දැනෙන්ට ඇති.
ඉතිං, ඒ ආයතන දෙකේ ආරක්ෂාව තුළ, මේ අලුත් ගොවි සමාජයේ මිනිස්සු වගාවට අමතරව, මැටි වැඩ, වඩු වැඩ, මේසන් වැඩ සහ කලා වැඩ ආදියෙහි නියුක්ත වූහ. කුඩා ගම්, ලොකු ගම් බවට පත්විය. ඒවා නගර බවට පත්විය. ඒවායේ රජවරු බිහි වූහ. පූජකයෝ බිහි වූහ. මේ සංවිධාන ජාලයේ මහා පිම්ම වන්නේ වෙළෙඳාමයි. මේ වෙළෙඳ ගනුදෙනු සඳහා ‘පොත් තැබීමක්’ අවශ්‍ය කෙරුණි. මුලදී ඒ සඳහා භාවිත වුණේ රූප සහ විවිධ සංඥා ය. පසුව ඒවා අකුරු බවට පත්වුණි. ඒ පරිවර්තනය සිදුවන්නේ මීට අවුරුදු 5000 කට පමණ ඉහතදී ය. ඉතිං, ආපසු හැරී බලන විට, අවුරුදු 10,000 ක ශිෂ්ටාචාරයේ ඉතිහාසයක කතාවක් ඉහත විස්තර කර ඇති පරිදි එකී අකුරෙන් අපට අද කියවාගත හැකිව තිබේ.
ශිෂ්ටාචාරය අපේ ය. අශිෂ්ටාචාරය ඔවුන්ගේ ය
එහෙත් මේ විස්තරයේ පොඩි පරහක් තිබේ. අප කතා කරන මේ ශිෂ්ටාචාරයේ ඉතිහාසය සමග, කිරෙන් වතුර වෙන් කළ නොහැකි පරිද්දෙන්, බලය සහ ආගම එකට මිශ්‍ර වී ඇති නිසා, ඉහත කී කතාව ඇත්තක්මද යන ප්රශ්නය මතු වෙයි. ශිෂ්ටාචාරවත් මිනිසා ඉපදුණේ පසුගිය වසර 10,000 ක කාලයේ නම්, ඊට කලින් සිටි මිනිසා අශිෂ්ටයෙක්ද? ඔහු නිෂ්පාදනයක් නොකෙළේද? ඔහුට ඉතිරියක් සහ අතිරික්තයක් නොතිබුණේද? ඔහුට ලේඛනයක් නොතිබුණේද? ඔහුට කලාවක් නොතිබුණේද ආදී ප්‍රශ්න අප ඉදිරියේ මතුවෙයි.
අපේ ලේඛනගත ඉතිහාසය යනු, එය ලේඛනගත කළ කාලයේ ඉතිහාසයයි. එනම්, ඉතිහාසයෙන් බොහෝවිට කියැවෙන්නේ, සංගෘහිත කිරීමට අරමුණු කරන කාලයේ ඉතිහාසයට වඩා, එය සංගෘහිත කළ කාලයේ ඉතිහාසය බවයි. උදාහරණයක් වශයෙන්, බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් අවුරුදු දහසකට පමණ පසුව ‘මහාවංශය’ ලියන මහානාම හිමියන්, ලංකාවට බුදුන් වහන්සේ තෙවතාවක් වැඩියේ යැයි කියන්නේ, මහානාම හිමියන් ජීවත්ව සිටි කාලයේ සමාජ අවශ්‍යතාවක් වශයෙන් මිස ඇත්තෙන්ම බුදුන් වහන්සේ එක වරක්වත් ලංකාවට වැඩමකොට ඇති නිසා නොව. එසේ වැඩම කළ බවට කිසි සාක්ෂියක් තවම සොයාගෙන නැත. එහෙත්, බුදුන් වහන්සේගේ වැඩම කිරීමෙන් ලංකාව පුණ්‍ය භූමියක් බවට පත්ව ඇති බව කීමේ අවශ්‍යතාවක් මහානාම හිමියන්ට තිබුණි. ඒ අනුව, ඉතිහාසය වෙනස් කෙරුණි.
කෙසේ වෙතත්, ඉතිහාසය විද්‍යාවක් වන තැනක් සහ යුගයක් තිබේ. ඒ, පුරාවිද්‍යාව නිසා ය. ඊට සහාය වන භූ-විද්‍යාවක් තිබේ. ඊට සහාය වන මානව විද්‍යාවක් තිබේ. මේ නිසා, ලෝකය ඉදිරියට යද්දී, ඉතිහාසය ආගමෙන් සහ අවස්ථාවාදයෙන් වෙන්කොට, විද්‍යාත්මක ඉතිහාසයක් ලිවිය හැකි කාලයක් පිළිබඳ බලාපොරොත්තු තබාගත හැකි යුගයක් බිහි විය. එහිදී, පරණ ඉතිහාසය සංස්කරණය විය. එක්කෝ, බොරු විය.
ලෝක ඉතිහාසය සහ මිනිස් ඉතිහාසය පිළිබඳ ලොකුම ආගමික ග්‍රන්ථය වන බයිබලයේ ‘උත්පත්ති කතාව’ අනුව, මේ ලෝකයේ වයස අවුරුදු 7000 කට වඩා වැඩි විය නොහැක. මේ කතා වස්තුව අනුව යමින්, එනම් බයිබලයේ ‘උත්පත්ති කතාව’ අනුව යමින්, එහි සඳහන් දින වකවානු සහ වංශාවලිය අනුව යමින්, ලෝකයේ පටන්ගැනීම ගණනය කළ අයර්ලන්තයේ එක් අගරදගුරුවරයෙක් එය නිශ්චිත දිනයකින්ම දක්වා තිබුණි. එනම්, ක්‍රිස්තු පූර්ව 4004 ඔක්තෝබර් මාසයේ 24 වැනි සෙනසුරාදා හැන්දෑවේ දෙවියන් වහන්සේ ලෝකය මැවූ බවයි! මේ ගැන තර්ක විතර්ක අවශ්‍ය නැත. පුරාවිද්‍යාවෙන් සොයාගෙන ඇති රාශියක් ඇටසැකිලි සහ වෙනත් පුරාතන භාණ්ඩත් පැත්තකින් තියන්න. වර්තමාන භූ-විද්‍යාඥයන් පෙන්වා දෙන පරිදි, මේ පොළොවේ නිශ්චිත ආරම්භයක් හෝ නිශ්චිත අවසානයක් පිළිබඳ කිසි හෝඩුවාවක් මේ වන තෙක් සොයාගෙන නැති බව පමණක් සැලකිල්ලට ගන්න. (මෙසේ කරුණු නිවැරදිව ඉතිහාසයෙන් පෙරාගෙන තිබියදීත්, මිථ්‍යා විශ්වාස සහ ආගමික ඇදහිලි මත රඳාපවතිමින් ඉතිහාසය විකෘති කිරීමට දඟලන බුද්ධික පතිරණ වැනි මිනිසුන් තවමත් සිටිති. රාවණා රජු ගැන සොයාබැලීමට විශේෂඥ කමිටුවක් පත්කරන්නැයි පසුගිය දා ඔහු පාර්ලිමේන්තුවෙන් ඉල්ලා තිබුණි. නැති දෙයක් සෙවීමට මහජන මුදල් වැය කරනවාට අමතරව, විද්‍යාව විසින් එළිපෙහෙලි කරගන්නා ඉතිහාසය පවා, බලය සමග ගැටගැසුණු දෘෂ්ටිවාදයන්ගේ අවශ්‍යතා පෙරදැරිව මෙහෙයවන මෙවැනි පුද්ගලයන් නිසා, ඉතිහාසය නැවත ව්‍යාකූල වීමත් නිතර දක්නට ලැබෙයි. ඒ නිසා, ඉතිහාසය ලිවීම කිසි දවසක නොනවතී. දිනපතා එය පිරිපහදු කෙරෙනු ඇත. දිනපතා එය දූෂ්‍ය කෙරෙනු ඇත).
ශිෂ්ටාචාරය යන වචනයේ, ප්‍රගතිය යන අදහසක් තිබේ. ශිෂ්ටාචාරයේ ඉතිහාසය යනු ප්රගතියේ ඉතිහාසය යැයි ඒ අනුව කියැවෙයි. මේ ප්‍රගතිය ඇති කළෝ ශක්තිවන්තයෝ ය. ජයග්‍රාහකයන් වුණේ ඔවුන් ය. ඔවුන් කියන කතාව ඇත්තක්ම යැයි ගැනීමට, ඩාවින්ගේ පරිණාමවාදයෙන් තවත් තල්ලුවක් ලැබුණි. ස්වභාව ධර්මයේ නියාමය තුළ ශක්තිවන්තයා ඉදිරියට යන බවත්, දුර්වලයා අභාවයට යන බවත් ඩාවින්ගේ පරිණාමවාදයෙන් කියැවෙයි. එය බොරුවක් නොවේ. එහෙත් ඒ අභාවයට ගිය හෝ පරාජයට පත් ඉතිහාසයේ විසූ මිනිස්සු, ශිෂ්ටාචාරයට අයත් නැති අශිෂ්ටයන් සේ සැලකීම ප්රශ්නයකි. එසේම, ඔවුන් පරාජයට පත්වුණේ, ස්වභාව ධර්මයේ නියාමයක් නිසාද, නැතහොත් උවමනාවෙන් ඇති කරගත් සංවිධාන බල ව්‍යුහයක අවශ්‍යතාවන් නිසාද යන්න තවත් ප්රශ්නයකි. ඒවා ඩාවින්ගේ ප්‍රශ්න නොව, අපේ ප්‍රශ්න ය.
කතාවේ නව දිසාවක්
උර්ෆා නමින් හැඳින්වෙන නගරයක් තුර්කියේ තිබේ. ඒ නගරයට එපිටින් හිරිගල් කඳුවැටියක් තිබේ. මේ කඳුවැටියේ එක් උස් මුදුනක ‘පොට්බෙලි හිල්’ හෙවත් ‘බණ්ඩි කන්ද’ නමින් හැඳින්වෙන තැනක් තිබේ. ක්ලාවුස් ෂ්මිඩ් නමැති ජර්මානු පුරාවිද්‍යාඥයෙක් 1994 දී මෙතැන කැණීම් කෙළේය. මෙය භූ-විද්‍යානුකූලව ගත් විට, ස්වභාව ධර්මයෙන් ඇති වූ කන්දක් නොව, මිනිසුන් විසින් ගොඩනඟන ලද්දක් බව ඔහු විසින් සොයාගැනුණි. මෙය ප්රාග්-ඉතිහාසයට හෙවත් ශිෂ්ටාචාරයෙන් එපිට කාලයකට අයත් පරිශ්‍රයකි. එය ගොඩනඟා ඇත්තේ, මීට අවුරුදු 12,000 කට ඉහත කාලයක ය. එනම්, වර්තමානයේ සැලකෙන ශිෂ්ටාචාරය ඇති වීමට කලිනි.
දීර්ඝ කතාවක් කෙටියෙන් කිවහොත්, ශිෂ්ටාචාරය යැයි අප අද විශ්වාස කරන ප්රපංචය තුළ ඇති මූලික දේවල් සියල්ල එහි තිබී සොයාගෙන ඇත. ඒ අතර, අතින් නෙළුෑ සොහොන් ගල් රාශියකි. අඹන ලද විශාල මිනිස් හිසක්, වෙස්මුහුණු සහ අඩියක් දිග පුරුෂ ලිංගයක්, අතේ පළඳින ගලින් කළ මුදු සහ ඉංග්‍රීසි ‘ටී’ අකුරේ හැඩය ඇති අඩි විස්සක් උස, ටොන් දහයක් බර යෝධ ගල් කුලුනු සහ සතුන්ගේ රූප රාශියක් ඒ අතර තිබේ. එසේ සොයාගත් සාම්පල 1500 අතරේ, හීලෑ කරගත් කිසි සතෙකුගේ ඇටකටුවක් නොවුණි. එහි අදහස වන්නේ, මෙතරම් සංකීර්ණ සහ විශාල ස්ථානයක්, මෙතරම් දුෂ්කර ස්ථානයක ගොඩනැඟූ මිනිසුන්, එක තැනක පදිංචි, කෘෂිකර්මයේ යෙදුණු ගොවියන් නොව, තැනින් තැන ගිය දඩයක්කාර සහ ඇහිදන් කන ජන ප්‍රජාවක් වී ඇති බවයි. එසේ නම්, ශිෂ්ටාචාරය පටන්ගැනෙන්නේ, තනි තැනක පදිංචි, පවුලක් නඩත්තු කරන, ගොවිතැන් කළ සමාජ ක්‍රමයක් තුළින් ය යන ප්‍රවාදය බිඳවැටෙන්නේය.
පවුල මුල් කරගත් ගොවි සමාජය වඩාත් කාර්යක්ෂම බල ව්‍යුහයක් තුළ ගොඩනැඟෙද්දී, පරණ සංස්කෘතිය සහ ශිෂ්ටාචාරය පරාජය වන්නේ සහ අභාවයට යන්නේ, ජයග්‍රාහී සංස්කෘතියේ සහ ශිෂ්ටාචාරයේ උත්කෘෂ්ට භාවයක් නිසාම නොව, ජයග්‍රාහී සංස්කෘතිය සතු දේශපාලනික බලය මර්දනීය අවියක් වශයෙන් නිර්දය ලෙස භාවිතයට ගැනීමද නිසා ය. ඊළඟට, ඒ ඉතිහාසය ලියන්නේ, ජයග්‍රාහී සංස්කෘතිය සහ ශිෂ්ටාචාරය විසින්ම වන නිසා ය. (මීට වෙනස්, ව්‍යතිරේකයක් තිබේ. රෝම අධිරාජ්‍යය බිඳවැටීම පිළිබඳ දුක්මුසු කතාව ලියා ඇත්තේ, එය බිඳදැමූ ජයග්‍රාහක ම්ලේච්ඡයන් විසින් නොව, පරාජිත රෝමවරුන් විසිනි. ඊට හේතුව, ජයග්‍රාහක ම්ලේච්ඡයන්ට තමන්ගේ ඉතිහාසය ලියා තැබීමට තරම් ලිඛිත භාෂාවක් නොතිබීමයි).
පාඩම මෙයයි: අපේ ගොවි ශිෂ්ටාචාරය උත්කෘෂ්ට බවත්, එම ශිෂ්ටාචාරය විසින් පරාජයට පත්කොට අභාවයට යවන ලද කෘෂිකාර්මික නොවන ‘වනචාරී’ ශිෂ්ටාචාරය පහත් බවත් ඇඟවෙන්නේ, එය ඇත්තෙන්ම එසේ වී ඇති නිසාම නොව, එසේ වී ඇතැයි ලියා තිබීම නිසා ය.
මෙය, මොන විදිහකින්වත්, ඉස්සර දේ (හෝ නොලැබුණු දේ) සිරිසැප දේ යන මිථ්‍යාවට සහ බොළඳ අතීතකාමයට අතවැනීමක් නොවන බව අවධාරණය කළ යුතුය. ඉස්සර දේවල් හෙවත් ඉතිහාසය වඩාත් පෘථුල මානයකින් අවබෝධ කරගැනීම, වර්තමානය තේරුම්ගැනීමටත්, අනාගතය සකස් කරගැනීමටත් යම් ආකාරයකින් ඉවහල් කරගත හැකි ය යන පරිශීලන අර්ථයෙන් පමණක් මෙය භාරගත යුතුව තිබේ.
තුර්කියේ මෙන් කැණීම් යම් දවසක ලංකාවේ කළොත්, අවුරුදු 2500 ක සිංහල-බෞද්ධ ඉතිහාසය තරමටම හෝ සමහරවිට එයත් පරයන තරමට ‘දියුණු’ ශිෂ්ටාචාරයක් ඊට ඉහතින් මෙහි තිබී ඇති බව සමහරවිට නිශ්චිතව සොයාගැනීමට පිළිවන් වේවි. එවැනි ඉතිහාස ගවේෂණවලට උරදිය යුත්තේ, රාවණා මිථ්‍යාවක් පස්සේ දුවන බොළඳ දේශපාලනඥයන් හෝ මහානාම හිමියන් වැනි ආගම්වාදී ඉතිහාසඥයන් නොව, ක්ලාවුස් ෂ්මිඩ් වැනි (පුරා)විද්‍යාඥයන් ය.
Windyhttp://www.blogger.com/profile/16625585454214566462noreply@blogger.com0tag:blogger.com,1999:blog-3126379340621948143.post-58505400834937902642023-08-15T12:11:00.004+05:302023-08-15T12:11:49.464+05:30කැන්ඩොස් වෙතින් පැහැදිලි කිරීමක්
පසුගියදා කැන්ඩොස් චොකලට් නිෂ්පාදනයකින් මිනිස් ඇඟිල්ලක කොටසක් මතුවීම පිළිබඳ විශේෂ නිවේනයක් නිකුත් කළ කැන්ඩොස් සමාගම පවසන්නේ, මේ පිළිබඳ විධිමත් විමර්ශනයක් ක්‍රියාත්මක වන බවයි.
‘මේ වනවිට මෙම සිදුවීම සම්බන්ධයෙන් කරුණු සොයාබැලීම සඳහා විධිමත් විමර්ශන ක්‍රියාවලියක් සිදුවෙමින් පවතී. අප මෙම කාරණය කිසිවිටෙක අවතක්සේරු නොකරන්නෙමු. මෙම තත්වය තුළ අපගේ සන්නාමය වෙනුවෙන් පෙනී සිට, එය නොසැලී ආරක්ෂා කිරීම පිළිබඳව අපගේ පාරිභෝගිකයන් හට කෘතඥ වන්නෙමු. එසේම, මෙම සිදුවීම සම්බන්ධයෙන් යම් අපහසුතාවයක් ඇති වූයේ නම්
ඒ පිළිබඳව අපගේ අවංක කණගාටුව ප්‍රකාශ කරන්නෙමු. අපගේ නිෂ්පාදනවල ගුණාත්මක බව සහ විශ්වසනීයත්වය ස්ථාවරව, නොසැලී පවතින බව පාරිභෝගිකයින් වෙත සහතික කිරීමට අපගේ ආයතනය කැපවී සිටින බව නැවතත් සිහිපත් කරන්නෙමු.‘
Windyhttp://www.blogger.com/profile/16625585454214566462noreply@blogger.com0tag:blogger.com,1999:blog-3126379340621948143.post-43459026481876826212023-08-06T23:03:00.004+05:302023-08-06T23:07:25.322+05:30‘මතුවෙන්න’ - ජය ශ්‍රී අලුත් වැඩක් සමගින්
යූ ටියුබ් නාලිකාවෙන් දැකගන්න පුළුවන්. මේ ගීතයේ රූප රචනයෙන් දිගහැරෙන්නේ
ඔවුන් පහුගිය දවස්වල කිව්ව ඩයමන්ඩ් ගැන
කතාවයි.
නිර්මාණ ශිල්පීන් ඊට සම්බන්ධ වී තිබෙනවා. ලංකාවේ හිටියත් තවමත් අපි දැකලා නැති
ලස්සන තැන් ගණනාවක් ‘මතුවෙන්න‘ තුළින් දැකගන්නට පුළුවන්. දික්වැල්ල, හිරිකැටිය,
නිලාවැල්ල, නිකවැරටිය, යාපනය වගේ අපේ රටේ තියෙන ආකර්ශණීය තැන් ගණනාවක් මේ අතරට
අයිතියි. <o:p></o:p>
වගේම රූප රචනය කරලා තියෙන්නේ සමන් අමුණුකන්ද. මෑතකාලීනව ජනප්‍රිය වුණු ගීත ගණනාවක
සංගීත නිර්මාණ ශිල්පියා වන රැප්සිලා (සාරංග දිනේෂ්) මෙහි සංගීතය නිර්මාණය කර
තිබෙනවා. <o:p></o:p>
- පණදෙන්න <o:p></o:p>
- විඳගන්න <o:p></o:p>
<o:p> </o:p>
ප්‍රසංග වේදිකාවේ ගායනා කළ ගීතයි. ඒ අතරින් ‘මතුවෙන්න‘ විශේෂ වෙන්නේ නැවුම් ආරකට
අනුව බිහිවුණු වෙනස් නිර්මාණයක් නිසයි. <o:p></o:p>
තමයි ඩයමන්ඩ්. ජය ශ්‍රී ලා පහුගිය කාලේ කතා කළෙත් මේ ඩයමන්ඩ් ගැනයි. කොහොම වුණත්,
‘මතුවෙන්න’ ගීතයෙන් ආරාධනා කරන්නේ, ජයගන්න පුළුවන් තුරුම්පුවක් වගේ, නැත්නම්,
ඩයමන්ඩ් එකක් වගේ තමන්නේ දක්ෂතා ඔපමට්ටම් කරගෙන තාරුණ්‍යයට නැගිටින්න කියලා. මේ ඩයමන්ඩ්
සංකේතය ‘මතුවෙන්න’ ගීතය පුරාවට දැකගන්නට හැකියි. ගීතය ආරම්භ වෙන්නෙත් ඩයමන්ඩ් එකක්
ඇතුළට ජය ශ්‍රී ලා යනවා වගේ ෂොට් එකකින්. මේ ඩයමන්ඩ් එකේ අභිරහස ‘මතුවෙන්න’ ගීතය
තුළින්ම දැකගන්න. පිවිසෙන්න. <o:p></o:p>
Windyhttp://www.blogger.com/profile/16625585454214566462noreply@blogger.com0tag:blogger.com,1999:blog-3126379340621948143.post-72636398250159214532023-07-27T14:50:00.004+05:302023-07-27T14:50:26.812+05:30 රුවිතෙට එක්වෙන්න - ජය ශ්‍රී
අයියා මලෝ අලුත් රුවිතයකට ලෑස්ති වෙන බව පහුගිය සතිය පුරාම සමාජ මාධ්‍ය තුළ
කතාබහට ලක්වුණා. මේ පැතිරුණු ආරංචිත් එක්ක බොහෝ දෙනෙක් විමසුවේ ජය ශ්‍රී ලා අලුත්
බිස්නස් වැඩකට වත් අතගහලා තියෙනවද, නැත්නම්, රෙස්ටොරන්ට් එකක් වත් දාන්න යනවද
කියලා. මේ අතරේ රුවිතයක් ගැනත් ජය ශ්‍රී ලා කියලා තිබුණා. <o:p></o:p>
මොකක්ද කියන වග බොහෝ දෙනෙක්ට ගැටලුවක් වුණු නිසාම ෆේස්බුක් ලයිව් එකක් ආව ජය ශ්‍රී,
අයියා මලෝ ඒ ගැන පැහැදිලි කිරීමකුත් කළා. <o:p></o:p>
මෙන්න මෙච්චරයි. අපේ අලුත්ම අලුත් ලස්සන සිංදුව. රුවිතේ. මතුවෙන්න. මතුවෙන්න
කියන්නේ, ඕගොල්ලන්ගේ ටැලන්ට්ස් තියෙනවා නම්, ඒ ටැලන්ට්ස් ඔපදාගෙන, මතුවෙන්න කියන
ඉන්න හොඳම ටැලන්ට් සෙට් එකක් කරපු ලස්සන වැඩක්. ඒ වගේම ලංකාවේ දියමන්ති වගේ තියෙන
ගැන වැඩිදුරටත් පැහැදිලි කරන ජය ශ්‍රී කියන්නේ ලංකාවේ දක්ෂතම ශිල්පීන් පිරිසක්
එක්වෙලා කරපු මේ නිර්මාණ කටයුත්ත වෙනසක් වේවි කියලයි. ජය ශ්‍රී රෝහිත ඒ ගැන
ඉන්න හොඳම ටැලන්ට් සෙට් එකක් කරපු ලස්සන වැඩක්. ඒ වගේම ලංකාවේ දියමන්ති වගේ තියෙන
දක්ෂයෝ ටිකක් එකතුවෙලා කරපු ලස්සන සිංදුවක්. අපි හිතනවා ඕගොල්ලෝ සියලුම දෙනා ගොඩක්
Windyhttp://www.blogger.com/profile/16625585454214566462noreply@blogger.com0tag:blogger.com,1999:blog-3126379340621948143.post-47870657823665140202023-07-13T10:39:00.002+05:302023-07-13T10:39:16.598+05:30මිලාන් කුන්දේරා - හුදකලා සාහිත්‍ය දැවැන්තයකුගේ අවසානය
- මහේෂ් හපුගොඩ -
ජීවිතයේ අගභාගය සම්පුර්ණයෙන්ම පාහේ හුදකලාව වෙනුවෙන් වෙන්කල ලෝ ප්‍රකට චෙකොස්ලෝවැකියානු නවකතාකරු මිලාන් කුන්දේරා (1929 - 2023) ඊයේ අපෙන් සමුගෙන තිබෙනවා. විසිවෙනි සියවසේ කතාබහට ලක්වූ ''පියාපතක් වන් ජීවිතයක්'' (The Unbearable Lightness of Being) නම් නවකතාවේ සහ තවත් නවකතා කිහිපයක කතුවරයා වන ඔහු මියගොස් තිබෙන්නේ ඉතාලියේ මිලාන් හි දී.
කුන්දේරාගේ 'පියාපතක් වන් ජීවිතයක්' (1984) නවකතාව ලොව වැඩිම භාෂා ගණනකට පරිවර්තනය වූ නවකතාවක් වනවා. ඔහුගේ නවකතා චෙකොස්ලෝවැකියානු කොමියුනිස්ට් පක්ෂය විසින් තහනම් කරනු ලැබුවේ එම කෘතිවල ඉතාම සූක්ෂම ලෙස ඔහු භාවිත කළ දේශපාලන උපහාසය සහ දාර්ශනික කරුණු විසින් කොමියුනිස්ට්වාදයේ මර්දනය හාස්‍යයට ලක්කළ නිසාවෙන්.
දෙවන ලෝක යුද්ධයෙන් පසු චෙක් ජාතික නවකතාකරුවන් සහ චිත්රපටකරුවන් සෑහෙන පිරිසක් වෙනුවෙන් ආශ්වාදය සැපයූ මෙම විශිෂ්ඨ රචකයාට නොබෙල් තෑග්ග දිනාගැනීමට හැකිවුවේ නැහැ.
සමකාලීන හැම චෙක් තරුණයෙක්ම කළ පරිද්දෙන් මුලින් කොමියුනිස්ට් දෘෂ්ටිවාදය තදින් විශ්වාස කළ කුන්දේරා පසුව චෙක් කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාකාරීත්වය ප්‍රශ්න කිරීමට ලක්කළා. කොමියුනිස්ට් පක්ෂය විසින් ඔහුව පක්ෂයෙන් නෙරපා දැම්මේ ඉන් පසුවයි.
මුලින් සමස්තතාවාදී වූ කොමියුනිස්ට් පක්ෂය පසුව 1960 දශකයේ ලිබරල් ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට පටන්ගත් විට ඔහු ලිවූ The Joke (1967) නවකතාව ලෝකය පුරා ජනප්‍රිය උණා.
නමුත් හැටේ දශකයේ අග කඩාවැදුණු සෝවියට් ආක්‍රමණ හේතුවෙන් සියලු ප්රජාතන්ත්රවාදී බලාපොරොත්තු අතහැරි චෙකොස්ලෝවැකියාව කුන්දේරාගේ සියලු කෘති තහනම් කරනු ලැබුවා.
එතැන් පටන් සෝවියට් අනුග්‍රහය ලද චෙක් කොමියුනිට්ස් පක්ෂයේ අඩන්තේට්ටම් සහ හිංසනය කුන්දේරා මත මුදාහැරුණා. ඔහුගේ පොත්පත් සියල්ල පුස්තකාල වලින් පිටමං කළා. ඔහුගේ ගුරු වෘත්තිය ඔහුට නැතිවුණා. අන් කිසිවක් පළකිරීමේ නිදහසවත් ඔවුන් ඔහුට දුන්නේ නැහැ. ඔහුගේ දුරකථනයට පවා රහසේ සවන්දුන් කොමියුනිස්ට් පක්ෂය කුන්දේරා දැඩි පීඩනයකට ලක්කළා. ඒ එක්කම ඔහු ගොඩක් නිශ්ශබ්ද වෙන්න තීරණය කළා.
ඉන්පසු ඔහු කළේ මේ සමස්ථාවාදී චෙකොස්ලෝවැකියාවෙන් පිටවීම. පිටව ගොස් පැරීසියේ ජීවිතය ගෙවීම.
කොහොම උනත් ඔහුගේ නිශ්ශබ්ද බව පැරීසියේදීත් ගොඩක් වෙනස් වුණේ නැහැ.
හැබැයි ඒ නිශ්ශබ්ද බව එහෙමම තිබ්බට ඔහුගේ නිර්මාණශීලී බව නම් නිශ්ශබ්ද උණේ නැහැ. අපි දන්නා ඔහුගේ හොඳම නිර්මාණ ටික එළියට එන්නේ ඔහු චෙකොස්ලෝවැකියාවෙන් විප්‍රදේශගත උනාට පස්සේ.
රටකින් පිටුවහල් වීමත් බලාගෙන යනකොට නරකම දෙයක් නෙවෙයි. හැබැයි අසහාය නිර්මාණශීලි මනසක් තියන කෙනෙක්ට...
Windyhttp://www.blogger.com/profile/16625585454214566462noreply@blogger.com0tag:blogger.com,1999:blog-3126379340621948143.post-37485426098529122432023-07-12T15:41:00.002+05:302023-07-12T15:41:38.387+05:30 බාල බෙහෙත් නිසා රෝගීන්ගෙන් 20% ක් මළාට කමක් නැතිලු !
- ගාමිණී වියන්ගොඩ -
ගෘහස්ථ ගෑස් සිලින්ඩර් දිනපතා පාහේ පුපුරන කාලයක් තිබුණි. රට පුරා එවැනි පිපිරීම් වාර්තා වන බව මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමගම, එවක ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකු කියා සිටියේ ඒ මාධ්‍ය වාර්තා වනාහී ආණ්ඩුව අපහසුතාවට පත්කිරීමට ගොතන බොරුවක් බව ය. තමාගේ මතය සනාථ කිරීමට ඔහු ඉදිරිපත් කළ වාස්තවික සාක්ෂිය වුණේ, ඔහු පදිංචිව සිටින පාරේ ගෙවල් 12 ක් ඇති බවත්, එයින් එකකවත් එවැනි පිපිරීමක් සිදුව ඇති බවට ආරංචියක් නැති බවත් ය. මොහු, හිටපු මහාචාර්යවරයෙකි !
නව ලිබරල්වාදය යනුවෙන් හඳුනාගන්නා එක්තරා දෙයක් තිබේ. මිනිස් ජීවිත සහ සමස්ත භෞතික පැවැත්ම, මිල මුදලින් මිණිය හැකි වන ආකාරයෙන්, වෙළෙඳපොල විසින් සියල්ල හිතුවක්කාරීව තීරණය කරනු ලබන බව, මේ සංකල්පයෙන් කියැවෙන දළ අදහසයි. එනම්, මූල්‍ය ලාභයට මුල්තැන දෙමින්, මිනිස් ජීවිතවල වටිනාකම නොවැදගත් තැනකට, මේ නව ලිබරල්වාදී ආර්ථික ක්‍රමය තුළ පිරිහෙළන බව ප්‍රධාන චෝදනාවයි. මේ ප්රශ්නය නිරාකරණය කරගැනීමේ එක් මාර්ගයක් වශයෙන් දැනට අනුගමනය කරන පිළිවෙත වන්නේ, වෙළෙඳපොළට සහ වෙළෙන්දාට සහ වෙළෙඳ රටාවට හිතුමතේ ක්‍රියාකිරීමට ඉඩ නොදී, ඒ සෑම අංශයකදීම ඒවා නියාමනය කිරීමයි. ඒ අනුව, විවිධ නීති පද්ධති සහ ආයතන පද්ධති ඇති කෙරේ. මේ නීති පද්ධති සහ ආයතන පද්ධති නඩත්තු කොට මෙහෙයවනු ලබන්නේ, රටක් ඇතුළේ නම්, රජයක් විසිනි. ඉන් පිටත නම්, ජාත්‍යන්තර ආයතන සහ සම්මුතීන් මගිනි.
අප මෙහිදී සාකච්ඡා කරන්නේ, ලංකාව ඇතුළේ යම් තත්වයක් ගැනයි. එක වරදක් නිවැරදි කිරීමට යොදාගන්නා ක්‍රමවේදය සහ ආයතනික ව්‍යුහයත් අර වැරැද්ද ප්‍රවර්ධනය කරයි නම් ඒ නඩුව කියන්නේ කාටද? තවත් විදිහකින් කිවහොත්, වෙළෙන්දා ගසාකනවාට වඩා රජයේ බලධාරීන් විසිනුත් අර වෙළෙන්දාගේ මුවාවෙන් මිනිසුන් ගසාකයි නම් එය බරපතල තත්වයකි. විශේෂයෙන්, මිනිසුන්ගේ ජීවිතවලට කෙළින්ම බලපාන සෞඛ්‍ය අංශයේදී මේ වරද සිදුවෙයි නම් එය තවත් බරපතල ය. බාල ප්‍රමිතියේ ගෘහ උපකරණයක් වෙළෙඳපොළට පැමිණීමෙන් විය හැකි සමාජ හානියට වඩා, බාල ප්‍රමිතියේ බෙහෙතක් රෝහලකට හෝ ෆාමසියකට පැමිණීමෙන් විය හැකි විනාශය ගැන සමාජයක් වඩාත් සංවේදී වන්නේ සහ කුපිත වන්නේ එබැවිනි.
එදා ගෑස් සිලින්ඩර් පිපිරුණා වගේ දැන්, ප්‍රමිතියක් නැති ඖෂධ නිසා රෝගීන් මියයන අවස්ථා රටේ නොයෙක් පළාත්වලින් නිතර වාර්තා වෙයි. පසුගිය මාස තුනක කාලය තුළ, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ආන්දෝලනාත්මක කාන්තා මරණ දෙකක් සිදු විය. එක් ගැබිනි මාතාවක් සිසේරියන් සැත්කමකින් මියගියාය. තවත් කාන්තාවක් හර්නියා සැත්කමකින් මියගියාය. මෙවැනි සාමාන්‍ය වෛද්‍ය මැදිහත්වීම් මගින් කෙනෙකුගේ ජීවිතය නැති වීම මේ සියවසේ සිදුවන සාමාන්‍ය දෙයක් නොවේ. එහෙත් ඉහත කී කාන්තාවන් දෙන්නා දැන් මියගොසිනි. මේ දෙන්නාගේම මරණයේ හේතුව වශයෙන් සොයාගෙන ඇත්තේ, සැත්කම සඳහා භාවිත කළ නිර්වින්දන ඖෂධයේ වරදකි. මේ ඖෂධය ගෙන්වා ඇත්තේ අසාධුගත ඉන්දියානු ඖෂධ සමාගමකිනි. එනම්, මීට කලින් හොර වැඩකට හෝ අක්‍රමිකතාවකට හසු වීම නිසා තහනමට ලක්ව පැවති ඖෂධ සමාගමකිනි. ඖෂධය මෙරටට ගෙන්වා ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙනි.
මීට අමතරව, ඇස් රෝග සඳහා නිර්දේශ කරන ඖෂධයක් නිසා අන්ධ භාවයට පත්ව ඇති අවස්ථාද නුවරඑළියෙන් වාර්තා වී ඇත. ඒ බෙහෙතත්, පිළිගත් ප්‍රමිතියට අනුගත නැති බව රසායනාගාර පරීක්ෂණවලින් මේ වන විට ඔප්පු වී තිබේ.
කෙහෙලිය රඹුක්වැල්ලගේ ‘තර්කය’
‘ජාතික ඖෂධ නියාමන අධිකාරිය’ කියා ආයතනයක් ලංකාවේ තිබේ. එහි කාර්යභාරය වන්නේ, මෙරට පාවිච්චියට ගැනෙන ඖෂධවල ප්‍රමිතිය නිවැරදි වන බවට වගබලාගැනීමයි. පිළිගත් ප්‍රමිතිය වශයෙන් සැලකෙන එක්තරා කඩඉමක් තිබේ. එය හැඳින්වෙන්නේ, ‘ඇමරිකානු ආහාර සහ ඖෂධ පාලන ප්‍රමිතිය’ වශයෙනි. ඉහත කී නිර්වින්දන ඖෂධය මේ ප්‍රමිතියට අනුගත නැති බව පරීක්ෂණවලින් දැන් සොයාගෙන තිබේ. එවැනි පරීක්ෂණ වාර්තා තිබියදීත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මීට සති දෙකකට කලින් පාර්ලිමේන්තුවේදී කියා සිටියේ අර කී මරණ, මේ කියන නිර්වින්දන ඖෂධයේ බාල ප්‍රමිතියට සම්බන්ධයක් නැති බව ය. ඒ සඳහා ඔහු ගෙනහැර පෑ ප්‍රධාන සාක්ෂිය කුමක්ද? මේ කියන එක් කාන්තාවක් මියගිය දවසේ එම නිර්වින්දන ඖෂධය එම රෝහලේම තවත් කාන්තාවන් හතර දෙනෙකු සඳහාද පාවිච්චි කොට ඇති බවත්, ඔවුන් මියගොස් නැති බවත් ය!
සයනයිඩ් වැනි මාරක වසකින් මිස වෙන කිසිවකින් 100% ක් මියයතියි කියන කිසිවෙකු නැත. එහෙත් පස් දෙනෙකුගෙන් එක්කෙනෙකු හෙවත් 20% ක් යම් නිවාරණ ඖෂධයක් නිසා මියයතියි පරීක්ෂණ වාර්තාවලින් ඔප්පු වන්නේ නම්, එය ඖෂධ රාක්කයක තැබීමට සුදුසු දෙයක් නොවන බව, වෛද්‍යවේදය හෝ ඖෂධවේදය ගැන දැනුමක් නැති අප වැනි පෘථග්ජනයන්ට පවා වැටහෙන දෙයකි.
ඉහත කී ‘ජාතික ඖෂධ නියාමන අධිකාරියේ’ සභාපතිවරයා මහාචාර්යවරයෙකි. ගිය සතියේ ඔහු පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී කෙනෙක් ඔහුට එක කාරණයක් පෙන්වා දුනි. එනම් මේ කියන ඖෂධ සමාගම නියමිත පාලන අධිකාරියක් තුළ ලියාපදිංචි වී නැති බවයි. එවිට ඔහුගේ පිළිතුර වුණේ මෙයයි: ‘අදාළ සමාගම ලියාපදිංචි එකක්ද නැද්ද කියන එක අවසාන ප්‍රතිඵලයට අදාළ නැහැ.’ අවසාන ප්‍රතිඵලය යනු ලෙඩාගේ මරණයයි.
දූෂිත දේශපාලනඥයෙකු සහ උගත් මහාචාර්යවරයෙකු අතර ඇති වෙනස කුමක්ද? මේ දෙන්නා සහ අර කියන කූට ඖෂධ වෙළෙඳ සමාගම අතර ඇති වෙනස කුමක්ද? නව ලිබරල්වාදය යන දෙය, තැලිය යුතු මුවහමක් වශයෙන් හෝ ගැරහිය යුතු දෙයක් වශයෙන් කෙනෙකු සලකන්නේ නම්, ඇත්තෙන්ම තැලීමට හෝ ගැරහීමට ලක්විය යුත්තේ හිතක් පපුවක් නැතැයි කියන අර වෙළෙඳපොළ සහ කූට වෙළෙඳ සමාගමද, එසේ නැතහොත්, ඒ දෙපාර්ශ්වය පාලනය කිරීමට සහ නියාමනය කිරීමට සමාජය සහ ජනතාව වෙනුවෙන් රජය පැත්තෙන් පෙනී සිටිමින් ඒ වගකීම පැහැරහරින ඇමතිවරයා සහ මහාචාර්යවරයාද?
75 වසරක ශාපයක් ගැන නිතර කතා කෙරේ. ඒ ආඛ්‍යානයේ කතානායකයා වන්නේ පාලකයා ය. එනම්, දේශපාලනඥයා ය. මේ දේශපාලනඥයන්ගෙන් 90% ක්, දේශපාලනය තුළ ධන කුවේරයන් බවට පත්වීම සහ ඊට තරමක් සමානුපාතිකව රටේ අසංවර්ධනය ඇති වීම අතර යම් සම්බන්ධයක් තිබෙන බව ඇත්ත. (එහෙත් අපේ අසංවර්ධනයේ සහ ආර්ථික පරිහානියේ කතාව, සොරකමට සහ දූෂණයට පමණක් ලඝු කළ හැකි දෙයක් නොවන බවත් මතක තියාගන්න). කෙසේ වෙතත්, ඒ සෑම ‘සාර්ථක’ දේශපාලනඥයෙකු පසුපසම, ‘සාර්ථක’ රාජ්‍ය නිලධාරීන් දහයක්වත් සිටින බව අමතක කළ යුතු නැත. හිටපු ජනාධිපති ලේකම්වරුන්, හිටපු මහබැංකු අධිපතිවරුන්, හිටපු වියත් මඟ බුද්ධිමතුන් ආදීන්ගේ නම් ලැයිස්තුවක්, අපේ මෑත කාලයේ ඉතිහාසය ආවර්ජනය කළොත්, පාඨකයාගේ හිතේ ඇඳී යනු නොඅනුමානයි.
තවත් මහාචාර්යවරයෙක් !
ඉතිං, සෞඛ්‍ය ඇමතිවරයාගේ 20% කතාවට නොදෙවැනි වීමට සිතාගෙනදෝ මේ කියන මහාචාර්යවරයාත් ඉහත කී පුවත්පත් සාකච්ඡාවේදී තවත් අපූරු කතාවක් කියා තිබේ. ඒ මෙසේ ය: ‘මේක අමල්බිසෝගෙ ප්‍රශ්නයක්.’ අමල්බිසෝ යනුවෙන් මොහු අදහස්කොට ඇත්තේ කිසාගෝතමී ය. ඉතිහාසය පටලවාගැනීම, විමල් වීරවංශගේ (“මහල්ලා සහ මහමුහුද”) සිට ඩයනා ගමගේ (ජුලියස් සීසර් සහ මාක් ඇන්ටනි) ආදීන් දක්වා දක්නට ලැබෙන සාමාන්‍ය කාරණයකි. ඔවුන්ගේ වැරදීම්, රටට විනෝදය සැපයුවා විනා විශේෂ හානියක් කෙළේ නැත. එහෙත්, ඉතිහාසය වැරදියට වරනැඟීමෙන් මේ මහාචාර්යවරයා කියාදීමට තතනන පාඩම කුරිරුයි. මරණය වැළැක්වීම අරමුණුකොට පිහිටුවා ඇති රාජ්‍ය ආයතනයක සභාපති පුටුවට එවැනි සාදෘෂ්‍යයක් නොපෑහෙයි.
සිය මියගිය දරුවාගේ සිරුර හොවාගෙන බුදුන් වහන්සේ හමුවට එන කිසාගෝතමී දරුවාගේ ජීවිතය ආපසු ලබාදෙන්නැයි බුදුන් වහන්සේගෙන් ඉල්ලා සිටී. මරණය කාටත් පොදු, නොවැළැක්විය හැකි දෙයක් බව ඈට දැනවීම සඳහා බුදුන් වහන්සේ ඈට උපදෙසක් දෙයි. එනම්, කිසිවෙකු නොමළ ගෙයකින් අබැටක් අරගෙන ආවොත්, දරුවාගේ ජීවිතය ආපසු ලබාදීම ගැන සලකා බැලිය හැකි බවයි. එවැනි ගෙයක් සොයාගැනීමට ඈ උත්සාහ කළත් නොහැකි වෙයි. මරණය කාටත් පොදු බව එයින් ඈට පසක් වෙයි.
එම කතාව මේ අවස්ථාවේ කීමෙන් මහාචාර්යවරයා ගම්‍ය කරන කාරණය කුමක්ද? ඒ මෙයයි: බාල නිර්වින්දන ඖෂධයක් නිසා අකල් මරණයට ලක් වූ කාන්තාවන් දෙන්නාද, අප කාටත් කවදා හෝ හිමිවන මරණය නමැති ස්වභාව ධර්මයේ සත්තාවට මුහුණදී ඇති බවයි. ඒ නිසා අප එයින් අනවශ්‍ය විදිහට කම්පාවට පත්විය යුතු නැත. එසේ කීමෙන්, ඔහු වසංගන සහ පැනයාමට තැත් කරන මුඛ්‍ය කාරණය අප සූත්රගත කළොත් ඒ මෙසේ ය: කිසාගෝතමීට අවශ්‍ය ඖෂධය සඳහා අබ ඇටයක් ඉල්ලාගැනීමට කිසි නිවසක් සොයාගත නොහැකි වූ ආකාරයෙන්ම, මහාචාර්යවරයාටත් නියමිත ප්‍රමිතියේ නිර්වින්දන ඖෂධයක් ඇති සමාගමක් සොයාගැනීමට නොහැකි වී ඇති බවයි!
වළ බොර කිරීම
ලංකාවේ ආනයනයන්ට සම්බන්ධ රාජ්‍ය අනුබද්ධිත සෑම අංශයක්ම එක කාරණයකට මුහුණදීමේදී සමාන ස්වභාවයක් උසුළයි. එනම්, යම් භාණ්ඩයක් ආනයනය කිරීමේදී අනුගමනය කළ යුතු දීර්ඝ පටිපාටියේ දෘඪ භාවයයි. අදාළ පටිපාටිය එසේ දුෂ්කර කොට ඇත්තේ, හැකිතාක් දූෂණය සහ නාස්තිය අවම කිරීමටයි. ටෙන්ඩර් පටිපාටිය, ප්‍රමිතියේ උසස් භාවය, ලැදියාවන් අතර ගැටුමක් නොතිබීම ආදී කරුණු සොයා බැලෙන්නේ, රටේ සහ ජනතාවගේ පොදු යහපත අරමුණු කරගෙන ය. එහෙත්, මේ අංශවලට සම්බන්ධ ඇතැම් දූෂිත නිලධාරීන් මේ දුෂ්කර පටිපාටියට මුවාවෙමින් අදාළ ආනයන ඇණවුම පමා කෙරෙන තත්වයට කටයුතු සලස්සති. එහිදී, එක්තරා මොහොතක, අදාළ භාණ්ඩය ගෙන්වීම තවදුරටත් කල්දැමිය නොහැකි හදිසි මොහොතක් මතුවෙයි. උදාහරණයක් වශයෙන් යම් පොහොරක් ගොවියන් අතර බෙදා දිය යුතු කන්නය කට ළඟට ඇවිත් තිබීම ගත හැකිය. දූෂිතයා රිංගන හිල ඇරෙන්නේ එතැනිනි. එවිට, අදාළ භාණ්ඩයේ සැපයුම්කරුවා ලියාපදිංචි වී ඇත්ද නැත්ද යන්න හෝ අදාළ භාණ්ඩය හරියටම ප්‍රමිතියට අනුගතද නැත්ද යන්න හෝ ඒ භාණ්ඩය සඳහා ගෙවන මිල සැබවින්ම ගෙවිය යුතු තරගකාරී මිලද යන්න වැනි කරුණු තාවකාලිකව පැත්තකින් තබනු ලැබේ. ඒ අනුව, වැඩි මිලකට, අඩු ප්‍රමිතියෙන් යුත් භාණ්ඩයක්, අසාධුගත හෝ ලියාපදිංචි නොවුණු සමාගමකින් පවා ගෙන්වීමට දූෂිත නිලධාරියාට වරම් පෑදේ.
මේ කියන නිර්වින්දන ඖෂධය සම්බන්ධයෙන් එවැනි දූෂිත ක්‍රියාමාර්ගයක් අනුගමනය කර ඇතැයි අපට එකහෙලා කිව නොහැකි බව ඇත්ත. එහෙත් යම් අක්‍රමිකතාවක් සිදුව ඇති බව පැහැදිලියි. මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයත්, වෙනත් අති කුප්‍රකට අමාත්‍යාංශ සහ මණ්ඩල තරමටම විවිධ අක්‍රමිකතා සහ දූෂිත ක්‍රියාවන්ට සරු බිමක් වී ඇති බවට චෝදනා නැඟේ. සෞඛ්‍ය අමාත්‍යාංශය යනු රටේ ජනතාවගේ ජීවිතවලට කෙළින්ම සම්බන්ධ ආයතනය වන නිසා එවැනි අවමානවලින් සහ චෝදනාවලින් වැළකී සිටීමට වගබලාගැනීම අත්‍යාවශ්‍ය ය.
Windyhttp://www.blogger.com/profile/16625585454214566462noreply@blogger.com0tag:blogger.com,1999:blog-3126379340621948143.post-34924648243496194892023-06-26T12:37:00.002+05:302023-06-26T12:37:45.049+05:30 ප්‍රිගෝශින් නම් කාල බෝම්බය...
මහේෂ් හපුගොඩ
OceanGate කට්ටිය ගොඩක් විශ්වාස කරලා, ශක්තිමත් කියල හිතල, Titan හදන්න භාවිතයට ගත්ත කාබන් ෆයිබර් එකේම තමයි ඒකෙ දුර්වලතාව තිබිල තියෙන්නේ. කවදාවත් විනාශ කරන්න බැහැ කියල හිතපු 'ටයිටැනික්' අපරාජිත බවේම තමයි ඒකෙ පරාජය රැඳිලා තිබ්බේ.
මේ වගේ හැම දෙයකම ශක්තිමත් කියල හිතන අන්තර්ගතය ඇතුලෙම එහි සිතාගත නොහැකි දුර්වලතාව ගැබ්ව පවතිනවා කියල කිව්වේ ඉතාම වැදගත් ජර්මන් විඥාණවාදියෙක් වෙච්ච ෆ්රෙඩ්රික් හේගල්.
යමක් යම් විදියකට නිර්මාණය වෙනකොටම ඒ නිර්මාණය ඇතුලේ තියනවා එහි විනාශයේ බීජය. පෙරදිග දර්ශනවාද වලත් මේක කියවෙනවා.
මම මීට කලින් ලියල තියනවා වගේ මහින්ද මහත්තයට දේශපාලනය ඇතුලේ ගොඩක් හයියක් උණේ එයාගේ විස්තෘත පවුල. හැබැයි එයාගේ දේශපාලනය ගොඩක් විවේචනයට ලක්වෙන්න බලපෑවෙත් ඒ විශාල පවුලම තමයි. මේක තමයි ශක්තිය කියල අපි හිතන දේවල්වල ස්වභාවය.
දැන් රුසියන් ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ගත්තම එයාගේ ලොකුම හයිය උනේ එයාගේ වටේ හිටපු කුලී හමුදා ඛණ්ඩය (mercinaries). ඒ කියන්නේ ගොඩක් වෙලාවට මේ හේවා කණ්ඩායම් වල ''සේවය'' වෙනුවෙන් ගෙවීමක් කරලා තියනවා. වැග්නර් ඔෆිස් එකේ තිබිල ඊයේ පවුම් ලක්ෂ ගාණක් හොයාගෙනත් තියනවා.
ඔය පුටින්ට එරෙහිව කැරළි ගැහුවා කියන වැග්නර් කණ්ඩායමේ යෙව්ජෙනි ප්‍රිගෝශින් (Yevgeny Prigozhin) කියන්නෙත් පුටින්ගේ ලඟින්ම වැඩකරපු කුලී හේවා ප්‍රවර්ගයට වැටෙන කෙනෙක්. නිල හමුදාවක සාමාජිකයෙක්ගෙන් කරගන්න බැරි වැඩ පුටින් මෙයාලගෙන් කරගෙන තියනවා. ඒ වගේම යුක්රේන් යුද්දය ඇතුළෙත් ප්‍රිගෝශින් සෑහෙන වැඩක් කරලා තියනවා. ඒක තමයි වැග්නර් කණ්ඩායමේ නම නිතරම ගෝලීය මාධ්‍යවල කියවුනේ.
කොහොම උනත් ඊයේ වෙනකොට පුටින්ට සිද්ද වෙනවා ප්‍රිගෝශින් එක්ක යම් එකඟතාවකට එන්න. වැග්නර් කණ්ඩායමේ කැරැල්ල නැවත්තුවොත් විතරක් එයාලට එරෙහි චෝදනා අමතක කරන්න පුටින් එකඟ වෙනවා. එහෙම එකඟ වෙලා ප්‍රිගෝශින් බෙලාරුස් යනවා.
මින් කියවෙන්නේ වැග්නර් කණ්ඩායම යම් බලවත් තැනක ඉන්නවා කියන එක. අවම වශයෙන් යුක්රේන සතුරෙකුත් දැන් දොරකඩ ඉන්න එකේ රුසියානු බල කඳවුර ඇතුලේ කචල් උනොත් ඔක්කොම සුං නිසා මේ එකඟතාව පුටින්ගේ පැත්තෙන් වැදගත්.
හැබැයි මේ විරසක වීම නිසා කවදාවත් අර පරණ හොඳ හිත නම් නැවත ඇතිවෙන්නේ නැහැම තමයි.
මම හිතන්නේ නැහැ පුටින් ආයේ වැග්නර් කණ්ඩායම ඉස්සර විශ්වාස කරපු විදියට නැවත විශ්වාස කරයි කියල. කොහොමත් බලය සහ සල්ලි එක්ක ලොකු විශ්වාසකම් පවත්වන්න බැහැ කියල මේ ඔක්කොමල දන්නවා.
ඒ නිසා මරණ දෙකක් නෙවෙයි ගොඩක් තියෙන පුටින්ට ඉන්න වෙලා තියෙන්නේ ප්‍රිගෝශින් කියන කාල බෝම්බය පිටේ බැඳගෙන.
Windyhttp://www.blogger.com/profile/16625585454214566462noreply@blogger.com0tag:blogger.com,1999:blog-3126379340621948143.post-37843620077050602792023-06-26T09:50:00.004+05:302023-06-26T09:50:31.166+05:30IELTS Prize 2023 සඳහා අයදුම්පත් භාරගැනීම ඇරඹේ
British Council IELTS පරීක්ෂණයට පෙනී සිටින්නන් වෙනුවෙන් සංවිධානය කරන IELTS Prize තරගයේ 2023 අදියරට අයදුම්පත් භාරගැනීම දැන් ආරම්භ වී ඇත. මෙහි ජයග්‍රාහකයන්ට ඉංග්‍රීසි භාෂාව කථාකරන විශ්ව විද්‍යාලවල අධ්‍යාපන ගාස්තු වෙනුවෙන් පවුම් 5,000 ක් දක්වා මුදල් ත්‍යාග හිමි වේ.
ශ්‍රී ලංකාව, චීනය, ජපානය, හොංකොං, ඉන්දුනීසියාව, කොරියාව, මැලේසියාව, පිලිපීනය, සිංගප්පූරුව, තායිවානය, තායිලන්තය, වියට්නාමය, බංග්ලාදේශය, පාකිස්ථානය සහ නේපාලය යන රටවල වෙසෙන්නන්ට මෙම වසරේ IELTS Prize තරගය සඳහා සහභාගී විය හැක.
IELTS හරහා දේශීය හෝ විදේශීය විශ්ව විද්‍යාලවල ප්‍රථම හෝ පශ්චාත් උපාධි පාඨමාලා සඳහා අයදුම් කළ සහ, 2023 ජනවාරි මාසය සහ 2024 මාර්තු මාසය අතර පාඨමාලා ආරම්භ වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙම තරගයට සහභාගී විය හැක. 2023 සැප්තැම්බර් 15 දිනට පෙර මේ සඳහා අයදුම්පත් යොමුකළ යුතු ය.
තරගකාරී අයදුම්කරණ ක්‍රියාවලියකින් අනතුරුව ශ්‍රී ලංකාවෙන් ජයග්‍රාහකයන් 9 දෙනෙකු තෝරාගැනෙනු ඇති අතර, ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අදාළ ත්‍යාග මුදල් හිමි වනු ඇත.
“මෙම තරගයෙන් ශ්‍රී ලාංකිකයන්ට ත්‍යාග දිනාගැනීමට අවස්ථාව ලැබී තිබීම මට මහත් සතුටක්. තරගය හා එහි ජයග්‍රාහකයන් දැකගැනීමට මා මහත් උනන්දුවෙන් බලා සිටිනවා. මීට පෙර මෙහි ජයග්‍රහණ ලැබූවන් බොහෝ දෙනෙක් තමන් විදේශ රටවලදී ලැබූ අධ්‍යාපනය තම රටවල යහපත වෙනුවෙන් යෙදවූ ආකාරය අපට දැකගන්න ලැබුණා. ලෝකවාසීන් සියලුම දෙනා වෙනුවෙන් ලෝකය වඩාත් සාමකාමී හා සෞභාග්‍යමත් තැනක් බවට පත්කිරීමට නම්, ජාත්‍යන්තර අධ්‍යාපනය හා සහයෝගීත්වය අතිශයින් වැදගත් බව අපගේ විශ්වාසයයි. මේ අධිෂ්ඨානශීලී හා බුද්ධිමත් පුද්ගලයන්ට තම ඉලක්ක ළඟා කරගැනීමට අත්වැලක් වීමට හැකි වීම පිළිබඳව අප ආඩම්බර වනවා.” ශ්‍රී ලංකාවේ British Council අධ්යක්ෂ ඕලන්ඩෝ එඩ්වඩ්ස් මහතා පැවසී ය.
IELTS Prize තරගය, ඒ සඳහා අයදුම් කිරීමේ ක්‍රියාවලිය සහ ඒ සම්බන්ධයෙන් නිතර අසනු ලබන ප්‍රශ්න ඇතුළු තොරතුරු සඳහා පිවිසෙන්න
IELTS පිළිබඳව
International English Language Testing System (IELTS) යනු උසස් අධ්‍යාපනය සහ විදේශ සංක්‍රමණය සඳහා ලොව ජනප්‍රියම ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතා පරීක්ෂණය ලෙස සැලකේ. අධ්‍යාපන ආයතන, සේවායෝජකයන්, රජයන් සහ වෘත්තීය සංවිධාන ඇතුළුව ලොව සමාගම්, ආයතන හා සංවිධාන 11,5000 කට අධික සංඛ්‍යාවක් IELTS කෙරෙහි විශ්වාසය තබා ඇත. පසුගිය වසරේදී පමණක් ශ්‍රී ලාංකිකයන් 60,000 කට අධික පිරිසක් IELTS විභාගයට පෙනී සිටියහ.
British Council, IDP: IELTS Australia සහ Cambridge Assessment English යන ආයතන IELTS හි සම-හිමිකාරීත්වය දරයි. IELTS පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න: www.ielts.org
Windyhttp://www.blogger.com/profile/16625585454214566462noreply@blogger.com0tag:blogger.com,1999:blog-3126379340621948143.post-34149969283427899182023-06-26T09:40:00.003+05:302023-06-26T09:40:28.505+05:30 පාලකයා මදිවාට මාධ්‍යයත්, පූර්ණ මුක්තිය හිමි දෙවිවරුන් විය යුතුද ?
ගාමිණී වියන්ගොඩ
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අවසරය තුළින් පූර්ණ මුක්තිය භුක්ති විඳින්නේ අපේ රටේ එක පුද්ගලයෙකු පමණි. ඒ ජනාධිපතිවරයා ය. වෙන කිසිවෙකුට නීතියෙන් මුක්තියක් හිමිවන්නේ නැත. එහෙත් ඉතිරි පාලකයන් සහ රටේ ජනමාධ්‍යත් නන් අයුරින් තත්වාකාර මුක්තියකට හිමිකම් කියයි. තත්වාකාර යනු, නීතියෙන් හිමි නැතත් ප්‍රායෝගිකව හිමිවන තත්වයකි. දේශපාලනඥයන් සම්බන්ධයෙන් මේ කාරණය අමුතුවෙන් පැහැදිලි කර දිය යුතු නැත. එල්ලුම්ගහට නියම වූ දේශපාලනඥයන් පවා පාර්ලිමේන්තුවේ අසුන් ගන්නා රටක් බවට ලංකාව පත්ව ඇති බව අපි දනිමු. ඒ, එක මිනිමැරුමක් සම්බන්ධයෙනි. එහෙත් මුළු රටක්ම වැනසූ සහ නැසූ ගෝඨාභය රාජපක්ෂට පවා, මෙරටේ වෙන කිසි ජනාධිපතිවරයෙකුට/වරියකට නොදුන් පහසුකම් සහ රක්ෂාස්ථාන අපේ වියදමින් මේ වන විටත් සපයනු ලැබේ. ඒවා අස්වාභාවික සහ සහගහන වරප්‍රසාද වශයෙන් සලකන පුරුද්දක් අපේ දේශපාලන සංස්කෘතිය තුළ නැත.
මේ ගැන, සියල්ලට කලින් කිව යුතු දේ මෙයයි: එනම්, දේශපාලනඥයා සියලු අපරාධ, නොමනාකම් සහ සොරකම් කරමින් නැවත නැවතත් මුක්තිය භුක්ති විඳින්නේ, රටේ ජනතාවගේ හෙවත් සමාජයේ නොදියුණුව නිසා බව ය. වෙනත් බොහෝ රටවල ඉතා සුළු වරදක් සම්බන්ධයෙන්, වරක් නම කැත කරගත් දේශපාලනඥයෙකු නැවත ජනතාවගේ වරම් ඉල්ලා දේශපාලනයට එන්නේ නැත. බොහෝ දෙනා සදහටම දේශපාලනයෙන් සමුගනිති. ඊට එක හේතුවක් වන්නේ, යම් ලැජ්ජාවක් දේශපාලනඥයා තුළමත් තිබීමයි. දෙවැනි හේතුව වන්නේ, නැවත පොරපිටියට ආවොත් ජනතාවගෙන් තමන් ඉඳුරා ප්‍රතික්ෂේප වන තරමට එම සමාජය දියුණුවට පත්ව නැති බව දේශපාලනඥයා පවා දැන සිටීමයි. ඒ කොන්දේසි දෙකම නැති අපේ වැනි රටක, දේශපාලනඥයා පූර්ණ මුක්තිය භුක්ති විඳින දෙවි කෙනෙකුගේ තත්වයට ළංව සිටී.
මීට වෙනස් ආකාරයකින් මාධ්‍යයත් මේ අනිසි වරප්‍රසාදය භුක්ති විඳී. කැළණි ගඟෙන් ඉස්මතු වූ නාගයෙකු ගැන එක් රූපවාහිනී ආයතනයක් ගෙන ගිය ප්‍රචාරය තුළ, දැනුවත්ව සහ හිතාමතාම මුළු රටක්ම රැවටීම යන කාරණය, සහතික වශයෙන්ම තිබුණි. ඒ සිද්ධිය, ප්‍රවෘත්තියක් වශයෙන් නොව, දේශපාලනික බල ව්‍යාපෘතියක කොටසක් වශයෙන් පාවිච්චි කළ මාධ්‍ය ආයතනයේ හිමිකරු ඇතුළු එහි සේවය කරන මාධ්‍යවේදීන් සියලු දෙනා කැළණිය පන්සලේ නායක හාමුදුරුවන් විසින් රවට්ටන ලද්දේ යැයි මොහොතකටවත් සිතිය නොහැක. එදා ඒ නයා දෂ්ට කිරීමෙන් මේ රටට අත්වූ කාලකණ්ණි ඉරණම ගැන, අඩුම වශයෙන් ජනතාවගෙන් සමාව ඉල්ලා සිටීමක්වත් එම මාධ්‍ය ආයතනයෙන් මේ දක්වා කර ඇති බවක් දැනගන්නට නැත.
දෙවැනුව, වෛද්‍ය සාෆිගේ සිද්ධිය අපට මතකයි. එය මුළුමනින්ම මාධ්‍ය විසින් රෝපණය කරන ලද සාහසික ප්රබන්ධයකි. වෛද්‍ය සාෆි විසින් සිංහල බෞද්ධ ගැහැනුන් 4000 ක් වඳභාවයට පත්කරන ලදැයි සති අන්ත ‘දිවයින’ පුවත්පත පොල්ගෙඩි අකුරෙන් සිය ප්‍රධාන සිරස්තලය වශයෙන් රටට ඉදිරිපත් කෙළේය. කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධිකාරීවරයා වශයෙන් කටයුතු කළ දන්ත වෛද්‍යවරයාගේ සහ අතුරලියේ රතන, විමල් වීරවංශ සහ චන්න ජයසුමන වැනි ජාතිවාදී සහ අන්තවාදී ප්‍රචාරකයන්ගේ බොරුවකට අර කියන පුවත්පතේ කතුවරයා ඇතුළු මාධ්‍යකරුවන් හසු වී යැයි කිසිසේත් සිතිය නොහැක. ඔවුන් ඒ බොරුව සිද්ධියක් වශයෙන් වාර්තා කළා නොව, ජාතිවාදී ප්රචාරක ව්‍යාපාරයක් වශයෙන් එක දිගට ගෙන ගියේම එය ගල්පැලෙන බොරුවක් බව හොඳින්ම දැනුවත්ව ය. එසේම, චේතනාන්විතව ය.
කැලණි නයා, වෛද්‍ය ෂාෆි සහ පාස්කු සහරාන් යන ශුද්ධ වූ ත්‍රිත්වයේ දේශපාලනික ඓක්‍යය, ගෝඨාභය රාජපක්ෂයි. මෙය, මාධ්‍ය ලෝකය සහ දේශපාලනික බල ව්‍යුහය මුණගැසෙන සම්භාව්‍ය ස්ථානයට සපුරා වෙනස් ය. ඒ සම්භාව්‍ය ස්ථානය වන්නේ, පාලකයා සහ ජනතාව අතර සිටින මුරබල්ලාගේ භූමිකාවට ජනමාධ්‍ය අංශය පත්වන ස්ථානයයි. එහෙත් මෑතකාලීන ලංකා ඉතිහාසය තුළ, මේ කියන මුරබල්ලාගේ භූමිකාවට වෙනස් සම්බන්ධයක් මාධ්‍ය සහ දේශපාලනය අතර ගොඩනැඟී තිබේ. එය අපට හැඳින්විය හැක්කේ, දේශපාලනඥයාගේ ව්‍යාපෘති දියත් කිරීම සඳහාම පිහිටුවාගත් කුලීකාර භූමිකාවක් වශයෙනි. (මේ කියන්නේ, ඕනෑම මාධ්‍ය ආයතනයකට හෝ මාධ්‍යකරුවෙකුට, තමන්ගේම වූ ප්‍රතිපත්තිමය හෝ දේශපාලනික ස්ථාවරයන් තිබීම ගැන නොවේ).
සමකාලීන සාදෘශ්‍ය දෙකක්, දෙපැත්තකින්
ලෝකයේ වෙනත් තැනක මෑතකාලීන උදාහරණයක් දැක්වීම මෙහිදී යෝග්‍යයි. ලතින් ඇමරිකාවේ පේරු රටේ, ජපන් ජාතික ප්‍රභවයක් ඇති පුද්ගලයෙක් අවුරුදු දහයක් ජනාධිපති ධුරය හෙබවීය. ඔහුගේ නම, ඇල්බෙර්තෝ ෆුජිමොරි ය. ව්‍යවස්ථානුකූල ජනාධිපතිවරයා ඔහු වූවද, රටේ පාලනය හැසිරවූයේ වෙනත් පුද්ගලයෙකි. ඔහුගේ නම්, ව්ලැදිමීර් ඉලියිච් ලෙනින් මොන්තෙසිනෝස් ය. රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානියා වන මොහු විසින් එරට ජනමාධ්‍ය ඇතුළු සමස්ත ව්‍යාපාරික ලෝකය මෙහෙයවූ ආකාරය, සාහිත්‍යය පිළිබඳ නොබෙල් ත්‍යාගලාභියෙකු වන මරියෝ වර්ගාස් යෝසා, ඔහුගේ අලුත් නවකතාව වන ‘ඉන් ද නේබ(ර්)හුඩ්’ කෘතියේ ප්රබන්ධාත්මකව විස්තර කරයි. ඒ මෙසේ ය: එක් පුවත්පතක කතුවරයා මොන්තෙසිනෝස්ගේ කුලීකරුවෙකි. ආණ්ඩුවේ විරුද්ධවාදීන් අයථා සිද්ධිවලට පැටලවීම මොන්තෙසිනෝස්ගේ කාර්යය වන අතර, ඔහු විසින් සපයා දෙන ඒ ආන්දෝලනාත්මක සිද්ධිවල වින්දිතයන් බවට පත්වන ආණ්ඩු-විරෝධී පුද්ගලයන් ගැන ‘ජනතාව දැනුවත් කෙරෙන’ වෛරී ප්‍රචාරය ගෙනයාම පුවත්පතේ කතුවරයාගේ රාජකාරියයි. මුලින් මේ කතුවරයා ඒ සේවය දේශපාලනඥයාට සපයන්නේ, තමාගේ පුවත්පතේ ප්‍රගතිය සඳහා රාජ්‍ය අනුග්‍රහය ලැබීමටයි. එහෙත් අවසානයේ, ඔහු අර කියන මොන්තෙසිනෝස්ගේ සිරකාරයෙකු බවට පත්වෙයි. මේ කතුවරයා එක වරක් පමණක්, මොන්තෙසිනෝස්ගේ මතයට පටහැණි වාර්තාවක් පුවත්පතේ පළ කරයි. සතියක් ගිය තැන ඒ වරද වෙනුවෙන් ජීවිතයෙන් වන්දි ගෙවීමට පුවත්පත් කතුවරයාට සිදු වෙයි. (අද මොවුන් දෙන්නාම, එනම් හිටපු ජනාධිපති ෆුජිමොරි සහ ඔහුගේ අගසව් මොන්තෙසිනෝස් එරටේ සිරගෙයක දීර්ඝකාලීන සිර දඬුවම් විඳිති).
පාලකයා තරමටම සමාජයට වගවීමක් මාධ්‍යකරුවාටත් ඇත. බොහෝ විද්‍යුත් මාධ්‍ය ආයතනවල සංවාද වැඩසටහන් මෙහෙයවන පුද්ගලයන් සංවාදයට සහභාගී වන ආරාධිත කෙනා කියන යම් කතාවක්, “ඔබ වගකීමෙන්ද මේක කියන්නෙ?” හෝ “මේ ප්‍රකාශයේ වගකීම ඔබ භාරගන්නවද?” ආදී වශයෙන් පුනපුනා අසයි. වැඩසටහන්කරුවා එසේ ප්‍රශ්න කිරීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? එම ප්‍රකාශය ගැන වගකීමට/වගවීමට අර ආරාධිතයා හැරුණු විට තමන් බැඳී නැති බව කීමද? ඔහු ප්රශ්නය අසන විද්‍යුත් සංඛ්‍යාත මහජනතාවගේ ය. අර කියන ආරාධිත පුද්ගලයාට එකී ප්‍රකාශය කිරීමට ඔහු අවසරය දෙන්නේම ඒ මහජන සංඛ්‍යාත ඔස්සේ ය. එවිට ඒ අදාළ පුද්ගලයා පමණක් නොව, වැඩසටහන්කරුවාද එකී ප්‍රකාශය ගැන වගකීමට/වගවීමට බැඳී සිටී.
1980/90 දශකවල ප්‍රංශයේ රූපවාහිනී තිරයේ ප්‍රියතම චරිතයක් බවට පත්ව සිටි පැටි්රක් සබාතියේ නමැති මාධ්‍යකරුවා වරක් ඔහුගේ වැඩසටහනකට මන්ත්‍රගුරුකම් කරන කට්ටඩියෙකු ගෙන්වා ඔහුගේ හාස්කම් ගැන වාර්තාමය වැඩසටහනක් ඉදිරිපත් කෙළේය. ඊළඟ සතියේ එම වැඩසටහනේ සඳහන් කරුණු අභියෝග කරමින් එරටේ විද්‍යාඥයන් සහ හේතුවාදීන් කිහිප දෙනෙකු ඉදිරිපත් කළ පැමිණිල්ලක් උඩ, අදාළ රූපවාහිනී ආයතනය පැටි්රක් සබාතියේට ඔහුගේ වැඩසටහනේ සඳහන් කරුණු සාවද්‍ය නොවන බව අර විද්‍යාඥයන් ඉදිරියේ ඔප්පු කිරීමට කීවේය. ඔහුට එය කළ නොහැකි විය. නිසි පරීක්ෂණයකින් පසු එම රූපවාහිනී ආයතනයෙන් ඔහුව අස් කළා පමණක් නොව, අද දක්වාම වෙනත් කිසි රූපවාහිනී ආයතනයක් විසින් ඔහු සේවයට බඳවාගත්තේ නැත. මෙය, ප්‍රංශ ආණ්ඩුව මැදිහත් වී කළ දෙයක් නොව, රූපවාහිනී ක්ෂේත්රයේ ස්වයං-නියාමනයේ ප්‍රතිපත්තිමය ප්රමිතීන් අනුගමනය කෙරෙමින් දිගහැරුණු ක්‍රියාවලියකි.
නතාෂාගේ කතාව ගන්න: ආගමික හෝ වෙනත් අපහාසයක තරම මැණෙන්නේ ස්ථානය සහ ග්රාහක සංඛ්‍යාව ආදියෙනි. මා දෙතුන් දෙනෙකු ඉදිරියේ මගේ ගෙදරදී බුදුන් වහන්සේට හෝ අධිකරණයට අපහාසයක් කළොත් මට අධිකරණයක් ඉදිරියට යන්ට සිදුවන්නේ නැත. එහෙත්, යම් පිරිසක් සිටින ප්‍රසිද්ධ සභාවක මා එම අපහාසය කළොත් ඊට දඬුවම් විඳීමට මට සිදුවිය හැකිය. නතාෂා සිය ප්‍රකාශය කෙළේ, ඇගේ නිරූපණාත්මක ප්‍රකාශ ඇසීම සඳහාම මුදල් ගෙවා ටිකට් පතක් ලබාගෙන පැමිණි, කුඩා ශාලාවක් තුළ සිටි සීමිත පිරිසක් ඉදිරියේ ය. ඈ කී දෙය ඇත්තෙන්ම අපහාසයක් නම් එය එම පරිශ්‍රයට පමණක් සීමා වන්නකි. හොඳයි, දැන් මෙසේ සිතන්න: ඇගේ ප්‍රකාශය අර කියන සීමිත පිරිසෙන් සහ සීමිත පරිශ්‍රයෙන් එළියට අරගෙන ගොස් සමස්ත රටටම එය කියාපාන මාධ්‍ය ආයතනය එවිට අර ‘අපහාසයම’ ඊට වඩා මහ පරිමාණයෙන් සිදු නොකරන්නේද? එහෙත් නතාෂාව හිරේ දමද්දී, අර කියන රූපවාහිනී නාලිකාව නිරුපද්‍රිත වන්නේ කුමන යුක්තිසහගත පදනමක් මතද?
ගිජුලිහිණි මාධ්‍ය සංස්කෘතියක් ?
1993 මාර්තු 26 වැනිදා “ද නිව්යෝර්ක් ටයිම්ස්” පුවත්පතේ කුඩා දැරියකගේ ඡායාරූපයක් පළ විය. ඒ, දකුණු සුඩානයේ සිවිල් යුද්ධය සහ සාගතය තුළ අධිකතර නිරාහාරත්වයට පත්ව ඇවිදගැනීමට පවා පණ නැතිව මුඩු බිමක වැටී සිටි දැරියකි. මේ දැරිය එසේ බිම වැටී සිටියේ, කෑමට යමක් සොයාගෙන එක්සත් ජාතීන්ගේ ආහාර සහනාධාර මධ්‍යස්ථානයට යමින් සිටියදී ය. ඈ වැටී සිටි තැනට අඩි කිහිපයක් ඈතින් ගිජුලිහිණියෙකු බිම වසා සිටියේය. ඒ, ඕනෑම මොහොතක සාගතෙන් මියයාමට නියමිත ඇගේ සිරුර ආහාරයට ගැනීමටයි. මේ ඡායාරූපය සඳහා 1994 වසරේ ‘පුලිට්සර් සම්මානය’ හිමි විය. ඡායාරූපය ගෙන තිබුණේ, දකුණු අප්‍රිකානු ඡායාරූප මාධ්‍යවේදියෙකු වන කෙවින් කාටර් ය. ලොව දස දෙසින් මේ වෙනුවෙන් ඔහු වෙත කීර්තිය ගලා ආවේය. එහෙත්, ඒ කීර්තිය වැඩි කලක් භුක්ති විඳීමට ඔහුට ලැබුණේ නැත. 1994 ජුලි 27 වැනිදා, වයස අවුරුදු 33 දී ඔහු සියදිවි නසාගත්තේය. ඔහු සියදිවි නසාගත්තේ හෘදසාක්ෂියේ බරක් දරාගත නොහැකිව ය. සමහරුන් කියන පරිදි, මේ දැරියගේ පින්තූරයට අදාළ සිද්ධියක් ඊට හේතු වී ඇත. ඒ මෙසේ ය: ඔහු සහභාගී වූ මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරේ කෙනෙක් දුරකථනය ඔස්සේ ඔහුට ප්‍රශ්නයක් ඉදිරිපත් කෙළේය. එනම් අර පුංචි දැරියට ඉන්පසු සිදුවුණේ කුමක්ද යන්නයි. ඔහුගේ උත්තරය වුණේ මෙයයි: “මේ ෆොටෝ එක ගත්තට පස්සෙ මට ඒ ගැන බලන්න වෙලාවක් තිබුණෙ නැහැ. මොකද, ඊළඟ ප්ලේන් එක අල්ලගන්න මට ගුවන්තොටුපොළට දුවන්න සිද්ධ වෙච්ච නිසා.” එවිට අර ප්‍රශ්නකරු මෙසේ කීය: “මම ඔබට යෝජනා කරනවා, ඔය කියන වෙලාවෙ එතන ගිජුලිහිණියො දෙන්නෙක් හිටි බව. ඒ දෙන්නාගෙන් එක්කෙනෙක්ගෙ අතේ කැමරාවක් තිබුණු බව!” (අදාළ ඡායාරූපයේ සිටියේ පිරිමි දරුවෙකු බව පසුව සැළ විය).
දැන් විද්‍යුත් විකාශන නියාමන පනතක් ආණ්ඩුව ගෙන ඒමට සැරසෙයි. ඉහත කී සියලු සීමාවන් සහ පීලිපැනීම් මාධ්‍ය භාවිතය තුළ තිබියදී පවා, රජය මැදිහත් වී මාධ්‍ය මෙල්ල කිරීමට අණපනත් ගෙන ඒම මොන විදිහකින්වත් යුක්තිසහගත කළ යුතු නැත. ජනාධිපතිවරයාට හෝ වෙනත් ඇමතිවරයෙකුට අවශ්‍ය පරිදි මාධ්‍ය ආයතනවලින් පළිගැනීමට හෝ මාධ්‍ය ආයතන පාලනය කිරීමට, මාධ්‍ය භාවිතය තුළ ඉහත කී සියලු අක්‍රමිකතා තිබුණත්, ඉඩ දිය යුතු නැත. මන්ද යත්, මාධ්‍ය භාවිතයේ අවභාවිතයට වඩා ඒ රාජ්‍ය මර්දනය නපුරු විය හැකි බැවිනි. අවසානයේදී ප්රකාශනයේ නිදහසත් ඒ මගින් පැහැරගැනීමක් විය හැකි බැවිනි.
ඇත්ත වශයෙන්ම සිදුවිය යුත්තේ, ඇත්ත සහ බොරුව වෙන් කරගැනීමට තරම් දියුණු මට්ටමකට සමාජය ඔසවා තැබීමේ දීර්ඝකාලීන ක්‍රියාමාර්ග ගැනීමයි. නයින්ට නොරැවටෙන දැනුවත් පුරවැසියන් බිහි කිරීමේ ක්‍රියාවලිය අධ්‍යාපනයෙන් පටන්ගත හැකිය. කෙසේ වෙතත්, එතෙක් කල් මාධ්‍ය ආයතනවලට සමාජය නොමඟ යැවීමේ අවසරය දිය යුතු නැත. ඒ නිසා, ස්වාධීන ස්වයං-නියාමන ක්‍රියාවලියක්, මාධ්‍ය ක්ෂේත්රය තුළින්ම බිහි කරගත යුතුව තිබේ. එය, නිදහස් මාධ්‍ය සංස්කෘතියක් සහ වගකීම් සහිත මාධ්‍ය භාවිතාවක් සමග සංකලනයෙන් සකස් කරගත යුතු කාර්යයකි. එසේම එය, ප්‍රායෝගිකව භාවිතයේ යෙදවිය හැකි, මාධ්‍ය ආචාරධර්ම සක්‍රීයව ආරක්ෂා කළ හැකි, මුවහත් යාන්ත්‍රණයක්ද විය යුතුය.
Windyhttp://www.blogger.com/profile/16625585454214566462noreply@blogger.com0tag:blogger.com,1999:blog-3126379340621948143.post-13328654837718047092023-06-21T15:52:00.001+05:302023-06-21T15:52:05.954+05:30 ට්‍රාන්ස් ඒෂියා සෙලියුලර් ඩුබායි වෙළඳපලට එක්වේ
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජංගම දුරකථන හා සන්නිවේදන උපාංග සමාගමක් වන ට්‍රාන්ස් ඒෂියා සෙලියුලර් (පුද්.) සමාගම [Trans Asia Cellular (Pvt) Ltd.] සිය ප්‍රථම විදෙස් අලෙවිසැල පසුගිය මැයි 29 දින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හිදී විවෘත කළේ ය. මෙය ඉදිරියේදී ට්‍රාන්ස් ඒෂියා සෙලියුලර් සමාගමේ ව්‍යාපාර කටයුතු ලොව පුරා ව්‍යාප්ත කිරීමේ සැලසුමක ආරම්භක පියවරකි.
ඩුබායි නගරයේ සුප්‍රකට ඩෙයිරා හි පිහිටා ඇති මෙම නව අලෙවිසැල විවෘත කිරීම සඳහා පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ ෂීක් මොහොමඩ් අල් ෂෙහි විසින් එම අලෙවිසැල විවෘත කරන ලදි. මෙම අවස්ථාවට ට්‍රාන්ස් ඒෂියා සෙලියුලර් සමූහයේ සභාපති මුෆීල් යසීන් මහතා ඇතුළු සම්භාවනීය ආරාධිතයෝ පිරිසක්ද එක්වූහ.
1994 වර්ෂයේදී ආරම්භ වූ ට්‍රාන්ස් ඒෂියා සෙලියුලර් සමාගම, පසුගිය දශක තුනකට ආසන්න කාලය තුළ උසස්ම තත්වයේ ජංගම දුරකථන සහ සන්නිවේදන උපාංග මෙන්ම විශිෂ්ට තලයේ පාරිභෝගික සේවාවක් සැපයීම සම්බන්ධයෙන් විශාල ජනප්‍රියත්වයක් දිනාගැනීමට සමත් වී ඇත. එමෙන්ම ජාත්‍යන්තර ප්රවණතාවන්ට සමගාමීව ලොව නවතම උපකරණ හා උපාංග මෙරටට හඳුන්වා දීමටද එම සමාගම නිරන්තරයෙන් පියවර ගෙන තිබේ. ඩුබායිහි අලුතින් විවෘත කරන ලද අලෙවිසැලට අමතරව ට්‍රාන්ස් ඒෂියා සෙලියුලර් සමාගම කොළඹ සහ කුරුණෑගල යන ප්‍රදේශවල අලෙවිසැල් විවෘත කර ඇති අතර, ඉතාමත් පහසුවෙන් භාණ්ඩ මිලදීගත හැකි වෙබ් අඩවියක්ද පවත්වාගෙන යයි.
“මෙය අපට ට්‍රාන්ස් ඒෂියා සෙලියුලර් සන්නාමය ජාත්‍යන්තර තලයට රැගෙන යාමට ලැබුණු අගනා අවස්ථාවක්. එමෙන්ම මෙය අපට මැද පෙරදිග සහ උතුරු අප්‍රිකා කලාපය තුළ ව්‍යාප්ත වීමට ශක්තිමත් අඩිතාලමක් බවට පත්වේවි. ඉදිරි වසර 5 තුළ නව අලෙවිසැල් විවෘත කිරීම සඳහා දැනටමත් අප ඕමානය, සෞදි අරාබිය සහ කටාර් වැනි රටවල පාර්ශ්වකරුවන් සමග සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.” ට්‍රාන්ස් ඒෂියා සෙලියුලර් සමාගමේ කලාපීය ව්‍යාපාර සංවර්ධන කළමනාකරු අබු අහමඩ් බින් අලි මහතා පැවසී ය.
Windyhttp://www.blogger.com/profile/16625585454214566462noreply@blogger.com0tag:blogger.com,1999:blog-3126379340621948143.post-11437813173795460812023-06-15T15:54:00.005+05:302023-06-15T15:58:52.711+05:30 ‘සමලිංගිකයෙකු වීම ලැජ්ජාවක් නෙමෙයි’ – මිරියම් මාගෝලීස්
මාගෝලීස් බ්‍රිතාන්‍ය වෝග් සඟරාවේ ඡායාරූපයට පෙනී සිටිමින් පැවසුවේ ‘සමලිංගිකයෙකු
වීම පිළිබඳ මට කවදාවත් ලැජ්ජාවක් තිබුණේ නැහැ. සමලිංගිකත්වය අපරාධයක් නොවන බව මම
පෙන්වාදුන්නේ ‘මම හිතන්නේ සමලිංගික අය හරිම වාසනාවන්තයි. මොකද අපි සාම්ප්‍රදායික
ජීවත්වෙන්න කැමතියි. මට හැමදෙයකටම අවංක වෙන්න වුවමනා නැහැ’ යන්නයි. <o:p></o:p>
මාගෝලීස් Blackadder,
සිටියාය. <o:p></o:p>
පෙන්වාදුන්නේ ‘මිනිසුන්ට තමන් ගැන හොඳ හැඟීමක් ඇතිකිරීමට’ ඇය හැමවිටම උත්සහ ගන්නා
ශක්තිමත් පදනමක්. අපි හැමෝම අනාරක්ෂිතයි. මිනිස්සු බොහෝ වෙලාවට බය වෙනවා. මම
හැමවිටම උත්සහ කළේ මිනිස්සුන්ට තමන් ගැන හොඳ හැඟීමක් ඇතිකරන්නයි’ යන්නයි. <o:p></o:p>
වැඩුණු අතර ඇගේ පියා වෘත්තියෙන් වෛද්‍යවරයෙකු වූවේය. කේම්බ්‍රිජ්හි අධ්‍යාපනය
හදාරන අවදියේදී ඇය සමලිංගිකයෙකු බව වටහාගත් අතර එකල (1966) සමලිංගිකත්වය
නීතිවිරෝධී විය. සමලිංගිකත්වය අපරාධයක් කිරීමට අදාළ නිශ්චිත නීතියක් නොතිබුණ ද එය තවදුරටත්
සමාජ තහනමක් ලෙස මෙකල පැවතුණි. ඇය මින්
කලබල වූවේ නැත. සංක්‍රාන්තික පුද්ගලයන්ට එරෙහි මාධ්‍ය ප්‍රහාර 1980 දී සිට
ඵෙතිහාසිකව අත්වින්ඳාය.<o:p></o:p>
බවට පත්වීම සම්බන්ධයෙන් ඇගේ මාපියන්ගේ ප්‍රතිචාරය එතරම් යහපත් නොවුණි. ටෝරා (හිබෘ
බයිබලය) මත දිවුරුම් දෙමින් නැවත කිසිදා වෙනත් කාන්තාවක සමග ලිංගිකව එක්නොවන බව සපථ
රිදවන්න මට වුවමනා වුණේ නැහැ’ යන්නයි. මේ සිද්ධියෙන් මාස ගණනාවකට පසු ඇගේ මව දරුණු
ලෙස ආබාධයට පත්වී එක්තැන් වූ අතර ඊළඟ වසර කීපය තුළ මරණය දක්වාම මිරියම් ඇගේ මවව
රැකබලා ගත්තාය. 1995 දී වයස අවුරුදු 96 දී ඇගේ පියා මියගියේය. මිරියම්ගේ මව හෝ
විශ්වකෝෂ අලෙවි කර රංගන ශිල්පිනියක වීමට අවශ්‍ය ආදායම් උපයාගැනීමට උත්සහ දැරුවාය.
ඇය බීබීසී ගුවන්විදුලි නාට්‍යයකට රංගනයෙන් දායක වන තෙක් කුඩා චරිත නිරූපණය කළාය.
ඇගේ සහකාරිය වන හෙදර් මුණගැසෙන්නේ මේ අතරතුරේදීය. ඇය ඇම්ස්ටර්ඩෑම් හි ජීවත් වූ අතර
වසර 54 ක් පුරා ඔවුන් එක්ව ජීවත්විය. ‘අපේ ජීවිත බාල කරගන්නේ නැතුව පවත්වා ගන්න
හැකිවුණා. ඇය කිසිවක් අත්හරිනවා දකින්න මට වුවමනා වුණේ නැහැ. ඒ වගේම මට කිසිම දෙයක්
අත්හරින්න ඕන වුණෙත් නැහැ.’ <o:p></o:p>
තමන්ට අවශ්‍ය සම්බන්ධතාව හැඩගස්වා ගන්නට හැකි වාසනාව තියෙනවා’ යැයි මිරියම් පවසයි.
<o:p></o:p>
ආහාරපාන බෙදාදුන්නාය. මේ ගිලනුන් පිළිබඳ පවසමින් මරියම් පවසන්නේ ‘මං ඔවුන්ගේ නම්
දැනගෙන හිටියේ නැතත් ලිපිනයන් දැනගෙන හිටියා. මුළු දවසම ඔවුන් හිටියේ තනිවමයි.''
ඇගයීමට ලක්වූවාය. හැරී පෝටර් සිනමා මාලාවේ ප්‍රොපෙසර් ස්ප්රවුට්ගේ චරිතයට පණ
පොවමින් මරියම් තරුණ පරම්පරාව අතර වඩාත් ජනප්‍රියත්වයට පත්වූවාය. ‘හැරී පෝටර්
සිනමාපටය මට එතරම් වැදගත් නැහැ. මට ඒ චරිතයට රංගනයෙන් පණ පොවන්නට ලැබීම ගැන
සතුටුවෙනවා. එහිදී විවිධ පුද්ගලයින් ඇසුරු කරන්න ලැබුණා.’ <o:p></o:p>
පවසමින් ඇය පවසන්නේ ‘මම බය නැහැ’ යන්නයි. ‘තරුණ වියේදී කිසි විටෙකත් මරණය ගැන
හිතන්නේ නැහැ. ඊළඟට මොනවද කරන්නේ කියලා හිතනවා. මං මරණය ගැන ගොඩක් හිතනවා. හැම
දවසක්’ යන්නයි. <o:p></o:p>
Vogue
The Guardian
Windyhttp://www.blogger.com/profile/16625585454214566462noreply@blogger.com0tag:blogger.com,1999:blog-3126379340621948143.post-78548930719582060402023-06-14T11:14:00.002+05:302023-06-14T11:20:23.137+05:30AI - රාජ්‍ය ප්‍රතිපත්ති වලට එල්ලකරන අභියෝග ගැන ටෝනි බ්ලෙයාර් සහ විලියම් හේග් පවසයි
එක්සත් රාජධානිය මෙතෙක් මුහුණදී ඇති ප්‍රතිපත්තිමය අභියෝගය කෘත්‍රිම බුද්ධිය විය හැකි බවත් ඇමරිකා එක්සත් ජනපදය වැනි ප්‍රතිවාදී බලවතුන් වැළැක්වීම සඳහා හදිසි ක්‍රියාමාර්ග ගතයුතු බව එක්සත් ජනපදයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් හා හිටපු කොන්සර්වේටිව් පක්ෂ නායක විලියම් හේග් විසින් සම්පාදිත ඒකාබද්ධ වාර්තාව වන A New National Purpose: AI promises a world-leading future of Britain වාර්තාවෙන් පෙන්වාදී ඇත.
තාක්ෂණය මගින් සමාජය ‘රැඩිකල් ලෙස ප්‍රතිනිර්මාණය කිරීමට’ සූදානම් වන අතරම ‘අනාගතය සඳහා අප සැලසුම් කරන ආකාරයෙහි මූලික වෙනසක් ඇතිකරන බව’ ද මෙහි පෙරවදන තුළ දක්වයි. AI විසින් මුදාහැරිය හැකි වෙනස්කම් සඳහා රාජ්‍යය දුර්වල ලෙස සූදානම් වී ඇති බවට වාර්තා අනතුරු ඇඟවීම ද මෙමගින් සිදුකර ඇත.
‘’AI හි අනපේක්ෂිත සංවර්ධනය, වෙනස් වීමේ වේගය හා එහි වැඩිවන බලය යන්නෙන් අදහස් වන්නේ මෙතෙක් මුහුණදුන් වඩාත්ම සැලකිය යුතු ප්‍රතිපත්තිමය අභියෝගයක් ඉදිරිපත් වියහැකි බවයි. ඒ සඳහා රාජ්‍යයේ පවතින ප්රවේශයන් හා නාලිකා දුර්වල කර තිබේ’’ යනුවෙන් වාර්තාව තුළ මේ පිළිබඳ පෙන්වා දෙයි.
විධාන මත ඒත්තු ගැන්වෙන පෙළ, රූප හා හඬ පවා නිපදවිය හැකි AI උත්පාදනය හරහා එක්සත් රාජධානියේ හා අනෙකුත් රටවල දේශපාලන න්‍යාය සක්‍රීය කර ඇත. AI තාක්ෂණයේ වේගවත් වර්ධනය, පරිගණක බලය, දැවැන්ත ජාල නිර්මාණයේ ඉදිරි ගමන හා ChatGPT chatbot වැනි ප්‍රබල මෙවලම් තැනීමට දත්ත කට්ටල තිබීම ආදියෙන් බලගතු පද්ධති ගොඩනැගීමට දැවැන්තයින්ගෙන් ආරාධනා ලැබී ඇත.
AI පිළිබඳ උත්සුකතාවන් කෘත්‍රිම බුද්ධියට වැරදි තොරතුරු නිපදවීමට ඇති හැකියාවේ සිට මානව පාලනයෙන් ඔබ්බට වර්ධනය වන AI තාක්ෂණය දක්වා විහිදෙයි.
මෙම වාර්තාව තුළ දක්වා ඇති ප්‍රතිපත්ති නිර්දේශ තුළ දැක්වෙන්නේ, උත්පාදක AI සමාගම් විසින් ඔවුන් නිෂ්පාදනය කරන මාධ්‍ය ‘ඩීප්ෆේක්’ ලෙස ලේබල් කිරීම හා ලේබල් නොකළ ඩීප්ෆේක් අන්තර්ජාලයෙන් ඉවත් කිරීම අවශ්‍ය වන බවයි. ජාත්‍යන්තර AI නියාමකයෙකු වීමේ අරමුණ ඇතිව, වගකීම් සහිත AI පද්ධති ගොඩනැගීමට මෙන්ම, ආරක්ෂිත AI පර්යේෂණ කිරීම හා පරීක්ෂා කිරීම කෙරෙහි අවධානය යොමුකරන ජාතික රසායනාගාරයක් නිර්මාණයට මහජනයා සතු දත්ත කට්ටල පැවතිය යුතු බව මෙමගින් වැඩිදුරටත් පෙන්වාදෙයි.
AI පද්ධති තැනීම සඳහා රජය විසින් පාලනය කරන ලද පරිගණක පද්ධති වෙත පිවිසීමේදී ඕනෑම ආයතනයක් එහි ‘වගකීම් සහගත භාවිතය’ පෙන්විය යුතු බව මේ වාර්තාවේ නිර්දේශ අතර දක්වා ඇත.
එක්සත් ජනපදය Google හිමිකාරීත්වය යටතේ පවතින ලොව ප්රමුඛ පෙළේ DeepMind මත ‘අධික ලෙස රඳා පවතින’ බවත් එවැනි ව්‍යාපාර තවත් දියුණු කළයුතු බවත් පෙන්වා දී ඇති මෙහි එක්සත් ජනපදය AI තාක්ෂණයට ඉක්මනින් අනුවර්තනය නොවන්නේ නම් ඇමරිකා එක්සත් ජනපදය වැනි වෙනත් රටවල් සමග තරඟ කළ නොහැකි බව වාර්තාව පෙන්වා දෙයි.
The Guardian ඇසුරිනි
අනුවර්තනය - වින්ධ්‍යා ගම්ලත්
Windyhttp://www.blogger.com/profile/16625585454214566462noreply@blogger.com0tag:blogger.com,1999:blog-3126379340621948143.post-83358041096123581302023-06-06T11:23:00.002+05:302023-06-06T11:23:27.244+05:30රටට අමතක වී යන මුහුදු වැදි ප්‍රජාවේ ඛේදවාචකය
- සකීෆ් සාම් -
මුහුදු වැදි ප්‍රජාව
මට අමතක කළ නොහැකි දෑසේ හිමිකාරිය වන දිව්‍යා ජීවත් වෙන්නේ අගනුවර සිට කි.මීටර 300ක් පමණ ඈත අති දුෂ්කර ගමක් වන මදුරංකේනිකුලම්හි ය. සී.ආර් පොතක් අතැතිව පාර දිගේ කඩිමුඩියේ ඉදිරියට ඇදෙමින් සිටි දිව්‍යා නවත්වා ඇගේ නම ඇසුවෙමි. ඇගේ දෑස්වල අල්ප මාත්‍රයක් හෝ බියක් නොතැවරුණු නමුත් ඇගේ දුප්පත්කම සඟවන්නට ඈ පැළද සිටි ඇඳුමට නොහැකි විය. අනතුරුව ඈ පාසලේ ඉගෙන ගන්නා ෙශ්රේණිය සහ ගෙදර ඉන්නේ කවුද යන පැනය ඇසුවෙමි. සත්වන වසරේ ඉගෙන ගන්නා බව කී ඈ මිත්තනිය සහ අයියා පමණක් ගෙදර ඉන්න බව කීවා ය.
“එතකොට කෝ අම්මා?” මම ඇසීමි. “අම්මා රට” ඇගේ පිළිතුර ප්‍රශ්නයට වඩා ඉක්මන් විය. “මොන රටේ ද? ” ඇසූ විට “දන්නෙ නෑ” කියා නැවතත් දිව්‍යාගේ පිළිතුර කෙටි වූයේ මා මග හරින්නට දැයි සිතුනි. “එතකොට තාත්තා කෝ” කියා අසන විටද නොසැලකිල්ලෙන් මෙන් “දන්නෙ නෑ” කියා ඈ පිළිතුරු දුන්නා ය.
දිව්‍යා කවදාවත් ඇගේ පියා දැක නැත. දිව්‍යා පමණක් නොව ඈ ජීවත් වන ගමේ දරුවන් ගණනාවක්ගේම උප්පැන්න සහතිකයේ පියාගේ නම නැති අතර තම මව පමණක් හඳුනයි. මදුරන්කේනිකුලම ගම පිහිටා තිබෙන්නේ මඩකලපුව දිස්ත්‍රික්කයේ වාකරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේය. මෙහි ජීවත් වන ජනතාව පොදුවේ හඳුන්වනු ලබන්නේ මුහුඳු වැදි ප්‍රජාව යනුවෙනි. මොවුන්ගේ විශේෂත්වය වන්නේ පැරණි වැදි ප්‍රජාවේ ව්‍යවහාර කළ වැදි භාෂාව වෙනුවට දමිළ භාෂාව කතා කරන වැදි ජන කොටසක් වීමයි.
පැණි එකතු කිරීම, මාලු ඇල්ලීම, ගොවිතැන් කටයුතු සහ කුලී වැඩ ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපායන් ය. තාක්ෂණික කුසලතා සහ උසස් අධ්‍යාපන සුදුසුකම් වැඩි වැඩියෙන් අගය කරන සහ විශාල නගරවල හොඳ වැටුප් සහිත රැකියා බහුලව දක්නට ලැබෙන ලෝකයක, මදුරන්කේනිකුලමේ හැදී වැඩෙන දරුවන්ගේ අනාගතය සහ ජීවිතයේ ඇති අවස්ථා මොනවාද ? මේ පිලිබඳව සොයා බලන්න මම මෙම පුරාණ වැදි ප්‍රජාව සොයා ගියෙමි.
පියාගේ අඩිපාරේ යන දරුවන්
සතීෂ්කරන් යාන්තම් වයස අවුරුදු 18 පිරෙන කඩවසම් ඉළන්දාරියෙකි. ගමේ පාසල වන මදුරංකේනිකුලම් රජයේ දෙමළ පාසලේ සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබූ ඔහු විෂයන් දෙකක් පමණක් සමත් වී ඇත.
“අපේ ඉස්කෝලෙ සමහර විෂයන්වලට ගුරුවරු හිටියෙ නෑ. ගණිතයට හිටියෙ නෑ. ඉංග්‍රීසිවලට හිටියෙ නෑ.” කියා ඔහු මට පැවසී ය. තමාට වැඩිදුර අධ්‍යාපනය හෝ වෘත්තීය සුදුසුකම් ලබාගැනීමට අවස්ථාවක් නොලැබීම නිසා තම පියාගේ අඩිපාරේ යමින් ගොවියෙකු වීමට සිදුවූ බවට සතිෂ්කරන් මැසිවිලි නගයි. සතීෂ්කරන්ගේ ප්‍රකාශය ගැන මා සොයා බැලූ අතර, ඔහු ජීවත් වන ප්‍රදේශය ආසන්නයේ කිසිඳු වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයක් නොමැත. වැඩිදුර අධ්‍යාපනයට කැමැත්තක් දක්වන්නෙකු පවා සැතපුම් 50ක දුරක් ගෙවා වාලච්චේනෙ වෙත පැමිණිය යුතු ය. ඒනිසා අධ්‍යාපනයෙන් දුරස් වූ ඔවුහු නුපුහුණු ශ්‍රමිකයන් ලෙස බරපතල ශ්‍රම සූරා කෑමටකට ද ලක් වීමේ අවදානම දැන දැන කුලී වැඩට යොමුවේ.
පාසලේ පවතින දැඩි ගුරු හිඟයට ප්‍රධාන හේතුව ප්‍රවාහන දුෂ්කරතාවයි. පාසලට පැමිණෙන ගුරුවරු කි.මීටර 70කට වැඩි ඈත ප්‍රදේශවලින් පැමිණෙන අතර මදුරන්කේනිකුලම අතුරු මාර්ගය යනු නිතර අනතුරු සිදුවන, යතුරු පැදි අබලන් වන, වල් අලි තර්ජන බහුලව සිදුවන මාර්ගයකි. එම සියලු බාධක ගෙවා උදෑසන පාසලට පැමිණ පංති කාමරයට ඇතුලු වන ගුරුවරු කිසිඳු උද්යෝගයක් නොමැතිව ඉතා තෙහෙට්ටුවෙන් ඉගැන්වීම් කටයුතු කරයි. බොහෝ දෙනෙක් වෙනත් තැන්වලට ස්ථාන මාරු ලබා ගැනීමට තැත් කරයි. ඊට අමතරව ඇතැම් ගුරුවරු මෙම පාසලට තාවකාලික අනුයුක්ත කිරීම් හෝ දඬුවම් වශයෙන් ස්ථාන මාරු ලැබූ අය වෙති.
උග්‍ර ගුරු හිඟය
“පාසලේ දැඩි ගුරු පුරප්පාඩුවක් තියෙනවා” මාර්කේනිකුලම් පාසලේ ද්විතීක අංශයේ ගුරුවරයෙක් වන මුත්තුවේල් රාසන් මහතා පැවසීය. “මේ අවුරුද්දේ ප්‍රාථමික අංශයට ගුරුවරු තිදෙනෙක් ඉන්නවා. මීට කලින් කිසි කෙනෙක් හිටියෙ නෑ. එතකොට ළමුන් උදේ පාසලට ඇවිත් පාසල් වේලාව අවසන් වෙනකම් නිකරුණේ පංති කාමරය තුළ කාලය ගෙවලා ගෙදර යන තත්ත්වයක් තිබුණා. මේ විදිහට මූලික අංශයේ ගැටලු නිසා මූලික අධ්‍යාපනයේ දී ලබා ගත යුතු ප්‍රගතිය නොලබා ද්විතීක අංශයට ළමුන් පැමිණෙනවා. ද්විතීක අංශයේ පංති කාමරය තුළ අකුරු පවා අඳුරන් නැති ළමුන් ඉන්නවා. උගන්වද්දි අපිට තියෙන ලොකුම අභියෝගය ඒක”
ප්‍රාථමික අංශයේ ගුරුවරුන්ගේ හිඟය මෙම සියලු ගැටලුවලට මුල බව රාසන් මහතාට හැඟෙයි. මෙම විද්‍යාලයේ විදුහල්පතිවරයාගෙන් කරුණු විමසීමක් කළත් ඔහු අදහස් දැක්වීමට කැමත්තක් දැක්වූයේ නැත.
මදුරන්කේනිකුලම අයත් කුංජාන්කුලම් ග්‍රාමයේ වසර හතක් පුරා සේවය කරන ග්‍රාමසේවක දයාලන් මහතාට අනුව ප්‍රදේශයේ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීමට ප්‍රධාන හේතුව දෙමාපියන් ය. “දෙමවුපියෝ හිතන්නේ ළමයි වැඩිය ඉගෙන ගත්තා කියලා අපි කරන රස්සාවම කරනවා විනා වෙන මොනවා කරන්න ද, ඒ නිසා දැන් ම අපි කරන රස්සාව කරපුවාවේ කියලා.” දයාලන් වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ දෙමාපියන්ගේ පසුගාමී අදහස් ළමුන්ගේ අධ්‍යාපනය කඩා වැටීමට බලපාන බවත් දරුවන් තමන්ට බරක් යැයි දෙමාපියෝ සිතන නිසාත් හැකි ඉක්මනින් දරුවන් විවාහ කර දීමට කටයුතු කරන බවත් ය..
මේ දරුවෝ පාසල් අධ්‍යාපන කටයුතුවල කෙතරම් උනන්දුවෙන් යෙදී සිටියත් දිව්‍යා වැනි තරුණියන්ගේ ඉරණම අ.පො.ස. සා/පෙළින් පසු තවත් තරුණයකු විවාහ කර දීමත් සමඟ අවසන් වන බවක් පෙනේ. දෙමාපියන් විසින් සිදුකර දෙන කරන මෙම විවාහයන් වයස අවුරුදු 18 සම්පූර්ණ වන තුරුම නීතිය යටතේ ලියාපදිංචි වන්නේ ද නැත. ලිංගික අධ්‍යාපනය හෝ පවුල් සැලසුම් ක්‍රම පිළිබඳව කිසිදු දැනුමක් නොමැතිව අඩු වයසින් විවාහ වන මෙම තරුණියන් අතර බොහෝ බාලවයස්කාර ගැබ්ගැනීම් ඇතිවන බවත් ඔහු මට පැවසී ය..
මදුරන්කේනිකුලම් ගම්වාසීන්ගේ උන්නතිය සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව විවිධ විෂයන් භාර නිලධාරීන් 15ක් පමණ සිටියත් තවමත් ගමේ ප්‍රගතියක් පෙන්වීමට නොහැකි වී ඇතැයි කල්කුඩා කලාප අධ්‍යාපන කාර්යාලයේ අධ්‍යාපන නිළධාරී කේ ජයවදනන් මහතා කියා සිටී.
සිසුන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් දෙමාපියන්ගේ කිසිඳු දායකත්ව නැති බව ද ඔහු කීවේ ය. “මදුරන්කේනිකුලම ග්‍රාමයේ දෙමවුපියන් සිය දරුවන් ඔවුන් සිටින තැනින් එළියට ගෙනඒමට ඉඩ දෙන්නේ නැහැ” ඔහු කියා සිටී.
දෙදරු පියෙකු වන හතළිස් හැවිරිදි සෙල්ලයියා අන්නකුමාර්ගේ පරිශ්රමය හේතුවෙන් දෙමවුපියන්ට වරද පැටවීම පිළිබඳව එකඟ විය නොහැකි ය. ඔහු තම දරුවන්ට වැඩිදුර අධ්‍යාපනය ලබා දීමට කැමති අතර දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීම ගැන නොසතුටින් සිටී. “ගුරුවරු දුර පළාත්වල ඉඳන් ඉස්කෝලේ එන්නේනවා. වැස්ස දවස්වලට ගමට එන්න බෑ. වතුර පිරිලා, ගංවතුර එනවා. ගමේ ළමයින්ට ඉස්කෝලේ යන්නත් බෑ. වැව පිටාර ගලනවා.”
වෘත්තීය අධ්‍යාපනය සඳහා පවා තම දරුවන් ගමෙන් පිටතට යැවීමට දෙමාපියන් මැලිකමක් දක්වන බව ජයවදනන් පවසන අතර, සෙල්ලයියා අන්නකුමාර් පෙන්වා දෙන්නේ මේ වසරේ අ.පො.ස. සා.පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත තම පුතුට ආසන්න ප්‍රදේශයක උසස් පෙළ ඉගෙනීමට අවස්ථාවක් නොලැබෙන බවත්, ඔහුව වැඩිදුර අධ්‍යාපනය සඳහා යැවීමට තම පවුලට වත්කමක් නැති නිසා අකැමැත්තෙන් වුව ද සෙල්ලයියා දැන් සූදානම් වන්නේ තම දරුවන් කුලී වැඩට යැවීමටය.
ශ්‍රී ලංකාවේ රැකියා වෙළඳපල තුළ බොහෝ රැකියාවන් සඳහා උසස් පෙළ දක්වා පාසල් අධ්‍යාපනය ලබා තිබීම මූලික සුදුසුකමක් ලෙස සැලකෙයි. එහෙත් මදුරංකේනිකුලම්හි සෑම දරුවෙකු ම සිය පාසල් අධ්‍යාපනය සාමාන්‍ය පෙළින් අවසන් කළ යුතු වෙයි. උසස් අධ්‍යාපනය හැදෑරීමට ආශාවක් ඇති මදුරන්කේනිකුලම් සිසුන්ට, විකල්ප දෙකක් තිබේ. එක්කෝ දරුවා කිලෝමීටර් 13ක් පමණ වන ඉතා දුෂ්කර කැලෑ මාර්ගයකින් ඇවිද ගොස් තවත් කිලෝමීටර් 20ක් පමණ ප්‍රධාන මාර්ගයක ගමන් කර වැඩි පහසුකම් සහිත වාකරේ නගරයට ළඟා විය යුතු ය, එසේ නොමැති නම්, ඔවුන්ට කිලෝමීටර් 15 ක් පමණ ගමන් කර පහසුකම් සීමිත පැංචේන පාසලට යා හැකි ය.
''දුව ස්කෝලෙ යවන්න විතරක් එක දවසකට රුපියල් 400ක් ඕන''
මංකේනිකුලම්හි උසස් පෙළ අධ්‍යාපනය ලබන එක ම ශිෂ්‍යාව සින්නතම්බි පංචාතිරම්ගේ දියණියයි. ඇය ගමේ පාසලේ සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබුවා ය. එම පාසලේ සාමාන්‍ය පෙළ සමත් නොවූ ඇය මාංකේනි පාසලට මාරු කිරීමට ඇයගේ පියා කටයුතු කළේ ය. එහිදි සාමාන්‍ය පෙළ සමත් වීමෙන් පසු ඇය උසස් පෙළ සඳහා පාංචේනෙ පාසලට ඇතුළත් කරනු ලැබුවා ය. ඒ ඇගේ දෙමවුපියන්ගේ උනන්දුව නිසා ය.
දෛනිකව පංචාතිරම්ගේ දියණිය වල් අලි ප්‍රහාරයෙන් මුදවා මහපාරට රැගෙන යාමේ සහ නැවත රැගෙන ඒමේ වගකීම පියා විසින් ම දරයි. “පාන්දර 5ට ගෙදරින් යන්නේ. එතකොට තමයි 6.30 බස් එකට පාරට යන්න පුළුවන්. අපි ගමට සී.ටී.බි. බස් එකක් ඉල්ලුවා. එයාලා කියනවා මේ පාරේ බස් දුවන්න බැහැලු දූවිලි නිසා” ඔහු පැවසීය. ප්‍රවාහන දුෂ්කරතාව මාංකේනිකුලම් ග්රාමවාසී ජනයාගේ ඉරණම බවට පත්වී ඇත. “දුව ස්කෝලෙ යවන්න විතරක් එක දවසකට රුපියල් 400ක් ඕන. මාසෙට 10,000ක් විතර වියදම් වෙනවා.” පංචාතිරම් මැසිවිලි නැගී ය.
මඩකලපුව දිස්ත්‍රික්කයේ වෙරළබඩ ආදිවාසී ප්‍රජාවේ නායකයා වන වේලායුදම් මහතා ද මදුරන්කේනිකුලම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ප්‍රදේශයේ අධ්‍යාපන තත්ත්වය පිළිබඳව ඔහුට ද ඇත්තේ කනස්සල්ලකි. අධ්‍යාපන කාර්යාලයේ ලේකම් මුණගැසී සියලු විෂයන්ට ගුරුවරු ලබා දෙන ලෙස ඉල්ලා සිටියත් තවමත් එයට විසඳුම් ලැබී නැත. තාවකාලික ගුරු අනුයුක්තිය වෙනුවට ස්ථිර පත්වීම් මදුරන්කේනිකුලම පාසලට ලබා දීම සාධනීය විසඳුමක් යැයි වේලායුදම් මහතා අවධාරණය කළේ ය.
පාසල් කටයුතු සහ අධ්‍යාපන තත්ත්ව සංවර්ධන සඳහා අදාළ අතිරේක ලේකම්වරුන් දෙදෙනාට කතා කිරීමට මම අධ්‍යාපන අමාත්‍යාංශයට කතා කළ අතර, එම නිලධාරීන් දෙදෙනාම විශ්‍රාම ගොස් ඇති බවත් එම තනතුරුවලට තවම කිසිවෙක් පත් කර නොමැති නිසා නිල ප්‍රකාශයක් ලබා දිය නොහැකි බවත් මට දන්වන ලදී. කෙසේ වෙතත්, ග්‍රාමීය ප්‍රදේශවල පාසල්වල ගුරු හිඟයක් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පිළිගෙන ඇති බවත්, මෙම ගැටලුව අවම කිරීම සඳහා ගුරු විද්‍යාලවලින් නිදහස් කිරීමට නියමිත කණ්ඩායම් දෙකක් ග්‍රාමීය ප්‍රදේශවලට පමණක් යොදවන බවත් ගුරු ආයතන ශාඛාවේ නිලධාරියෙක් මට පැවසී ය. එම නිලධාරියා යෝජනා කළේ මදුරන්කේනිකුලම් පාසලට පුරප්පාඩු පිරවීමට ගුරුවරුන් සඳහා විධිමත් ඉල්ලීමක් කළ හැකි බවයි.
කල්කුඩා කලාප අධ්‍යාපන කාර්යාලයේ කේ.ජයවදනන් පවසන්නේ පාසලට නව විදුහල්පතිවරයෙකු පත් කිරීමට තමන් බලාපොරොත්තු වන බවත්, ගුරු නිවාස එම ස්ථානයේ ම ඇති බැවින්, මදුරන්කේනිකුලම් හි ගණිතය, විද්‍යාව සහ ඉංග්‍රීසි වැනි අනිවාර්ය විෂයයන් කිහිපයක හිඩැස් පිරවීම සඳහා දෛනිකව ගමන් කිරීමට වඩා නව ගුරුවරුන්ට එම ගුරු නිවාසවල නතරවීමට උනන්දු කිරීමට තමන් කැමති බවත් ය..
මා ගමෙන් පිටව කොළඹට එන විට පසුකරමින් පැමිණි මදුරන්කේනිකුලම් ගම්මානය අවට වෙල්යායවල් දෙස බැලීමි. ඒවා අවට නගරබද ප්‍රදේශවල වෙසෙන ධනවත් ව්‍යාපාරිකයන්ට අයත් ඒවා ය. මදුරන්කේනිකුලම තරුණයන් නතර වීමට ඉඩ ඇත්තේ ද මේ යායවල්වල කම්කරුවන් ලෙස නොවේදැයි මට මතක් විය. 18 හැවිරිදි සතීස්කරන්ගේ වචන මා තුළ නැවත රැව්දුන්නේ ය “අපි වෙනත් රැකියාවකට යොමු වෙන්න කැමතියි, නමුත් අපට වෙන රැකියාවක් ලැබෙන්නේ නැහැ, පාසලේ මගේ පන්තියේ දහ දෙනෙක් හිටියා ඔවුන් දහ දෙනා ම දැන් කම්කරුවන් ලෙස වැඩ කරනවා.''
ආපසු නගරයේ දී, මම දුටු සහ ඇසූ දේ ගැන ආවර්ජනය කළෙමි. මට හමු වූ තරුණ තරුණියන්ගේ අනාගතය කුමක් වේවි ද? පවතින අධ්‍යාපනික සංකීර්ණතා සහ ගැටලු හේතුවෙන් ඔවුන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශයක් දිනා ගැනීම බොහෝ විට හුදු සිහිනයක් පමණයි. රාජ්‍ය සේවයට ඇතුළත් වීම හෝ සාධාරණ රැකියා අවස්ථාවක් ලබා ගැනීම ද දුෂ්කර ය. කුඩා ආදිවාසි ප්‍රජාවක සාමාජිකයෙක් වශයෙන් ජීවත් වීම නිසා සුදුසු අධ්‍යාපනික අවස්ථාව අහිමි විය යුත්තේ ඇයි ?
ප්‍රශ්නවලට හේතු කුමක් වුවත් (ගුරු හිඟය, ගමේ යටිතල පහසුකම් සහ දෙමාපියන්ගේ ආකල්ප), මෙම සාධක සියල්ල හේතුවෙන් ශ්‍රී ලංකාවේ පැරණිතම ප්‍රජාවක තරුණ තරුණියන්ගේ බලාපොරොත්තු සහ සිහින කඩාකප්පල් වී ඇත.
මේ අතරම ග්‍රාමය දියුණු කිරීමට ගනු ලබන උත්සාහයන් අතලොස්සක් ගැන ද අසන්නට ලැබුණි (දෙමාපියන් සඳහා අභිප්‍රේරණ වැඩසටහන්, ග්‍රාමීය පාසල්වලට ගුරුවරු ලබා දීම, පාසලට නව විදුහල්පතිවරයකු යනාදිය) නමුත් ඔවුන්ගේ ඉරණම සම්බන්ධයෙන් සාමූහික ක්‍රියා මාර්ගයක් නොගතහොත්, මෙම ප්‍රජාව නිමක් නැති දරිද්‍රතාවයෙන් වටවුණු චක්‍රයකට නුදුරේ ම මුහුණ දීමට සිදු වෙයි..
Windyhttp://www.blogger.com/profile/16625585454214566462noreply@blogger.com0