නඩුවක හා නාඩගමක ඇති වෙනස

| නිතිඥ බැසිල් ප්‍රනාන්දු

නඩුවක් යනු නීති කෘත්‍යයකි. ගැටලුවකට මුහුණදී ඇති කිසියම් සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ශවකරුවනට යුක්තිය ඉටුවිය යුත්තේ කෙසේද යන ප්‍රශ්නය නිරාකරණය කරගැනීමේ සම්මත ක්‍රමය ලෙස පිළිගැනීමට ලක්වි තිබෙන්නේ ඩු ඇසිම පිළිබඳ සංකල්පයයි. එය සමහර විට අපරාධ ක්‍ෂේත්‍රයේ සිදුවුනා යැයි කියන සිද්ධියක් ගැන විය හැකිය. උදාහරණයක් වශයෙන් මිනිමැරිමක්, සොරකම් කිරීමක්, නිතිවිරෝධී ආයුධ ළඟ තබාගැනීමක් හෝ නිතවිරෝධි මත්ද්‍රව්‍ය පිළිබඳව සිදුවිමක් විය හැකිය. මෙහිදි ඇත්තටම සිදුවුනු සිදුවිම කුමක්ද? එම සිදුවිම සම්බන්ධයෙන් වගකිම දරන්නේ කවුද? යන ප්‍රශ්න රටේ ඇති නීතිය අනුවත්, නිතිය විසඳාලීමට ඇති නෛතික කාර්ය පට්පාටිය අනුවත්, විසදිම නඩුවකදි සිදුවිය යුතු ක්‍රියා කලාපයයි.

අපරාධ පරික‍ෂණය නැසිලෙස නිමවිමත් සමගම "කොමන් ලෝ" (Common Law) යනුවෙන් හැඳින්වෙන ලංකාවේ දැනට පවතින නිති ක්‍රමයට අනුව ඊළඟ වගකිම පැවරෙන්නේ නිතිපතිවරයාටය. නිතිපතිවරයාගේ දෙපාර්තමේන්තුවේ නිසි අධ්‍යාපනික සුදුකම් ඇති නියෝජිතයෙකු විසින් මෙම වාර්තාව පිළිබඳව විශ්ලේෂණයක් කරණු ලබයි.
නාඩගමක් යනු ප්‍රබන්ධයකි. නිර්මාණකරුවෙකු හෝ කරුවන් විසින් යම් මනඃකල්පියතයක් නිර්මාණය කරයි. එහි අඩංගුවන සිද්ධින් ප්‍රබන්ධයන් බව සියලු දෙනාම දනී. නිර්මාණකරුවාට තමා කැමති ආකාරයකින් එම සිද්ධිය ඉදිරිපත් කිරිමේ නිදහස ඇත. සිද්ධියේ ඇත්ත නැත්ත පිලිබඳ ප්‍රශ්නය ප්‍රබන්දකතාවක් තුළ මතු නොවේ. ප්‍රබන්ධකරු කලාවට ආරූඩ රීතිනට හැර අන් කිසිවකට යටත් නොවේ. නාඩගමේ අවසාන අරමුණ ප්‍රේක්ෂකයාගේ වින්දනය පමණකි.

යම් අවස්ථාවකදී අධිකරණයක් ඉදිරියේ ඇති හෝ අධිකරණයක් ඉදිරියට යෑමට සූදානම්ව පවතින නිති කෘතියක් සම්බන්ධයෙන් ජනමතය තුළ මේක නිකම්ම නාඩගමක් යැයි යන මතයක් ඇතිවුව හොත් එයින් කියවෙන්නේ, යුක්තිය පසිඳලීමේ බැරෑරුම් කර්තව්‍යයෙන් බැහැරව කිසියම් ප්‍රබන්ධ කථාවක් නිර්මාණය කෙරි පවතින බවත්, එය යුක්තිය පසිඳලීමට නොව යුක්තිය වසන් කිරිම සඳහා සිදුවෙමින් පවතින ක්‍රියාදාමයක් බවය. ඇත්තෙන්ම සිදුවු දෙය නොව සිදු නොවු දෙයක් සත්‍ය ලෙස හුවා දක්වන ප්‍රබන්ධ කථාවක් බවට නිති කෘත්‍යය හැරෙන්නට පටන්ගෙන තිඛෙන බව පිළිබඳව මහජන අවබෝධය එවැනි කියවිමක් තුළින් ප්‍රකාශයට පත්වේ.

නඩු ඇසීම

නඩු ඇසිම සමාජයේ බැරෑරුම් කර්තව්‍යයක් බවට පත්විමට පටන්ගත් දිනයේ සිටම පැවති ඇති ප්‍රශ්නයක් නම්, මෙවැනි නිති කෘතියක් හුදෙක්ම සත්‍යකරුණු ගවේශණය කිරිම සඳහාම පමණක් පවත්වාගෙන යන්නේ කෙසේද යන ප්‍රශ්නයයි. අද බොහෝ නිතින් තුළත් නිතිමය ක්‍රියාපටිපාටින් තුළටත් ඇතුළත් කොට ඇත්තේ සත්‍ය හා අසත්‍ය වෙන්කොට ගැනීමේ මූලදර්මයන් පිළිබඳ යුක්තිය පිළිබඳ ක්‍ෂේත්‍රයේ නියැලුන වියතුන් අතර සිදුවූ විවාද තුළින් පැමිණි එකඟතාවයන් තුළින් ලියවී ඇති රීතින්ය.

සත්‍ය අසත්‍යභාවය පිළිබඳව විවාදය යුරෝපයේ ඉතා දැඩිලෙසම මතුවූයේ 17 හා 18 ශතවර්ශවලදි ඇතිවු දාර්ශනික මතවාදයන් තුළිනි. යුරෝපයේ මධ්‍යතන යුගය ක්‍රිස්තියානි ආගමේ විශ්වාසයන් හා ඇදහිළි තුළ හිරවි පැවතින. එහෙත් සියලු දෙය තාර්කිකව ඔප්පුකරන තුරු ඒ කරුණු පිළිබඳව දැඩි සැකයෙන් බැලීම පිළිබඳව "රෙනි ඩෙකාට්ස්" ( René Descartes ) විසින් මුළින් පටන් ගෙන පසුව බොහෝ දෙනෙකු අතරට ව්‍යාප්තවූ මතවාදය නිසා පෙර පැවති ආගමික ආදානග්‍රාහිත්වය වෙනුවට කරුණු ඔප්පුකිරීම් මත පමණක් සත්‍යය අසත්‍යය සෙවීම ව්‍යාප්ත විය. එම ව්‍යාපත්ත වීම් වල ප්‍රතිපලයක් වශයෙන් 17, 18 ශතවර්ශයන් තුළදී විද්‍යාව විශාල වශයෙන් මුල් බැසගන්නට පටන් ගත්තේය. මේ මඟින් බුද්ධිමය ලෝකය තුළ නව යුගයක මිනිසුන් හා ගැහැණුන් බිහිවිය. ඔවුන් අතර පොදුවේ පැවති ගුණය නම් සෑම කරුණක්ම සැකයෙන් යුතුව විග්‍රහ කරමින් තාර්කිකව යමි සිදුවිම් පිළිබඳව හෝ යම් දේවල් පිළිබඳව සත්‍යාසත්‍යතාවය සෙවිමට උත්සාහ කිරීමය. නූතන ලෝකයේ ඇති සියලුම වර්ධනයන් පසුපස ඇත්තේ ප්‍රබන්ධයන් ගෙන් මිදි තමන් දකින හෝ තමන්ගේ ඉන්ද්‍රියට ගොචරවන දේ සැකයට භාජනය කරමින් අදාල සියලුම කරුණු ගවේෂණය කරමින් සිද්ධින් පිළිබඳව සත්‍යය අවබෝධ කරගැනිමේ උත්සාහයයි. අද පවතින වර්ගයේ ගුවන් ගමන් හා අජඨාකාශ ගවේෂණය පිළිබඳව දියුණුවද, වෛද්‍ය විද්‍යාවේ ඇතිවි ඇති මහා පරිමාණ දියුණුවිම්ද, වෙනත් විද්‍යාවන්හීදි මෙන්ම සමාජ ක්‍ෂේත්‍රයේ හා බුද්ධිමය ක්‍ෂේත්‍රයේ ඇතිවි ඇති වෙනස්කම් වලද, පදනම මනඃකල්පිත ප්‍රබන්ධයන් මත නොරැඳී සිද්ධීන් හා දේවල සැබෑ තත්ත්වය සෙවිමට නැඹුරු වුණු විද්‍යාත්මක ක්‍රමයයි.

විද්‍යාව

විද්‍යාවේ ඇතිවු මේ මහා විපර්යාසය යුක්තිය පසිඳලීමේ ක්‍රියාපටිපාටිය පිළිබඳවද ක්‍රමක්‍රමයෙන් ඇතුළු වි එම ක්‍රියාවලිය සිදුකරන ආකාරය ගැන සියලුම අදහස් හා විධික්‍රම මෙම විද්‍යාත්මක පදනම පසුබිම් කොටගෙන නිර්මාණය වි ඇත. අද නඩුවක් ඇසිම පිළිබඳව සංකල්පය ඉතා බැරෑරුම් විද්‍යාත්මක ගවේෂණයක් පිළිබඳව සංකල්පයකි.

නිතිමය ගවේශණ ශෛලිය

අපරාධ ක්ෂේත්‍රය තුළ මෙය සිදුවන ආකාරය දෙස බලමු. අපරාධයක් විය හැකිසේ පෙනෙන කිසියම් සිද්ධියක් පිළිබඳව වාර්තාවක් පොලිස් ස්ථානයකට ලැබේ. ඒ මොහොතේම පටන්ගන්නා විද්‍යාත්මක ක්‍රියාදාමයක් ඇත. තමන් වෙත ලැබුණු සිද්ධිය පිළිබඳව තොරතුරු නිසිලෙස වාර්තා කරගැනිම පොලිස් ස්ථානයේ වගකිම බවට පත්වේ. එසේ වාර්තා කරන්නා හුදෙක් විද්‍යාත්මක කටයුත්තකදී යම් කරුණක් වාර්තා කරගන්නා කෙනෙකුට සමාන කටයුක්තක් කරයි. සියලුම මනඃකල්පිතයන් හා ප්‍රබන්ධයන්ගෙන් තොරව තමන් වෙත වාර්තා කරන දේ පමණක් සටහන් කරගැනිමට ඔහු බැඳේ. එතැන් සිට පටන් ගන්නේ අපරාධ පරික‍ෂණය යනුවෙන් හැඳින්වෙන සාක්කි සටහන් කරගැනිමේ ක්‍රියාවලියයි. සාක්කි සටහන් කරගැනිම පිළිබඳව ක්‍රියාවලියේදි ඊට සම්බන්ධවන සෑම නිලධාරියෙක්ම තමා අසන දකින හෝ තමාගේ පර්යේෂණ තුළින් හෙළිදරව්වන කරුණු පමණක් සටහන් කර වාර්තා කරගැනිමට බැඳේ . අපරාධ පරීක‍ෂකයාට නාඩකමක නිර්මාණකරුවෙකු සතුවන ප්‍රබන්ධයන් සාදාගැනිමේ අයිතිය ඇත්තේ නැත. ඔහු ප්‍රබන්ධයන් නිර්මාණය කිරිමේ යෙදුන හොත් අපරාධ පරීක‍ෂණය පිළිබඳව ඇති සියලුම මූලධර්ම උල්ලංඝනය කරන අතර ඒ මඟින් ඔහු අපරාධ පරික‍ෂකයෙකු නොව ප්‍රබන්ධකරුවෙකු බවට පත්වේ. ඔහුට එසේ ප්‍රබන්ධකරුවෙකු බවට පත්විමට ඉඩදුනහොත් මුළු නිති කෘතියද නාඩගමක් බවට පත්වේ. ඇත්තෙන්ම එය කලාවට හිමි සම්භාවනියත්වය නැති පහත් වර්ගයේ නාඩගමක් බවට පත්වේ.

අපරාධ පරික‍ෂණය නැසිලෙස නිමවිමත් සමගම "කොමන් ලෝ" (Common Law) යනුවෙන් හැඳින්වෙන ලංකාවේ දැනට පවතින නිති ක්‍රමයට අනුව ඊළඟ වගකිම පැවරෙන්නේ නිතිපතිවරයාටය. නිතිපතිවරයාගේ දෙපාර්තමේන්තුවේ නිසි අධ්‍යාපනික සුදුකම් ඇති නියෝජිතයෙකු විසින් මෙම වාර්තාව පිළිබඳව විශ්ලේෂණයක් කරණු ලබයි. හුදෙක්ම තාර්කික ක්‍රියාවක් වන මෙම විශ්ලේෂණයේ එකම අරමුණ වන්නේ අදාල නිතීයට අනුව යම් අපරාධයක් සිදුවුණා යැයි ඔප්පුකිරිමට හැකි සාක‍ෂි අපරාධ පරීක‍ෂණය තුළදි හෙළිදරව් වි ඇත්ද නැද්ද යන කරුණ පිළිබඳව නිගමනයකට එළඹීමය. මෙයද හුදෙක්ම කරුණු මත පදනම්වූ බුද්ධිමය ක්‍රියාවක් වන අතර අදාල නියෝජිතයාගේ හිතුවක්කාර සිතුවිලි කිසිවකට එම ක්‍රියාදාමය තුළ ඉඩක් නැත. නඩුවක් ඔප්පු කිරිමට තරමි සාක‍ෂි ඇතැයි නිගමනය වුවහොත් ඊට අදාලව චෝදනා පත්‍රයක් නිසිලෙස නිර්මාණය කිරිම නිතිපතිවරයාගේ ඊළඟ යුතුකම වේ. මෙයද වගකිමෙන් යුතු බුද්ධිමය කටයුක්තකි. එය නිසිලෙස නොකළහොත් ඉන් පසු සිදුවන නඩු ක්‍රියාදාමයම නොමග යා හැකිය.

ඉන් පසු එම අධිචෝදනා පත්‍රය අධිකරණයේ ලිපිගොනු කරන අතර එතැන් සිට අධිකරණමය ක්‍රියාමාර්ගය පටන් ගනි. එය කරණු ලබන්නේ නිතිය පිළිබඳව මනා අවබෝධයක්ද ශිෂ්ඨ සම්පන්න ගතිගුණ පිළිබඳව සමාජ පිළිගැනිමක්ද නිතිකෘතියක් මෙහෙයවිම සඳහා බුද්ධිමය ශක්තියක්ද ඇති අයෙකු ඉදිරියේය. ඔහු නඩුකාරයා හෝ විනිශ්චයකරු වශයෙන් හැඳින්වේ. මෙම විනිශ්චයකාරවරයා නඩුවක් සිදුකළයුතු ආකාරය අදාල නිතිවල හා නිතීය ක්‍රියාත්මක කිරිමේ සම්ප්‍රදායන් තුළ ගැබ්ව ඇත. අධිකරණය පිළිබඳව සංකල්පය ඇඟවෙන සංකේතය නම් ඇස් වසා අතින් තරාදියක් දරා සිටින කාන්තාවකගේ සංකේතයයි. ඒ තුළද ඇත්තේ පෙරකි පරිදි හුදෙක්ම කරුණු මත පදනම් වීම තාර්කිකභාවය තුළ නිගමන ගැනිම හා පුද්ගලික මතිමතාන්තර පසෙක තබා කටයුතු කිරිමේ හැකියාවයි. කිසියම්ම හෝ බලපෑමකට යටත් නොවිම අධිකරණ නිදහස යනුවෙන් හැඳින්වේ. මේ සියල්ල මගින්ම කියවෙන්නේ පාරිශුද්ධ වූ බුද්ධිමය ක්‍රියාදාමයක් පිළිබඳවය.

විනිශ්චයකාරවරයා තමන් ඉදිරියේ සිදුවන නිතිකෘත්‍යය සම්බන්ධයෙන් අංග සම්පූර්ණ වාර්තාවක් තබාගනි. එසේ වාර්තාව තබාගැනිමේ සම්ප්‍රදායද විද්‍යාත්මක සම්ප්‍රදාය තුළින් ඇතිවුවකි. සෑම විද්‍යාත්මක ක්‍රියාදාමයකදිම විද්‍යාඥයා ඔහු යෙදි ඉන්නා ක්‍රියාවලිය පිළිබඳව අංග සම්පුර්ණ සටහනක් තියා ගනි. එහි තේරුම නම් එම සටහන බැලිම මගින්ද ඇත්තෙන් සිදුවී ඇති ගවේශණය පිළිබඳව අවබෝධයක් ඔහුට මෙන්ම වෙනත් පුහුණුවක් ඇති අයෙකුටද ලබාගැනිමට හැකිවිමයි. නඩුවකින් පසු අභියාචනා අධිකරණ කරා යන්නේ මේ වාර්තාවයි.

නඩුවක් විකාරයක් විමට ඉඩ නොතැබිම

මෙසේ දළ වශයෙන් ඉදිරිපත්කර ඇත්තේ නඩුවක විශේෂයෙන්ම අපරාධ නඩුවක සිදුවන්නාවු ගවේශණ ශෛලිය හා ඊට පදනම්වූ සත්‍ය අසත්‍යතාවය සෙවිමේ මුලධර්ම පිළිබඳවය. යම් විටක රටවැසියන් යම් නීති කෘත්‍යයක් නාඩගමක් වශයෙන් දකින්නට පටන් ගතහොත් එයින් පෙනෙන්නනේ ඉහත සඳහන් වූ නඩුවකට අදාල මූලධර්ම උල්ලංඝනය වී ඇති බවත්, කාගේ හෝ හිතුවක්කාර ක්‍රියාවන් මෙම ක්‍රියාදාමයට ඇතුල් කර ඇතිබවත්, එම නිසා ඉන් පැනෙන අවසාන නිගමනය හුදෙක්ම ප්‍රබන්ධයෙක් හා මනෘකල්පිතයක් බවට පමණක් බවට පත්වන බවත්ය.

Tell a Friend