ආගමික ප්‍රතිමා සහ බිදුණු සිත්




හර්ෂි සි. පෙරේරා


දියඹේ පාරුවක පා වී ආ බුදු පිළිම දෙකක් දෙවිනුවරින් කෝට්ටේගොඩට පෙරහරින් වැඩමවති යන්න අද ලංකාදිප පුවත් පතේ ප්‍රධාන සිරස්තලයකි. මේවා හොද වැඩය. අපේ සැදැහවත් ආගම භක්තිය ලෝකයාට හඩ නගා ප්‍රකාශ කිරිමකි. අපේ උත්තරිතර නීතිය එනමි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තමන්ට කැමැති ආගමක් ඇදහිමේ අයිතිය මුලික අයිතිවාසිකමක් ලෙස පිළිගෙන ඇත.

උසස් පෙළ දේශපාලන විද්‍යා පන්තිය මදකට සිහිපත් කරමු. කවිද ප්‍රංශ දාර්ශනිකයෙක් තම අතඇති සැරයටිය වැනිය හැක්කේ අනිත් පුද්ගලයාගේ නාසය කෙලවර වන ස්ථානය දක්වා පමණකැයි සමන්තා මිස් ඉගැන්නුවා තාමත් මතකය. අපේ නිදහස ඔනෑඑපාකමි ඇදහිලි පිළිගැනිමි අන්අයට කරදරයක් නොවිය යුතුයි. ඔවුන්ගේ නිදහස හා අයිතින් එමගින් කප්පාදුවකට ලක්නොවිය යුතුයි.

ඉහත ලංකාදීප සිරස්තලය සිහිපත් කළේ ලංකාවේ අස්සක් මුල්ලක් නැර ඉදිවෙන විශේෂයෙන්ම බුදු පිළිම වහන්සේය. අවාසනාවකට මේ තත්වය උතුරු නැගෙනහිරටද ව්‍යාප්තව ඇත්තේ හතු පිපෙන්නාක් මෙනි. දැන් යාපනේ ජනතාව මෙි පිළිබදව කතා කරනවා පමණක් නොව ඒ පිළිබද සිය අප්‍රසාදයද පල කරති. මෙිසේ නැවතවාරයක් බිදි යන්නේ වසර 30ක් තිස්සේ ඉරිතලා ගිය සිත්සතන්ය.

අපේ රට බහු වාර්ගික, බහු ජාතික, බහු ආගමික සහ බහු සංස්කෘතික රටකි. මේ සියල්ල තුලනයකට ලක්වන ආකාරයට කටයුතු ඉෂ්ට සිද්ධ විය යුතුය. එසේ නොවිම නැවත වරක් අප සියල්ලන් අකමැති උද්ඝෝෂණ, පෙළපාලි, හර්තාල්, කලු ජුලි සහ බිහිසුණු යුද්ධ වලට හේතු වියහැක. ඒ නිසා අපේ ආශාවන් ඇදහිමි විශ්වාසයන් විශේෂයෙන් නිදහස සහ අයිතින් භූක්ති විදිමේදි විශේෂයෙන් සුලු ජන කොටස් ගැන සාධාරණ වෙමු. සංවේදි වෙමු. යුක්තිසහගත වෙමු.

Tell a Friend