යාපනය, චුන්කාම් පොලීසිය 28 හැවිරිදි තරුණයෙකුට දස වධ දී,දියේ ගිල්වා මරා දැමීම


ඔහු පුන්නාලෙයි කට්ටුවන් දකුණ (Punnalai Kattuman South) හි පදිංචි ශ්රී ස්කන්ධරාජා සුමනන් වයස අවුරුදු 28 යි. අවිවාහක

2011 නොවැම්බර් 24 වන දින පෙරවරු 11.30 ට පමණ, අවමගුලකට සහභාගීවී එන අතරතුර, ලැබුණ දුරකථන පණිවුඩයකට පුන්නාලෙයි කට්ටුවන් හංදියට ගොස් ඇත. ඔහු ගොස් ඇත්තේ යතුරුපැදියකින්ය.

පුන්නාලෙයි කට්ටුවන් හංදියේ, බාබර් සාප්පුව ඉදිරිපිටදී, සිවිල් ඇඳුමින් පැමිණ, රහස් පොලීසියේ යයි කියන නිලධාරින් දෙදෙනෙකු, ඔහුව අත්අඩංගුවට ගෙන, ඔවුන් පැමිණි යතුරුපැදියේ “මැද” තබාගෙන යාපනය පොලීසියට ගෙන ගොස් තිබේ.

සිද්ධිය දැනගන්නට ලැබුණ හිතවතුන් ඔහු බැලීමට යාපනය පොලිසියට ගිය විට, ඔවුන් පවසා ඇත්තේ, ඔහුව චුන්කාම් පොලීසියට මාරු කළ බවයි.

මෙම හිතවතුන් චුන්කාම් පොලීසියට ගියද, සුමනන්ව පෙන්වා නැත.

පසුදිනයේද එනම්, 2011. 11. 25 වන දිනද චුන්කාම් ගියද පොලීසිය සුමනන්ව පෙන්වා නොමැත. එදින එනම්, 25 වන දින චුන්කාම් පොලීසිය සුමනන් ආහාර ගන්නා නිවසේ කාන්තාවගෙන් සුමනන්ගේ තොරතුරු විමසා ඇත.

එයින් අනතුරුව සුමනන්ගේ නිවසට ගොස් ඔහුගේ ඥාතියෙකුගෙන් ඔහු පිළිබඳව විමසා ඇත.

එයින් අනතුරුව, එම ඥාතියාට හා කටාර්හි සේවය කරනෙ නිවාඩුවකට පැමිණ සිටි ඔහුගේ 27 හැවිරිදි සහෝදරයා වන ශ්රීට ස්කන්ධරාජා සුගන්දන්ට, සුමනන් මියගොස් ඇති බවත්, මෘත දේහය හඳුනා ගැනීමට පැමිණෙන ලෙසටත් දන්වා ඔවුන් දෙදෙනාව කිලිනොච්චියට ගෙනගොස් තිබේ.

කිලිනොච්චියේ ඇලකින් සුමනන්ගේ මළමිනිය හමුවූ බව පොලීසිය පවසා මෘත ශරීරය පොළොන්නරුව දිසා රෝහලට, පශ්චාත් මරණ පරික්ෂණය සඳහා ගෙන ගොස් තිබේ.

2011. 11. 26 වන දින පශ්චාත් මරණ පරික්ෂණයෙන් පසුව, 2011. 11. 27 වන දින මෘත දේහය චුන්කාම් වලට ගෙනවිත් භූමදානය කර තිබේ.


මෘත දේහයේ තුවාල තිහක් හතලිහක් පමණ තිබුණ බවද, ඒවා සියල්ලම වධහිංසා පැමිණවීමෙන් සිදුවී තිබෙන ඒවා බවද ප්රබකාශ කරයි.

පොලීසිය කියා ඇත්තේ, ඔහු පැනයන විට කිලිනොච්චියේදී දියේ ගිලී මරණය සිදුවී තිබෙන බවයි.

මෙම තරුණයා, ප්රෙ ද්ශයේ සොරකම් රැසකට සම්බන්ධ අයෙකු බව පොලීසිය පවසා ඇත.

ඥාතීන්ට අනුව මොහු, පේදුරුතුඩුවේ මොන්තායි රජයේ රෝහලේ මානසික ඒකකයෙන් ප්රීතිකාර ලබන අයෙකි.

චුන්කාම් පොලීසියේ අත්අඩංගුවේ සිටියදී දරුණු ලෙස වධහිංසා පමුණුවා කිලිනොච්චියට ගෙනගොස් දියේ ගිල්වා හෝ දියේ ගිලීමට සලස්වා සිදු කරන ලද මරණයක් බව ප්රගකාශවේ.

මෙසේ පොලීසියේ අත්අඩංගුවට පත් පුද්ගලයින්ව මරා දැමීම, දිවයිනේ සෙසු ප්රෙ දේශවල පොලීසි විසින් සිදු කරනු ලබයි. මේ වසරේ ඒ අතර, මාතලේ, දොම්පේ, මොරටුව යන ප්රෙසද්ශවල අත්අඩංගුවට පත් පුද්ගලයින් මරා දැමීම පෙන්වා දීමට පුළුවන.

චුන්කාම් පොලීසිය මගින් වධහිංසා පැමිණවූ දියේ ගිල්වා මරා දමන ලද 28 හැවිරිදි ශ්රී ස්කන්ධරාජා සුමනන් පිළිබඳව නිසි පරික්ෂණයක් පවත්වන ලෙසටත්, මේ පිළිබඳ සාක්ෂි වසන් කිරීමට ඉඩ නොදී අපරාධය හෙළිදරව් කරවා ගැනීමට තිබෙන බාධක ඉවත් කරන ලෙසටත් ශ්රී ලංකා රජයෙන් ඉල්ලමු.

පොලිස් ඝාතන සම්බන්ධයෙන් ශ්රීඅ ලංකාවේ බොහෝ ප්රෙනදේශවල ජනතාවද, පොලීසියට විරුද්ධව සාක්ෂි දීමට ඉදිරිපත් නොවෙති. ඒ පළිගනීවිය යන සැකයෙනි. යාපනයේ පවතින සුවිශේෂ තත්වයන් තුළ මෙවන් පොලිස් ඝාතන ඉතා පහසුවෙන් යටගැසීමට හැකිවන බවද අවධාරණය කරමු.

ජනසංසදය