මිනී මරණ දේශපාලනය

අමිල ගුණරත්න 

මිට කෙටි කාලයකට පෙර දුමින්ද සිල්වාගේ කුඩු වියාපාරයේ සහායකයෙකු වන කුඩු ලාලිත්‍ර අත්අඩංගුවට ගැනීම නිසා කොළඹ කුඩු යුද්දයක් වන බව අප අනාවැකියක් කීවෙමු. අවාසනාවකට මෙන් එම අනාවැකිය බිහිසුණු ආකාරයට සත්‍ය වී තිබේ. මිනී මරණ දේශපාලන ක්‍රමයක් ඇති රටක් වන ලංකාවේ යලිත් වරක් එම විෂම චක්‍රය සක්‍රිය වී ඇත. සාමාන්‍යයෙන් මෙවැනි දේශපාලන ගැටුම් ඇති විට බිල්ලට යන්නේ බත් පැකට් එකට අරක්කු කාලට අපේ මහත්තයා වෙනුවෙන් ඉදිරියට යන මීහරකුන් ය. මෙවර මී හරක් වෙනුවට නායකයන් දෙදෙනෙකු වෙඩි කා එක් අයෙකු පරලොව ගොස් ඇත. දේශපාලනය නිසා හෝ වෙන යම් කරුණක් නිසා මිනි මැරීම අප තරයේ ප්‍රතික්ෂේප කරමු. එහෙත් අවි ගත්තෝ අවියෙන් ම නැසෙති යන කියමන යලිත් අපගේ ඇස් පනාපිට සත්‍ය වී තිබේ.

ප්‍රභාකරන්ගේ මරණය දක්වා නැට්ට දෙකකුල් අතර ගසා සිටි නපුන්සකයන් ඔහුගේ මරණයෙන් පසු එක රැයින් වීරයන් චන්ඩින් බවට පත් වුහ. අසරණ මිනිසුන්ට පහර දීම , ගස් බැඳීම පමණක් නොව මාධ්‍ය ඉදිරියට පැමිණ මැර ටෝක් දැමීමද මොවුන් අමතක නොකළහ. මෙම කාඩ්බෝඩ් චන්ඩින් නිසා ආණ්ඩුවේ මළගම ඉක්මන් වන බව සහෝදර සමාගම දැන්වත් තේරුම් ගත යුතුය.
භාරත ලක්ෂ්මන් මේ ආණ්ඩුව වෙනුවෙන් කැප වී වැඩ කල අයෙකි. එහෙත් ලාංකික දේශපාලනයේදී මේ කැප කිරීම් බ්ලාස්ට් වී යන්නේ මොහොතිනි. එය භාරත ලක්ෂ්මන් තේරුම් ගත්තේ ප්‍රමාද වී ය. මිට වසර කීපයකට පෙර ළමයෙකු කොළඹ පාසලකට භාර නොගැනීම නිසා භාරත ලක්ෂ්මන් පිස්තෝලයක් ගෙන විදුහල්පති හමු වීමට ගියේය. මෙවැනි හේතු නිසා ඔහුගේ ජනප්‍රියතාව පිරිහී ඔහු ආසනයෙන් පැරදුණි. එහෙත් ඔහු කොලොන්නාවේ පැතිරෙන කුඩු උවදුරට එරෙහිව සටන් කළේය. නමුත් ලංකාවේ කුඩු මාෆියාව ඔහුව බිලි ගත්තේය. ලංකාවේ කුඩු මාෆියාව බිලි ගත්තේ ඔහුව පමණක් නොවේ. කුඩු උවදුරට විරුද්ධව සටන් කල එස් ටී එෆ් නිලධාරීන් දෙදෙනෙකු මාරු කර එකිනෙකා මරාගන්න තත්වයකට පත් කොට ඔවුන් දෙදෙනාම විනාශ කිරීමට මෙම මාෆියාව සමත් විය.

Tell a Friend