විමල් වීරවංශට ලක්ෂ 1700 ක් ලැබුණේ කොහෙන්ද - රවි ජයවර්ධන ප‍්‍රශ්න කරයි.

දේශපේ‍්‍රමීත්වය ගැන කතාකරන විමල් වීරවංශ මන්ත‍්‍රීවරයා තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයට ලක්ෂ 1700 ක මුදලක් වියදම් කරන්නේ කෙසේද යන්න රටේ ජනතාවට හැතිනම් ප‍්‍රකාශ කරන ලෙස එක්සත් ජාතික පෙරමුණේ හොරණ ආසනයේ ප‍්‍රධාන සංවිධායක මන්ත‍්‍රී ධූර අපේක්ෂක රවි ජයවර්ධන මහතා අභියෝග කර සිටිනවා. ඊයේ සවස හොරණ ප‍්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගී වෙමින් රවි ජයවර්ධන මහතා සඳහන් කළේ ජීවිත කාලයටම රැුකියාවක් නොකල වරප‍්‍රසාද ලබානොගත්තා යැයි කියන විමල් වීරවංශ වැන්නෙකු මෙතරම් මුදලක් උපයා ගත්තේ කෙසේ ද යන්න රටේ ජනතාවට හැකිනම් ප‍්‍රකාශ කරන ලෙසයි. වැට් බදු වංචාකාරයින් ඇතුළු නොයෙකුත් සොරකම් වලට හසුවූ ව්‍යාපාරිකයින් ඉතා ල`ගින් ඇසුරු කරමින් ඔවුන්ගෙන් මැතිවරණ ප‍්‍රචාරක කටයුතු වලට මුදල් ලබා ගන්නා බවට ද විමල් වීරවංශ මහතාට චෝදනා එල්ල වී තිබෙනවා. රට පුරා මහා පරිමාණයෙන් පෝස්ටර් කටවුට් ප‍්‍රදර්ශනය කරමින් මැතිවරණ නීතිය අමු අමුවේ උල්ලංඝනය කරන ඊනියා දේශපේ‍්‍රමීන්ට රටේ ජනතාව මෙවර නිසි පිළිතුරු ලබාදෙනු ඇති බවත් රවි ජයවර්ධන මහතා මෙහිදී ප‍්‍රකාශ කර සිටියා.