හලාවත මහ රෝහලේ පරිපාලනය දුර්වලයි



සමන්ත කෝනාර 

හලාවත මහා රෝහලේ පරිපාලනය දුර්වල බවත් රෝහලේ වෛද්‍ය අධිකාරිවරිය වන වෛද්‍ය දිනුෂා ජයසිංහ මහත්මිය රෝහල් කටයුතු නිසි  පරිදි අධීක්ෂණය නොකරන බව හලාවත ප්‍රාදේශීය සභාවේ සභාපති ජීවන් ජූඩ් මහතා අවධාරණය කරයි. රෝගීන්ගේ ආහාර වලින් වංචා කිරීම පිලිබඳවද  වෛද්‍ය දිනුෂා ජයසිංහ මහත්මියට මිට ඉහතදී චෝදනා තිබුනද  අදාළ බලධාරීන් ඒ පිළිබඳව කිසිදු විමර්ශනයක් පවත්වා නැත. හලාවත ප්‍රාදේශීය සභාවේ චාමර නිශාන්ත මහතා  ප්‍රකාශ කලේ හලාවත මහා රෝහලේ නිසි අධීක්ෂණයක් නොමැති නිසා රෝගී කාන්තාවක් දැඩි සත්කාර ඒකකයේ සිට වාට්ටු අංක 5 ට පුටුවක් මත තබා අපරික්ශාකාරීව ගෙන යාම නිසා ඔක්සිජන් බටය ගැලවී මිය ගිය බවයි. හලාවත රෝහලේ පරිපාලන දුර්වලතා නිසා රෝගීන්ට දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුවී තිබේ.