OUR VIEWS/EDITORIALS

තීරු ලිපි

ජාත්‍යන්තර පුවත්

ආර්ථික සහ සමාජ

The Most/Recent Articles

රටට අමතක වී යන මුහුදු වැදි ප්‍රජාවේ ඛේදවාචකය

- සකීෆ් සාම් - 


මුහුදු වැදි ප්‍රජාව 

මට අමතක කළ නොහැකි දෑසේ හිමිකාරිය වන දිව්‍යා ජීවත් වෙන්නේ අගනුවර සිට කි.මීටර 300ක් පමණ ඈත අති දුෂ්කර ගමක් වන මදුරංකේනිකුලම්හි ය. සී.ආර් පොතක් අතැතිව පාර දිගේ කඩිමුඩියේ ඉදිරියට ඇදෙමින් සිටි දිව්‍යා නවත්වා ඇගේ නම ඇසුවෙමි. ඇගේ දෑස්වල අල්ප මාත්‍රයක් හෝ බියක් නොතැවරුණු නමුත් ඇගේ දුප්පත්කම සඟවන්නට ඈ පැළද සිටි ඇඳුමට නොහැකි විය. අනතුරුව ඈ පාසලේ ඉගෙන ගන්නා ‍ෙශ්‍රේණිය සහ ගෙදර ඉන්නේ කවුද යන පැනය ඇසුවෙමි. සත්වන වසරේ ඉගෙන ගන්නා බව කී ඈ මිත්තනිය සහ අයියා පමණක් ගෙදර ඉන්න බව කීවා ය.

‍ “එතකොට කෝ අම්මා?” මම ඇසීමි. “අම්මා රට” ඇගේ පිළිතුර ප්‍රශ්නයට වඩා ඉක්මන් විය. “මොන රටේ ද? ” ඇසූ විට “දන්නෙ නෑ” කියා නැවතත් දිව්‍යාගේ පිළිතුර කෙටි වූයේ මා මග හරින්නට දැයි සිතුනි. “එතකොට තාත්තා කෝ” කියා අසන විටද නොසැලකිල්ලෙන් මෙන් “දන්නෙ නෑ” කියා ඈ පිළිතුරු දුන්නා ය.

දිව්‍යා කවදාවත් ඇගේ පියා දැක නැත. දිව්‍යා පමණක් නොව ඈ ජීවත් වන ගමේ දරුවන් ගණනාවක්ගේම උප්පැන්න සහතිකයේ පියාගේ නම නැති අතර තම මව පමණක් හඳුනයි. මදුරන්කේනිකුලම ගම පිහිටා තිබෙන්නේ මඩකලපුව දිස්ත්‍රික්කයේ වාකරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේය. මෙහි ජීවත් වන ජනතාව පොදුවේ හඳුන්වනු ලබන්නේ මුහුඳු වැදි ප්‍රජාව යනුවෙනි. මොවුන්ගේ  විශේෂත්වය වන්නේ පැරණි වැදි ප්‍රජාවේ ව්‍යවහාර කළ වැදි භාෂාව වෙනුවට දමිළ භාෂාව කතා කරන වැදි ජන කොටසක් වීමයි.

පැණි එකතු කිරීම, මාලු ඇල්ලීම, ගොවිතැන් කටයුතු සහ කුලී වැඩ ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපායන් ය. තාක්ෂණික කුසලතා සහ උසස් අධ්‍යාපන සුදුසුකම් වැඩි වැඩියෙන් අගය කරන සහ විශාල නගරවල හොඳ වැටුප් සහිත රැකියා බහුලව දක්නට ලැබෙන ලෝකයක, මදුරන්කේනිකුලමේ හැදී වැඩෙන දරුවන්ගේ අනාගතය සහ ජීවිතයේ ඇති අවස්ථා මොනවාද ? මේ පිලිබඳව සොයා බලන්න මම මෙම පුරාණ වැදි ප්‍රජාව සොයා ගියෙමි. 

පියාගේ අඩිපාරේ යන දරුවන්

සතීෂ්කරන් යාන්තම් වයස අවුරුදු 18 පිරෙන කඩවසම් ඉළන්දාරියෙකි. ගමේ පාසල වන මදුරංකේනිකුලම් රජයේ දෙමළ පාසලේ සාමාන්ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබූ ඔහු විෂයන් දෙකක් පමණක් සමත් වී ඇත. 

“අපේ ඉස්කෝලෙ සමහර විෂයන්වලට ගුරුවරු හිටියෙ නෑ. ගණිතයට හිටියෙ නෑ. ඉංග්‍රීසිවලට හිටියෙ නෑ.” කියා ඔහු මට පැවසී ය. තමාට වැඩිදුර අධ්‍යාපනය හෝ වෘත්තීය සුදුසුකම් ලබාගැනීමට අවස්ථාවක් නොලැබීම නිසා තම පියාගේ අඩිපාරේ යමින් ගොවියෙකු වීමට සිදුවූ බවට සතිෂ්කරන් මැසිවිලි නගයි. සතීෂ්කරන්ගේ ප්‍රකාශය ගැන මා සොයා බැලූ අතර, ඔහු ජීවත් වන ප්‍රදේශය ආසන්නයේ කිසිඳු වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයක් නොමැත.  වැඩිදුර අධ්‍යාපනයට කැමැත්තක් දක්වන්නෙකු පවා සැතපුම් 50ක දුරක් ගෙවා වාලච්චේනෙ වෙත පැමිණිය යුතු ය. ඒනිසා අධ්‍යාපනයෙන් දුරස් වූ ඔවුහු නුපුහුණු ශ්‍රමිකයන් ලෙස බරපතල ශ්‍රම සූරා කෑමටකට ද ලක් වීමේ අවදානම දැන දැන කුලී වැඩට යොමුවේ. 

පාසලේ පවතින දැඩි ගුරු හිඟයට ප්‍රධාන හේතුව ප්‍රවාහන දුෂ්කරතාවයි. පාසලට පැමිණෙන ගුරුවරු කි.මීටර 70කට වැඩි ඈත ප්‍රදේශවලින් පැමිණෙන අතර මදුරන්කේනිකුලම අතුරු මාර්ගය යනු නිතර අනතුරු සිදුවන, යතුරු පැදි අබලන් වන, වල් අලි තර්ජන බහුලව සිදුවන මාර්ගයකි. එම සියලු බාධක ගෙවා උදෑසන පාසලට පැමිණ පංති කාමරයට ඇතුලු වන ගුරුවරු කිසිඳු උද්යෝගයක් නොමැතිව ඉතා තෙහෙට්ටුවෙන් ඉගැන්වීම් කටයුතු කරයි. බොහෝ දෙනෙක් වෙනත් තැන්වලට ස්ථාන මාරු ලබා ගැනීමට තැත් කරයි. ඊට අමතරව ඇතැම් ගුරුවරු මෙම පාසලට තාවකාලික අනුයුක්ත කිරීම් හෝ දඬුවම් වශයෙන් ස්ථාන මාරු ලැබූ අය වෙති.

උග්‍ර ගුරු හිඟය 

“පාසලේ දැඩි ගුරු පුරප්පාඩුවක් තියෙනවා” මාර්කේනිකුලම් පාසලේ ද්විතීක අංශයේ ගුරුවරයෙක් වන මුත්තුවේල් රාසන් මහතා පැවසීය. “මේ අවුරුද්දේ ප්‍රාථමික අංශයට ගුරුවරු තිදෙනෙක් ඉන්නවා. මීට කලින් කිසි කෙනෙක් හිටියෙ නෑ. එතකොට ළමුන් උදේ පාසලට ඇවිත් පාසල් වේලාව අවසන් වෙනකම් නිකරුණේ පංති කාමරය තුළ කාලය ගෙවලා ගෙදර යන තත්ත්වයක් තිබුණා. මේ විදිහට මූලික අංශයේ ගැටලු නිසා මූලික අධ්‍යාපනයේ දී ලබා ගත යුතු ප්‍රගතිය නොලබා ද්විතීක අංශයට ළමුන් පැමිණෙනවා. ද්විතීක අංශයේ පංති කාමරය තුළ අකුරු පවා අඳුරන් නැති ළමුන් ඉන්නවා. උගන්වද්දි අපිට තියෙන ලොකුම අභියෝගය ඒක”




ප්‍රාථමික අංශයේ ගුරුවරුන්ගේ හිඟය මෙම සියලු ගැටලුවලට මුල බව රාසන් මහතාට හැඟෙයි.  මෙම විද්‍යාලයේ විදුහල්පතිවරයාගෙන් කරුණු විමසීමක් කළත් ඔහු අදහස් දැක්වීමට කැමත්තක් දැක්වූයේ නැත.

මදුරන්කේනිකුලම අයත් කුංජාන්කුලම් ග්‍රාමයේ වසර හතක් පුරා සේවය කරන ග්‍රාමසේවක  දයාලන් මහතාට අනුව ප්‍රදේශයේ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීමට ප්‍රධාන හේතුව දෙමාපියන් ය. “දෙමවුපියෝ හිතන්නේ ළමයි වැඩිය ඉගෙන ගත්තා කියලා අපි කරන රස්සාවම කරනවා විනා වෙන මොනවා කරන්න ද, ඒ නිසා දැන් ම අපි කරන රස්සාව කරපුවාවේ කියලා.” දයාලන් වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ දෙමාපියන්ගේ පසුගාමී අදහස් ළමුන්ගේ අධ්‍යාපනය කඩා වැටීමට බලපාන බවත්  දරුවන් තමන්ට බරක් යැයි දෙමාපියෝ සිතන නිසාත් හැකි ඉක්මනින් දරුවන් විවාහ කර දීමට කටයුතු කරන බවත් ය..

මේ දරුවෝ පාසල් අධ්‍යාපන කටයුතුවල කෙතරම් උනන්දුවෙන් යෙදී සිටියත් දිව්‍යා වැනි තරුණියන්ගේ ඉරණම අ.පො.ස. සා/පෙළින් පසු තවත් තරුණයකු විවාහ කර දීමත් සමඟ අවසන් වන බවක් පෙනේ. දෙමාපියන් විසින් සිදුකර දෙන කරන මෙම විවාහයන් වයස අවුරුදු 18 සම්පූර්ණ වන තුරුම නීතිය යටතේ ලියාපදිංචි වන්නේ ද නැත. ලිංගික අධ්‍යාපනය හෝ පවුල් සැලසුම් ක්‍රම පිළිබඳව කිසිදු දැනුමක් නොමැතිව අඩු වයසින් විවාහ වන මෙම තරුණියන් අතර බොහෝ බාලවයස්කාර ගැබ්ගැනීම් ඇතිවන බවත් ඔහු මට පැවසී ය..

මදුරන්කේනිකුලම් ගම්වාසීන්ගේ උන්නතිය සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව විවිධ විෂයන් භාර නිලධාරීන් 15ක් පමණ සිටියත් තවමත් ගමේ ප්‍රගතියක් පෙන්වීමට නොහැකි වී ඇතැයි කල්කුඩා කලාප අධ්‍යාපන කාර්යාලයේ අධ්යාපන නිළධාරී කේ ජයවදනන් මහතා කියා සිටී. 


සිසුන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් දෙමාපියන්ගේ කිසිඳු දායකත්ව නැති බව ද ඔහු කීවේ ය. “මදුරන්කේනිකුලම ග්‍රාමයේ දෙමවුපියන් සිය දරුවන් ඔවුන් සිටින තැනින් එළියට ගෙනඒමට ඉඩ දෙන්නේ නැහැ” ඔහු කියා සිටී.

දෙදරු පියෙකු වන හතළිස් හැවිරිදි සෙල්ලයියා අන්නකුමාර්ගේ පරිශ්‍රමය හේතුවෙන් දෙමවුපියන්ට වරද පැටවීම පිළිබඳව එකඟ විය නොහැකි ය. ඔහු තම දරුවන්ට වැඩිදුර අධ්‍යාපනය ලබා දීමට කැමති අතර දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීම ගැන නොසතුටින් සිටී. “ගුරුවරු දුර පළාත්වල ඉඳන් ඉස්කෝලේ එන්නේනවා. වැස්ස දවස්වලට ගමට එන්න බෑ. වතුර පිරිලා, ගංවතුර එනවා. ගමේ ළමයින්ට ඉස්කෝලේ යන්නත් බෑ. වැව පිටාර ගලනවා.”

වෘත්තීය අධ්‍යාපනය සඳහා පවා තම දරුවන් ගමෙන් පිටතට යැවීමට දෙමාපියන් මැලිකමක් දක්වන බව ජයවදනන් පවසන අතර, සෙල්ලයියා අන්නකුමාර් පෙන්වා දෙන්නේ මේ වසරේ අ.පො.ස. සා.පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත තම පුතුට ආසන්න ප්‍රදේශයක උසස් පෙළ ඉගෙනීමට අවස්ථාවක් නොලැබෙන බවත්, ඔහුව වැඩිදුර අධ්‍යාපනය සඳහා යැවීමට තම පවුලට වත්කමක් නැති නිසා අකැමැත්තෙන් වුව ද සෙල්ලයියා දැන් සූදානම් වන්නේ තම දරුවන් කුලී වැඩට යැවීමටය.

ශ්‍රී ලංකාවේ රැකියා වෙළඳපල තුළ බොහෝ රැකියාවන් සඳහා උසස් පෙළ දක්වා පාසල් අධ්‍යාපනය ලබා තිබීම මූලික සුදුසුකමක් ලෙස සැලකෙයි. එහෙත් මදුරංකේනිකුලම්හි සෑම දරුවෙකු ම සිය පාසල් අධ්‍යාපනය සාමාන්‍ය පෙළින් අවසන් කළ යුතු වෙයි. උසස් අධ්‍යාපනය හැදෑරීමට ආශාවක් ඇති මදුරන්කේනිකුලම් සිසුන්ට, විකල්ප දෙකක් තිබේ. එක්කෝ දරුවා කිලෝමීටර් 13ක් පමණ වන ඉතා දුෂ්කර කැලෑ මාර්ගයකින් ඇවිද ගොස් තවත් කිලෝමීටර් 20ක් පමණ ප්‍රධාන මාර්ගයක ගමන් කර වැඩි පහසුකම් සහිත වාකරේ නගරයට ළඟා විය යුතු ය, එසේ නොමැති නම්, ඔවුන්ට කිලෝමීටර් 15 ක් පමණ ගමන් කර පහසුකම් සීමිත පැංචේන පාසලට යා හැකි ය.

''දුව ස්කෝලෙ යවන්න විතරක් එක දවසකට රුපියල් 400ක් ඕන''

මංකේනිකුලම්හි උසස් පෙළ අධ්‍යාපනය ලබන එක ම ශිෂ්‍යාව සින්නතම්බි පංචාතිරම්ගේ දියණියයි. ඇය ගමේ පාසලේ සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබුවා ය. එම පාසලේ සාමාන්‍ය පෙළ සමත් නොවූ ඇය මාංකේනි පාසලට මාරු කිරීමට ඇයගේ පියා කටයුතු කළේ ය. එහිදි සාමාන්‍ය පෙළ සමත් වීමෙන් පසු ඇය උසස් පෙළ සඳහා පාංචේනෙ පාසලට ඇතුළත් කරනු ලැබුවා ය. ඒ ඇගේ දෙමවුපියන්ගේ උනන්දුව නිසා ය. 

දෛනිකව පංචාතිරම්ගේ දියණිය වල් අලි ප්‍රහාරයෙන් මුදවා මහපාරට රැගෙන යාමේ සහ නැවත රැගෙන ඒමේ වගකීම පියා විසින් ම දරයි. “පාන්දර 5ට ගෙදරින් යන්නේ. එතකොට තමයි 6.30 බස් එකට පාරට යන්න පුළුවන්. අපි ගමට සී.ටී.බි. බස් එකක් ඉල්ලුවා. එයාලා කියනවා මේ පාරේ බස් දුවන්න බැහැලු දූවිලි නිසා” ඔහු පැවසීය. ප්‍රවාහන දුෂ්කරතාව මාංකේනිකුලම් ග්‍රාමවාසී ජනයාගේ ඉරණම බවට පත්වී ඇත. “දුව ස්කෝලෙ යවන්න විතරක් එක දවසකට රුපියල් 400ක් ඕන. මාසෙට 10,000ක් විතර වියදම් වෙනවා.” පංචාතිරම් මැසිවිලි නැගී ය.

මඩකලපුව දිස්ත්‍රික්කයේ වෙරළබඩ ආදිවාසී ප්‍රජාවේ නායකයා වන වේලායුදම් මහතා ද මදුරන්කේනිකුලම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ප්‍රදේශයේ අධ්‍යාපන තත්ත්වය පිළිබඳව ඔහුට ද ඇත්තේ කනස්සල්ලකි. අධ්‍යාපන කාර්යාලයේ ලේකම් මුණගැසී සියලු විෂයන්ට ගුරුවරු ලබා දෙන ලෙස ඉල්ලා සිටියත් තවමත් එයට විසඳුම් ලැබී නැත. තාවකාලික ගුරු අනුයුක්තිය වෙනුවට ස්ථිර පත්වීම් මදුරන්කේනිකුලම පාසලට ලබා දීම සාධනීය විසඳුමක් යැයි වේලායුදම් මහතා අවධාරණය කළේ ය.

පාසල් කටයුතු සහ අධ්‍යාපන තත්ත්ව සංවර්ධන සඳහා අදාළ අතිරේක ලේකම්වරුන් දෙදෙනාට කතා කිරීමට මම අධ්‍යාපන අමාත්‍යාංශයට කතා කළ අතර, එම නිලධාරීන් දෙදෙනාම විශ්‍රාම ගොස් ඇති බවත් එම තනතුරුවලට තවම කිසිවෙක් පත් කර නොමැති නිසා නිල ප්‍රකාශයක් ලබා දිය නොහැකි බවත් මට දන්වන ලදී. කෙසේ වෙතත්, ග්‍රාමීය ප්‍රදේශවල පාසල්වල ගුරු හිඟයක් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පිළිගෙන ඇති බවත්, මෙම ගැටලුව අවම කිරීම සඳහා ගුරු විද්‍යාලවලින් නිදහස් කිරීමට නියමිත කණ්ඩායම් දෙකක් ග්‍රාමීය ප්‍රදේශවලට පමණක් යොදවන බවත් ගුරු ආයතන ශාඛාවේ නිලධාරියෙක් මට පැවසී ය. එම නිලධාරියා යෝජනා කළේ මදුරන්කේනිකුලම් පාසලට පුරප්පාඩු පිරවීමට ගුරුවරුන් සඳහා විධිමත් ඉල්ලීමක් කළ හැකි බවයි.

කල්කුඩා කලාප අධ්‍යාපන කාර්යාලයේ කේ.ජයවදනන් පවසන්නේ පාසලට නව විදුහල්පතිවරයෙකු පත් කිරීමට තමන් බලාපොරොත්තු වන බවත්, ගුරු නිවාස එම ස්ථානයේ ම ඇති බැවින්, මදුරන්කේනිකුලම් හි ගණිතය, විද්‍යාව සහ ඉංග්‍රීසි වැනි අනිවාර්ය විෂයයන් කිහිපයක හිඩැස් පිරවීම සඳහා දෛනිකව ගමන් කිරීමට වඩා නව ගුරුවරුන්ට එම ගුරු නිවාසවල නතරවීමට උනන්දු කිරීමට තමන් කැමති බවත් ය..

මා ගමෙන් පිටව කොළඹට එන විට පසුකරමින් පැමිණි මදුරන්කේනිකුලම් ගම්මානය අවට වෙල්යායවල් දෙස බැලීමි. ඒවා අවට නගරබද ප්‍රදේශවල වෙසෙන ධනවත් ව්‍යාපාරිකයන්ට අයත් ඒවා ය. මදුරන්කේනිකුලම තරුණයන් නතර වීමට ඉඩ ඇත්තේ ද මේ යායවල්වල කම්කරුවන් ලෙස නොවේදැයි මට මතක් විය. 18 හැවිරිදි සතීස්කරන්ගේ වචන මා තුළ නැවත රැව්දුන්නේ ය “අපි වෙනත් රැකියාවකට යොමු වෙන්න කැමතියි, නමුත් අපට වෙන රැකියාවක් ලැබෙන්නේ නැහැ, පාසලේ මගේ පන්තියේ දහ දෙනෙක් හිටියා ඔවුන් දහ දෙනා ම දැන් කම්කරුවන් ලෙස වැඩ කරනවා.'' 

ආපසු නගරයේ දී, මම දුටු සහ ඇසූ දේ ගැන ආවර්ජනය කළෙමි. මට හමු වූ තරුණ තරුණියන්ගේ අනාගතය කුමක් වේවි ද? පවතින අධ්‍යාපනික සංකීර්ණතා සහ ගැටලු හේතුවෙන් ඔවුන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශයක් දිනා ගැනීම බොහෝ විට හුදු සිහිනයක් පමණයි. රාජ්‍ය සේවයට ඇතුළත් වීම හෝ සාධාරණ රැකියා අවස්ථාවක් ලබා ගැනීම ද දුෂ්කර ය. කුඩා ආදිවාසි ප්‍රජාවක සාමාජිකයෙක් වශයෙන් ජීවත් වීම නිසා සුදුසු අධ්‍යාපනික අවස්ථාව අහිමි විය යුත්තේ ඇයි ?

ප්‍රශ්නවලට හේතු කුමක් වුවත් (ගුරු හිඟය, ගමේ යටිතල පහසුකම් සහ දෙමාපියන්ගේ ආකල්ප), මෙම සාධක සියල්ල හේතුවෙන් ශ්‍රී ලංකාවේ පැරණිතම ප්‍රජාවක තරුණ තරුණියන්ගේ බලාපොරොත්තු සහ සිහින කඩාකප්පල් වී ඇත. 

මේ අතරම ග්‍රාමය දියුණු කිරීමට ගනු ලබන උත්සාහයන් අතලොස්සක් ගැන ද අසන්නට ලැබුණි (දෙමාපියන් සඳහා අභිප්‍රේරණ වැඩසටහන්, ග්‍රාමීය පාසල්වලට ගුරුවරු ලබා දීම, පාසලට නව විදුහල්පතිවරයකු යනාදිය) නමුත් ඔවුන්ගේ ඉරණම සම්බන්ධයෙන් සාමූහික ක්‍රියා මාර්ගයක් නොගතහොත්, මෙම ප්‍රජාව නිමක් නැති දරිද්‍රතාවයෙන් වටවුණු චක්‍රයකට නුදුරේ ම මුහුණ දීමට සිදු වෙයි..


amanté නවතම ඇඟලුම් එකතුවේ සන්නාම තානාපතිනිය ලෙස යුරේනි නොෂිකා එක්වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමීප ඇඟලුම් සන්නාමයක් වන amanté හි නවතම ඇඟලුම් එකතුවේ සන්නාම තානාපතිනිය ලෙස, මෙරට ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන යුරේනි නොෂිකා එක් වී සිටී. මෙම නවතම ඇඟලුම් එකතුව, එදිනෙදා භාවිතයට මෙන්ම කායික ක්‍රියාකාරකම්වල යෙදීමේදී හැඳීමට සුදුසු ‘athleisure’ කාණ්ඩයේ ඇඟලුම් එකතුවකි. මෙම වසර මුලදී හඳුන්වා දෙන ලද මෙම ඇඟලුම් එකතුව සහනදායී මිලගණන්වලින් යුත්, අලංකාර හා ප්‍රායෝගික ඇඟලුම් පෙළක් වන අතර, මෙය amanté හඳුන්වා දුන් ප්‍රථම බාහිර ඇඟලුම් එකතු ලෙසද සැලකේ. 

විවිධ කලා හැකියාවන් ඔස්සේ විශාල ජනප්‍රියත්වයක් දිනා සිටින යුරේනි නොෂිකා, නිරෝගී ජීවිතයක් ගතකිරීමේ වැදගත්කම සිය රසික රසිකාවියන්ට නිතර පෙන්වා දෙන කලා ශිල්පිනියකි.  මින් ඉදිරියට ඇය amanté විසින් රට පුරා ක්‍රියාවට නංවනු ලබන ප්‍රවර්ධන වැඩසටහන් මාලාවකට දායක වනු ඇත. 

“යුරේනිගේ ක්‍රියාශීලී ජීවන රටාව  සහ පිරිපුන් පෞරුෂත්වය හේතුවෙන් විශාල වශයෙන් ජනාදරයට පත් වී සිටින කලා ශිල්පිනියක්. මේ නව ඇඟලුම් එකතුවේ සන්නාම තානාපතිනිය ලෙස අප ඇය තෝරාගත්තේ ඒ නිසයි. ඇගේ ජනප්‍රියත්වය ඔස්සේ ක්‍රියාශීලී ජීවිතයක වැදගත්කම අවධාරණය කිරීමට අප බලාපොරොත්තු වනවා.” amanté සාමාන්‍යාධිකාරිනී ගයනි ගුණවර්ධන මෙනෙවිය පැවසුවා ය. 

amanté නව ‘athleisure’ ඇඟලුම් එකතුව විවිධාකාර ශරීර ප්‍රමාණයන්ට හා හැඩයන්ට මෙන්ම විවිධාකාර ජීවන රටාවන්ට ගැළපෙන ආකාරයට, අලංකාර හා කල් පවතින ලෙස නිපදවා තිබේ. ව්‍යායාම කිරීමට වුවද, සාමාන්‍ය ගමන් බිමන් වලට වුවද මෙම ඇඟලුම් ඉතාමත් සුදුසු ය. සමට හොඳින් වාතාශ්‍රය ලැබෙන ආකාරය සැහැල්ලු රෙදි වර්ගවලින් නිපදවූ ටී ෂර්ට්, ටෑන්ක් ටොප්, ටයිට්, කැප්රි සහ ස්පෝර්ට්ස් බ්‍රා වැනි ඇඟලුම් වර්ග රැසක් මෙම ඇඟලුම් එකතුවට ඇතුළත් වේ. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ, උසස් ප්‍රමිතියෙන් යුත් මෙම ඇඟලුම් සහනදායී මිලගණන් යටතේ, එනම් රු. 2,295 සිට ඉහළට මිලදීගත හැකි වීම ය. 

“දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ කාන්තාවන් වෙනුවෙන් උසස් ප්‍රමිතියෙන් යුත් අලංකාර ඇඟලුම් වෙළඳපොළට හඳුන්වා දුන් විශ්වාසනීය දේශීය සන්නාමයක් සමග මෙලෙස අත්වැල් බැඳගැනීමට හැකි වීම මට මහත් සතුටක්. එමෙන්ම amanté යනු මා විශ්වාස කරන ගුණාංග රැසක් නිරූපණය කරන සන්නාමයක් ලෙස මා දකිනවා. අලංකාරයත් සුවපහසුවත් එක්තැන් කරන මෙම නව ඇඟලුම් එකතුව සමගින් මින් ඉදිරියට amanté සමග වඩාත් සමීපව කටයුතු කිරීමට මට හැකියාව ලැබේවි.” යුරේනි නොෂිකා පැවසුවා ය. 

amanté හඳුන්වා දෙන මෙම නව athleisure ඇඟලුම් එකතුව දැන් Racecourse Mall (කොළඹ 07), Marino Mall (කොළඹ 03) සහ Kandy City Centre (මහනුවර) වැනි සාප්පු සංකීර්ණවල පිහිටි ස්වාධීන අලෙවිසැල් වෙතින් මෙන්ම නුගේගොඩ Cool Planet Shopping Centre හි පිහිටා ඇති නවතම amanté අලෙවිසැලෙන්ද ලබාගත හැකි වේ. එමෙන්ම රටපුරා පිහිටි අනෙකුත් ප්‍රධාන පෙළේ ඇඟලුම් අලෙවිසැල් වෙතින් මෙන්ම amanté නිල වෙබ් අඩවිය වන www.amante.lk වෙතින්ද amanté ඇඟලුම් මිලදීගත හැක. 

ජෙරෝම් - නතාෂා කතා වස්තුව


- ගාමිණී වියන්ගොඩ - 

මෑත කාලයේ මූලධර්මවාදී මුල්ලාවරුන් පාලනය කළ සහ තවමත් පාලනය කරන රටවල් අප යහමින් විවේචනය කොට ඇත. ඊටත් කලින් කාලයක, එනම් මීට ශත වර්ෂ කිහිපයකට කලින් කාලයක ‘දණ්ඩාධිකරණ’ විශේෂයක් හරහා ඇමරිකාවේ සහ යුරෝපයේ ක්‍රිස්තියානි පල්ලිය විසින් ගෙනගිය නිදහස් අදහස් මර්දන ව්‍යාපාරයේ ඉතිහාසය ගැන සහ කුරුස යුද්ධ ඉතිහාසය ගැනත් අප විවේචනය කොට ඇත. ඒ සියලු විවේචනවලදී අපේ සහායට සිටි ශාස්තෘවරයාණන් වුණේ බුදුන් වහන්සේ ය. උන්වහන්සේගේ දේශනාවන්ගෙන්, විශේෂයෙන්, විචාරශීලී වීමට ‘කාලාම සූත්‍රයෙන්’ බුදුන් වහන්සේ පෙන්වා දෙන ලද ධර්මය, අර කී අවස්ථාවලදී අපි නිහතමානී ආඩම්බරයෙන් උද්ධෘත කොට දැක්වූයෙමු. 

දැන් කාලයක සිට, එහෙව් බුදුන්ගේ නාමයෙන්, අනෙක් භක්තිකයන්ට හිරිහැර කිරීම ‘බෞද්ධ රාජකාරියක්’ වශයෙන් ගැනෙන තත්වයක් මෙරටේ ලියලන්ට පටන්ගෙන තිබේ. ඉහතින් කී ඉස්ලාම් ආගමේ නාමයෙන් හෝ ක්‍රිස්තියානි ආගමේ නාමයෙන් ලෝකයේ වෙනත් තැන්වල ඇති වුණු අගතිගාමීත්වයන් ප්‍රශ්න කිරීමේදී, බුද්ධ ධර්මයේ චිරස්ථිතිය සඳහා මර්දනීය ක්‍රියාමාර්ග කොහෙත්ම අවශ්‍ය නොකරන බව අප පෙන්වා දෙනු ලැබූයේ, ප්‍රධාන වශයෙන් එක තර්කයක් මත පදනම්වයි. එනම්, බුද්ධ ධර්මය විමුක්ති මාර්ගයක් වශයෙන් ආරක්ෂා වීමට, ඒ තුළම තිබෙන, එනම් ඒ දර්ශනය තුළම තිබෙන ඥානමය ශක්තිය සහ ජවය ඊට ප්‍රමාණවත් වන්නේය යන්නයි. පුංචි ළමයෙකු ළඟ කුප්පි ලාම්පුවක් තැබීමට දෙවරක් හිතන අපි, වැඩිහිටියෙකු ළඟ ගිනි මැලයක් ගැසීමට පසුබට වන්නේ නැත. බුද්ධ ධර්මය යනු බුද්ධිමත් වැඩිහිටියෙකි. ගින්නට අත නොතියන්නැයි ළමයාට දමන විධානය/නියෝගය, වැඩිහිටියා සම්බන්ධයෙන් අවශ්‍ය නොකෙරේ. එහෙත් දැන් දැන් ලංකාවේ සමහර භික්ෂූන් වහන්සේලා කටයුතු කරන්නේ, බුද්ධ ධර්මය යනු ළමයෙකු සේ ආරක්ෂා කරගත යුතුව ඇති, බිඳෙනසුලු භාණ්ඩයක් සේ සලකාගෙන බව පෙනේ. 

අප විසින් එළාගන්නා දැලක අපම පැටලී ඇති අමතර කතාන්තරයකුත් මේ අස්සේ තිබේ. ගලගොඩඅත්තේ ඥානසාර සහ ඩෑන් ප්‍රියසාද් වැනි නම්වාසගම් විවේචනය කරන මෙරටේ ප්‍රගතිශීලි පිරිස් සෑහෙන්න සිටිති. මෙරටේ ආගමික සහ ජාතික සහජීවනයට එවැනි පුද්ගලයන්ගේ හැසිරීම නිසා අනතුරක් වන්නේය යන උපකල්පනය ඒ විවේචන තුළ තිබේ. එහෙත් අනිත් අතට, යමෙකු කරන ප්‍රකාශයක් බුදුන්ට හෝ බුද්ධාගමට අපහාසයක් යැයි හාහෝවක් ඇති වූ ගමන්, අර ප්‍රතික්ෂේප කළ පුද්ගලයන්වම පොලිස්කාරයන් වශයෙන් සලකා, යම් හික්මවීමක් අපේ පැත්තෙන් තිබිය යුතු යැයි පෙන්වා දෙන්නේද, ඉහතින් කී ප්‍රගතිශීලි පිරිස්ම ය. එහිදී, අර කියන වැරදි/ආන්දෝලනාත්මක ප්‍රකාශය කළ පුද්ගලයා සම්බන්ධයෙන් මේ ප්‍රගතිශීලි පිරිස් නඟන තර්කය මෙවැන්නකි: “එයා (උදාහරණයක් වශයෙන්, නතාෂා) කියන දේ ඇත්ත තමයි. මමත් ඒකට එකඟයි. ඒ වුණාට, අපි ඥානසාරලා සහ ඩෑන් ප්‍රියසාද්ලාට අමුද්‍රව්‍ය සැපයිය යුතු නැහැ.”

මේ කියන්නේ කුමක්ද? අප විසින්ම මීට ඉහතදී අපුලෙන් බැහැර කළ පුද්ගලයන් පිරිසක් අවසානයේ අපේ නිදහසේ සීමාව කුමක්දැයි අපට කියාදෙන ගුරුතරු බවට අප විසින්ම පත්කරගනු ලැබ ඇති බවයි. එනම්, අප බුද්ධාගමට ‘අපහාස’ (විවේචන සහ ප්‍රශ්න කිරීම්) නොකළ යුත්තේ, අරගොල්ලන් ඇහැගහගෙන ඉන්න නිසා ය! ඒගොල්ලන් මිනිස්සුන්ව උසිගන්වන නිසා ය! 

නීති පද්ධති කියා දෙයක් නොතිබුණු කාලයේ ඥානසාරලා සහ ඩෑන් ප්‍රියසාද්ලා වැනි ඈත අතීතයක සිටි අයට මෙවැනි සමාජ භූමිකාවන් ස්වභාවයෙන්ම පැවරී තිබුණි. කුරුස යුද්ධ සංවිධානය කළ සහ ඒවාට ධනය සැපයූ ප්‍රාදේශීය බලපුළුවන්කාරයන්ගේ (රාජ්‍ය බලයට අමතරව) ඉතිහාසය කියැවූ විට මේ බව අපට අවබෝධ කරගත හැකිය. එසේම, 13 වැනි සියවසේ සිට 16 වැනි සියවස දක්වා යුරෝපයේ සහ ඇමරිකාවේ, පල්ලිය මැදිහත් වී පවත්වාගෙන ගිය ‘දණ්ඩාධිකරණ’ වෙත අන්‍ය මතධාරීන් කුදලාගෙන ඒමට සිටි ඔත්තුකාර පිරිස් ගැන ඉතිහාසයකුත් ලෝකයේ තිබේ. ඒ ‘ධර්මාධිකරණ’ මගින් ගිනිමැලයේ දමා මරණීය දණ්ඩනයට පත්කිරීම සඳහා, එක දුර්වල බොරු සාක්ෂියක් පමණක් ප්‍රමාණවත් විය. දියුණු නීති පද්ධති නොතිබුණු ඒ ඉතිහාසය අවසන්ව දැන් බොහෝ කල් ය. දැන් අපට නූතන පොලීසි, නූතන නීතිපති දෙපාර්තමේන්තු සහ නූතන අධිකරණ තිබේ. එහෙත්, අර අභ්‍යාසය වෙනත් ආකාරයන්ගෙන් තවමත් සිද්ධ වෙයි. 

නිදොස් කොට නිදහස් -  ඒත් ඒ, දඬුවම් විඳීමෙන් පසුවයි

මීට කලකට ඉහතදී, ශක්තික සත්කුමාර ලේඛකයා ලියූ කෙටිකතාවකින් බුදුදහමට නිගා වෙතැයි කියමින් එක් භික්ෂුවක් පොලීසියට කළ පැමිණිල්ලක් මත, ඒ කෙටිකතාකරුවා අත්අඩංගුවට ගෙන මාස හතරකටත් වැඩි කාලයක් හිරභාරයේ තබාගත්තේය. අවසානයේ ඔහු උසාවියෙන් නිදොස් වී, නිදහස් විය. එනම්, ඔහු නිර්දෝෂි වුණේ, අර භික්ෂුව බලාපොරොත්තු වූ දඬුවම් ඔහුට පැමිණවීමෙන් පසුව ය. දොස්තර ෂාෆි ගැන කතාව අමුතුවෙන් කිව යුතු නැත. අද ඔහු නැවත සිය වෘත්තියට යන්නේ, මොන තරම් දඬුවමක් විඳීමෙන් පසුවද? අතුරලියේ රතන සහ විමල් වීරවංශ ඇතුළු පිරිසට කිසි දඬුවමක් නැත. මීට සති කිහිපයකට කලින්, අනාගතවක්තෘවරයෙකැයි තමන්ම කියාගන්නා ජෙරොම් ප්‍රනාන්දු නමැති ක්‍රිස්තියානි පූජකවරයා පිළිබඳ මහත් ආන්දෝලනයක් ඇති විය. එය පුස්සක් බව පසුව ඔප්පු වනු ඇත. දැන් එම චෝදනාව යටතේම, නතාෂා එදිරිසූරිය නමැති කලා කටයුත්තක නිරත තවත් තරුණියක් අත්අඩංගුවට ගෙන තිබේ. 

දැන් මතු වන ප්‍රශ්නය මෙයයි: මේ කියන සිද්ධි සම්බන්ධයෙන් පොලීසිය කටයුතු කරන්නේ හුදෙක් කිසිවෙකු කරන පැමිණිල්ලක් මත රඳා සිටිමින්ද, එසේ නැතහොත් ඒ කියන පැමිණිල්ලේ අඩංගු යැයි කියැවෙන වරද, එම තැනැත්තාව වරදකරු කිරීමට තරම් සාධාරණ පදනමක පිහිටා අධිකරණයක් ඉදිරියේ නඩු කටයුත්තක් ගෙන යාමට තරම් ප්‍රමාණවත් යැයි සෑහීමකට පත්වීමෙන් පසුවද යන්නයි. අද ක්‍රියාත්මක වන්නේ, මේ දෙවැනුව කී පදනම නොව, පළමුව කී ලෙහෙසි පදනම යටතේ බව පෙනේ. එනම්, යම් භික්ෂුවක් හෝ ගිහියෙකු පොලීසියට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් අහවලා බුද්ධාගමට අපහාසයක් කර ඇතැයි පැමිණිල්ලක් කළොත්, පොලීසිය වහා ක්‍රියාත්මක වී අර කියන චූදිතයාව අත්අඩංගුවට ගන්නේය. පොලීසිය කරන මේ වැරැද්ද, අඩු වශයෙන් මහේස්ත්‍රාත්වරයා විසින්වත් නිවැරදි කළ යුතු බවට අපේ ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝග තිබේ. එහෙත් ඒවා පිළිපැදෙන බවක් දකින්ට නැත. අප ඉහතින් කී, 14-16 වැනි සියවස්වල යුරෝපයේ සහ ඇමරිකාවේ ක්‍රිස්තියානි පල්ලිය ගෙන ගිය ‘ඉන්ක්විශිෂන්’ යනුවෙන් හැඳින්වෙන ආගමික දඩයම් ක්‍රමය ක්‍රියාත්මක වුණේද එලෙසින්මයි. එදා පල්ලියේ අධිකරණය, හුදෙක් ඔත්තුකරුවාගේ පැමිණිල්ලම සිය තීන්දුව සඳහා යොදාගත්තේය. අද අධිකරණය ඊට වඩා දහස් ගුණයකින් දියුණු බව ඇත්ත. එහෙත්, එම අධිකරණයෙන් නිදහස් වන විට, අදාළ අහිංසක පුද්ගලයා දඬුවම් විඳ අවසන් ය.   

හඳහන හොඳ නම් අතුරා ආන්තරා නැත

එහෙත් මේ තත්වය පවා ක්‍රියාත්මක වන්නේ තවත් එක කොන්දේසියකට යටත්ව ය. එනම්, පොලීසිය එසේ හුදු පැමිණිල්ලක් මත පමණක් පිහිටා කෙනෙකු අත්අඩංගුවට ගැනීමට පෙළඹෙන්නේ, අන්‍යාගමිකයෙකු විසින් බුද්ධාගමට නිග්‍රහයක් කර ඇතැයි කියන අවස්ථාවලදී පමණි. උදාහරණයක් වශයෙන්, අල්ලා දෙවියන් වහන්සේට අහවලා නිග්‍රහ කෙළේ යැයි කියා හෝ ක්‍රිස්තුස් වහන්සේට අහවලා නිග්‍රහ කෙළේ යැයි කියා හෝ කෙනෙකු පැමිණිල්ලක් කළොත්, මෙතරම් කඩිනමින් අත්අඩංගුවට ගැනීමක් ගැන පොලීසිය යුහුසුළු වන්නේ නැත. එහිදී, සියල්ල අකුරට සොයා බලනු ලැබේ. ඇත්තෙන්ම ඒ කියන කතාවෙන් අල්ලා දෙවියන්ට/ක්‍රිස්තුස් වහන්සේට සැබවින්ම නිගාවක් විණිද, ඒ නිගාවෙන් සමාජ සමගිය නැති වීමට ඉඩක් තිබුණේද ආදී අවශේෂ කරුණු, අර පුද්ගලයාව අධිකරණයට ගෙන යාමට කලින්, පොලීසිය විසින්ම දීර්ඝ වශයෙන් විමර්ශනය කර බලනු ලැබේ. ඒ අනුව, අර කියන අන්‍යාගමික පැමිණිල්ල උඩ, චූදිතයාව අත්අඩංගුවට ගැනීම සිදුවන්නේ නැත. සිදුවුණත්, බොහෝ කල් ගතවීමෙන් පසුව ය.

අප දැන් වටහාගත යුතුව ඇති පාඩම මෙයයි: පොලීසිය අපක්ෂපාතීව සහ කාර්යක්ෂමව කටයුතු කරන්නේ නම්, (ජෙරෝම් හෝ නතාෂා වැනි) කෙනෙකු බුද්ධාගමට අපහාසයක් කළත්, ඥානසාර හෝ ඩෑන් ප්‍රියසාද් වැන්නන්ගේ මැදිහත්වීමකට ඉඩක් නොතබා, ආයතනික මට්ටමින් යුක්තිය ඉෂ්ට කළ හැකිය. එහෙත් අද ඒ පොලීසිය නමැති ආයතනය අපක්ෂපාතී නැත. බලවතෙකු අත්අඩංගුවට ගැනීමට ඇති විට පොලීසිය හඳහන් බලයි. හඳහන බලවත් නම් අත්අඩංගුවට ගැනෙන්නේ නැත. උදාහරණයක් වශයෙන්, ‘සිදුහත් කුමාරයා ආතල් පොරක්’ යැයි ප්‍රසිද්ධියේ කී දිලිත් ජයවීරට එරෙහිව අද වන තෙක් කිසි නීතිමය පියවරක් ගෙන නැත. (ඔහුගේ එම ප්‍රකාශය, නීතිමය පියවරක් ගැනීමට හේතුවක් කරගත යුතු යැයි මේ ලියුම්කරු කොහෙත්ම සිතන්නේ නැත). එහෙත්, අර ක්‍රිස්තියානි පූජකවරයා හෝ නතාෂා එදිරිසූරිය සම්බන්ධයෙන් පොලීසිය අනුගමනය කරන ප්‍රතිපත්තිය ඔහු සම්බන්ධයෙන් අනුගමනය නොවීම මගින් කියාපාන්නේ, එකිනෙකාගේ හඳහන්වල හයිය හෝ ග්‍රහයන් නීච වීම මත පමණක්ම පදනම්ව නීතිය ක්‍රියාත්මක වීම හෝ නොවීම සිද්ධ වෙන බවයි. ඊයේ (29) රාජාංගනේ චීවරධාරියෙකු අත්අඩංගුවට ගැනුණි. මොහුව අත්අඩංගුවට ගත යුතුව තිබුණේ මීට බොහෝ කලකට ඉහතදී ය. ඔහු පාවිච්චි කරන පරුෂ වචන සහ ඔහුගේ මදාවි හැසිරීම, පැවිද්දෙකුට තබා පිරිහුණු ගිහියෙකුටවත් නොහොබී. එහෙත්, මීට කලින් නැතිව, හරියටම මේ මොහොතේම ඔහුව අත්අඩංගුවට ගැනුණේ ඇයි? නාතාෂාව හිරභාරයට ගෙන ඇති නිශ්චිත මොහොතක, “නීතිය කාටත් සමානව ක්‍රියාත්මක වන්නේය” යන කුණුහරුපය අපේ ඔළුවලට නැවත වරක් එබ්බවීමට ය.

එතකොට ඥානසාර ?

මේ ලිපියේ ඉතිරි කොටස වැය කෙරෙන්නේ, ගලගොඩඅත්තේ ඥානසාර කරන ලද ප්‍රකාශයක්, මේ කියන ආගමික අපහාසයට සහ සමාජ සාමයට හානියක් වන්නේද නැද්ද යන්න තීරණය කිරීම පාඨකයන්ට භාර කිරීමට ය. එසේම, එය ආගමික අපහාසයක් නම් සහ සමාජ සාමයට හානියක් විය හැකි යැයි පොලීසිය විශ්වාස කරන්නේද යන්න දැනගැනීමටයි. ඔහුගේ ප්‍රකාශය මෙසේ ය:

“අනුක්‍රමයෙන්, වෙහෙර ගොඩයාය, දැන් මුස්ලිම් ගොඩැල්ල... නේද? (ඔහු වටා සිටින අනුගාමික පිරිස ඔහුව නිවැරදි කරයි). ඔව්, පල්ලිය ගොඩැල්ල වෙලා. එතකොට කොහොමද මේක වෙන්නේ? කවුද එහෙම පල්ලියගොඩැල්ල කියලා නම තියන්න මේගොල්ලන්ට අවසර දුන්නෙ? දැන් ඕකම තමයි මාණික්කමඩුව.. මාණික්කමඩුව කියන්නේ, දීඝවාපියේ පරිවාර චෛත්‍යය. දැන් මාණික්කමඩු චෛත්‍යයට කියනවා, ඒක මායාමඩුවලු. අල්ලා දෙයියන්ගේ ලබ්බක් තියෙනවලු එතන. අල්ලෙක් කියලා එකෙක් ඇත්තෙත් නැහැ. හැබැයි උගේ ලබ්බක් තියෙනවාලු එතන. (අනුගාමික පිරිස සිනාසෙති)... ඉතිං කාටද අපි මේක කියන්නේ? ඉතිං ඒක නිසා මේ මිත්‍යාවට අපි වැට බැදිය යුතුයි. ඒ වෙනුවෙන් අපි අරගල කළ යුතුයි. පාලකයන්ට මේවා වැඩක් නැහැ. උංට පුළුවන් නම් සීගිරි ගලත් ටෙන්ඩර් දාලා, ගල් කඩලා විකුණයි. උංට පුළුවන් නම් දඹුලු ගලත් කඩලා විකුණයි. උංට තියෙන්නෙ එදා වේල මිසක මේ රට ජාතිය ගැන හැඟීමක් නැහැ. එහෙම නායකයො පාලකයො හිටියා නම් අපිට මෙහෙම වෙන්නෙ නැහැනේ. මේ හාමුදුරුවන්ට මෙහෙම පාරට බහින්න වෙන්නෙ නැහැනේ. ඒක නිසා පාලකයන් ගැන, මේ රටේ නීතිය ගැන අපිට දෙවතාවක් හිතන්න වෙනවා. පුරාවිද්‍යා නීති, අර නීති, මේ නීති ඔක්කොම සිංහලයන්ට විතරයි. ඒක නිසා අපිත් ඒ නීති අතට අරගෙන දැන් ඔබවහන්සේලාත්, මේ කොල්ලොත් ඇවිල්ලා මේවා අල්ලගන්න. “මේක අපේ. මේක අපේ. මේක අපේ කියලා අල්ලගන්න”. එතකොට එයිනේ නීතිය ක්‍රියාත්මක කරන්න. ඒ නිසා අපිත් මේක අල්ලගමු. ඒකයි මං කිව්වේ නිලනොවන පොලිස්කාරයෝ වගේ උඹලත් පටන්ගනිල්ලා. කෙළවරකින් පටන්ගනිල්ලා. මොනවා හරි ප්‍රශ්නයක් එනවා නම් අපි එන්නං. පටන් අරං කොනක ඉඳං නෙලනවා කවුරු හරි එනවා නං, එච්චරයි. වෙන මේකේ විකල්පයක් නැහැ...” 

අර, තමන් අරහත් යැයි කියාගන්නා සමන්තභද්‍ර භික්ෂුව, දළදාව යනු ඌරු දළක් යැයි කියා දැන් සෑහෙන කලකි. ශක්තික සත්කුමාරට බලපැවැත්වූ අයි.සී.සී.පී.ආර්. නීතිය, සමන්තභද්‍ර භික්ෂුවට හෝ දිලිත් ජයවීරට එරෙහිව පාවිච්චි නොවීම ගැන, ඔවුන්ගේ ග්‍රහයන්ගේ ශක්තිය පැත්තකින් තියා කතා කළොත්, අපේ මතය මෙසේ ය: එවැනි ප්‍රශ්න කිරීම්, මොන විදිහකින්වත් ආගමික අපහාසයක් වන්නේ නැත. එවැනි අදහස් දැරීමේ සහ ප්‍රකාශ කිරීමේ නිදහස මේ රටේ තිබිය යුතුය. එසේ විය යුත්තේ, මෙය ප්‍රජාතන්ත්‍රවාදී රටක් වන නිසා පමණක්ම නොවේ. මෙය, බෞද්ධ රටක්ද වන බැවිනි. බුදුන් වහන්සේ යනු, ලෝකයේ විසූ ශ්‍රේෂ්ඨතම ප්‍රජාතන්ත්‍රවාදියෙකු වන නිසාවෙනි. මාර්ටින් වික්‍රමසිංහ ‘බව තරණය’ ලියූ අවස්ථාවේ ඔහුව අත්අඩංගුවට ගත යුතු බවට පත්තර සිරස්තල පොල්ගෙඩි අකුරෙන් සැරසූ කාලය මීට බොහෝ කලකට කලින් අවසන් විය යුතුව තිබුණි. එහෙත් අවාසනාවකට, දඩයම වඩාත් තීව්‍ර වී, බෞද්ධ තලේබාන් රටක් බවට ලංකාව පත්වෙමින් තිබේ. ගලගොඩඅත්තේ ඥානසාරගේ ඉහත කී ප්‍රකාශය, එතරම් කළු-සුදු වශයෙන් ගත හැකි ආගමික අපහාසයක් වශයෙන් තිබියදීත්, ඒ සම්බන්ධයෙන් මේ දක්වා අයි.සී.සී.පී.ආර්. හෝ වෙනත් කිසි නීතියක් ක්‍රියාත්මක නොවී තිබීමෙන් පෙන්නුම් කරන්නේ එයයි. මෙහිදී, බෞද්ධයන්ගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් තිබේ: ගලගොඩඅත්තේ ඥානසාර ඉහත අවස්ථාවේදී අල්ලා දෙවියන් ගැන කියන ඒ වාක්‍ය තුන තුළට, අල්ලා වෙනුවට බුදුන් යැයි යොදා ඉස්ලාම් ආගමිකයෙකු ප්‍රකාශයක් කළොත් ඔබ කටයුතු කරන්නේ කෙසේද? 

මතක තියාගන්න: නතාෂා අත්අඩංගුවට ගැනීම, නග්න දඩයමකි. ඒ දඩයමේ යෙදෙන පොලීසිය සහ (සෘජුව හෝ වක්‍රව, මුළුමණින් හෝ අර්ධ වශයෙන්) ඊට උසිගන්වන හෝ එය යුක්තිසහගත කරන සමාජ කොටස් හොඳින් දන්නා එක දෙයක් තිබේ. එනම්, වර්තමාන ලංකාවේ සෑම පක්ෂයක්ම- ජනතා විමුක්ති පෙරමුණේ සිට පොහොට්ටුව/සජබ/එක්සත් ජාතික පක්ෂය/හෙළ උරුමය/ශ්‍රි.ල.නි.ප/හෙලිකොප්ටරය දක්වා, අනුර කුමාර දිසානායකගේ සිට මහින්ද රාජපක්ෂ/සජිත් ප්‍රේමදාස/රනිල් වික්‍රමසිංහ/චම්පික රණවක/මෛත්‍රිපාල සිරිසේන දක්වා සමස්ත ඡන්දකාමී පැළැන්තියම සිටින්නේ තමන් සමග බව ය. ඒ සහයෝගය ලබාගැනීම සඳහා ඔවුන්ට කිරීමට තිබෙන්නේ ඉතා සුළු දෙයකි: “බුද්ධාගමට අපහාස කළා” යන බෝඩ් ලෑල්ල එල්ලා ගැනීම පමණි. අර කියන ඡන්දකාමී කිසි නායකයෙකු හෝ පක්ෂයක් එවිට ඔවුන්ට විරුද්ධව කටක් අරින්නේ නැත. ඉදිරියේදී මැතිවරණත් ඒමට නියමිත නම් සහ ඒ මැතිවරණවලින් යම් ජයක් ලබාගැනීම ගැන විශ්වාසයකුත් ඇත්නම්, අර කටවල්වලින් මේ විෂය අරභයා, රාජ්‍ය හෝ පොලිස් ‘මර්දනය’ යන වචනය නම් කොහෙත්ම පිට නොවනු ඇත.           


පුළුවන් දේ කරමු, බැරි දේ පැත්තකින් තියමු



- ගාමිණී වියන්ගොඩ - 

බැරි දේවල්වලට කෙනෙකු කරගහන්නේ, බොහෝවිට, පුළුවන් දේවල්වලින් කරඇරීමටයි. බොහෝ දෙනා මෙය කරන්නේ දැනුවත්ව ය. තවත් සමහරු නොදන්නා කමට කරති. fදාඩම් ගෙඩි පහක් එක විට අතින් අල්ලා ගැනීමට ගිය විට එක දොඩම් ගෙඩියක්වත් අතේ නොරැඳෙයි.

ජනාධිපතිවරයා බලයට පත්ව තවම අවුරුද්දක්වත් නැත. ඔහුට එම තනතුරේ තව සිටිය හැකි කාලය අවුරුද්දකට ටිකක් වැඩි විය හැකියි. අපේ ජාතික ප්‍රශ්නය අඩු වශයෙන් අවුරුදු 75 ක්වත් පැරණියි. ජාතික ප්‍රශ්නයක් යනු, නීතියක් සංශෝධනය කිරීමෙන් කළ හැකි දෙයක් නොවේ. ඒ සඳහා, දූරදර්ශී නායකත්වයක් සේම, විචාරශීලි ජනතාවක් සහ සමාජයක්ද අවශ්‍ය කෙරේ. ඒවා අපට නැති නිසා, දශක හතකටත් වැඩි කාලයක් තිස්සේ එය ඔඩුදුවමින් පවතී. මේ ප්‍රශ්නය අදවත් විසඳාගැනීමට බැලිය යුත්තේත් ඒ නිසාම නොවේදැයි කෙනෙකු ඇසිය හැකිය. ඇත්ත, ඒ ගැන විවාදයක් නැත. එහෙත්, ප්‍රශ්නයක් සඳහා විසඳුමක් සොයායාමේ මාර්ගය ප්‍රායෝගික විය යුතුය. විශ්වසනීය විය යුතුය.  

රනිල් වික්‍රමසිංහ රාජ්‍ය නායකත්වයට පත්වීම සන්සන්දනය කිරීම සඳහා පූර්වාදර්ශයක් සොයාගැනීමට නැත. ඔහුගේ පත්වීම අතරමැදි එකකි. එවැනි අහම්බ පත්වීමක වාසි මෙන්ම අවාසිද තිබේ. පවතින සුවිශේෂී තත්වයන් සැලකිල්ලට ගත් විට, දෛනික කළමණාකාරීත්වයක භූමිකාවකට එහා කිසිවක් කිරීමට පුළුවක්කමක් ඔහුට ඇතැයි නොපෙනේ. අප මුල පටන්ම පෙන්වා දෙන, ඔහුට නැති ‘සුජාත භාවය’ පිළිබඳ ප්‍රශ්නයට අමතරව, සැබෑ වෙනසක් වෙනුවෙන් පෙනී සිටින කඳවුරක සහයෝගය ඔහුට නොමැති වීම, ඔහුගේ සමස්ත පාලනයේ දුර්වලත්වයට ප්‍රධාන හේතුවකි. ඔහු රඳා සිටින්නේ රාජපක්ෂ කඳවුර මත ය. එය, මහජන අරගලයක් මගින් පන්නා දැමූ කඳවුරකි. හෙවත්, ඔහුටත් වඩා ‘සුජාත භාවය’ අහිමි කරගෙන සිටින කඳවුරකි. ඔහුට ජාතික ප්‍රශ්නය විසඳීම වැනි මහා ආඛ්‍යානයක් ගැන සිතන්ට සිදුවන්නේ ඔවුන් සමග ය.

පසුගිය පෙබරවාරි 4 වැනිදා වන විට අපේ ජාතික ප්‍රශ්නය ඉවරයක් කරමියි කීමට තරම් ඔහු සාහසික වීම, ඔහුගේ සත්භාවය මුලින්ම ප්‍රශ්න කෙරුණු මොහොතයි. එවැනි දින වකවානු සහිතව වැඩේට අතගැසීමම ප්‍රශ්නකාරී ය. යලට මහට දුවන දුම්රිය සේවයක තිබෙන කාලසටහනක් පවා යථාර්ථවාදී විය යුතුය. කෙසේ වෙතත්, දෙමළ පාර්ශ්ව සමග ඔහු තවමත් කතා කරයි. එය නරක නැත. එහෙත් රඟපෑමක් විශිෂ්ට වන්නේ, නිරූපණය විශ්වසනීය වූ විට ය. එවැන්නක්, ජනාධිපතිවරයාගෙන්වත්, ඔහු සමග දැනට සාකච්ඡා කරන දෙමළ පාර්ශ්වයන්ගෙන්වත් පෙනෙන්ට නැත.

කළ හැකි දෙයක් මෙන්න

එහෙත් ඉදිරි අවුරුද්දක කාලය තුළ, අවශ්‍යතාව ඇතොත්, ඔහුට කළ හැකි එක දෙයක් තිබේ. එය, තනි ව්‍යවස්ථා සංශෝධනයක් මගින් පමණක් කළ හැක්කකි. එනම්, ඔහු අද වාඩි වී සිටින පුටුවේ තව කෙනෙකුට වාඩි වීමට ඉඩ නොතැබීමයි. ඔහුගේ කෙටි ධුර කාලය තුළ එය ප්‍රායෝගිකව කළ හැකිවා පමණක් නොව, ඒ මගින් ඔහුට සාධනීය සහ ප්‍රශංසාත්මක අරුතකින් මේ රටේ දේශපාලනය තුළ ඉතිහාසගත වීමටද හැකි වන්නේය.

වර්තමාන ලංකාවේ ප්‍රධාන ප්‍රවාහයේ සියලු පක්ෂ, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන්, යම් යම් අවස්ථාවල පෙනී සිට තිබේ. විධායක ජනාධිපති ක්‍රමය තවදුරටත් තබාගත යුතු යැයි කලක් කියමින් සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවා තමන්ගේ එම අදහස වෙනස් කරගනිමින්, සමගි ජනබලවේගයේ ප්‍රතිපත්තියක් වශයෙන් මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, මීට ටික කාලයකට කලින් පිළිගත්තේය. මේ දක්වා ඔහුගේ පක්ෂය ඒ මතය වෙනස් කොට ඇති බවට වාර්තා වී නැත.

ජනතා විමුක්ති පෙරමුණ මේ විධායක ජනාධිපති ක්‍රමය බරපතල ලෙස විවේචනය කෙළේය. එය අහෝසි කිරීම සඳහා වරක් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් වශයෙන් පාර්ලිමේන්තුවට එය ඉදිරිපත් කිරීමේ සූදානමක් පවා ඔවුන් තුළ තිබුණි. ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් ගන්නා යම් නිශ්චිත ක්‍රියාමාර්ගයක් වෙතොත් ඊට ඔවුන්ගේ පූර්ණ අනුග්‍රහය ලැබෙතැයි සිතිය හැකිය. 

මේ රටේ සුළු ජාතික පක්ෂ කාලයක් සිතා සිටි දෙයක් වුණේ, තමන්ගේ සහයෝගයකින් තොරව ජනාධිපතිවරයෙකු පත්කර ගැනීමේ හැකියාවක් නැති නිසා, එම ජනාධිපතිවරයා ලවා තමන්ගේ ජනතාවට යම් ආකාරයක සහනයන් ලබාගත හැකි වන බවයි. එහෙත්, ගෝඨාභය රාජපක්ෂ ඔවුන්ගේ සහයෝගයකින් තොරව ජනාධිපති තනතුරට පත් විය. එසේ හෙයින්ම, මහජාතියට මිසක් සුළු ජාතියකට තමන් බැඳී නැතැයි යන මතයේ සිට කටයුතු කිරීමටත් ගෝඨාභය රාජපක්ෂට හැකි විය. දැන්, උතුරේ දෙමළ පක්ෂ, එතෙක් මේ විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳ තමන් තබාගෙන සිටි විශ්වාසය නැති කරගෙන සිටින බැවින් එම ක්‍රමය අහෝසි කිරීමට දේශපාලනිකව එකඟ ය.

‘තනි අලියා’ සහ ජනාධිපති සිහින

මේ ක්‍රමය තවදුරටත් පවත්වාගත යුතුව ඇතැයි සිතන පිරිසක්ද සිටිති. ඔවුන් මා හඳුන්වන්නේ ‘තනි අලි’ ලෙස ය. ඔවුන් සිතන්නේ, තමා රටේ රජ වුණොත් සියලු ප්‍රශ්න තමාට විසඳිය හැකි බව ය. මේ පිරිස, සාමූහික නායකත්වයකට ප්‍රිය නොකරති. රජ ක්‍රමයට සමාන, තමාගේ නායකත්වය සමග තමාගේ පුද්ගල සාධකය අධිනිශ්චය කෙරෙන, පාලන ක්‍රමයකට වඩාත් ප්‍රිය කරති. 

මෙහි එක් කෙළවරක උදාහරණයක් වශයෙන්, චම්පික රණවක ගත හැකිය. මීට කලින් විවිධ ආකාරයෙන් ඔහු තමාගේම ජාතික නායකත්වයක් ගොඩනඟා ගැනීමට උත්සාහ කොට තිබේ. තමාගේ පරම්පරාව, නිදහසෙන් පසු ලංකාවේ නායකත්වයෙන් පිටමං කොට තිබිණැයි විශ්වාස කරන ඔහු, ඒ වැසුණු fදාර ඇරගන්නා තෙක්, එනම් පිටමං කොට ඇතැයි කියන ඒ පරම්පරාවේ අතට දේශපාලනික නායකත්වය ගන්නා තෙක්, මේ රටට සුගතියක් නැතැයි සිතයි. ඒ නිගමනයට ඔහු ආවේ කෙසේදැයි පැහැදිලි නැතත්, අඩු වශයෙන් දැන් දශක පහක් තිස්සේවත් ලංකාව පාලනය කර ඇත්තේ, පිටමං කොට ඇතැයි ඔහු කියන පරම්පරාවම විසින්ම තමයි. එය, අද පාර්ලිමේන්තුවේ සංයුතිය දෙස බැලුවත්, රාජ්‍ය පරිපාලනයේ සංයුතිය දෙස බැලුවත්, ආරක්ෂක අංශවල සංයුතිය දෙස බැලුවත් මනාව පැහැදිලි වෙයි. ටයි-කෝට් පරම්පරාව අපේ සමස්ත පාලනයෙන් පිටමං කොට දැන් බොහෝ කල් ය. ඒ සමාජ තට්ටුවෙන් ඉතිරිව සිටින්නේ, රනිල් වික්‍රමසිංහ වැනි ව්‍යතිරේකයක් පමණි. 

මීට කලකට ඉහතදී “43 සේනාංකය” නමින් ව්‍යාපාරයක් ඔහු දියත් කෙළේය. එවැනි හමුදාමය යෙදුමක්, ලංකාවේ දේශපාලනික ව්‍යාපාරයක් සඳහා යොදාගත් පළමු අවස්ථාව එය විය හැකිය. පුද්ගලයා නමැති සාධකය, නායකත්වය තුළ විරාජමාන කෙරෙන පාලන ක්‍රමයක් සමග එවැනි සන්නාමයක් මනාව පෑහෙයි. ‘සේනාංක’ යුද්ධ භූමියට ගැළපුණත්, ප්‍රජාතන්ත්‍රවාදී භූමියට ඔරොත්තු දෙන්නේ නැත. ගිය සතියේ ඔහු තවත් අලුත් ව්‍යාපාරයක් පටන්ගත්තේය. පැහැදිලිව පෙනෙන්ට ඇත්තේ, රටේ නායකත්වය සඳහා, එනම් ජනාධිපති තනතුරට තමා පත්වන තෙක් මේ ප්‍රශ්නවලට විසඳුමක් නැති බවට ඔහු තුළ ඇති දැඩි විශ්වාසයකි. ප්‍රධාන ප්‍රවාහයේ සෑම දේශපාලන කුලකයක් සමගම මේ වන විට වැඩ කටයුතු කොට ඇති, කැබිනට් ඇමති ධුර පවා හොබවා ඇති ඔහු, රාජ්‍ය නායකත්වය තමන්ට නොලැබීම, මෙතෙක් මෙරටට සොයාගැනීමට නොහැකි වූ ආශ්චර්යමත් යතුර වශයෙන් සලකන බව පෙනේ. 

පුද්ගලයා රජ කරවිය හැකි මේ විධායක ජනාධිපති ක්‍රමය දිගටම තබාගත යුතු යැයි සිතන අනිත් පිරිස නොම්මර එකේ විකටයන් ය. තක්කඩින් ය. ජනාධිපතිවරණයක් කිට්ටු වන විට මෙරූන් මෙන් මොවුහූ එළියට එති. සමස්ත පරිහානිය ගැන කලකිරී සිටින ජනතාවගෙන් යම් පිරිසක් (විශේෂයෙන් විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාව) මොවුන් ගැන විශ්වාසය තබති. සල්ලිවලින් ආධාර උපකාර කරති. අවසානයේ ඒ සියල්ලට විද ඔවුහූ ඊළඟ ජනාධිපතිවරණය කිට්ටු වන තෙක් අතුරුදහන් වෙති. තවත් පිරිසක්, යම් ප්‍රසිද්ධියක් ලැබුණු සැණින්, තමන් රටේ ජනාධිපති වීමට සුදුස්සෙකු යැයි සිතති. එහි අලුත්ම චරිතය වන්නේ, මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක ය. ඊයේ (24) එම කොමිසමේ සභාපති ධුරයෙන් සහ සාමාජිකත්වයෙන් ඔහු නෙරපා දැමීමට පාර්ලිමේන්තුවට ගෙනා යෝජනාව ඡන්ද 123 ක් ලබාගනිමින් සම්මත විය. එම පරාජයෙන් පසු මාධ්‍ය සාකච්ඡාවක් තබමින් ස්ථිර වශයෙන්ම ඊළඟ ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වන බව ඔහු කියා සිටියේය. මොවුන්ට අනුකම්පා කරමින්, පරිස්සම් වී සිටීමටද අමතක නොකළ යුතුය.  

ඇයි දැන් බැරි ?

පුද්ගල සාධකයට ප්‍රමුඛත්වය දෙන මෙවැනි පිරිස් හැරුණුකොට, ප්‍රධාන ප්‍රවාහයේ අනෙකුත් සියලු දේශපාලන පක්ෂ, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මේ වන විට පක්ෂව සිටින නිසා, වර්තමාන ජනාධිපතිවරයාත් අප දන්නා කාලයක සිට එම ක්‍රමය අහෝසි කළ යුතු යැයි කියමින් සිටි නිසාත්, දැන් තමාට බලය ඇති මොහොතේ, ඉතා පහසුවෙන් ඔහුට එය කළ හැකිය. ‘අරගලය’ තුළ දිගින් දිගටම ඉල්ලා සිටි ‘ක්‍රමයේ වෙනසක්’ නමැති සටන්පාඨය තුළ මේ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ඉල්ලීමත් තිබුණි. රනිල් වික්‍රමසිංහ අද ජනාධිපති පදවියේ සිටින්නේ ඒ ‘අරගලයේ’ සෘජු ප්‍රතිඵලයක් වශයෙන් නිසා, යම් හෙයකින් මේ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ඔහු සමත් වෙතොත්, ‘අරගලයට’ ඔහුගේ පැත්තෙන් විශාල යුක්තියක් ඉෂ්ට විණැයි අනාගත පරම්පරාව කියනු ඇත. 

නැපෝලියන්ව බොහෝ ඉතිහාසඥයන් හඳුන්වන්නේ ‘විප්ලවයේ අවජාතක දරුවා’ වශයෙනි. නැපෝලියන් බොනපාට් යනු, ප්‍රංශ විප්ලවයේ පුරෝගාමීන් සහ එදා විප්ලවීය සමාජය සිහිනෙන්වත් නොසිතූ සහ නොපැතූ නායකත්වයකි. එහෙත්, නැපෝලියන්ගේ රාජ්‍ය කාලය තුළ ඔහු විසින් සිදු කරන ලද ප්‍රගතිශීලි ප්‍රතිසංස්කරණ, ප්‍රංශයට පමණක් නොව, මුළු ලෝකයටම කර ඇත්තේ ඓතිහාසික යුග මෙහෙවරකි. ලෝකයේ බොහෝ සිවිල් නීති පද්ධති තුළ අදටත් භාවිත වන විශාල පදාසයකට හිමිකම් කියන්නේ ඔහු ය. ඒ නිසා, පත්වීමක ඇති ‘අවජාතක’ භාවය, ක්‍රියාකාරීත්වයෙන් ‘සුජාත’ කරගැනීමට කෙනෙකුට බැරිකමක් නැත. 

‘අරගලය’ කෙරෙහි යම් ආරෝවක් රනිල් වික්‍රමසිංහට ඇති නිසා, ‘අරගලය’ වෙනුවෙන් සහ ‘අරගලය’ නාමයෙන් මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නැයි ඔහුගෙන් ඉල්ලා සිටීම යෝග්‍ය නොවිය හැකිය. එහෙත්, ඔහුත්, ඔහුගේ පක්ෂයත් දීර්ඝකාලීනව ප්‍රතිපත්තියක් වශයෙන් මේ අහෝසිය පිළිබඳ කාරණය රැගෙන විත් ඇති බව සලකා, මේ රටේ දීර්ඝ කාලයක් තිස්සේ පැවතීගෙන එන සමාජ-දේශපාලනික ප්‍රධානතම ඉල්ලීමක් වශයෙන් සලකා, නොකර හැරීමට වඩා කිරීමට ඇති ප්‍රායෝගික හැකියාවත් සලකා බලා, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම කෙරෙහි මේ මොහොතේ යොමු වීම, ‘ජාතික ප්‍රශ්නයට’ නොකෙරෙන විසඳුමක් සෙවීමට වඩා, හැම අතින්ම තත්කාලීන සමාජ අනුමැතිය සහ අනුකූලතාව ලැබීමට තරම් වන ව්‍යායාමයක් වෙනවාට කිසි සැකයක් නැත. චම්පික රණවක සහ කාංචන විජේසේකර වැනි දක්ෂ සහ බුද්ධිමත් සහ තවම මහලු වී නැති පරම්පරාවක දායකත්වයත්, (ඔවුන් සමග ඇති අපේ වෙනස්කම් එසේම තිබියදී), මේ රටේ වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් තුළ උපරිමයෙන් උකහාගැනීමට පවා එවැනි වෙනසක්, එනම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමෙන් පසු ගොඩනැඟෙන සමාජයක්, මහෝපකාරී විය හැකිය.


OMED Pharmaceuticals වෙතින් mesoestetic® වැඩමුළුවක්


OMED Pharmaceuticals (පුද්.) සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට චර්ම වෛද්‍යවරුන් සහ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරුන් වෙනුවෙන් mesoestetic® සම්මන්ත්‍රණයක් හා වැඩමුළුවක් පැවැත්වීමට පසුගියදා කටයුතු කළේ ය. 2023 මැයි 14 වන දින හිල්ටන් රෙසිඩන්සීස් හිදී පැවති මෙම වැඩමුළුවට වෛද්‍යවරු රැසක් සහභාගී වූහ. මෙහිදී චර්ම වෛද්‍ය සේවාවන්ට අදාළ Depigmentation, Peelings, Intradermal Solutions සහ Fillers වැනි ප්‍රතිකර්ම සම්බන්ධ නවතම ප්‍රවණතා පිළිබඳව ඔවුන් දැනුවත් කරන ලදි. 

මෙම සම්මන්ත්‍රණය හා වැඩමුළුව මෙහෙයෙවන ලද්දේ, ලොව සුප්‍රකට දේශකයෙකු, වෛද්‍යවරයෙකු සහ ග්‍රන්ථ කර්තෘවරයෙකු වන ගේබ්‍රියෙල් අයාලා වෙලාස්ක්වෙස් විසිනි. මෙහිදී ඔහු විසින් අදාළ ක්ෂේත්‍රවල නවතම ප්‍රවණතාවන් විස්තර කිරීමට අමතරව, ළඟදීම ශ්‍රී ලංකාවේ චර්ම වෛද්‍ය සේවා මධ්‍යස්ථානවල භාවිතයට ගැනීමට නියමිත නවතම වෛද්‍ය උපකරණයක් හඳුන්වා දීමද සිදුකරන ලදි. MCT injector නමින් හැඳින්වෙන මෙය, Mesotherapy සහ Carboxytherapy යන ප්‍රතිකර්මවල සංයෝගයකි. මෙමගින් මුහුණ හා ශරීරය සඳහා සිදුකරන ප්‍රතිකර්ම වර්ග කිහිපයක් වේදනාවෙන් තොරව සහ වඩාත් සුරක්ෂිත ලෙස සිදුකළ හැකි වේ. 

“mesoestetic® ප්‍රතිකර්ම ක්‍රමයේ සාර්ථකත්වය දැන් ලොව පුරා රූපලාවණ්‍ය වෛද්‍යවරුන් පිළිගෙන තිබෙනවා. මේ නිසා ශ්‍රී ලංකාවේ රූපලාවණ්‍ය වෛද්‍යවරුන්ද මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන බව අපට පෙනී ගියා. විශේෂයෙන්ම MCT Injector උපකරණය හඳුන්වා දීම සහ එමගින් වෛද්‍යවරුන්ට සහ පාරිභෝගිකයන්ට ලැබෙන පහසුව දෙස බලන විට, ඉදිරියේදී mesoestetic® ප්‍රතිකර්ම සඳහා ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් අතර විශාල ඉල්ලුමක් ඇතිවනු නො-අනුමානයි.” OMED Pharmaceuticals සභාපති ෂර්වින් මාරියෝ ලින්ඩ්සේ පැවසී ය. 

පර්යේෂණ සහ සංවර්ධන කටයුතුවලට මුල්තැනක් දෙන mesoestetic® මේ වනවිට ගෘහස්ථ, වෘත්තීය සහ රූප අලංකරණ වෛද්‍ය ප්‍රතිකර්ම ක්‍රම රාශියක් හඳුන්වා දී ඇති අතර, විද්‍යාත්මක අධ්‍යයන රැසක් මගින් එම ප්‍රතිකර්මවල සාර්ථකත්වය සනාථ වී තිබේ. මේ සඳහා mesoestetic® ලොව ක්ෂේත්‍ර රැසක විශේෂඥයන් හා ප්‍රවීණයන් සමග හවුල්කාරීත්වයන්ට එළඹී සිටී. 






Christell සමූහය Christell International Institute විවෘත කරයි

ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසය දිනූ රූපලාවණ්‍ය ප්‍රතිකර්ම මධ්‍යස්ථානය වන Christell Skin Clinic පසුගියදා ‘Christell International Institute’ නමින් විශේෂ පුහුණු මධ්‍යස්ථානයක් විවෘත කළේ ය. මීට සමගාමීව පෙරළිකාරී mesoestetic age element® ප්‍රතිකර්ම ක්‍රමය ප්‍රථම වරට ශ්‍රී ලංකාවට හඳුන්වා දීමද සිදු විය. 

වසර 30 කට අධික කාලයක් රමණි අර් ස කුලරත්න ජාත්‍යන්තර පුහුණු ආයතනය (Ramani Arsecularatne International Academy) මගින් ඉටුකරන ලද මෙහෙවරෙහි තවත් ඉදිරි පියවරක් වශයෙන් Christell International Institute විවෘත කරන ලදී. මෙහිදී ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට රූපලාවණ්‍ය සම්බන්ධ විවිධාකාර පාඨමාලාවන් හැදෑරීමට අවස්ථාව ලැබෙන අතර, ඒ ඔස්සේ එය මෙරට රූපලාවණ්‍ය  උන්නතියට මහඟු දායකත්වයක් දක්වනු ඇත. 

2023 මැයි 10 වන දින කොළඹ හිල්ටන් හෝටලයේදී පැවති විශේෂ උත්සවයකදී, ලොව නවතම anti-aging facial ක්‍රමවේදයන් සම්බන්ධයෙන් ස්පාඤ්ඤයේ mesoestetic හි පුහුණුකරුවන් යටතේ පුහුණුව ලැබීමට Christell International Institute හි පළමු කණ්ඩායමට අයත් ශිෂ්ය ශිෂ්යාවන්ට අවස්ථාව උදා විය. පේටන්ට් බලපත්ර හිමි ‘Epigenetic’ ගුණය සහිත age element® anti-aging විසඳුම සමෙහි වියපත් භාවය පෙන්වන ලක්ෂණ අවම කරන අතර, වයස් භේදයකින් තොරව ඕනෑම කෙනෙකුගේ රුව අලංකාර කරයි. නවීනතම රූපලාවණ්‍ය වෛද්‍ය තාක්ෂණයන්ගෙන් පන්නරය ලැබූ මෙම ප්‍රතිකර්මය ඉදිරියේදී ශ්‍රී ලංකාවේ A ශ්‍රේණියේ සියලුම රූපලාවණ්‍ය මධ්‍යස්ථාන වෙතින් ලබාගැනීමට හැකි වනු ඇත. 

ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පිරිසකගෙන් සමන්විත ආචාර්ය මණ්ඩලයක් විසින්, ලොව රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ සිදුවන වෙනස්කම් පිළිබඳව පුළුල් අවබෝධයකින් යුතුව, ලොව ප්‍රමුඛ පෙළේ ආයතනවල සහයෝගයද සහිතව Christell International Institute හි ශිෂ්‍ය ශිෂ්‍යාවන් පුහුණු කිරීම සිදුකරයි. 

Christell International Institute මෙරට අනෙකුත් රූපලාවණ්‍ය පුහුණු ආයතනවලින් වෙනස් වන තවත් ප්‍රධානතම සාධකයක් වන්නේ, එහි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ශ්‍රී ලංකාවේ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ සහ සෞඛ්‍ය සුවතා ක්ෂේත්‍රයේ පුරෝගාමීන් වෙතින් පුහුණුව ලැබීමට අවස්ථාව හිමි වීමට අමතරව, රූපලාවණ්‍ය ක්ෂේත්‍රය තුළ ඉදිරියට යාමට අවශ්‍ය ව්‍යවසායකත්ව හා ව්‍යාපාර දැනුමද හිමි වීම ය.  

“උසස් තත්ත්වයේ සහ වෛද්‍ය අනුමැතිය හිමි චර් ම ආරක්ෂණ නිෂ්පාදන නොමැති වීමට අමතරව, ජාත්‍යන්තරව  පිළිගත් චර්ම ආරක්ෂණ ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකි තත්ත්වයක්ද ශ්‍රී ලංකාව තුළ පවතින බව අපට පෙනී ගියා. පුළුල් තාක්ෂණික දැනුමක් සමග රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ දීර්ඝකාලීන පළපුරුද්දක් අප සතුව පවතින නිසා, මෙම ගැටලුවට පිළියමක් ලෙස තරුණ පරපුරට නිසි පුහුණුවක් ලබාදීමට අප තීරණය කළා.” Christell Skin Clinic නිර්මාතෘ රමණි අර්සකුලරත්න මහත්මිය පැවසුවා ය. 


දෙමළ ඊළාම් ආණ්ඩුව ඇමරිකාවේදී රැස්වේ

දෙමළ ඊළාම් දේශාතික්‍රාන්ත ආණ්ඩුවේ (TGTE) තුන්වැනි පාර්ලිමේන්තුවේ, නවවැනි පුද්ගල රැස්වීම එළඹෙන මැයි 19 සිට 21 වැනිදා දක්වා ඇමරිකාවේ නිව්යෝක් නගරයේදී පැවැත්වෙන බව TGTE නිවේදනය කරයි.

මෙහි ප්‍රධාන දේශනය බෝගන්විලේ ස්වයං පාලන කලාපයේ හිටපු ජනාධිපති ගරු. ජේම්ස් ටැනිස් විසින් සිදුකිරීමට නියමිතය. එමෙන්ම, ජාත්‍යන්තර සම්භාවනීය අමුත්තන් කිහිපදෙනෙකු ද මැයි 19 වන දින පැවැත්වෙන පාර්ලිමේන්තුවේ ආරම්භක සැසිවාරය ඇමතීමට නියමිතය. (සජීවිව නරඹන්න පිවිසෙන්න.)

ලොව පුරා සිටින TGTE පාර් ලිමේන්තු මන්ත්‍රීවරුන් හා TGTE සෙනෙට් සභා සාමාජිකයින්‍, එහි උපදේශක කමිටුව, ආචාරධර්ම කොමිසම හා මැතිවරණ කොමිසම මේ අවස්ථාවට සහභාගී වනු ඇත.

ඉන්දියානු සාගර කලාපය තුළ වර් ධනය වන චීන බලපෑම හා ස්වාධීන හා ස්වෛරී දෙමළ ඊළාම් රාජ්‍යයක් ගොඩනැගීමෙහිලා ගෝලීය දෙමළ ජනතාවගේ කාර්යභාරය ද මෙහිදී සාකච්ඡාවට ලක්වනු ඇත.

දෙමළ ඊළාම් ජනතාවට අතිශයින් වැදගත් වන කරුණු කිහිපයක් මෙහිදී විවාදයට ගැනීමට නියමිතය.

වර්තමාන සන්දර් භය තුළ දෙමළ ජාතික අරගලය හා ඉදිරි වසර කීපය තුළදී එහි ප්‍රමුඛතාව ලබාදෙන කරුණු පිළිබඳ සාකච්ඡා මෙහිදී සිදුකිරීමට අපේක්ෂිතය‍. ක්‍රියාකාරී කණ්ඩායම් විසින් පහත තේමාවන් සාකච්ඡාවට බඳුන් කෙරෙනු ඇත.

1. ඉන්දියානු සාගර කලාපය තුළ චීන බලපෑම වර්ධනය වීම.

2. ස්වාධීන හා ස්වෛරී දෙමළ ඊළාම් රාජ්‍යයක් ගොඩනැගීමෙහිලා ගෝලීය දෙමළ ජනතාවගේ භූමිකාව.

3. ‘ජනමත විචාරණය - ජනතා ව්‍යාපාරයට‘ එකඟතාව පළකිරීම.

4. ජාතිය ගොඩනැගීම.

ඒ අතරට ඇතුළත්ය.

මීට අමතරව මෙම රැස්වීමේදී යෝජනා ගණනාවක් සම්මත කරගැනීමට අපේක්ෂිත අතර අමාත්‍ය මණ්ඩලයේ වාර්තා මෙන්ම TGTE හි වසරේ අයවැය ද මෙම පාර්ලිමේන්තු රැස්වීමට ඉදිරිපත් කෙරෙනු ඇත.

* දෙමළ ඊළාම් දේශාතික්‍රාන්ත ආණ්ඩුව (TGTE) පිළිබඳ - Transnational Government of Tamil Eelam (TGTE)

දෙමළ ඊළාම් දේශාතික්‍රාන්ත ආණ්ඩුව (TGTE) යනු ලොවපුරා රටවල් කිහිපයක වෙසෙන මිලියනයකට අධික (ශ්‍රී ලංකා දිවයිනේ) දෙමළ ජාතිකයින් විසින්ප්‍ රජාතන්ත්‍රවාදීව තේරී පත්වූ රජයකි. ශ්‍රී ලංකා රජය විසින් 2009 දී දෙමළ ජනතාව සමූහ වශයෙන් ඝාතනය කිරීමෙන් පසුව TGTE පිහිටුවන ලදී.

TGTE විසින් තුන් වතාවක් ජාත්‍යන්තරව අධීක්ෂණය කරන ලද මැතිවරණය ලොවපුරා දෙමළ ජනතාව අතර පැවැත්වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 135 දෙනෙකු තෝරාපත් කරගැනීම මෙහිදී සිදුවෙයි. මෙම පාර්ලිමේන්තුවේ සභ‍ා දෙකක් ඇති අතර නියෝජිත මන්ත්‍රී මණ්ඩලය, සෙනෙට් සභාව හා කැබිනට්ම ණ්ඩලයෙන් එය සමන්විත වේ. TGTE ප්‍රජාතන්ත්‍රවාදී හා රාජ්‍ය තාන්ත්‍රික ක්‍රම මගින් දෙමළ ජනයාගේ දේශපාලන අභිලාෂයන් සාක්ෂාත් කරගැනීමේ ව්‍යාපාරයක් මෙහෙයවන අතර එහි ව්‍යවස්ථාව මගින් මෙහි දේශපාලන අරමුණු සාක්ෂාත් කර ගත යුත්තේ සාමකාමී මාර්ගවලින් පමණක් දැඩිව විශ්වාස කරයි. එය ජාතිකත්වය, නිජබිම හා ස්වයං නිර්ණය යන මූලධර්ම මත පදනම් වේ.

TGTE උත්සහ කරන්නේ ජාත්‍යන්තර ප්‍රජාවේ මැදිහත්වීමෙන් යුතුව යුද අපරාධ, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ දෙමළ ජනතාවට එරෙහි සමූලඝාතන සිදුකළ අපරාධකරුවන්ට නිසි දඬුවම් පැමිණවීමටයි. දෙමළ ජනතාවගේ දේශපාලන අනාගතය තීරණය කිරීමට ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව TGTE අවධාරණය කරයි.

TGTE හි අග්‍රාමාත්‍යවරයා වන්නේ නිව්යෝර්ක්හි නීතිඥවරයෙකු වන විශ්වනාදන් රුද්‍රකුමාරන් මහතාය.


ට්වීටර් 

ඊමේල් - pmo@tgte.org

වෙබ් අඩවිය - www.tgte-us.org / www.tgte.org 

ටිහාරා සහ මෙලනි, නිවසින් ගිය තරුණියන් දෙදෙනෙක් - දෛවයන් දෙකක්



බුද්ධික බණ්ඩාර


She’s Leaving Home – Beatles

දාහත් වියැති මෙලනි කෝඊ ගෙදරින් පැන යනව. දෙමාපියන්ට හිතාගන්නවත් බැහැ ඇයි ඇය ගෙදරින් පැන ගියේ කියල. ඇයට හැම දේම තියෙනව. ඒත් ඇය ගෙදරින් පැනල යනව. ඇයගේ අතුරුදහන් වීම එංගලන්ත පුවත්පත්වල මුල් පිටුවේ ප්‍රධාන පුවතක් වෙනව.

මෙලනි පසු කාලයක නිවසින් පැනයාම ගැන මෙහෙම කියනව. හැටේ දශකයේ ලන්ඩන් කියන්නේ අමුතුම තැනක්. අලුත් අලුත් විලාසිතා, රාත්‍රී සමාජ ශාලා, සංගීතය. ලිංගිකත්වය. මේ හැම දෙයක්ම. එළියේ සමාජය ජීවිතයෙන් පිරිල. ඒ කාලයේ ට්‍රෙන්ඩ් වෙන්න නම් හැම දෙයක්ම ප්‍රංශ වෙන්න ඕනේ. ඒත් මගේ අම්මට ඕනවුනේ මාව ඈන් කුමරිය වගේ වෙනව දකින්න.

මම මගේ පෙම්වතා එක්ක පැනල ගියා.  සල්ලි වලට ගන්නට පුළුවන් හැමදේම මට ලැබිල තිබුණා. දියමන්ති,  වටිනා ඇදුම්, වාහන. ඒත් මගේ අම්මයි තාත්තයි කිසිම දවසක මට ආදරෙයි කියල කියල තිබුණේ නැහැ.

හැටේ දශකයේ එංගලන්තයේ සම්ප්‍රදායික වැඩිහිටි පරම්පරාව සහ  තරුණ පරම්පරාව අතර ගැඹුරු පරතරයක් තිබුණා. ඔවුන්ට එකිනෙකා සමග සන්නිවේදනය කරන්න භාෂාවක් තිබුණේ නැහැ. එකිනෙකාගේ ආශාවන්, අවශ්‍යතාවයන් සහ වගකීම් හදුනාගන්න අවකාශයක් තිබුණේ නැහැ. හරියට අද දවසේ ලංකාවේ වගේ.

මෙලනි වගේම දාසය වියැති ටිහාරාත්  දෙමාපියන්ට රහසින් ගමනක් යනව. ඇගේ පෙම්වතාව හමුවෙන්න. නිවස තුළ ආදරය සහ ජීවිතය අහිමියි. ඇය එසේ සිතුවා විය හැකියි. ඒත් සමාජය තුළ විශ්වාසය සහ ආරක්ෂාව අහිමියි. රේල්පාරක් අයිනේ ඇයගේ ජීවය වියැකුණු සිරුර හමු වෙනවා.

නිවස තුළ අහිමි ආදරය සොයාගන සමාජය දෙසට පිය මනින අයට ගෙවන්න වෙන වන්දිය තමන්ගේ ජීවිතය නම් සමාජයක් ලෙස අප සිටින්නේ කොතැනද ?. අපට තවම බැරිවෙල තිබෙනව නිවසින් පිට සමාජය ආරක්ෂාකාරී තැනක් කරන්න. ඒ වෙනුවට අප කරන්නේ මියගිය ඇය පිට වරද පටවන එක. බොහෝ අයට ගැටඵව වුණේ ඇගේ නිරුවත් සිරුර. ඒත් ඒ හරහා අපි හැමෝම සමාජයක් ලෙසට නිරුවත් වුණු බව අපට අමතක කරනව.

ටිහාරා පුවත්පත් තුළ, ගොසිප් සමාජ ජාලා තුළ නැවත නැවත ඝාතනයට වෙනව. ඒත් මෙලනි කෝඊ බටහිර සංගීත ලෝකයේ අනුස්මරණීය ගීතයකට උපත සපයනව. බීට්ල්ස් (Beatles) සංගීත කණ්ඩායමේ පෝල් මැකාට්නි මෙලනිගේ අතුරුදහන්වීමේ ප්‍රවෘත්තිය පත්තරයක දකිනවා. ඔහු සහ ජෝන් ලෙනන් එක්ව ඒ සිද්ධිය ඇසුරෙන් ගීතයක් නිර්මාණය කරනවා. She's leaving home ඒ ගීතයයි.

බීට්ල්ස්ලා එදා එංගලන්ත සමාජයේ වැඩිහිටි පරම්පරාව සහ තරුණ පරම්පරාව අතර තිබූ ආතතිය නිර්මාණශීලී ලෙස සංවාදයක ස්වරෑපයකින් මෙම ගීතය හරහා මතුකරනවා. සංගීත නිර්මාණය තුළදීත් ඔවුන් බටහිර සම්භාව්‍ය සංගීතය සහ පොප් සංගීතය මුහුම් කරමින් මෙම පරම්පරා වෙනස ගෙන එනවා. මෙලනිගේ කෝණය මතුවන්නේ පෝල් මැකාට්නිගේ කට හඩින්. ජෝන් ලෙනන්ගේ හඩින් දෙමාපියන්ගේ කෝණය ඉදිරිපත් කෙරෙනවා.

මෙම ගීතයේ සුවිශේෂතා කිහිපයක් තිබෙනවා. එකක් තමයි මෙම ගීතය ලෝකයේ විශිෂ්ඨතම ගීත ඇල්බමයක් ලෙස සැළකෙන බීට්ල්ස්ලාගේ Sgt. Pepper's Lonely Hearts Club Band හි ගීතයක් වීම. අනෙක මේ ගීතය තුළ රොක් ගීත සම්ප්‍රදායේ වෙනත් ගීත වල මෙන් පැරණි පරම්පරාවට එරෙහි තරුණ පරම්පරාවේ විරෝධයක් ලෙස නොව පරම්පරා දෙකෙහිම මානසිකත්වයන් ගැඹුරින් ආමන්ත්‍රණය කර තිබීම. 

සංගීතය පැත්තෙන් ගත්තොත් සමහර විචාරකයන් මෙම ගීතය ඔස්ට්‍රියානු ශ්‍රේෂ්ඨ සංගීතඥයකු වන ශර්බට්ගේ (Franz Schubert) සංගීත රචනා සමග සම තත්වයේලා සළකනවා.

මෙලනි මේ ගීතය ගැන මෙසේ කියනව.  මම ගොඩක් කාලයක් යනකන් දැනගෙන සිටියේ නැහැ ඒ ගීතය මම ගැන ගීතයක් කියල. ඒ සින්දුව මට අහන්නට බැහැ. ඒ සින්දුව දුක වැඩියි. මගේ දෙමාපියන් මැරිල ගොඩක් කල්. අපි අතර ප්‍රශ්න කවදාවත්ම විසදුනේ නැහැ. ඒ ගීතයේ පද පේලියක් තිබෙනව ඇය බොහෝ කාලයක් හුදකලාවේ ඉදල ගෙදර අතහැර දාල ගියා කියල.  ඒක හරිම අමුතුයි. ඇත්තටම මම ගෙදර හැරදාල ගිය ඇත්තම හේතුව එයයි. කොහොමද ඔවුන් (බීට්ල්ස්ල) මගේ සිතුවිලි හරියටම දැන ගත්තේ.

කලාවට සමාජයක හද ගැස්ම දැන ගන්න තිබෙන්නේ විශ්මිත හැකියාවක්. දවසක් ඒ සින්දුව ඇසුණු මෙලනිගේ මව ඇයට දුරකථනයෙන් කතා කරල කියනව ඒ සින්දුවේ තියෙන්නේ ඇගේ කතාව කියල. ඒ ගීතය හරහා මෙලනිට සහ ඇගේ අම්මාට තම තමන්ගේ සිතුවිලි බෙදාගන්න භාශාවක් නිර්මාණය වෙනව. පරම්පරා දෙකක් එකිනෙකාගේ හද ගැස්මට කලාව හරහා ඇහුම්කන් දෙනව. ඒක විප්ලවයක්.

අපිටත් අද අවශ්‍ය එවැනි විප්ලවයක්. සමාජ පරිකල්පනය වෙනස් කරණ විප්ලවයක්. තමන්ගේ අති පුද්ගලික හැගීම් තමන්ගේ දෙමාපියන් සමග බෙදා ගැනීමට හැකි භාශාවක්, සමාජයක් නිර්මාණය කරන  විප්ලවයක්. ටිහාරාගේ දෛවය නැවත නොලියවෙන අනාගතයක් නිර්මාණය කරන විප්ලවයක්. ඉතින් එවන් අනාගතයක් වෙනුවෙන් අපි ටිහාරා වෙනුවෙන් ගීයක් නිර්මාණය වෙන තෙක් බලා සිටිමු.