දශකයකට පසු පැහැරගත් කාන්තාවන් තිදෙනා හමුවේ.


හර්ෂි සි. පෙරේරා

අමන්දා බේරී, ගිනා දිජිසුස් සහ මිකල් නයිට් මෙන්ම සය හැවිරිදි දරුවෙකු වසර දහයකට පසුව ඔවුන් අතුරුදහන් වූ ස්ථානයේ සිට සැතපුම් කිහිපයක් දුරින් සොයා ගෙන තිබේ. ඒ ඔහියෝහි ක්ලෙවූ අයිලන්ඩ් වෙතිනි. හමුවූ දරුවා කවුද යන්නත් එම දරුවා නිවසේ සිටි අයට දක්වන සබදතාවත් පොලිසිය විසින් හෙළිදරවු කර නැත. කාන්තාවන් තිදෙනා හොද සවුක්යයෙන් පසුවන අතර ඔවුන්ව රෝහලකට රැගෙන ගොස් ඇති අතර ඥාතීන් වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටි. මේ සිද්දියට සහෝදරයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. අතුරුදහන් වන විට බෙරිට වයස අවුරුදු 16ක්ද දිජිසුස්ට 14 ක්ද වන අතර නයිට දැන් වයස අවුරුදු 32 ක් වේ. අත්අඩංගුවට පත්වූ සොහොයුරන්ගේ වයස් පිළිවෙලින් 52, 50, සහ 54 වේ. ඔවුන්ගේ නම් ප්‍රකාශයට පත්කර නැත.