පුවත් දෙකක්. හරි සෙල්ලමක් !



හර්ෂි සි. පෙරේරා

පළමු පුවත.

ළමා අයිතිවාසිකම් රැක දෙන ලෙස ඉල්ලමින් මඩකළපුවේ සිංහලල දෙමළ හා මුස්ලිම් දරුවෝ අද මඩකළපුව නගරයේ පා ගමනක් ගියහ. සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂාවලින් ලියූ පුවරු ඔවුන් අත විය. ළමා හිසංන නවත්වන ලෙස ඒවායේ සඳහන් විය.

දෙවන පුවත.

හපුතලේ තංගමලේවත්තේදී පහරදී ගිනි පෙනෙල්ලකින් පිළිස්සීමෙන් තුවාල ලබා බදුල්ල මහ රෝහලේ ප‍්‍රතිකාර ලැබූ සිවු හැවිරිදි දරුවකු අද අලූයම මියගිය බව රෝහල් ආරංචි කියයි. හපුතලේ තංගමලේවත්ත ග්ලැනෝර්හි එස්. පුවනේෂ්වරම් මිය ගියේය. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට දරුවාගේ සුළු පියා බව කියන තැනැත්තෙක් රිමාන්ඞ් කරනු ලැබ සිටී. මියගිය දරුවාගේ මවල 11 හැවිරිදි සහෝදරිය සහ දෙහැවිරිදි නැගණිය පහර කෑමට ලක්ව බදුල්ල මහ රෝහලේ ප‍්‍රතිකාර ලබති. මියගිය දරුවාගේ අත් බිඳී තිබූ බවත් සිරුර සහ රහසඟ ගිනි පෙනෙල්ලකින් පුළුස්සා තිබුණ බවත් පොලිසිය කියයි.

මේ දේවල් සිදුවන්නේ සමුගන්නා විට දුරකථන සංවාදයක් පවා අවසන් කරන විට බුදු සරණයි කියන කරුණාව දයාව මයිත්‍රීය පෙර දැරි කරගත් රටකය. ළමා හිංසනය නවත්වන්නයි පෙළපාලි ගොස් වැඩක් නැත. රටේ නිතිය හරියට ලොකු කුඩා බේදයකින් තොරව ක්‍රියාත්මක කල යුතුය.