The Most/Recent Articles

Showing posts with label UNP. Show all posts
Showing posts with label UNP. Show all posts
UNP

රනිල්ගේ නූල් සූත්තර දේශපාලනය කොයිබට ද?

| සුනන්ද දේශප්‍රිය

ජනාධිපති රාජපක්ෂ ශ්‍රී ලාංකික ජන්දදායකයින් ගොනාට අන්දමින් සිටින්නේ ජනාධිපතිවරණය පවත්වන්නේ කවදාදැයි නොනවතින අඩමානයකට ඇද දමමිනි. එය විසින්ම ප්‍රජාතන්ත්‍රවාසදය සම්බන්ධයෙන් රාජපක්ෂවරුන් දක්වන අවමානය පෙන්නුම් කැරෙයි.  මේ අතළඟ ජනාධිපතිවරණය සිදුවන්නේ ජනවාරි මුල ද මැද ද අග ද මාර්තුවේ ද කියා අප දැන් දන්නේ නැත. රාජපක්ෂවරුන්ට ජනතාව යනු සෙල්ලමට ගත හැකි දාදු කැට ය; ප්‍රජාතන්ත්‍රවාදය යනු දාදු සෙල්ලමට එලියට ගෙන පසුව අකුලා තබන කඩදාසියක් පමණ ය. 18වන සංසෝධනය යටතේ මැතිවරණ දෙපාර්තමේන්තුව යනු එම කඩදාසිය එළියට ගෙන දූවිලි ගසා බසා දමා ක්‍රීඩාව අහවර වූ පසු යළි පෙට්ටගමට දමන වයින් දැමූ යන්ත්‍රයක් පමණ ය.


අනෙක් අතට එක්සත් ජාතික පක්ෂ නායකයා වන රනිල් වික්‍රමසිංහට දේශපාලනයෙහි  දාදු කැට ලෙස සැළකීමට හෝ ජනතාව යැයි  ප්‍රභේදයක් නැත. වඩා භයානක කාරණය වන්නේ එය යි. ඔහුට දේශපාලනය යනු නූල් සූත්තර මගින් සෑම දෙයක්ම නැටවිය හැකි මඬලකි. 2002  සාම ගිවිසුම පවා ඔහු විසින් සළකන ලද්දේ දේශපාලන ක්‍රියා මාර්ගයක් ලෙස නොව නූල් සූත්තරයක් ලෙස ය. සිංහල දෙමළ ජනයා අතර සාමය පිළිබඳ විශ්වාශයක් ගොඩ නැංවෙන සමාජ දේශපාලන ක්‍රියාවලියක් දියත් කිරීමට කරන ලද යෝජනා  ඔහු ප්‍රතික්ෂේප කරන ලද්දේ  තීරණාත්මක අවස්ථාවක් පැමිණි කල දෙසතියක දී ජන මතය හදන්නේ කෙළෙසදැයි තමා දන්නා බව කියමිනි. නූල් සුත්තර! දෙමළ ජනයා අතර ගෙන යන සාම-දේශපාලන ක්‍රියාවලියක් වෙනුවට ඔහු අනුබල දුන්නේ  සංගීත සංදර්ශන පැවැත්වීමට  සහ ඇති තරම් වැඩිහිටියන්ට පමණයි විත්‍රපට පෙන්වීම වැනි සූත්තර වලට ය. 

එළඹිමට නියමිත ජනාධිපතිවරණය ගැන ඔහු කල්පනා කරන්නේත් එළෙස  බව දැන් සක් සුදක් සේ පැහැදිලි ය.

විධායක ජනාධිපතිධුරය අහෝසි කැරෙන තනි සටන්පාඨය යටතේ පොදු දේශපාලන ව්‍යාපාරයක් මගින් රාජපක්ෂ අර්ධ ඒකාධිපතිත්වය පැරද වීමට දියත් වූ දේශපාලන ව්‍යාපාරයට ඔහු දායක වූයේ නැත. ඔහු කළේ හොර පූසකු මෙන් බලා හිදීම ය. වෙලාව ආ විට වැඩේ දෙන්නම් යැයි සාම ක්‍රියවලිය ක්‍රමන්ත්‍රණයක් බවට පත් කළ පරිද්දෙන්ම එකී තනි සටන්පාඨයේ රාජපක්ෂ විරෝධී ව්‍යාපාරයට ඔහු වැඩක් දීමට බලා සිට තිබෙන බව දැන් පැහැදිළි ය.

රාජපක්ෂ මර්දනය පැරදවීමට පොදු ව්‍යාපාරයක අවශ්‍යතාවය වෙනුවට රනිල් වික්‍රමසිංහගේ දැන් තර්කය වන්නේ විපක්ෂයේ ප්‍රධානතම පක්ෂය තමන්ගේ බැවින් තමන් විපක්ෂයේ අපේක්ෂකයා විය යුතු බවය. ඔහුට ජනාධිපතිවරණය ජයගත නොහැකි යැයි තර්ක කරන එජාප නායකයින් බියගැන්වීමට ඔහු දැන් කියන්නේ ‘මං එපා නම් නියෝජ්‍ය නායකයා වන සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කරන‍‘ බව ය. දේශපාලන අ යන්න ආ යන්න තේරෙන කිසිවකු සජිත් වැනි කහ පාත්තියක් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නට කැමැති වන්නේ නැත. වැරදීමකින් හෝ සජිත් වැනි දේශපාලන නොදරුවකුට රාජ්‍ය බලය ලැබුනොත් රට පාලනය කල හැකි එකම ක්‍රමය වනු ඇත්තේ  ප්‍රේමදාස මර්දනය පමණක් බවට කැට තැබිය හැකි ය.

රනිල් වික්‍රමසිංහගේ විපක්ෂයේ බහුතරය එජාපය නිසා ‘එහි නායක මා ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතුය‘ යන තර්කය නිවැරදි නම් 2010 ජනාධිපතිවරණයේ දී එම පිළිවෙත ක්‍රියාවට නොදැමූයේ මන්දැයි අප ඇසිය යුතු ය. එදා ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් වූයේ නම් කුජීත වී යන බව  දැන සිටි නිසා වික්‍රමසිංහ ජෙනරල් පොන්සේකාට ඉඩ දී ඉවත් වූ නමුත් ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වූයේ නැත. කකුලෙන් ඇද්දේ ය.

රාජපක්ෂවරු ශ්‍රී ලංකාව අර්ධ ඒකාධිපති අගාධයක් කරා ගෙන ගිය පසුගිය දශකයක් තරම් කාලය පුරාම රනිල් වික්‍රමසිංහ කළේ ආන්ඩු බලය ඉදුනු පැනි වරකාවක් මෙන් තම උකුළට වැටෙනු ඇතැයි ගනන් හදමින් කල් මැරීම ය. සිය පක්ෂය සොදා පාලු වී යාම වැළැක්වීමට පියවර ගනු වෙනුවට ඔහු කළේ යන එවුන් පලයල්ලා යැයි සිය එවුන් පමණක් ලඟා කර ගැනීම ය. මන්ද යත් ඔහුගේ දේශපාලන තර්කයට අනුව රාජපක්ෂ පාලනය මර්ධනකාරී සහ දූෂිත බැවින් ඉබේම කුණු වී යා යුතු නිසා ය.
බදුල්ල දිස්ත්‍රික්කයේත් වික්‍රමසිංහවාදී අකිල විරාජ් කෙනෙක් සිටියේ නම් වයඹින් දයාසිරි එළවා දැමූ පරිදි  හරීන් ප්‍රනාන්දු ආන්ඩු පක්ෂයට එළවා හමාර ය. එලඹෙන කවර මැතිවරණයක දී වුව දැන් වයඹ එජාපයට සොහොන් බිමකි. නූල් සූත්තර දේශපාලනයට පින් සිදුවන්නට ය.

රාජපක්ෂවරුන්ගේ මහජාතිවාදී යුදවාදී පිළිවෙත නිසා උතුරු නැගෙනහිර දෙමළ ජන්ද දායකයා ද  රාජපක්ෂවාදී උම්මන්තක බල සේනාවන් විසින් මුස්ලිම් ජනයාට එරෙහිව මුදා හරින ලද ප්‍රහාරයන් නිසා රටපුරා මුස්ලිම් ප්‍රජාව ද රාජපක්ෂට විරුද්ධව ඉබේම තමන්ට ජන්දය දෙනු ඇතියි වික්‍රමසිංහ කල්පනා කරයි. එබැවින් එම ජනයාගේ අයිතීන් ගැන කතා කිරීම වැඩක් නැත. මන්ද යත් ඔවුන් ජන්ද ලක්ෂ ගණනාවක් මිස අයිතීන් සහිත ජන ප්‍රජාවන් ලෙස වික්‍රමසිංහ කල්පනා නොකරන නිසා ය. පුද්ගලික් බස්  බාසාවෙන් කියන්නේ නම් කෑලි ය.

දෙමළ සහ මුස්ලිම් ජනයා පමණක් නොව මංගල සමරවීර, විජේදාස රාජපක්ෂ, ලක්ෂ්මන් කිරිඇල්ල වැනි පසුගිය වසර ගණනාව පුරා එජාපය සහ රනිල් වික්‍රමසිංහ නායකත්වය වෙනුවෙන් පෙනී සිටි දේශපාලනඥයින් පවා අද රනිල් වික්‍රමසිංහ දේශපාලනයේ කෑලි බවට පත්ව තිබේ. ඔවුන්ට ලැබෙන්නේ පසුපස ආසන ය. එපමණක්ම ද නොවේ. රාජපක්ෂ පාලනයේ දූෂණය සහ භීෂණය ඉවසා ගත නොහී එළඹෙන ජනාධිපතිවරනයක දී විපක්ෂය සමඟ එක් වීමට සිටි මැති ඇමැතිවරුන්ද කෑලිය. සජිත් වික්‍රමසිංහගේ වචනයෙන් ගෙම්බන් සහ මීයන් ය. මන්ද යත් වික්‍රමසිංහ තර්කයට අනුව දැනටමත් රාජපක්ෂවරුන්ගේ උදහසට ලක්ව සිටින එම ශ්‍රීලනිප දේශපාලනඥයින්ට විපක්ෂයට ඒම හැර වෙනත් විකල්පයක් නැති නිසා ය.

විපක්ෂ කෑලි දැනටම සාක්කුවේ යැයි විකුමසිංහ සිතා සිටින නමුත් සාක්කුවේ ලොකු හිලක් ඇති බව ඔහු දන්නේ නැත.

දැන් අලුත් කෑල්ලක් රඟ දෙයි. එනම් ‘කිරි ටොයියා‘ වන සජිත් ප්‍රේමදාස ය.

ගොඩ නැගී එමින් තිබූ රාජපක්ෂ විරෝධී රළවේගය සහ පුළුල් පෙරමුණ ආපස්සට හැර වෙන තරමේ දේශපාලන හානියක් විකුමසිංහ නූල් සූත්තර මගින් කරමින් තිබේ. ඔහු විසින් කරමින් සිටින්නේ වසර ගණනාවක දේශපාලන වර්ධනයන් අපස්සට හරවා තවත් වසර ගනනාවකට රාජපක්ෂ පාලනය තහවුරු කැරෙන ‘කම් ඕ ගෝ - චිකාගෝ‘ ලෙල්ලමකි.

දෙමළ මුස්ලිම් ජනයාට වෙන අතක් නැතැයි යන අඥාන තර්කය මත ගලේ පහරා සිටින  වික්‍රමසිංහවාදී සහ  සජිත් අගසව  තිස්ස අත්තනායක බොදු බල සේනා ප්‍රතිපත්ති ප්‍රකාශණය ගැන සුහද සාකච්ජාවකට කැමැත්ත පළ කරයි. ඊටත් එහාට යමින් රනිල් වික්‍රමසිංහ ජාතික හෙළ උරුමයේ 19වන සංසෝධනයට පාර්ලිමේන්තුවෙහි දී සහාය දී නීතියක් බවට පත් කිරීමට කැමැත්ත පළ කරයි. හෙළ උරුමය යනු ජාතික හෙළ උරුමයේ අත්තක් බවත් අලුත්ගම මුස්ලිම් විරෝධී ප්‍රහාරයන්ගෙන් පසු ඝාතක දේශකයා වන ගලබොඩඅත්තේ ඥාණසාර හිමි ආරක්ෂා කිරීමට හෙළ උරුම නායක චම්පික රණවක  ප්‍රසිද්ධියේ පෙනී සිටි බවත් අප අමතක නොකළ යුතු ය.

හෙළ උරුමයේ රතන හිමියනගේ 19 වන සංසෝධනය යහපත් පියවර ගණනාවකින් සමන්විත වන නමුත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිමට යෝජනා නොකරන එකකි. එමෙන්ම මංගල සමරවිර විසින් පෙන්වා දුන් පරිදි දෙමළ ජනයාට අවම හෝ බලයක් ලබා දෙන 13 වන සංසෝධනය අහෝසි කිරිමට වක්‍රව යෝජනා කරන එකකි. වික්‍රමසිංහ විවේචනයකින් තොරව ඊට අත්පුඩි දෙන්නේ කෙළෙස ද?

විධායක ජනාධිපති අහෝසි කිරිමේ පුළුල් දේශපාලන ව්‍යාපාරයට උඩින් සහාය පළ කරන වික්‍රමසිංහගේ බළලා මල්ලෙන් එලියට පැන්නේ එවිට ය. ජනාධිපතිවරණය මුව විට තිබියදීත් තවමත් සිය වැඩ පිලිවෙළ ගැන වික්‍රමසිංහ මුඛය විවිර වී නැත්තේත් විධියක ජනාධිපති පුටුවේ රස විදීමට ඔහු සිහින දකින නිසා වත් ද?

මේ කණගාටුදායක දේශපාලන නූල් සූත්තර ජය ගනිමින් තිබෙන්නේ වෙන කවරදාටත් වඩා ශ්‍රී ලංකාවට වෙනසක් අවශ්‍ය වී තිබෙන අවස්ථාවක ය. එමෙන්ම  එවැනි වෙනසක් සඳහා කළාතුරකින් එළඹෙන බලවේග අපුරු සමුච්ච ගතවීමක් අප ඉදිරියෙහි පෙනි පෙනී තිබූ අවස්ථාවකය.

ඊටත් වඩා භයානක කාරණය නම් මෙම පරාජය වීමට නියමිත නූල් සූත්තර විසින් පොදු විපක්ෂ ව්‍යාපාරය අඩපන කරමින් සිටින්නේ රාජපක්ෂ පාලනය සිය අර්ධ ඒකාධිපතිත්වය පුළුලින්ද ගැඹුරින් ද වර්ධනය කරමින් සිටින තත්වයක් තුල ය. එය උතුරේ මර්දනය ඉහළ නංවමින් යුදකාලීන ගමන් තහංචියක් පනවා තිබේ. මරතිවරණ සමයෙහි දි එල්ටීටීඊ බිල්ලා පෙන්වීම පිණිස දෙමළ ජනයා විවිධ චෝදනා යටතේ අත් අඩංඟුවට ගැනීම ඉහළ නංවා තිබේ. දකුනෙහි සිවිල් සමාජ ක්‍රියාකාරිත්වය සහමුලින්ම වාගේ අඩවන කිරීමට ඉලකක් කෙරුනු  නීති රීති පණවා දඩ බල්ලන් ලිහා හැර තිබේ. ස්වාධීන විය යුතු සියළුම ආයතන කොක්කෙන් හෝ කෙක්කෙන් බිලි බා ගෙන තිබේ. මැතිවරණ ව්‍යාපාරයක් මුදලින් නැහැවිය හැකි මුදල් නොට්ටු අප්‍රමාණ ලෙස ගොඩ ගසා ගෙන තිබේ. යුද හමුදාව සහ පොලීසිය දේශපාලන උපාංග බවට පත් කරගෙන ඇත්තේ බියකරැ ලෙස ය.

රනිල් වික්‍රමසිංහ සිය කුටියට වී නූල් කැටකරමින් ඊළඟ ගුලිය අඹරා දේශපාලන බලය ගන්නේ කෙසේදැයි දවල් සිහින මවමින් සිටී. පොදු විපක්ෂයක් සහ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී වැඩ සටහනකින් මිස රාපපක්ෂ අත්තනෝමතිකත්වය පැරදවිය නොහැක. රාජපක්ෂවරැන්ගේ මුල්‍ය බලය ද රාජ්‍ය බලය ද ප්‍රචන්ඩ බලය ද මෝහනකාරී රැවටිලි බලය ද පැරද විය හැක්කේ පොදු විපක්ෂයක පොදු දේශපාලන ව්‍යාපාරයකට පමණි.   එමඟ නොගන්නේ නම් රනිල් වික්‍රමසිංහගේ නූල් සූත්තර දේශපාලනයේ අවසානය බවට එළඹෙන ජනාධිපතිවරණය පත්වීම වැළැක්විය නොහැක.

අබ සරණයි.
UNP

සිංහල ජාතියේ ඉතිහාසය

|  රනිල් වික්‍රමසිංහ

සුජිත් අක්කරවත්ත මහතා විසින් රචිත ග්‍රන්ථ ත්‍රිත්වය එළිදැක්වීම නිමිත්තෙන් 2014.11.04 වැනි දින කොළw, රාජගිරියේ පිහිටි ශ්‍රී ලංකා මහ බැංකු ශ්‍රවණාගාරයේ පැවැති උත්සවයේදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්‍ෂ ජාතික නායක සහ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා.

සිංහල ජාතියේ ඉතිහාසය ගැන මට පෙර කතා කළ හිටපු පුරා විද්‍යා මහකොමසාරිස් මහාචාර්ය ශිරාන් දැරණියගල මහතා පැහැදිලි විස්තරයක් කළා. සිංහල ජාතියේ ඉතිහාසය සහ ශිෂ්ඨාචාරය මතු කිරීම සඳහා බි්‍රතාන්‍ය යුගයේ සිටම එතුමාගේ පවුලේ පරම්පරා පහක් ඇපකැප වී ක්‍රියා කළා.

අපට උරුම ශිෂ්ඨාචාරය කුමක්ද සහ ඒ ශිෂ්ඨාචාරය ගොඩනැගුණේ කෙසේද යන්න පිළිබඳව විවිධ මත තිබෙනවා. කෙසේ නමුත් ලූම්බිණියේ මායාදේවී විහාරයේ සිදු කර තිබෙන කැණීම් කටයුතු අනුව බුදුරජාණන් වහන්සේගේ උපන් දිනය ස්ථිර කර තිබෙනවා පමණක් නොව, ඒ කැණීම් අනුව මහා වංශයේ තිබෙන දින ගණන් ද අපට පිළිගත හැකියි.

මගේ අදහස වන්නේ ද ශ්‍රී ලංකාවේ අපේ ඉතිහාසය මේ කාල වකවානුවෙන් ඔබ්බට විහිදී ගොස් තිබූ බවයි. ලෝකයේ පළමුවෙන්ම වෙළෙඳ කටයුතු ආරම්භ වූයේ ඉන්දියන් සාගරය සහ මධ්‍යධරණී මුහුද මුල් කර ගෙනයි. මධ්‍යධරණී මුහුද අවට ඉතිහාසය, එනම් ගී්‍රක සහ ඊට පසු ඊජිප්තු ආදී රටවල ඉතිහාසය අප දන්නවා. නමුත් ඉන්දියන් සාගරය මැද සිදු වූයේ කුමක්ද කියා අප කවුරුවත් තවම දන්නේ නැහැ. මොහන්දාජාරෝ හරප්පා ශිෂ්ඨාචාරයෙන් පසුව කරුණු කාරණා ගණනාවක් තිබෙනවා. මොහන්දාජාරෝ ශිෂ්ඨාචාරය කියන්නේ විශාල වෙළෙඳ ශිෂ්ඨාචාරයක් වන අතර ඒ අනුව ශ්‍රී ලංකාව සම්බන්ධව තිබෙන කරුණු කාරණා පැහැදිලි වනවා.

මගේ අදහස වන්නේ ඉන්දියන් සාගරය මුල් කර ගෙන ලෝකයේ ඇති වූ වෙළෙ¼දාමේ කේන්ද්‍රස්ථානය වූයේ ශ්‍රී ලංකාව බවයි. ඒ වෙළෙඳ කේන්ද්‍රස්ථානය මේ වන විට අපට අහිමි වී තිබෙන අතර වර්තමානයේ එම කේන්ද්‍රස්ථානය බවට පත්ව තිබෙන්නේ සිංගප්පූරුවයි.

අප, අපේ ඉතිහාසය අධ්‍යයනය කරනවා නම් ඉදිරි දශක කිහිපයේ දී අපේ අනාගත පරම්පරාව වෙනුවෙන් නැවතත් ලෝකයේ එම වෙළෙඳ කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව පත් කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව සිතා බැලිය යුතුයි.

අපේ ශිෂ්ඨාචාරයට අදාළ බොහෝ කරුණු තිබෙන්නේ අනුරාධපුරයේ පමණක් නොව, මල්වතු ගඟ මිටියාවතේ, හිරියාය, සහ හලාවත ආදී ප්‍රදේශවල බව කිව යුතුයි. අපේ ඉතිහාසයට අදාළ මේ කරුණු කාරණා සොයා බලා ඒ සාධනීය සියල්ල ඉදිරියට ගෙන යන්න අප ක්‍රියා කළ යුතුයි. අපේ පේ‍රඣීඩ ඉතිහාසය ගැන අප සිතා බැලිය යුත්තේ දේශපාලනයෙන් තොරවයි.


විජයබාහු මහ රජතුමා නොසිටියා නම් සිංහල ජාතිය නැති වන බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා. ඇත්ත වශයෙන්ම විජයබාහු මහ රජතුමා කියන්නේ සිංහල ජාතිය නියම ලෙස ආරක්‍ෂා කළ මහ රජෙකු බව කිව යුතුයි.

අපේ මේ පේ‍රඣීඩ ඉතිහාසය සහ ශිෂ්ඨාචාරය සයිබර් යුගයේ පරම්පරාවට දැනුම්දීම සඳහා සුජිත් අක්කරවත්ත මහතා විශාල කාර්යභාරයක් කරමින් සිටිනවා. සුජිත් අක්කරවත්ත මහතා මම කාලයක් මුළුල්ලේ ඇසුරු කරන අතර ඔහු අප සමග එකට එක්වී දේශපාලන කටයුතු ද කරනවා.

සිංහල ඉතිහාසයට, ශිෂ්ඨාචාරයට, ජන ජීවිතයට සහ බෞද්ධ සංස්කෘතියට අදාළ කරුණු ඒකරාශී කර ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කරමින් ඊට අදාළ නැwුරුවක් අපේ ප්‍රතිපත්තිවල ඇති කිරීමටත් සුජිත් අක්කරවත්ත මහතා කටයුතු කරමින් සිටිනවා.

සුජිත් අක්කරවත්ත මහතා විසින් රචිත කිරජස්කි, කිසුකුමාලකි සහ කිනිමිත්තකි යන ග්‍රන්ථ ත්‍රිත්වයේ මේ කරුණු කාරණා සම්බන්ධයෙන් තොරතුරු රැසක් ඇතුළත් වනවා. ජනපි්‍රය ඉතිහාසය ගැනත්, ජනපි්‍රය නොවන ඉතිහාසය ගැනත්, ජනපි්‍රය බුදු දහම ගැනත්, ජනපි්‍රය නොවන බුදු දහම ගැනත්, ජනපි්‍රය සංස්කෘතිය ගැනත්, ජනපි්‍රය නොවන සංස්කෘතිය ගැනත්, අප දන්නා දේශපාලනය ගැනත්, අප නොදන්නා දේශපාලනය ගැනත්, අප දන්නා වීරයන් සහ අප නොදන්නා වීරයන් ගැනත් ඔහුගේ කිරජස්කි කෘතියේ තොරතුරු රැසක් තිබෙනවා.

මේ රට ඉදිරියට ගෙන ගියේ කෙසේද සහ එදා මේ රටේ පැවැති පාලන ක්‍රමය කුමක්ද යන්න පිළිබඳව අප කරුණු අධ්‍යයනය කළ යුතුයි. අනුරාධපුරය එදා විශාල වෙළෙඳ රාජ්‍යයක් බවට පත්ව තිබූ අතර මාංතොට සිට ගෝකණ්න දක්වා මේ වෙළෙඳ රාජ්‍යය පැතිරී ගොස් තිබුණා. එමෙන්ම එදා මේ කටයුතු වෙනුවෙන් වෙනම වෙළෙඳ මණ්ඩලයක් පවා පිහිටුවා තිබුණු අතර ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ විශාල වෙළෙඳ සංස්ථා තිබුණා. රටක් ලෙස අප එදා දියුණුවට පත්වූයේ මේ වෙළෙඳ ක්‍රමයෙන් බව කිව යුතුයි.

එදා සිටි ප්‍රසිද්ධ රජෙකු වන්නේ පළමු වැනි සේන රජතුමා වන අතර එතුමාගේ ඇමැති මණ්ඩලයේ මුස්ලිම් ඇමැතිවරුන් සිව් දෙනෙකු සහ ක්‍රිස්තියානි ඇමැතිවරුන් දෙදෙනෙකුත් සිටියා. නමුත් වර්තමානයේ වගේ පළමු වැනි සේන රජතුමාට නම් ඇමැතිවරුන් සියයක් සිටියේ නැහැ.

ශ්‍රී ලංකාව විශාල වෙළෙඳ කේන්ද්‍රස්ථානයක්ව පැවැති නිසා පොළොන්නරු යුගයේ දී ද්‍රවිඩ, මැලේ, අරාබි, කේරළ සහ මිසර වාණිජ සංස්ථා පවා බිහි වී තිබුණා. ඒ කාලයේ ඉන්දියන් සාගරය සහ චීනය අතර වෙළෙ¼දාම පාලනය කළේ සිංහල සහ මැලේ නාවිකයනුයි.

බඩු භාණ්ඩ ගෙන ආවේ සිංහල නාවිකයන් හෝ මැලේ නාවිකයන් වන අතර ශ්‍රී විජය රාජ්‍යය සහ පොළොන්නරුව අතර එදා සම්බන්ධකම් තිබුණා. නිශ්ශංක මල්ල රජතුමා සහ එම කාලිංග පරම්පරාවත් පැමිණියේ ශ්‍රී විජය රාජ්‍යයෙන් බව සමහරුන් කියනවා. එදා කටුනේරියේ විශාල මිසර වෙළෙඳ කලාපයක් තිබුණු අතර ඒ වෙළෙඳ කලාපය ආරම්භ කළ එදිරිවීර පට්නර් ගැනත් මේ කිරජස්කි කෘතියේ තොරතුරු ඇතුළත් වනවා.

සීතාවක මායාදුන්නේ රජතුමාගේ කාලයේ දී එදා යාපනය හමුදාවේ ප්‍රධානියා වී සිටියේ රහ්මන් ලෙබ්බේයි.... නිකපිටිය බණ්ඩාර ගැන ද විවිධ කතා තිබෙනවා. මේ නිකපිටිය බණ්ඩාර කියන්නේ කවුද? නිකපිටිය බණ්ඩාර කියා බොහෝ දෙනා හඳුන්වන්නේ සීතාවක රාජසිංහ රජතුමාගේ මුනුපුරාවයි. සීතාවක රාජසිංහ රජතුමාට දරුවන් නොසිටි අතර සීතාවක මායාදුන්නේ රජතුමාට මහ ටිකිරි බිසෝ නමින් දියණියක් සිටියා. වීදිය බණ්ඩාර දෙවැනි වතාවට විවාහ වූයේ මේ මහ ටිකිරි බිසෝ සමගිනුයි. ඒ විවාහයෙන් එක පුතෙකු ලැබුණු අතර ඔහු සූරිය බණ්ඩාර කුමාරයා ලෙස හඳුන්වනු ලැබුවා.

මේ සූරිය බණ්ඩාර කුමාරයා, සීතාවක රාජසිංහ රජතුමාගේ ජීවිතය වලහෙකුගෙන් බේරා දුන් නිසා එළපාත ගම්මානය ඇතුලූ ගම්මාන ගණනාවක් පවරා දුන්නා. සූරිය බණ්ඩාර කුමාරයාට දරුවන් කිහිප දෙනෙකු සිටි අතර නිකපිටිය බණ්ඩාර කියන්නේ ඒ අතරින් එක දරුවෙකුටයි.

මල්වාන ගිවිසුමෙන් පසුව පෘතුගී්‍රසීන් නියම නිකපිටිය බණ්ඩාරව ගෝවේ රාජ්‍යයට එදා පිටමං කර යැව්වා.

නමුත් පසු කාලයේ දී නිකපිටිය බණ්ඩාර කියා පාලකයෙකු ඇවිත් මාස 12 ක් ඇතුළත දී මුළු පහත රටෙන් තුනෙන් දෙකක් පමණ අල්ලා ගත්තා. පෘතුග්‍රීසීන් මේ සම්බන්ධයෙන් අතිශය බියට පත් වුණත් පසුව ඒ අය බේරුණා. පෘතුගී්‍රසීන්ට වඩා මේ සම්බන්ධයෙන් බිය වූයේ මහනුවර, සෙංකඩගල සෙනරත් රජතුමායි. ඊට හේතු වූයේ සෙනරත් රජතුමාට රාජ්‍ය උරුමයේ ලේ නොතිබූ නිසා බව කවුරුත් කියනවා. එමෙන්ම එතුමාට කෝට්ටේ පරම්පරාවේ උරුමය ද නොතිබූ අතර ඔහුට තිබුණේ දෝන කතිරිනා වැලිවිටස්ගේ සම්බන්ධයයි. සෙනරත් රජතුමා කියන්නේ විමලධර්මසූරිය රජතුමාගේ  ඥාති සහෝදරයෙකුයි.

ඒ අනුව මේ නිකපිටිය බණ්ඩාර, නියම නිකපිටිය බණ්ඩාර වුණත්, බොරු නිකපිටිය බණ්ඩාර කෙනෙකු වුණත් ඔහුට උඩරටටත් යන්න හැකියාව තිබෙන නිසා ඒ සම්බන්ධයෙන් සෙනරත් රජතුමා බිය වූ අතර උඩරට රජතුමායි, නිකපිටිය බණ්ඩාරයි එකතු වුණොත් සිය ජාතීන්ට තර්ජනයක් එල්ල වනු ඇතැයි පෘතුගී්‍රසීන් බිය වුණා. නිකපිටිය බණ්ඩාරට උඩරට සහයෝගය නොලැබුණු අතර අවසානයේ දී අවුරුද්දකින් පමණ පසුව පානදුරේ දී ඔහු මරුමුවට පත් කිරීමට පෘතුගී්‍රසීන්ට හැකි වුණා.

එමෙන්ම නිකපුල්ලේ ආරච්චි සහ අතපත්තු මුදලි ගැනත් මේ කිරජස්කි කෘතියේ තොරතුරු ඇතුළත් කර තිබෙනවා. සෙනරත් රජතුමාගේ පළමු වැනි හමුදාව යාපනයට යැව්වේ මේ නිකපුල්ලේ ආරච්චියි. ඒ යාපනය අල්ලා ගැනීමට නොව, යාපනයේ ජනතාව වෙනුවෙන් පෘතුගී්‍රසීන් ඒ ප්‍රදේශයෙන් පළවා හැරීමටයි. නමුත් ගෝවේ රාජ්‍යයෙන් පැමිණි හමුදාව නිසා නිකපුල්ලේ ආරච්චිත්, ඔහුගේ හමුදාවත් පරාජයට පත් වූ අතර ඔහුගේ ජීවිතය පවා අහිමි වුණා.

දෙවැනි වතාවටත් යාපනයේ ජනතාව උදව් ඉල්ü අවස්ථාවේ දී හමුදාව සමග අතපත්තු මුදලි යාපනයට යැවීමට රජතුමා ක්‍රියා කළා. ඔහු කාලයක් යාපනයේ රැඳී සිටි නමුත් පෘතුගී්‍රසීන් සමග කළ සටනින් ඔහු ද පරාජයට පත් වූ අතර ඔහුගේ ජීවිතය ද නැති වුණා.

මේ අනුව පැහැදිලි වන්නේ එදා ඒ ඒ ජන කොටස් අතර විශාල සම්බන්ධකම් තිබූ බව වන අතර සිංහල මිනිසුන් ද ඒ කාලයේ යාපනයේ සිටියා. පෘතුගී්‍රසීන්ගෙන් බේරීමට උදව් ඉල්ලා රජතුමාගේ හමුදාවට ආරාධනා කළේ ද්‍රවිඩ හින්දු ජනතාවයි. පෘතුගී්‍රසීන්ට විරුද්දව මුලින්ම නැගී සිටියේ යාපනයේ, වල්ලිකාමම්වල සිටි මේ වෙල්ලාල ජනතාවයි. ඕලන්දකාරයින් මේ වෙල්ලාල ජනතාවට විශේෂයෙන් උදව් කිරීමට ක්‍රියා කළා.

උඩරට කපුකොටුව බිසව ගැන සහ ආලෝක කුමාරසිංහ සම්බන්ධයෙන් ද මේ ග්‍රන්ථයේ කරුණු කාරණා රැසක් සඳහන් කර තිබෙනවා. පස් වැනි බුවනෙකබාහු රජතුමාගේ කාලයේ දී මුල්ලේරියාව ආරම්භ කළේ මේ ආලෝක කුමාරසිංහයි.

මෙවැනි කතා වලින් අපේ ඉතිහාසය සහ ශිෂ්ඨාචාරය කුමක්ද කියා අපට පැහැදිලිව දැනගත හැකියි. අපේ සංහි¼දියාව, අපේ ජනයාට එදා තිබූ ඉවසීම, විවෘත අදහස් පිළිගැනීම, ජනතාව එකතු කිරීම, සිංහල බෞද්ධ පාලකයන්ගේ ඇත්ත සිංහල බෞද්ධකම ගැන මේ තොරතුරුවලින් අපට මනාව කරුණු අවබෝධ කර ගත හැකියි.

මේ සියලූ තොරතුරු සුජිත් අක්කරවත්ත මහතා සයිබර් යුගයේ පරම්පරාවට ගැලපෙන භාෂාවකින් මනාව සහ පැහැදිලිව පෙළ ගස්වා තිබෙනවා. මේ අතීත තොරතුරුවලින් රටක් – ජාතියක් ලෙස අප ගන්නා ප්‍රයෝජනය කුමක්ද? මේ සියල්ල අතීතයේ, නොඑසේ නම් ඉතිහාසයේ කොටසක් වන නමුත් ඒ සියල්ල ඉතිහාසයට සීමා කිරීමට හැකියාවක් ඇත්තේ නැහැ.

නවීන තාක්‍ෂණය මත පදනම්ව නූතන සමාජය ගොඩනගද්දී ඊට අපේ මේ අතීත ජීවන රටාවෙන් කොටසක් ද ඇතුළත් කළ යුතුයි. ලෝකයේ ඕනෑම රටක් නවීන තාක්‍ෂණය මත පදනම්ව සිය නූතන සමාජය ගොඩනගද්දී සිය අතීතයේ දියුණු ජීවන රටාවන් ද ඊට ඇතුළත් කරනවා.

එදා විශාල වශයෙන් පරිසරය ආරක්‍ෂා කළ නමුත් වර්තමානයේ දී ලෝකයේ කිනම් රටක් වුණත් පරිසරය ආරක්‍ෂා කරන්නේ නැහැ. අවශ්‍ය පියවර වහාම නොගත්තොත් තව අවුරුදු 25 ක් යන විට ලෝකයේ පරිසරය සම්පූර්ණයෙන්ම විනාශ වන බවට කිකාලගුණික සහ දේශගුණික විපර්යාස සම්බන්ධ අන්තර් රාජ්‍ය සමුළුවකි අනතුරු අඟවා තිබෙනවා.

එදා අප, අපේ ආණ්ඩුක්‍රමය ක්‍රියාත්මක කළේ කෙසේද? අපේ අනාගත ආණ්ඩුක්‍රමය ගොඩනගද්දී අප ඒ ගැන විශේෂ අවධානය යොමු කළ යුතුයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන මේ වන විට සියලූ දෙනාම කතා කරනවා.

 ඒ වෙනුවට අප ඉදිරිපත් කරන්නේ කිනම් ආණ්ඩුක්‍රමයක් ද? අපේ නව ආණ්ඩුක්‍රමය සඳහා අප අමෙරිකාවේ, එංගලන්තයේ, ප්‍රංශයේ තිබෙන ක්‍රම පමණක් ගන්නවාද? නැතිනම් ඒ මූලික ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම සමග අපේ මේ අතීතයේ පැවැති දියුණු ක්‍රමවලිනුත් කොටසක් එකතු කරනවාද? බොහෝ රජවරුන් සියලූ දෙනාම එකට ඒකරාශී කර ගෙන රට පාලනය කළේ කෙසේද කියා අප සියලූ දෙනාම සිතා බැලිය යුතුයි.

 ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඡන්දය හෝ මැතිවරණ ක්‍රමය පමණක් නොවෙයි. අපේ අලූත් ආණ්ඩුක්‍රමය අප ගොඩනගද්දී ඊට ලෝකයෙන් සාධනීය දේ ගන්නවා වගේම අපේ අතීතයේ දියුණු සහ සාධනීය කොටස් ද එකතු කළ යුතුයි. රට වෙනුවෙන් අනාගතයේ දී අප ගොඩනැගිය යුත්තේ එවැනි ආණ්ඩුක්‍රමයකුයි.

රටේ අනාගතය ගොඩනගද්දී අප අපේ රටට සුදුසු සහ ගැලපෙන ආකාරයට ආණ්ඩුක්‍රමය පමණක් නොව, දේශපාලන, ආර්ථික සහ සමාජ ක්‍රමය ද සකස් කළ යුතුයි. රටට ගැලපෙන ඒ ක්‍රම සකස් කිරීමේ දී ඊට සිංහලයාගේ අතීත ජීවන රටාවත්, වර්තමානයේ තිබෙන ලෝකයත්, තාක්‍ෂණයෙන් බර අනාගත ලෝකයත් එකට එකතු කළ යුතුයි.

එමෙන්ම මහාචාර්ය ශිරාන් දැරණියගල මහතා සඳහන් කළ පරිදි අපේ මානව සම්පත් පිළිබඳව ද අප අපේ විශේෂ අවධානය යොමු කළ යුතුයි. එපමණක් නොව, අපේ අධ්‍යාපන ක්‍රමය ගැන ද විශේෂයෙන් සැලකිලිමත් විය යුතු අතර අවුරුදු 2000 – 3000 ත් අතර කාලයක් අපේ අධ්‍යාපනය ආරක්‍ෂා වූයේ සහ පදනම් වූයේ පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය මත බව ද අප මතක තබා ගත යුතුයි.

පරිගණක තාක්‍ෂණය ගැන අප මවිතයට පත් වුණත් භාවනාවෙන් සිත දියුණු කර සෝවාන්, සකෘදාගාමී, අනාගාමී සහ අරහත් යන උසස් මානසික තලයන් වෙත ගමන් කළ හැකි බව අප හො¼දින්ම දන්නවා. පරිගණකය ඇතුලූ යන්ත්‍රවලින් කරන මේ සියල්ල දියුණු කළ මනසින් කළ හැකි බව පැහැදිලියි. නමුත් අපේ මනස වර්තමානයේ ඒ මට්ටමට සකස් වී, දියුණු වී නොමැති නිසා ඒ වේගය සහ හැකියාව තිබෙන්නේ පරිගණක ඇතුලූ යන්ත්‍රවලටයි.

අපේ ජීවන රටාව පදනම් කර ගෙන අලූත් සමාජයක්, අලූත් ආණ්ඩුක්‍රමයක්, අලූත් ආර්ථිකයක්, අලූත් සංස්කෘතියක්, අලූත් රටක් ගොඩනැගීමට අප සියලූ දෙනාම එකට එක්ව කටයුතු කළ යුතුයි. ඉන්දියන් සාගරයේ වෙළෙඳ මධ්‍යස්ථානය බවට පත් වීමට අතීතයේ දී අපට හැකියාව සහ ශක්තිය තිබුණා නම් අනාගතයේදීත් ඒ තත්ත්වයට ගමන් කිරීමට අපට නොහැකි ඇයි?

මේ ශිෂ්ඨාචාරයේ සමහර අංග දකුණු ඉන්දියාවට ලැබුණේ ශ්‍රී ලංකාවෙන් නම් ඉන්දියන් සාගරයේ වෙළෙඳ කේන්ද්‍රස්ථානය බවට පත් වීමට අපට නොහැකි වන්නේ නැහැ. ද්‍රවිඩ අක්‍ෂර දියුණු වූයේ බ්‍රාහ්මීය අක්‍ෂරවලින් විය හැකි බව ඉන්දියාවේ සමහර පුවත්පත් වාර්තා කර තිබෙනවා මම දුටුවා. මේ කරුණු කාරණා සම්බන්ධයෙන් මේ වන විට විවාදයක් ද ආරම්භ වී තිබෙනවා. අපේ මේ අරමුණු සහ ඉලක්ක කරා යන්න අවශ්‍ය කරුණු කාරණා මතු කරන සුජිත් අක්කරවත්ත වැනි අයටත්, ඊට දායකත්වය ලබා දෙන ගිහි පැවිදි සියලූ දෙනාටත් මම මගේ ස්තඣතිය පුද කරනවා.

මෙහිදී හිටපු පුරාවිද්‍යා මහ කොමසාරිස් මහාචාර්ය ශිරාන් දැරණියගල, මහාචාර්ය කාලෝ ෆොන්සේකා, කේ.කේ. සමන් කුමාර, ජගත් මාරසිංහ යන මහත්වරු ද, මාවරල්ලේ භද්දිය හිමියන් ප්‍රධාන භික්‍ෂූන් වහන්සේලා ද එහිදී අදහස් දැක්වූහ.

මේ අවස්ථාවට අතුරලියේ රතන, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක මඩිතියවෙල මේධංකර, අමරපුරා  ධර්ම රක්‍ෂිත මහා නිකායේ මහ නායක ත්‍රිකුණාමලයේ ආනන්ද යන නාහිමිවරුන් ප්‍රධාන මහා සංඝ රත්නය ද, ආචාර්ය තිලක් කරුණාරත්න, මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර, එක්සත් නායකත්ව මණ්ඩලයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය, එක්සත් ජාතික පක්‍ෂ මහ ලේකම් තිස්ස අත්තනායක, එක්සත් ජාතික පක්‍ෂයේ උප නායක රවී කරුණානායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජේදාස රාජපක්‍ෂ, මංගල සමරවීර, ගාමිණී ජයවික්‍රම පෙරේරා යන මහත්වරුන් ද, බස්නාහිර පළාත් සභා අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඇතුලූ පළාත් සභා මන්ත්‍රීවරුන් ද ඇතුලූ විශාල පිරිසක් එක්ව සිටියහ.
UNP

ජනපතිගේ තප්පර 20ක වියදම, පුරවැසියකුගේ වසරක සෞඛ්‍ය සේවා වියදමට සමානයි

 
ආසියාවේ වැඩිම කාලගුණ ව්‍යපර්යාසයන්ට මුහුණ දෙන ලංකාවේ ආපදා කළමණාකරණය සදහා වෙන් කළ මුදල ගැන සැලකීමේදී ආණ්ඩුව විසින් එවැනි ආපදාතත්වයක් මගහැර ඇති බව ආපදා කළමණාකරණය මෙවර අය වැයෙන් වෙන් කළ මුදලින් පෙන්නුම් කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක සදහන් කර සිටි.

ඔහු මේ බව සදහන් කර සිටියේ අද (03) පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

වැඩිදුරටත් කරුණු දැක්වූ මන්ත්‍රීවරයා සදහන් කර සිටියේ වසරකට සෞඛ්‍ය සදහා රුපියල් කෝටි 13909 වෙන් කොට ඇති අතර මෙම මුදල දෙකෝටියක් වන ජනගහනයෙන් බෙදූවිට එක් පුද්ගලයෙකුට සෞඛ්‍ය සදහා මුළු වසරටම රුපියල් 5850 වැනි සෝච්චම් මුදලක් වෙන් වන අතර එම මුදල මුදල ජනාධිපති තුමාගේ තප්පර 20ක වියදමට සමාන බවද සදහන් කර සිටියේය.

එමෙන්ම කලකට ගං වතුර මේ දිනවල නායයාමේ අවධානමට ලක්ව ඇති ආපදාවන් සදහා මුළු වසරකට රුපියල් කෝටි 314ක් පමණක් වෙන් වන විට ජනාධිපතිතුමාට දන්සල් දෙන්න ගුවනින් යන්න බිමින් යන්න වැනි කටයුතු වලට අය වැයෙන් වෙන් කොට ඇති මුදල එම මුදලින් තුන් ගුණයකින් වැඩිවී ඇති බවත් ගියවරට වඩා කෝටි 103ක් ජනාධිපති වැය ශිර්ෂය වර්ධනය කර ගෙන ඇති බවද සදහන් කොට සිටියේය.

එසේම වසරකට සෞඛ්‍ය සදහා රුපියල් කෝටි 13909 වෙන් කොට ඇති අතර මෙම මුදල දෙකෝටියක් වන ජනගහනයෙන් බෙදූවිට එක් පුද්ගලයෙකුට සෞඛ්‍ය සදහා මුළු වසරටම රුපියල් 5850 වැනි සෝච්චම් මුදලක් වෙන් වන අතර එම මුදල මුදල ජනාධිපති තුමාගේ තප්පර 20ක වියදමට සමාන යැයි ඔහු පවැසුවේය.

රාජපක්ෂවරුන්ගෙන් තොර බොහෝ අමාත්‍යංශවලට කුඩම්මාගේ සැලකිල්ලක් ලැබී තිබෙනවා. රටට බත සපයන අමාත්‍යංහයට අවුරුද්දටම කෝටි 4211ක් වැනි මුදල් වෙන් කරලා තියෙන්නේ රුපියල් කෝටි 235ක් කපලා. එපමණක් නොවේ. මෙවර අය වැයේදී උජාරුවෙන් කියූ දෙයක් තමයි සෑම පුද්ගලයෙක්ම වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කිරීම සදහා මිලියන 500ක මුදල්ක වෙන් කළ ද දෙකෝටියක් ජනතාවගෙන් මෙම සංඛ්‍යාව බෙදුවිට එක් පුද්ගලයෙකුට වෙන් වන්නේ රුපියල් 25ක් වැනි මුදලක් එය මුත්‍රා පරීක්ෂාවකට පවා මදි බවද හේ සදහන් කර සිටියේය.
UNP

ආණ්ඩුවේ තවත් නාඩගමක් ” මහනුවර දී රඟදැක්වීමට නියමිතය

| කරු ජයසූරිය
සාමාන්‍ය ජන ජීවිතයට කිසිදු අදාළත්වයක් නැති, කිසිදු වැදගත්කමක් නැති “මාධ්‍ය සංදර්ශන” නොනවත්වා පවත්වමින්  සිටින රාජපක්ෂ පාලනය එළඹෙන සති අන්තයේ දී තවත් එවැනි  “නාඩගමක් ” මහනුවර දී රඟදැක්වීමට කටයුතු සූදානම් කර තිබේ.  ඒ, රාත්‍රී මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරඟාවලියක් මහනුවර ප්‍රදේශයේ සංවිධානය කරමිනි.  මෙම මහනුවර රාත්‍රී මෝටර් රථ ධාවන තරඟාවලිය සම්බන්ධයෙන් මේ වන විට ප්‍රදේශවාසී ජනතාව හා ප්‍ර දේශයේ ආගමික නායකත්වයෙන් තද බල විරෝධයක් දැනටමත් මතුව තිබේ.  එළඹෙන 27 හා 28 දෙදින තුල ඓතිහාසික මහනුවර පූජාභූමිය ආසන්නයේ පැවැත්වීමට නියමිත මෙම තරඟාවලිය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන්වහන්සේලා ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර තිබුණේ මෙම තරඟාවලිය නොපවත්වන ලෙස ය.  විශේෂයෙන් ම පටු මාර්ග සහිත මහනුවර වැනි නගරයක පැවැත්වෙන මෙම තරඟාවලිය නිසාවෙන්  සාමාන්‍ය ජන ජීවිතයට සිදු වන පීඩාවන් හා ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මුදුන්මල්කඩක් බඳු දළදා වහන්සේ වැඩ සිටින මහනුවර නගරයේ පරිසරයට හානි දෙමින් ඝෝෂාකාරී ආකාරයෙන්  මෙවැනි සැණකෙලියක් පැවැත්වීම පිලිබඳව උන්වහන්සේලා රජයට දැඩි ව විරෝධය දක්වා තිබුණි.  එබැවින්, ගරු කටයුතු ත්‍රෛනිකායික මහා නායක ස්වාමීවහන්සේලා රජයෙන් ඉල්ලා තිබුණේ වහාම මෙම තරඟාවලිය නතර කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ය. 

මෙම ආන්දෝලනාත්මක තරඟාවලිය සංවිධානය කර ඇත්තේ ජනාධිපතිවරයාගේ පුතුන් තිදෙනා ද,  ක්‍රියාකාරී සාමාජිකයන් වන කාල්ටන් ක්‍රීඩා සමාජය මඟින් බව ප්‍රසිද්ධ කාරණයකි.   ඒ නිසාම මහා නායක ස්වාමීන්වහන්සේලාගේ ඉල්ලීම පිලිබඳව බැරූරැම්ව සලකා බලා ඊට සංවේදී වීමේ යුතුකමක් පාලකයන්ට තිබුණි.  නමුත්, ඒ වෙනුවට ඔවුන් කටයුතු කරමින් සිටිනුයේ එවැන්නකට කිසිදු සූදානමක් නොපෙන්වමිනි.   ඔවුන්ගේ උපරිම උත්සාහය වී ඇත්තේ  නියමිත දින කලින් නියම කරගත් ආකාරයෙන් මේ තරඟාවලිය පැවැත්වීමට ය.   

දැඩි විරෝධතා මතුව තිබියදීත් රටේ ප්‍රධාන නගරයක මෙබඳු  රාත්‍රී මෝටර් රථ ධාවන තරඟ සංවිධානය කිරීමෙන් රටේ ආර්ථිකයට එසේත් නැත්නම් රටේ ක්‍රීඩා ක්ෂේත්‍රයට සිදු වන වාසියක් කිසිවෙකුට නොපෙනේ. ඒ වෙනුවට මෙහිදී පැහැදිලිව ක්‍රියාත්මක වනුයේ තමන්ගේ පෞද්ගලික සිතැඟියාවන් මුදුන්පත් කර ගැනීම පිලිබඳ අදහසක් පමණි. නොඑසේ නම්  රටට ආදරය කරන කිසිවෙකුට හෝ මෙවැනි දෑ සඳහා කරන නිරර්ථකාරී  වියදම් අනුමත කළ නොහැකිය. පාලකයන්ගේ අවධානය වහා යොමු විය යුතු බරපතල ප්‍රශ්න කාරණා ගණනාවක් තිබිය දී ඔවුන්

මේ සම්බන්ධව දක්වන උනන්දුව අතිශයින්ම පිළිකුල් සහගතය.  එබැවින්,  එක්සත් ජාතික පක්ෂය ලෙස අප අවධාරණය කරනුයේ රටට කිසිදු ප්‍රතිඵලයක් නොමැති මෙම සැණකෙලිය පැවැත්වීමෙන් වළකින ලෙස ය.   තමන්ගේ සිංහල බෞද්ධ ප්‍රතිරූපය පිලිබඳ නිතර ආඩම්බරයෙන් සිහිපත් කරන වත්මන් පාලකයන් දැන් සිදු කළ යුත්තේ මහානායක ස්වාමීන්වහන්සේලාගේ  ඉල්ලීමට කන්දෙමින් තමන්ගේ සැබෑ බෞද්ධකම පෙන්වීමය. 

මෑත කාලීන ජාත්‍යන්තර දේශපාලනය තුළ තමන්ගේ පෞද්ගලික අභිලාෂයන් වෙනුවෙන් රටේ සාමාන්‍ය ජනතාව හා ආගමික නායකත්වයෙන් බුද්ධිමතුනගෙන් මතු වූ ඉල්ලීම් කුණු බක්කියට වීසි  කළ දේශපාලන නායකයන් ගණනාවක්ම සිටි මුත් ඒ සෑම කෙනෙකුගේම ඉරණම අවසානයේ ජනතාව බලය අවසානයේ තීරණය වුනි.   මුළු රටම තමන්ගේ පෞද්ගලික බූදලයක් බව සිතමින්, ආගම් බේද, ජාති බේද ඇති කරමින්,  ඒවා නිරාකරණයට කටයුතු නොකරමින් ඉතා සුළු පිරිසකගේ සතුට වෙනුවෙන් පමණක් ක්‍රියාත්මක වන්නා වූ පාලකයන්ට දිගු ගමනක් නොමැති බවට මෑත කාලීන සිදුවීම් ගණනාවක් අපට සාක්ෂි සපයයි. ඒ ආකාරයටම,  රටේ ජනතාව හා ආගමික නායකත්වය වෙතින් මතුවන්නා වූ සාධාරණ හා යුක්ති සහගත ඉල්ලීම් පිලිබඳව සංවේදී නොවන වත්මන් පාලකයන්ට ද ජනතාව නිසි පාඩමක් උගන්වන දිනය වැඩි ඈතක නොවන බව අප මේ මොහොතේ දී ඔවුනට යළි සිහිපත් කරන්නෙමු.
UNP

ජාති ආගම් වෛරය වපුරන කතා තහනම් කරනු

මාතර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා නිකුත්කළ මාධ්‍ය නිවේදනය


බොදු බල සේනා ත්‍රස්ත නායකයින් අත්අඩංගුවට ගනු !

පසුගිය දින කිහිපයේ අලුත්ගම හා දර්ගා නගරය ආශ්‍රිතව ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය අප ඉතිහාසයේ ඛේදජනක සිදුවීමක්ම ය. 

සැබැවින්ම, අලුත්ගම හා දර්ගා නගර ප්‍රදේශ ආශ්‍රිතව ඇති වූ මෙම ආගමික නොසන්සුන්තාව ආරම්භක අවස්ථාවේදී ම පහසුවෙන් විසඳා ගත හැකි මට්ටමේ තිබූ එකකි.   මිට වසර කිහිපයකට ප්‍රථම 'හලාල්' භීතිකාවක් ඇතිකරමින් ආරම්භකරන ලද බොදු බල සේනා ත්‍රස්තයින්ගේ වෛරකාරී ගමන මේවනවිට ජාතිවාදී කොලහයක් බවට පරිවර්තනය වෙමින් පවතී.  අදාළ වගකිව යුත්තන් දිගින් දිගටම නිසි උනන්දුවක් නොදැක්වීමත්, මෙම ජාතිවාදී උසිගැන්වීම හා ප්‍රහාරයන්ට රජයේ ඉහලම අයගේ අනුග්‍රහය ලැබීමත් නිසා අද එය  මහා ඛේදවාචකයක් බවට පත්ව තිබේ.

මෙම සමස්ත සිදුවීම් මාලාවට අදාළව රජය දැක් වූ ප්‍රතික්‍රියා නිරීක්ෂණය කරන විට මතු වන සාධාරණ හැඟීම වනුයේ,  රජය සැලසුම් සහගතව  ජාතිවාදය ප්‍රවර්ධනය කරමින් සිටින බව ය.   මෙය සැලසුම් සහගතව සිදු වුවක් බව අප පවසනුයේ වගකීමෙනි. 

තාර්කිකව හා ප්‍රායෝගීකව බලන කල ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවලට මෙවැනි සිදුවීමක් මුල් අවස්ථාවේදී ම පාලනය කර ගත නොහැකි යැයි කිසිවෙකුට හෝ විශ්වාස කළ නොහැකි තරම්ය. ලෝකයේ අති භයානක ත්‍රස්තවාදියෙකු වූ වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය පරාජයට පත් කළ අප ආරක්ෂක අංශවලට මෙවැනි කුඩා ජන රාශියක් මුල් අවස්ථාවේ දීම පාලනය කර ගත නොහැකි වීම සැබැවින් ම සැක උපදවන සුළු ය. මෙම සමස්ත සිදුවීම් ජාලය සැලසුම් සහගතව වුවක් බව අප පවසනුයේ ඒ පසුබිම තුලය.

ජාත්‍යන්තර පෙරමුණ තුල පමණක් නොව රට අභ්‍යන්තරයේ දීත් සම්පූර්ණ අසාර්ථක වී සිටින රාජපක්ෂ පාලනය තම පැවැත්ම වෙනුවෙන් ජාතිවාදය පිම්මේ ප්‍රවර්ධනය කරමින් කටයුතු කරමින් සිටින ආකාරය සහතිකවම රටට, සිංහල ජනතාවට, බෞද්ධයන්ට පමණක් නොව ගෞතම බුදුරජාණන්වහන්සේගේ ඉගැන්වීම්වලට  පවා ගෙන දෙනුයේ බලවත් කැලලකි. 

ජිවිත කිහිපයක් හා අතිමහත් දේපල විනාශයක් සිදු වීමට පෙර සිට අලුත්ගම හා ඒ අවට බෞද්ධ හා මුස්ලිම් කොටස් අතර යම් අර්බුදයක් හටගෙන  තිබුණි.

බොදු බල සේනා සංවිධානය එහි රැස්වීමක් සංවිධානය කර තිබුණේ එබදු නොසන්සුන්කාරී තත්ත්වයක් ප්‍රදේශයේ නිර්මාණය වී තිබියදී ය.  ආගමික ගැටුමකට අවශ්‍ය පරිසරය හැමතින් සැකසී තිබිය දී ඊට සම්බන්ධ එක් පාර්ශවයකට රැස්වීමක් අලුත්ගම ප්‍රදේශයේ පැවැත්වීමට අවසර ලබා දුන්නේ කුමන හේතු මත,  කුමන බලධාරීයා  ද යන සාධාරණ ප්‍රශ්න මේ මොහොතේ සෑම නීතිගරුක පුරවැසියෙකු තුල ම මතුව තිබේ.

ජාතිවාදී ගින්නට ආණ්ඩුවෙන් ඉන්දන :

 ඉන් සැබැවින්ම සිදු වූයේ ඒ වන විටත් ඇති වෙමින් තිබූ ගින්නට තවත් ඉන්ධන සැපයීම පමණකි.  අලුත්ගම ගින්නට පිදුරු,  බොදු බල සේනා ත්‍රස්තයන්  සපයත් දී,  ඊට ඉන්ධන සැපයූයේ වත්මන් පාලනය බව අප පවසනුයේ එබැවිනි.

හිංසනයක ලකුණක්වත් නොමැති ශිෂ්‍ය විරෝධතා,  විපක්ෂ දේශපාලන පක්ෂ කණ්ඩායම් හි උද්ඝෝෂණ තහනම් කිරිම සඳහා අධිකරණ නියෝග ලබා ගැනීමට පමණක් නොව, ක්ෂණිකව එවැනි සාමකාමී විරෝධතාවයන්ට පොලිස් බලය පුර්ණ ලෙස යෙදවීමට උනන්දුවක් දක්වන ශ්‍රී ලංකා පොලිසිය, මෙබදු ජාතිවාදී හැඟීම් ප්‍රවර්ධනය කරන රැස්වීමකට අවසර ලබා දුන්නේ කුමන පදනමක් මතදැ යි දැන ගැනීමට අප ද කැමැතිය.

මෙම රැස්වීමට අවසර ලබා දීමෙන් පසු කලබලයක් සිදු වෙතැයි තමන් අපේක්ෂා නොකළ බව පොලිස්පතිවරයා  පවසනුයේ කුමන පදනමක් මත ද යන්න  අපට නම් ගැටළුවකි. එසේ විශ්වාසයෙන් පැවසීමට තරම් අවබෝධයක් බොදු බල සේනා සංවිධානය සම්බන්ධයෙන් ඔහුට තිබුණේ කෙසේ ද?   එම රැස්වීම පැවැත්වීමට ඉඩ ලබා දීමෙන් නතර නොවුනු පොලිසිය මුස්ලිම් බහුතරයක් වෙසෙන දර්ගා නගරය හරහා අනතුරුව පෙලපාලියක් ගමන් කිරිමට ද නිදහසේ ඉඩ ලබා දුන්නේ ඉන් ඇති විය හැකි ආනිසංස පිළිබඳ දෙවරක් නොසිතමිනි.

එහිදී සුළු අවබෝධ‍යක් හෝ පොලිසියට නොතිබීම අප තේරුම් ගත යුත්තේ කෙසේ ද?  පිරිසිදු පානීය ජලය ඉල්ලූ උද්ඝෝෂණය කළ රතුපස්වල ජනතාව දෙසට තම තුවක්කු එල්ල කළ,  විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් හා නිදහස් වෙළද කලාප සේවකයන් විරෝධතාවයන් හි නිරතවද්දී අධිපීඩක ජල ප්‍රහාර එල්ල කරන ආරක්ෂක අංශ මෙතරම් සැහැල්ලුවෙන් මේ කාරණයේ දී හැසිර තිබුණේ ඇදහිය නොහැකි ආකාරයට ය. 

මේ සියල්ල නිරික්ෂණය කරන විට පැහැදිලිව පෙනී යනුයේ රජයට තම පැවැත්ම වෙනුවෙන් මෙවැනි ගැටුමක් අනිවාර්යයෙන්ම අවශ්‍යව  තිබූ බව ය.  මෙහි දී රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට අප පැහැදිලිව අවධාරණය කර සිටිනුයේ ආණ්ඩුවක් ආරක්ෂා කළ යුත්තේ  පෙනී සිටිය යුත්තේ එක් ජන කොටසක් හෝ ආගමික කණ්ඩායමක් පමණක් නොවන බවය.  මේ රටේ සියළු පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කරමින් නීතිය හා සාමය සුරැකීමේ වගකීමක් රජයකට පැවරී තිබේ. 

පොලිස්පතිගේ විහිළු කතා :

මේ අතර පසුගිය බ්‍රහස්පතින්දා  මාධ්‍ය සාකච්ජාවක් පවත්වමින් ජනමාධ්‍ය අමාත්‍යවරයාත්, පොලිස්පතිවරයාත් සිදුකර ඇති ප්‍රකාශ හාස්‍ය ජනකය. එහිදී පොලිස්පතිවරයා බොදු බල සේනා  ත්‍රස්තයින්ට  චරිත සහතිකද ලබාදී ඇත. බොදු බල සේනා සංවිධානයේ කුපිත කරවීමේ ප්‍රකාශවලට අදාළව ක්‍රියාත්මකවීමට පොලීසියට ප්‍රතිපාදන නොමැති බවත්, පරීක්ෂණ කළ හැක්කේ සිදුවීමට අදාළව පමණක් බවත් පොලිස්පති එන්.කේ.ඉලංන්ගකොන් මහතා එහිදී පවසා ඇත.

මීට මාස දෙකකට පෙර බොදු බල සේනා සංවිධානය අලුත්ගම නගරයේ කිසිදු ප්‍රශ්නයකින් තොරව රැළියක් පවත්වා තිබුණු බවත්, පසුගියදා රජය විසින් අවසර ලබාදී තිබුණේ බොදු බල සේනා සංවිධානයට නොව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ රැස්වීමකට බවත් පොලිස්පතිවරයා පවසයි.

එසේම, ජනමාධ්‍ය අමාත්‍ය වරයා පවසන්නේ, බෞද්ධ උත්සව පැවැත්වෙන අවස්ථාවල දී භික්ෂූන් වහන්සේ යම් නගරයකට යාම හෝ රැස්වීම් පැවැත්වීම හෝ වැළැක්වීමට නොහැකි බව යි.

දැන් කාරණය ඉතා පැහැදිලිය. බොදු බලසේනා සංවිධානය වෙනුවෙන් චරිත සහතික දීමට රජය කටයුතු කරමිනි සිටි. අප මිට පෙර පැවසුවා සේම, බොදු බල සේනාව යනු ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ගේ පුර්ණ ආශිර්වාදය යටතේ, ආරක්ෂක සේවා බුද්ධි අංශ විසින් මෙහෙයවන ත්‍රස්ත සංවිධානයකි. එබැව දැන් මනාව තහවුරුවී ඇත.

ත්‍රස්ත චීවරධාරියා අත්අඩංගුවට ගනු !

අලුත්ගම- බේරුවල ගැටුමට සම්බන්ධ සියලු දෙනා සම්බන්ධයෙන් නිතිය අකුරටම ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා පසුගියදා බේරුවල ජනතාවට සහතිකවිය. එසේනම්, ජිවිත ගනානාවක්  හා දේපල රාශියක් විනාශ කිරීමට ජාතිවාදීන් උසි  ගැන්වූ බොදු බල සේනාවේ ප්‍රධානියා වන ඥානසාර නමැති  චීවරධාරීයා ඇතුළු,  එම සංවිධානයේ සියලු  ත්‍රස්ත නායකයින් වහාම අත් අඩංගුවට ගෙන එම පොරොන්දුව ඉටුකරන ලෙස අප ජනාධිපතිවරයාට  බලකර කියා සිටිමු.   

නිතිය අකුරටම ක්‍රියාත්මක කරන බවට ජනාධිපතිවයා සහතික වෙද්දී,  ජි.එල්. පිරිස් , චම්පික රණවක යන ඇමතිවරු මෙම ගැටුමේ වගකීම 'ඉස්ලාම් අන්තවාදීන්' පිට පැවරීමේ මෙහෙයුමක දී  ඇත. තමන්ගේ ප්‍රතිපත්ති නායකයා අනුව වෙනස් කරන ජි.එල්. පිරිස් ඇතිවූ තත්වයන්ට දෙපැත්තේම සිටින අන්තවාදීන් වගකිව යුතු බවට පවසා ඇත. ජාති වාදය වපුරමින් නරුම දේශපාලනයක යෙදෙන චම්පික රණවක ඇමතිවරයා ද ආරක්ෂක ලේකම් වෙනුවෙන් 'ජිහාඩ්' කාණ්ඩායම් මවා පාමින්, මෙම අවස්ථාවේදී ද  අවස්ථාවාදී තක්කඩි දේශපාලන රංගනයක නියැළේ. මෙවැනි අවස්ථාවාදීන්ගේ ක්‍රියාවලින් සිදුවන්නේ සැබවින්ම අහිංසක මුස්ලිම් ජනතාව පවා අන්තවාදය කරා තල්ලු කිරීමකි. 

 එනිසා අප තවත් මුලික කාරණයක් අවධාරණය කර සිටිමු. ජාතින් අතර ගැටුම් නිසා ශ්‍රී ලාංකීය අප දශක ගණනක් අනෙක විද පිඩා වින්දෙමු. එම අර්බුදයේ නිමාවක් අදටත් නොපෙනේ. එවැනි තත්වයක් තුල ආගම් කැරලි කෝලාහල මතු වුවහොත්, අනාගතය ගැන කිසිඳු බලාපොරොත්තුවක් තැබිය නොහැකි වනු ඇත. එම කාරණය සැලකිල්ලට ගෙන,  අන්තවාදී සංවිධාන වෙනුවෙන් නිදහසට කරුණු ඉදිරිපත් නොකර ජාති අතර, ආගම අතර වෛරය වපුරන කතා හා එවැනි සංවිධාන තහනම් කෙරෙන පනතක් වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස අප රජයට බලකර  සිටිමු.

හොරාගේ අම්මගෙන් පේන ඇසීමක් :

මේ අතර, දිගින් දිගටම බොදු බල සේනාවේ ප්‍රහාරයට ලක්වූ  ජාතික බල සේනා කැඳවුම්කරු මහියංගනය ප‍්‍රාදේශිය සභා මන්ත‍්‍රී පූජ්‍ය වටරැක විජිත හිමියන්ව,  ඊයේ අලූයම් කාලයේ නිරුවත් කර දෑත් දෙපා බැඳ පහර දී මහ මඟ දමා ගොස් තිබිණ.

එම පැහැරගත් කණ්ඩායම විසින් උන්වහන්සේට මුස්ලිම් කුඩා පිරිමි දරුවන්ට සිදු කෙරෙන ලිංග ව්‍යච්ඡේදනයක් (සුන්නත් ) කිරීම  සඳහා උත්සාහ දරා ඇතැයි වාර්තා වෙයි.

පූජ්‍ය වටරැක විජිත හිමියන් මුස්ලිම්වරුන් ගෙන් යැපෙමින්, සිංහල -බෞද්ධයින්ට අපහස කරන 'මුස්ලිම්' වරයකු බවට බොදු බල සේනා සංවිධානය මිට පෙර චෝදනා කර තිබිණ.

මෙසේ වටරැක හිමියන් පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහරදුන් පුද්ගලයින් පිළිබඳව කිසිඳු තොරතුරක් සොයා ගැනීමට පොලිසිය හෝ ආරක්ෂක ලේකම්ගේ ආරක්ෂක අංශ අසමත්ව සිටි. මෙම පැහැරගැනීම පිටුපස සිටින්නේ ආරක්ෂක ලේකම්වරයාගේ යටතේ ස්ථාපිත කර ඇති,  පසුගිය කාලයේ පුද්ගල පැහැරගැනීම් වලට සම්බන්ධ 'සුදු වැන්'  කල්ලියේ  සිටි පිරිසක් බවට අප වෙත තොරතුරු ලැබී ඇත.  මේ තත්වය යටතේ ආරක්ෂා ලේකම්වරයාට මෙම පරීක්ෂණය බාරදීම  හොරාගේ අම්මගෙන් පේන ඇසීමක් බඳුය.

 සෑම ලේ බිදුවකටම වගකිව යුතුයි :

බුදු දහම පදනම් වී ඇත්තේ  මධ්‍යම ප්‍රතිපදාව මතය.  අවිහිංසාව හා කරුණාව මතය. බුදුරජාණන්වහන්සේගේ දේශනාවන් තුළ අන්තගාමීත්වයට කිසිදු ඉඩක් නොමැත.  නමුත් බොදු බල ත්‍රස්තයින්  හා ඔවුන්ගේ  අනුශාසකයින් තම වචන හා ක්‍රියා  මගින් ශ්‍රේෂ්ඨ බෞද්ධ දර්ශනයට අඛණ්ඩව අගෞරව කරමින් සිටී.  තම බල පැවැත්ම වෙනුවෙන් බෞද්ධ දර්ශනය වැරදි ලෙස ප්‍රයෝජනයට ගනිමින් සිදු කරන මෙම අපරාධ,  එම දර්ශනය පිළිබද මනා අවබෝධයක් සහිත සැබෑ බෞද්ධයන් පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කරන බව පැවසීම අතිශයෝක්තියක් නොවේ. 

අද බුදු දහමට එරෙහිව යම් කුමන්ත්‍රණයක් දියත් වන්නේ නම් දියත්වනේ, මෙවැනි සිවුරු පොරවාගත් ත්‍රස්තයින් හරහා බව අපට පැහැදිලිය.

කෙසේවුවද, අනිවාර්යයෙන්ම අලුත්ගම දී හැලුණු සෑම ලේ බිදුවක් සම්බන්ධයෙන් රාජපක්ෂ සහෝදරයන් පිළිතුරු දිය යුතුව තිබේ.  මෙම අවාසනාවන්ත තත්ත්වයෙන් අහිමි වූ සෑම ජීවිතයක් පිළිබදව ඔවුන් වග උත්තර බැදිය යුතුය.  එසේම ප්‍රහාරයන්ට ලක් වූ සෑම පාසලක්, පන්සලක්, පල්ලියක් හා කෝවිලක් සම්බන්ධව හා විනාශ වූ සෑම නිවාසයක් හා ව්‍යාපාරික ස්ථානයක් සම්බන්ධයෙන් සමාජය ඉදිරියේ  පිළිතුරු සැපයිමේ වගකීමක් ඔවුනට පැවරී තිබේ.  

එසේ නොකර මැරයන් හා කැරළිකරුවන් විසින් අප ආදරණීය මාතෘ භූමිය “ගිනි තබද් දී ” සැතපුම් දහස් ගණනක් ඈත රටක සිට ට්විටර් පණිවිඩයක් පමණක් නිකුත් කිරිම සැබෑ නායකයෙකුට තරම් නොවේ.

මෙම අඳුරු පැයේ දී සියළු ලාංකිකයන් එක් පවුලක් ලෙස එකට එක් විය යුතුවා සේම මෙවැනි අවාසනාවන්ත සිදුවීම් යළි ඇති නොවීමට වග බලා ගැනීම ද වැදගත්ය.  එබදු අධිෂ්ඨානයක් අප තුල පැවතිය යුත්තේ මෙය අප සියල්ලගේ ම මාතෘ භූමිය වන බැවිනි.  ඝෝර පවුල්වාදයක් නිර්මාණය කරමින් අප රටට ලජ්ජාවක් හා අගෞරවයක් ගෙන ඒමට රාජපක්ෂ පවුල කටයුතු කරමින් සිටිය දී, මම ශ්‍රී ලාංකිකයින්ට අවධාරණය කරනුයේ යලි  යුක්තිගරුක, සාධාරණ හා නීති ගරුක රටක් ගොඩනැගීමට, සියලු වාද බේද අත්හැර  අප සියලු දෙනා වෙනසක් වෙනුවෙන් පෙළගැසිය යුතු බවයි.
UNP

එජාපය ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළකී සිටියේ ඇයි ?

| ජෝන් ඒ.ඊ.අමරතුංග

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය මගින් ශී‍්‍ර ලංකාව පිළිබඳව පැවැත්වීමට නියමිත පරීක්ෂණය සිදු නොකළ යුතු බවට පාර්ලිමේන්තුවේ රජය නියෝජනය කරන පසු පෙළ මන්තී‍්‍රවරුන් පිරිසක් විසින් ගෙන එනු ලැබූ යෝජනාවට එක්සත් ජාතික පක්ෂය විසින් අදාල පරීක්ෂණයට මුල් වූ රට පාවා දුන් ගිවිසුම් බලරහිත කිරීමට හා මානව හිමිකම් ආරක්ෂා කිරීමේ අතීත යාන්ත‍්‍රණය පණගැන්වීමට ඉදිරිපත් කළ සංශෝධන නොපිළිගත් හෙයින් එක්සත් ජාතික පක්ෂයට එම යෝජනාව සඳහා අදාළ ඡුන්ද විමසීමේදී ඡුන්දය පාවිච්චි කිරීමෙන් වැළකී සිටීමට සිදුවිය.

රටට නිදහස දිනා දුන් එක්සත් ජාතික පක්ෂය රටේ ස්වෛරීභාවය ද, භෞමික අඛණ්ඩභාවය ද ඉහළින් අගයන අතරම ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මූලික මිනිස් අයිතිවාසිකම්, නීතියේ ආධිපත්‍යය හා අධිකරණයේ ස්වාධීනත්වය තරයේ රැුක ගත යුතු බව විශ්වාස කරයි.  ඒ සඳහා අවශ්‍ය ශක්තිමත් යාන්ත‍්‍රණයක් ද, දිගුකාලීන අත්දැකීම් හා පළපුරුද්ද ද, ජාත්‍යන්තර පිළිගැනීම ද අප රටට තිබූ බව එක්සත් ජාතික පක්ෂය වැඩිදුරටත් අභිමානයෙන් සිහිපත් කරයි. 

එහෙත් අපගේ රණවිරුවන් හා සිවිල් වැසියන්ගේ අඛණ්ඩ ජීවිත පරිත්‍යාගයකින් හා දිගුකාලීන සුවිශාල කැපකිරීමකින් අනතුරුව ත‍්‍රස්තවාදය පරාජයකොට සතියක් ගතවීමට මත්තෙන් අවාසනාවන්ත ලෙස රජය එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා සමග ජාත්‍යන්තර පරීක්ෂණයකට මග පාදා දෙන ඒකාබද්ධ ප‍්‍රකාශයකට අත්සන් කිරීමට යෙදුනි.  එම කරුණ ඇතුළත් වගන්තිය නොපිළිගන්නා ලෙස පවා ජනාධිපතිවරයාට උපදෙස් දෙන ලද නමුත් ජනාධිපතිවරයා එම ලේඛනයට අත්සන් තැබූ බව රජයේම පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු වන රජීව් විජේසිංහ මහතා පෙන්වා දී තිබේ.

මෙය වූ කලී 1815 උඩරට ගිවිසුමෙන් පසු ලිඛිතව කරන ලද දරුණුතම රට පාවා දීම ලෙස හැඳින්විය හැකිය. මේ ගැන අප පක්ෂය පුදුම නොවන්නේ මේ සමානව වර්තමාන ජනාධිපතිවරයා 1990 දී විපක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු ලෙස එවකට එක්සත් ජාතික පක්ෂ රජයට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි කිරීමෙන් නොනැවතී තමන් මානව හිමිකම් අරභයා ශී‍්‍ර ලංකා ආණ්ඩුවට එරෙහිව ජිනීවාවලට පමණක් නොව ලොව  ඕනෑම තැනකට යාමට සූදානම් බව පාර්ලිමේන්තුවේදී පවා අභියෝග කළ හෙයිනි.

රජය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැංකි මූන් මහතා සමග ඒකාබද්ධ ප‍්‍රකාශයකට අත්සන් තැබුවා පමණක් නොව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේදී අංක ී 11රැු1 යෝජනාව සම්මතකොට ඒකාබද්ධව අනුග‍්‍රහය දැක්වීය. එම කරුණුවලට එකඟ විය. ශී‍්‍ර ලංකාව පිළිබඳ මහ ලේකම්වරයාට උපදෙස් දීමට පත් කළ දරුස්මාන් උපදේශක මණ්ඩලයට ලිඛිතව කරුණු දැක්වීය. තවද වරින් වර එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ගන්නා ලද ක‍්‍රියාමාර්ගවලට සහයෝගය දක්වමින් සුබපැතුම් ද පිරිනැමීය. මේ කිසිදු කාරණයක් පාර්ලිමේන්තුවේ සාකච්ඡුාවට ඉදිරිපත් නොකරන ලදී. මෙලෙස රජය මගින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට විවෘත කර දෙනු ලැබූ දොරටු හා පොරොන්දු ප‍්‍රකාරව එම සංවිධානය ක‍්‍රියාත්මක වූ අතර, අවසානයේ එහි මානව හිමිකම් කවුන්සලයෙහි 25 වන සැසි වාරයේදී ශී‍්‍ර ලංකාවේ මානව හිමිකම් පිළිබඳව සොයා බලා වාර්තා කිරීමට මහ කොමසාරිස් කාර්යාලයට බලය පවරමින් යෝජනාවක් ඉදිරිපත් විය.  එම ක‍්‍රියාමාර්ගය පිළිබඳව රජය විරුද්ධත්වය ප‍්‍රකාශ කළත් එම යෝජනාව වැඩි ඡුන්දයෙන් සම්මතවී ඉදිරි ක‍්‍රියාමාර්ග ගනිමින් තිබේ.

මෙය ඉතා අවාසනාවන්ත තත්වයකි.  ශී‍්‍ර ලංකාවේ අභිමානයටද කැළලකි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය දරමින් එම සංවිධානයේ සම්මුතීන්ට පටහැනිව ක‍්‍රියා කිරීමට නොහැකි හෙයින් රජය පසු පෙළ මන්තී‍්‍රවරුන් කිහිපදෙනෙකු ලවා බළලූන් ලවා කොස් ඇට බෑමේ ක‍්‍රමයට පාර්ලිමේන්තුවට ඉහත යෝජනාව ඉදිරිපත් කරවීමට කටයුතු කළේය.

අප රටේ මානව හිමිකම් පිළිබඳ ගැටළු විසඳීම සඳහා ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍ය නැත.  මානව හිමිකම් ආරක්ෂා කිරීමට හැකි ශක්තිමත් යාන්ත‍්‍රණයක් අතීතයේ අප සතුව තිබූ අතර එය නිසියාකාරව පණගැන්වීමෙන් මෙම පරීක්ෂණයෙන් ගැලවිය හැකි බව අපගේ ස්ථාවරය හා විශ්වාසයයි.

එබැවින් ඊට අවශ්‍ය පසුබිම සකස් කර ගැනීමට උවමනා යෝජනා අප සංශෝධන ලෙස ඊට ඇතුළත් කළෙමු. 2009 මැයි 23 වන දින එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා සමග ඇති කර ගත් ඒකාබද්ධ එකඟතාව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේදී අංක ී 11රැු1 දරණ යෝජනා සම්මතයකට ඒකාබද්ධව අනුග‍්‍රහය දක්වමින් ඇති කර ගත් එකඟතාව, දරුස්මාන් මණ්ඩලය වෙත ලිඛිතව ඉදිරිපත් කළ කරුණු ඇතුළත් ගිවිසුම් බල රහිත කිරීම, උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිෂන් සභාවේ සමස්ත නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 17 වන සංශෝධනයේ ප‍්‍රතිපාදන නැවත බලගැන්වීම, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ලැටිම් හවුස් මූලධර්ම ඇතුළත් කිරීම, තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීම සඳහා විධිවිධාන සැලසීම ඊට ඇතුළත් වේ. එහෙත් අවාසනාවට රජයේ පාර්ශවයෙන් එම යෝජනා ප‍්‍රතික්ෂේප කර ඇත.

අපි ජාත්‍යන්තර මැදිහත්වීම්වලට හෝ අතපෙවීම්වලට එකහෙළා පක්ෂ භේදයකින් තොරව විරුද්ධ වෙමු.  එහෙත් එබඳු තර්ජනයන් වළක්වා ගත හැක්කේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයද, මානව හිමිකම් හා නීතියේ ආධිපත්‍යයද, අධිකරණයේ ස්වාධීනත්වයද රට තුළ සුරක්ෂිත කිරීමෙන් පමණක් බව තරයේ විශ්වාස කරමු.  එබඳු සද්කාර්යයකට රජය සූදානම් නැති බව දැන් පැහැදිළිය.  එබැවින් අපට මෙම යෝජනාවට පක්ෂව ඡුන්දය ප‍්‍රකාශ කිරීමට නොහැකි වන අතර, මාතෘ භූමිය හා ස්වෛරීභාවය පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ නොකැළැල් ස්ථාවරය හේතුකොටගෙන මෙම යෝජනාවට විරුද්ධවීමටද නොහැක. එසේ හෙයින් ඡුන්දය පාවිච්චි කිරීමෙන් වැළකී සිටීමට සිදුවූ බව දන්වා සිටිමු.

UNP

මානව හිමිකම් කවුන්සලය සමග සහයෝගයෙන් ගණුදෙනු කරනු - එජාප

| එක්සත් ජාතික පක්ෂය විසින් නිකුත් කළ පුවත් නිවේදනය.

ජාත්‍යන්තර ප්‍රජාවෙන් එල්ල වී ඇති බරපතල තර්ජන හමුවේ ජාතික ප්‍රශ්නය දඩමීමා කර ගනිමින් රාජපක්ෂ පාලනය යළිදු වතාවක් බාල දේශපාලන සූදුවක නිරතවෙමින් සිටී.  ශ්‍රි ලංකාවේ පැවති අර්බුදය තුළ රජය සහ එල්.ටී.ටී.ඊ ය යන දෙපාර්ශවය විසින්ම සිදු කළ ප්‍රජාතන්ත්‍ර විරෝධී නීති විරෝධී ක්‍රියා පිළිබඳ සොයා බැලීමට, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය විසින් පසුගිය දා තම කණ්ඩායමක් ප්‍රකාශයට පත් කළ පසු එම කාරණය ඉතා අප්‍රසන්න ආකාරයෙන්, දේශපාලනීකරණයට ලක් කිරිමට රජය උත්සාහ දරමින් සිටින බවක් පෙනෙන්නට ඇත.  එම පරීක්ෂකයින්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරිමට ඉඩ දිය යුතු ද නැත්ද කියමින්, මේ කාරණය දේශපාලනික මාතෘකාවක් බවට පත්කිරිමට රජය සැරසෙන බව දැක ගත හැකිය.

මේ මොහොතේ රටේ දැවෙන ප්‍රශ්නය වී ඇත්තේ විදේශිකයන් මෙරටට පිරිසකට ඇතුල්වීමට “වීසා” නිකුත් කිරිම නොවේ.   ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණිය ද, නොපැමිණිය ද අනිවාර්යයෙන්ම එම පරීක්ෂණය ඉදිරියට යනු ඇත.  අපගේ අභ්‍යන්තර කාරණා පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂාවක් සිදු නොවනු පිණිස, වැඩ බලාගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂය ලෙස අපි පසුගිය කාලයේ දිගින් දිගටම රජයට අවධාරණය කළෙමු.  එබැවින්,  ඇතිවෙමින් තිබෙන මේ අවාසනාවන්ත තත්ත්වය ඇතිවීමට පදනම වනුයේ පාලක රෙජීමයේ නොහැකියාව හා බරපතල උඩඟු හැසිරීමය.   

යුද්ධයේ අවසාන භාගයේ දී සිදුවූවා යැයි කියන මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් සැමට පිළිගත හැකි අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම සඳහා මීට පෙර අවස්ථා ගණනාවක් ලබා දුනමුත්,  එවැන්නක් සම්බන්ධයෙන් රාජපක්ෂ පාලනය කිසිදු උනන්දුවක් නොදක්වන බව ජාත්‍යන්තර ප්‍රජාව පසුගිය අත්දැකීම්වලින් ම අවබෝධ කර ගෙන සිටිති.  යුද්ධයේ අවසන් භාගයේ දී සිදු වූවායැයි චෝදනා එල්ලවන මානව හිමිකම් උල්ලංගනයන් පිළිබඳ සොයා බැලිමට තමන් අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වන බවත්, 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කරන බවත් කියමින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මුන් හට 2009 මැයි මාසයේ දී පොරොන්දුවක් ලබා දුන්නේ අන් කිසිවකු නොව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ය.  ජාත්‍යන්තර ප්‍රජාව සතුටු කිරිම වෙනුවෙන් ඉන් පසුව ද වරින්වර මේ “ මන්තරය”  රජය මැතිරරුවත්, එය කිසි දිනක මහ පොළොවේ ඇත්තක් නොවුණි.   වසර කිහිපයක් ම එලෙස රැවටීමකට ලක්වීමෙන් පසු සාධාරණත්වය පිළිබඳ ජාත්‍යන්තර දැති රෝද දැන් ශ්‍රී ලංකාව දෙසට හැරී තිබේ.

රටේ ස්ථාපිතව ඇති දේශිය අධිකරණ පද්ධතිය තුළින්, වින්දිතයන් හට පිළිගත හැකි විසදුම් ලබා නොදෙන පසුබිමක ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණයකට මැදිහත්වීමේ අවස්ථාව හිමිව තිබේ.  රාජපක්ෂ පාලනය රටේ බලය ලබාගත් පසු රටේ අධිකරණ පද්ධතියේ බරපතල ඛාදනයක් දැක ගත හැකි අතර,  මේ වන විට එය විනාශයේ කෙළවරට පැමිණ ඇත.  වසර දෙසීයකට අධික ඉතිහාසයක් සහිත ශ්‍රේෂ්ඨාධිකරණයේ අග විනිසුරු ධූරයට පත් වූ පළමු කාන්තාව වූ ශිරාණි බණ්ඩාරනායක මහත්මියව නීති විරෝධී දෝෂාභියෝගයක් හරහා එම ධූරයෙන් ඉවත් කළ රජය පසුව තමන්ගේ පදයට නටන “රූකඩ”  අගවිනිසුරුවරයෙකුව ඇගේ අනුප්‍රාප්තිකයා ලෙස නම් කළේය.  ඊට ම ගැළපෙන සේ, රටේ සෙසු ඉහළ  අධිකරණය ද තම දේශපාලන ආවතේවකරුවන්ගෙන් පිරවීමට රාජපක්ෂ පාලනය නිර්ලෝභිව කටයුතු කරන ලදී.  මේ සියල්ල සමගින්,  තවදුරටත් ස්වාධීන අධිකරණ පද්ධතියක් රට තුළ ක්‍රියාත්මක නොවන බව රාජපක්ෂ පාලනය තම රට වැසියන්ට හා ලෝකයාට පෙන්වන ලදී.

ඉන් පසු අවස්ථා කිහිපයක දී පවුල් පාලනයේ දුෂ්ට ආඥාදායක ක්‍රියාමාර්ග හරහා ශ්‍රී ලංකාව යනු තවදුරටත්,  යහපාලන ප්‍රතිපත්ති ක්‍රියාත්මක හා නීතියේ පාලනය ක්‍රියාත්මක නොවන රටක් බව රාජපක්ෂ පාලනය නිර්ලජ්ජිතව ප්‍රදර්ශනය කරන ලදී.  එක් රැයකින් අතිශය ප්‍රජාතන්ත්‍රවාදී 17 වන ආණ්ඩු ක්‍රම

ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළ රාජපක්ෂ පාලනය,  මාධ්‍ය හා ප්‍රතිවිරුද්ධ මතධාරීන් දඩයම් කිරිම ද අඩුවකින් තොරව කර ගෙන යන ලදී.  ඊට අමතරව වාර්ගික හා ආගමික සුළුතර කණ්ඩායම් ඉලක්ක කර ගනිමින්, මෑතක දී සිදු වූ අප්‍රසන්න සිදුවීම් හා සම්බන්ධ සියළු කොටස් පිටුපස සිටි මහා පොදු සාධකය වූයේ ද පාලක රෙජීමය බවට කිසිවෙකුට හෝ රහසක් නොවීය.  ඒ සියල්ල ප්‍රතිසන්ධානයක් වෙනුවෙන් රජයේ සැබෑ උනන්දුව බරපතළ ලෙස ප්‍රශ්න කරන ලදී.  විශේෂයෙන්ම නොනවත්වා සිදු වන්නා වූ පැහැර ගැනීම්, හිංසනයන්, මාධ්‍යය ආරභයා කරන අයුතු මැදිහත්වීම්, සමාජ හා ආර්ථික දේහයේ සෑම අංශයක්ම හමුදාකරණය වීම, අප්‍රසන්න ආකාරයට පිම්මේ වර්ධනය වන වංචා, දූෂණ, ඥාති සංග්‍රහය, වැරදිකරුවන් සම්බන්ධයෙන් අනුගමනය කළ ලිහිල් ප්‍රතිපත්ති මානව හිමිකම් පිළිබඳ ඇති සම්මත නීති රීති නොසලකා හැරීම ආදී මේ සියල්ල ජාත්‍යන්තර පරීක්ෂාවක් අභියසට ශ්‍රී ලංකාව රැගෙන යාමට හේතු වූ බව ඉතා පැහැදිලිය.

තමන් ඉදිරියේ ඇති මෙම ජාත්‍යන්තර අභියෝග පිළිබඳ සංවේදී ඒ පිළිබඳ නිසි ප්‍රතික්‍රියා දක්වන ලෙස එක්සත් ජාතික පක්ෂය නිරතුරුවම පෙන්වා දුන් මුත්,  රජය හැසිරුනේ ඒවා කිසිදු ආකාරයකට මායිම් නොකරමිනි.  වත්මන් රජය හැසිරුනේ එබදු උඩඟු අධිපතිවාදී මානසිකත්වයකිනි.   හුදු ජාතිකාවාදී හා දේශප්‍රේමී ප්‍රපචාරාත්මකවාදී ව්‍යාපෘති පිටුපස,  සැගවෙනවා වෙනුවට මානව හිමිකම් පිළිබඳ සැබෑ ප්‍රශ්නයක් රටේ ඇති බව රජය වටහා ගත යුතුව තිබුණි.

පිරිසිදු පානීය ජලය ඉල්ලමින් අරගල කළ වැලිවේරිය, අහිංසක ජනතාව වෙත යුද හමුදාව මුදා හරිමින් රාජපක්ෂ පාලනය කළ ලේ වැගිරීමෙන් පසු මානව හිමිකම් නමැති කාරණය පිළිබඳව දකුණේ ද ඇස් ඇරුණා යැයි පැවසුවහොත් එය බොහෝ දුරට නිවැරදි ය.  තමනට මෙසේ සලකනවා නම්,  උතුරේ  සහෝදර ජනතාවට රජය කෙසේ සලකන්නට ඇත් ද යන සාධාරණ ප්‍රශ්නය එක දිගට සිදු වූ බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් කිහිපයකින් පසු දකුණේ ජනතාව වෙතින් මතුවන්නට විය.

පහත් දේශපාලනයක  නිරත වෙමින් දේශපාලන වාසී ලබා ගැනීම වෙනුවට,   එක්සත් ජාතික පක්ෂය පසුගිය කාලයේ හැම විටම දුෂ්කර මාර්ගය තෝරා ගත්තේය.  ඒ අනුව රටේ සියළු පුරවැසියන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටිමින් රට තුළ නීතියේ පාලනය යලි පිහිටුවීමට අවශ්‍ය සියළු සහයෝගය රජයට ලබා දීමට සූදානම් බව නිරතුරුවම අප අවධාරණය කරන ලදී.

අප රට සම්බන්ධයෙන් ක්‍රියාත්මක ජාත්‍යන්තර අභියෝගයන් කාර්යක්ෂම ආකාරයෙන් ආමන්ත්‍රණය කිරිමට තවත් කාලය අපට තිබේ.  සැබැවින් ම,  තවමත් අප පමා වී නොමැත.  ඒ සදහා පළමුව පාලක රෙජීමයට දේශපාලන උනන්දුවක් තිබිය යුතුය.  පසුගිය මාර්තුවේ දී ජගත් මානව හිමිකම් කවුන්සිලය තුළ සම්මත වු යෝජනාවක් සමගින් ඒ අදාළ කාරණා සම්බන්ධව පිළිගත හැකි අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වමින් ඊට මුහුණ දීමේ අවස්ථාවක් ශ්‍රී ලංකාවට හිමි වන ලදී.  අප එසේ කළේ නම් අභ්‍යන්තර කාරණා පිළිබඳ තනිව ක්‍රියාත්මක විය හැකි බවට පණිවුඩය ලෝකයාට සන්නිවේදනය කිරිමේ අවස්ථාව අපට හිමිවනවා නිසැක ය.

ඒ වෙනුවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහා කොමසාරිස්වරිය විසින් පත් කළ පරීක්ෂණ කණ්ඩායම සමග ගණුදෙනු කිරිම කළ නොහැකි බව පැවසීමට උනන්දු වීම තුළ එක් අතකින් ශ්‍රී ලංකාව, තමන් වැරදිකරුවකු ලෙස පිළිගනිමින් සිටිනවාට අමතරව මේ කාරණය සම්බන්ධව කරුණු ඉදිරිපත් කිරිමට තමන්ට ඇති අවස්ථාව ද අහිමි කර ගනිමින් සිටී.  එය අපගේ ආදරණීය මාතෘභූමිය වෙනුවෙන් තමන්ගේ ජීවිත, ඇස්, ඉස්, මස්, ලේ දන්දුන් විරෝදාර රණවිරුවන්ට කරන අසාධාරණයක් සේම රට වැසි සියළු දෙනා ම බරපතල ලෙස පාවාදීමක් වනුයේ ජාත්‍යන්තර ක්‍රියාමාර්ගයක ප්‍රතිඵල ඒ සියළුදෙනාටම එක සේ භුක්ති විදීමට සිදුවන බැවිනි.

එබැවින්, එක්සත් ජාතික පක්ෂය ලෙස අප යළිත් රජයට අවධාරණය කරනුයේ මේ සම්බන්ධයෙන්, ජගත් මානව හිමිකම් කවුන්සලය සමග සහයෝගයෙන් ගණුදෙනු කරන ලෙස ය.  මහ කොමසාරිස්වරිය විසින් පත් කර ඇති මෙම පරීක්ෂණ කණ්ඩායමට පැවරී ඇති බලය අනුව එල්.ටී.ටී.ඊ ය විසින් සිදු කරන මිලේච්ඡ සාහසික ක්‍රියා සම්බන්ධව ද පරීක්ෂණ පැවැත්වීමේ බලය ඊට හිමිව තිබේ. අවම තරමින් එල්.ටී.ටී.ඊ ය සිදු කරන ලද අපරාධ සම්බන්ධව හෝ මෙම පරීක්ෂකයන් හමුවේ රජය කරුණු ඉදිරිපත් කිරිම වැදගත් ය.  ඒ වෙනුවෙන් මේ හිමිව ඇත්තේ ස්වර්ණමය අවස්ථාවකි.  විශේෂයෙන්ම එල්.ටී.ටී.ඊ යේ ප්‍රධාන අවි සැපයුම්කරුවා සේම ප්‍රභාකරන්ගේ අභාවයෙන් පසු එහි නායකයා ලෙසට තමන් විසින්ම හදුන්වා ගත් කේ.පී මෙන්ම කලක් ප්‍රභාකරන්ගේ දෙවැන්නා වූ විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් වැනි සාහසික අපරාධ රැසකට වගකිව යුතු දැනටත් ජිවත්ව සිටින පුද්ගලයන් පිළිබද ජාත්‍යන්තර පරීක්ෂකයන් හමුවේ කරුණු ඉදිරිපත් කරමින් අවශ්‍ය නම් වගවීමේ ක්‍රියාවලියට ආරම්භයක් දැන් රජයට ලබා දිය හැකි ය.  නැගෙනහිර පළාතේ දී එල්.ටී.ටී.ඊ යට යටත් වූ නිරායුධ පොලිස් නිලධාරීන් 600 කට අධික ප්‍රමාණයක් ඝාතනය කිරිම, හිටපු ජනාධිතිනිය චන්ද්‍රිකා කුමාරතුංග ඝාතනය කිරීමට උත්සාහ කිරිම, ඇතුළු තවත් බරපතල අපරාධ රැසකට වගකිව යුතු බවට එදා චෝදනා එල්ල වූයේ මේ පුද්ගලයන්ට ය.  ඔවුන් සම්බන්ධයෙන් අදාළ නෛතික රාමුන් තුළ ක්‍රියාත්මක වීම වෙනුවට ඒ සියළු ත්‍රස්තයන්ව තමන් යටතේ තබා ගනිමින්, ඔවුන්ව පෝෂණය කරමින්, රටේ සෙසු ප්‍රගතිශීලි බලවේග වෙත රජය ත්‍රස්තවාදී හා දේශද්‍රෝහී ලේබලය, අලවමින් සිටී.

17 වන  සංශෝධනය යළි ක්‍රියාත්මක කරමින් ශිෂ්ඨ වටිනාකම් හා නීතියේ පාලනය පිහිටුවන බවට පොරොන්දු වන්නේ නම්,  සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සදහා අවශ්‍ය පද්ධති හා ආයතන රට තුළ ස්ථාපිත කිරිම වෙනුවෙන් සහාය දැක්වීමට එජාපය සූදානම් බව අප මේ මොහොතේ යලිදු වතාවක් රජයට අවධාරණය කර කියා සිටින්නෙමු.  අප විශ්වාස කරන අන්දමට ශ්‍රී ලංකාව එක්සත්, ප්‍රජාතන්ත්‍රවාදී සම්පූර්ණ නිදහස් රටක් ලෙස පැවතිය යුතුය.  අප ආදරණීය මාතෘභූමිය ලෝකයේ පසුගාමී, නීච රාජ්‍යයක් බවට පත්වනු දැකීමේ අරමුණක් අපට නොමැත.  ශිෂ්ට ජාතීන් අතර,  ලෝකයේ අනභිභවනීය ස්ථානයක් අප කාලයත්, භුක්තිවිදින ලදී.   තමන් අනුගමනය කරමින් සිටින පටු ජාතිවාදී ප්‍රතිපත්ති විදේශ සබදතා හැසිරවීම පිළිබඳ ඇති නොහැකියාව තුළ,  රාජපක්ෂ පාලනය විසින් අප රට ආගාධය කරා දිනෙන් දින දක්වමින් සිටිය ද සුළුතරයක් වූ පාලක පන්තියේ පව්වලට මේ රටේ ජනතාවට වන්දි ගෙවීමට අප කිසිසේත්ම ඉඩ නොතබන්නෙමු.

2014, ජුනි 15
UNP

එජා ප - රැඩිකල් ප‍්‍රකාශය

12-10-30 වැනි දින පැවැත්වුනු එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සම්මත කරගත් රැඩිකල් ප‍්‍රකාශය-

යුද්ධය අවසාන වීමෙන් පසු උදා වේ යැයි දිගු කාලයක් තිස්සේ අපේක්‍ෂා කළ සැනසිල්ල, සෞභාග්‍ය අහලකවත් නැත. පවතින ක‍්‍රමය මගින් තමන් රැවටීමකට ලක් කර ඇතැයි ජනතාවට ඒත්තු යමින් තිබේ. කටුක වුවත් එය ඇත්තකි. මේ ක‍්‍රමය මගින් අප රවටනු ලැබ තිබේ. ඔබ ජීවත් වන අවට හාත්පස බලන්න.

1.1 වොෂින්ටන් එකඟත්වය හා නව ලිබරල් වාදය මත පදනම් වූ කොළඹ කොටස් වෙළෙඳපොළ ධනවාදයේ සූරාකෑමට අප ලක් වී තිබේ. අපට රැකියාවලින් ලැබෙන්නේ හිඟන වැටුපකි. ජීවන වියදම හුස්මගත නොහැකි තරමට ඉහළය. යන්තම් ලැබෙන විදේශ විනිමයෙනුත් වැඩි යරියක් මැදපෙරදිග මරු කතරට යන නුපුහුණු ගෘහ සේවිකාන්ගෙන්ය. ණය ගෙවීම සඳහා ණය ගන්නා රජය මහජන සුබ සාධනය සඳහා කරන වියදම් අනුකම්පාවකින් තෙරව කපා දමමින් සිටියි. සේවකයන්ට, ගොවීන්ට, කම්කරුවන්ට අයිති ඉතිරි කිරීම් හා විශ‍්‍රාම  වැටුප් වංචා කරමින් තිබේ. 

1. වාර්ගික හා ආගමික අන්තවාදය දේශපාලන කොඳු නාරටිය තුළට එන්නත් කරගෙන තිබේ. ඔවුන් විසින් උසිගන්වනු ලබන පිරිස්  ඕනෑම මොහොතක රට ගිනි තැබීමට සැදී පැහැදී සිටිති. 

එල්ටීටීඊ ත‍්‍රස්තවාදය වෙනුවට රාජ්‍ය ත‍්‍රස්තවාදය ආදර්ශ වී තිබේ. එය ගම් නියම්ගම් දක්වා දළු ලා පැතිරී ඇත. දේශපාලන අනුග‍්‍රහය හා ආශිර්වාදය මැද අපරාධකරුවෝද, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝද, අශීලාචාර පුත්තු ද, ස්වකීය නොපනත්කම් සඳහා නගර ගම් නියම්ගම් පාරාදීස කරගෙන නිදැල්ලේ ඇස් පනාපිටම වැජඹෙති. නීතිය ක‍්‍රියාත්මක කරන ආයතන හා යුක්තිය පසිඳලන ආයතන අක‍්‍රීය කර බිය වද්දා තිබේ. ස්ත‍්‍රී - පුරුෂ ළමා - ළපටි බේදයකින් තොරව කාටත් බියෙන් සැකයෙන් තොරව ජිවත් වීමේ අයිතිය අතුරුදන් කර තිබේ. තරුණ තරුණියන්ට තමන්ගේ අභිමතය පරිදි අධ්‍යාපනය ලැබීමටද, රැකියාවක් කිරීමටද ඇති අවස්ථා උදුරා ගෙන ඔවුන්ගේ නිදහසට විලංගු දමා තිබේ. තම අඳුරු අනාගතය පිළිබඳ කලකිරීමටද, ඉච්ඡුාභංගත්වයට ද පත්වී ඇති ඔවුහු බුරුතු පිටින් මහ රෑ අඳුරේම බෝට්ටුවල නැගී දිව පරදුවට තබා රටින් පළා යති.

කෙටි කාලීන කෑදරකම මගින් දේශපාලන ආචාර ධර්ම යටපත් කර තිබේ. වැටත් නියරත් ගොයම් කන්නාසේ දේශපාලනඥයින්ම අපරාධ, වංචා, දූෂණ සිදු කරති. අනුබල දෙති. රැක ගනිති. තමන්ට ඡන්දය දුන් මහජනයා තුට්ටුවකට මායිම් නොකර වස්තුකාමය හා බලකාමය වෙනුවෙන් පක්‍ෂ මාරු කරති. පවරා දෙනු ලැබූ පරමාධිපත්‍යය ස්වකීය භක්තියට යොදා ගනිති. 

මානව අයිතිවාසිකම් සීමා කිරීම හා ඛඛඍක්‍ වාර්තාව පෙන්වා දෙන පරිදි ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන දුර්වල කිරීම’ මගින් රාජපෂ පවුලේ පාලනය සමග රාජ්‍ය දේපොළ හොරකම් කරන හා ස්වභාවික සම්පත දූෂණය කරන නව පැලැන්තියක් මතු වී තිබේ. 

ජනගහනයෙන් සියයට 1ක් තරම් වන පිරිසක් අපේ රටේ සම්පත්වලින් සියයට 60ක් පාලනය කරති. මේ සුළු පිරිස අපගේ පාක්‍ෂිකයන් මෙන්ම සන්ධානයේ පාක්‍ෂිකයන්ද, ජනතා විමුක්ති පෙරමුණේ පාක්‍ෂිකයන්ද, ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාක්‍ෂිකයන්ද, අනෙකුත් පාක්‍ෂිකයන් ද කිසිම පක්‍ෂයකට අයත් නොවන ඉතිරි සියලූ දෙනා ද සූරා කති. මහජන දේපොළවල ඇටමිඳුළු දක්වාම උරා බී මහජනයාට අත්තකිලමථානු ජීවිතයක් උරුම කර දී ස්වල්ප දෙනෙක් අධික කාමසුඛල්ලිකානු ජීවිතයක් ගෙවති.

 මේ රාජපක්‍ෂ රෙජිමය යටතේ ලබා ඇති ආශ්චර්යයි. සුබ අනාගතයයි. 

එක්සත් ජාතික පක්‍ෂය වන අපි රටට නව දේශපාලන විකල්පයක් ඉදිරිපත් කරන්නෙමු. අපේ ව්‍යායාමය රාජපක්‍ෂ රෙජිමය පෙරළා දැමීමට පමණක් සීමාවූවක් නොව, මේ සමස්ත ක‍්‍රමයම වෙනසකට ලක් කිරීම දක්වා දිගු වූවකි. 

වෙළෙඳපොළ අභිබවා යන දේශපාලන පරමාදර්ශ ද, කෑදරකම අභිබවා යන වටිනාකම් පිළිබඳ පරමාදර්ශ ද ඇති කරන්නකි. 

 ලිච්ඡවී රජවරුන් විසින් අනුගමනය කරන ලදුව හා බුදුන් වහන්සේ විසින් අනුදැන වදාළ සප්ත අපරිහානි ධර්මයන්ට අනුකූලව කටයුතු කරන දේශපාලන ක‍්‍රමයක් ස්ථාපිත කිරීම, එම දේශපාලන ක‍්‍රමය මගින් මතු සඳහන් කරුණු හැම පුරවැසියෙකුටම සහතික කළ යුතුය. 

පළමුව
1. අවුරුදු 13ක අනිවාර්ය අධ්‍යාපනය හා රැුකියා වෙළෙඳපොළට සම්බන්ධ තෘතිය අධ්‍යාපනයක් ඇති කිරීම ඇතුළු අධ්‍යාපනයේ පූර්ණ ප‍්‍රතිලාභ, නිදහස් සෞඛ්‍ය සහතික කරන ජාතික සෞඛ්‍ය හා සමාජ රක්‍ෂණ ක‍්‍රමයක්, සමාජ රැකවරණය හා නිවාස ඊටීෆ් සේවක ඉතිරි කිරීම් හා විශ‍්‍රාම වැටුප්වල පූර්ණ ප‍්‍රතිලාභ සේවකයින්ට හිමි කර දීම.

2. සමාජීය වශයෙන් ඉහළ නැඟීමට, ජයග‍්‍රහණ ලබා ගැනීමට සැමටම සමාන අවස්ථා. 

3. තම ජීවිතය වඩා සැපවත් කර ගැනීම උදෙසා කැමති පරිදි භාණ්ඩ හා සේවා මිලදී ගෙන ජීවත්වීමට ප‍්‍රමාණවත් තරම් ආදායමක්.

4. සමාජ තහංචි මගින් ස්ථාපිත කොට තිබෙන බාධක හඳුනාගෙන ඒවා මුලින් උපුටා දැමීම පිණිස නියත වශයෙන්ම පියවර ගැනීමෙන් සමාජ සමානාත්මතාව ප‍්‍රවර්ධනය කිරීම. 

5. තරුණ තරුණියන්ට තමන් දකින ලෝකය සිහිනයක් නොව, සැබෑවක් කර ගැනීමට අවශ්‍ය ඉඩ ප‍්‍රස්ථා හා අවස්ථා සහිත පූර්ණ නිදහස. 

6. ථේරවාදී බුහු දහම ආරක්‍ෂා කොට පෝෂණය කිරීම හා කැමති ආගමක් ඇදහීමට ලෝකය පිළිගත් ෂක්‍ක්‍ඡුඍ ප‍්‍රඥප්තියට අනුකූලව තිබිය යුතු නිදහස හා අපගේ බහු ආගමික, සංස්කෘතික හා භාෂාමය පොහොසත්කම ආරක්‍ෂා කිරීම.
7 වේගයෙන් වැඩිවන වැඩිහිටි ජනගහනය රැකබලා ගැනීම හා විශ‍්‍රාම ගැන්වීමකින් තොරව තම කැමැත්ත පරිදි රැකී රක්‍ෂාවල නිරතවීමට ඔවුන්ට ඉඩ ප‍්‍රස්තා සැලසීම. 

දෙවනුව 
ජනගහනයෙන් බහුතරය වන ස්ව - අධිෂ්ඨානය හා ස්වසාධනය සඳහා සමාන අයිතිවාසිකම් නොමැති කාන්තාවන්ගේ අභිවෘද්ධිය උදෙසා මතු සඳහන් කරුණු සහතික කළ යුතුය. 
1. කාන්තාවට මුහුණ පෑමට සිදු වී ඇති සමාජ - සංස්කෘතික අසමානතා ඉවත් කොට දේශපාලන හා ආර්ථික වශයෙන් සවි බල ගැන්වීම. 

2. ස්ත‍්‍රී - පුරුෂ භාවය හෝ සුලභ තත්ත්වයන් මත ගරු සැලකිලි නොදක්වන, කාන්තාවන්ගේ ආධිපත්‍ය හා පාලනය සහතික කරන සංස්කෘතියක් ඇති කිරීම. 

3. ලිංගිකත්වය හා ස්ත‍්‍රීත්වය මත සිදු වන ප‍්‍රචණ්ඩ ක‍්‍රියා කාන්තාවට බලපාන සාහසික අපරාධ ලෙස සලකන අතර, එකී ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවලට එරෙහිව නීතිය දැඩි ලෙස ක‍්‍රියාත්මක කිරීම.

තුන්වෙනුව. 

මතු සඳහන් කරුණු මත පදනම් වු ආණ්ඩුක‍්‍රමයේ ස්ථාපිත කළ යුතුය.

1. ශ‍්‍රී ලාංකික අනන්‍යතාව, ජාතික සමගිය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන හා අයිතීන් ශක්තිමත් කිරීම, සමානාත්මතාව සහතික කිරීම, නීතියේ ආධිපත්‍යය, ස්වාධීන කොමිසන් සභා යළි පිහිටුවීම, බලය බෙදීම සඳහා ඉඩ ප‍්‍රස්ථා ඇති සහ ජනාධිපති ඇතුළු අනෙකුත් ප‍්‍රධාන තවනතුරු දරුන්නන්ගේ ධූර කාල සීමා කරන, වර්තමානයේ පවතින එක් පුද්ගලයෙකු අත පූර්ණ බලතල කේන්ද්‍රගත වූ ක‍්‍රමය වෙනුවට මහජන ආධිපත්‍යය තහවුරු කරන, කැබිනට් මණ්ඩල පාර්ලිමේන්තුවට වගකියන නියෝජිත ආණ්ඩුක‍්‍රමයක් ඇතුළත් ශක්තිමත් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක්. 

2. එල්.එල්.ආර්.සී වාර්තාව සහ ශ‍්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ සංවිධානයට දෙන ලද පොරොන්දු ක‍්‍රියාත්මක කිරීම මගින් ජාතික ඒකාග‍්‍රතාව ප‍්‍රවර්ධනය කිරීම සඳහා නීතිමය රාමුවක්.

3. ‘‘අධ්‍යාපනය උදෙසා අසීමිත අවකාශය’ මූලික අයිතිවාසිකමක් ලෙස පිළිගැනීම සහ අධ්‍යාපනය ලැබීමේ අයිතිය පිළිබඳ නීතිය. 

4. අල්ලස හා දූෂණය පිටුදැකීම සඳහා මතු සඳහන් කරුණු ඇතුළත් නව නීති

1. දුෂණයට එරෙහි ඵලදායී සහ ස්වාධීන යාන්ත‍්‍රණයක් සමග දූෂණය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තිය බලගැන්වීම. 
11. මහජන දේපොළ සහ පුරා වස්තු දේශපාලනඥයින්ගෙන් හා ඔවුන්ගේ ආධාරකරුවන්ගෙන් ආරක්‍ෂා කර ගැනීම. 

111.තොරතුරු දැන ගැනීමේ අයිතිය ක‍්‍රියාත්මක කිරීම සහ 

1v. විනිවිදභාවය හා වගකීම සහිතව මහජන මුදල් දේශපාලන පක්‍ෂවලට සැපයීම හා එමගින් පුරවැසියන්ට රජයට සහභාගී වීමට හැකියාව ලැබීම. 

 හතරවෙන්ව, 

රජයක්

1. නූතන සාධනීය ග‍්‍රාමීය ආර්ථිකයක් ද ඇතුළත් ඉහළ තරගකාරීත්වයකින් යුතු සමාජ වෙළෙඳපොළ ආර්ථිකයක් මත පදනම් වූ පූර්ණ රැකියා නියුක්තියට කැපවීම සහ එමගින් ශක්තිමත් මධ්‍යම පන්තියක් නිර්මාණය කිරීම. ඔබ සතු  ඕනෑම ආකාරයක දේපළක්, කුඩා ව්‍යාපාරයක් හෝ කුඩා නිවසක් ඇත්නම් ඒ තරමට ඔබ ස්වාධීන වන බව එක්සත් ජාතික පක්‍ෂය කල්පනා කරයි. රට පුරා ඇති දේපළ මිලියන ගණන් වූ පුද්ගලයන් අතර විසුරුවා හැරේ නම් ඒ දේපළ අයිතිය මත රැඳී පවත්නා බලය ද විසිරෙන අතර විසිරෙන බලය බලහත්කාරයේ යෙදවීමටද ඉඩක් නැත. රජය අතට හෝ වරප‍්‍රසාද ලත් පන්තියක් අතට දේපළ අයිතිය හෝ බලය ඒකරාශී කිරීමට හෝ කේන්ද්‍රගත කිරීමට අපේ අභිප‍්‍රායක් නැත.

2. අඩු කාබන් ආර්ථිකයක් ද ඇතුළත් තිරසාර සංවර්ධනයක් තුළින් පරිසරය රැුක ගැනීම සහා ඵලදායී පියවර ගැනීම මගින් පරිසරය සුරක්‍ෂිත කිරීම. 

පස්වෙනුව, 

තේරී පත්වන මහජන නියෝජිතයන්ට ඔවුන්ගේ රාජකාරී කරගෙන යාම සඳහා චර්යා ධර්ම පද්ධතියක් ද ඇතුළත් නීතිවලට යටත්ව පහසුකම් සැපයීම, පරිවාර ආරක්‍ෂක රථ සැපයීම පිළිගත් පද්ධතියක් මත සකස් කළ ආරක්‍ෂක වාර්තා අනුව පමණක් සිදු කිරීම. 

හයවෙනුව,

ඉහත කී අරමුණු සාක්‍ෂාත් කොට පැහැබර හෙටක් - බබළන රටක් - නව ශ‍්‍රී ලංකාවක් බිහි කිරීම සඳහා එක්සත් ජාතික පක්‍ෂ රජයක් බලයට පත් කර ගැනීම පිණිස මතු සඳහන් ක‍්‍රියාමාර්ග ගත යුත්තේය. 

ඒ සඳහා අවශ්‍ය යාන්ත‍්‍රණය වශයෙන්
1. පක්‍ෂය වෙනුවෙන් අපරිමිතව කැපවී ක‍්‍රියාකළ ක‍්‍රියාකාරීන්, පාක්‍ෂිකයින් අගය කර ඔවුන්ගේ සත්‍යවාදී අවංක සේවය නොකඩවා ලබා ගැනීම. 

2. දීර්ඝ කාලයක් තිස්සේ පීඩාවන්ට හා මදි පුංචිකම්වලට ලක්වී සිටින අප පාක්‍ෂිකයින්ගේ අභිලාෂ හඳුනා ගෙන එක්සත් ජාතික පක්‍ෂ රජයක් යටතේ ඒවා ප‍්‍රමුඛත්වයෙන් යුතුව ඉෂ්ඨ සිද්ධ කර දීමට ක‍්‍රියාකාරී සැලැස්මක් සම්පාදනය කිරීම. 

3. රටේත් සමස්ත ජනතාවගේත් යහපත සැලසීම පක්‍ෂයේ ප‍්‍රමුඛතම කාර්ය සේ සලකා පක්‍ෂ ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කිරීමට සම්මුතියකට එළඹෙන සියලූ පාර්ශ්ව ඒකරාශී කොට පක්‍ෂ අනන්‍යතාව ශක්තිමත් කිරීම. 

4. පක්‍ෂ සම්මේලනයේදී පක්‍ෂයේ සියලූ මහජන නියෝජිතයන්, ක‍්‍රියාකාරීන් පක්‍ෂ ව්‍යවස්ථාව අනුගමනය කොට ආරක්‍ෂා කරන බවටත් ඊට අනුකූලව ක‍්‍රියා කරන බවටත් ප‍්‍රතිඥා දීම. 

5. බිම් මට්ටමේ ශාඛා, කාන්තා, තැරණ සමිති කඩිනම් වැඩසටහනක් යටතේ පිහිටුවා ශක්තිමත් කිරීම සඳහා පක්‍ෂ නායකියන් වෙත බලය පැවරීම.

 6. රැඩිකල් වැඩසටහන පිළිබඳව මහජනයා දැනුවත් කර පක්‍ෂ සාමාජිකයින් බඳවා ගැනීමට හදිසි වැඩසටහනක් ක‍්‍රියාත්මක කිරීම.

7. ඉහත රැඩිකල් වැඩසටහනට එකඟවන සියලූම දේශපාලන පක්‍ෂ, සමිති, සංවිධාන හා පුද්ගලයින් ඒකරාශී කොට එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය යටතේ ජාතික සංවිධානයක් පිහිටුවීම. 

 රැඩිකල් වැඩ සටහන යනු,
මහජනතාව උදෙසා කරන ආයෝජනයකි
වටිනාකම් වෙනුවෙන් කරන ආයෝජනයකි
පරිසරය වෙනුවෙන් කරන ආයෝජනයකි
සමාජ සුබ සාධනය වෙනුනේ කරන ආයෝජනයකි
 යටිතල පහසුකම් වෙනුවෙන් කරන ආයෝජනයකි
 ව්‍යාපාර වෙනුවෙන් කරන ආයෝජනයකි
 රැකියා වෙනුවෙන් කරන ආයෝජනයකි
 රැඩිකල් වැඩසටහන ඔබ වෙනුවෙනි, ඔබේ දරුවන් වෙනුවෙනි
 රට වෙනුවෙනි.
UNP

රට වලපල්ලට යද්දී එජාපයේ කල්ලි වාදය ඉහලට

| මැණිකේ

ජීවන වියදම ඉහළ යාම පිළිබද රට පුරාම ‍විවිධ පාර්ශවයන් විසින් මේ දින වල විරෝධතා ව්‍යාපාර පවත්වනවා. මේ අතර එක්සත් ජාතික පක්ෂය ද විරෝධතාවක් සූදානම් කර ඇති බවට ආරංචිග එක් විරෝධතාවයක් නෙමෙයි කිහිපයක්ම. ‍කොළඹ පැවැත්වෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විරෝධාතාවයක්. ඒ කියන්නේ ඒ විරෝධතාවය සහභාගී වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ රනිල් පාර්ෂවයේ සමාජිකයන් සහ ඔවුන්ගේ ආධාරකරුවන් පමණයි. මීට අමතරව කුරුණෑගලත් විරෝධතාවයක් සූදානම් කරලා තියෙනවා. ඒ සජිත් පාර්ෂවයෙන්. එතකොට මේ විරෝධාවයට සහභාගී වෙන්නේ රනිල් විරෝධී සාමාජිකයන් එහෙම නැත්තම් සජිත් පාර්ෂවයේ සාමාජිකයන් සහ ඔවුන්ගේ අධාරකරුවන්. මේ විරෝධතා දෙකම පැවැත්වෙන්නේ එකම දිනයේල එකම වෙලාවට.

හැම විරෝධාතවයක්ම කොළඹ තියන්නේ නැතුව ප්‍රාදේශීය වශයෙන් විරෝධතාවයන් දක්වන එක හොදයි. නමුත් පක්ෂයක් එක්සත් ජාතික පක්ෂය සියළුම බලවේගයන් ඒකරාශී කරන එක පැත්තකින් තියලා තම තමන්ගේ කල්ලි වාදය ඉස්මතු කර ගන්න උත්සහ කරන බවකුයි පේන්න තියෙන්නේ. කුරුනෑගල ආසන සංවිධායකවරයා සජිත් පාර්ෂවයේ. ඒ නිසා ඔහු සහ ඔහුට හිතැති සමාජිකයන් සහ ආධාර කරුවන්ට කොළඹ පැවැත්වෙන උද්ඝෝෂණයට සහභාගී වෙන්නේ නැහැ. කෙසේ වුවත් වැඩි පිරිසකගේ ආකර්ෂණය ලැබෙන්න කොළඹ පැවැත්වෙන උද්ඝෝෂණයට. ඒ නිසා මම දකින විදියට නම් පිල් බේද අමතක කරලා එයට සහ‍ය දෙනවානම් තමයි නුවනැති ක්‍රියාවක් වෙන්නේ. පිල් බෙදෙන්න නැතුව පක්ෂයක් විදිය ප්‍රාදේශීය වශයෙනුත් උද්ඝෝෂණ සංවිධානය කරන එක හොදයි.

එජාපයේ මේ කල්ලි වාදයෙන් ජය ගන්නේ රනිල් වික්‍රමසිංහවත් සජිති ප්‍රේමදාසවත් නෙ‍වෙයි. මෙයින් වාසි අත් වෙන්නේ රාජපක්ෂ ආණ්වුයටග මේ හැම දෙයින්ම තැලෙන්නේ අහිංසක ජනතාව.

රටේ ප්‍රධාන විපක්ෂය විදියට එක්සත් ජාතික පක්ෂයට සබෑවටම ආණ්ඩුවට බලපෑමක් එල්ල කරන්න අවශ්‍ය නම් කල්ලිවාදය අමතක කරලා හැම දෙනාම ඒකරාශී වෙන්න ඕනේ. මේ වගේ රට උණුසුම් අවස්ථාවක පක්ෂයේ නායකයන් කටයුතු කරන්න ඕනේ ආණ්ඩුවට බලපෑමක් එල්ල කරන්න මිස පක්ෂයෙන් නායකත්වය ගන්න නෙවෙයි කියන එකයි මගේ අදහස. මගේ දේශපාලන මිතුරෙක් දිනක් පැවසුවා දේශපාලනය කරද්දී සමාව දීම අනිවාර්යයි කියලා. ඒ වගේම පක්ෂ ඇතුළෙම පිල් බෙදිලා එකිනෙකා හතුරො විදියට සලකගන්න තාක් කල් හොද නායකත්වයක් ගොඩ නැගෙන්නේ නෑ කියලා. ඔහුගේ අදහස වුණේ ආණ්ඩුවට බලපෑමක් ‍එල්ල කරන්න පුළුවන් අවස්ථාවක විරුද්ධ අදහස් දරන පක්ෂ සාමාජිකයන් මෙල්ල කරන එක නොකළ යුතු බව.

මේ වන විට එජාපයට සිටින දක්ෂ කථිකයෝ සියල්ලක්ම පාහේ ඉන්න සජිත් පිළේ. ඒ වගේම ප්‍රබල සහ පැරණි නායකයෝ ඉන්නේ රනිල් පිළේ. අද තියන තත්ත්වය හැටියට එජාපයේ සජිත් ප්‍රේමදාස පරම්පරාවෙන් පස්සේ කිසිම කෙනෙක්ට ඉදිරියට එන්න අවස්ථාව ලැබිලා නෑ. මේ වන විට එජාපයට තරුණ පෙළක් ඉන්නවද කියන එක ගැටළුවක්.

ආණ්ඩුවේ මන්ත්‍රීවරු එජාපයට එන්න සූදානමින් ඉන්වා කියලා සජිත් ප්‍රේමදස මහතා පවසනවාග නමුත් බලය තියෙන අවස්ථාවක කවුද ආණ්ඩුව දාලා එන්නේ. ගණන් සාස්තර වලින් ආණුඩු පෙරලන්න බැරි බව අපි හැමෝම දන්නවා. ආණ්ඩුව පෙරලන්න නම් පුළුල් ජනතා ව්‍යාපාරයක් ඕනේ. ඒ ජනතා ව්‍යාපාරයක් ගොඩ නැගෙන්න නම් සෑම ප්‍රජාවක්ම ආමන්ත්‍රණය කරන්න පුළුවන් නායකයන් ඉන්න ඕනේ. මේ නායකත්වය ගොඩ නගන්න එක්සත් ජාතික පක්ෂය සූදානම්ද කියන එකයි පක්ෂයේ සාමාජිකයන් ඇතුළු අපි හැම දෙනාටම තියන ගැටළුව.

මේ රටේ දේශපාලන පක්ෂ කිසි දිනෙක ජනහිතකාමී දේශපාලනයක් කළේ නැහැ කියන එක නැවත කිව යුතු නෑග නමුත් ජනතාවාදී නායකයන් කවදා හෝ බිහි වෙයි කියල බලාපොරොත්තුව අත හරින හොද නැහැග ඒ නිසා තමයි මේ විදියට ලියමනක් ලියන්න හිතුණේ,


UNP

"පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය දෙසැම්බර් 31 ට පෙර පත්කරනවා"

එක්සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පක්‍ෂ නායක සහ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සිරිකොත මූලස්ථානයේ දී රැස් වු බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසූයේ අද (07) පිටකෝට්ටේ ජාතික සේවක සංගම් මූලස්ථානයේ පැවති මාධ්‍යය හමුවකදීය. ඒ මහතා එහිදී මෙසේද පැවසීය.

එක්සත් ජාතික පක්‍ෂයේ ව්‍යවස්ථාවට අනුව නව නිලධාරීන් පත් කර ගැනීම සම්බන්ධයෙන් පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට දැනුම් දීම ඉදිරි දින 10 ඇතුළත සිදු කරන බව එක්සත් ජාතික පක්‍ෂ නායක සහ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එහිදී කෘත්‍යාධිකාරී මණ්ඩලයට දැනුම් දුන්නා. ඒ අනුව එක්සත් ජාතික පක්‍ෂයේ 2012 සඳහා වන නව නිලධාරී මණ්ඩලය දෙසැම්බර් මස 31 වැනිදාට ප්‍රථම පත් කර ගැනීමට නියමිත බව කිව යුතුයි.

එක්සත් ජාතික පක්‍ෂයේ ව්‍යවස්ථාව අනුව ඒ ඒ නිලධාරීන් තෝරා ගැනීමේ දී ප්‍රමුඛතාවය දිය යුතුව තිබෙන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පොදු එකඟතාව අනුව ඒ නිලධාරීන් තෝරා පත් කර ගැනීමටයි. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පොදු එකඟතාවයකින් යුතුව ඒ ඒ නිලධාරීන් තෝරා පත් කර ගැනීමට නොහැකි වුණොත් පමණක් එක්සත් ජාතික පක්‍ෂයේ ව්‍යවස්ථාවේ 8.2 වගන්තිය අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සහ පාර්ලිමේන්තු කණ්ඩායමේ රහස් ඡන්දයකින් ඒ තෝරා පත් කර ගැනීම් සිදු කළ යුතුව තිබෙනවා.

ඒ අනුව ඉදිරි දින 10 ඇතුළත දී නැවත කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් කැදවා එක්සත් ජාතික පක්‍ෂයේ ඒ ඒ නිලධාරීන් පත් කර ගැනීම මහ සමුළුව පැවැත්වීම සහ ඉදිරි වැඩ කටයුතු සම්බන්ධයෙන් අනුමැතිය ලබා ගැනීමට නියමිතයි.

පළාත් පාලන ආයතන නියෝජනය කරමින් එක්සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට නියෝජිතයින් 9 ක් පත් කළ යුතුව තිබෙන අතර ඒ නියෝජිතයින් පත් කිරීමේ දී අනුගමනය කළ යුතු නිර්ණායක පද්ධතිය ද අනුමත කළ කෘත්‍යාධිකාරී මණ්ඩලය මහ නගර සභා නියෝජනය කරමින් නියෝජිතයින් දෙදෙනෙකු ද නගර සභා නියෝජනය කරමින් තවත් නියෝජිතයින් දෙදෙනකු ද සියලූම ප්‍රාදේශීය සභා නියෝජනය කරමින් නියෝජිතයින් පස් දෙනෙකු ද පත් කිරීමට තීන්දු කළා.

කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා හෝ කණ්ඩායම් නායකයා සෑම අවස්ථාවකදීම අනිවාර්යෙන් පත් විය යුතු බව අවධාරණය කළ කෘත්‍යාධිකාරී මණ්ඩලය පළාත් පාලන නියෝජිතයින් පත් කර ගැනීමට අදාළ නිර්දේශ ඒ ඒ දිස්ත්‍රික් කළමනාකරුවන් හරහා ලබා ගැනීමට තීරණය කළා. ඒ අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත් කළ යුතු පළාත් පාලන නියෝජිතයින් පිළිබඳ නිර්දේශ මේ මස 10 වැනිදාට ප්‍රථම මහලේකම්වරයා ලෙස මට යොමු කළ යුතුව තිබෙන අතර, ඒ නිර්දේශ 12 වැනිදා පැවැත්වෙන එක්සත් ජාතික පක්‍ෂයේ උපදේශක කමිටුවේදී අනුමත කිරීමට කටයුතු යොදා තිබෙනවා.

එක්සත් ජාතික පක්‍ෂයට අනුබද්ධිත වෘත්තීය සමිති සහ අනුබද්ධ ආයතන නියෝජනය කරමින් කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත් කෙරෙන නියෝජිතයින්ට අදාළ නිර්ණායක ද කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී අනුමත කෙරුණා. පළාත් පාලන ආයතන නියෝජනය කරමින් කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත් කෙරෙන නියෝජිතයින්ගෙන් දෙදෙනෙකු ද වෘත්තීය සමිති නියෝජිතයින්ගෙන් එක් අයෙකු ද අනුබද්ධ ආයතන නියෝජනය කරමින් ඊට පත් කෙරෙන නියෝජිතයින්ගෙන් එක් අයෙකු ද කාන්තාවක් විය යුතු බව කෘත්‍යාධිකාරී මණ්ඩලය පෙන්වා දුන්නා.

ත්‍රිකුණාමලය, පුත්තලම, මාතලේ සහ වන්නි දිස්ත්‍රික් නියෝජනය කරමින් කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත් කළ යුතු නියෝජිතයින් සම්බන්ධයෙන් ද එක්සත් ජාතික පක්‍ෂ උපදේශක මණ්ඩලයේ දී කරුණු සාකච්ඡා කර අවසන් තීන්දුවක් ගැනීමට තීරණය කෙරුණා. ඒ අනුව එක්සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සම්පූර්ණ වන අතර පක්‍ෂ ව්‍යවස්ථාවේ 8.1 සහ 8.2 යන වගන්ති යටතේ පත් කළ යුතු ඒ ඒ නිලධාරීන් පත් කෙරෙන්නේ මේ සම්පූර්ණ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙනුයි.

එක්සත් ජාතික පක්‍ෂයේ ඒ ඒ නිලධාරීන් සඳහා සුදුස්සන් තෝරා පත් කර ගැනීමට අදාළ නිවේදනය ඉදිරි කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී නිකුත් කෙරුණාට පසුව ඉදිරි තත්ත්වයන් සම්බන්ධයෙන් අප සාකච්ඡා කිරීමට බලාපොරොතු වනවා.

කොළඹ හයිඩ් පිටියේ දී එක්සත් ජාතික පක්‍ෂය ප්‍රධාන දේශපාලන පක්‍ෂ සහ සංවිධාන ආණ්ඩුවට විරුද්ධව සංවිධානය කළ විරෝධතා ව්‍යාපාරය ගැන සමාලෝචනය කළ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒ විරෝධතා ව්‍යාපාරයට ජනතාව සහභාගී කරවමින් සකී්‍රය ලෙස දායක නොවූ සියලූ පාර්ශ්වයන් සම්බන්ධයෙන් ක්‍රියා මාර්ග ගැනීමට ද තීන්දු කළා. ඒ සම්බන්ධ පුළුල් සහ සවිස්තර වාර්තාවක් ඉදිරි කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු බව පෙන්වා දුන් කෘත්‍යාධිකාරී මණ්ඩලය උද්ඝෝෂණය සාර්ථක කර ගැනීමට සහය දුන් සියලූ පාර්ශ්වයන්ට සිය ආචාරය පුද කළා.

අය-වැය යෝජනාවලියට සහය පළ කරමින් රජයට එක් වූ කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරු මහතාගේ පක්‍ෂ සාමාජිකත්වය වහාම අත්හිටුවීමට පියවර ගත් කෘත්‍යාධිකාරී මණ්ඩලය ඔහු වෙනුවෙන් විනයානුකූල පියවර ගැනීම සඳහා ඔහුට එරෙහි විනය මණ්ඩලයට යොමු කළා.

හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ මානව හිමිකම් ආරක්‍ෂා කරන ලෙසට ඉල්ලමින් අත්සන් දස ලක්‍ෂයකින් යුතු මහජන පෙත්සමක් සියලූ දේශපාලන පක්‍ෂ සහ සංවිධාන සමග එකාබද්ධ සකස් කර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී මූන් මහතා වෙත ඉදිරිපත් කිරීමට ද කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා. ඒ අනුව මේ මහජන පෙත්සම සඳහා අත්සන් ලබා ගැනීමේ කටයුතු සියලූ දේශපාලන පක්‍ෂ නායක මට්ටමෙන් කොළඹනගරාධිපති නිල නිවසේ දී නිල වශයෙන් අනිද්දා (10) උදේ 10.00 ට ආරම්භ කිරීමට ද තීරණය කෙරුණා.

ඊට පසුව මේ මහජන පෙත්සම රට පුරා පළාත් මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින්, මැතිවරණ කොට්ඨාශ මට්ටමින් සහ ගම් මට්ටමින් අත්සන් කිරීමට ද කටයුතු යොදා තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත සරත් ෆොන්සේකාගේ මානව අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීමට මැදිහත් වන ලෙසට ඉල්ලමින් ඉදිරිපත් කෙරෙන මේ මහජන පෙත්සමේ වැඩ කටයුතු සම්බන්ධීකරණය එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය මහලේකම් මහචාර්ය ජයලත් ජයවර්ධන ඇතුළු කණ්ඩායමක් සිදු කරනවා.

මාතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාට එරෙහිව විනය කමිටුව යම් යම් තීරණ මේ වන විට ගෙන තිබෙන නමුත් යම් ආකාරයකින් මේ සිදු වීම පිළිබඳව කිසියම් වූ පාර්ශ්වයකට පක්‍ෂයේ ව්‍යවස්ථාවට පක්‍ෂයට හානියක් නොවන පරිදි යම් එකඟතාවක් ඇති කර ගැනීමට හැකි නම් ඒ ක්‍රියා මාර්ග ගැනීමට ද කෘත්‍යාධිකාරී මණ්ඩලය අවසර ලබා දුන්නා.

එහිදී ජනමාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න සහ ඊට එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා දුන් පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය : එක්සත් ජාතික පක්‍ෂ නායකත්වයට තමා ඉදිරිපත් වන බව කෘත්‍යාධිකාරී මණ්ඩලයට අද (07) නිල වශයෙන් දැනුම් දෙන බව නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතා ජනමාධ්‍ය ඔස්සේ කර තිබූ ප්‍රකාශ අනුව එවැනි දැනුම් දීමක් සිදු වුණා ද?

පිළිතුර : කරු ජයසූරිය මහතා හෝ කිසිදු අයෙකු එක්සත් ජාතික පක්‍ෂයේ ඒ ඒ නිලතල සඳහා ඉදිරිපත් වන බවට කෘත්‍යාධිකාරී මණ්ඩලයට කිසිදු නිල දැනුම් දීමක් කළේ නැහැ. කෙසේ නමුත් කරු ජයසූරිය මහතා අද (07) උදේ එතුමා නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් සම්බන්ධයෙන් මා වෙත ලිපියක් යොමු කරමින් කියා තිබුණේ නායකත්ව තරඟයට එතුමා ඉදිරිපත් වන බවයි.

ප්‍රශ්නය : ඔබට එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතා ඉදිරිපත් කළ ලිපිය නිල ලිපියක් ද?

පිළිතුර : ඒ ලිපිය නිල ලිපියක් වශයෙන් පිළිගැනීමට හැකියාවක් නැහැ. ඊට හේතුව එවැනි ලිපියක් හෝ දැනුම් දීමක් හෝ යෝජනාවක් කළ යුතුව තිබෙන්නේ ඒ ඒ තනතුරු සඳහා පුප්පාඩු පිරවීමේ නිවේදනය කෘත්‍යාධිකාරී මණ්ඩලය නිවේදනය කිරීමෙන් පසුවයි.


UNP

ආණ්ඩුව ආපස්සටත් අප ඉදිරියටත් ගොස් තිඛෙනවා - රනිල් වික්‍රමසිංහ

සාටකයට විරුද්ධව එක්සත් ජාතික පක්‍ෂය ප්‍රධාන දේශපාලන පක්‍ෂ සහ සංවිධාන ඒකාබද්ධව ආරම්භ කළ විරෝධතා ව්‍යාපාරය අප අඛණ්ඩවම ඉදිරියට ගෙන යා යුතුබව විපක්ෂනායකතුමා පැවසීය. එතුමා මේ බව පැවසූයේ අද (05) කොළඹ 7 ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක නිල නිවසේදී පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් සමග පැවති සාකච්ඡාවේදීය. එතුමා එහිදී මෙසේද පැවසීය.

කොළඹ මහ නගර සභා ජයග්‍රහණය, කොළඹ හයිඩ් පිටියෙන් අප ආරම්භ කළ ආණ්ඩු විරෝධී විරෝධතා ව්‍යාපාරය සහ අය-වැය ඉදිරිපත් කළ මොහොතේ ආණ්ඩුවේ අවනීතිය පාර්ලිමේන්තුවේ දී අප මුළු ලෝකයටම පෙන්වා දීමත් සමග දේශපාලන වශයෙන් පියවර ගණනාවක් පස්සට යන්න ආණ්ඩුවට සිදුව තිබෙනවා. අය-වැය ඉදිරිපත් කළ අවස්ථාවේදී අවනීතිය පාර්ලිමේන්තුව ඇතුළතටම ගෙන ආ ආණ්ඩුව අය-වැයට විරුද්ධව මතු වූ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හඬ මර්දනය කිරීම සඳහා විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට පහර දුන්නා.

රාජ්‍ය සේවකයින්ට නිවාඩු දී ආණ්ඩුවේ අය-වැය යෝජනාවලියට පක්‍ෂව ඒ සේවක සේවිකාවන් පෙළපාලියේ යැවීමට ආණ්ඩුවට මේ වන විට සිදුව තිබෙනවා. ආණ්ඩුවේ නියෝගය පරිදි පෙළපාලි නොගිය හොත් ප්‍රශ්න ඇති වන නිසා අකමැත්තෙන් හෝ පෙළපාලි යන්න සිදුව තිබෙන බව රාජ්‍ය සේවක සේවිකාවන් අප සමග කියා සිටිනවා.

ආණ්ඩු බලය අපට විරුද්ධව යොදවද්දීත් අපට කිසිදු මාධ්‍ය බලයක් නොතිබියදීත් අප ගෙන් ගෙට ගොස් ජනතාව දැනුවත් කර ජනතා බලය ඒකරාශී කොට කොළඹ මහ නගර සභාව ජය ගෙන ඊට පසුව සියලූ බලවේග සමග එක්ව ආණ්ඩු විරෝධී සාර්ථක විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කළා.

අය-වැය ඉදිරිපත් කළ අවස්ථාවේදී මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හරින බව කියමින් පාර්ලිමේන්තුවේදී අභියෝග කළා. ඒ අභියෝගය භාරගත් මා එසේ නම් පාර්ලිමේන්තුව වහාම විසුරුවා හරින්නැයි කියා සිටියා. ආණ්ඩුවේ අය-වැය යෝජනාවලියට විරුද්ධව අප පාර්ලිමේන්තුවේ දී විරෝධතා පුවරු ඔසවාගෙන අපේ විරෝධය පළ කරද්දී ආණ්ඩු පක්‍ෂය අපට කළ පහරදීමෙන් ආණ්ඩුවේ සැබෑ තත්ත්වය රටටත්, මුළුලෝකයටත් හෙළි වුණා.

කොළඹ හයිඩ් පිටියේ අප සංවිධානය කළ ආණ්ඩු විරෝධී විරෝධතා ව්‍යාපාරය විවිධ උපාය සහ උපක්‍රම ඔස්සේ කඩා කප්පල් කිරීමට උත්සාහ කළ අතර ඒ විරෝධතා ව්‍යාපාරය සඳහා අදාළ බලපත්‍ර පවා ලබා දුන්නේ අවසන් මොහොතෙයි.මේ විරෝධතා ව්‍යාපාරය කඩා කප්පල් කිරීමට ආණ්ඩුව බාහිරින් සේම අභ්‍යන්තරයෙන් යෙදූ සියලූ උපාය උපක්‍රම පරාජයට පත් කරමින් ආණ්ඩුවට විරුද්ධව අතිවිශාල ජනකායක් කොළඹට ඒකරාශී කිරීමට අපට හැකි වුණා.

ආණ්ඩුව ආපස්සටත් අප ඉදිරියටත් ගොස් සිටින මේ මොහොතේ අප කළ යුත්තේ අප ලැබූ ඒ ජයග්‍රහණ තව තවත් තහවුරු කරමින් ආණ්ඩුවට විරුද්ධව ඉදිරිපියවර තබා අපේ සටන වේගවත් කිරීමයි. එසේ නොවුණහොත් තව මාස කිහිපයකින් ආණ්ඩුව නැවත වතාවක් ඉදිරියට පැමිණීමට උත්සාහ කිරීමට ඉඩ තිබෙනවා.

හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවට යන්න කොළඹහයිඩ් පිටියට ඒකරාශී වූ ජනතාව අපටත් දේශපාලන පක්‍ෂ සහ සංවිධානවලටත් අනුමැතිය දුන්නා. විශ්ව මානව හිමිකම් ප්‍රඥප්තියට ද ජාත්‍යන්තර සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍ර ඥාප්තියට ද ශ්‍රී ලංකාව අත්සන් කර තිබෙන නිසා ඒ ජාත්‍යන්තර ගිවිසුම් අනුව ජනාධිපතිවරණ අපේක්‍ෂකයකුට සහ පාර්ලිමේන්තු අපේක්‍ෂකයකුට හදිසි නීති යටතේ නඩු පැවරීමට හැකියාවක් ඇත්තේ නැහැ.

ඒ අනුව හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා නිදහස් කිරීම සදහා මැදිහත් වන ලෙසට ඉල්ලමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට මහජන පෙත්සමක් ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්‍ෂය ප්‍රධාන දේශපාලන පක්‍ෂ සහ සංවිධාන තීරණය කර තිබෙනවා. ඊට සමගාමීව ආණ්ඩුවේ අවනීතියට එරෙහි සහ ජනතාව මුහුණ දී සිටින උග්‍ර ජීවන අර්බුදයට එරෙහි එක්සත් ජාතික පක්‍ෂයේ ආණ්ඩු විරෝධී විරෝධතා ව්‍යාපාරය ද අප අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කරනවා.

මේ විරෝධතා ව්‍යාපාරය රට පුරා ගම් මට්ටමේ සහ බිම් මට්ටමේ ක්‍රියාත්මක කරවා ඊට පසුව නැවත වතාවක් ජාතික මට්ටමේ විරෝධතා ව්‍යාපාර දක්වා ආණ්ඩුවට එරෙහිව වර්ධනය කිරීමට කටයුතු යොදා තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරු මහතා අය-වැය ඡන්ද විමසීමේදී ආණ්ඩුවට සහාය පළ කිරීම සම්බන්ධයෙන් ගත යුතු විනය ක්‍රියාමාර්ග ඇතුළු ඉදිරි පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අප එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය බදාදා (07) කැදවා තිබෙනවා.

එහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය මහලේකම් සහ ජාතික සේවක සංගමයේ සභාපති දොස්තර ජයලත් ජයවර්ධන මහතා

දේශපාලන සිරකරු හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීම සඳහා සියලූ දේශපාලන පක්‍ෂ සහ සංවිධාන සමග ඒකාබද්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ මණ්ඩලය වෙත මහජන පෙත්සමක් ඉදිරිපත් කිරීමට අප කටයුතු යොදා තිබෙනවා.

මේ මහජන පෙත්සමට මහජනතාවගේ අත්සන් ලබා ගැනීමේ කටයුතු ජාත්‍යන්තර මානව හිමිකම් දිනය යෙදී තිබෙන සෙනසුරාදා (10) ආරම්භ කිරීමට ද සියලූ දේශපාලන පක්‍ෂ සහ සංවිධාන සමග අප පොදු එකඟතාවයකට පැමිණ සිටිනවා. මේ මහජන පෙත්සමට අත්සන් තබා සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීමට එක්සත් ජාතික පක්‍ෂය ප්‍රධාන දේශපාලන පක්‍ෂ සහ සංවිධාන සමග එකට ඒකරාශී වන්නැයි ජනතාවගෙන් අප ඉල්ලා සිටිනවා.

එහිදී ජනමාධ්‍යවේදීන් ඇසූ පක්‍ෂ සහ ඊට එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා දුන් පිළිතුරු මෙසේ ය.

ප්‍රශ්නය : එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වයට සියලූ පාර්ශ්වයන්ගේ ඉල්ලීම පරිදි තරග කිරීමට තීරණය කළ බව කරු ජයසූරිය මහතා කියා තිබෙන අතර, ඔහු පක්‍ෂ නායකත්වයට ඉදිරිපත් කිරීමට සිය කණ්ඩායම ද තීරණය කර තිබෙන බව සජිත් ප්‍රේමදාස මහතාගේ කණ්ඩායම ද කියා තිබෙනවා නේද?

පිළිතුර : එක්සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය බදාදා (07) හදිසියේ කැදවා තිබෙන්නේ ආණ්ඩුවට එක්වී අය-වැය යෝජනාවලියට සහාය පළ කිරීමට කොළඹදිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොන් ලාල් ග්‍රේරු මහතා ක්‍රියා කිරීම සම්බන්ධයෙන් ගත යුතු පියවර ගැන කතා කිරීමටයි. ඒ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී ඒ සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කරනවා විණා ඊට පරිභාහිරව කිසිවක් ගැන සාකච්ඡා කෙරෙන්නේ නැහැ.

එක්සත් ජාතික පක්‍ෂයේ උපදේශක කමිටුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ දී අද (05) රැස් වුණා. ඒ අවස්ථාවට එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක කරු ජයසූරිය, මහලේකම් තිස්ස අත්තනායක, සභාපති ගාමිණි ජයවික්‍රම පෙරේරා සහ ජාතික සංවිධායක රවි කරුණානායක යන මහත්වරුන් එක්ව සිටියා. ඒ අය සමග පැයක කාලයක් ගත කළ නමුත් මේ කියන කාරණය සම්බන්ධයෙන් කවුරුවත් මට වාචිකව හෝ ලිඛිතව දැනුම් දීමක් කළේ නැහැ.

ප්‍රශ්නය : කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට එක්සත් ජාතික පක්‍ෂයේ ව්‍යවස්ථාවට සංශෝධන ඉදිරිපත් කිරීමට යන බව කියන්නේ ඇත්ත ද?

පිළිතුර : අපේ ව්‍යවස්ථාව අප අවශ්‍ය ආකාරයට මේ වන විට සංශෝධනය කර ගෙන තිබෙනවා. එක්සත් ජාතික පක්‍ෂයේ ව්‍යවස්ථාව පුවත් පතක පළමු කලාපය සහ පසු කලාපය ආදී වශයෙන් වෙනස් කිරීමට හැකියාවක් ඇත්තේ නැහැ.

UNP

ආණ්ඩුවේ මැරයින් ඔලු පලන්න හැදුවට ඒ.ජ.පයේ විරෝධාදය

| ලංකා ගාර්ඩියන් විශේෂ වාර්තා කරුවෙකු විසිනි

ආණ්ඩුවට විරෝධය පළකරන්න, කරුණු තුනක් මුල්කොට ගෙන එක්සත් ජාතික පක්ෂය දැවැන්ත උද්ගෝෂණයක් 29 වැනි දින පැවැත් වීමට කටයුතුකරගෙන යන බව මීට ස්වල්ප වෙලාවකට ප්‍රථම (අද 22 ) එක්සත් ජාතික පක්ෂය විසින් පවත් වූ මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා ප්‍රකශ කළේය.

කරනු තුනක් මුලික කරගනිමින් මෙම දැවැන්ත විරෝදධතාවය පැවැත්වෙන බව කියූ තිස්ස අත්තනායක මහතා එහිදී වැඩිදුරටත් මෙසේ පැවසීය. "අපි මෙම විරෝධතාව පවත්වන්නේ ජනරාල් සරත් පොන්සේකා මහතා නිදහස් කරනලෙසට බල කීරීම, අනිත් හේතුව ආණ්ඩුවේ සිනි තවරපු කසයක් වැනි ස්වභාවයක් ගන්නා අය වැය නිසා නිසා ජනතාව තවත් අපහසුතාවයට පත් වීම, සහ ආණ්ඩුව පනත් ගෙනත් ව්‍යාපාර පවර ගන්න නිසා ඒකෙන් පහර වදින්නේ දේශීය වියපාරිකයන්ට හේතුවෙන් ඊට විරෝධය පල කිරීම යන මුලික කාරණය වලට විරෝධය පළකරමින් තමයි මෙම උද්ඝෝෂණය කරන්නේ. අපි අනෙකුත් පක්ෂවලටද මීට සහභාගී වන ලෙස ආරාධනය කරනවා 29 වැනිදා සවස 2 ට කොළඹ හයිඩ් පිටියට එන්න කියල."

එසේම ඊයේ පාර්ලි මෙන්තුවේදී සිදු වූ සිද්ධියදැඩි ලෙස හෙළා දකින බව පැවසු ඔහු ඒ සදහා කතානායක තුමාට පැමිණිලි කළ බවද කියහ.තමන් ගෙන ගිය ලිපි බලෙන් මෙන් පොලිස් නිලධාරීන් ගේ බාරයට ගත්බවද අත්තනායක මහතා වැඩි දුරටත් පැවසුහ.


UNP

රවී, රනිල් - කුඩු ලාල් හමු වෙයි -- ලන්ඩන් හී දී විශේෂ හමුවක්

| විශේෂ වාර්තාකරුවෙකු විසිනි

විපක්ෂ නායක සහ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක සහ විශේෂ පුදගලයෙකු අතර පසුගිය 11 වැනිදා උදසාස 8.30 සිට 9.30 දකවා ලන්ඩන් හී පිහිටි ප්ලාක් ෆ්ලාසා (Park Plaza ) හෝටලයේ ලොබියේදී විශේෂ හමුවීමක් පවත්වා ඇත. ඒ වෙන කිසිවෙකු සමඟ නොව ඇමති මර්වින් සිල්වා විසින් බ්‍රිතාන්‍යට පටවනු ලැබූ ලාල් පිරිස් හෙවත් කුඩු ලාල් අතරය.

අදාළ හමුවීමේදී විශේෂ කාරණා රැසක් සම්බන්ධයෙන් සාකච්චා කොට ඇති අතර ඊට තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක්ද සහභාගී වූ බව ශ්‍රී ලංකා ගාර්ඩියන් වෙත වාර්තා වේ. විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ අදාළ සාකච්චාව සඳහා සහභාගී වී ඇත්තේ මෙරට දේශපාලනය තුළ ඉතා වැදගත් විවාදයක් වූ ආණ්ඩුව විසින් පාඩු ලබන ව්‍යාපාර පවරා ගැනීමේ පනත සම්මත කර ගැනීම සඳහා පැවතී විවාදය මඟ හරිමිනි. අදාළ පනත මඟින් සිරිකොත කාර්යාලය පවත් ගැනීම සඳහා ප්‍රධාන මුල්‍ය දායකත්වය ලබා දෙන දයා ගමගේ වැනි ව්‍යාපාරිකයින්ගේ ආයතන රජයට පවරා ගනු ලැබීය.

මේ වන විට කුඩු ලාල්ට විරුද්ධව ලන්ඩන් අධිකරණයක බරපතල චෝදනා යටතේ නඩුවක්ද විභාග වෙමින් පවතී. කෙසේ වෙතත් කුඩු ලාල් වසර 5 ක මල්ටිපල් වීසා යටතේ බ්‍රිතානයේ රැඳී සිටින අතර ඔහු බ්‍රිතාන්‍යට යවනු ලැබුවේ මර්වින් සිල්වා සහ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පූර්ණ අනුග්‍රහය යටතේය.

UNP

ආණ්ඩුවේ සැලසුම වුණේ කොළඹ සිටින ජනතාව පන්නා දමා කෙසේ හෝ මැතිවරණය ජයග්‍රහණය කිරීමයි - රනිල් වික්‍රමසිංහ

පළාත් පාලන මැතිවරණ සටන එක්සත් ජාතික පක්‍ෂය ආරම්භ කළේ ආණ්ඩුවේ අසාධාරණයට විරුද්ධව බව එක්සත් ජාතික පක්ෂය පවසයි. පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඊයේ (05) කොළඹ ජින්තු පිටියේදී පැවති අවසන් මහා රැළියේදී විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ බව පැවසීය. ඒ මහතා එහිදී මෙසේද පැවසීය.

නිවාස කඩා ඉවත් කොට ජනතාව මහ මඟට ඇද දැමීම අසාධාරණයි. ආදායම් මාර්ග අහිමි කිරීම අසාධාරණයි. ත්‍රීවීලර් හිමියන්ගේ බඩට ගැසීම අසාධාරණයි. පදික වෙළෙඳුන් පන්නා දැමීම අසාධාරණයි. අසාධාරණයටත්, අයුතු ලෙස බලය පාවිච්චි කිරීමට එරෙහිවත් පසුගිය කාලය පුරාවට අප දියත් කළ සටන ඉතා සාර්ථකත්වයට මේ මොහොත වන විට පත්ව තිබෙනවා.

ආණ්ඩුවේ සැලසුම වුණේ කොළඹ සිටින ජනතාව පන්නා දමා කෙසේ හෝ මැතිවරණය ජයග්‍රහණය කිරීමයි. ඒ බලාපොරොත්තු අද සියල්ලක්ම බිඳ වැටී ලබන 8 වැනි දා වන විට නියත වශයෙන්ම කොළඹ මහ නගර සභාව ඇතුලූ අනෙකුත් නගර සභා සහ මහ නගර සභා එක්සත් ජාතික පක්‍ෂය ජයග්‍රහණය කරනවා. සන්ධානයේ නගරාධිපති අපේක්‍ෂක මිලින්ද මොරගොඩ මේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළේ කොළඹසිංගප්පූරුවක් බවට පත් කරන බව ප්‍රකාශ කරමිනුයි. නමුත් අද කොළඹ සෝමාලියාවක් වැනි තත්ත්වයට පත්ව තිබෙන බව කිව යුතුයි.

අද කොළඹ නීතිය ක්‍රියාත්මක වන්නේ නැහැ. ජනතාවට නිදහසේ මහ මඟ ගමන් කිරීමට හැකි තත්ත්වයක් නැහැ. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේකම් වෛද්‍ය නෝනිස් මහතාට මහ මඟ දී පහර දුන්නා. සාමාන්‍ය ජනතාවට පමණක් නොව, වෘත්තීයවේදියෙකුටවත් අද නිදහසේ මහ මඟ ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබෙනවා. වෛද්‍ය නෝනිස් මහතාට පහර දීමට එරෙහිව අද (05) වෛද්‍යවරුන් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කොට තිබෙනවා. වෛද්‍ය නෝනිස් මහතා සිදු කළ වැරැද්ද කුමක්ද? මාලඹේ ඉදිකරන පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳව නෝනිස් මහතා සිය ස්ථාවරය ප්‍රකාශ කොට තිබෙනවා. ඒ මහතාට පමණක් නොව රටේ ඕනෑම අයෙකුට ඒ පිළිබඳව අදහස් දැක්වීමට අයිතියක් තිබෙනවා.

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳව ප්‍රශ්න ගණනාවක් මේ වන විට මතුව තිබෙනවා. මේ වෛද්‍ය විද්‍යාලය ලියාපදිංචි කිරීමටත් පෙර ශිෂ්‍යයන් බඳවා ගෙන තිබෙනවා. මේ ශිෂ්‍යයන්ට දිය හැකි සහනය කුමක්ද? මෙම වෛද්‍ය විද්‍යාලයෙන් ලබාදීමට නියමිතව ඇත්තේ රුසියානු උපාධියක් නිසා ඒ පිළිබඳව ප්‍රශ්න ගණනාවක් මතුව තිබෙනවා.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධව මතුව තිබෙන ගැටලූ සහගත තත්ත්වයන් පිළිබඳව වෛද්‍ය සංගමයේ නිලධාරීන්, දෙමාපියන් ඇතුලූ පාර්ශ්ව කිහිපයක් අප සමඟ ද සාකච්ඡා කළා. මේ වෛද්‍ය විද්‍යාලයෙන් කිසි විටෙකත් බාල උපාධියක් ලබාදීමට ඉඩ දිය නොහැකියි. උපාධියක් දෙනවා නම් එය පිළිගත හැකි උසස් උපාධියක් විය යුතුයි. මතුව තිබෙන ගැටලූ සම්බන්ධව සාකච්ඡා කොට වාර්තාවක් සකස් කිරීම සඳහා එක්සත් ජාතික පක්‍ෂය ද කබීර් හෂීම් මන්ත්‍රීතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කොට තිබෙනවා.

මෙවැනි අවස්ථාවක දී විවිධ අදහස් සහ යෝජනාවලට ඇහුම්කන් දිය යුතුයි. වෛද්‍ය නෝනිස් මහතා ද ප්‍රකාශ කොට තිබෙන්නේ පිළිගත හැකි උසස් උපාධියක් ලබා දෙන ලෙසයි. ඔහු එසේ ප්‍රකාශ කළ අවස්ථාවේ දී ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසුරුවා හරින බවට ප්‍රකාශ කරමින් උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක මහතා තර්ජනය කළා. ඒ තර්ජනය සිදු කොට දින කිහිපයකට පසු වෛද්‍ය නෝනිස් මහතා පහර කෑමට ලක් වුණා.

වෛද්‍ය නෝනිස් මහතාට පහර දුන්නා පමණක් නොව ඔහු ඉවත් කිරීමට ද සූදානම් වනවා. ඊට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැඩි ලෙස විරෝධය පළ කරමින් කියා සිටියේ ඔහු වරදක් සිදු කොට තිබෙනවා නම් ඒ පිළිබඳව පරීක්‍ෂා කර බැලීම සඳහා විශ්‍රාම ගිය විනිශ්චයකාරවරයෙකු පත් කරන ලෙස ඉල්ලා සිටියා. මේ තත්ත්වය මත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය පාදෙනිය මහතා පසුපස පන්නමින් ඔහුට රාජකාරිමය වශයෙන් හිරිහැර කරන්නට පටන් ගෙන තිබෙනවා. ඔහුගේ පෞද්ගලික ලිපිගොනුව පොලීසියේ දූෂණ විමර්ශන අංශයට ගෙන ගියා. ඊට විරෝධය පාමින් වර්ජනයක් ඇති වනු ඇතැයි යන බියට ලිපි ගොනුව නැවත ගෙනැවිත් දී තිබෙනවා. එත් ඔහුව දඩයම් කිරීමේ වෑයම අත් හැර නැහැ. නොකළ වරදවල් ඔහු වෙග පටවමින් ඔහුට හිරිහැර කරන්නට උත්සාහ කරනවා. එපමණක් නොවෙයි, වෛද්‍ය විද්‍යාලයට විරුද්ධ වීම නිසා එම සංගමයේ ලේකම් වෛද්‍ය උපුල් කිගුණසේකර මහතාටත්, වෛද්‍ය මාරසිංහ මහතාටත් මරණ තර්ජන එල්ල වී තිබෙනවා.

මෙහි අවසන් ප්‍රතිඵලය කුමක්ද? තවත් විශාල වර්ජනයක් ඇති වේවි. ඒකට වග කියන්නේ කවුද? ඒ නිසා දුක් විදින්න සිදුවන්නේ රටේ අහිංසක ජනතාවටයි. වසර ගණනාවක් තිස්සේ නීත්‍යානුකඣලව පදිංචිව සිටි ජනතාවට ඒ නිවාස අහිමි කරමින් අසාධාරණ ලෙස ඔවුන්ගේ නිවාස කඩා ඉවත් කිරීමට ආණ්ඩුවට සැලසුම් කළා. ඒ ජනතාවට නීතියේ සහනය ලැබුණේ නැහැ. එතැනින් සෝමාලියාවක් කරා යන ගමන ආරම්භ වුණා. කොළඹ පදික වේදිකාවේ සිටි වෙළඳ ව්‍යාපාරිකයින් පන්නා දමන විට එතැනින් සෝමාලියාව කරා යන ගමන ආරම්භ වුණා. ත්‍රීවිලර් ධාවකයින් බලහත්කාරයෙන් පන්නා දමනවිට සෝමාලියාව කරා යන ගමන ආරම්භ වුණා. සාමාන්‍ය ජනතාවගෙන් පටන් ගත් ඒ සෝමාලියාව අද වෛද්‍යවරුන් හා වෘත්තීයවේදීන්ට වැදී තිබෙනවා.

මෙය නැවැත්වීමට හැකි වන්නේ මේ රටේ නීතිය ගැන යම් කිසි කැක්කුමක් තිබෙන කොළඹ ජනතාවට පමණයි. කොළඹ නගර සභාව එක්සත් ජාතික පක්ෂයට ජයග්‍රහණය කර දී ඒ ගමනේ පළමු වෙඩිමුරය පත්තු කරන ලෙස මා ඉල්ලා සිටිනවා. මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය ක්‍රියාත්මක වූ දිනයේ සිට කොළඹජනතාව නීතිගරුකව, යුක්තිගරුකව ක්‍රියා කරමින් ජීවත් වුණා. නමුත් අද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සහ සන්ධාන ආණ්ඩුව මහින්ද චින්තනය හරහා අපේ කෑලි ගලවන්න හදනවා. කොළඹපැවැති වරාය ගැලෙව්වා. මාළු වෙළඳපොළ ගැලෙව්වා. මැනිං වෙළඳපොල ගලවන්න හදනවා. මෙහෙම කෑලි ගලවන්න අපි කිසිවිටෙකත් ඉඩ දෙන්නේ නැහැ. අපි සියලූ දෙනා එකතු වී ඔක්තෝබර් 08 වැනිදා මේ ආණ්ඩුවේ කෑලි ගැලවම ආරම්භ කරමු. එය කළ හැකි දක්ෂ කණ්ඩායමක් කොළඹ නගර සභාවට අප ඉදිරිපත් කොට තිබෙනවා.

පසුගියදා මගෙන් මාධ්‍යවේදියෙක් විමසා සිටියේ සිංහල අපේක්ෂකයින්, මුස්ලිම් අපේක්ෂකයින්, දෙමළ අපේක්ෂකයින් කොපමණ නගර සභා මැතිවරණයට ඉදිරිපත්ව සිටිනවාද කියායි. සිංහල වුවත්, මුස්ලිම් වුවත්, දෙමළ වුවත් ඒ හැමදෙනාම ජාති, ආගම්, කුල භේදයෙන් තොරව මේ ජනතාව හා නගරය බලා ගත යුතු බව මා ප්‍රකාශ කළා. කොළඹමහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂකයා ලෙස අප ඉදිරිපත් කළේ පළපුරුද්ද හා වැඩ කිරීමේ හැකියාව ඇති ඒ. ජේ. එම්. මුසම්මිල් මහතායි. මේ නගරය දියුණු කරමින් ජනතාවගේ ගැටළු විසඳීමට ඔහුට නිසි දර්ශනයක් හා වැඩපිළිවෙලක් තිබෙනවා.


මට අවශ්‍ය වී තිබෙන්නේ සොරකම් නොකරන, ජනතාවට සේවය කළ හැකි නගර සභාවක් නැවත කොළඹට ලබා දීමටයි. ජාති, ආගම්, භේදය උස් පහත් භේදය පතුරවමින් පසුගිය කාලයේ කොළඹනගරය විනාශ කරන්න උත්සාහ කළා. එවැනි විනාශයකට මා කිසිලෙසකින්වත් ඉඩ තබන්නේ නැහැ. මේ නගරයේ හදවත පොදු ජනතාවයි. ඒ අය ආරක්ෂා කරන්නේ නැත්නම් මේ නගරය ද ආරක්ෂා කළ නොහැකියි. උස් පහත් භේදයෙන් තොරව, පංති භේදයෙන් තොරව අප සියලූ දෙනා එකතු වී අපේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගත යුතුයි. අපේ ශක්තිය මේ දුක් විදින ජනතාවයි. මේ අය ඉල්ලා සිටින්නේ සාධාරණ පාලනයක් හා සේවයක් පමණයි.

මෙහි වෙසෙන ජනතාව පුංචි පැල්වත්වල ජීවත් වෙමින් ස්වයං රැකියා කරමින් පදික වේදිකාවේ වෙළදාම් කටයුතු කරමින් දහදිය මහන්සියෙන් මේ නගරය ගෙන යනවා. එය අඩපණ කිරීමට හෝ නැවැත්වීමට අප කිසිවිටෙකත් ඉඩ දෙන්නේ නැහැ. මේ නගරයේ සිටින දුප්පත් ජනතාව පානලූවට පන්නා දමන්නේ නැතුව අප සියලූ දෙනාම එකතු වී 8 වැනිදා එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දී සන්ධානය පන්නා දැමීමේ ජය ගමන ආරම්භ කරමු.

කොළඹ මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කරන නගරාධිපතිධූර අපේක්ෂක ඒ. ජේ. එම්. මුසම්මිල් මහතා ලබන 08 වැනිදා පැවැත්වෙන මැතිවරණයෙන් කොළඹ මහ නගර සභාවේ බලය නියත වශයෙන්ම එක්සත් ජාතික පක්ෂයට හිමි වනවා. ඒ ගැන කිසිදු සැකයක් අප තුළ නැහැ. මේ ජයග්‍රහණයට ප්‍රධාන හේතු වන්නේ සන්ධායේ නගරාධිපති අපේක්ෂකයා ලෙස මිලින්ද මොරගොඩ ඉදිරිපත් කිරීමත්, මොහොමඩ් මහරූෆ් සන්ධානයට එක්වීමත් බව කිව යුතුයි.

මම නගරාධිපතිවරයා ලෙස සේවය කරන්නේ එක් පිරිසකට නොවෙයි. සියලූ ජනතාව වෙනුවෙන් සේවය කිරීම සඳහායි මා පත් වන්නේ. මේ නගරයේ ජාති, ආගම්, කුල මල හා උස් පහත් භේද වලින් තොරව සියලූ ජනතාවට එක හා සමානව සැලකීම මගේ අරමුණයි. කොළඹ නගර සභා මැතිවරණයෙන් අන්ත පරාජයක් ලබන බව දැන ගත් එක්සත් ජනතා නිදහස් සන්ධානය අද ඒ පරාජය හමුවේ නොයෙකුත් නීති විරෝධී ක්‍රියාවලට යොමු වී සිටිනවා. රාජ්‍ය නිලධාරීන් පවා යොදවාගෙන මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කරමින් සිටිනවා.

දූෂණයෙන් තොර යහ පාලනයක් තුළින් කොළඹ නගරය දියුණු කොට ජනතාවට උපරීම සේවයක් කළ හැකි වැඩ පිළිවෙලක් මා හඳුන්වා දී තිබෙනවා. මේ අණ්ඩුව කොළඹ ජනතාවගේ නිවාස හිමිකම ඔවුන්ට අහිමි කරමින් ඔවුන් මහ මගට ඇද දමා ඒ ඉඩම් සුද්දන්ට කුණු කොල්ලට විකිණීමට සැලසුම් කළා. එක්සත් ජාතික පක්ෂ පාලනයක් යටතේ ඒ සියලූ අයිතිවාසිකම් සුරක්ෂිත කර දී යහතින් ජීවත් විය හැකි පරිසරයක් මා කොළඹ නගරය තුළ ගොඩ නගනවා. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක දේශබන්දු කරූ ජයසූරිය මහතා පළාත් පාලන මැතිවරණ සටනේ ජයග්‍රාහී රැළිය සඳහා සහභාගි වී සිටින මේ මහා ජන ගංගාව දෙස බලන විට නියත වශයෙන්ම කොළඹමහ නගර සභාවේ බලය එක්සත් ජාතික පක්ෂයට හිමි වන බව අපට සැකයක් නැහැ.

ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය සහ සාමය හෑල්ලූවට ලක් කරමින් තට්ටු මාරු ක්‍රමයට ආණ්ඩුව පැවැත් වූ මැතිවරණ මාලාවේ නිමාව පළාත් පාලන ආයතන 23 මැතිවරණයත් සමඟ අවසන් වෙමින් පවතින බව කිව යුතුයි. එක්සත් ජාතික පක්ෂය කිසිදු මැතිවරණයකට බිය නොවී ආණ්ඩුවේ භීෂණය සහ මර්දනය හමුවේ නොසැලී ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම වෙනුවෙන් ඒ සෑම මැතිවරණයකටම ශක්තිමත් ලෙස ඉදිරිපත් වුණා.

මේ පළාත් පාලන මැතිවරණය මතුපිටට සාධාරණව සහ සාමකාමී ලෙස දිස් වුණාට ජනතාව නොදකින ඉතාම භයානක පිළිකුල් සහ නීති විරෝධී තත්ත්වයක් මේ මැතිවරණ ව්‍යාපාරය අභ්‍යන්තරයේ පවතිනවා.පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුවේ ප්‍රචාරක කටයුතු, රාජ්‍ය දේපොල, මුදල් සහ සම්පත් අසීමිත ලෙස යොදා ගනිමින් මේ ආණ්ඩුව මැතිවරණ නීති රීති සියල්ල අමු අමුවේ උල්ලංඝණය කොට තිබෙනවා.පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් රාජ්‍ය දේපොළ, සම්පත් සහ මුදල් පාවිච්චි කිරීම සපුරා තහනම් කරමින් නිර්දේශ නිකුත් කර ඇතත් මැතිවරණ කොමසාරිස්වරයාගේ ඒ සියලූ නිර්දේශ උල්ලංඝණය කරමින් ආණ්ඩුව මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් කොළඹ, මහනුවර සහ නුවරඑළිය ජනාධිපති මන්දිර ඇතුලූ සියලූ සම්පත් පාවිච්චි කරමින් සිටිනවා.

රාජ්‍ය සේවකයින්ට සහ පොලිස් නිලධාරීන්ට විවිධ බලපෑම් එල්ල කරන ආණ්ඩුව විවිධ සම්මන්ත්‍රණ ආදියට මුවා වී ගුරුවරුන් ඇතුළු රජයේ සේවකයින් කැඳවා ඒ අය සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය වෙනුවෙන් පාවිච්චි කරමින් සිටිනවා. ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට බාධාවක් යැයි කියා එදා පළාත් පාලන ආයතන මැතිවරණ කල් තැබූ ආණ්ඩුව හම්බන්තොට මහ නගර සභා සහ ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වෙද්දී ඒ දිස්ත්‍රික්කයේ ඒ බල ප්‍රදේශයේ ජාත්‍යාන්තර ක්‍රීඩා තරඟ සංවිධානය කර තිබෙනවා. එදා ක්‍රිකට් ක්‍රීඩාවට මැතිවරණය බාධාවක් නම් අද එය බාධාවක් නොවන්නේ කෙසේදැයි අප මේ ආණ්ඩුවෙන් ප්‍රශ්න කිරීමට කැමතියි.

Tell a Friend