එජාපය ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළකී සිටියේ ඇයි ?

| ජෝන් ඒ.ඊ.අමරතුංග

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය මගින් ශී‍්‍ර ලංකාව පිළිබඳව පැවැත්වීමට නියමිත පරීක්ෂණය සිදු නොකළ යුතු බවට පාර්ලිමේන්තුවේ රජය නියෝජනය කරන පසු පෙළ මන්තී‍්‍රවරුන් පිරිසක් විසින් ගෙන එනු ලැබූ යෝජනාවට එක්සත් ජාතික පක්ෂය විසින් අදාල පරීක්ෂණයට මුල් වූ රට පාවා දුන් ගිවිසුම් බලරහිත කිරීමට හා මානව හිමිකම් ආරක්ෂා කිරීමේ අතීත යාන්ත‍්‍රණය පණගැන්වීමට ඉදිරිපත් කළ සංශෝධන නොපිළිගත් හෙයින් එක්සත් ජාතික පක්ෂයට එම යෝජනාව සඳහා අදාළ ඡුන්ද විමසීමේදී ඡුන්දය පාවිච්චි කිරීමෙන් වැළකී සිටීමට සිදුවිය.

රටට නිදහස දිනා දුන් එක්සත් ජාතික පක්ෂය රටේ ස්වෛරීභාවය ද, භෞමික අඛණ්ඩභාවය ද ඉහළින් අගයන අතරම ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මූලික මිනිස් අයිතිවාසිකම්, නීතියේ ආධිපත්‍යය හා අධිකරණයේ ස්වාධීනත්වය තරයේ රැුක ගත යුතු බව විශ්වාස කරයි.  ඒ සඳහා අවශ්‍ය ශක්තිමත් යාන්ත‍්‍රණයක් ද, දිගුකාලීන අත්දැකීම් හා පළපුරුද්ද ද, ජාත්‍යන්තර පිළිගැනීම ද අප රටට තිබූ බව එක්සත් ජාතික පක්ෂය වැඩිදුරටත් අභිමානයෙන් සිහිපත් කරයි. 

එහෙත් අපගේ රණවිරුවන් හා සිවිල් වැසියන්ගේ අඛණ්ඩ ජීවිත පරිත්‍යාගයකින් හා දිගුකාලීන සුවිශාල කැපකිරීමකින් අනතුරුව ත‍්‍රස්තවාදය පරාජයකොට සතියක් ගතවීමට මත්තෙන් අවාසනාවන්ත ලෙස රජය එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා සමග ජාත්‍යන්තර පරීක්ෂණයකට මග පාදා දෙන ඒකාබද්ධ ප‍්‍රකාශයකට අත්සන් කිරීමට යෙදුනි.  එම කරුණ ඇතුළත් වගන්තිය නොපිළිගන්නා ලෙස පවා ජනාධිපතිවරයාට උපදෙස් දෙන ලද නමුත් ජනාධිපතිවරයා එම ලේඛනයට අත්සන් තැබූ බව රජයේම පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු වන රජීව් විජේසිංහ මහතා පෙන්වා දී තිබේ.

මෙය වූ කලී 1815 උඩරට ගිවිසුමෙන් පසු ලිඛිතව කරන ලද දරුණුතම රට පාවා දීම ලෙස හැඳින්විය හැකිය. මේ ගැන අප පක්ෂය පුදුම නොවන්නේ මේ සමානව වර්තමාන ජනාධිපතිවරයා 1990 දී විපක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු ලෙස එවකට එක්සත් ජාතික පක්ෂ රජයට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි කිරීමෙන් නොනැවතී තමන් මානව හිමිකම් අරභයා ශී‍්‍ර ලංකා ආණ්ඩුවට එරෙහිව ජිනීවාවලට පමණක් නොව ලොව  ඕනෑම තැනකට යාමට සූදානම් බව පාර්ලිමේන්තුවේදී පවා අභියෝග කළ හෙයිනි.

රජය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැංකි මූන් මහතා සමග ඒකාබද්ධ ප‍්‍රකාශයකට අත්සන් තැබුවා පමණක් නොව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේදී අංක ී 11රැු1 යෝජනාව සම්මතකොට ඒකාබද්ධව අනුග‍්‍රහය දැක්වීය. එම කරුණුවලට එකඟ විය. ශී‍්‍ර ලංකාව පිළිබඳ මහ ලේකම්වරයාට උපදෙස් දීමට පත් කළ දරුස්මාන් උපදේශක මණ්ඩලයට ලිඛිතව කරුණු දැක්වීය. තවද වරින් වර එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ගන්නා ලද ක‍්‍රියාමාර්ගවලට සහයෝගය දක්වමින් සුබපැතුම් ද පිරිනැමීය. මේ කිසිදු කාරණයක් පාර්ලිමේන්තුවේ සාකච්ඡුාවට ඉදිරිපත් නොකරන ලදී. මෙලෙස රජය මගින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට විවෘත කර දෙනු ලැබූ දොරටු හා පොරොන්දු ප‍්‍රකාරව එම සංවිධානය ක‍්‍රියාත්මක වූ අතර, අවසානයේ එහි මානව හිමිකම් කවුන්සලයෙහි 25 වන සැසි වාරයේදී ශී‍්‍ර ලංකාවේ මානව හිමිකම් පිළිබඳව සොයා බලා වාර්තා කිරීමට මහ කොමසාරිස් කාර්යාලයට බලය පවරමින් යෝජනාවක් ඉදිරිපත් විය.  එම ක‍්‍රියාමාර්ගය පිළිබඳව රජය විරුද්ධත්වය ප‍්‍රකාශ කළත් එම යෝජනාව වැඩි ඡුන්දයෙන් සම්මතවී ඉදිරි ක‍්‍රියාමාර්ග ගනිමින් තිබේ.

මෙය ඉතා අවාසනාවන්ත තත්වයකි.  ශී‍්‍ර ලංකාවේ අභිමානයටද කැළලකි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය දරමින් එම සංවිධානයේ සම්මුතීන්ට පටහැනිව ක‍්‍රියා කිරීමට නොහැකි හෙයින් රජය පසු පෙළ මන්තී‍්‍රවරුන් කිහිපදෙනෙකු ලවා බළලූන් ලවා කොස් ඇට බෑමේ ක‍්‍රමයට පාර්ලිමේන්තුවට ඉහත යෝජනාව ඉදිරිපත් කරවීමට කටයුතු කළේය.

අප රටේ මානව හිමිකම් පිළිබඳ ගැටළු විසඳීම සඳහා ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍ය නැත.  මානව හිමිකම් ආරක්ෂා කිරීමට හැකි ශක්තිමත් යාන්ත‍්‍රණයක් අතීතයේ අප සතුව තිබූ අතර එය නිසියාකාරව පණගැන්වීමෙන් මෙම පරීක්ෂණයෙන් ගැලවිය හැකි බව අපගේ ස්ථාවරය හා විශ්වාසයයි.

එබැවින් ඊට අවශ්‍ය පසුබිම සකස් කර ගැනීමට උවමනා යෝජනා අප සංශෝධන ලෙස ඊට ඇතුළත් කළෙමු. 2009 මැයි 23 වන දින එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා සමග ඇති කර ගත් ඒකාබද්ධ එකඟතාව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේදී අංක ී 11රැු1 දරණ යෝජනා සම්මතයකට ඒකාබද්ධව අනුග‍්‍රහය දක්වමින් ඇති කර ගත් එකඟතාව, දරුස්මාන් මණ්ඩලය වෙත ලිඛිතව ඉදිරිපත් කළ කරුණු ඇතුළත් ගිවිසුම් බල රහිත කිරීම, උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිෂන් සභාවේ සමස්ත නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 17 වන සංශෝධනයේ ප‍්‍රතිපාදන නැවත බලගැන්වීම, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ලැටිම් හවුස් මූලධර්ම ඇතුළත් කිරීම, තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීම සඳහා විධිවිධාන සැලසීම ඊට ඇතුළත් වේ. එහෙත් අවාසනාවට රජයේ පාර්ශවයෙන් එම යෝජනා ප‍්‍රතික්ෂේප කර ඇත.

අපි ජාත්‍යන්තර මැදිහත්වීම්වලට හෝ අතපෙවීම්වලට එකහෙළා පක්ෂ භේදයකින් තොරව විරුද්ධ වෙමු.  එහෙත් එබඳු තර්ජනයන් වළක්වා ගත හැක්කේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයද, මානව හිමිකම් හා නීතියේ ආධිපත්‍යයද, අධිකරණයේ ස්වාධීනත්වයද රට තුළ සුරක්ෂිත කිරීමෙන් පමණක් බව තරයේ විශ්වාස කරමු.  එබඳු සද්කාර්යයකට රජය සූදානම් නැති බව දැන් පැහැදිළිය.  එබැවින් අපට මෙම යෝජනාවට පක්ෂව ඡුන්දය ප‍්‍රකාශ කිරීමට නොහැකි වන අතර, මාතෘ භූමිය හා ස්වෛරීභාවය පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ නොකැළැල් ස්ථාවරය හේතුකොටගෙන මෙම යෝජනාවට විරුද්ධවීමටද නොහැක. එසේ හෙයින් ඡුන්දය පාවිච්චි කිරීමෙන් වැළකී සිටීමට සිදුවූ බව දන්වා සිටිමු.