මෙය එතරම් හොඳ ප්‍රවනතාවයක් නොවේ

අමිල ගුණරත්න

කින්නියා ප්‍රදේශයේදී නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් අතර සිදුවූ ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ ගම්වැසියන් නිදහස් කරන ලෙස ඉල්ලා මේ වනවිට නැගෙනහිර ආඥාපතිවරයා, ත්‍රිකුණාමලය දිසාපතිවරයා ඇතුළු පිරිසක් ප්‍රදේශවාසීන් විසින් කින්නියා උපදිසාපති කාර්යාලයේ රඳවාගෙන තබාගෙන සිටි අතර ඔවුන් නිදහස් කර ගැනීම සඳහා අත්අඩංගුවට ගෙන සිටි කින්නියා වැසියන් 25 දෙනා නිදහස් කිරීමට බලධාරීන්ට සිදු විය. මෙසේ ප්‍රාණ ඇපකරුවන් ලෙස ප්‍රදේශවාසීන් විසින් රඳවාගෙන සිටියේ නැගෙනහිර පළාත් ආඥාපති මේජර් ජනරාල් බොනිපස් පෙරේරා, 22වන සේනාංකාධිපති බ්‍රිගේඩියර් හෙට්ටිආරච්චි, ත්‍රිකුණාමලය මහ දිසාපති පී.ටී.ආර්. ද සිල්වා යන පිරිසකි. මෙම පිරිස නිදහස් කිරීමෙන් අනතුරුව උපදිසාපති කාර්යාලයේ සිරගතව සිටි පිරිස සන්නද්ධ රථ යොදවා ප්‍රදේශයෙන් බැහැරට ගෙනයාමට ආරක්ෂක අංශ කටයුතු කර තිබේ. එම අවස්ථාවේදි මෙම සන්නද්ධ රථවලටද ප්‍රදේශවාසීන් විසින් ගල් මුල්වලින් දමා ගසන ලදී. ත්‍රිකුණාමලය මහ දිසාපති පී.ටී.ආර්. ද සිල්වා සහ ඔහුගේ සදාචාර නොවන වැඩ පිළිබඳව ශ්‍රී ලංකා ගාර්ඩියන් පුවත්පත විසින් මිට කලින් හෙළි කොට තිබුනද කින්නියා ප්‍රදේශවාසීන් විසින් නිතිය අතට ගෙන මෙසේ කටයුතු කීරීම ගැන කිසිසේත්ම එකඟ විය නොහැක. ප්‍රභාකරන්ගේ ත්රස්තවාදයද මුලින් පටන් ගත්තේ මෙවැනි නීති විරෝධී ජන ඒකරාශී වීම මගිනි. ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන මෙවැනි අන්තගාමී ක්‍රියා කෙළවර වන්නේ මහත් විනාශයන් කැඳවමිනි

Tell a Friend