ඇමරිකානු ගුවන් යානයක් අනවසරයෙන් ශ්‍රී ලංකා ගුවන් සීමාවේ සැරිසරා තිබේ. ඒ බව සනාථ කරමින් මාධ්‍ය වෙත අදහස් දක්වා ඇති ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිඛෙන්නේ ශ්‍රී ලංකාවට අයත් ගුවන් සීමාවෙන් ඉවත් වන ලෙස දැනුම් දුන් පසු අදාළ ගුවන් යානය පිටව ගිය බවයි.
කිසියම් රටකට අයත් ගුවන් සීමාව උල්ලංඝනය කිරීමට, එම ගුවන් සීමාවට අනවසරයෙන් ඇතුළුවීමට වෙනත් කවර රටකට හෝ අයිතියක් නැත. එය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් වන අතර ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට අභියෝග කිරීමකි. ඒ නිසා ඇමරිකාව සිදු කර ඇත්තේ ඉතා බරපතළ වරදකි. ඒ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ ඇමරිකානු රජය වෙත සිය බලවත් විරෝධය සහ අප්‍රසාදය පළ කර සිටී.
මෙම සිදුවීම ජනමාධ්‍ය මගින් දැන ගත් පසුව මෙරට ජනතාව සිටින්නේ විමතියට පත්වය. එපමණක් නොව, රටට ආදරය කරන සියලූ දෙනා, සිදු වෙමින් පවතින්නේ කුමක්ද යන්න පිළිබඳ කුතුහලයට පත්ව සිටිති. එය ස්වාභාවිකය.
ඇමරිකා එක්සත් ජනපද හමුදාවන්ට ශ්‍රී ලංකාවේ භූමිය, මුහුද සහ අහස පාවිච්චි කර ගැනීමට ඉඩ දෙමින් හා ඒ සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුව පහසුකම් සැපයීමට එකඟ වී 2007 දී ශ්‍රී ලංකාව හා ඇමරිකා එක්සත් ජනපදය අතර අත්සන් කරන ලද ආරක්ෂක ගිවිසුම හා මෙකී ගුවන් යානා පැමිණීම අතර කිසියම් ගුප්ත සම්බන්ධයක් තිබේදැයි සැකයක් මතු වේ.
ඒ නිසා සිද්ධිය සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වා මේ පිළිබඳ සත්‍ය තත්වය ජනතාවට හෙළි කරන ලෙස අපි ආණ්ඩුවට බල කරමු.
දේශපාලන මණ්ඩලය - ජනතා විමුක්ති පෙරමුණ
Post a Comment