භාරතගේ මරණය : රාජපක්ෂ පචයක් ගොතා ඇඟ බේරා ගැනීමට යයි

ජනාධිපති මාධ්‍ය අංශයේ අයෙකු විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අනුමැතිය මත ඊයේ ජාතික පුවත්වල සිටින ආණ්ඩු හිතවාදී මාධ්‍යවීදින් කිහිපදෙනෙකු අමතා අපුරු ප්‍රවුර්තියක් ලබා දී ඇත. එහි මූලික අරමුණ වී ඇත්තේ රාජපක්ෂ පවුලේ උදවිය ඍජුවම වග කිව යුතු භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ ඝාතනය ගැන තමන්ට එල්ල වන චෝදනා වසා ගැනීමය. රාජපක්ෂ එහෙදී ශාන්තුවරයෙකු ලෙස පෙන්වීමට යන්ත දරා ඇති අතර භාරත ලක්ෂමන් තමාට දුන් අනගි අවස්තාව පැහැර හැරිය බව සඳහන් කරයි.

අදාළ පුවතට අනුව, " කොලොන්නාවේදී වෙඩි පහර ලක්ව මියගිය භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා කොළඹ මහනගර සන්ධාන පුරපති අපේක්ෂක ලෙස නම් කිරීමට මහින්ද රාජපක්ෂ ජනපති මුලින්ම ඔහුගෙන් කැමැත්ත විමසා ඇතැයි දේශපාලන ආරංචි කියයි. ඔහු ඊට විරුද්ධ වූ බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් වන දුමින්ද සිල්වා සහ තිලංග සුමතිපාල මහත්වරුන්ගෙන් කෙනකු සුදුසු යැයි තමා සිතන බවත් ඔහු ජනපතිට යෝජනා කර ඇත. ඔවුන් දෙදෙනාද ඊට අකමැති වූ නිසා මිලින්ද මොරගොඩ මහතාගේ නම අනුමත වී ඇතැයි දැනගන්නට තිබේ."   මෙම පුවත අමුලික බොරුවක් බවත් ජනාධිපති රාජපක්ෂ තමන්ගේ වැරැද්ද වසා ගැනීමට අදාළ කිසිඳු මූලාශ්‍රයක් උපුටා නොදක්වන ජනතාව සම්පුර්ණයෙන්ම නොමග යවන කතාව නිර්මාණය කළ බවත් ඒ ගැන ජනාධිපති මාධ්‍ය අංශයේ අයෙකු ශ්‍රී ලංකා ගාඩියන් වෙත ප්‍රකාශ කළේය.

කුඩු දුමින්ද තමාට දක්වන ලැදිකම කරන කොට ගෙන කාලයක් තිස්සේ භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ජනාධිපති මහින්ද විසින් කොන් කර තිබේ. එසේම කුඩු දුමින්දට රිසි සේ අවි යුධ පාවිච්චි කිරීම සඳහා ආරක්ෂක ලේඛම් නන්දසේන රාජපක්ෂ අවසර දී තිබේ. ඒ නිසා පක්ෂය තුළ ඇති වී තිබෙන අර්බුධය වෙනස් කිරීම සඳහා රාජපක්ෂ අදාළ පුවත නිර්මාණය කරමින් තමාට හිතවත් මාධ්‍යන් වල පල කොට තිබේ.

Tell a Friend