ආණ්ඩුවේ මැරයින් ඔලු පලන්න හැදුවට ඒ.ජ.පයේ විරෝධාදය

| ලංකා ගාර්ඩියන් විශේෂ වාර්තා කරුවෙකු විසිනි

ආණ්ඩුවට විරෝධය පළකරන්න, කරුණු තුනක් මුල්කොට ගෙන එක්සත් ජාතික පක්ෂය දැවැන්ත උද්ගෝෂණයක් 29 වැනි දින පැවැත් වීමට කටයුතුකරගෙන යන බව මීට ස්වල්ප වෙලාවකට ප්‍රථම (අද 22 ) එක්සත් ජාතික පක්ෂය විසින් පවත් වූ මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා ප්‍රකශ කළේය.

කරනු තුනක් මුලික කරගනිමින් මෙම දැවැන්ත විරෝදධතාවය පැවැත්වෙන බව කියූ තිස්ස අත්තනායක මහතා එහිදී වැඩිදුරටත් මෙසේ පැවසීය. "අපි මෙම විරෝධතාව පවත්වන්නේ ජනරාල් සරත් පොන්සේකා මහතා නිදහස් කරනලෙසට බල කීරීම, අනිත් හේතුව ආණ්ඩුවේ සිනි තවරපු කසයක් වැනි ස්වභාවයක් ගන්නා අය වැය නිසා නිසා ජනතාව තවත් අපහසුතාවයට පත් වීම, සහ ආණ්ඩුව පනත් ගෙනත් ව්‍යාපාර පවර ගන්න නිසා ඒකෙන් පහර වදින්නේ දේශීය වියපාරිකයන්ට හේතුවෙන් ඊට විරෝධය පල කිරීම යන මුලික කාරණය වලට විරෝධය පළකරමින් තමයි මෙම උද්ඝෝෂණය කරන්නේ. අපි අනෙකුත් පක්ෂවලටද මීට සහභාගී වන ලෙස ආරාධනය කරනවා 29 වැනිදා සවස 2 ට කොළඹ හයිඩ් පිටියට එන්න කියල."

එසේම ඊයේ පාර්ලි මෙන්තුවේදී සිදු වූ සිද්ධියදැඩි ලෙස හෙළා දකින බව පැවසු ඔහු ඒ සදහා කතානායක තුමාට පැමිණිලි කළ බවද කියහ.තමන් ගෙන ගිය ලිපි බලෙන් මෙන් පොලිස් නිලධාරීන් ගේ බාරයට ගත්බවද අත්තනායක මහතා වැඩි දුරටත් පැවසුහ.