මතුගම මහේස්ත්‍රාත් අදිකරණයේ නඩු වාර්තාව හොරු අරන්.


ඔහු නමින් මද්දුමගේ දොන් ජිනසෝම වේ. හෙතෙම 67, මහා ඔය පාර, මඩවල, රබුක්කන පදිංචිව සිටි. හෙතෙම 2012.06.08 වන දින මතුගම, මහේස්ත්‍රාත් අදිකරණයේ රෙජිස්ටාර්ගෙන් පහත ඉල්ලීම කළේය. ඒ අංක 79448/11 දරන වියාජ නඩුවේ බි වාර්තාව ඇතුළු සම්පුර්ණ නඩු වාර්තාව ලබාදීමට කටයුතු කරන ලෙසයි. ඔහු මෙම ලිපියේ පිටපතක් අදිකරණ සේවා කොමිසන් සබාවේ ලේකම්ටද යවන ලදී. ජිනසෝම මහතා ඉහත වියාජ නඩුවට නිවැරදිකරු බව පිළිගත් අතර රුපියල් 10000/= හා රුපියල් ලක්ෂයක් වටිනා ශරීර ඇපයක් මත ඔහුව අදිකරණය විසින් මුදා හරින ලදී. වැලිපැන්න පොලිසිය නඩුව ඉල්ලා අස්කර ගත්බව ඔහුගේ 2012.05.21 දරන ලිපියට ලිකිතව පොලිසිය විසින් පිළිතුරු දෙයි. 2012.05.29 දින ඔහුගේ නිතිඥ ඉන්දික දොඩන්ගොඩ නඩු වාර්තාවේ සහතික පිටපතක් රෙජිස්ටාර්වරියගෙන් ලිකිතව ඉල්ලා සිටියේය. 2012.06.08 දින ජිනසෝම මතුගම මහේස්ත්‍රාත් අදිකරණයට ගොස් රෙජිස්ටාර්වරියගෙන් නඩු වාර්තාවේ ඉහත අංකය දරන සහතික පිටපතක් ඉල්ලා සිටින ලදී. ඇගේ පිළිතුර නඩුව පොලිසිය විසින් ඉවත් කරගත් බවත් නඩු වාර්තාව ලබා ගැනීමට නොහැකි බවත් එවැනි නඩුවක් රෙජිස්ටර් වී නැති බවත් එවැනි නඩු ගොනුවක්ද නොමැති බවයි.

හර්ෂි සි. පෙරේරා