66 බත්ඩේ, පලිගැනීම, සහ අපට කරන අනතුරු ඇගවීම.

ජනාදිපති රාජපක්ෂ ඊයේ සිය 66 වන උපන් දිනය සැමරිය. එයට දන් දීම , පිරිත් දේශනාද ඇතුලත් විය.

ඊයේ හිතක් පපුවක් ඇති ශ්‍රී ලාංකිකයින් තැවුණු දිනක්ද විය. ඒ සරත් ෆොන්සේකාට එරෙහිව සිදු කරනු ලැබූ පලිගැනීමයි. ඔය මනුස්සයට රාජපක්ෂය බලයේ ඉන්නකම් එලියට එන්න දෙන්නේ නැහැ ඒ එදා වේල දුක්මහන්සියෙන් හරිහම්බ කර ගන්නා සාමාන්‍ය ජනයාගේ මතයයි.

මේ සිරදඩුවම් හරහා මර්දනය කරන්නේ ෆොන්සේකා පමණක් නොවේ. එය රාජපක්ෂ රෙජීමය විවේචනය කල සියලු දෙනාට කළා වූ අනතුරු ඇගවීමකි.

නමුත් ඉතිහාසයේ මෙවන් දේට බොහෝ නිදසුන් ඇත. ඒ සෑම අවස්ථාවකම ජන බලය ජයග්‍රහණය කළේය. ඒ සදහා කල කැපවීම අපමණය.

හර්ෂි සි. පෙරේරා