දුෂිතයින් "දුෂණය" නැති කිරීමට.

හර්ෂි සි. පෙරේරා
"දසවසරකට පෙර කිලෝව රුපියල් 17.50 බැගින් සුදු හාල් මෙටි‍්‍රක් ටොන් දාහක් විකුණා සතොසට රුපියල් හතළිස් ලක්ෂයක් පාඩු කළැයි සතොස වැඩ බැලූ කලමනාකරු හඳල නායකකන්දේ සුනිල්. පී. පෙර්රාට එරෙහිව අල්ලස් හෝ දුෂණ කොමිසම කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් උසාවියේදී චෝදනා ගොනු කෙළේය. ඔහුට සිතාසි නිකුත් කළ මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා මවිතය පළ කෙළේ පසුගිය දස වසරේම ඔහුට නඩු පැවැරීමට කොමිසම අසමත් වීම ගැනයි."

කවුරුන් හෝ නිදා සිට නැගිට වැඩ ඇල්ලීම රටට හොදය. මේදිනවල ප්‍රබල ඇමතිවරු යහපාලනය කාබාසිනියා කරමින් බරපතල වංචා වල නිරත වේ. ඒ අතර බාල පෙට්‍රල් ගෙන්වීම සහ ප්‍රමිතියෙන් අඩු සිමෙන්ති වෙළද පොලට නිකුත් කිරීම උණුසුම් වන්චාවන්ය.

දැන් ජේ. වී. පි යද දුෂණය ගැන තිතට කතා කරයි. හෙට ඔවුන් විවුර්ත කරන වෙබ් අඩවි උළෙලේ ප්‍රදාන කථිකයා මෙරට මානව හිමිකම් වල මළගම උදා කරමින් යුක්තිය පසිදලු දුෂණයට පාර කැපු පුද්ගලයකු වීම අපව සිනා ගැස්සීම කෙසේවෙතත් කිති කවයි.

ජේ. වී. පෙ ද තමන්ගේ මරුන් කෑ නායකයා සහ සගයන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා අල්ප මාත්‍ර දෙයක් කලේ නැත. අල්ලස් සහ දුෂණ කොමිසමේ ඉතිරිව තිබු දත්ද ගලවා දැමු 18 වන සංශෝදනය හදුන්වාදීමේදී ජේ.වී.පෙ මොකද කලේ?

පළමුව තමන් අතින් සිදුවූ වැරදි ගැන සාමාන්‍ය ජනයාගෙන් සමාව ගෙන දුෂණ විරෝදී හඩ නගන්න. එවිට එය විශ්වසනීයත්වය සහ වගකීම මත ශ්‍රී ලාංකීය සමාජයේ වැඩි ස්ථාවරත්වයක් හිමි කරගනු ඇත.



Tell a Friend