අමිල ගුණරත්න
ජවිපෙ දේශපාලනය ඉතාම සංකීර්ණය. නායකයන් සෙවනැලි වගේ ගුප්ත චරිතය. සමහරු හිටපු ගෝනිබිල්ලන්ය.පාක්ෂිකයන් යුඑන්පී ශ්‍රී ලංකාකාරයන් මෙන් අරක්කු බාගෙට බත් පැකට් එකට රංචු ගැසීමට එන්නේ නැත. එන්නේ බොක්කෙන්මය එසේම ඔවුන් දේශපාලනය කියවා ඇත්තේ ඔහෙන් මෙහෙන්ය. නායකයෙක් කියන ඕනෑම දෙයක් දේව භාෂිතයක් මෙන් පිලි ගනිති. ඔවුන්ට අනුව මෙලොව ස්වර්ගය ඇත්තේ කියුබාවේය. ලෝකය දකින්නේ ද්‍රෝහියා වීරයා යන කාචයෙනි. හිටපු සාමාජිකයෙකු වුවද පක්ෂය හැර ගියේ නම් ද්‍රෝහියෙකි. කිසිවෙකුට ඔහු සමග කථා කීරීම පවා තහනම්ය. පාක්ෂිකයන්ට විචාර බුද්ධියක් නැත. ගල් කටස් එකක් අතට දී කොකා ගස්සන්නට කීවොත් නමෝ විත්තියෙන්ම කරති. බලය පතුරවන්නේ විශ්ව විද්‍යාල හරහාය. විශේෂයෙන්ම අන්තරය මගිනි. අන්තරයේ ඉන්නා බොහෝ ජවිපෙ සාමාජිකයෝ විභාග ඇනගත් අධ්‍යාපනික වශයෙන් අනාගතයක් නැති හීනමානයෙන් සහ අසහනයෙන් පෙලෙන පිරිසකි. එම නිසා විශ්ව විද්‍යාල වල ඉගන ගන්නා සිසුන්ට බාල්දි පෙරලති. විශ්ව විද්‍යාල ක්‍රමවත්ව සහ අධ්‍යාපන ගුණාත්මකභාවයෙන් උඩට එනවට කැමති නැත. ආවොත් ඔවුන්ට පැවැත්මක් නැත. ජවිපෙ ආරම්භයේ සිට මෑතක් වන තුරු කලේ මිනීමැරීම් සහ විනාශ කිරීම්ය. උදාහරණයක් ලෙස ජවිපෙ 1988, 89 යුගයේදී සාමාජිකයන් විසින් මගී බස් රථ දහසකට වඩා ගිනි තබා විනාශ කරන ලදී. විනාශයන් කලේ බලයේ සිටි දේශපාලකයන්ට පාඩමක් ඉගැන්වීමටය. නමුත් දේශපාලකයන් යන්නේ පැජරෝ වල නිසා බස් අහිමිවීමෙන් ඔවුන් පාඩමක් ඉගෙන ගත්තේ නැත. පාඩම් ඉගෙන ගත්තේ දෙපා රිදෙන තුරු පයින් ගෑටු දුප්පත් ජනතාවයි. එසේම වී ගබඩා , රජයේ ගොඩනැගිලි ගිණි තැබීමෙන්ද දේශපාලකයන්ට වූ හානියක් නම් නොමැත. පාඩු වුයේ ජනතාවටය. ආර්ථික ඝාතනයන්ට අමතරව ග්‍රාම සේවකලාගේ සිට ග්‍රාමෝදය සභාපතිලා මෙන්ම රටට වැඩක් කල උගත් මිනිසුන් තොග ගණනේ මරා දැමුහ. ඉක්බිති මල මිනියෙන්ද පළි ගත්හ. ඉන් රට තවත් අඳුරේ ගිලුණි. ඉන් පසු ආයෝජකයන් ඉල්ලක්ක කර පහර දුන්හ. ජවිපෙ නමැති ආර්ථික ඝාතකයා නිසා බාටා කොම්පැනිය , වෝල්ස් අයිස්ක්‍රීම් කොම්පැනිය වැනි වියාපාර තමන්ගේ ප්‍රාග්ධනය රැගෙන වෙනත් රටවලට ගියහ. එම සමාගම් වල සේවය කල අප රටේ ජනතාවට රැකියා අහිමි වුහ. ජනතා උද්ගෝෂණ තිබෙන විට ජවිපෙ තම ගෝල බාලයන් ජනතාව මැදට රිංගවා පොලිසියට ගල් ගසා ඔවුන් කුපිත කර උද්ඝෝෂකයන් දෙසට වෙඩි තැබීමට පොලිසිය පොළඹවති. කටුනායකදී උනේද මේ දෙයයි. නමුත් ජේ ආර් ජයවර්ධන , ප්‍රේමදාස සිතුවාක් මෙන් ජවිපෙ කුඩුපට්ටම් කල යුතු බව අප නොසිතමු. පාර්ලිමේන්තුවේ ජවිපෙ සාමාජිකයන් එක් අයකුවත් සිටිය යුතුය. නැතහොත් හොර බොරු වංචා වලට විරුද්ධව කතා කිරීමට හඬක් නැති වී යයි. පොදු පෙරමුණ සහ එජාපය ඇතුළු පක්ෂ වල සාමාජිකයන් හොරකම් කිරීමට ප්‍රකට නමුදු ජවිපෙ හොරකම් කිරීමට නම් දරා නැත. නමුත් ජවිපෙට ලේ පිපාසය තිබේ. එම නිසා මිනි මරණ සහ ආර්ථික ඝාතක වැඩ පිළිවෙල තම දේශපාලන න්‍යාය පත්‍රයෙන් ඉවතලා රට හැදීමේ ක්‍රියාදාමයට ජවිපෙ එක්විය යුතුය. ජවිපෙ නමැති ආර්ථික ඝාතකයා පුනරුත්තාපානය කිරීමට බලයේ සිටින පක්ෂ වලටද යුතුකමක් තිබේ. ජවිපෙට අනවශ්‍ය ලෙස හිරිහැර කිරීමද සුදුසු නැත. ජේ ආර් අභූත චෝදනා මත ජවිපෙ තහනම් කොට එහි සාමාජිකයන් දඩයම් කිරීමට ගත් නිසා ජවිපෙ කට පුන්චාගෙන් දේශපාලනය කළහ. වර්තමාන පාලකයන්ද මෙම ඉතිහාසය අමතක කල යුතු නැත. ජවිපෙ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයේ තබාගැනීමට පාලකයන්ටද වගකීමක් තිබේ. නැතොත් රට යලිත් වරක් අඳුරට යා හැක.
Post a Comment