ජනපතිගේ තප්පර 20ක වියදම, පුරවැසියකුගේ වසරක සෞඛ්‍ය සේවා වියදමට සමානයි

 
ආසියාවේ වැඩිම කාලගුණ ව්‍යපර්යාසයන්ට මුහුණ දෙන ලංකාවේ ආපදා කළමණාකරණය සදහා වෙන් කළ මුදල ගැන සැලකීමේදී ආණ්ඩුව විසින් එවැනි ආපදාතත්වයක් මගහැර ඇති බව ආපදා කළමණාකරණය මෙවර අය වැයෙන් වෙන් කළ මුදලින් පෙන්නුම් කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක සදහන් කර සිටි.

ඔහු මේ බව සදහන් කර සිටියේ අද (03) පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

වැඩිදුරටත් කරුණු දැක්වූ මන්ත්‍රීවරයා සදහන් කර සිටියේ වසරකට සෞඛ්‍ය සදහා රුපියල් කෝටි 13909 වෙන් කොට ඇති අතර මෙම මුදල දෙකෝටියක් වන ජනගහනයෙන් බෙදූවිට එක් පුද්ගලයෙකුට සෞඛ්‍ය සදහා මුළු වසරටම රුපියල් 5850 වැනි සෝච්චම් මුදලක් වෙන් වන අතර එම මුදල මුදල ජනාධිපති තුමාගේ තප්පර 20ක වියදමට සමාන බවද සදහන් කර සිටියේය.

එමෙන්ම කලකට ගං වතුර මේ දිනවල නායයාමේ අවධානමට ලක්ව ඇති ආපදාවන් සදහා මුළු වසරකට රුපියල් කෝටි 314ක් පමණක් වෙන් වන විට ජනාධිපතිතුමාට දන්සල් දෙන්න ගුවනින් යන්න බිමින් යන්න වැනි කටයුතු වලට අය වැයෙන් වෙන් කොට ඇති මුදල එම මුදලින් තුන් ගුණයකින් වැඩිවී ඇති බවත් ගියවරට වඩා කෝටි 103ක් ජනාධිපති වැය ශිර්ෂය වර්ධනය කර ගෙන ඇති බවද සදහන් කොට සිටියේය.

එසේම වසරකට සෞඛ්‍ය සදහා රුපියල් කෝටි 13909 වෙන් කොට ඇති අතර මෙම මුදල දෙකෝටියක් වන ජනගහනයෙන් බෙදූවිට එක් පුද්ගලයෙකුට සෞඛ්‍ය සදහා මුළු වසරටම රුපියල් 5850 වැනි සෝච්චම් මුදලක් වෙන් වන අතර එම මුදල මුදල ජනාධිපති තුමාගේ තප්පර 20ක වියදමට සමාන යැයි ඔහු පවැසුවේය.

රාජපක්ෂවරුන්ගෙන් තොර බොහෝ අමාත්‍යංශවලට කුඩම්මාගේ සැලකිල්ලක් ලැබී තිබෙනවා. රටට බත සපයන අමාත්‍යංහයට අවුරුද්දටම කෝටි 4211ක් වැනි මුදල් වෙන් කරලා තියෙන්නේ රුපියල් කෝටි 235ක් කපලා. එපමණක් නොවේ. මෙවර අය වැයේදී උජාරුවෙන් කියූ දෙයක් තමයි සෑම පුද්ගලයෙක්ම වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කිරීම සදහා මිලියන 500ක මුදල්ක වෙන් කළ ද දෙකෝටියක් ජනතාවගෙන් මෙම සංඛ්‍යාව බෙදුවිට එක් පුද්ගලයෙකුට වෙන් වන්නේ රුපියල් 25ක් වැනි මුදලක් එය මුත්‍රා පරීක්ෂාවකට පවා මදි බවද හේ සදහන් කර සිටියේය.