The Most/Recent Articles

Showing posts with label Shashikala Punchihewa. Show all posts
Showing posts with label Shashikala Punchihewa. Show all posts

විරාගික වූ අරවින්ද


ශෂිකලා පුංචිහේවා 

        සිය ඇතුලන්තයට වී ජිවත් වූ අරවින්ද ජීවිතය කෙබදු ආකාරයට දුටුවේදැයි සිතීම සංකීර්ණය . මනුෂ්‍ය සිතුවිලි වෙනස් බැවින් , ඔහු ආස කලේ මොනවටද යන්න , ගුප්ත චරිතයකින් වටහාගත නොහැක . මේ ඔහු පිළිබද මද විවරණයකි .

'අරවින්ද උප්පත්තියෙන් ලත් උපාසකකම නොහොත් භක්තිය ඇත්තෙකි . ගිහියකු මෙන් ජිවත් වී , මියගිය එකකු වුවද , ඔහු ලං වෙන්නේ තේරගථාවෙන් ,තමාගේ අද්ධ්‍යත්මය ඍජුව හෙලිකල පැරණි තෙර කෙනෙකුට හෝ තම ගිහි ජීවිතයෙහි දුසිරිත් හෙලිකල පැරණි තවුසෙකුටය ' 

         තනිව ජිවත් වූ ඔහු අවසන තනිකමෙන්ම පෙළෙන්නට විය , කැමති කිසි දෙයකට එළිපිට කැමැත්ත ප්‍රකාශ නොකළේය . ඇතින් හිද සියලු දේ , දකින්නට පුරුදු විය , මෙය ඔහුගේ චිත්ත අභ්‍යන්තරයයි .

'...........මගේ මේ ආත්ම චරිතයෙහි අවසානය කියවන ඔබ , මා , ව්‍යවහාරය නොසලකා නුවනින් තොරව ජිවත්විමෙහි ප්‍රතිපලයක් වශයෙන් අවසානයෙහි දුක් අනුභව කල එකෙකියි සිතනු නිසැකය . මම කිසි විටෙක එසේ නොසිතුවෙමි............... '. 

       අරවින්ද දුක වින්දේය . ජීවිතය විදිනවා කියා , විදෙව්වේය . එය ඔහු දනී , එහෙත් සියල්ල ඉවසුවේ , කුමන සැනසිල්ලකටද කියා ඔහුවත් දැන සිටියේ නැත . ඔහුගේ හැගීම් වල යථාර්තවදී බවක් තුබුණේ යයි , නොසිතෙන්නේ , අවසානයේ ඔහු මියගියද , ජීවිතය අර්ථ ශුන්‍ය වීමෙනි .

' ...........මා  මේ ජීවිතය ප්‍රිය කරන්නට වුයේ , ඇ නොලැබුන නිසා නොව , ඇ නිසා මා තුල හට ගත්තේ , රාගයක්, ආලයක් නොව ආසාවට එක්වුණු අද්භූත හැගීමකි . විරාග රාගයකි........... '. 

      අරවින්ද ආදරය දැන සිටියේය . එහෙත් කිසිවක් ලංකර ගැනීමේ ආශාවක් ඔහු තුල නොවිය . රාගය , දැනිණි , එහෙත් වියුක්තව සිටීමට ඔහුගේ හැගීම් ඔහුට වඩා ප්‍රබලවිය . එනිසා සදාකල් තනිකඩව සිටින්නට සිදුවුනි .

'.............ලෝකය ගැන නොසිතා අවංකව ජිවත් වන්නට වෑයම් කරන්නා ඔවුන්ගේ නින්දා  පරිභව ඉවසිය යුතුය . නොඑසේ නම් ගතානුගතිකව ජිවත් විය යුතුය ...........'.  

     අවට ලෝකය ගැන අරවින්දට කිසිදු හැගිමක්ද නොවිය . අරවින්ද අවංක අයෙකි , එහෙත් , බෙහෙවින් ශිලාචාර ගති ඇත්තෙකු වන්නට පරිසරය බලපාන්නට ඇති බව , කතාව තුලින් විද්‍යමාන නොවිය . අරවින්ද පරාජිතයෙකු යයි , අපට පොදුවේ නිගමනය කල හැක්කේ , ඔහු ලද ජයග්‍රහණ කිසිවක් නොවූ බැවිනි . ඔහු වෙනුවෙන් ඉතිරි වූ කිසිවෙකුත් නොවුයෙනි , මේ තුල ජීව විද්‍යාත්මක සමාජ පරිණාමයක් දැකගත නොහැක . අරවින්ද සදාකල් නිහඩය ගුප්තය.....

ඇය ගණිකාවක්ද .......?


ශෂිකලා පුංචිහේවා

              ගණිකාව  .... යන වචනය මා දන්නා විදියට සර්ව නාමයක් ලෙස හැදින්විය හැක.මක් නිසාද යත් පිරිමි ගණිකාවෝ ගැනද අද කතා කරන බැවිනි. එහෙත් වචනයේ අර්ථයෙන්ම මෙය හදුන්වන්නේ කාන්තාවන් ගැන පමණක් වන  අර්ථයෙන් එන වචනයක් ලෙසය. මන්ද...... සැමදා විවේචනයට ලක් වන්නේ කාන්තා ගණිකාවෝ පමණක්ම බැවිනි. ගණිකාව ගැන කතා කරද්දී එක්වරම මනසට එන්නේ කාන්තා රූපයකි. ඒ කියන්නේ අපේ චින්තනයේ රැදී තියෙන්නේ, ගණිකාව කාන්තාවකි යන මතයයි. ඒ වගේම, පිළිකුල් සහගත සිතිවිල්ලකි. කවුරු හරි කිව්වොත් අර යන්නේ ගණිකාවක් කියල, අපි බලන්නේ ඇස් ලොකු කරගෙන. ඒ තරමට වෙනස් හැගීමක් ,නොරුස්සනා ගතියක් එක්වරම මොලයට එන්නේ වචනයේ වරදින්ද මන්දා , 

          සමහර අය කියනවා මේක සමාජ සේවයක් කියල, මොකද දුෂණ, අතවර,සමහර  මානසික රෝග සදහා යම් පාලනයක් මෙමගින් සිදුවනව කියල. තවත් අය කියනවා, මෙමගින් භයානක රෝග හැදෙනවා කියල. මේ දෙකම ඇත්ත. ඒත් ගණිකාව කියන්නේ කවුද කියල අපි කොහොමද හදුන ගන්නේ , ඒ සදහා නිර්වචන තියනවද.....? අපි ගණිකාවෝ කියල හිතාගෙන ඉන්න අය  පාරෙත් ඉන්නවා , ගෙදරත් ඉන්නවා, ඒ කියන්නේ එක් පිරිමියෙකුට වඩා ආශ්‍රය කරන අය, ඒ අයගෙන් සල්ලි ගන්න අය, තමයි, මේ විදියට හදුනාගෙන තියෙන්නේ. ලංකාව තුල ගණිකාව හදුන්වන අවිධිමත් ක්‍රමය තමයි,මේක. මේ තර්කය  හැමෝටම මේ විදියට සාධාරණය වනවාද කියන එක දැන්නම් ගැටළුවක්, මේ විදියට බැලුවම ලංකාවෙන් සියයට අනුවක්ම, මේ ඝනයට වැටෙන්නේ ඉබේම. තමන්ගේ අම්මා, සහෝදරිය, දියණිය, මිණිපිරිය මේ සියළු චරිත මේ තර්කනයට ඇතුලත් වෙලා දන්නෙම නැතුව. මේ තුල තිබුනාවූ මානුෂික හැගීම් ඉවත් වෙලා, ගැහැණිය රොබෝවරුන්ගේ හා පිරිමින්ගේ අතකොලු බවට පත්වීමේ වැඩි ප්‍රවනතාවයක්, මේ රාමුව තුල ගැබ්වෙලා තියෙනවා කියල නම් හිතෙනවා. 

                බටහිර කාන්තාව හා පෙරදිග කාන්තාව වෙනස් වන්නේ, මේ විදියට තියෙන්නාවූ පුරුෂාර්ථ නිසාවෙනි. මිනිසුන් තුල ස්වභාවයෙන්ම තියෙන්නාවූ, ලිංගික කැමැත්ත සදහා පනවන ලද මෙවැනි සීමාකම් නිසා, කාන්තාව, ලංකා සමාජයේ  ගණිකාවක් කර ඇත. යම් සුවිශේෂී වූ හේතුවක් මත කාන්තාව බැබළේ නම්, ඇය ගණිකාවක් වන්නේමය. බටහිර කාන්තාවට මේ ගැටලුව නැත. පවුද්ගලික කාරනා වෙනුවට, ඇයගෙන් රටට ගතහැකි ප්‍රයෝජනය නිසැකවම, තර්කයකින් තොරව ලබා ගැනීමට දියුණු සමාජ පියවර ගෙන ඇත. ලෝක ප්‍රසිද්ධ කාන්තාවෝ ගැන හැදෑරීමේදී, ඔවුන්ගේ චරිතපදනයන් තුල වූ අඩුපාඩු, සැලකිල්ලට ගත් ආකාරයක් මේවායින් දෘශ්‍ය නොවේ. ඒවා විවේචනයටද බදුන් නොවේ. මක් නිසාද යත්, තමන්ටම වෙන්වූ ජිවන රටාවක් කාටත් උරුමවීම හා ඒවායින් අන් අයගේ නිදහසද සිමා නොවීම නිසාවෙනි. සදාචාරය යනු මෙයයි, කැ ගසා හොයන නැතිවෙනවා යයි කියන සදාචාරය ආරක්ෂා කරන්නේ ගණිකාවන් නිර්මාණය කිරීමට නොවේ. ලේබල්වාදී සමාජය මේවා තේරුම් ගත යුතුය. කාටද මෙලෙස ඇගිල්ල දිගු කරන්නේ...? තමන් දෙසටම වක්‍රව, තම පවුල තුලටම බව, සියල්ලෝම මතක තියා ගත යුතුය. 

බලය හා කාන්තාව ....ලංකාව තුල භූමිකාව


ශෂිකලා පුංචිහේවා

                     පුරුෂෝත්තමවාදී රටක කාන්තාව පසුගාමී චරිතයක් විය යුතුද නැද්ද, යන්න තීරණය කරන්නේ කවුරුන්ද යන්න සෙවිය හැකිද? මෙය සිය පවුල තුල සිදුවනවාද? නැතිනම් සමාජය ඇය, මෙහෙයවන ගාමක බලවේගය බවට පත්වෙනවද? යන්න ඔබට දැන් කියන්න පුලුවන්ද? බොහෝ උදාහරණ මේ වනවිට ප්‍රස්තුත වී හමාරය. කාන්තාව කරලියට පැමිණියේ අද ඊයේ නොවේ. ආසියාතික රටක් වූ ලංකාව තුල බලය සදහා කාන්තා ප්‍රගමනය සිදුවුයේ ලෝකයේ පලවෙනි අගමැතිනිය ශ්‍රී ලංකාවෙන්ම බිහිවෙමිනි. ඒ අප දන්නා පරිදි ශිෂ්ඨ සම්පන්න දේශපාලනය තුලිනි.සමාජ අවශ්‍යතාවය මත එය සිදුවිය. එහෙත් අතීතයේ ලංකාවේ රැජිනන් රට කරපු බවටද  ජනප්‍රවාදයේ පවතී. එය උරුමය පිළිබද කතාවකි.එහෙත් ලංකා සමාජයේ මේ වන විට උරුමය හා කරුමය පෙරදැරි කරගෙන පෙරළිකාර චරිත කීපයක් කලඑළි බැසීම හා සමාජ සංශෝධනයන් සිදු කිරීමට සුදානම් වීම, ඒක අතකින් රටක විප්ලවීය අවස්ථාවක ආරම්භය ලෙසද දැකිය හැක. සිතල යුද්ධයක, සටනක් දියත් කරමින් පෙරට එන ශ්‍රී ලාංකීය නවීන කාන්තාවෝ රට කරවීම සදහා. දැන් පිටියට බැස සිටිති. අප මෙහි වරදක් නොදුටුවෙමි.

               ඔවුන්ගේ ආගමනය පිළිබද අපට ගැටළුවක් නැත. ඉන්දියාව වැනි ආසන්න රට වලද මේ හා සමාන ප්‍රබල කාන්තාවෝ බිහිවිය. ජයලලිතා හා පුලාන්දෙවී මේ සටන් වල පෙරටුගාමීන් වුයේ, ස්ත්‍රිත්වයද අමතක කරමිනි. පෙරළිකාර සමාජයේ සිදුවන දේශපාලන පෙරලීම් කෙබදු උවත්, නායකයින් මේවට මුහුණ දිය යුතුය. දේශපාලන ස්ථාවර නිර්නායකයන් ලෝකයේ නැත. ඇත්තේ වෙනස්වීම් පමණි.ක්‍රීඩාව, චිත්‍රපටි, වෙළදාම මේ මොන ක්ෂේත්‍රයේ වුවත්, වැදගත් වන්නේ, චරිත හැසිරෙන ආකාරයයි. පොර පිටියක් නොව, සදාචාරාත්මක ගමනක වෙනසක් දකින්නට සිවිල් වැසියන් කැමතිය. ගැහැනුකම අපහාසාත්මක කරන කෙනාගේ පිරිමිකම් ගැනද සිතිය යුතුය. බියවියුතු නොමැතිනම් කාන්තා බලයද ඉවසිය යුතුය. ස්ව පරමාර්ථ ගැන නොසිතා සියල්ලෝම රට ගැන සිතිය යුතුය. දේශපාලනය වෘත්තියක් නොව සමාජ සේවාවක් බව හැමෝම සිතිය යුතුය. 

               කාන්තාවට සම අයිතීන් නොලැබුනද නිසි තැන ලැබුන නම් ඇති, තරුවක් වනවාට වඩා, පුර්වාදර්ශි චරිතයක් බවට පත්වීම, පුන්යකර්මයකි. තව තවත් කාන්තාවෝ ඉදිරියට ඒම වැඩදායකය. තරගයක් ඔවුන් අතර නැත. ජනතාව බුද්ධිමත් නම් නිසි තීරණය ගනු ඇත. අවශ්‍යතාවය ප්‍රබල වෙද්දී, කවුරුන් ඉදිරියට ආවත්, නායකයින් අප පිළිගත යුතුය. මක් නිසාද යත් කැමැත්ත දුන්නෙත් අපිම නිසා, එසේ නම්, කාන්තා ආගමනය කොතෙක් දුරට බලපානවද යන්න අප ඉදිරියේදී බලමු. තිරෙන් පිටුපස මේ සියල්ලන්ටම වඩා  ප්‍රබල කාන්තාවෝද සිටින බව අමතක නොකරන්න. ඔවුන්ද නිහඩවම රට වෙනුවෙන් යම් මෙහෙවරක් ඉටු කරයි. බලය ඔවුන් තුලද ඇත. දේශපාලනය යනු රටක් ඉදිරියට ගෙනයන එක් බලවේගයක් පමණි.

කුණු නිසා නගරාධිපතිට ගෙදර යන්න වෙයි.

                 

ශෂිකලා පුංචිහේවා

කුණු නිසා ගෙදර යන්න වුන නගරාධිපති කෙනෙක් ගැන කොලොම්බියාවේ බොගෝට අගනුවරින් වාර්තා වේ. සිද්ධිය මෙසේය.බොගෝට අග නගරයේ එකතුවන කුණු නිසි අයුරින් කළමනාකරණය නොකිරීම හේතුවෙන් ජනතා චෝදනා ලැබූ නගරාධිපති ගුස්ටවෝ පෙට්‍රෝ හට මෙලෙස සිය තනතුර අහිමි විය. එම හේතුවෙන් ඔහුට ඉදිරි වසර 15ක කාලයක් දේශපාලනය කිරීමද තහනම් විය. ලබන වසරේ කොලොම්බියාවේ පැවැත්වෙන ජනාධිපතිවරනයටද ඔහු සාභාගී වීමට තිබියදී, මෙලෙස කටයුතු සිදුවිය.
                කොලොම්බියාවේ තත්වය මෙසේය.ජනතා විරෝධයට එරට පාලකයන් හිස නමයි. තමන්ට කරන්න බැරි නම් ඒ බව තේරුම් ගනියි. එය අප අගය කල යුතු ක්‍රියාවකි.තනතුරක වගකීම් දරන්නට බැරිනම් , හැකි කෙනෙකුට එම තනතුර ලබාදීම රටට කරන සෙතකි. තුන්වන ලෝකයේ රටක් වන කොලොම්බියාව සිය ඉදිරි ගමන මෙලෙස හැඩ ගන්වා ගැනීම, සෙසු රටවල් වලටද ආදර්ශයකි. බල ලෝභය නොතකා, රටක් ලෙස ජනතා මතයට ගරු කිරීම ප්‍රශංසනීයය.

කලාත්මක වූ මිනිස් සිරුර හා සංනිවේදනය


ශෂිකලා පුංචිහේවා
          

 කවුරුන් හෝ මවන ලද මිනිස් සිරුර ආශ්චර්යක් බව අපි හැමෝම දනිමු. අපි ඒ ගැන සිතා කොතෙකුත් ආඩම්බරවීමු .බොහෝ නිර්මාණයන් සදහාද , අපි අපේ සිරුර යොදා ගනිමු . අතීතයේ සිටම අද දක්වාම , අපි අපට දීපු අගය , ඉහලය . විශේෂයෙන් පිරිමි සිරුරට වඩා කාන්තා සිරුර ලාලිත්‍ය සපිරූ , කලා කෙතක් විය . ඉන්දියාවේ පඩිවරු ඔවුන්ගේ බොහෝ කලා කෘති සදහාද ,කාන්තා සිරුර යොදාගත් ආකාරය පුදුම උපදවන සුළුවිය .ඔවුන්ගේ එම කලා කෘති සදහා යොදාගත් නග්න සිරුරු ,ජීවමාන පිළිබිඹුවක  හෝ සිතුවිල්ලක් හෝ මුල්කරගත් එකකි . නිරුපනය තාත්වික විය .එහි වරදක් ඇති,නැති බව කවදාවත් විචාරයට ලක් නොවුනි .

             එදාට වඩා අද තත්වය හාත්පසින්ම වෙනස් වුයේ ඇයිද යන්න සිතිය යුතුය .එදා වගේ අදත් මිනිස් සිරුරු මුල් කරගත් නිර්මාණ බිහිවේ . බෙහෙවින් මතවාදයට පවා තුඩු දේ .ඉන්දියාවේ එදා කමසුත්‍ර නමින් බොහෝ නිර්මාණ බිහිවිය .ඒවා පුජනනිය තත්වයෙන් සැලකුණි . කැටයම් කලාව , මුල් කර ගත්තේ බොහෝවිට ස්ත්‍රී නාරිදේහයයි . මේවා බොහෝවිට ජීවමානව නිරුපනය වූ සැබැවයි .එම කලාකරුවන් එදා උසස් ඝනයේ අය විය .අද නිර්මාණය කලාත්මක වුවද ,නිර්මාණයක් බිහි කිරීමේදී ඒ ගැන දෙවරක් සිතිය යුතු තැනට පත්ව ඇත .නිර්මාණයේ නිදහස අහිමිව ගොස් ඇත .ඒත් යායුතු සිමාව නම් පැහැදිලි නැත . මෙවැනි නිර්මාණ වල සිමාව සංස්කෘතියදයි වෙලාවකට සිතේ , නැතිනම් , දේශපාලන සිමාවන් මේ තුල ඇත්දැයි තවත් වරෙක සිතේ . එහෙත් , අප ඉන්දියානු අභාශයේ සංස්කෘතියක් ඇති ,අසියාතිකයින් බැවින්, පැරණි ඉන්දියානුවන්ට වරදින්නටද විදියක් නැත .එසේනම් වැරදුනේ මෙය තෙරුන්ගත නොහැකි අපටද? 

                අපේ කාලයේ නිර්මාණකරුවන් වල්මත්වී ඇත්දැයි , ඇසිය යුතුය නැතිනම් , ප්‍රේක්ෂකයින් වල්මත්වී ඇත්දැයි සෙවිය යුතුය . පිළිතුර නම් වාරණයයි.හුදෙක් නිර්මාණ තැනීම හා නිදහස් සිතුවිලි ,වලින් පිරිපුන් නිර්මාණ මින් ඉදිරියට බිහිවේදැයි සැක සහිතය .වාරණය සම්බන්ධයෙන් පොත් ලිවිය යුතුය .අද්‍යනය කලා යුතුය .වාරණය කොහේදී හෝ අපට හමුවේවි .එවිට නිර්මාණකරුවාට පලා යන්නට සිදුවේවී . නැවතත් , ලෝලිටලා , වදරින් හයිට්ස්ලා , බිහි නොවී තියේවිද? සිගිරි අප්සරාවියන් මැකිලා යයිද? ඉසුරුමුණි පෙම්යුවල ඉතුරුවේවිද? ලංකාවේ ආයෙත් ටයිටැනික් යුගයක් නැතිවෙයිද?මේ සියල්ලන්ටම පිළිතුරු දීමට , කාන්තාව, නිරුවත හා කලාව තේරුම් ගත යුතුය .  

පොප් ගායිකා මැඩෝනාගේ අමිහිරි මතකය



ශෂිකලා පුංචිහේවා 


                 ලෝකප්‍රකට පොප් ගායිකා මැඩෝනාගේ අමිහිරි අතීත මතකයන් ප්‍රථම වරට ජනමාද්‍ය ඉදිරියේ ඇය විසින් හෙළි කරන ලදී . ඇය මේ වන විට 55 හැවිරිදිය . ලෝකයේම ජනාදරයට පත්වුවද , ඇයටත් , ඇගේ අතීතය වේදනාකාරී වී ඇති බව ඇගේ ප්‍රකාශයෙන් හෙළිවිය . ලෝකයටම රහසක් කරගත් මේ සිදුවීම පිළිබද විචාරීමේදී පෙනී යන්නේ , ඇයද ලිංගික කෘරකම් සදහා මුහුණ දී ඇති ආකාරයයි . එය අද , ඊයේ කියා වෙනසක් නැතිවම කාන්තාව මුහුණදුන් තත්වයම  බව පෙනේ . සැම සාර්ථක ගැහැනියක්ම , අතීත පපොච්චාරණයේදී තමන්ට විදින්න සිදුවූ , ලිංගික අඩන්තේට්ටම් ගැන ඉතාම වේදනාවෙන් පවසා සිටියි . සමහර විටක ජීවිතය දිනන්න ඇය ලැබූ පන්නරයද මෙයට හේතුවක් වන්නට ඇතැයි අපට සිතේ .  
               මැඩෝනා නිව්යෝක් නුවරදී , ක්ෂේශ්ත්‍රයට පැමිණි මුල් යුගයේ දී , වයස 19දි , පිහියක් අතින් ගත් පුද්ගලයකු විසින් ,පැහැරගෙන ගොස් වහලයක් මතදී දුෂණයට ලක්කල  බව කියා සිටි . මගේ කාමරය තිබුනේ තුන්වෙනි මහලේ , මං කාමරයට යන සැම මොහොතකදීම මට මේ සිදුවීම මතක් වෙන්න ගත්තා . එම සිදුවීමෙන් වසර 20කට පස්සේ මං ජීවත්වීමේ අරුත සොයන්න පටන් ගත්තේ ,අද්යාත්මික ජීවිතයකට හුරු වෙමින් බව පවසයි . 
        මගේ කුඩා කාලයේදී මම අපයෝජනයට ලක්වුනත් , අසරණ ළමුන් වෙනුවෙන් පෙනී සිටියා . ඒ හන්ද මාව , ළමුන් පැහැරගෙන යන , ළමා ජාවාරමේ යෙදෙන අයෙක් බවට චෝදනා කළා . ඒ වගේම මගේ සිපවැලද ගැනීම් දර්ශන වලදී , මාද්‍ය එයත් විවේචනය කලා . මම දරුවන් හදා වඩා ගන්නේ , ඔවුන්ට සේවාවක් කරන්න , ඒත් .... එයත් මාද්‍ය විවේචන වලට ලක්වුවට,  පසු නොබසින බවමැඩෝනා කියයි . මේ ඇගේ ජිවිත යථාර්තය බව , ප්‍රථම වරට කරන ලද ප්‍රසිද්ධ හෙළිදරව්වකි .

පකිස්ථානයෙන් මතුවූ අළුත්දුපත

 

ශෂිකලා පුංචිහේවා

             පකිස්ථානයේ , බලුකිස්තානයේ සිදුවූ භූ කම්පනයත් සමග අළුත් දුපතක් මතුවූ බව විදෙස් ආරංචි මාර්ග මගින් දැනගන්නට ලැබුනත් එය සිදුවුයේ කෙසේද යන්න මේ වනවිට සොයා බලා ඇත . මේ භූ කම්පනයත් සමග මියගිය සංඛ්‍යාව 350ක් බව වාර්තා විය .දහස් ගානකට තුවාල විය. තවත් බොහෝ සංඛ්‍යාවකට නිවෙස් අහිමි වී අවතැන් විය.  
             මේ දුපත නිර්මාණය වූ ආකාරය ගැන විද්වතුන්ගේ මත පලවෙමින් ඇත. මේ දුපතට ඔවුන් දුන් නම 'සල්සාල කොන්' වේ. දුපතේ චන්ද්‍රිකා චායාරුප ගත කොට ඇත්තේ , ඇමෙරිකාවේ නසා ආයතනයේ  'පෘතුවි නිරීක්ෂක 1' කියන චන්ද්‍රිකාවයි. 'ලැන්සට් 8' කියන චන්ද්‍රිකා මාර්ග වලින් වේ. දුපත උද ඉදන් බලන විට රවුම් ආකාරයෙන් ඇතත්, එය සැදී ඇත්තේ ගල් සහ මඩ එකතු වීමෙනි. මැරිච්ච මාළුත් මේ සමග සිටින බව පවසයි.    
                 'සල්සාල කොන්' දිගින් මීටර් 200ක් හා පළලින් මීටර් 100ක් පමණ මීටර් 20ක උසකින් යුක්ත බව සොයාගෙන ඇත. මේ වන විට දුපත දෙස් විදෙස් සංචාරක මද්‍යස්ථානයක් ලෙස කාර්ය බහුලව ඇත. මේ දුපත නිර්මාණය වෙන්න හේතු වුන භූ කම්පාව , රික්ටර් පරිමාණ 7.7ක් විය. භූ කම්පනයෙන් පිටවූ තරංග වල ශක්තිය නිසා , මුහුදු පතුලේ හිරවෙලා තිබුණු මඩ , වාතය,පස් උඩට ඇවිත් දුපත නිර්මාණය වී ඇත . මෙය මඩ ගිනිකන්දක් ලෙසත් විද්වතුන් හදුන්වා ඇත . මේ සංසිද්ධියට අනුව මෙය සාමාන්‍ය පිහිටීමක් ලෙසත් ඔවුන් තීරණය කර ඇත. 

       මෙම දුපතින් පිටවන වායුව පවා විෂ සහිත බව කියයි. නසා ආයතනය කියන්නේ මේ දුපතේ ආයු කාලය කෙටි බවයි. යට තියන වාතය නැවත සිසිල් වීමේදී , දුපත හැකිලෙන්න පටන් ගනු ඇතැයි සිතිය හැකි බවයි. අරාබි මුහුදේ ඇතිවන මුහුදු රැලි හා සුළි කුණාටු නිසා, දුපතේ තුනී පස් සේදී යා හැකි බව පවසයි. 1999 හා 2010 දීත් මෙවැනි දුපත් ඇතිවී, මෝසම් කාලයෙන් පසු නැති වන බවයි. මෙහි ජීවත්වූ වයස්ගත පුද්ගලයන් පවා පවසා ඇත්තේ, 1968 දීත් භූ කම්පනයකින් මෙවැනි දුපතක් මතුවී අවුරුද්දකින් පමණ නැතිව ගිය බවයි.  

හිලරි ක්ලින්ටන් චිත්‍රපටියට දේශපාලන බලපෑම්



ශෂිකලා පුංචිහේවා 

 ඇමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේඛම්වරියක හා හිටපු ජනාධිපති බිරිදක වන හිලරි ක්ලින්ටන් ගැන නිර්මාණය කරන්නට යෙදුනු වාර්තා චිත්‍රපටිය සදහා දේශපාලන බලපෑම් එල්ලවී ඇති බැවින් එහි නිර්මාණ කටයුතු අත්හැර දමා ඇති බව එහි අද්‍යක්ෂකවරයා වන චාර්ල්ස් ෆර්ගියුෂන් පවසයි . මෙය සි .එන්. එන්. නාලිකාවේ නිෂ්පාදනයක් ලෙස ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණි . 

                විශේෂයෙන්ම ඇය නියෝජනය කල ඩිමොක්‍රටික් පක්ෂයෙන්ද සහයෝගය නොලැබුණු බව ඔහු පවසයි . එම පක්ෂයේ නියෝජිතයින් පවා උක්ත සාකච්චාව සදහා කැමැත්තෙන් සාභාගී නොවුණු බව ඔහුට හැගී ගිය බව කියයි . මේ හේතු මත එලි දැක්වීමට තිබු හොද නිර්මාණයක් තමාට අහිමි වූ බව ෆර්ගියුෂන් කියාසිටි . 
           
 මේම චිත්‍රපටිය සදහා විපක්ෂය වන රිපබ්ලිකන් පක්ෂයද සිය විරෝධය පළකර ඇත .  සි .එන්. එන්.නාලිකාව මෙම නිෂ්පාදන කටයුත්ත කරන්නේ නම් , එම නාලිකාව මගින් සංවිධානය කරන කිසිම වැඩසටහනකට තමන් සාභාගී නොවන බව රිපබ්ලිකන් පක්ෂය පවසා ඇත . මෙයට පෙර එන්.බි.සි. නාලිකාවත් හිලරි ක්ලින්ටන් සම්බන්ධයෙන් වැඩසටහනක් සකස් කිරීමට සැලසුම් කිරීමේදී රිපබ්ලිකන් පක්ෂය මෙම අනතුරු ඇගවීම ඔවුන්ටද කර ඇත . 

          2016 පැවැත්වෙන ඇමරිකානු ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටිස් පක්ෂ අපේක්ෂිකාව බවට පත්වීමේ වැඩි අවස්ථාව හේතුවෙන් මේ ගැටළු නිර්මාණය වී ඇති බව විචාරක මතයයි . මේ නිර්මාණය හේතුවෙන් ඇය වඩා ඉහලකට ඔසවා තබනු ඇතැයි , රිපබ්ලිකන් පක්ෂය චෝදනා කරයි . 

          මෙම වාර්තා චිත්‍රපටියේ නිර්මාණ කටයුතු වල මුලික අදියර වශයෙන් හිලරි ලෙස රගපෑමට ඩයනේ ලේන් නම් නිලියද නම්කර තිබුණි . ෆර්ගියුෂන් පවසන්නේ මෙම ප්‍රධාන පක්ෂ දෙකම දේශපාලන අනාගතය මුදල් මත තීරණය කර ඇති බවයි . කෙසේ නමුත් ඔහු පවසනේ ඇයගේ ජයග්‍රහණය මේ අනුව කෙබදු ආකාරයක් ගනීදැයි තේරුම්ගත හැකි බවය . නමුත් මෙම බලපෑම් ඇමරිකානු ජනතාවගේ ජයග්‍රහණයක් නොවන බවත් තමන් මෙම නිෂ්පාදනය අත්හැරීම සම්බන්ධව නිල ප්‍රකාශ තවමත් සිදු නොකළ බවත්  පවසයි . 


බටහිර සිනමාවේ පළමු කළු තරුව

ශෂිකලා දුලාශිනි ඩි පුංචිහේවා
       ඇය අන්දොලාත්මක නර්තන ශිල්පිනියකි . නිග්‍රෝ ජාතික රංගන ශිල්පිනියක් ලෙස හා සමාජ සේවිකාවක් ලෙස නම් රැන්දු ඇය ජොසෙපින් බේකර්ය . මේ ඇගේ අප නොදත් කතාවයි . ඇය සුපිරි තරුවක් වුයේ එක රයකින් නොවේ . ඇමෙරිකාවේ ශාන්ත ලුවී  නගරයේ පැල්පතක උපන් ඇය මහා මන්දිරයක් දක්වා ආවේ කටු කොහොලින් පිරි මාවතකිනි . යුගයක් බැබලවූ ඇය ලෝක අවදානයෙන් අමතක නොවන චරිතයකි . 
             නිර්භීත ප්‍රතිපත්තිගරුක ජිවිතයක් ඇය තුල විය . වරෙක ඇය ප්‍රංශ විප්ලවයේ රහස් ඔත්තුකාරියක ලෙස සේවය කිරීම හා ඇමෙරිකාවේ කළු සුදු වර්ග භේදයට එරෙහිව නැගී සිටිමින් කටයුතු කිරීම ,ඇය තුල වූ විශිෂ්ඨ ගුණාංග ලෙස නිග්‍රෝ ජාතිකයන් අදටත් අදහති . කලකදී වහල් සේවයේ යෙදුනු මව්පිය යුවලකට දාව ඉපදුනු ජොසෙපින් , මුළු ජීවිතයේදීම දුටුවේ අරගලයන් හා පිඩාවන්ය . ඇගේ මවත් නර්තනයෙහි දක්ෂකම් දක්වා ඇත . එනිසා , නර්තනයද ඇයට උපතින්ම උරුම උනි . පියා බෙර වාදන ශිල්පියෙකි . ජොසෙපින්ගේ උපතත් සමග නර්තනයට තිත තබන්නට මවට සිදුවූ නිසා ඒ කෝපය සැම විටම ජොසෙපින් හරහා යැවීමට මව උත්සහ කලාය . ඇය මවගේ පහරදීම් වලට නිරන්තරයෙන් ලක්විය . ජොසෙපින් පවසන අන්දමට මව ඇයට කොතක් කෘර කම් කලද යත් , ඇගේ මරණය පවා පැතු බවය . කටුක වූ ළමා වියක් ඇයට උරුමවිය . 
        වර්ගවාදී ගැටුම් ආරම්භ වීම නිසා ඇයට උපන් ගමෙන් යන්නට සිදුවිය . මේ අතර ඇය වයස 11 දී විවාහ විය . මවට හෝ නගර පාලකයන්ට මෙම විවාහය ගැටළුවක් වුයේ නැත . ඔහු ඇයට වඩා දෙගුණයකින් වැඩිමල් අයෙකි . එහෙත් , ඒ විවාහය මාස 8 කින් නිමාවිය . ඉන්පසු වෙටර්වරියක ලෙස සිටි ඇය නර්තන ශිල්පිනියක ලෙස පාරට වැටුනාය . ඇය ගීතිකා කණ්ඩායමකට බැදුනා පමණක් නොව ඔවුන්ගේ සයනයේ කොටස්කාරියක් වන්නටත් සිදුවිය . මිට අමතරව මේ කණ්ඩායමට මුදල් අනුග්‍රහ දැක්වූ පුද්ගලයන්ගේ ලිංගික අවශ්‍යතාද ඉටු කරන්නට ඇයට සිදුවිය . 15 වෙනි වියේදී ඇය නැවත විවාහ වෙයි . ඇය සිටි ෆිලාදෙලෆියව හැරයන අතර , ප්‍රහසන නාට්‍ය දෙකක චරිත රගපන්නට පටන් ගත්තාය . ඇය දක්ෂ ලෙස රගැපැවය . එහෙත් නිෂ්පාදකවරුන් සමග යහන් ගත වන්නට නිරන්තරයෙන් සිදුවිය . නිතර ලිංගික අසාධාරනකම් වලට ලක්වුයේ ඇගේ ගමන යා යුතුව තිබු නිසාය .
      ඇය ප්‍රංශයේදී කැබරේ නැටුවාය . සිය දස්කම් දක්වෙමින් ප්‍රංශ තාරකාවක් බවට පත්විය . එහෙත් උපන් බිම ගැන දුක්මුසු වුවාය . ඇයට මුදල් හදල් බොහෝවිය . සුපිරි නිවසක් මිලදී ගත්තාය . ඇය ප්‍රංශ සුරදුතිකාවක් සේ බැබලුණි . ජොසෙපින් අනාත දරුවන් හදන්න පටන් ගත්තාය . විවිධ රටවල දරුවන් 13 දෙනකු ඇය සැදුවාය . ප්‍රංශ හමුදාවේ විස්වාසනීය ලෙස කටයුතු කල නිසා ,ඇයට විරවරියක ලෙස සම්මාන ලැබිය . ඇයට හමුදා නිල ඇදුම් හා පදක්කම්ද හිමිවිය .
එහෙත් ඇය වයසට යත්ම මුදල් හා සුපොඛභෝගී සියලු දේ අහිමි වන්නට විය , රුපය , හැකියාව , හා ශක්තිය පිරිහීම නිසා ඇයට තව දුරටත් නර්තනයේ යෙදීම හා සමාජ සේවයේ යෙදීමට නොහැකි විය . අවසානයේදී ඇය විසින් ඉතා බැරෑරුම් ලෙස රංගනයක් ඉදිරිපත් කල දිනක රාත්‍රියකදී කවුරුත් නොදැනම ඇදක් මත ඇය අවසන් හුස්ම හෙළුවාය . ඇයගේ චරිතයේ ඇසුපිරු තැන් බොහෝවිය දිවි පරදුවට තබා කල කැපකිරීම් බොහෝය .ලෝකයම පිළිගත් ඇය මතකයන් පමණක් ඉතිරිකර යන්නම ගියාය . 

අද්‍යාපන මිල්ටරිකරණය



ශෂිකලා පුංචිහේවා

පාසල් අද්‍යාපනය තුල බාහිර ක්‍රියාකාරකමක් ලෙස ශිෂ්‍යබට පුහුණුවලබා දුන්නේ දැනට වසර ගණනාවකට පෙර සිටය . එහි වරදක් එදා නොදුටුවේය .නමුත් දැනටජාතික පාසල් වල විදුහල්පතිවරුන්ගේ කැමැත්ත මත ඔවුන් සදහා හමුදා මුලික පුහුණුවක් ලබාදීකර්නල් පදවියක් ලබාදීම පිලිබදව නම් විවේචන බොහෝ එල්ල වෙමින් පවතී .මෙයට පෙරශිෂ්‍යබට කණ්ඩායම් වල බාරව සිටින ගුරුවරුන් වෙතද මෙම පුහුණුව ලබා දී නිලයන්පිහිටවා ඇත .පාසල් අද්‍යාපනය සමග ළමයින් මිල්ටරිකරණය කිරීම තුල වරදක් ගැබ්ව ඇතැයිසිතන්නේ කෙලෙසින්දයි නොදන්නෙමි . 

අප බුද්ධාගම් රටක් බව සැබෑය .එහෙත් කාලෝචිතවවෙනස් වුවාට කම්නැති බව බුදුන් දේශනා කොට ඇත . රටක ඉදිරියට යාමේ අවශ්‍යතාවයක්පවතිත්දී ශක්තිමත් ළමා පරපුරක් බිහිවීමේ අවශ්‍යතාවය ඇති බව වටහා ගත යුතුය . අප පාසල් යුගයේ ශිෂ්‍යබට අනුඛණ්ඩ පිහිටුවා තිබුනේ තෝරාගත්පාසල් කීපයක පමණි . එදා , අපට එම පුහුණුව ලබා ගැනීමේ අවශ්‍යතාවය තිබුනද ,ලබාගැනීමේ හැකියාවක් , හා පහසුකම් අප පාසැල සතුව නොතිබුණි . විකල්පයක් ලෙස ක්‍රීඩාපුහුණුවීම් ලැබ එම අවශ්‍යතාවය තරමකට සපුරා ගතිමි . හමුදා පුහුණුවක් , ලැබීම නිල ඇදුමක්ඇදීම ආඩම්බරයක් බව මා එදා වටහා ගෙන තිබුණි .

පාසල් පොතපතට පරිභාහිරව යමක් ඇතිබව හා මග පෙන්වීමක් අවශ්‍ය බව මට දැනුනි .නිර්මාණශීලි තර්කනයක් තිබිය යුතු බව හාකොටු නොවීම , ළමයකුට අත්‍යවශ්‍ය පියවරකි . අභියෝග දැරිය හැක්කේ එබදු පරපුරකටපමණි . මේ බව වත්මන් සමාජයේ දෙමාපියෝ වටහා ගත යුතුය . විශ්වවිද්‍යාල සිසුන් වෙතද මේ පුහුණුව දැනට ආරම්භ කර ඇත .

දියුණු රටවල දරුවන් හටද අනිවාර්යෙන්ම හමුදා පුහුණුවක් ලබා දී ඇත. එසේ නම් අපේසිසුන්ටද විශ්වවිද්‍යාලය තුල මෙම පුහුණුව ලබා දුන්නාට කම් නැත . විශ්වවිද්‍යාලයේ බාහිරවිෂයන් ලෙස ඉංග්‍රීසි ඉගෙනුම පළමුවෙන්ද , පරිඝනක හැකියාව ලබාදීම දෙවනුවද ආරම්භකලේ කාලින අවශ්‍යතාවය මතය . එසේ නම් ඔවුන්ටද මේ පුහුණුව පිළිබද ගැටළුවක් ඇතිවන්නේ කෙලෙසින්ද? යොවුන් සේනාංක ආරම්භ කිරීමේදී , ඉතා හොද පියවරක් ලෙසම දුටිමි , එහෙත් එයටද සභාගි වීමට හැකි උනේ ප්‍රාදේශීයව තොර ගත් කොටසක් පමණි ,එයට බැදීමට නොහැකිව දුක් වූ තරුණ කොටස් එදා .සිටියහ .

 රජය මගින් ලබා දුන් මේ සීමිතපුහුනුවන් ලබා ගත නොහැකිව එදා මම කලකිරුනෙමි .එහෙත් දැන් ළමුන්ට ඒ සදහා ගැටළුවක්නැත . එබැවින් පාසල් අද්‍යාපනය මිල්ටරිකරණය කිරීමක් යයි සිතීම උචිත නොවේ .අද්‍යාපනය තුලට නවාංගයන් එකතු වීමක් පමණි සිදුව ඇත්තේ . ළමුන්ට පවතින ශරීර සවුක්යමත කැමැත්ත අකමැත්ත මත තෝරා ගැනීමක් කිරීමේ අයිතිය ඇත . සම්ප්‍රදායිකඅද්යාපනයක කොටු වනවාට වඩා , නිම්වළලු පුළුල් කර ගැනීම වටින බව මගේ හැගීමයි . මේසියලු කර්තව්‍යන් මා පසු කලෙක ලබා ඇති අත්දැකීම් බැවින් යෝග්‍ය අයෝග්‍යභාවයමා දනිමි . 

කාන්තාව , සිනමාව හා නිරුවත




ශෂිකලා පුංචිහේවා

කාන්තාව රැඩිකල්වාදී යයි විචාරකයෝ සිතන්නේ කාන්තාව සතු හිතුවක්කාර රගපෑම් පෙනෙන්නට තිබෙන නිසාදෝයි සැක සිතේ . සිනමාව නිර්මාණ තෝතැන්නකි . රගපෑම වාණිජ හෝ කලාත්මක විය හැක . එය නිර්මාණයට අනුගතය . ශයිලිය පමණක් රගපාන ශිල්පිනියට අයත්ය . ඉතින් , ඉදිරිපත් වන රංගනය , හැගීම් , සිතුවිලි නිර්මාණය තුල නිදහසේ මුදා හැරීමක් කල යුතුය . මෙහිදී වගකීම රංගනයට බාරදීම නොකළ යුතුය . තිර රචනය සියල්ල දැරිය යුතුය . සිදු වන්නේ අනිකකි .

 විවේචන සියල්ල නිළිය පසුපස හබාවිත් ඇයව ගොදුරු කරගනී එහෙයින් ඇයට කාලයකට අතුරුදහන් වන්නට සිදුවේ . තනි තටුවෙන් පියාබන්න , අක්ෂරයට සිදුවූයේත් එයමය . ලාංකීය සිනමාවට අනුව එය සාර්ථකය . සිනමාව තුල නව කතිකාවතක් ගොඩනැගුණි . ස්තිරිය නිරුවත් වුවාද නැතිනම් ඇගේ සිතුවිලි එලියට ආවාදැයි සිතය යුතුය . සංකේත භාවිතය බොහෝ විය . සමාජය ඉදිරියේ කාන්තාව නිරුවත් කරන්නේ ඇය ජිවත්වන සමාජයමයි . එය ඇත්තක් බව පිළිගත යුතුය . ,

 එහෙනම් මේ තත්වයටම නිර්මාණය තුල ලැබෙන ඇගයීම විවේචකයන්ට අහම්බයක් නොවේ . ඉන්දියාවේ ඩර්ටි පිච්චර් තවත් එබදු නිර්මාණයකි . නිර්මාණ දෙකහි ඉදිරිපත් කිරීම ආකාර දෙකක් වුවත් නිරුවත දැක්වීම හෝ අදහස මතුකරලීම විවිධත්වයක් ගත්තද මේ දෙකෙන්ම මතුවුයේ කාන්තාව විදින සමාජ අසාධාරණයයි .

 නිරුවත අපට අලුත් දෙයක් නොවේ . අනාදිමත් කාලයේ මෙය සාමාන්‍ය තත්වයකි . නමුත් මේ වන විට කතාවට සැම අතින්ම භාජනය වන්නේ කාන්තාවගේ නිරුවත පමණි . සිනමාව තුලින්ද ග්‍රහණය කර ඇත්තේ , කාන්තාව පමණි . අනාරක්ෂිත වුයේ කාන්තාව පමණක්ද ? නැතහොත් කලාත්මක ඉදිරිපත් කරවීමක් කල හැක්කේ කාන්තාවට පමණක්ද ? ඒ කෙසේ වුවද කාන්තාව මාර්කට් නොකළ යුතුය . මුදල් පසුපස කාන්තාව දුවවන්නේ මේ මාෆියාවයි . ස්ත්‍රිය , සිනමාව , නිරුවත මේ මාෆියාවේ කොටස්කරුවන්ය . 

 මෙහි අදහස සිනමාවට ස්ත්‍රිය සම්බන්ද නොකලගතයුතු බව නොවේ , නිර්මාණය අවසානයේ ඇය පෙලෙන පිඩාව හා සමාජ සම්බන්ධතා නිසා සිදුවන අකරතැබ්බයන්ට ඇය කෙලෙස මුහුණ දෙන්නේදැයි සිතීමය .සාමාන්යෙන් නිර්මාණයක් අවසානයේ ලැබෙන ආත්ම තෘප්තිය වෙනුවට දැනෙන කාන්සාව ඇයි ඇය පසුපස හබා එන්නේ ? මෙය සාමන්යකරනයක්දොයි සිතෙන්නේ සිනමාව පමණක් නොව සමාජයේ කොතනත් කාන්තාවක් සාර්ථක වන්නේ යයි සිතන සැම විටම මේ ඇද හැලීම සිදු වන නිසාය . සිනමාව එක උදාහරණයක් පමණි . 

වැම්පයර් ලේඩි



ශෂිකලා පුංචිහේවා

අප මිට කලින් වැම්පයර් ලා , ඩ්රකියුලර් ලා දකින්නට ලැබුනේ චිත්‍රපට වලින් , රුධිරය බිමට ගන්නා ත්‍රාසජනක චිත්‍රපට අපට තාමත් මතකය . එහෙත් රුධිරය දිනපතා පානයට ගනිමින් ජිවත්වන අපේ කාලයේ කාන්තාවක් සැබවින්ම ජිවත් වනවා යයි , විදෙස් ආරංචි මාර්ග හෙළි කරයි . ඇය කව්ද , කොයි රටේද යන්න තවම හෙළිකර නැත . ඇය 29 හැවිරිදි තරුණියකි . නමින් මිෂෙල් වන ඇය ,පච්ච විලාසිතා නිර්මාණය කරන්නියකි . ඇය කුඩාකල සිටම ලේ බිමට හුරුවී ඇත . දිනපතා රුධිරය පානය නොකළහොත් ඇග අප්‍රාණික වන බව කියන්නීය . අපට ජලය සාමාන්‍ය පරිදි අවශ්‍ය සේම ,ඇයට දිනපතා රුධිරය අවශ්‍ය වන්නේය . ලේ යොදා ගනිමින් දවස ආරම්භයේම කෝපි කෝප්පයක් බොන්නිය . ඇය , පොත්පත් කියවද්දිත් , විවේකිව ඉන්දෙද්දීත් ,පච්චා අදිද්දීත් රුධිරය පානය කරයි . එසේම ,ආහාරපාන සකසා ගැනීමේදීද රුධිරය යොදාගනී . ඇය මේ සදහා හරකුන්ගේ හා ඌරංගෙ රුධිරය යොදා ගන්නා බව සදහන් කරයි .මේ වන විට ඇය වසර 10 ක් තුල රුධිර ගැලුම් 1000 කට අධික ප්‍රමාණයක් බිමට ගෙන ඇති බව කියයි . 

මිනි මරණ ගෝනුස්සා යාපනයේ



ශෂිකලා පුංචිහේවා

උතුරේ යුධ වැදි අවසන්ය හැදිලි ඉලක්ක හදුනාගෙන විනාශ කර අවසන්ය . එහෙත් තාම හදුනා නොගත් අවියක් ඉතුරු වූ බව කව්රුත් නොදත්තේය . මෙය එසේ විය හැකිය . පැහැදිලි නිර්වචන තවම හදුනා ගෙන නැත . විද්‍යාත්මක නාමය (Hottentotta tarmulus ) දරන මේ ගෝනුස්සා අතීතයේ නම් යාපනයේ නොසිටි බව යාපනයේ වැසියෝ පවසති . 

එහෙනම් ඌ , අවේ කොහෙන්ද ? කගේ උවමනාවටද? යන්න දැන් නම් පරීක්ෂණ පැවැත්වේ . මාරාන්තික විෂ සහිත මෙම සුදු ගෝනුස්සා , ගැන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා අංශය , වයිද්‍ය පිඨය හා යාපනය ශික්ෂණ රෝහලේ වයිද්යවරුන් පිරිසක් මෙම ගෝනුසු විශේෂය සොයා පරීක්ෂණ පවත්වති . යුද්ධය පැවති කාලයේදී හා යුද්ධය අවසන් වූ පසු මේ ගෝනුස්ස දෂ්ඨ කිරීම නිසා යාපනය රෝහලට ඇතුලත් කර ඇති සංක්‍යාව සීග්‍රයෙන් ඉහල ගොස් ඇත . පර්යේෂකයන් පවසන්නේ මෙම ගෝනුස්සා ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ දැකිය හැකි බවයි .එහි සිට කවුරු හෝ මෙහාට ගෙනත් දාන්නට ඇතිබවයි . 

මෙය එල් .ටි.ටි . සංවිධානයේ ජීව අවියක්දයි සක සහිත තත්වයකි . එහෙත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වයිද්‍ය පිඨයේ මහාචාර්ය එස් .ඒ .එම . කුලරත්න මහතා පවසන්නේ ,මෙම සුදු ගෝනුස්ස ඉන්දීය සාම හමුදාව සමග ලංකාවට පැමිණ ඇති බවයි . දැනට යාපනයේ පලාලි , කරෙයිනගර් , අච්චුවේලි යන වෙරල ආශ්‍රිත ප්‍රදේශ වලින් හමු වූ රෝගීන්ගෙන් ගෝනුස්සා ව්‍යාප්ත වූ ආකාරය හදුනා ගෙන ඇත . ගෝනුස්සා , දෂ්ඨ කිරීමෙන් 2003 වර්ෂයේදී ළමුන් 13 දෙනකු මරණයට පත්ව ඇති බව පරීක්ෂණ වාර්තාවේ සදහන් වේ . 2012 ජනවාරි මාසයේ සිට 2013 පෙබරවාරි දක්වා දෂ්ඨ කිරීම් 80 ක් වාර්තාවේ . 

වැඩිපුර බරක් වූ චීනයේ ඉතුරු වූ ගැහැණු "ෂෙන්ග් නු "



ශෂිකලා පුංචිහේවා

චීනයේ අද වනවිට නව ගැටළුවක් නිර්මාණය වී ඇත . උගත් ,උසස් රැකියාවල නියුතු ගැහැණු , තරුණ වයස ඉක්මවා යනතුරුද , අවිවාහකව සිටීමයි . රටක අද්‍යාපනය හා සේවා දියුණු වන විට එම රටේ පවතින ගැටළු අවම වේ යයි සිතුවද, අප නොහිතන ගැටළු නිර්මාණය වීමක් මෙහිදී සිදුව ඇත .මෙය කොතරම් චීනය තුල කතා බහට ලක් වන්නේදැයි , එරටේ මාද්‍යකරුවන් මෙම ගැහැණු සදහා "ෂෙන්ග් නු" හෙවත් ඉතුරු වූ ගැහැණු ලෙස හැදින්විමටද පටන් ගෙන ඇත 

. චීනයේ ස්ත්‍රී පුරුෂ සංක්‍යාව අසමමිතික බැවින් , මේ ප්‍රශ්නය දැඩිව බලපා ඇත .වාර්තා වලට අනුව එහි වයස අවුරුදු 30 ට අඩු පිරිමින් සන්ක්යාවට වඩා ගැහැනුන් සංක්‍යාව මිලියන 20 කින් වැඩි පෙන්වයි , . 2007 වසරේ සිට රාජ්‍ය මාද්‍ය , "ඉතිරු වූ " ගැහැණු යන පදය භාවිතා කරන්නේ , විශේෂයෙන්ම උගත් කතුන් සම්බන්ධවයි . චීනයේ සංගණන වාර්තා දක්වන්නේ , අවුරුදු 25 ත් 29 ත් අතර සිටින කතුන් 5 දෙනෙකුගෙන් 1 ක් අයෙකු අවිවාහකව සිටින බවයි . මේ වයසේ පසුවන පිරිමින් සැම විටම උත්සහ කරන්නේ , වයසින් අඩු හා තමන්ට වඩා උගත්කමින් අඩු කතුන් හා විවාහ වීමටය .

චීනයේ පවතින මෙම අසමමිතික තත්වය හා කාන්තාවන්ගේ අවිවාහක ගැටලුව නිසා , රජය විශේෂ පියවර ගෙන ඇත . මෙම උගත් කාන්තාවන්ට සහකරුවන් මුණ ගැස්වීමට , විශේෂ අවස්ථා සංවිධානය කර ඇත .බොහෝවිට පිරිමි සහකරුවන් කලහකාරී කිරීමත් කලබල ඇති කරවීමත් මගින් , ඔවුන් ඉක්මනින් විවාහ දිවියට ඇතුළු කිරීමට රජය උත්සහ දරා ඇත . 

මෙම ඉතිරි වූ ගැහැණු , ප්‍රියමනාප , හොද රැකියාවල නියුක්ත හා උපාධිදාරී වුවද ,ගැලපෙන සහකරුවන් මුණ නොගසිමෙන් , ඔවුන්ට තනිව සිටීමට සිදුව තිබෙනවා . එම හේතුවෙන් පළමුව තම පවුල තුල කොන්වීමෙන් හා මාද්‍ය මගින් මේ ගැන දිගින් දිගටම විවේචන එල්ල වීමෙන් , මෙම කාන්තාවන් දැඩි පිඩනයට ලක්ව ඇත . අවිවාහක වයස්ගත කාන්තාවන් පවල තුල සිටීමෙන් , පව්ලේ පිරිමි මෙය ලජ්ජාවට කරුණක් යයි සිතා , නෑදෑ හිත මිතුරන් එකතු වන ස්ථාන වලට් රැගෙන යාමට පවා අකමැත්තක් දක්වයි . 

හිස ගසා දැමීම වෙනුවට වෙඩි තැබීම දැන් සව්දියේ



ශෂිකලා පුංචිහේවා

 අපරාධකරුවන්ගේ හිස ගසා දැමීම සදහා පළපුරුදු කඩු භාවිතා කරන්නන් හිගයක් සව්දියේ දැන් ඇති බැවින් හිසගසා දැමීම වෙනුවට වෙඩි තැබීම සුදුසු යයි සව්දි අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත . එසේම මෙම නව ක්‍රියා මාර්ගය කිසිසේත්ම ෂරියා නිතිය උල්ලංඝනය කිරීමක් නොවන බව අමාත්‍ය මණ්ඩල වාර්තාවේ සදහන්ව ඇතැයි අන්තර්ජාල ආරංචි මාර්ග පවසයි . නමුත් මේ පිලිබදව අල් ජසිරා පුවත්පත වාර්තා කරන්නේ , දිගින් දිගටම සව්දි අරාබියේ වරදකරුවන්ගේ හිස ගස දැමීම නිසා ජාත්‍යන්තරයේ දැඩි විවේචන සවුදි රජයට එල්ල වී ඇති බවයි . එමන්ම රිසානා නෆීක්ගේ හිස ගසා දැමීම නිසා , එරටට මෙම විවේචන දැඩිව එල්ල වීමෙන් ඇති වූ පීඩනය නිසා , මෙවැනි දඩුවමක් තීරණය කර ඇති බවයි . සවුදිය 2012 වසරේදී පුද්ගලයන් 76 දෙනෙකුගේ හිස ගසා දමා ඇති අතර 2013 වසර මේ දක්වා 15 දෙනෙකුගේ හිස ගස දමා ඇති බව අල් ජසිර පුවත් සේවය දක්වා ඇත . 

ඇමෙරිකාව ඉරාකයට පහර දුන්නේ යුරේනියම් අවි වලින්



ශෂිකලා පුංචිහේවා

ඉරාකය සතුව විනාශකාරී අවි ඇතැයි , සිතු ඇමෙරිකාව බ්‍රිතාන්‍ය සමග එක්වී ඉරාකය ආක්‍රමණය කලද විනාශකාරී අවි කිසිවක් හමු නොවුනි . නමුත් ඉරාක ජනාදිපති සදාම් හුසේන් ඇමෙරිකාවට තර්ජනයක් වනු ඇතැයි , සිතා මෙම ප්‍රහාර දියත් කරන ලදී . 2011 වසර අවසානයේදී ඇමරිකන් හමුදාව ඉරාකයෙන් පිටව ගියේ ,ඉරාකය මුළුමනින්ම අස්ථාවර කරමිනි . 

 මානව හිමිකම් ගැන ඉහලින් කතා කරන ඇමෙරිකාව ඉරාක යුද්ධයේදී සතුරු හමුදා ඉලක්ක කර ගනිමින් , යුරේනියම් අඩංගු බර අවි වලින් පහර දී , වසර 10 ක් ගත වුවද තවමත් යුරේනියම් අඩංගු විකිරනශීලි අංශු වල බලපෑම ඉරාක වැසියන්ට බලපා ඇත . 

මේ පිළිබද වාර්තාවක් ඉදිරිපත් කරමින් , මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් වන 'අයිකෙවී පැක්ස් ක්‍රිස්ටි ' නම් නෙදර්ලන්ත සංවිධානය මගින් කියා සිටින්නේ ඔවුන්ගේ පරීක්ෂණ වලට අනුව , පස් සහ වායු සාම්පල වල තවමත් අනතුරුදායක මට්ටමින් යුරේනියම් අංශු ඇති බවයි . යුරේනියම් වල බලපෑම නිසා සිවිල් වැසියන් බොහෝ දෙනෙකු පිලිකා රෝගීන් වී ඇති අතර , චර්ම සහ ඇස් රෝගද ඇති බවයි . අලුත උපන් ළදරුවන් අතර 50% කට වැඩි පිරිසක් අංගවිකල තත්වයේ ඇති බව ඉරක සවුක්ය බලධාරීන් පවසති .

 2003 වසරේ ඉරාක යුද්ධය ආරම්භයේදී ඇමෙරික සහ බ්‍රිතාන්‍ය හමුදා යුරේනියම් අඩංගු ආයුධ වලින් පහර දුන්නේ , සතුරන්ගේ බංකර් , සන්නද්ධ රථ , කාල තුවක්කු ඉලක්ක කර ගනිමිනි . මේ අන්දමින් ජනාකීර්ණ නගර රැසකට පහර දී ඇත . ඉහත මානව හිමිකම් සංවිධානයේ වාර්තා වලට අනුව ඇමෙරිකන් හමුදාව යුරේනියම් ටොන් 400 ක් පමණ ප්‍රහාර සදහා යොදා ගෙන ඇත . 

මේ අවස්ථාවේදී පමණක් නොව , 1990 දශකයේදී පළමු ගල්ෆ් යුද්ධයේදී පවා ඇමෙරිකන් හමුදාව යුරේනියම් අවි වලින් පහර දුන් බව ඉහත සංවිධාන වාර්තාවේ සදහන්ව ඇත . වැඩි දුරටත් එම වාර්තාවේ සදහන්ව ඇත්තේ , බ්‍රිතාන්‍ය හමුදාව භාවිතා කර ඇත්තේ ටොන් 3 ක් පමණක් බවය . එසේ වුවද ඇමෙරිකාව හා බ්‍රිතාන්‍ය එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් පවසන්නේ ඔවුන් යුරේනියම් යෙදු අවි වලින් පහර නොදුන් බවය . 'අයිකෙවී පැක්ස් ක්‍රිස්ටි ' සංවිධානයේ වාර්තාව එළිදැක්වීමත් සමග බ්‍රිතාන්‍ය රජය බ්‍රිතානයේ 'ද ගාර්ඩියන් ' පුවත්පතට ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ යුද්ධයේදී සතුරන් මර්ධනය කිරීමට යුරේනියම් අවි භාවිත කිරීමට අවශ්‍යතාවයක් ඔවුන්ට නොතිබූ බවයි . නමුත් මානව හිමිකම් රැකීම පිළිබද ඇමෙරිකාවේ සබැ මුහුණුවර අපට තවමත් හදුනා ගත නොහැක . 

පැපරාසියකුගේ අභිරහස් මරණය



ශෂිකලා පුංචිහේවා

හිසට එල්ල කල එක වෙඩි ප්‍රහාරයකින් ලෝ ප්‍රකට පැපරාසියකු වූ ඩැනියෙල් ලෝ රෝමයේ ටෙස්ටෂියෝ හිදී ,මරණයට පත්විය .උදැසන ව්‍යායාම සදහා දිවයන මාර්ගයේ ලේ විලක් මැද ඩැනියෙල් අවසන් ගමන් ගියේය . බොහෝ දෙනෙකු පවසන්නේ මෙය මාෆියා කල්ලියක වැඩක් බවය .මිය යන විට ඔහු 42 වෙනි වියේ පසුවිය . ඩැනියෙල් රහසේ පටිගත කල තාරකාවන් අතර රිහනා , බියෝන්සේ ස්කාර්ලට් ජෝහැන්සන් ද , මෝස්‌තර නිර්මාණ ශිල්පී , ස්ටෙෆානෝ ඩොල්ස් හා ඩොමිනිකෝ ගැබනගේ පෙම් සුව විදින චයාරුපද ඔහු විසින් පටිගත කෙරුණි . ඔහු ප්‍රසිද්ධියට පත්වුයේ මොල්ටවේදී බ්‍රදී පිටි වෙනත් කාන්තාවක සමග සමග සිටින චායරුප ගෙන ඒවා ලොවට හෙළි කිරීමත් සමගයි . මෙම පින්තුර නිසා බ්‍රන්ඩිගේ පෙම්වතිය ඇන්ජලින ජොලි දැඩි කෝපයට හා සංවේගයට පත්විණ . ඔහුගේ මෙවැනි කාර්යන් නිසා බොහෝ පුද්ගලයින් ලජ්ජාවට පත්වුණා වගේම ඔවුන්ගේ පව්ද්ගලිකත්වයට දැඩි සේ හානිවිය . මෙම මරණයේ පරීක්ෂණ වල නිරත වූ නිලධාරීන් පවසන්නේ , ඔහු මාෆියා පව්ලක කෝපයට පත්වන යමක් කරන්නට ඇති බවත් , නැතහොත් ඔහු ගත් චායාරුප ප්‍රසිද්ධ වනවාට අකමැති වූ කෙනෙකු මෙය කල වියහැකි බවත්ය . පසුගිය මාසයේදී , ඔහුගේ චායාරුප ශාලාවේ සේවය කල සේවකයකු ද යතුරුපැදි අනතුරකින් මරණයට පත්වීමද , සක සහිත තත්වයක් බව පරීක්ෂණ නිලධාරීන් පවසයි . අනුන්ගේ කුණු අවුස්සා ලොවටම කීමෙන් ඒවාට ලක්වූවන්ට දුන් දුක් වේදනාවන්ගේ පලවිපාක මේ අයුරින් ඩැනියෙල් වෙත ලගාවිය .මෙය අන් අයගේ පව්ද්ගලිකත්වයට හානිවන අයුරින් තොරතුරු සොයන මද්‍යවේදීන්ගේ ඉරණමක අවසානය බව කිවහැක . පැපරාසි යන්න නිර්මාණය වී ඇත්තේ , පාපටසියෝ නම් ඉතාලි වදනට අනුවය .මෙහි තේරුම මදුරුවෙකුගේ නාදයයි . පව්ද්ගලික තොරතුරු වාර්තාකරණයේදී මතුවන මානුෂික තත්වයන් සියලුම මද්යවෙදින් සැලකිල්ලට ගතයුතු කරුණක් බව සිහිතබා ගත යුතුය . 

ක්‍රීඩාව සදහා වූ ළමුන්ගේ මරණ භීතිකාව



ශෂිකලා පුංචිහේවා 

පාසල් ක්‍රීඩා තරග වලට සභාගි වන ළමුන්ගේ ක්‍රීඩාව සදහා ඇති දරා ගැනීමේ ශක්තිය පිළිබද ප්‍රශ්නයක් ඇති බව , මේ දිනවල වාර්තා වන මරණ සංඛ්‍යාව සහ වෙනත් වර්ගයක මරණ ප්‍රතිශතයක් ලෙස ශ්‍රීලංකාව තුල මිය යන්නන්ගේ සංඛ්‍යාලේඛන වලට එකතු වී ඇත . මෙම සංසිද්ධියට හේතුව කුමක්ද යන්න තවම ,පැහැදිලි වූ නිර්වචනයක් නොමැති බැවින් , නිර්ණායක කීපයක් ක්‍රීඩාව පිළිබද වූ අත්දැකීම් ආශ්‍රයෙන් ඉදිරිපත් කල හැක

. මෙයට පෙර ක්‍රීඩාව සදහා වූ පාසලේ පළමු වාරය තුල , ක්‍රීඩා කිරීම නිසා මිය යන්නාවූ සිද්ධීන් ඉතිහාසයේ වාර්තාගතව නැත . සෞඛ්‍ය සම්පන්න ඕනෑම ළමයෙකුට කැමති ක්‍රීඩාවක් සදහා ඉදිරිපත් විය හැක . සමහරු යම් ඉසව්වකින් ජයග්‍රහණය කරන අතර සමහරකු පරාජය ලබයි . ,එහෙත් එම අන්තයන් දෙකම විදගැනීමේ ශක්තිය අපේ ළමුන් තුල එදා තිබුණි .

ඒ වන විට පැවති ආර්ථික වාතාවරණය තුල සමහර ළමුන් අඩු පහසුකම් සහිතව හා කුසට ආහාරයක් නොමැතිව ක්‍රීඩාවේ යෙදුනු අවස්ථා ඕනෑ තරම් විය . එදා ක්‍රීඩාව සදහා දියුණු තාක්ෂනයක්ද නොතිබිණි . ඇගේ හයිය ක්‍රීඩා කිරීමට තිබුණු එකම සාධකයයි එහෙත් අද මේ සියලු අඩුපාඩු සැපුරු පරිසරයක ක්‍රීඩා කරන , ළමයා , ක්‍රීඩාවක නිරත වීමෙන් මරණයට පත් වන්නේ නම් මෙය හදුනා ගතයුතු සමාජ සංසිද්ධියකි . මෙහිදී හේතු කීපයක් විමසිල්ලට ගතයුතු වේ .

 01 . මෙය ශරීර සවුක්ය පිළිබද ප්‍රශ්නයක්ද ? ළමයා දිනකට ලබා ගන්නා අහාර පෝෂ්‍යදයි වේද ? නැතහොත් අහාර ප්‍රමාණය ප්‍රමනවත්වේද ? යන්නත් ළමයා නිරන්තරයෙන් වෙනත් රෝගාබාධ වලට ලක් වන්නේද? යන්න පිලිබදවත් නැතහොත් උපතින්ම දරා ගැනීමේ ශක්තිය මදිකම පිළිබද ගැටළුවක් ,ශරීර සවුඛ්‍ය පිරිහියාමක් ඇතිවේදැයි සැලකිය හැක .

 02 මෙය මානසික රෝගයක බලපෑමක්ද? එක මරණයක් මේ ආකාරයට සිදුවූ බව දැනගන්නට ලැබුණු සැනින් ඒ ,පිළිබද තම මනසට රැගෙන 'සෙල්ලම් කරාම මැරෙන්නත් පුළුවන් ' යන ආකල්පයේ රැදෙමින් ක්‍රීඩාවක නිරත වන විට , ක්‍රීඩාව පිළිබද අරමුණ වෙනස්වී ,මරණය පිළිබද ආකල්පය ඉදිරියට ඒමට පටන්ගනී . ක්‍රීඩාවක යෙදෙන විට සිතට දැනෙන ලගම සිතුවිල්ල , ජයග්‍රහණය සදහා හෝ පරාජය සදහා ප්‍රබල වේ .

නමුත් ළමා මනසට ක්‍රීඩා මනෝවිද්‍යාව පිළිබද දැනුවත්භාවයක් නොමැති බැවින් , තම සිතුවිලි හසුරුවාගත නොහැකිව , මෙවැනි හදිසි මරණයක් සදහා ප්‍රවේශයක් ලබා ගැනීමට හැකියාවක් ඇත . පාසල් ළමුන් අතර ක්‍රීඩාව අනිවාර්ය කරවන්නේ රටට ජවසම්පන්න පරපුරක අවශ්‍යතාවය හා නිරෝගී පිරිසක් බිහිකර ගැනීමේ අරමුණු කරගෙනයි .

 මෙය ළමා තරුණ,වැඩිහිටි හා මහලු යන වයස් කාණ්ඩ දෙසටත් ගැලපෙන ලෙස ක්‍රීඩාවන් යොදාගෙන ඇත .මේ සදහා දියුණු තාක්ෂණයක් හා උපදෙස් ලැබීමද , ප්‍රාදේශීයව හා පාසල් මට්ටමින් පුහුණුකරුවන් යෙදවිමෙන්ද රටක අත්‍යවශ්‍ය අංගයක් සංවර්ධනය කිරීමට රජය උත්සහ දරා ඇත . එහෙත් පාසල් ක්‍රීඩා සදහා නව චක්‍රලේඛ නිකුත්කර වයිද්ය පරීක්ෂණයකින් ක්‍රීඩාව සදහා දරා ගැනීමේ ශක්තිය පිළිබද මැන බැලීමෙන් , මෙම සංසිද්ධියට පැහැදිලි පිළිතුරක් ලබාගත නොහැක . එය ගුණාත්මක ප්‍රතිකර්මයක් නොවේ . එබැවින් මෙම නව සමාජ සංසිද්ධිය පිළිබද සමාජ විද්‍යාත්මක හෝ මනෝ විද්‍යාත්මක පර්යේෂණයක් සිදුකෙරෙමින් නිර්දේශ ලබා ගතයුතු බව පැහැදිලි

චන්ගුමිට නඩු වැටිලා



ශෂිකලා පුංචිහේවා

ශ්‍රිලංකාවේ ජනප්‍රිය කොරියන් ටෙලිනාට්‍ය කතා මාලාවක් වූ 'සුජාත දියණි ' නවකථාවක් ලෙස මුද්‍රණය වී , 'චන්ගුමි' යන නමින් නම්කර බෙදා හැරීමට ලක ලෑස්ති වෙද්දී , බෙදා හැරීම හා විකිණීම තහනම් කරමින් , කොළඹ වාණිජ මහාධිකරණය ඊයේ වාරණ නියෝගයක් පනවන ලදී . ඒ ශ්‍රීලංකා රුපවාහිනී සංස්ථාව විසින් ඉදිරිපත් කල කරුණු සලකා බැලීමෙනි . විදර්ශන ප්‍රකාශනයක් ලෙස මුද්‍රණය වූ අතර එහි අයිතිකරු වූ , ජනක ඉනිමන්කඩ වෙත මෙම වාරණ නියෝගය පනවන ලදී . ඒ අනුව 'චන්ගුමි ' 'සුජාත දියණි ' හෝ ඒවා අර්ථ ගැන්වෙන චායාරුප හෝ වෙනත් මුද්‍රණ කටයුත්තක් නොකළ යුතු බවට මෙයින් වාරණය කර ඇත .

අතරමංවූ මියන්මාර ජාතිකයෝ සිය රටට යාම ප්‍රතික්ෂේප කරයි .


ශෂිකලා පුංචිහේවා 

මුහුදේ අතරමංව සිට ශ්‍රීලංකා නාවික හමුදාව විසින් බේරාගත් , මියන්මාර ජාතිකයන් මේ වන විට මිරිහාන රැදවුම් කදවුරේ රදවා සිටි . මේ වන විටත් කීපදෙනකු රෝහල්ගතව ඇත .මින් වැඩි දෙනකු විජලනයෙන් හා පාචන තත්වයෙන් පෙළෙති . නැවතත් මොවුන් සිය රටට යාමට අකමැත්ත පළකරයි ඔවුන්ගේ රටේදී ඔවුන්ට සලකන ආකාරයත් , නඩු විභාගයේදී අත්වන ඉරණමත් පිළිබද භීතියෙන් සිටි . මෙම පිරස නැවත මියන්මාරයට යැවීමට රජය කටයුතු කලද ඒ සම්බන්ධව මියන්මාරය තවමත් අවශ්‍ය පියවර ගෙන නැත . මෙම මියන්මාර ජාතිකයන් අයත් වන්නේ , මියන්මාරයේ රෝහින්‍ය නම් කුලයටය .එය ලෝකයේ අඩුම සැලකුම් ලබන ජන වර්ගයක් ලෙස සැලකේ . මුස්ලිම් ආගම අදහන මොවුන් , මියන්මාර හමුදා පාලන සමයේ , දැඩි ලෙස වෙනස්කම් වලට භාජනය වූ පිරිසකි . ඒ නිසාම මොවුන්ගෙන් වැඩි පිරිසක් බංග්ලාදේශයට හා තායිලන්තයට පැනගොස් ඇත . පසුගිය කාලයේදී මොවුන් මැලේයිසියාවට පැනයාමේ උත්සහයක් ගැනද වාර්තා විය .