මිනි මරණ ගෝනුස්සා යාපනයේ



ශෂිකලා පුංචිහේවා

උතුරේ යුධ වැදි අවසන්ය හැදිලි ඉලක්ක හදුනාගෙන විනාශ කර අවසන්ය . එහෙත් තාම හදුනා නොගත් අවියක් ඉතුරු වූ බව කව්රුත් නොදත්තේය . මෙය එසේ විය හැකිය . පැහැදිලි නිර්වචන තවම හදුනා ගෙන නැත . විද්‍යාත්මක නාමය (Hottentotta tarmulus ) දරන මේ ගෝනුස්සා අතීතයේ නම් යාපනයේ නොසිටි බව යාපනයේ වැසියෝ පවසති . 

එහෙනම් ඌ , අවේ කොහෙන්ද ? කගේ උවමනාවටද? යන්න දැන් නම් පරීක්ෂණ පැවැත්වේ . මාරාන්තික විෂ සහිත මෙම සුදු ගෝනුස්සා , ගැන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා අංශය , වයිද්‍ය පිඨය හා යාපනය ශික්ෂණ රෝහලේ වයිද්යවරුන් පිරිසක් මෙම ගෝනුසු විශේෂය සොයා පරීක්ෂණ පවත්වති . යුද්ධය පැවති කාලයේදී හා යුද්ධය අවසන් වූ පසු මේ ගෝනුස්ස දෂ්ඨ කිරීම නිසා යාපනය රෝහලට ඇතුලත් කර ඇති සංක්‍යාව සීග්‍රයෙන් ඉහල ගොස් ඇත . පර්යේෂකයන් පවසන්නේ මෙම ගෝනුස්සා ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ දැකිය හැකි බවයි .එහි සිට කවුරු හෝ මෙහාට ගෙනත් දාන්නට ඇතිබවයි . 

මෙය එල් .ටි.ටි . සංවිධානයේ ජීව අවියක්දයි සක සහිත තත්වයකි . එහෙත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වයිද්‍ය පිඨයේ මහාචාර්ය එස් .ඒ .එම . කුලරත්න මහතා පවසන්නේ ,මෙම සුදු ගෝනුස්ස ඉන්දීය සාම හමුදාව සමග ලංකාවට පැමිණ ඇති බවයි . දැනට යාපනයේ පලාලි , කරෙයිනගර් , අච්චුවේලි යන වෙරල ආශ්‍රිත ප්‍රදේශ වලින් හමු වූ රෝගීන්ගෙන් ගෝනුස්සා ව්‍යාප්ත වූ ආකාරය හදුනා ගෙන ඇත . ගෝනුස්සා , දෂ්ඨ කිරීමෙන් 2003 වර්ෂයේදී ළමුන් 13 දෙනකු මරණයට පත්ව ඇති බව පරීක්ෂණ වාර්තාවේ සදහන් වේ . 2012 ජනවාරි මාසයේ සිට 2013 පෙබරවාරි දක්වා දෂ්ඨ කිරීම් 80 ක් වාර්තාවේ .