හිලරි ක්ලින්ටන් චිත්‍රපටියට දේශපාලන බලපෑම්



ශෂිකලා පුංචිහේවා 

 ඇමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේඛම්වරියක හා හිටපු ජනාධිපති බිරිදක වන හිලරි ක්ලින්ටන් ගැන නිර්මාණය කරන්නට යෙදුනු වාර්තා චිත්‍රපටිය සදහා දේශපාලන බලපෑම් එල්ලවී ඇති බැවින් එහි නිර්මාණ කටයුතු අත්හැර දමා ඇති බව එහි අද්‍යක්ෂකවරයා වන චාර්ල්ස් ෆර්ගියුෂන් පවසයි . මෙය සි .එන්. එන්. නාලිකාවේ නිෂ්පාදනයක් ලෙස ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණි . 

                විශේෂයෙන්ම ඇය නියෝජනය කල ඩිමොක්‍රටික් පක්ෂයෙන්ද සහයෝගය නොලැබුණු බව ඔහු පවසයි . එම පක්ෂයේ නියෝජිතයින් පවා උක්ත සාකච්චාව සදහා කැමැත්තෙන් සාභාගී නොවුණු බව ඔහුට හැගී ගිය බව කියයි . මේ හේතු මත එලි දැක්වීමට තිබු හොද නිර්මාණයක් තමාට අහිමි වූ බව ෆර්ගියුෂන් කියාසිටි . 
           
 මේම චිත්‍රපටිය සදහා විපක්ෂය වන රිපබ්ලිකන් පක්ෂයද සිය විරෝධය පළකර ඇත .  සි .එන්. එන්.නාලිකාව මෙම නිෂ්පාදන කටයුත්ත කරන්නේ නම් , එම නාලිකාව මගින් සංවිධානය කරන කිසිම වැඩසටහනකට තමන් සාභාගී නොවන බව රිපබ්ලිකන් පක්ෂය පවසා ඇත . මෙයට පෙර එන්.බි.සි. නාලිකාවත් හිලරි ක්ලින්ටන් සම්බන්ධයෙන් වැඩසටහනක් සකස් කිරීමට සැලසුම් කිරීමේදී රිපබ්ලිකන් පක්ෂය මෙම අනතුරු ඇගවීම ඔවුන්ටද කර ඇත . 

          2016 පැවැත්වෙන ඇමරිකානු ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටිස් පක්ෂ අපේක්ෂිකාව බවට පත්වීමේ වැඩි අවස්ථාව හේතුවෙන් මේ ගැටළු නිර්මාණය වී ඇති බව විචාරක මතයයි . මේ නිර්මාණය හේතුවෙන් ඇය වඩා ඉහලකට ඔසවා තබනු ඇතැයි , රිපබ්ලිකන් පක්ෂය චෝදනා කරයි . 

          මෙම වාර්තා චිත්‍රපටියේ නිර්මාණ කටයුතු වල මුලික අදියර වශයෙන් හිලරි ලෙස රගපෑමට ඩයනේ ලේන් නම් නිලියද නම්කර තිබුණි . ෆර්ගියුෂන් පවසන්නේ මෙම ප්‍රධාන පක්ෂ දෙකම දේශපාලන අනාගතය මුදල් මත තීරණය කර ඇති බවයි . කෙසේ නමුත් ඔහු පවසනේ ඇයගේ ජයග්‍රහණය මේ අනුව කෙබදු ආකාරයක් ගනීදැයි තේරුම්ගත හැකි බවය . නමුත් මෙම බලපෑම් ඇමරිකානු ජනතාවගේ ජයග්‍රහණයක් නොවන බවත් තමන් මෙම නිෂ්පාදනය අත්හැරීම සම්බන්ධව නිල ප්‍රකාශ තවමත් සිදු නොකළ බවත්  පවසයි .