කුණු නිසා නගරාධිපතිට ගෙදර යන්න වෙයි.

                 

ශෂිකලා පුංචිහේවා

කුණු නිසා ගෙදර යන්න වුන නගරාධිපති කෙනෙක් ගැන කොලොම්බියාවේ බොගෝට අගනුවරින් වාර්තා වේ. සිද්ධිය මෙසේය.බොගෝට අග නගරයේ එකතුවන කුණු නිසි අයුරින් කළමනාකරණය නොකිරීම හේතුවෙන් ජනතා චෝදනා ලැබූ නගරාධිපති ගුස්ටවෝ පෙට්‍රෝ හට මෙලෙස සිය තනතුර අහිමි විය. එම හේතුවෙන් ඔහුට ඉදිරි වසර 15ක කාලයක් දේශපාලනය කිරීමද තහනම් විය. ලබන වසරේ කොලොම්බියාවේ පැවැත්වෙන ජනාධිපතිවරනයටද ඔහු සාභාගී වීමට තිබියදී, මෙලෙස කටයුතු සිදුවිය.
                කොලොම්බියාවේ තත්වය මෙසේය.ජනතා විරෝධයට එරට පාලකයන් හිස නමයි. තමන්ට කරන්න බැරි නම් ඒ බව තේරුම් ගනියි. එය අප අගය කල යුතු ක්‍රියාවකි.තනතුරක වගකීම් දරන්නට බැරිනම් , හැකි කෙනෙකුට එම තනතුර ලබාදීම රටට කරන සෙතකි. තුන්වන ලෝකයේ රටක් වන කොලොම්බියාව සිය ඉදිරි ගමන මෙලෙස හැඩ ගන්වා ගැනීම, සෙසු රටවල් වලටද ආදර්ශයකි. බල ලෝභය නොතකා, රටක් ලෙස ජනතා මතයට ගරු කිරීම ප්‍රශංසනීයය.