කලාත්මක වූ මිනිස් සිරුර හා සංනිවේදනය


ශෂිකලා පුංචිහේවා
          

 කවුරුන් හෝ මවන ලද මිනිස් සිරුර ආශ්චර්යක් බව අපි හැමෝම දනිමු. අපි ඒ ගැන සිතා කොතෙකුත් ආඩම්බරවීමු .බොහෝ නිර්මාණයන් සදහාද , අපි අපේ සිරුර යොදා ගනිමු . අතීතයේ සිටම අද දක්වාම , අපි අපට දීපු අගය , ඉහලය . විශේෂයෙන් පිරිමි සිරුරට වඩා කාන්තා සිරුර ලාලිත්‍ය සපිරූ , කලා කෙතක් විය . ඉන්දියාවේ පඩිවරු ඔවුන්ගේ බොහෝ කලා කෘති සදහාද ,කාන්තා සිරුර යොදාගත් ආකාරය පුදුම උපදවන සුළුවිය .ඔවුන්ගේ එම කලා කෘති සදහා යොදාගත් නග්න සිරුරු ,ජීවමාන පිළිබිඹුවක  හෝ සිතුවිල්ලක් හෝ මුල්කරගත් එකකි . නිරුපනය තාත්වික විය .එහි වරදක් ඇති,නැති බව කවදාවත් විචාරයට ලක් නොවුනි .

             එදාට වඩා අද තත්වය හාත්පසින්ම වෙනස් වුයේ ඇයිද යන්න සිතිය යුතුය .එදා වගේ අදත් මිනිස් සිරුරු මුල් කරගත් නිර්මාණ බිහිවේ . බෙහෙවින් මතවාදයට පවා තුඩු දේ .ඉන්දියාවේ එදා කමසුත්‍ර නමින් බොහෝ නිර්මාණ බිහිවිය .ඒවා පුජනනිය තත්වයෙන් සැලකුණි . කැටයම් කලාව , මුල් කර ගත්තේ බොහෝවිට ස්ත්‍රී නාරිදේහයයි . මේවා බොහෝවිට ජීවමානව නිරුපනය වූ සැබැවයි .එම කලාකරුවන් එදා උසස් ඝනයේ අය විය .අද නිර්මාණය කලාත්මක වුවද ,නිර්මාණයක් බිහි කිරීමේදී ඒ ගැන දෙවරක් සිතිය යුතු තැනට පත්ව ඇත .නිර්මාණයේ නිදහස අහිමිව ගොස් ඇත .ඒත් යායුතු සිමාව නම් පැහැදිලි නැත . මෙවැනි නිර්මාණ වල සිමාව සංස්කෘතියදයි වෙලාවකට සිතේ , නැතිනම් , දේශපාලන සිමාවන් මේ තුල ඇත්දැයි තවත් වරෙක සිතේ . එහෙත් , අප ඉන්දියානු අභාශයේ සංස්කෘතියක් ඇති ,අසියාතිකයින් බැවින්, පැරණි ඉන්දියානුවන්ට වරදින්නටද විදියක් නැත .එසේනම් වැරදුනේ මෙය තෙරුන්ගත නොහැකි අපටද? 

                අපේ කාලයේ නිර්මාණකරුවන් වල්මත්වී ඇත්දැයි , ඇසිය යුතුය නැතිනම් , ප්‍රේක්ෂකයින් වල්මත්වී ඇත්දැයි සෙවිය යුතුය . පිළිතුර නම් වාරණයයි.හුදෙක් නිර්මාණ තැනීම හා නිදහස් සිතුවිලි ,වලින් පිරිපුන් නිර්මාණ මින් ඉදිරියට බිහිවේදැයි සැක සහිතය .වාරණය සම්බන්ධයෙන් පොත් ලිවිය යුතුය .අද්‍යනය කලා යුතුය .වාරණය කොහේදී හෝ අපට හමුවේවි .එවිට නිර්මාණකරුවාට පලා යන්නට සිදුවේවී . නැවතත් , ලෝලිටලා , වදරින් හයිට්ස්ලා , බිහි නොවී තියේවිද? සිගිරි අප්සරාවියන් මැකිලා යයිද? ඉසුරුමුණි පෙම්යුවල ඉතුරුවේවිද? ලංකාවේ ආයෙත් ටයිටැනික් යුගයක් නැතිවෙයිද?මේ සියල්ලන්ටම පිළිතුරු දීමට , කාන්තාව, නිරුවත හා කලාව තේරුම් ගත යුතුය .