අතරමංවූ මියන්මාර ජාතිකයෝ සිය රටට යාම ප්‍රතික්ෂේප කරයි .


ශෂිකලා පුංචිහේවා 

මුහුදේ අතරමංව සිට ශ්‍රීලංකා නාවික හමුදාව විසින් බේරාගත් , මියන්මාර ජාතිකයන් මේ වන විට මිරිහාන රැදවුම් කදවුරේ රදවා සිටි . මේ වන විටත් කීපදෙනකු රෝහල්ගතව ඇත .මින් වැඩි දෙනකු විජලනයෙන් හා පාචන තත්වයෙන් පෙළෙති . නැවතත් මොවුන් සිය රටට යාමට අකමැත්ත පළකරයි ඔවුන්ගේ රටේදී ඔවුන්ට සලකන ආකාරයත් , නඩු විභාගයේදී අත්වන ඉරණමත් පිළිබද භීතියෙන් සිටි . මෙම පිරස නැවත මියන්මාරයට යැවීමට රජය කටයුතු කලද ඒ සම්බන්ධව මියන්මාරය තවමත් අවශ්‍ය පියවර ගෙන නැත . මෙම මියන්මාර ජාතිකයන් අයත් වන්නේ , මියන්මාරයේ රෝහින්‍ය නම් කුලයටය .එය ලෝකයේ අඩුම සැලකුම් ලබන ජන වර්ගයක් ලෙස සැලකේ . මුස්ලිම් ආගම අදහන මොවුන් , මියන්මාර හමුදා පාලන සමයේ , දැඩි ලෙස වෙනස්කම් වලට භාජනය වූ පිරිසකි . ඒ නිසාම මොවුන්ගෙන් වැඩි පිරිසක් බංග්ලාදේශයට හා තායිලන්තයට පැනගොස් ඇත . පසුගිය කාලයේදී මොවුන් මැලේයිසියාවට පැනයාමේ උත්සහයක් ගැනද වාර්තා විය .