ශෂිකලා පුංචිහේවා
පකිස්ථානයේ , බලුකිස්තානයේ සිදුවූ භූ කම්පනයත් සමග අළුත් දුපතක් මතුවූ බව විදෙස් ආරංචි මාර්ග මගින් දැනගන්නට ලැබුනත් එය සිදුවුයේ කෙසේද යන්න මේ වනවිට සොයා බලා ඇත . මේ භූ කම්පනයත් සමග මියගිය සංඛ්‍යාව 350ක් බව වාර්තා විය .දහස් ගානකට තුවාල විය. තවත් බොහෝ සංඛ්‍යාවකට නිවෙස් අහිමි වී අවතැන් විය.
මේ දුපත නිර්මාණය වූ ආකාරය ගැන විද්වතුන්ගේ මත පලවෙමින් ඇත. මේ දුපතට ඔවුන් දුන් නම 'සල්සාල කොන්' වේ. දුපතේ චන්ද්‍රිකා චායාරුප ගත කොට ඇත්තේ , ඇමෙරිකාවේ නසා ආයතනයේ 'පෘතුවි නිරීක්ෂක 1' කියන චන්ද්‍රිකාවයි. 'ලැන්සට් 8' කියන චන්ද්‍රිකා මාර්ග වලින් වේ. දුපත උද ඉදන් බලන විට රවුම් ආකාරයෙන් ඇතත්, එය සැදී ඇත්තේ ගල් සහ මඩ එකතු වීමෙනි. මැරිච්ච මාළුත් මේ සමග සිටින බව පවසයි.
'සල්සාල කොන්' දිගින් මීටර් 200ක් හා පළලින් මීටර් 100ක් පමණ මීටර් 20ක උසකින් යුක්ත බව සොයාගෙන ඇත. මේ වන විට දුපත දෙස් විදෙස් සංචාරක මද්‍යස්ථානයක් ලෙස කාර්ය බහුලව ඇත. මේ දුපත නිර්මාණය වෙන්න හේතු වුන භූ කම්පාව , රික්ටර් පරිමාණ 7.7ක් විය. භූ කම්පනයෙන් පිටවූ තරංග වල ශක්තිය නිසා , මුහුදු පතුලේ හිරවෙලා තිබුණු මඩ , වාතය,පස් උඩට ඇවිත් දුපත නිර්මාණය වී ඇත . මෙය මඩ ගිනිකන්දක් ලෙසත් විද්වතුන් හදුන්වා ඇත . මේ සංසිද්ධියට අනුව මෙය සාමාන්‍ය පිහිටීමක් ලෙසත් ඔවුන් තීරණය කර ඇත.
මෙම දුපතින් පිටවන වායුව පවා විෂ සහිත බව කියයි. නසා ආයතනය කියන්නේ මේ දුපතේ ආයු කාලය කෙටි බවයි. යට තියන වාතය නැවත සිසිල් වීමේදී , දුපත හැකිලෙන්න පටන් ගනු ඇතැයි සිතිය හැකි බවයි. අරාබි මුහුදේ ඇතිවන මුහුදු රැලි හා සුළි කුණාටු නිසා, දුපතේ තුනී පස් සේදී යා හැකි බව පවසයි. 1999 හා 2010 දීත් මෙවැනි දුපත් ඇතිවී, මෝසම් කාලයෙන් පසු නැති වන බවයි. මෙහි ජීවත්වූ වයස්ගත පුද්ගලයන් පවා පවසා ඇත්තේ, 1968 දීත් භූ කම්පනයකින් මෙවැනි දුපතක් මතුවී අවුරුද්දකින් පමණ නැතිව ගිය බවයි.