ඇමෙරිකාව: "වෝල් ස්ට්‍රීට්" ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු පොලිස් භාරයට ගනී.


l කිෂානි වැලිවිටිගොඩ 

ඇමෙරිකාව හරහා පවත්වමින් තිබු "වෝල් ස්ට්‍රීට්" උද්ඝෝෂණ රැළියට සහභාගී වූ උද්ඝෝෂණ කරුවන් කිහිප දෙනෙකු සහ උද්ඝෝෂණ රැලිය ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු ඇමෙරිකානු පොලිසිය භාරයට ගෙන තිබේ. "වෝල් ස්ට්‍රීට්" උද්ඝෝෂණ කරුවෙක් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ පොලිසිය විසින් අනවශ්‍ය ලෙස මෙලෙස මාධ්‍යවේදීන් පොලිස් භාරයට ගෙන ඇත්තේ උද්ඝෝෂණ රැළියේ ඡයාරූප ගැනීම සහ ඒ පිළිබඳව පුවත් නිර්මාණය කිරීම හේතුවෙන් බවය. ඡයාරූප ශිල්පින්ට කායික ලෙස හානි පමුණුවා ඇති බවට ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

මෙලෙස මාධ්‍යවේදීන් අත් අඩංගුවට ගෙන ඔවුන්ට හානි සිදු කිරීම දැඩි ලෙස හෙළා දකින අතර උද්ඝෝෂණ රැලිය ආවරණය කිරීමට පැමිණෙන මාධ්‍යවේදීන් මර්ධනය කිරීමට ගන්නා දරුණු පියවරයන් සිදු කිරීම නවත්වන ලෙසට නිව් යෝර්ක් නුවර උද්ඝෝෂණ කරුවන් විසින් එහි නගරාධිපති වන මයිකල් බ්ලුම්බර්ග් ගෙන් ඉල්ලීම් සිදු කර තිබේ.