චන්ගුමිට නඩු වැටිලා



ශෂිකලා පුංචිහේවා

ශ්‍රිලංකාවේ ජනප්‍රිය කොරියන් ටෙලිනාට්‍ය කතා මාලාවක් වූ 'සුජාත දියණි ' නවකථාවක් ලෙස මුද්‍රණය වී , 'චන්ගුමි' යන නමින් නම්කර බෙදා හැරීමට ලක ලෑස්ති වෙද්දී , බෙදා හැරීම හා විකිණීම තහනම් කරමින් , කොළඹ වාණිජ මහාධිකරණය ඊයේ වාරණ නියෝගයක් පනවන ලදී . ඒ ශ්‍රීලංකා රුපවාහිනී සංස්ථාව විසින් ඉදිරිපත් කල කරුණු සලකා බැලීමෙනි . විදර්ශන ප්‍රකාශනයක් ලෙස මුද්‍රණය වූ අතර එහි අයිතිකරු වූ , ජනක ඉනිමන්කඩ වෙත මෙම වාරණ නියෝගය පනවන ලදී . ඒ අනුව 'චන්ගුමි ' 'සුජාත දියණි ' හෝ ඒවා අර්ථ ගැන්වෙන චායාරුප හෝ වෙනත් මුද්‍රණ කටයුත්තක් නොකළ යුතු බවට මෙයින් වාරණය කර ඇත .