ක්‍රීඩාව සදහා වූ ළමුන්ගේ මරණ භීතිකාව



ශෂිකලා පුංචිහේවා 

පාසල් ක්‍රීඩා තරග වලට සභාගි වන ළමුන්ගේ ක්‍රීඩාව සදහා ඇති දරා ගැනීමේ ශක්තිය පිළිබද ප්‍රශ්නයක් ඇති බව , මේ දිනවල වාර්තා වන මරණ සංඛ්‍යාව සහ වෙනත් වර්ගයක මරණ ප්‍රතිශතයක් ලෙස ශ්‍රීලංකාව තුල මිය යන්නන්ගේ සංඛ්‍යාලේඛන වලට එකතු වී ඇත . මෙම සංසිද්ධියට හේතුව කුමක්ද යන්න තවම ,පැහැදිලි වූ නිර්වචනයක් නොමැති බැවින් , නිර්ණායක කීපයක් ක්‍රීඩාව පිළිබද වූ අත්දැකීම් ආශ්‍රයෙන් ඉදිරිපත් කල හැක

. මෙයට පෙර ක්‍රීඩාව සදහා වූ පාසලේ පළමු වාරය තුල , ක්‍රීඩා කිරීම නිසා මිය යන්නාවූ සිද්ධීන් ඉතිහාසයේ වාර්තාගතව නැත . සෞඛ්‍ය සම්පන්න ඕනෑම ළමයෙකුට කැමති ක්‍රීඩාවක් සදහා ඉදිරිපත් විය හැක . සමහරු යම් ඉසව්වකින් ජයග්‍රහණය කරන අතර සමහරකු පරාජය ලබයි . ,එහෙත් එම අන්තයන් දෙකම විදගැනීමේ ශක්තිය අපේ ළමුන් තුල එදා තිබුණි .

ඒ වන විට පැවති ආර්ථික වාතාවරණය තුල සමහර ළමුන් අඩු පහසුකම් සහිතව හා කුසට ආහාරයක් නොමැතිව ක්‍රීඩාවේ යෙදුනු අවස්ථා ඕනෑ තරම් විය . එදා ක්‍රීඩාව සදහා දියුණු තාක්ෂනයක්ද නොතිබිණි . ඇගේ හයිය ක්‍රීඩා කිරීමට තිබුණු එකම සාධකයයි එහෙත් අද මේ සියලු අඩුපාඩු සැපුරු පරිසරයක ක්‍රීඩා කරන , ළමයා , ක්‍රීඩාවක නිරත වීමෙන් මරණයට පත් වන්නේ නම් මෙය හදුනා ගතයුතු සමාජ සංසිද්ධියකි . මෙහිදී හේතු කීපයක් විමසිල්ලට ගතයුතු වේ .

 01 . මෙය ශරීර සවුක්ය පිළිබද ප්‍රශ්නයක්ද ? ළමයා දිනකට ලබා ගන්නා අහාර පෝෂ්‍යදයි වේද ? නැතහොත් අහාර ප්‍රමාණය ප්‍රමනවත්වේද ? යන්නත් ළමයා නිරන්තරයෙන් වෙනත් රෝගාබාධ වලට ලක් වන්නේද? යන්න පිලිබදවත් නැතහොත් උපතින්ම දරා ගැනීමේ ශක්තිය මදිකම පිළිබද ගැටළුවක් ,ශරීර සවුඛ්‍ය පිරිහියාමක් ඇතිවේදැයි සැලකිය හැක .

 02 මෙය මානසික රෝගයක බලපෑමක්ද? එක මරණයක් මේ ආකාරයට සිදුවූ බව දැනගන්නට ලැබුණු සැනින් ඒ ,පිළිබද තම මනසට රැගෙන 'සෙල්ලම් කරාම මැරෙන්නත් පුළුවන් ' යන ආකල්පයේ රැදෙමින් ක්‍රීඩාවක නිරත වන විට , ක්‍රීඩාව පිළිබද අරමුණ වෙනස්වී ,මරණය පිළිබද ආකල්පය ඉදිරියට ඒමට පටන්ගනී . ක්‍රීඩාවක යෙදෙන විට සිතට දැනෙන ලගම සිතුවිල්ල , ජයග්‍රහණය සදහා හෝ පරාජය සදහා ප්‍රබල වේ .

නමුත් ළමා මනසට ක්‍රීඩා මනෝවිද්‍යාව පිළිබද දැනුවත්භාවයක් නොමැති බැවින් , තම සිතුවිලි හසුරුවාගත නොහැකිව , මෙවැනි හදිසි මරණයක් සදහා ප්‍රවේශයක් ලබා ගැනීමට හැකියාවක් ඇත . පාසල් ළමුන් අතර ක්‍රීඩාව අනිවාර්ය කරවන්නේ රටට ජවසම්පන්න පරපුරක අවශ්‍යතාවය හා නිරෝගී පිරිසක් බිහිකර ගැනීමේ අරමුණු කරගෙනයි .

 මෙය ළමා තරුණ,වැඩිහිටි හා මහලු යන වයස් කාණ්ඩ දෙසටත් ගැලපෙන ලෙස ක්‍රීඩාවන් යොදාගෙන ඇත .මේ සදහා දියුණු තාක්ෂණයක් හා උපදෙස් ලැබීමද , ප්‍රාදේශීයව හා පාසල් මට්ටමින් පුහුණුකරුවන් යෙදවිමෙන්ද රටක අත්‍යවශ්‍ය අංගයක් සංවර්ධනය කිරීමට රජය උත්සහ දරා ඇත . එහෙත් පාසල් ක්‍රීඩා සදහා නව චක්‍රලේඛ නිකුත්කර වයිද්ය පරීක්ෂණයකින් ක්‍රීඩාව සදහා දරා ගැනීමේ ශක්තිය පිළිබද මැන බැලීමෙන් , මෙම සංසිද්ධියට පැහැදිලි පිළිතුරක් ලබාගත නොහැක . එය ගුණාත්මක ප්‍රතිකර්මයක් නොවේ . එබැවින් මෙම නව සමාජ සංසිද්ධිය පිළිබද සමාජ විද්‍යාත්මක හෝ මනෝ විද්‍යාත්මක පර්යේෂණයක් සිදුකෙරෙමින් නිර්දේශ ලබා ගතයුතු බව පැහැදිලි