ශෂිකලා පුංචිහේවා
පාසල් අද්යාපනය තුල බාහිර ක්‍රියාකාරකමක් ලෙස ශිෂ්‍යබට පුහුණුවලබා දුන්නේ දැනට වසර ගණනාවකට පෙර සිටය . එහි වරදක් එදා නොදුටුවේය .නමුත් දැනටජාතික පාසල් වල විදුහල්පතිවරුන්ගේ කැමැත්ත මත ඔවුන් සදහා හමුදා මුලික පුහුණුවක් ලබාදීකර්නල් පදවියක් ලබාදීම පිලිබදව නම් විවේචන බොහෝ එල්ල වෙමින් පවතී .මෙයට පෙරශිෂ්යබට කණ්ඩායම් වල බාරව සිටින ගුරුවරුන් වෙතද මෙම පුහුණුව ලබා දී නිලයන්පිහිටවා ඇත .පාසල් අද්යාපනය සමග ළමයින් මිල්ටරිකරණය කිරීම තුල වරදක් ගැබ්ව ඇතැයිසිතන්නේ කෙලෙසින්දයි නොදන්නෙමි .
අප බුද්ධාගම් රටක් බව සැබෑය .එහෙත් කාලෝචිතවවෙනස් වුවාට කම්නැති බව බුදුන් දේශනා කොට ඇත . රටක ඉදිරියට යාමේ අවශ්යතාවයක්පවතිත්දී ශක්තිමත් ළමා පරපුරක් බිහිවීමේ අවශ්‍යතාවය ඇති බව වටහා ගත යුතුය .
අප පාසල් යුගයේ ශිෂ්‍යබට අනුඛණ්ඩ පිහිටුවා තිබුනේ තෝරාගත්පාසල් කීපයක පමණි . එදා , අපට එම පුහුණුව ලබා ගැනීමේ අවශ්‍යතාවය තිබුනද ,ලබාගැනීමේ හැකියාවක් , හා පහසුකම් අප පාසැල සතුව නොතිබුණි . විකල්පයක් ලෙස ක්රීඩාපුහුණුවීම් ලැබ එම අවශ්‍යතාවය තරමකට සපුරා ගතිමි . හමුදා පුහුණුවක් , ලැබීම නිල ඇදුමක්ඇදීම ආඩම්බරයක් බව මා එදා වටහා ගෙන තිබුණි .
පාසල් පොතපතට පරිභාහිරව යමක් ඇතිබව හා මග පෙන්වීමක් අවශ්‍ය බව මට දැනුනි .නිර්මාණශීලි තර්කනයක් තිබිය යුතු බව හාකොටු නොවීම , ළමයකුට අත්‍යවශ්‍ය පියවරකි . අභියෝග දැරිය හැක්කේ එබදු පරපුරකටපමණි . මේ බව වත්මන් සමාජයේ දෙමාපියෝ වටහා ගත යුතුය .
විශ්වවිද්‍යාල සිසුන් වෙතද මේ පුහුණුව දැනට ආරම්භ කර ඇත .
දියුණු රටවල දරුවන් හටද අනිවාර්යෙන්ම හමුදා පුහුණුවක් ලබා දී ඇත. එසේ නම් අපේසිසුන්ටද විශ්වවිද්‍යාලය තුල මෙම පුහුණුව ලබා දුන්නාට කම් නැත . විශ්වවිද්‍යාලයේ බාහිරවිෂයන් ලෙස ඉංග්‍රීසි ඉගෙනුම පළමුවෙන්ද , පරිඝනක හැකියාව ලබාදීම දෙවනුවද ආරම්භකලේ කාලින අවශ්‍යතාවය මතය . එසේ නම් ඔවුන්ටද මේ පුහුණුව පිළිබද ගැටළුවක් ඇතිවන්නේ කෙලෙසින්ද?
යොවුන් සේනාංක ආරම්භ කිරීමේදී , ඉතා හොද පියවරක් ලෙසම දුටිමි , එහෙත් එයටද සභාගි වීමට හැකි උනේ ප්රාදේශීයව තොර ගත් කොටසක් පමණි ,එයට බැදීමට නොහැකිව දුක් වූ තරුණ කොටස් එදා .සිටියහ .
රජය මගින් ලබා දුන් මේ සීමිතපුහුනුවන් ලබා ගත නොහැකිව එදා මම කලකිරුනෙමි .එහෙත් දැන් ළමුන්ට ඒ සදහා ගැටළුවක්නැත . එබැවින් පාසල් අද්යාපනය මිල්ටරිකරණය කිරීමක් යයි සිතීම උචිත නොවේ .අද්යාපනය තුලට නවාංගයන් එකතු වීමක් පමණි සිදුව ඇත්තේ . ළමුන්ට පවතින ශරීර සවුක්යමත කැමැත්ත අකමැත්ත මත තෝරා ගැනීමක් කිරීමේ අයිතිය ඇත . සම්ප්රදායිකඅද්යාපනයක කොටු වනවාට වඩා , නිම්වළලු පුළුල් කර ගැනීම වටින බව මගේ හැගීමයි . මේසියලු කර්තව්‍යන් මා පසු කලෙක ලබා ඇති අත්දැකීම් බැවින් යෝග්‍ය අයෝග්යභාවයමා දනිමි .