කාන්තාව , සිනමාව හා නිරුවත




ශෂිකලා පුංචිහේවා

කාන්තාව රැඩිකල්වාදී යයි විචාරකයෝ සිතන්නේ කාන්තාව සතු හිතුවක්කාර රගපෑම් පෙනෙන්නට තිබෙන නිසාදෝයි සැක සිතේ . සිනමාව නිර්මාණ තෝතැන්නකි . රගපෑම වාණිජ හෝ කලාත්මක විය හැක . එය නිර්මාණයට අනුගතය . ශයිලිය පමණක් රගපාන ශිල්පිනියට අයත්ය . ඉතින් , ඉදිරිපත් වන රංගනය , හැගීම් , සිතුවිලි නිර්මාණය තුල නිදහසේ මුදා හැරීමක් කල යුතුය . මෙහිදී වගකීම රංගනයට බාරදීම නොකළ යුතුය . තිර රචනය සියල්ල දැරිය යුතුය . සිදු වන්නේ අනිකකි .

 විවේචන සියල්ල නිළිය පසුපස හබාවිත් ඇයව ගොදුරු කරගනී එහෙයින් ඇයට කාලයකට අතුරුදහන් වන්නට සිදුවේ . තනි තටුවෙන් පියාබන්න , අක්ෂරයට සිදුවූයේත් එයමය . ලාංකීය සිනමාවට අනුව එය සාර්ථකය . සිනමාව තුල නව කතිකාවතක් ගොඩනැගුණි . ස්තිරිය නිරුවත් වුවාද නැතිනම් ඇගේ සිතුවිලි එලියට ආවාදැයි සිතය යුතුය . සංකේත භාවිතය බොහෝ විය . සමාජය ඉදිරියේ කාන්තාව නිරුවත් කරන්නේ ඇය ජිවත්වන සමාජයමයි . එය ඇත්තක් බව පිළිගත යුතුය . ,

 එහෙනම් මේ තත්වයටම නිර්මාණය තුල ලැබෙන ඇගයීම විවේචකයන්ට අහම්බයක් නොවේ . ඉන්දියාවේ ඩර්ටි පිච්චර් තවත් එබදු නිර්මාණයකි . නිර්මාණ දෙකහි ඉදිරිපත් කිරීම ආකාර දෙකක් වුවත් නිරුවත දැක්වීම හෝ අදහස මතුකරලීම විවිධත්වයක් ගත්තද මේ දෙකෙන්ම මතුවුයේ කාන්තාව විදින සමාජ අසාධාරණයයි .

 නිරුවත අපට අලුත් දෙයක් නොවේ . අනාදිමත් කාලයේ මෙය සාමාන්‍ය තත්වයකි . නමුත් මේ වන විට කතාවට සැම අතින්ම භාජනය වන්නේ කාන්තාවගේ නිරුවත පමණි . සිනමාව තුලින්ද ග්‍රහණය කර ඇත්තේ , කාන්තාව පමණි . අනාරක්ෂිත වුයේ කාන්තාව පමණක්ද ? නැතහොත් කලාත්මක ඉදිරිපත් කරවීමක් කල හැක්කේ කාන්තාවට පමණක්ද ? ඒ කෙසේ වුවද කාන්තාව මාර්කට් නොකළ යුතුය . මුදල් පසුපස කාන්තාව දුවවන්නේ මේ මාෆියාවයි . ස්ත්‍රිය , සිනමාව , නිරුවත මේ මාෆියාවේ කොටස්කරුවන්ය . 

 මෙහි අදහස සිනමාවට ස්ත්‍රිය සම්බන්ද නොකලගතයුතු බව නොවේ , නිර්මාණය අවසානයේ ඇය පෙලෙන පිඩාව හා සමාජ සම්බන්ධතා නිසා සිදුවන අකරතැබ්බයන්ට ඇය කෙලෙස මුහුණ දෙන්නේදැයි සිතීමය .සාමාන්යෙන් නිර්මාණයක් අවසානයේ ලැබෙන ආත්ම තෘප්තිය වෙනුවට දැනෙන කාන්සාව ඇයි ඇය පසුපස හබා එන්නේ ? මෙය සාමන්යකරනයක්දොයි සිතෙන්නේ සිනමාව පමණක් නොව සමාජයේ කොතනත් කාන්තාවක් සාර්ථක වන්නේ යයි සිතන සැම විටම මේ ඇද හැලීම සිදු වන නිසාය . සිනමාව එක උදාහරණයක් පමණි .