වැම්පයර් ලේඩි



ශෂිකලා පුංචිහේවා

අප මිට කලින් වැම්පයර් ලා , ඩ්රකියුලර් ලා දකින්නට ලැබුනේ චිත්‍රපට වලින් , රුධිරය බිමට ගන්නා ත්‍රාසජනක චිත්‍රපට අපට තාමත් මතකය . එහෙත් රුධිරය දිනපතා පානයට ගනිමින් ජිවත්වන අපේ කාලයේ කාන්තාවක් සැබවින්ම ජිවත් වනවා යයි , විදෙස් ආරංචි මාර්ග හෙළි කරයි . ඇය කව්ද , කොයි රටේද යන්න තවම හෙළිකර නැත . ඇය 29 හැවිරිදි තරුණියකි . නමින් මිෂෙල් වන ඇය ,පච්ච විලාසිතා නිර්මාණය කරන්නියකි . ඇය කුඩාකල සිටම ලේ බිමට හුරුවී ඇත . දිනපතා රුධිරය පානය නොකළහොත් ඇග අප්‍රාණික වන බව කියන්නීය . අපට ජලය සාමාන්‍ය පරිදි අවශ්‍ය සේම ,ඇයට දිනපතා රුධිරය අවශ්‍ය වන්නේය . ලේ යොදා ගනිමින් දවස ආරම්භයේම කෝපි කෝප්පයක් බොන්නිය . ඇය , පොත්පත් කියවද්දිත් , විවේකිව ඉන්දෙද්දීත් ,පච්චා අදිද්දීත් රුධිරය පානය කරයි . එසේම ,ආහාරපාන සකසා ගැනීමේදීද රුධිරය යොදාගනී . ඇය මේ සදහා හරකුන්ගේ හා ඌරංගෙ රුධිරය යොදා ගන්නා බව සදහන් කරයි .මේ වන විට ඇය වසර 10 ක් තුල රුධිර ගැලුම් 1000 කට අධික ප්‍රමාණයක් බිමට ගෙන ඇති බව කියයි .