The Most/Recent Articles

Showing posts with label Weeklyd. Show all posts
Showing posts with label Weeklyd. Show all posts

2012 දී බන්දුලට නිදහසේ රැකියාව කිරීමට ඉඩ දෙමු. කවුද මේ "පොලිස්"?


හර්ෂි සි. පෙරේරා

මානෙල් මාලගේ බන්දුල ප්‍රේමචන්ද්‍ර 30 හැවිරිදි අවිවාහක වියාපාරිකයෙකි. හෙතෙම ගල්හෙනවට්ට බුලත්සිංහල පදිංචිව සිටි. හෙතෙම බන්දුල ස්ටෝස් හි හිමිකරුය.

2011.12.26, 2011.12.28, සහ 2011.12.29 යන තෙදින රාත්‍රී 7.30 ට පමණ සුදුපාට අංක 62 - 1680 දරන ඉසිසු වැන් රථයෙන් පුද්ගලයින් 06 දෙනෙකු පමණ කඩයට පැමිණ තිබේ. එම වාහනයේ පොලිස් යන වචනය සදහන්ව තිබී ඇත.

ඔවුන් කඩයට පැමිණි සිටි අයගෙන් තොරතුරු විමසමින් කඩේ කටයුතු වලට බාදාකාරී වන ලෙස හැසිරී ඇත. අවසානයට පැමිණි 29 වැනිදා කඩයට මිනිසුන් පැමිණියහොත් බන්දුලව අත්අඩංගුවට ගන්නා බවට තර්ජනය කොට ගොස් ඇත.

බන්දුල මේ පිලිබදව 2011.12.30 දින මානව හිමිකම් කොමිසම් සබාවට, පොලිස්පතිට, කළුතර නියෝජ්‍ය පොලිස්පතිට සහ කළුතර ජෙෂ්ට පොලිස් අදිකාරිට පැමිණිලි කරන ලදී.

වදහින්සාවට පාත්‍ර වූ වින්දිතයින් මානව හිමිකම් ක්රියාදරයින් ලෙස.


හර්ෂි සි. පෙරේරා

" අවුරුදු 11 කට පස්සෙත් මම කියන්නේ මට ගහපු පොලිස්කාරයින්ට චාන්ස් එකක් දෙන්න එපා කියලා" මෙසේ කියන්නේ ගාල්ල මිහිදු මාවත මාම්පිටියේ පදිංචි 27 හැවිරිදි ඩබ්ලිවු එච් චින්තකයි. ඔහුව 2002 දී වදහින්සාවට පාත්‍ර කලේ පොද්දල පොලිසියේ පොලිස් වදකයින්ය. ඔහු මෙම වදහිංසා පැමිණවීමේ හේතුවෙන් දින 04 ක් කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ගත්තේය.

එච්. කුසුමාවතී එනම් චින්තකගේ ආදරණිය මෑණියන් 2012. 12. 20 දින සිය මාම්පිටිය ගම් ප්‍රදේශයේ පොලිසිය හා නිතිය පිළිබද කුඩා කණ්ඩායම් රැස්වීමක් සහ විදි මෙහෙයුමක් සංවිදානය කළාය. එයට ගම්වාසින් 25 දෙනෙකු පමණ සහබාගි වූ අතර එහිදී තරුණ පිරිසේ දායකත්වය කැපී පෙනිණි. මෙයට ජනසන්සදයේ මානව හිමිකම් ක්‍රියාදරයින්ද සහබාගි විය.

චින්තකට වදහිංසා පැමිණවීම ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබෙන අතර තවම පැමිණිල්ල විබාග වේ. එහිදී පොද්දල පොලිසියේ රාළහාමිලා තුන්දෙනාට වෙන් වෙන්ව රුපියල් 4500 බැගින් ගෙවීමට නියම වූ නමුත් එයට අවනතව ආදාල නිර්දේශිත මුදල ගෙවුවේ එක් රාළහාමි කෙනෙක් පමණි. තවම මානව හිමිකම් කොමිසමේ විමර්ශනය අවසන්ව නැත.

කුසුමාවතිලා මහා ලොකු මහා උගත්කමක් ඇති මිනිසුන් නොවේ. නමුත් ඔවුන් අවංකව හර්දයන්ගමව තමන්ට සිදුවූ අයුක්තියට යුක්තිය සොයා යයි. එයට අමතරව තම සහෝදර ගම්වාසීන් බලගැන්වීමේ කාර්යේද නිරතවීම තමනට ලංකාවේ මානව හිමිකම් වැඩ කල නොහැකියි කියන රිනවාදීන්ට අබියෝගයක්ද වේ.









"ප්ලාස්ටික්" අපේ හෝමෝන වලට අහිතකරයි.

හර්ෂි සි. පෙරේරා

ඇමෙරිකා එක්සත් ජනපදයේ සිදුකල පරීක්ෂණ වලට අනුව ප්ලාස්ටික් මනුෂ්‍ය ශරීරයේ හෝමෝන වලට අහිතකර ලෙස බලපාන බව සොයා ගෙන ඇත.

ඉවත දමන ප්ලාස්ටික් වල අඩංගු රසායනයන් බොහොමයක් ප්‍රතිචක්‍රීකරණය කල නොහැක. එනිසා ඉවතලන ප්ලාස්ටික් එක්කෝ වල දැමිය යුතුයි. නැතිනම් පුච්චා දැමිය යුතුයි.

වර්තමානයේ ඇසට දමන සුවි කාච වල සිට නිවාස සදහා යොදාගන්න ප්ලයිවුඩ් දොරවල් ජනෙල් දක්වා ප්ලාස්ටික් බාවිතයට ගනු දක්නට ලැබේ. ඉස්සර වාහන බරින් අඩුය. නමුත් දැන් වාහන සැහැල්ලු කිරීම සදහා ප්ලාස්ටික් යොදා ගන්නා නමුත් මේවා ප්‍රතිචක්‍රීකරණය කල නොහැකි බව ගැන ලබාදෙන්නේ අඩු අවදානයකි. ළමුන්ගේ සෙල්ලම්බඩු වලින් 90% ක් පමණම නිපදවන්නේ ප්ලාස්ටික් වලිනි.

අපි ප්ලාස්ටික් ජීවත්වීමට, ආහාර ගැනීමට, බිමට ගැනීමට, සෙල්ලම් කිරීමට, වැඩ කිරීමට, ශ්‍රවණය කිරීමට සහ නැරබීම පිණිස යොදා ගනිමු. සැබවින්ම අද වනවිට ප්ලාස්ටික් අර්බුදයක් නිර්මාණය කර අවසන්ය. මේ ප්ලාස්ටික් වල අඩංගු රසායන මතුපිට ඇති ජලයට බුගත ජලයට පනිය ජලයට පසට සහ වායු ගෝලයට එකතු වේ.

මෙම ප්ලාස්ටික් වල අඩංගු රසායනයන් ගර්බනි කාන්තාවන්ට, කළල අවස්ථාවට, ළදරුවන්ට, සහ ළමුන්ට අහිතකර වේ.

මෙනිසා අප ප්ලාස්ටික් ද්‍රව්‍ය පරිබෝජනය කිරීමේදී අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් ගැනීමේදී සැලකිලිමත් විය යුතුය. මේ ගැන කටයුතු කිරීමට ආණ්ඩුවටද වගකීමක් ඇත.








"නාදුනන ගැහැණිය"

 
ආචාර්ය ප්‍රනීත් අබයසුන්දරයන් "ප්‍රබන්ද කතා යයි මට හිතෙන මේ පොත ගැන මන් මුකුත් අටුවා ටිකා ලියන්න උත්සහ ගන්නේ නැහැ. ඔබම කියවලා බලා නොයෙක් සාහිත්‍ය වර්ග කිරීම් වලට අනුව කෝතනකට මෙය අයත්වේද කියා හිතන්න. එහෙම හිතන එක රසවින්දනයට බාදාවක් නම් කිසිදු වර්ග කිරීමක් නොකර - හැබැයි කියවා බලන්න.


ඔවු ආචාර්යතුමනි 1996 මාර්තු ප්‍රකාශයට පත්වූ තිලිනා විරසිංහයන්ගේ "නාදුනන ගැහැණිය" 2011 දෙසැම්බර් කියවා බැලුවෙමි.

එය සෑම ස්ත්‍රියක්ම කියවිය යුතුය. මක්නිසාද එමගින් ශ්‍රී ලාංකීය ස්ත්‍රීන් නිහඩව විද දරා ගන්නා වේදනාවන්ට පිඩාවන්ට වෙනස්කම්වලට සහ අසමානතාවන්ට හඩක් ලබා දෙන බැවිනි.

අපි පවතින තත්වයෙන් ඉදිරියට යායුතුය. ප්‍රජාතන්ත්‍රවාදය හෝ මානව හිමිකම් හෝ වේවා එය යථාර්තයක්ම වීමට පොඩි මිනිසුන්ට ගැහැනුන්ට සහ ළමයින්ට යහපතක් වීමට නම් පවත්නා තත්වයේම නොසිටිය යුතුයි. ඉදිරියට යායුතුයි.

"අපි කසාද බදිමු.

විකාරද ?

මොකක්ද කසාදෙ කියන්නේ එක ඒකාට ශාප කර ගන්නවා ඇරෙන්න හුස්ම ගන්නවත් ඉඩක් නැති ජිවිතයක්.

බොරුවෙන් පිරිච්ච ජිවිතයක්."

ප්‍රබන්ද හෝ නවකතා හෝ වේවා ශ්‍රී ලාංකීය සමාජයට වෙනසක් සදහා එන්නතක් දිය යුතුය.

" ඒ මළසිරුර ඉක්මනින් මිහිදන් වනු ඇත.

ඇය කවුද?

ජීවිතය...

යුද්දය...

මරණය..."

" මම කකුල් දෙක පුටුව උඩට අරන් කල්පනා කලේ..."

එවන් වෙනසක් සදහා කකුල් දෙක පුටුව උඩට නොගෙනත් බොහෝදේ කල හැක.

හර්ෂි සි. පෙරේරා

පයාගල පොලිසිය මාපිලාට පක්ෂපාති වෙයි.


2010.10.23 දින කේ ඒ ඩි චන්දන ඔහුගේ මස්සිනා සහ මාපිලා කියන පුද්ගලයාත් අතර ආරවුලක් ඇති විය. හැබැයි පොලිසි යාමක් සිදුවුයේ නැත.

නමුත් 2011.11.28 දින පයාගල පොලිසිය චන්දනව අත්අඩංගුවට ගෙන මේ ආරවුල ගැන විමසා ඇත. පොලිසිය ඔහුගෙන් ප්‍රකාශයකට අත්සන් ගෙන ඇත්තේ කියවා තේරුම් කර දීමකින් තොරවය.

එදින දහවල් ඔහුව පොලිස් ඇප මත නිදහස් කර තිබේ. එදින පොලිසිය ඔහුට එරෙහිව හයි කොට් එකක් දාන බවත් කියා ඇත.

තමන්ව නීතිවිරෝදී ලෙස අත්අඩංගුවට ගෙන වියාජ චෝදනා නගා නඩු පැවරීමට උත්සහ කරන පයාගල පොලිසියේ නිලදාරින්ට විරුද්දව නීතිමය පියවර ගන්නයි චන්දන ඉල්ලා සිටි.

හර්ෂි සි. පෙරේරා


බදුරලිය පොලිසිය මිනීමැරුමක සැකකරුවන්ට සහය පල කරයි.


"බදුරලිය පොලිසියේ ස්ථානදිපතිවරයා මගේ සුවාමිපුරුශයගේ අවසන් කටයුතු කිරීමෙන් අනතුරුව පැමිණ, ඒ දෙන්නව අරගෙන ගිහිල්ල අත පය කඩලා අහන්න පුළුවන්. උසාවියට දැම්මම මහේස්ත්‍රාත්තුමා ඇපයක් තියල එවයි. එහෙම කළා කියලා වැඩක් නැහැ! දැන් පින් දහම් කරගෙන ළමයි දෙන්නව හදාගෙන කාලා බිලා ඉන්න කියා ප්‍රකාශ කළා."

මෙසේ කියන්නේ දේවගේ ශ්‍රියා කාන්ති නමැති 35 හැවිරිදි මොල්කාවේ පදිංචි දෙදරු මවකි.

2011.11.24 දින උදේ 08 ට පමණ ඇගේ සුවමිපුරුශයා වන කුරුදුකරගේ අනුර ඔවුන්ගේ ගෙදර අසල පිහිටි කිතුල් ගසට කිතුල් මල් කැපීමට ගිය අවස්ථාවේ ගසින් වැටී මියගොස් ඇත.

මෙලෙස වැටීමට හේතුව ඔහුගේ බද පටිය කවුරුන් හෝ කපා දැමීම නිසයි. මේ ගැන සැකකරන්නේ නිහාල් ගාමිණී සහ සීතා රත්න යන අයයි.

නමුත් මේ මිනීමැරුමේ සැකකරුවන් දෙදෙනා සම්බන්දයෙන් බදුරලිය පොලිසිය දිගින් දිගටම නීතිමය වශයෙන් කටයුතු කිරීම පැහැර හරිමින් සිටි.

( චයාරුපයේ සිටින්නේ ශ්‍රියා කාන්ති, ඇගේ දියණිය සහ සැමියාගේ පියාය.)

හර්ෂි සි. පෙරේරා




අප්‍රිකාව, ඉන්දියාව සහ ශ්‍රී ලාංකිකයින් වන අපත් ගැන කියන ග්‍රේ හෝගන්.

ග්‍රේ හෝගන් සිය දේශනය පුරාවට කියන්නේ ඔබටත් මටත් ඉතා සමීප අපි ඉපදුන දා සිට අත්විදපු දේවල්. ඔහුට පසුබිම වන්නේ අප්‍රිකාව සහ ඉන්දියාව වුවත් ඒ ශ්‍රී ලාංකිකයින් වන අපගේ කතාවයි.

ඩේවිඩ් කියන්නේ කෙන්යාවේ නයිරෝබි කිබේරා මුඩුක්කු වල අවුරුදු 16 ක කොල්ලෙක්.

ඔහුටත් ඔහුගේ සගයකුටත් ප්‍රජාවට ජලය සපයන ජල නලය පාලනය කිරීමේ වගකීම පැවරෙනවා. ප්‍රජාවට පිටස්තර මහල්ලෙක් මෙයින් ජලය ලබා ගැනීමට උත්සහ කිරීම නිසා කලහයක් ඇති වෙනවා. මහල්ලාගේ සහයට පැමිණෙන පොලිස්කාරයෙක් ඩේවිඩ් ව අත්අඩංගුවට ගෙන ප්‍රචණ්ඩත්වය සහ මංකොල්ලකෑම පිළබදව නඩු පවරනවා. මංකොල්ලකෑම කියන චෝදනාවට හේතුවන්නේ මෙම කලහයේදී මහල්ලාගේ තොප්පිය නැතිවීමයි.

අපේ රටේ වදහිංසාව, බොරු නඩු දැමීම, නඩු පමාව, යුක්තිය පසිදලීමේ ක්‍රියාදාමය තුල පවත්නා දුෂණය සහ අල්ලස නීතියේ පාලනය නොසලකා හැරියදා පටන් තියෙනවා. ග්‍රේ හෝගන් පෙන්වා දෙන ආකාරයේ ඩේවිඩ් ලා පිළිබද සිද්දීන් ශ්‍රී ලංකාවේ සුලබයි.

56 හැවිරිදි ජයතිලක ගොවිතැන ජීවිකාව කරගත් හින්දකරමුල්ල මොල්කාවේ පදිංචිකරුවෙක්.

ඔහුව 2003.10.21 දින බදුරලිය පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නවා. අංක 60954 යන බොරු නඩුව ඔහුට විරුද්දව මතුගම මහේස්ත්‍රාත් අදිකරණයේ පවරනවා. රුපියල් 5000 මුදල් ඇපය ගෙවා ගන්න බැරිව ඔහු දවස් 07 ක් රිමාන්ඩ් එකේ ඉන්නවා. තීන්දුව ලැබෙන්නේ මේ බොරු නඩුවේ 2011.08.19 වැනිදා. ඔහු නිදොස් කොට නිදහස්. පොලිසිය ජයතිලකව අත්අඩංගුවට ගන්නේ සිය බේබදු සොහොයුරා වෙනුවට. ඔහුට මිමස්මොර රෝගය සැදෙන නිසා ඔහුව අත්අඩංගුවට ගැනීම බදුරලිය පොලිසියට කරදරයි.

මානෙල් පස් දරු මවක්. ඇය වැලිකඩ බන්දනාගාරයේ කාන්තා අංශයේ සිටින සැකකාරියක්. සැක අංකය 760.

ඇයව රිමාන්ඩ් කරන්නේ 2006.05.15 වැනිදා. මේවන විට අවුරුදු 05 කට වැඩි කාලයක් තිස්සේ ඇය රිමාන්ඩ් එකේ ඉන්නවා. අංක 04 දරන අලුත් කඩේ මහේස්ත්‍රාත් අදිකරණයේ විබාග වන ඇගේ නඩුවේ අංකය බි 2585 වේ. නීතිපති යොමු අංකය 3/394/20 වේ. තවමත් නීතිපති වාර්තාව ලැබී නැහැ.

මහජනතාවට යුක්තිය ඉටු කරන්න නීති ආදාර දෙන සහ තවත් විවස්ථාපිත ආයතන ගණනාවක් තියෙනවා. ඒ අතර මානව හිමිකම් කොමිසම් සබාව විශේෂයි.

53 හැවිරිදි හේමසිරි රත්නපුරේ කුරුවිට පදිංචිකරුවෙක්.

ඔහුව 2004.12.19 දින කුරුවිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන වදහිංසා පමුණුවනවා. මානව හිමිකම් කොමිසමේ පැමිණිලි අංකය එච් ආර් සි 5133/0/1/4 . කොමිසම 2006.03.03 වැනිදා සිය නිර්දේශය ලබා දෙනවා. දෙවන වගෞත්තරකරු වන පොලිස් සැරයන් 29992 නිමල්විරට රුපියල් 5000 ක් පැමිණිලිකරුට ගෙවීමට නියම වෙනවා. නමුත් අද වනතුරුත් මේ නිර්දේශය ක්‍රියාත්මක වී නැහැ. මේ අතර කුරුවිට පොලිසිය 2011.02.03 දින ඔහුව අත්අඩංගුවට ගෙන නැවතවරක් වියාජ නඩුවක් දානවා.

හේමසිරිගේ සිද්දිය ගැන අසන වන විට දැනෙන දෙයක් තමයි මානව හිමිකම් කොමිසමට දත් නැද්ද යන්න?

වයස අවුරුදු 56 ක් වන මල්ලිකා බරපතල හදවත් රෝගයකින් පෙලෙන කාන්තාවක්.

තලංගම පොලිසිය ඇයව අත්අඩංගුවට ගෙන 2010.09.14 දින රිමාන්ඩ් කරනවා. 2010.09.14 දින රස පරීක්ෂක වාර්තාව ලැබෙනවා. එහි සන්තකයේ තිබු හෙරොයින් ගැන මතයක් පල වන්නේ නැහැ. මේක වියාජ නඩුවක්. මල්ලිකාට ඇපත් ලැබෙනවා. ඒ රුපියල් 25000 ක මුදල් ඇපයක් සහ ශරීර ඇප දෙකක් වශයෙන්. නමුත් ඇයට මෙම ඇප කොන්දේසි සපුරා ලීමේ හැකියාවක් නැහැ. ඇය තවමත් සිපිරිගෙදරයි.

බන්දනාගාර ආඥා පනතට අනුව මහේස්ත්රත්වරු මසකට වරක් බන්දනගාරයට යායුතුයි. එත් මේ මහේස්ත්රත්වරු මල්ලිකාව සහ මනේල්ලව දැකලා නැහැ.

අපි මානව හිමිකම් ගැන කතා කරන්න පටන් අරන් දශක 06 ක් ගත වෙලා. යථාර්තය නම් කිසිදෙයක් වෙලා නැහැ. එන්න එන්නම තත්වය නරක අතට හැරෙනවා.

තවමත් පමා නැහැ. කල යුතුදේ කුමක්ද?

මනේල්ලව, මල්ලිකලාව, හෙමසිරිලව, ජයතිලකලාව, නිතිය නමැති සෙවනැල්ල යට වදයට ලක් කිරීමෙන් වැළකෙමු. ඔවුන්ට පොඩ්ඩන් සේ සැලකීම නතර කරමු. මානව හිමිකම් යථාර්තයක් කරමු.

සංවර්දනය දරණිය කරමු. පවත්නා මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය පවතින තත්වයෙන් ඉදිරියට ගෙන යමු. එසේ නැතිව පවතින දෙය ඒ අයුරින්ම රැක ගැනීමෙන් වැඩක් නැහැ.

ග්‍රේ හෝගන් කොලොම්බියා විශ්ව විද්‍යාලයේ කල දේශනය දැන් නීති නිර්මාණය, ඉගැන්වීම සහ ක්‍රියාත්මක කිරීම යනුවෙන් දැන් සිංහලට පරිවර්තනය කර ඇත.

හර්ෂි සි. පෙරේරා






මිලින වන මල්

විවාහ යොජනාවකින් ඔවුහු විවාහ විය. විවාහයෙන් පසුව ඔවුන් ඔවුන්ටම කියා සාදා ගත් නිවසේ පදිංචි විය. ඔහු උපාධිධාරි ගුරුවරයෙකි. ඔහුගේ පෙරත්තය මත ඇය රුකියාවක් කලද රුකියාවෙන් ඉවත් විය. ටික කලකින් ඔවුන්ට පිරිමි දරුවකු ලැබින.

ජීවිතය සමිපුර්ණ වුවා යයි ඇය සිතන්නට විය. එහෙත් සිදුවුයේ වෙනත් දෙයකි. ඔහුගේ හැසිරීම එන්න එන්නම වෙනස් වන්නට විය. ගෙදර වියදම සදහා දෙන මුදල් ක‍්‍රම ක‍්‍රමයෙන් අඩු කරන්නට විය. දෙන මුදල දරුවාට සහ කෑම වියදමටත් මදි වන්නට විය. වැඩිපුර මුදල් ඉල්ලු විට බැනුමි අහන්නට ඇයට සිදු උනි. එහෙත් ඇය ඉවසුවාය. ඔවුන් අතර අඩ දබර ඇති වන්නට විය. ඔහුත් ඇයත් නිවස තුලම තනි තනිව ජීවත් වන්නට පුරුදු වුහ. ඔවුන් අතර කථා බහ නොවුනි.

ඔහු තවත් වෙනස් වන්නට විය. හැසිරීමි රටාව අමුතු විය. වරෙක දරුණු විය. කෝප විය. එහෙත් දරුවාට ආදරය විය. අවුල් වු පවුල් ජීවිතයෙන් මිදෙන්න ඇයට උවමනා විය. ආදරයක් නැති සලකන්නෙත් නැති මනුස්සයෙක් සමග කෙලෙස ජීවත් වන්නට දැයි ඇය සිතන්නට විය. ඇය ඔහුගෙන් වෙන්වී දරුවාත් රුගෙන ඇය ඇයගේ නිවසට යන ලදි.

දෙමාපියන් හටද ඇය හා දරුවා නඩත්තු කිරීමට අපහසු විය. මෙ වන විට දරුවා පාසලේ තුන වසරෙ ඉගෙනුම ලබයි. දරුවා හා ඇය නඩත්තු වීමට අධිකරණයේ පිහිට පතමින් ඇය නඩත්තු මුදල් ඉල්ලන ලදි. ඔහුට නඩත්තු ගෙවීමට සිදු විය. එහෙත් ඒ තරහට ඔහු විසින් දික්කසාදය ඉල්ලමින් නඩුවක් ගොනු කරණ ලදි.

නඩු දෙකක් මැද දරුවා වඩාත් අසරන වන්නට විය. පාසල් ගුරුවරුන්ගෙන් පැමිනිලි මව වෙත එන්නට විය. දරුවා පාසැල් වැඩ නොකර බලා ගත් අත බලා ඉන්නට විය. අමිමා තාත්තාගේ ආදරය නොලැබුන විට දරුවාගේ පෞරුෂයට මෙවා බලපාන්නට විය. ඔහු පාසල තුලදීත් වඩා හුදකලා විය. ගුරුවරු මවටත් පියාටත් පාසලට පැමිනෙන ලෙස දන්වන ලදි. එහෙත් පියා පැමිනියේ නැත. ඇය තවත් ප‍්‍රශ්න මැද අතරමන් වන්නට විය.

මෙ වන විටත් ඔහුගේ හැසිරීම අමුතු වුයෙන් ඔහු උගන්වන පාසලේ ගුරුවරුන්ගේ මතය වුයේ ඔහුගේ මානසික තත්වයද කලක් තිස්සේ වෙනස් වමින් පවතින බවයි. එහෙත් ප‍්‍රථිකාර ගැනීමටද ඒ බව පිළිගැනීමටද ඔහු අකමැති විය. ඇයට මෙ සියල්ල කලක් තිස්සේ දැනෙන්නට විය. එහෙත් කල හැක්කක් නොවුනි.

ඔහු බාහිරව සාමාන්‍යය පුද්ගලයෙකි. එහෙත් මානසික රෝගියෙකි. තම පවුල වෙනුවෙන් යුතුකමි ඉටු නොකරන්නෙකි. අන් මත නොඉවසන්නෙකි. තම දරුවාගේ අනාගතය අදුරු වන තෙක් බලා සිටින ඔහු උගන්වන පාසලේ දරුවන් වෙනුවෙන් යමක් කරාවිදැයි සැක සහිතය. කවදා හෝ වරදක් වන්නට ඉඩකඩ නිර්මාණය වී ඇත.

රටක අනාගතය බාර ගැනීමට සිටින දරුවන් මෙලෙස අසරනභාවයට ලක් වන්නේ දෙමාපියන්ගේ වරදිනි. බිදුණු පවුල් තුලින් සාර්ථක දරුවන් බිහි වන්නේ නැත. එවැනි දරුවන් සමාජයට තවත් බරකි. දෙමාපියන් තීරන ගත යුත්තේ තම දරුවන් ගැන සිතා බලාය. නඩු දෙකක් පැවරීම තුලින් දරුවන්ගේ ප‍්‍රශ්න විසදෙන්නේ නැත. නීතිය සියල්ල නොවිසදවයි ඒ බව සියල්ලෝම මතක තබා ගත යුතුය.

සටහන
ශශිකලා ඩී ජී පුංචිහේවා


අදිවේගී කතාවක් ; දොඩන්ගොඩ පොලිසිය ගැබිණි කතකට පහර දෙයි.


නදීකා ලක්මාලි 26 හැවිරිදි සති හයක ගැබිණි කාන්තාවකි. දොඩන්ගොඩ පදිංචිකාරියක් වේ. සිද්දිය වන්නේ 2011.11.25 වැනිදාය. ඇය එදින පවුලේ උදවිය සමග අදිවේගී මාර්ගයේ පිවිසුම් මාර්ගයක් වන දොඩන්ගොඩ අදිවේගී මාර්ගය නැරබීමට ගොස් ඇත.

ඔවුන් සිය වහනය තුඩුගලට යන මාර්ගයේ නවත්වා විවිද කාර්යන්ට ගොස් තිබේ. ඇය වාහනය අසලට එන විට ඇගේ සුවමිපුරුසයාට පොලිස්කාරයින් දෙදෙනෙක් පහර දෙමින් සිට ඇත. ඔවුන් පහර දෙමින් කුනුහරුපයන් කියමින් බැනවැදී තිබේ. නදීකා පොලිස්කාරයින් ලගට ගොස් පහර නොදෙන ලෙස ඉල්ලා ඇත. එවිට පොලිස්කාරයින් උබ අයින් වෙයන් කියා ඇයට පහරදී ඇති අතර එම පහරවල් ඇගේ බඩටද වැදි ඇත.

ඇගේ බඩ කොරවී වේදනාව වැඩිවීම නිසා ඇය නාගොඩ රෝහලේ 10 වාට්ටුවේ 2011.11.20 දින රාත්‍රියේ සිට 2011.11.25 දක්වා ප්‍රතිකාර ලබා ගෙන ඇත.

ඇගේ සුවමිපුරුෂයට විරුද්දව පොලිසිය බොරු නඩු දමා බන්දනාගාර ගත කර ඇත. ඔහුගේ අංක WP484959 දරන ටිපර් රථයද තවම පොලිස් අත්අඩංගුවේ තබා ගෙන සිටින බව ඇය ප්‍රකාශ කරන්නීය.

හර්ෂි සි. පෙරේරා

EXCLUSIVE: රාවතාවත්ත නිවාසයේ ඇත්ත කතාව?

| විශේෂ වාර්තාකරුවකු විසිනි

ළමයින් විකුනනවයි ඔත්තුවක් පිට හදිසි මෙහෙයුමක් කර විශාල ලෙස ආන්දෝලනයට පත් කතාවේ ඇත්ත තත්වය යටගියේ කාගේ බලපෑමටදැයි අපි නොදනිමු. හදිසි මෙහෙයුමක් සදහා ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් පොලිසිය හා මාධ්‍ය සමග පැමිණියේ සංවිධානාත්මක ලෙස බව ඉතා පැහැදිලිය. ළමයි විකුණනවයයි මාධ්‍ය මගින් විශාල ආන්දෝලනයක් රට තුල ප්‍රචාරය කලද එය බොරු බව ඔප්පු වූ පසු මානුෂක හේතුන් මත වයස 14 ලියාපදිංචි නොකළ ගැබිණි දැරියක් රදවාගෙන සිටියයි වරදට එහි ප්‍රධාන කන්‍යාසොහොයුරියව වන සිස්ටෙර් එලිස්ව අත්අඩංගුවට ගෙන ඇත. ඒ සම්භන්ධයෙන් නඩුව දෙසැම්බර්1 වෙනිදා විභාග කිරීමට නියමිතය. එම දැරියව එහි නවතා ඇත්තේ අගේ දෙමවුපියන් විසිනි. මෙහිදී නීතිය කෙසේ වෙතත් මෙවැනි කරදරක වැටුන දරුවන්ගේ අනාගතයට හානියක් නොවන ලෙස මෙසේ බුද්ධිමත් දෙමවුපියන්ම කටයුතු කරනුයේ නීතිය ඉදිරියට ගිය පසු වෙන හානීය හොදාකාරවම දන්නා නිසාය. මෙයට හොදම නිදසුන වනුයේ පසුගිය කාලයේ වයස 16 ක ළමයකු තම කුලුදුල් දරු ප්‍රසුඋතිය සදහා කරාපිටිය රෝහලට දෙමවුපියන් විසින් ඇතුලත් කල පසු ළමයාගේ වයස අඩුයි පවසා රෝහල් පොලිස්සියට දමා ළමයා ඉපදුනු පසු මවව එක් පරිවාස නිවසයකත්, පියාව හිරෙටත් යවා අලුත් ඉපදුන දරුවාව ගැහැණු ළමයාගේ හා පිරිමි ළමයාගේ දෙමවුපියන් ඉල්ලද්දීත් ඔවුනට නොදී වෙනම ළදරු නිවාසයකට භාර දීමයි. දෙපැත්තේම දෙමුපියන්ගේ ආශීර්වාදය මත විවාහ වී වයස අඩුයි කියා මෙසේ දුක්වීදීමට සිදු වුයේ කුමන අවාසනවකටද්යි අපි නොදනිනු. පරිවාස වල ළමයි හිර කර මෙසේ සමාජය කෙරෙහි වෛරයක් ඇතිකර ළමයින් දුක් විදීමට හැරීම ඉතාමත් කණගාටු දායක කාරණයකි.

ඉහත සදහන් රාවතා වත්තේ සිද්ධිය සම්භන්ධයෙන් ළමුන් විකුණනවයයි පවසා විශාල ලෙස මාධ්‍ය මගින් කළ නිර්මාණය කළ අනාවරණ සම්භන්ධයෙන් කරුණු විමසීමේදී අපිට ලැබුන පිළිතුර වුයේ ළමා කාර්යාංශයේ සභාපතින අනෝමා දිසානායක මහත්මිය මෙසේ ලිවීමට උපදෙස් දුන් වගයි. රජයේ වගකිව යුතු නිලධාරිනියන් ලෙස මෙවැනි බොරු ප්‍රකාශ දීමෙන් වැලකී සිටිය යුතුය. මන්ද මෙමගින් සමාජයටත්, ආයතනවලටත් වන හානිය ඉතා විශාලය. තෙරේසා මවුතුමියට අයත් නිවාස වල විශාල ලෙස සිටිනුයේ අභාදිත ළමයි වන අතර නිතියානු කූලව පිටරට අයට පමණක් ළමුන් හදා ගැනීමට දෙනු ලැබේ. එසේ දීමට ප්‍රථම එසේ ළමුන් භාර ගන්න යුවල පැමිණ මාසයක් පමණ ළමයා බලාගැනීම සම්භන්ධයෙන් පුහුණු විය යුතුය. ලංකාවේ කතුන්ට ළමුන් දෙනවානම් ඔවුන්ගේ පවුල් ඉතිහාසය පවා සොයා බලා ළමුන් දෙනු ලබන්නේ ලංකාවේ මිනිසුන් ඉතාමත් හොද නිසාය. ළමාකමට කියා නීතියෙන් ලබාගත් ළමයින්ව පසුව වැඩකාරකමට ගෙන වධහිංසා පමුණුවා ඇති නිසා මෙවැනි තද පියවරක් ලාංකිකයින් වෙනුවෙන් ගැනීමට සිදු වී ඇත. මෙම කන්‍යාරාමයේ සේවය කරනුයේ විදේශීය කන්‍යා සොහොයුරියන්ය. නිකරුනේ මඩ ගැසීමට පෙර මොවුන් කරන්නේ කුමක්ද යන්න නුවර දයා නිවසට හෝ, මට්ටක්කුලියේ ශාන්ති නිවසට හෝ, මොරටුවේ රාවතාවත්ත නිවාසයට හෝ ගොස් බලන ලෙස අවසාන වශයෙන් ඉල්ලා සිටිමී.



"සිවිල් වැසියන් මැරුණේ ටික දෙනයි. " - ආරක්ෂක ලේකම්.


ශ්‍රී ලංකාව යුද්දයේ අවසන් අදියරේදී මැරුණු සිවිල් වැසියන් ගැන සංකයා ලේකන එකතු කිරීම අරබා ඇත. ඒ තමන්ට එරෙහිව එල්ලවන යුද අපරාද පිළිබද චෝදනා එන්න එන්ටම වැඩිවන නිසාය.

ආරක්ෂක ලේකම් ගොටාබය රාජපක්ෂ බ්‍රහස්පතින්දා කිවේ හමුදා ක්‍රියාදාමය නිසා මියගියේ සිවිල් වැසියන් කිහිපදෙනෙකු බවයි.

නමුත් අප්‍රියල් මස නිකුත්වූ එක්සත් ජාතීන්ගේ වාර්තාවකට අනුව 2009 මැයි මස අවසන් වූ යුද්දයේ අවසන් අදියර වලදී සිවිල් වැසියන් දහස් ගණනක් මියගොස් ඇත.

එක්සත් ජාතින් සිය වාර්තාවෙන් සුවාදින ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටින ලදී. ඒ කොලබට සහ දෙමල කොටින්ට විරුද්දව විශ්වසනීය පරීක්ෂාවක් සදහායි.

හර්ෂි සි. පෙරේරා

පොලිස්කාරයින් දෙදෙනෙක් පාසල් බස් රථ රියදුරකුට පහර දෙයි.


හර්ෂි සි. පෙරේරා

මේ සිද්දිය වන්නේ 2011.11.08 දිනය. එදින පාසල් බස් රථයක් යතුරු පැදියක ගැටීමෙන් යතුරු පැදියට හානි වී ඇති අතර එහි ගමන් ගත් දෙදෙනා බිමට වැටී ඇත. මෙම පාසල් බස් රථයේ රියදුරු ලෙස කටයුතු කලේ දිලිප් තරංග කුමාර නමැති 28 හැවිරිදි තරුණයාය. ඔහු මතුගම පදිංචිකරුවෙකි.

යතුරු පැදියේ ගමන් කල දෙදෙනා නැගිට දිලිප්ට පහර දෙන ලදී. ඔහුගේ මුහුණට හිසට සහ පපුවට පහර දී ඇත. පසුව මතුගම පොලිසියේදී දිලිප්ට රුපියල් 5000 ක් ගෙවන්න කියා දෙගොල්ලෝ සමාදාන කර තිබේ.

මෙම පහරකෑමට ලක්වූ දිලිප් 2011.11.08 දින සවස නාගොඩ මහා රෝහලට ඇතුලත්ව තිබේ. ඔහු 11 වාට්ටුවේ ප්‍රතිකාර ගෙන ඇත. රෝහල් පොලිසිය කටඋත්තරයක් ලබා ගෙන ඇති අතර අදිකරණ වයිද්‍ය නිලදාරිවරයාද ඔහුව පරික්ෂා කොට තිබෙන අතර දිලිප් ඔවුන්ට තමාට පහරදුන්නේ පොලිසියෙන් බව ප්‍රකාශ කර ඇත. 10 වැනිදා ඔහුගේ ටිකට් කපා ඇත.

මෙම පහරදීම සිදුකල එක් අයෙක් අගලවත්ත පොලිස් මුරපොලේ ස්ථානදිපති විජේසිංහ ලෙස දිලිප් හදුනා ගෙන ඇති අතර අනෙක් පොලිස්කාරය දුටුවොත් හදුනා ගත හැකි බව දිලිප් කියයි.

දිලිප් මේ පිලිබදව 2011.11.14 දින මානව හිමිකම් කොමිසම් සබාවට, පොලිස්පතිට, නියෝජ්‍ය පොලිස්පති, කළුතර සහ ජෙෂ්ට පොලිස් අදිකාරී, මතුගම යන අයට ලිකිතව පැමිණිලි කරමින් මේ පොලිස්කාරයින්ට විරුද්දව නීතිමය හා විනයානුකුල පියවර ගන්නා ලෙසත් තමනට සාදාරනය ඉටු කරන ලෙසත් ඉල්ලා සිටි.



"මල්ශාලාවේ වියදම මාකොළ ළමා නිවාසයෙන් ගෙවන බවට ඒහි දුරකථන අංකයද ලබා ගත්තා."



හර්ෂි සි. පෙරේරා

දේවමුණි අනුලාවතිද සිල්වා 53 හැවිරිදි දෙදරු මවකි. බිංගිරියේ පදිංචිව සිටි. රැකියාව කම්කරු වන අතර සැමියා මියගොසිනි.

කදුපතිමුනිගේ ශාෂිමල් සිල්වා ඇගේ පුතාය. ඔහුට වයස අවුරුදු 18 කි.

මේ සිද්දිය වන්නේ 2011.09.27 දිනය. ශාෂිමල් සිය සොහොයුරියට අතවර කරන්න උත්සහ කල නිසා පොලිසියට බාර දී ඇත.

2011.09.28 දින ශශිමල්ව මාකොළ ළමා රැදවුම් නිවාසයට යවා ඇති අතර ඊලග උසාවි දිනය 07 බව අනුලාවතිට පොලිසියෙන් දැන ගන්නට ලැබී තිබේ.

එදින නඩුව 21 දක්වා කල් යන ලදී. මේ අවස්ථාවේ අනුලාවතී සිය පුතා සමග කතා කල විට ශශිමල් කියා ඇත්තේ තමාගේ කනෙන් වතුර වගේ එන බවයි. පසුව පුතා බැලීමට ගිය අනුලාවතී මාකොළ ළමා නිවාසයේ නිලදාරින්ට පුතාගේ කනට දැමීමට බෙහෙත්ද ගෙන ගොස් දී ඇත.

2011.10.21 දින අනුලාවතී උසාවි ගියවිට ඇගෙන් හැදුනුම්පත තිබේදැයි අසා ඇත්තේ ශාශිමල්ට ඇප දීමටයි. නමුත් ඇගේ ලග හැදුනුම්පත තිබී නැත. නඩුව නොවැම්බර් 04 ට කල්ගොස් ඇති අතර එදිනට ශශිමල්ව මුදා හරින බව අදිකරණයෙන් දැනුම් දී ඇත.

2011.10.24 අනුලාවතී මාකොලට දුරකථන ඇමතුමක් ගෙන ශෂීමල්ගේ තොරතුරු විමසුවිට නිලදාරියෙක් කියා ඇත්තේ ශාශිමල්ට උන බවත් ඔහුට පැනඩෝල් ලබා දුන් බවත්ය. එවිට අනුලාවතී තමා හෙට උදැසන මාකොළ එන බව පැවසුවිට එම නිලදාරියා එවැන්නක් අවශ්‍ය නොවන බවත් තමන් බෙහෙත් අරන් දී අවශ්‍ය වුවහොත් රෝහල් ගතකර අනුලාවතිට දැනුම් දෙන බවත් පවසා තිබේ.

2011.10.25 දින අනුලාවතී මාකොළ ළමා නිවාසයට දුරකතනයෙන් කතා කල විට එය ගත් නිලදාරියා ගෙන් ශාශිමල්ට කොහොමදැයි ඇසුවිට ඔහු දුරකථනය විසන්දි කර ඇත.

29 වැනිදා බින්ගිරිය පොලිසියෙන් අනුලාවතිගේ නිවසට පැමිණ දැනුම්දී තිබුනේ ශාශිමල්ට අසාද්‍ය බැවින් රාගම ශික්ෂණ රෝහලට බාරදී ඇති නිසා වහාම මාකොළ ළමා නිවාසයට දුරකථන ඇමතුමක් ලබා දෙන ලෙසයි.

අනුලාවතී මාකොළ රැදවුම් නිවාසයට දුරකථන ඇමතුමක් දුන් විට දැන ගන්නට ලැබුනේ ඇගේ පුතා මියගිය බවයි.

2011.10.31 දින මරණ පරීක්ෂණයේදී අනුලාවතී සිය පුතාගේ සිරුර හදුනා ගනු ලැබිණි. ඒ අවස්ථාවේ පුතාට අන්දවා තිබුනේ රෙදි කැබැල්ලකි. ඔහුගේ පපුව දෙපස නිල් පැහැ ගැන්වී තැලීම් වැනි තුවාල තිබිණි. තවද ඔහුගේ පිටද නිල් පැහැ ගැන්වී තැලීම් වැනි තුවාල තිබුණු බව මල්කාන්ති කියයි.

මෙතෙක් අනුලාවතිගේ පුතා මිය යාමට හේතුව කිසිදු බලදාරියකු ඇයට දැනුම් දී නැත. ඇය තරයේ කියාසිටින්නේ මාකොළ ළමා රැදවුම් මද්යස්ථානයේ නිලදාරීන්ගේ කෘරත්වය සහ නොසැලකිල්ල නිසා තම දරුවාගේ මරණය සිදුවූ බැවින් ඔවුන් එයට වගකිවයුතු බවයි.

ශෂිමාල් කුඩාකළ

අර්සන්ව දින 06 ක් බුලත්සිංහල පොලිසියේ රදවා ගෙන අමානුෂික ලෙස වදහිංසා පමුණුවයි.

හර්ෂි සි. පෙරේරා
2011.11.01 දින 22 හැවිරිදි අර්සන් රජිනිකන්ත්ව අත්අඩංගුවට ගත් බුලත්සිංහල පොලිසිය ඔහුට අමානුෂික ලෙස වදහිංසා පමුණුවමින් 2011.11.04 දින දක්වා නීතිවිරෝදී ලෙස පොලිසියේ රදවා ගනු ලැබිණි.

ඔහු පොලිසියෙන් එලියට පැමිණි විගස රාගම රෝහලට ඇතුළුව 2011.11.06 දින දක්වා එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගෙන ඇත. එහිදී ඔහුගේ අස්තියකට හානිවී ඇති බව වයිද්යවරු පවසා තිබේ. ඔහුව අදිකරණ වයිද්දය නිලදාරී පරික්ෂා කර ඇති අතර රෝහල් පොලිසියද ප්‍රකාශයක් ගෙන ඇත.

මෙසේ අර්සන්ව බුලත්සිංහල පොලිසිය විසින් වරින් වර අත්අඩංගුවට ගනිමින් වදහිංසා පමුණුවන්නේ මිනීමැරුමක් ගැන ප්‍රශ්න කරමිනි.

බුලත්සිංහල පොලිසියේ ස්ථානදිපති සෑම ඉරුදිනකම පොලිසියේ අත්සන් කරන ලෙස අර්සන්ට දන්වා ඇත. එහෙත් මෙය නිතිවිරෝදිය. මෙවැන්නක් කල හැක්කේ අදිකරණ නියෝගයකින් පමණි.

" URGENT;- මේවන විටත් මගේ මල්ලිට බුලත්සිංහල පොලිසිය අමානුෂික ලෙස පහර දෙනවා" - යනුවෙන් අර්සන්ගේ සොහොයුරා කල පැමිණිල්ල සාරාංශයක් ලෙස ශ්‍රී ලංකා ගාඩියන් වෙබ් අඩවියේ පල විය.




Tell a Friend

හිල්ටන් හෝටල් සේවකයකුට බදුල්ල පොලිසියෙන් මැර ප්‍රහාරයක්!


දර්ශනද සිල්වා වයස අවුරුදු 32 ක් වන අවිවාහක කොලබ 01 හිල්ටන් හෝටලයේ සේවය කරන බෝජන විද්‍යා ශිල්පියෙකි. ඔහු බත්තරමුල්ලේ පදිංචිකරුවෙකි.

මේ සිද්දිය වුයේ 2011 ඔක්තෝබර් 31 වැනිදාය. ඔහු රාත්‍රී 10.50 ට පමණ බදුල්ලෙන් සුපර් ලයින් ට්‍රැවල්ස් සුපර් ලක්ෂරි බස්රථයට ගොඩවූයේ කොලබ බලා පැමිණීමටය.

බස්රථය පිටත්වීමට ආසන්නයේ පොලිස්කාරයින් දෙදෙනෙක් එයට ගොඩ විය. ඉන් එක් අයෙක් දර්ශනට බසයෙන් බහින ලෙස නියෝග කරන ලදී.

එම නියෝගයට කීකරුව බසයෙන් බහින ලද දර්ශනගේ මුහුණට සහ ඔළුවට එක පොලිස්කාරයකු ඉවක් බවක් නැතිව පහර දුන්නේය. ඔහු අංක 44299 දරන රාජකරුණා නම් වේ. පසුව දර්ශනව බස්පොලේ පොලිස් මුරපොල වෙත ගෙන යන අතරතුර අනෙක් නිලදාරියද පහර දුන්නේය. ඒ අවස්ථාවේදීත් පහර දී ඇත්තේ දර්ශනගේ මුහුණට සහ ඔලුවටයි.

මුරපොලේදී කාඩ් බෝඩ් කැබැල්ලක් දී දර්ශනට නිදා ගන්නයි අණ කර ඇත. නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කර අසල පුටුවක ඉදගෙන ඇත. පාන්දර 3.30 ට පමණ දර්ශනව මුදා හැර තිබේ. නොවැම්බර් පළමුවැනිදා සවස 2 ට පමණ බදුල්ල පොලිස් අදිකාරිට සිද්දිය පැමිණිලි කිරීමෙන් පසුව පොලිසිය විසින් දර්ශනට රෝහල් ගතවීමට පෝරමයක් නිකුත් කර ඇත.

මේ පොලිස් පහරදීම නිසා දර්ශනට බදුල්ල මහා රෝහලේ අංක 07 වාට්ටුවේ 14 ඇදෙ දින 05 ක් නේවාසිකව ප්‍රතිකාර ගැනීමට සිදුවිය.

නමුත් අද 07 වැනිදා බදුල්ල සහකාර පොලිස් අදිකාරී 02 විජේතිලක අංක 0718329571 දුරකතනයෙන් කතා කර ඕයා බිලා ඉදලා තියෙන්නේ පොලිසියෙන් කරලා තියෙන්නේ හොද දෙයක්. ඔයාගේ මුදල් බඩු ආරක්ෂා කරලා දුන්න එක හොද දෙයක් කොහොම වුනත් පරීක්ෂණයක් පවත්වනවා යනුවෙනි.

ඉහත මෝඩ ප්‍රකාශය කල පොලිස් ලොක්කන්ට සහ පහර දුන් පොලිස් සොක්කන්ට විරුද්දව දර්ශන විසින් 2011.11.07 දින එනම් අද මානව හිමිකම් කොමිසමට, පොලිස්පතිට සහ බදුල්ල ජෙෂ්ට පොලිස් අදිකාරිට ලිකිතව පැමිණිලි කරන ලදී.

හර්ෂි සි. පෙරේරා

Tell a Friend

වෙබ්අඩවි මර්දනය.


ශ්‍රී ලංකා ගාඩියන් වෙබ් අඩවියද ඇතුළු ආණ්ඩුව විවේචනය කල වෙබ් අඩවි කිහිපයක් ආණ්ඩුව විසින් අවහිර කර ඇත. මේ ක්‍රියාව නිදහස් මාද්‍ය වියාපාරය විසින් හෙළා දැක තිබේ.

2009 මැයි මස යුද්දය දිනු රාජපක්ෂ ආණ්ඩුවට එහි අවසාන අදියර වලදී සිදුවූ මනුෂ්‍ය සංහාරය පිලිබදව බරපතල චෝදනා එල්ල වේ. ඒ පිළිබද උගත් පාඩම් සහ සංහිදියා කොමිසමේ වාර්තාව නොවැම්බර් 15 නිකුත්වීමට නියමිතය.

 යුද්දයට නායකත්වය දුන් සරත් ෆොන්සේකා ජනාදිපතිවරණයේදී මහින්දට එරෙහිව තරග කිරීමේ ශාපයට සිරගත විය. ඔහුට එරෙහි සුදු කොඩි නඩුවේ තීන්දුව නොවැම්බර් 18 වැනිදා ලබා දීමට නියමිතය.

මෙවන් පසුබිමක් තුල වෙබ් අඩවි තහනම් කලේ අන්කවරක් නිසාවත් නොව ශ්‍රී ලාංකීය ජනතාවට සත්‍ය තොරතුරු සදහා ඇති ප්‍රවේශය නැති කර දැමීමටය.

මේ මර්දනය වෙබ් අඩවි තහනමින් ඔබ්බට යනු ඇත. මද්‍යවේදීන් පුද්ගලිකව දඩයම් කිරීමේ වෑයම යලි කරලියට එනු ඇත.

එහෙත් පිට කොන්දක් ඇති සාටකයට ගැති නොවූ මද්‍යකරුවා සීමිත ඉඩකඩ තුල ජනතාවට සත්‍ය තොරතුරු දැන ගැනීමේ අයිතියට සහය පල කරනු නොවුනුමානය.

හර්ෂි සි. පෙරේරා
Tell a Friend

මැරුණු ගඩාපිද හොද? අපේ ගඩාපිද?


හර්ෂි සි. පෙරේරා 

මැරුණු ගඩාපි අපේ ගඩාපිට වඩා හොද සන්තුවරයෙකුයි කිවොත්?

2009 මැයි මාසයේදී යුද්දය අවසන් විය. ශ්‍රී ලංකා ආණ්ඩුවේ හමුදාවන්ට සහ එල් ටි ටි ඉ සටන්කාමීන්ට දරුස්මන් වාර්තාවෙන් බරපතල යුද අපරාද චෝදනා එල්ල වේ. ඒ පිළිබද සැකසුනු චැනල් 04 ගාතක බුමි වීඩියෝව සත්‍යක් බව බ්‍රිතාන්‍ය ඔක්ෆෝම් පිළිගෙන ඇත.

දෙමල ජනයාට යුද්දය අවසන් වුවද දේශපාලන විසදුමක් හෝ අවංක ලෙස බලය බෙදීමක් පිළිබද බලාපොරොත්තුවක් පෙනෙන මානයක නැත. ඔවුන් මේ රටේ වසර දහස් ගණනක සිට දිවි ගෙවන පුරවැසියන් වේ. නමුත් ඔවුන් සැලකෙන්නේ ඔවුන්ට සලකන්නේ දෙවන පෙළ පුරවැසියන් ලෙසයි.

මුළු රටේම රාජපක්ෂ ආණ්ඩුව විසින් මිලිටිරිකරණය කිරීම සිදු කරගෙන යයි. උතුරු නැගෙනහිර ජනයාට හමුදාව වූකලී තවදුරටත් මර්දනකාරීන් වේ. දකුණේදී නම් ඔවුන් යුද්දය දිනු විරුවන්ය.

යුද්දය නිමවීමට මාස කිහිපයකට පෙර මද්යාවේදී ලසන්ත වික්‍රමතුංග ගාතනය කෙරිණි. මේ වනතෙක් අපරාදකරුවන්ට දඩුවම් දීමක් සිදුවී නැත. යුද විරුවා වූ සරත් ෆොන්සේකා මහින්ද සමග ජනාදිපතිවරණයේදී තරග වැදීමේ ශාපයට තවමත් සිරගත කර ඇත.

අදිකරණ විසින් තීන්දු කල අපරාදකරුවන් රැසක් රාජපක්ෂ රෙජීමය විසින් නිදහස් කරන ලදී. ඒ අතර දුමින්ද, කත්‍රිආරච්චි, කෙසර ප්‍රමුක පෙලේ සිටිති.

රට පුරාම පොලිසි බන්දනාගාර සහ පාසල් වල සිදුවන වදහිංසා පැමිණවීම් එන්න එන්නම ඉහල ගොස් ඇත. පොලිසිය විසින් මිනිසුන් පොලිස් ස්ථාන තුලදීම මරා දැමීම ගැන ජනතාව කුපිත වූ සිද්දීන් ගණනාවකි. එහිදී දොම්පේ සිද්දිය ඉතා මැතකදිම සිදු වුවකි.

ඉහත කරුණු මගින් හෙළිදරවු වන්නේ සිද්දීන් කිහිපයක් පමණි. ඉතින් මොන ගඩාපිද හොද?

Tell a Friend

ශ‍්‍රී ලංකාවේ සර්වබලධාරී පාවිච්චි කිරීම

| ක‍්‍රිශාන් රාජපක්‍ෂ

පාවිච්චි කිරීම යන වචනාර්ථයෙන් ගත් කළඑහි කිසිදු වරදක් නැත. නමුත් එය දේශපාලනික අර්ථයෙන් ගත් කරල පාවිච්චි කිරීම අවධනායට ලක්වන වදනකි. මන්ද පාලක දේශලපාලන ව්‍යාපෘති වෙනුවෙන් බහුලවම සිදුවනුනේ එම සන්ධර්භයේ පවතින සියලූ කාරණා තමන්ගේ බල ව්‍යාපෘතිය වෙනුවෙන් පාවිචිචි කිරීමයි. ඒ වගේම බොහෝ පුද්ගලයන් තමන් පාවිච්චි වුවායැයි පිළිගන්නට මැලිවේ. ඒ නිසා ම දේශපාලනයේ දී පාවිච්චි කිරීම යන්න ඉතා පරිස්සම් සහගත වදනකි. ඒ දේශපාලනයේදීය.

නමුත් ලංකාවේ තත්ත්වයට දේශාපලනය යැයි කියන්නට තරම් එය මෝරා නැත. ධනපති ආර්ථික ප‍්‍රතිපත්ති කීපයක් හැරෙන්නට ලංකාවේ දේශපානයක් නැත. ඒ නිසාම ලංකාවේ දේශාපනය මඩ ගොහොරකි. මෑත දිනකදී අයිටීඑන් නාලිකාවෙ සමග සම්මුඛ සාකච්ඡුවකට එක්වූ මෙරට සර්ව බලධාරී ලේඛම් තැන ලංකාවේ දේශපානය කෙතරම් මඩගොහොරුවක්ද යන්න මනාව ප‍්‍රදර්ශණය කලේය. මුලිම එක මේ රෙජීමය විසින් රාජ්‍ය දේපළ තම දේශපාන ව්‍යාපෘතිය වෙනුවෙන් රෙදි නැතිව පාවිච්චි කරයි. අපි එය ඉතාම සරල ලෙස සම්මුක සාකච්ඡුාව ඔස්සේම පහදා ගනිමු. අයි ටීඑන් නාලිකාව රජයේ නාලිකාවකි. ගෝඨාභය රාජපක්‍ෂ අමාත්‍ය ලේඛම් වරයෙක් පමණි. ගෝඨාභය රාජපක්‍ෂ කෙතරම් ඒ මොහොතෙත් කෙතරම් පාවිච්චි කරනවාදැයි කියත හොත් ඔහු කොළඹ සංවර්ධනය ඔස්සේ ඔහුගේ ප‍්‍රතිරූපය ගොඩනංගාවා ගැනීමට කොළඹ නගරයේ සංවර්ධනය ගැන වාර්ථා වැඩසටහනක් පවා පාවිච්චි කරයි. එම රූපවාහින් වැඩසටහන නැරබූවේනම් එය තනිකරම ගෝඨාභය රාජපක්‍ෂ නම් වූ චරිතය වඩ වඩාත් මාර්කට කිරීමේ උත්සාහයකි. කෙනෙක්ට ඇයි ගෝඨාබය තමන්වෙන් ව මාර්කට් කිරීමට අයිටීඑන් පාවිච්චි කරන්නේ යන සරල ප‍්‍රශ්ණය නැගෙන්නට පුළුවන. එය මෙසේ කියවීමකට ලක් කරගත හැකිය. මන්ද භාරත ඝාතනය හාරහා වඩාත් කුඩු දමින්දට හිතැතිභාවය නිරුවත් වීම නිසා ගෝඨාභයද බහුතරක් අතර දුමින්දගේ කුඞ්ඩන්ගේ තත්ත්වයට ම වැටිනි. එම නිසාම එම වැඩසටහන පුරා සිදුවූයේ ගෝඨාභය රාජපක්‍ෂ නම් වූ සුචරිතය ගොඩැනැගීමයි.ඒ අනුව තමන්ගේ ප‍්‍රතිරූප වර්ධනයට මහජන සම්පත් පාවිච්චි කරයි.

දෙවැනි පාවිච්චි කිරීම හරි අපූරුය. සමහරුන් තුළ තිබෙන්නා වු කුහක දේශපාලනය ආභාෂය එළියට වැද තමා කවුද යන්න හෙළිදරවු කරයි. එහිදී එම යාථාර්ථයට ගෝඨාභය රාජපක්ෂද මුහුණ දුනි. ඔහු විටෙක් මෙලස කියයි.

¥මින්ද පාවිච්චි කළා කොළඹය... කරුණාව නැගෙන හිරට පාවිච්චි කළා...කෙහෙලිය යුද්දේ කාලේ මාධ්‍ය ප‍්‍රකාශකය හැටියට පාවිච්චි කළා. හුළුගල්ලව පාවිච්චි කළා... මේ වචන හරහා එළියට පැන දුවන්නේ රාජපක්‍ෂ රෙජීමයේ දේශපාලනික උපායයි. අදාළ මොහොත තුළ තමන්ට වාසි, තමන්ගේ දේශපාලන ව්‍යාපෘතියට රිසි පරිදි එකිනෙකාව පාවිච්චි කිරීමයි. පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්, ඇමතිවරුන් පාවිච්චි කළායැයි කියන්නේ අමාත්‍යංශ ලේකම්වරයෙකි. ලංකාවේ රාජ්‍ය සේවය ට සිදුව ඇති දෙය සිතාගත හැක. රාජපක්ෂලා රාජ්‍ය සේවය පාවිච්චිකර ඇති ආකාරයට ගෝඨාභය හොඳ නිදසුනකි. සමස්ථ ආර්ථිකයෙන් බහුතරය පාවිච්චි කරනු ලබන්නේ රාජපක්‍ෂ ලා විසිනි. ආරක්‍ෂක අමාත්‍යංශය, ආර්ථික සංවර්ධන අමාත්‍යංශය සහ මුදල් අමාත්‍යංශය සියලූ යන අමාත්‍යංශ තුන ඔස්සේ අය වැයෙන් තුනෙන් දෙකක් පාවිච්චි කරන්නේ ඔවුන් විසිනි. ඊට අමතරව මෙරට සියලූ දේපාර්තුමේන්තු හා සියලූ බලාත්මක ආයතන සියල්ල පාවිච්චි කරන්නේ ද ඔවුන් විසිනි. එහි ප‍්‍රධානීන් සියල්ල රාජපක්‍ෂලා විසින් පාවිච්චි කරනු ලබයි.

එයටත් අමතර මෙරටට මුදල් ගලාඑන්නා වු සියලූ තැන් රාපපක්‍ෂලා විසින් පාවිච්චි කරනු ලබයි. සුවිශේෂී පාවිචියට එන්නේ ඉන් අනතුරුවය. එයනම්,

මෙරට දකුණේ බහුතර ජනයා තවමත් නොදන්නා දෙයනම්, උතුරේදී 40,000 ක පමණ දමිළ ජනතාවක් සමූළ ඝාතනයට තමන් රාජපක්ෂ රෙජීමය විසින් පාවිච්චි කරනු ලෑබූ බවයි. ඒ හරහා පැමිණෙන යුධ අපරාධ චෝදනාවලින් ගැලවීමටද රාජපක්ෂ රෙජීමය පාවිච්චි කරනු ලබන්නේ ද ඒ ජනතාවමය. නමුත් තමන් පාවිච්චි වීම පිළිගැනීමට උකටලී දකුණේ ජනයා ඊනියා දේශපේ‍්‍රමයක වෙලී සිටී. මේ සියල්ලට අනුව ශ‍්‍රී ලංකාවේ සර්වබලධාරී පාවිච්චි කිරීමේ අයිතිය රාජපක්‍ෂ වරුන් අතය. නමුත් ජනතාව තව තවත් ස්වකීය කැමැත්තෙන්ම පාවිච්චිවෙමින් සිටී.

අපට කියන්නට ඇත්තේ ”අනේ මෙහෙම ජනතාවක් කියාය”

Tell a Friend

බද්දේගම ප්‍රාදේශීය සබාවෙන් තෙලිකඩ පොලිසියට රතු එළියක්.


හර්ෂි සි. පෙරේරා
අරුණ ජයසේකර බද්දේගම ප්‍රාදේශීය සබා මන්ත්‍රීවරයෙකි. 2011.10.03 දින බද්දේගම ප්‍රාදේශීය සම්බන්දිකරන කමිටු රැස්වීම පැවතිනි. එය පැවැත්වුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගමගේ ප්‍රදානත්වයෙනි. එයට ලැබුණු අරාදනයක් පරිදි අරුණ ජයසේකර මහතා සහබාගි වී ඇත.

ඒ අවස්ථාවේ පොලිසියේ ප්‍රගතිය සමාලෝචනය කිරීමට නියාය පත්‍රය අනුව අවස්ථාව උදා විය. පොලිස් නිලදාරීන් සහ සෙසු සහබාගිවුවන් නිහඩව සිටින ලදී. ජයසේකර මහතා තෙලිකඩ පොලිසියෙන් ප්‍රදේශවාසීන්ට සිදුවන අසාදාරනය සහ අයුක්තිය ගැන ප්‍රකාශ කළේය. එහිදී ඔහු 17 හැවිරිදි සජිත් සුරඟව ග්‍රීස් යකකු ලෙස හංවඩු ගසමින් තෙලිකඩ පොලිසිය ඔහුට අමානුෂික ලෙස වදහිංසා පැමිණවීම ගැනද සදහන් කළේය.

මේ පොලිසියට එරෙහි රතු එලිය ඉවසිය නොහැකි පොලිස් නිලදාරියකු රැස්වීමේ සිටියේය. ඔහු නම් සාමාන්‍ය ජනයාට වදහිංසා පැමිණවීම පිළිබද චෝදනා ඇති තෙලිකඩ පොලිසියේ වැඩ බලන පොලිස් ස්ථානදිපති පොලිස් පරීක්ෂක දිලිප්ය. ඔහු ජයසේකර මහතා කීදේ ප්‍රතික්ෂේප කළා පමණක් නොව ඒ මහතාගේ පවුද්ගලිකත්වය පිළිබද කරුණු කියමින් ඔහුව අවමානයට පත් කළේය.

පසුව 2011.10.14 දින බද්දේගම ප්‍රාදේශීය සබාව රැස් වුවිට 2011.10.03 දින කමිටු රැස්වීමේ මේ අපහාසාත්මක ප්‍රකශය කල පොලිස් නිලදාරියට විරුද්දව අදාල බලදාරීන්ට දැන්වීමට සබාව තීරණය කරන ලදී.


Tell a Friend

හොදම දේ ළමුන්ට; තවත් දකුණේ දරුවෙකුට අමානුෂික ලෙස පහරදෙයි.


හර්ෂි සි. පෙරේරා

අවුරුදු 15 ක් වන උමගිලියගේ හරිත විකල්ප ගාල්ල සිරිදම්ම විද්‍යාලයේ 10 වසරේ ඉගෙනුම ලබන සිසුවෙකි.

2011.10.06 දින අල්ලපු පන්තියේ මිනාල් සිසුවා හරිතට පාන් කැලි වලින් ගැසූ අතර හරිත ඒ ඇයිදැයි අසා තිබෙනවා. පාසැල ඇරී ගෙදර යනවිට මිලාන්ගේ පියාවන සවුක්ය වයිද්‍ය නිලදාරියකු වන ගුනවර්දන නමැත්තා හරිතට තර්ජනය වන අයුරින් හැසිරී ඇත.

ඉන්පසුව දින කිහිපයක්ම ගුනවර්දන පාසලට පැමිණ ගුරුවරුන්ට හරිතව පෙන්නමින් කතා කර තිබේ. 2011.10.12 දින පාසලේ විදුහල්පති ප්‍රේමසිරි ඇපා හරිතව ගෙන්වා 2011.10.06 සිද්දිය ගැන ඔහුගෙන් අසා ඇත. හරිත සිද්දිය කීවිට වුන සිද්දිය මම දන්නවයි කියා විදුහල්පති හරිතගේ වම් කන ප්‍රදේශයට පාරවල් කීපයක් ගසා තිබෙනවා.

2011.10.13 දින හරිතගේ කනේ අමාරුව වැඩි වී ඔහුට උන සැදී ඇත. එත් ඔහු පැනඩෝල් බි පාසලට යන ලදී. පසුව මේ සිද්දිය හරිතගේ මිතුරකුගෙන් දැන ගත් පියා පාසලට ගොස් විදුහල්පතිගෙන් විමසා ඇත. එවිට නියෝජ්‍ය විදුහල්පති සිද්දිය වැඩි දුර ගෙනියන්න එපැයි කියා තිබේ. නමුත් හරිතගේ පියා ගාල්ල පොලිස් අදිකාරිට සිද්දිය කිවුවත් එය වැඩක් වී නැත.

2011.10.14 දින හරිත උන තිබියදීත් පැනඩෝල් බි පාසලට ගොස් තිබෙනවා. විදුහල්පති හරිතට කතා කර උබ මට දැන් පොලිසි ගිහින් කරාදැයි විමසා උබ දන්නවද දැන් ඒ ලමයව ඉස්කෝලෙන් අස් කරගෙන තියෙන්නේ උබ හිතනවද උබට මේ ඉස්කෝලේ සතුටින් වැඩකටයුතු කරගෙන ඉන්න පුළුවන් වෙයි කියලා යනුවෙන් හරිතට වැඩි දුරටත් පවසා ඇත.

එදින හරිතව කරාපිටිය රජයේ රෝහලට ඇතුලත් කර ඇත. ඔහු 2011.10.18 දින දක්වා එම රෝහලේ 4 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ගෙන තිබේ. 16 දින රෝහල් පොලිසිය කටඋත්තර ගෙන ඇති අතර අදිකරණ වයිද්‍ය නිලදාරිද ඔහුව පරික්ෂා කර ඇත.






Tell a Friend