වදහින්සාවට පාත්‍ර වූ වින්දිතයින් මානව හිමිකම් ක්රියාදරයින් ලෙස.


හර්ෂි සි. පෙරේරා

" අවුරුදු 11 කට පස්සෙත් මම කියන්නේ මට ගහපු පොලිස්කාරයින්ට චාන්ස් එකක් දෙන්න එපා කියලා" මෙසේ කියන්නේ ගාල්ල මිහිදු මාවත මාම්පිටියේ පදිංචි 27 හැවිරිදි ඩබ්ලිවු එච් චින්තකයි. ඔහුව 2002 දී වදහින්සාවට පාත්‍ර කලේ පොද්දල පොලිසියේ පොලිස් වදකයින්ය. ඔහු මෙම වදහිංසා පැමිණවීමේ හේතුවෙන් දින 04 ක් කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ගත්තේය.

එච්. කුසුමාවතී එනම් චින්තකගේ ආදරණිය මෑණියන් 2012. 12. 20 දින සිය මාම්පිටිය ගම් ප්‍රදේශයේ පොලිසිය හා නිතිය පිළිබද කුඩා කණ්ඩායම් රැස්වීමක් සහ විදි මෙහෙයුමක් සංවිදානය කළාය. එයට ගම්වාසින් 25 දෙනෙකු පමණ සහබාගි වූ අතර එහිදී තරුණ පිරිසේ දායකත්වය කැපී පෙනිණි. මෙයට ජනසන්සදයේ මානව හිමිකම් ක්‍රියාදරයින්ද සහබාගි විය.

චින්තකට වදහිංසා පැමිණවීම ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබෙන අතර තවම පැමිණිල්ල විබාග වේ. එහිදී පොද්දල පොලිසියේ රාළහාමිලා තුන්දෙනාට වෙන් වෙන්ව රුපියල් 4500 බැගින් ගෙවීමට නියම වූ නමුත් එයට අවනතව ආදාල නිර්දේශිත මුදල ගෙවුවේ එක් රාළහාමි කෙනෙක් පමණි. තවම මානව හිමිකම් කොමිසමේ විමර්ශනය අවසන්ව නැත.

කුසුමාවතිලා මහා ලොකු මහා උගත්කමක් ඇති මිනිසුන් නොවේ. නමුත් ඔවුන් අවංකව හර්දයන්ගමව තමන්ට සිදුවූ අයුක්තියට යුක්තිය සොයා යයි. එයට අමතරව තම සහෝදර ගම්වාසීන් බලගැන්වීමේ කාර්යේද නිරතවීම තමනට ලංකාවේ මානව හිමිකම් වැඩ කල නොහැකියි කියන රිනවාදීන්ට අබියෝගයක්ද වේ.