2012 දී බන්දුලට නිදහසේ රැකියාව කිරීමට ඉඩ දෙමු. කවුද මේ "පොලිස්"?


හර්ෂි සි. පෙරේරා

මානෙල් මාලගේ බන්දුල ප්‍රේමචන්ද්‍ර 30 හැවිරිදි අවිවාහක වියාපාරිකයෙකි. හෙතෙම ගල්හෙනවට්ට බුලත්සිංහල පදිංචිව සිටි. හෙතෙම බන්දුල ස්ටෝස් හි හිමිකරුය.

2011.12.26, 2011.12.28, සහ 2011.12.29 යන තෙදින රාත්‍රී 7.30 ට පමණ සුදුපාට අංක 62 - 1680 දරන ඉසිසු වැන් රථයෙන් පුද්ගලයින් 06 දෙනෙකු පමණ කඩයට පැමිණ තිබේ. එම වාහනයේ පොලිස් යන වචනය සදහන්ව තිබී ඇත.

ඔවුන් කඩයට පැමිණි සිටි අයගෙන් තොරතුරු විමසමින් කඩේ කටයුතු වලට බාදාකාරී වන ලෙස හැසිරී ඇත. අවසානයට පැමිණි 29 වැනිදා කඩයට මිනිසුන් පැමිණියහොත් බන්දුලව අත්අඩංගුවට ගන්නා බවට තර්ජනය කොට ගොස් ඇත.

බන්දුල මේ පිලිබදව 2011.12.30 දින මානව හිමිකම් කොමිසම් සබාවට, පොලිස්පතිට, කළුතර නියෝජ්‍ය පොලිස්පතිට සහ කළුතර ජෙෂ්ට පොලිස් අදිකාරිට පැමිණිලි කරන ලදී.