මහා බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඊයේ මාධ්‍යට ලබාදුන් සම්මුක සකච්ච්වකදී කියා සිටියේ , ගාණ වැඩක් නැති වුනත් තමන්ගේ ආණ්ඩුව රටේ හෝ රාජපක්ෂ පරිපාලනයේ ප්‍රතිරූපය ගොඩ නැගීම සඳහා මහා පරිමාණයේ මුදලක් මාස් පතා පිටරටවල සමාගම් වලට වැය කරන බවයි. ඉන් එක සමාගමකට මාසයකට වියදම් කරන මුදල ලංකාවේ මුදලින් රුපියල් කෝටි පහකට ආසන්නය. එය අය වැය ලේඛනයේ කුමන වර්ගීකරණය යටතේදැයි අපි නොදනිමු. නමුත් මෙය වංචා, හොරකම් එළිපිට සිදුවන රටක සිදුවන එක් මහා පරිමාණයේ නමුත් අනවශ්‍ය " අහිංසක" නාස්තියක් පමණි. කබ්රාල්ට අනුව ඇතැම් පිරිස් රටේ කීර්ති නාමය කෙළසීමට ප්‍රතිචාර දැක්වීමට මෙම කටයුත්ත සිදු කරන බවයි.
මෙම ගනුදෙනුව ගැන මුලින්ම ශ්‍රී ලංකා ගාඩියන් වෙබ් අඩවිය විසින් හෙළිදරව් කරනු ලැබුවේ පසුගිය 16 වැනිදාය. අපගේ ආරංචි මාර්ග වලට අනුව මෙය සිදුවන්නේ, ලන්ඩනයේ සිටින ශ්‍රී ලංකා මහා කොමසාරිස් වරයාගේ මැදිහත්වීම මතය. ඔහු ලංකා විදේශ සේවාවේ සිටින දුෂිතම නිලධාරීන්ගෙන් අයෙකි. රටේ අහිංසක ජනතාවගේ බදු මුදල් වලින් පිස්සු කෙලින්නන් අතර එක් අහිංසක කයිරාටක පිස්සෙක් පමණි. මුන් ගැන කතා කිරීම හිරිකිත වන්නා සේම රටේ කීර්ති නාමය කෙලසන සබැ නරපනුවන් වන්නේද මොහූමය.
රටේ ජනතාව ගොනාට අන්දවා ඔවුහුට තමන්ට ඇති කෑම වේලකට තිබු අයිතියත් නැති කළ මෙම ආණ්ඩුව අධිරාජ්‍යවාදීන්ගේ සමාගමකට කෝටි පහක් මාස් පතා ගෙවනු ලබයි. තුන් වේලම බත් කන්න යයි කියන හෙළ උරුමයේ සේම ජවිපෙන් එලවා දැමීමෙන් පසු තම පැවැත්ම උදෙසා වචාලයකු වී සිටින විමල් වීරවංශ වැනි අයවලුන් මේ ගැන කියන්නේ මොනවද?
ලංකාවේ සැබෑ මුල්‍ය කළමනාකරණයේ ඇත්ත වෙන්නේ මෙයයි. රට තුළ ඇති වූ මෙන්ම අනාගතයේදී ඇතිවිය හැකි ත්රස්තවාදට සැබෑ මුලික හේතුන් වන්නේද මෙවැනි කාරණාය. තමන්ගේ මාධ්‍ය සගයන් රැගෙන පළාතෙන් පළාතට ගොස් බොරු සෝබන දාන රාජපක්ස මහත්තයා තමන්ගේ ඇස් වලින් බැලිය යුත්තේ මෙවැනි අනවශ්‍ය වියදම් සිදු වන ආකාරයයි. රටේ කීර්ති නාමය සැදීම කොහෙවත් සිටින අගන්තුකයින්ට කළ නොහැකි අතර මහා පොලවේ හරි පාලනයක් තිබේ නම් අමුතුවෙන් පිට රැටියන්ට තමා ප්‍රතිරුප සැදීමට මුදල් ගෙවිය යුතු නොවේ.
එසේම දුයුණු රටවල් තමන්ගේ රටේ ප්‍රතිරූපය හැදීමට යයි මෙවැනි ගොන් කම් කළේ නැත. ඔවුහු පළමුව කළේ රටේ දුෂණය සහ නාස්තිය නැති කරමින් සෑම දෙනාටම පොදු එසේම පුද්ගල වන්දනාවෙන් තොර වූ පොදු නීතියකට තම රට අනුගත කිරීමයි. රාජපක්ෂ යනු ශ්‍රී ලංකාව නොවේ. නමුත් රාජපක්ෂ සිතාගෙන ඉන්නේ තමා යනු ශ්‍රී ලංකාව කියාය. සිදුවෙන සියලු ගොන් කන් වලට හේතුව වී ඇත්තේද එයයි.
Post a Comment