අප්‍රිකාව, ඉන්දියාව සහ ශ්‍රී ලාංකිකයින් වන අපත් ගැන කියන ග්‍රේ හෝගන්.

ග්‍රේ හෝගන් සිය දේශනය පුරාවට කියන්නේ ඔබටත් මටත් ඉතා සමීප අපි ඉපදුන දා සිට අත්විදපු දේවල්. ඔහුට පසුබිම වන්නේ අප්‍රිකාව සහ ඉන්දියාව වුවත් ඒ ශ්‍රී ලාංකිකයින් වන අපගේ කතාවයි.

ඩේවිඩ් කියන්නේ කෙන්යාවේ නයිරෝබි කිබේරා මුඩුක්කු වල අවුරුදු 16 ක කොල්ලෙක්.

ඔහුටත් ඔහුගේ සගයකුටත් ප්‍රජාවට ජලය සපයන ජල නලය පාලනය කිරීමේ වගකීම පැවරෙනවා. ප්‍රජාවට පිටස්තර මහල්ලෙක් මෙයින් ජලය ලබා ගැනීමට උත්සහ කිරීම නිසා කලහයක් ඇති වෙනවා. මහල්ලාගේ සහයට පැමිණෙන පොලිස්කාරයෙක් ඩේවිඩ් ව අත්අඩංගුවට ගෙන ප්‍රචණ්ඩත්වය සහ මංකොල්ලකෑම පිළබදව නඩු පවරනවා. මංකොල්ලකෑම කියන චෝදනාවට හේතුවන්නේ මෙම කලහයේදී මහල්ලාගේ තොප්පිය නැතිවීමයි.

අපේ රටේ වදහිංසාව, බොරු නඩු දැමීම, නඩු පමාව, යුක්තිය පසිදලීමේ ක්‍රියාදාමය තුල පවත්නා දුෂණය සහ අල්ලස නීතියේ පාලනය නොසලකා හැරියදා පටන් තියෙනවා. ග්‍රේ හෝගන් පෙන්වා දෙන ආකාරයේ ඩේවිඩ් ලා පිළිබද සිද්දීන් ශ්‍රී ලංකාවේ සුලබයි.

56 හැවිරිදි ජයතිලක ගොවිතැන ජීවිකාව කරගත් හින්දකරමුල්ල මොල්කාවේ පදිංචිකරුවෙක්.

ඔහුව 2003.10.21 දින බදුරලිය පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නවා. අංක 60954 යන බොරු නඩුව ඔහුට විරුද්දව මතුගම මහේස්ත්‍රාත් අදිකරණයේ පවරනවා. රුපියල් 5000 මුදල් ඇපය ගෙවා ගන්න බැරිව ඔහු දවස් 07 ක් රිමාන්ඩ් එකේ ඉන්නවා. තීන්දුව ලැබෙන්නේ මේ බොරු නඩුවේ 2011.08.19 වැනිදා. ඔහු නිදොස් කොට නිදහස්. පොලිසිය ජයතිලකව අත්අඩංගුවට ගන්නේ සිය බේබදු සොහොයුරා වෙනුවට. ඔහුට මිමස්මොර රෝගය සැදෙන නිසා ඔහුව අත්අඩංගුවට ගැනීම බදුරලිය පොලිසියට කරදරයි.

මානෙල් පස් දරු මවක්. ඇය වැලිකඩ බන්දනාගාරයේ කාන්තා අංශයේ සිටින සැකකාරියක්. සැක අංකය 760.

ඇයව රිමාන්ඩ් කරන්නේ 2006.05.15 වැනිදා. මේවන විට අවුරුදු 05 කට වැඩි කාලයක් තිස්සේ ඇය රිමාන්ඩ් එකේ ඉන්නවා. අංක 04 දරන අලුත් කඩේ මහේස්ත්‍රාත් අදිකරණයේ විබාග වන ඇගේ නඩුවේ අංකය බි 2585 වේ. නීතිපති යොමු අංකය 3/394/20 වේ. තවමත් නීතිපති වාර්තාව ලැබී නැහැ.

මහජනතාවට යුක්තිය ඉටු කරන්න නීති ආදාර දෙන සහ තවත් විවස්ථාපිත ආයතන ගණනාවක් තියෙනවා. ඒ අතර මානව හිමිකම් කොමිසම් සබාව විශේෂයි.

53 හැවිරිදි හේමසිරි රත්නපුරේ කුරුවිට පදිංචිකරුවෙක්.

ඔහුව 2004.12.19 දින කුරුවිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන වදහිංසා පමුණුවනවා. මානව හිමිකම් කොමිසමේ පැමිණිලි අංකය එච් ආර් සි 5133/0/1/4 . කොමිසම 2006.03.03 වැනිදා සිය නිර්දේශය ලබා දෙනවා. දෙවන වගෞත්තරකරු වන පොලිස් සැරයන් 29992 නිමල්විරට රුපියල් 5000 ක් පැමිණිලිකරුට ගෙවීමට නියම වෙනවා. නමුත් අද වනතුරුත් මේ නිර්දේශය ක්‍රියාත්මක වී නැහැ. මේ අතර කුරුවිට පොලිසිය 2011.02.03 දින ඔහුව අත්අඩංගුවට ගෙන නැවතවරක් වියාජ නඩුවක් දානවා.

හේමසිරිගේ සිද්දිය ගැන අසන වන විට දැනෙන දෙයක් තමයි මානව හිමිකම් කොමිසමට දත් නැද්ද යන්න?

වයස අවුරුදු 56 ක් වන මල්ලිකා බරපතල හදවත් රෝගයකින් පෙලෙන කාන්තාවක්.

තලංගම පොලිසිය ඇයව අත්අඩංගුවට ගෙන 2010.09.14 දින රිමාන්ඩ් කරනවා. 2010.09.14 දින රස පරීක්ෂක වාර්තාව ලැබෙනවා. එහි සන්තකයේ තිබු හෙරොයින් ගැන මතයක් පල වන්නේ නැහැ. මේක වියාජ නඩුවක්. මල්ලිකාට ඇපත් ලැබෙනවා. ඒ රුපියල් 25000 ක මුදල් ඇපයක් සහ ශරීර ඇප දෙකක් වශයෙන්. නමුත් ඇයට මෙම ඇප කොන්දේසි සපුරා ලීමේ හැකියාවක් නැහැ. ඇය තවමත් සිපිරිගෙදරයි.

බන්දනාගාර ආඥා පනතට අනුව මහේස්ත්රත්වරු මසකට වරක් බන්දනගාරයට යායුතුයි. එත් මේ මහේස්ත්රත්වරු මල්ලිකාව සහ මනේල්ලව දැකලා නැහැ.

අපි මානව හිමිකම් ගැන කතා කරන්න පටන් අරන් දශක 06 ක් ගත වෙලා. යථාර්තය නම් කිසිදෙයක් වෙලා නැහැ. එන්න එන්නම තත්වය නරක අතට හැරෙනවා.

තවමත් පමා නැහැ. කල යුතුදේ කුමක්ද?

මනේල්ලව, මල්ලිකලාව, හෙමසිරිලව, ජයතිලකලාව, නිතිය නමැති සෙවනැල්ල යට වදයට ලක් කිරීමෙන් වැළකෙමු. ඔවුන්ට පොඩ්ඩන් සේ සැලකීම නතර කරමු. මානව හිමිකම් යථාර්තයක් කරමු.

සංවර්දනය දරණිය කරමු. පවත්නා මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය පවතින තත්වයෙන් ඉදිරියට ගෙන යමු. එසේ නැතිව පවතින දෙය ඒ අයුරින්ම රැක ගැනීමෙන් වැඩක් නැහැ.

ග්‍රේ හෝගන් කොලොම්බියා විශ්ව විද්‍යාලයේ කල දේශනය දැන් නීති නිර්මාණය, ඉගැන්වීම සහ ක්‍රියාත්මක කිරීම යනුවෙන් දැන් සිංහලට පරිවර්තනය කර ඇත.

හර්ෂි සි. පෙරේරා