ජඩ මාධ්‍යකරණයට එරෙහි විරෝධය පෑවේ ඇයි ?



''සිවිල් සමාජ ක්‍රියාකාරී එකමුතුවක් වන අප විසින් පසුගිය ජනවාරි 10 වනදා සදාචාරත්මක හා ජනතාවට වග වන මාධ්‍ය අවශ්‍යතාවයක් වෙනුවෙන් රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතන ඉදිරිපිට නිහ~ විරෝධයක් දැක් වූ අතර ඉන් පසු ඇති වූ අහිතකර හා සාවධ්‍ය ප්‍රතිචාර හමුවේ නැවතත් අපගේ විරෝධයේ අරමුණ ඔබට ඉදිරිපත් කිරීමට කැමැත්තෙමු.

එම විරෝධයේ මුලික අරමුණ වුයේ මාධ්‍ය සමග ගැටුමකට යාම නොව රටේ ජනතාවට වග වන කිසිඳු ආකාරයේ හිංසනයකට ඉඩ නොදෙන අපක්ෂපාති මාධ්‍යකරණයක යෙදීමේ අවශ්‍යතාවය පිළිබඳ ජනතාව හා මාධ්‍ය අතර කතිකාවක් ගොඩනගා ගැනීමයි. එහිදී අප එවැනි මාධ්‍ය භාවිතයකට අදාළවන මුලික කාරණා කිහිපයක් මතු කළෙමු. අභුත පුවත් මැවීම් වලින් ප්‍රේක්ෂක, ග්‍රාහක හා පාඨක සමාජය අපහරණයට ලක් කරනු ලැබීම වැළැක්වීම උදෙසා සත්‍ය ගවේෂණය හා වාර්තාකරණය, අපක්ෂපාති හා සාධාරණ ලෙස සෑම වාර්තාකරණයකටම අදාළ සංධර්භය එළි කිරීමට බැඳී සිටින මාධ්‍ය ස්වාධීනත්වය ආරක්ෂා කිරීම, විවිධ ආණ්ඩු හා කණ්ඩායම් මගින් ක්‍රියාත්මක කරන වර්ගවාදී, ජාතිවාදී, ලිංගවාදී, හා කුලවාදී ක්‍රියාකලාපයන් පෝෂණය නොකිරීම, ස්ත්‍රීන්, ළමුන්, සමරිසි ප්‍රජාවන්ගේ හා අනෙකුත් චුදිතයන් සම්බන්ධ වාර්තාකරණයන්වලදී සදාචාර වටිනාකමකින් බැඳී සිටීම යනාදියත් මේ සියලූ කරුණුවලට වගවන මාධ්‍යයක අවශ්‍යතාවයත් ඒ අතර විය. එම වගවීම ඇත්තේ සාධාරණ, යුක්තිගරුක, සියලූ දෙනාට නිදහසේ ජීවත් විය හැකි සමාජයක් ඉල්ලා සිටින බහුතර ජනතාවට මිස, ආර්ථීක වාසි මුල් කරගත් සුළුතර පිරිසකගේ අභිලාශවලට නොවන බව අප ඔවුනට මතක් කර දීමට උත්සාහ කළෙමු.

අප එම සාමකාමී විරෝධතාව සිදු කරනු ලැබුවේම ශිෂ්ට සම්පන්නවය. කළු පටි වලින් අප ආවරණය කලේ අපගේ මුහුණු නොව මුඛයයි. ඒ විරෝධයේ සංකේතයක් වශයෙනි. එසේම අප මාධ්‍ය ආයතන තුලට ගොස් එම ලිපිය භාර දුන්නේ ආවරණය ඉවත් කරගෙනය. බහුරතයක් මාධ්‍ය ආයතන එම ලිපිය භාරගත් අතර තවත් ආයතන එය සාමකාමී ලෙස ප්‍රතික්ෂේප කළේය. එහෙත් මාධ්‍ය ආයතන දෙකක් පමණක් මේ විරෝධතාව ඉතා අවලස්සන ආකාරයෙන් වාර්තා කරමින්, පැමි‚ සිවිල් පුරවැසියන් සම්බන්ධව අභූත චෝදනා නගමින්, විරෝධතාකරුවන්ව විවිධ දේශපාලන පක්ෂ වලට ඈඳමින් අප විරෝධය පෑ ජඩමාධ්‍යකරණයම අප වෙත මුදා හැරීම උත්ප්‍රාසයක්ද දනවයි. එම එක් මාධ්‍ය ආයතනයක් අපගේ ලිපිය භාරගැනීම වෙනුවෙන් විනාඩි 5ක කාලයක් ඉල්ලා සිටිමින් අප විනාඩි 30කටත් අධික කාලයක් එම පරිශ්‍රයේ රඳවා ගත්තද ලිපිය භාර නොගත්තේය. ඒ තුල පෙන්නුම් කලේ ඔවුනට ලිපියක් භාර ගැනීමට තරම්වත් අවම සදාචාර වටිනාකමක් නොතිබූ බවයි.

අප විරෝධය පෑවේ ජනතා පොදු දේපලක් වන සංඛ්‍යාත ජනතා සුභ සිද්ධිය සඳහා මිසෙක පෞද්ගලික ලාභ ප්‍රයෝජන සඳහා නොවන බව සිහි කැඳවීමටය. මාධ්‍ය ආයතනවලට ඇති මාධ්‍ය බලපත්‍රය යනු, රටේ පාලන බලය හැසිරවීම වෙනුවෙන් ප්‍රධානය කළ බලපත්‍රයක් නොවන බව මතක් කිරීමටය. මාධ්‍ය වෘත්තියට අර්ථයක් හා වටිනාකමක් එක් වන්නේ ප්‍රකාශන හා තොරතුරුවල ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ආරක්ෂා කරන්නේ නම් පමණක් බව සිහි කැඳවීමටය. ඒ අනුව සමස්ථ මාධ්‍ය භාවිතාව තුළ සුරැකිය යුතු සමාජ වටිනාකම් ගැන සංවාදයට එළැඹීම හා ඒ වෙනුවෙන් ක්‍රියාකිරීම මාධ්‍යයේ වගකීම බව අපි නැවත නැවතත් මතක් කරනු කැමැත්තෙමු.''

ශ්‍රී ලංකාවේ කාන්තාවෝ
අලූත් පියාපත්
අලූත් පරපුර
මාරුතයේ හඬ
දිදුලන හදවත
ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ සමනල්ලූ
වෘතීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය
සාධු ජනරාව
නැගී සිටිමු ශ්‍රී ලංකා
චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ගේ සංගමය
අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව
ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ නීතිඥවරු





සබැඳි පුවත් 

ජඩ මාධ්‍යකරණය ගැන ප්‍රශ්න කරන්න ජනතාව පෙරට එයි