"ප්ලාස්ටික්" අපේ හෝමෝන වලට අහිතකරයි.

හර්ෂි සි. පෙරේරා

ඇමෙරිකා එක්සත් ජනපදයේ සිදුකල පරීක්ෂණ වලට අනුව ප්ලාස්ටික් මනුෂ්‍ය ශරීරයේ හෝමෝන වලට අහිතකර ලෙස බලපාන බව සොයා ගෙන ඇත.

ඉවත දමන ප්ලාස්ටික් වල අඩංගු රසායනයන් බොහොමයක් ප්‍රතිචක්‍රීකරණය කල නොහැක. එනිසා ඉවතලන ප්ලාස්ටික් එක්කෝ වල දැමිය යුතුයි. නැතිනම් පුච්චා දැමිය යුතුයි.

වර්තමානයේ ඇසට දමන සුවි කාච වල සිට නිවාස සදහා යොදාගන්න ප්ලයිවුඩ් දොරවල් ජනෙල් දක්වා ප්ලාස්ටික් බාවිතයට ගනු දක්නට ලැබේ. ඉස්සර වාහන බරින් අඩුය. නමුත් දැන් වාහන සැහැල්ලු කිරීම සදහා ප්ලාස්ටික් යොදා ගන්නා නමුත් මේවා ප්‍රතිචක්‍රීකරණය කල නොහැකි බව ගැන ලබාදෙන්නේ අඩු අවදානයකි. ළමුන්ගේ සෙල්ලම්බඩු වලින් 90% ක් පමණම නිපදවන්නේ ප්ලාස්ටික් වලිනි.

අපි ප්ලාස්ටික් ජීවත්වීමට, ආහාර ගැනීමට, බිමට ගැනීමට, සෙල්ලම් කිරීමට, වැඩ කිරීමට, ශ්‍රවණය කිරීමට සහ නැරබීම පිණිස යොදා ගනිමු. සැබවින්ම අද වනවිට ප්ලාස්ටික් අර්බුදයක් නිර්මාණය කර අවසන්ය. මේ ප්ලාස්ටික් වල අඩංගු රසායන මතුපිට ඇති ජලයට බුගත ජලයට පනිය ජලයට පසට සහ වායු ගෝලයට එකතු වේ.

මෙම ප්ලාස්ටික් වල අඩංගු රසායනයන් ගර්බනි කාන්තාවන්ට, කළල අවස්ථාවට, ළදරුවන්ට, සහ ළමුන්ට අහිතකර වේ.

මෙනිසා අප ප්ලාස්ටික් ද්‍රව්‍ය පරිබෝජනය කිරීමේදී අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් ගැනීමේදී සැලකිලිමත් විය යුතුය. මේ ගැන කටයුතු කිරීමට ආණ්ඩුවටද වගකීමක් ඇත.