"නාදුනන ගැහැණිය"

 
ආචාර්ය ප්‍රනීත් අබයසුන්දරයන් "ප්‍රබන්ද කතා යයි මට හිතෙන මේ පොත ගැන මන් මුකුත් අටුවා ටිකා ලියන්න උත්සහ ගන්නේ නැහැ. ඔබම කියවලා බලා නොයෙක් සාහිත්‍ය වර්ග කිරීම් වලට අනුව කෝතනකට මෙය අයත්වේද කියා හිතන්න. එහෙම හිතන එක රසවින්දනයට බාදාවක් නම් කිසිදු වර්ග කිරීමක් නොකර - හැබැයි කියවා බලන්න.


ඔවු ආචාර්යතුමනි 1996 මාර්තු ප්‍රකාශයට පත්වූ තිලිනා විරසිංහයන්ගේ "නාදුනන ගැහැණිය" 2011 දෙසැම්බර් කියවා බැලුවෙමි.

එය සෑම ස්ත්‍රියක්ම කියවිය යුතුය. මක්නිසාද එමගින් ශ්‍රී ලාංකීය ස්ත්‍රීන් නිහඩව විද දරා ගන්නා වේදනාවන්ට පිඩාවන්ට වෙනස්කම්වලට සහ අසමානතාවන්ට හඩක් ලබා දෙන බැවිනි.

අපි පවතින තත්වයෙන් ඉදිරියට යායුතුය. ප්‍රජාතන්ත්‍රවාදය හෝ මානව හිමිකම් හෝ වේවා එය යථාර්තයක්ම වීමට පොඩි මිනිසුන්ට ගැහැනුන්ට සහ ළමයින්ට යහපතක් වීමට නම් පවත්නා තත්වයේම නොසිටිය යුතුයි. ඉදිරියට යායුතුයි.

"අපි කසාද බදිමු.

විකාරද ?

මොකක්ද කසාදෙ කියන්නේ එක ඒකාට ශාප කර ගන්නවා ඇරෙන්න හුස්ම ගන්නවත් ඉඩක් නැති ජිවිතයක්.

බොරුවෙන් පිරිච්ච ජිවිතයක්."

ප්‍රබන්ද හෝ නවකතා හෝ වේවා ශ්‍රී ලාංකීය සමාජයට වෙනසක් සදහා එන්නතක් දිය යුතුය.

" ඒ මළසිරුර ඉක්මනින් මිහිදන් වනු ඇත.

ඇය කවුද?

ජීවිතය...

යුද්දය...

මරණය..."

" මම කකුල් දෙක පුටුව උඩට අරන් කල්පනා කලේ..."

එවන් වෙනසක් සදහා කකුල් දෙක පුටුව උඩට නොගෙනත් බොහෝදේ කල හැක.

හර්ෂි සි. පෙරේරා