පයාගල පොලිසිය මාපිලාට පක්ෂපාති වෙයි.


2010.10.23 දින කේ ඒ ඩි චන්දන ඔහුගේ මස්සිනා සහ මාපිලා කියන පුද්ගලයාත් අතර ආරවුලක් ඇති විය. හැබැයි පොලිසි යාමක් සිදුවුයේ නැත.

නමුත් 2011.11.28 දින පයාගල පොලිසිය චන්දනව අත්අඩංගුවට ගෙන මේ ආරවුල ගැන විමසා ඇත. පොලිසිය ඔහුගෙන් ප්‍රකාශයකට අත්සන් ගෙන ඇත්තේ කියවා තේරුම් කර දීමකින් තොරවය.

එදින දහවල් ඔහුව පොලිස් ඇප මත නිදහස් කර තිබේ. එදින පොලිසිය ඔහුට එරෙහිව හයි කොට් එකක් දාන බවත් කියා ඇත.

තමන්ව නීතිවිරෝදී ලෙස අත්අඩංගුවට ගෙන වියාජ චෝදනා නගා නඩු පැවරීමට උත්සහ කරන පයාගල පොලිසියේ නිලදාරින්ට විරුද්දව නීතිමය පියවර ගන්නයි චන්දන ඉල්ලා සිටි.

හර්ෂි සි. පෙරේරා