පකිස්ථානයේදී බ්‍රිතාන්‍ය ජාතික වයිද්යවරයාගේ හිස ගසා මරා දමයි.



හර්ෂි සි. පෙරේරා

පකිස්ථානයේදී මෙම වයිද්යවරයාව පැහැර ගත්තේ මිට මාස 04 කට පෙරය. මෙම බ්‍රිතාන්‍ය වයිද්යවරයාගේ හිස ගසා දැමු මළසිරුර ක්වෙතා නම් පකිස්ථාන නගරයේදී සොයා ගෙන තිබේ. කලීල් රස්ජෙඩ් ඩාලි ගේ සිරුර මෙම නගරයේ පාරක් අසල තිබී සොයා ගෙන ඇත. ඒ අසල දමා තිබු දැන්වීමක සදහන් වුයේ කප්පම් මුදල් නොගෙවූ නිසා මෙසේ මරා දැමු බවයි. ඔහු මිය යනවිට ජාත්‍යන්තර රතු කුරුස සංවිදානයට සම්බන්ද වී වැඩ කරමින් සිටියේය.