හර්ෂි සි. පෙරේරා
දේවමුණි අනුලාවතිද සිල්වා 53 හැවිරිදි දෙදරු මවකි. බිංගිරියේ පදිංචිව සිටි. රැකියාව කම්කරු වන අතර සැමියා මියගොසිනි.
කදුපතිමුනිගේ ශාෂිමල් සිල්වා ඇගේ පුතාය. ඔහුට වයස අවුරුදු 18 කි.
මේ සිද්දිය වන්නේ 2011.09.27 දිනය. ශාෂිමල් සිය සොහොයුරියට අතවර කරන්න උත්සහ කල නිසා පොලිසියට බාර දී ඇත.
2011.09.28 දින ශශිමල්ව මාකොළ ළමා රැදවුම් නිවාසයට යවා ඇති අතර ඊලග උසාවි දිනය 07 බව අනුලාවතිට පොලිසියෙන් දැන ගන්නට ලැබී තිබේ.
එදින නඩුව 21 දක්වා කල් යන ලදී. මේ අවස්ථාවේ අනුලාවතී සිය පුතා සමග කතා කල විට ශශිමල් කියා ඇත්තේ තමාගේ කනෙන් වතුර වගේ එන බවයි. පසුව පුතා බැලීමට ගිය අනුලාවතී මාකොළ ළමා නිවාසයේ නිලදාරින්ට පුතාගේ කනට දැමීමට බෙහෙත්ද ගෙන ගොස් දී ඇත.
2011.10.21 දින අනුලාවතී උසාවි ගියවිට ඇගෙන් හැදුනුම්පත තිබේදැයි අසා ඇත්තේ ශාශිමල්ට ඇප දීමටයි. නමුත් ඇගේ ලග හැදුනුම්පත තිබී නැත. නඩුව නොවැම්බර් 04 ට කල්ගොස් ඇති අතර එදිනට ශශිමල්ව මුදා හරින බව අදිකරණයෙන් දැනුම් දී ඇත.
2011.10.24 අනුලාවතී මාකොලට දුරකථන ඇමතුමක් ගෙන ශෂීමල්ගේ තොරතුරු විමසුවිට නිලදාරියෙක් කියා ඇත්තේ ශාශිමල්ට උන බවත් ඔහුට පැනඩෝල් ලබා දුන් බවත්ය. එවිට අනුලාවතී තමා හෙට උදැසන මාකොළ එන බව පැවසුවිට එම නිලදාරියා එවැන්නක් අවශ්‍ය නොවන බවත් තමන් බෙහෙත් අරන් දී අවශ්‍ය වුවහොත් රෝහල් ගතකර අනුලාවතිට දැනුම් දෙන බවත් පවසා තිබේ.
2011.10.25 දින අනුලාවතී මාකොළ ළමා නිවාසයට දුරකතනයෙන් කතා කල විට එය ගත් නිලදාරියා ගෙන් ශාශිමල්ට කොහොමදැයි ඇසුවිට ඔහු දුරකථනය විසන්දි කර ඇත.
29 වැනිදා බින්ගිරිය පොලිසියෙන් අනුලාවතිගේ නිවසට පැමිණ දැනුම්දී තිබුනේ ශාශිමල්ට අසාද්‍ය බැවින් රාගම ශික්ෂණ රෝහලට බාරදී ඇති නිසා වහාම මාකොළ ළමා නිවාසයට දුරකථන ඇමතුමක් ලබා දෙන ලෙසයි.
අනුලාවතී මාකොළ රැදවුම් නිවාසයට දුරකථන ඇමතුමක් දුන් විට දැන ගන්නට ලැබුනේ ඇගේ පුතා මියගිය බවයි.
2011.10.31 දින මරණ පරීක්ෂණයේදී අනුලාවතී සිය පුතාගේ සිරුර හදුනා ගනු ලැබිණි. ඒ අවස්ථාවේ පුතාට අන්දවා තිබුනේ රෙදි කැබැල්ලකි. ඔහුගේ පපුව දෙපස නිල් පැහැ ගැන්වී තැලීම් වැනි තුවාල තිබිණි. තවද ඔහුගේ පිටද නිල් පැහැ ගැන්වී තැලීම් වැනි තුවාල තිබුණු බව මල්කාන්ති කියයි.
මෙතෙක් අනුලාවතිගේ පුතා මිය යාමට හේතුව කිසිදු බලදාරියකු ඇයට දැනුම් දී නැත. ඇය තරයේ කියාසිටින්නේ මාකොළ ළමා රැදවුම් මද්යස්ථානයේ නිලදාරීන්ගේ කෘරත්වය සහ නොසැලකිල්ල නිසා තම දරුවාගේ මරණය සිදුවූ බැවින් ඔවුන් එයට වගකිවයුතු බවයි.
![]() |
| ශෂිමාල් කුඩාකළ |


Post a Comment