The Most/Recent Articles

Showing posts with label social. Show all posts
Showing posts with label social. Show all posts

සැකකරුවන් මුහුණු මගින් හඳුනගන්න නව මෘදුකාංගයක්

සැකකරුවන් හඳුනාගැනීම සඳහා ඇමෙරිකානු ආරක්ෂක අංශ හා පොලිසිය භාවිතයට ගන්නා පරිගණක මඟින් මුහුණු හදුනා ගැනීමේ තාක්ෂණය පොලිස් අපරාධ වාර්තා කොට්ඨාසයට හඳුන්වා දී ඇත.

සංවිධානාත්මක අපරාධකරුවන් හා අපරාධ විමර්ශන කටයුතු වල දී සැකකරුවන් හඳුනා ගැනීමට ලෝකයේ භාවිතයට ගෙන නවීන තාක්ෂණය මෙය වන අතර  මෙය හඳුන්වා දීමත් සමඟ එකම පුද්ගලයකු විවිධ නම්වලින්  පෙනී සිටිනවාද, ප්ලාස්ටික් ශල්‍යකර්මයකින් මුහුණ වෙනස් කර තිබෙනවාද ඇතුළු ඕනෑම මේ වෙනස්කමක් සිදු කළ ද, එම මෘදුකාංගය මගින් ක්ෂණිකවම පුද්ගලයා හඳුනාගනී. සිදු කරනු ලබන්නේ පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරු කිරීමකි.

රාශිය වල සිටින ප්‍රචණ්ඩකාරී පුද්ගලයන් පිළිබඳ පරිගණක පද්ධතියට යොමුකරන සීසීටීවී හෝ වීඩියෝ හෝ ඡායාරූප මගින් හඳුනාගැනීමේ අවස්ථාව උදා වී ඇත. මේ වන විට මේ සඳහා නිලධාරීන් ද පුහුණු කර සිටින සිටින නිසා රාජ්‍ය විරෝධී කැරළි උද්ඝෝෂණ, අයුතු ජනරාශිය වල සිටින ප්‍රචණ්ඩකාරි පුද්ගලයන් පිළිබඳ පරිගණක පද්ධතියට යොමු කරන සීසීටීවී හෝ වීඩියෝ හෝ ඡායාරූප මගින් හඳුනා ගැනීමේ අවස්ථාව උදා වී ඇත.

මෙම ව්‍යාපෘතිය සාර්ථක වන්නේ 2017 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා මේ සම්බන්ධව හොඳින් අධ්‍යයනය කොට මෙම තාක්ෂණය ශ්‍රී ලංකා පොලිසියට  හඳුන්වා දුන් බැවිනි. 

තුෂාන් ගුණවර්ධන

මෙම නවීන තාක්ෂණය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට මහඟු මෙහෙවරක් සිදු කරනු ලැබුවේ හිටපු පාරිභෝගික අධ්‍යක්ෂක තුෂාන් ගුණවර්ධන මහතා ය. මොහු මුහුණු මගින් සැකකරුවන් හඳුනා ගැනීමේ මෘදුකාංග පිළිබඳ මනා දැනුමක් සහ එය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳවහසල දැනුමක් ඇති පුද්ගලයෙකි.

2019.4.21 පාස්කු ප්‍රහාරයෙන් පසු වූ රොෂාන් ගුණතිලක මහතාගේ අදහසකට අනුව රොෂාන් ගුණතිලක මහතාගේ අදහස වූයේ මුහුණු මගින් සැකකරුවන් හඳුනා ගැනීමේ මෘදුකාංගයක අවශ්‍යතාවය ශ්‍රී ලංකා පොලිසියට ඇති බවයි.

මේ අදහස ඇතිව තුෂාන් ගුණවර්ධන මහතා විශේෂ කාර්ය බළකායේ එවකට අධ්‍යක්ෂකව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලතීෆ් මහතා හමුවීමට ගොස් මෙම තාක්ෂණයේ ඇති වටිනාකම ප්‍රකාශ කර ඇත.එහිදී මෙහි වටිනාකම තේරුම් ගත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලතීෆ් මහතා මෙවැනි මෘදුකාංගයක අවශ්‍යතාවය පවතින්නේ අපරාධ වාර්තා කොට්ඨාශයට බව තේරුම්ගෙන මොහු අපරාධ වාර්තා කොට්ඨාශය වෙත යොමු කරන ලදී.

තුෂාන් ගුණවර්ධන එවකට අධ්‍යක්ෂ  සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් සේරම් මහතා හමුවන අතර අපරාධ වාර්තා කොට්ඨාශය තුළ අපරාධකරුවන්ගේ ඡායාරූප එකතුවක් ඇති බවයි. මෙහි විශේෂත්වයක් වන්නේ මෙවැනි දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවන් ගේ ඡායාරූප එකතුවක් පවතින එකම ස්ථානය ද මෙය වන නිසාය.

රුවන් කුමාර

මුහුණු හඳුනාගැනීමේ මුදුකාංගය මුදුකාංගය ලබාදිය යුතු මුදුකාංගය ලබා දිය යුතු හොඳම ස්ථානය අපරාධ වාර්තා කොට්ඨාශය බව හොඳින් තේරුම් ගන්නා තුෂාන් ගුණවර්ධන මහතා අපරාධ වාර්තා කොට්ටාශයේ ඡායාරූපාගාර ය භාරව ක්‍රියා කරන පොලිස් පරීක්ෂක ගීතාංග ලියනගේ සමඟ සාකච්ඡා කිරීමේදී එහිදී ඔහුට තේරුම් යන එක කාරණයක් වන්නේ මොවුන් ද මෙවැනි අධිතාක්ෂණික මෘදුකාංගයක් අවශ්‍යතාවයෙන් පෙළෙන බවයි.

මේ වන විටත් පොලිස් පරීක්ෂක ගීතාංග ලියනගේ 2017 වර්ෂයේ දී මුහුණු හඳුනා ගැනීමේ තාක්ෂණය පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා ප්‍රංශයේ අන්තර්ජාතික පොලීසිය වෙත පිටව ගොස් තිබිණි. ඔහු මෙම තාක්ෂණය පිළිබඳව මනා දැනුමක් ලබාගෙන තිබූ නිසා රොෂාන් ගුණවර්ධන මහතා සමඟ මෙම ව්‍යාපෘතිය සාර්ථකව සිදු කිරීමට හැකියාව ලැබිණි.

2019 වර්ෂයේ දී මෙම ව්‍යාපෘතිය ආරම්භ කර  ද මෙය මෘදුකාංගය ශ්‍රී ලංකා පොලිසියට තබා ගැනීම ඉතා අපහසු කාර්යයක් විය. කීප වරක්ම  මෙය ලබා ගැනීම සඳහා උත්සාහ කළ ද සෑම උත්සාහයක්ම අසාර්ථක විය.

2021 වර්ෂයේ අපරාධ වාර්තා කොට්ඨාසයේ වර්තමාන අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් කුමාර මහතා මෙම අභියෝගය භාරගෙන මෙය ශ්‍රී ලංකා පොලිසිය අපරාධ වාර්තා කොට්ඨාශය තුළ ස්ථාපිත කිරීමට අවශ්‍ය සියලුම කටයුතු සලසා දෙන ලදී.

ගීතාංග ලියනගේ

අධි තාක්ෂණයෙන් යුතු කෘතිම බුද්ධිය ක්‍රියාත්මක වන මෙම මුහුණු මඟින් හඳුනා ගැනීමේ මෘදුකාංගය, ශ්‍රී ලංකා පොලිසියට හිමිවන අතර  මෙය  ශ්‍රී ලංකා පොලිසිය අපරාධ විමර්ශනය සහ අපරාධ නිවාරණය වෙනුවෙන් ගන්නා ලද මහඟු පියවරකි.

මේ වන විට නිලධාරීන් මේ සම්බන්ධව පුහුණු කර  පොලිස් පරීක්ෂක ගීතාංග ලියනගේ නිලධාරියා යටතේ මුහුණු හඳුනා ගැනීම සඳහා වෙනමම අංශයක් ශ්‍රී ලංකා පොලීසිය තුල ස්ථාපිත කර ඉතා සාර්ථකව පවත්වාගෙන යනු ලබයි.

ඝාතන රැල්ලේ හීන් නූල්කාරයා

 බස්නාහිර සහ දකුණු පළාත් ආශ්‍රිතව සිදුවන පාතාලයේ වෙඩි තබා ගැනීම්වල අඩුවක් තවමත් දකින්නට නැති තරම්ය. එක දිගට සිදුවන වෙඩි තබා ගැනීම්වලින් පෙනෙන්නට ඇත්තේ පාතාලය අද වන විට පොලීසියට පවා අභියෝගයක් වී ඇති බවකි. මෑතකදී වර්ධනය වූ ඝාතන රැල්ලේ පළමු වෙඩිල්ල බැස්ටියන් මාවතෙන් ඇරඹෙන්නේ ඉකුත් මැයි 30 වෙනිදාය. එදා සිට ඉකුත් අගොස්තු 31 වෙනිදා දක්වා ගෙවී ගිය කාලය තුළ සිදු වූ පාතාලයේ වෙඩි පත්තුවීම් ගණන 35කි. හැබැයි ඒ හැම වෙඩිල්ලක්ම ජීවිතයක් බිලිගත්තේ නැත. පත්තු වූ ඇතැම් වෙඩි අහක ගියේය. ජීවිත හානියකින් තොරව තුවාල ලැබූ වෙඩි පත්තුවීම්ද තුන හතරක්ම තිබුණේය. නමුත් මේ කාලය තුළ පත්තු වූ පාතාලයේ වෙඩි උණ්ඩවලට බිලි වූ ජීවිත ගණන නම් සුළුපටු පටු නැත. පොලීසියේ ගණන් මිනුම්වලට අනුව එම ගණන මිනිස් ජීවිත 30කි.

ගයාන් කුමාර වීරසිංහ

මෙම ඝාතන 30න් ඝාතන 18ක්ම සිදුව ඇත්තේ බස්නාහිර පළාත තුළය. සෙසු ඝාතන 12 සිදුව ඇත්තේ දකුණු පළාත ආශ්‍රිතවය. දකුණු පළාතේ සිදුවූ ඝාතන අතරින් ඝාතන 11ක්ම සිදුව ඇත්තේ ගාල්ල දිස්ත්‍රිකයේය. දකුණේ සිදු වූ අනෙත් ඝාතනය සිදුව ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කය තුළය. තංගල්ල මොරකැටිආරේදී සිදුවූ එම ඝාතනයේ වෙඩික්කරුවා පමණක් නොව, ඝාතකයන්ට රැකවරණය දුන් අපේ ජනබල පක්ෂයේ නායකයා වන සමන් පෙරේරාවද පොලීසිය අත්අඩංගුවට ගත්තේය. ඒ හැරුණු කොට දකුණේ සිදුවූ ඝාතන අතරින් මෙතෙක් පොලීසිය විසඳීමට සමත්ව ඇත්තේ එක් ඝාතනයක් පමණි.

බස්නාහිර පළාත තුළ සිදුවූ ඝාතන අතරින් කිසිදු ඝාතකයෙක් මෙතෙක් නීතිය හමුවට ඉදිරිපත් කිරීමට පොලීසිය තවමත් සමත්කම් දක්වා නැත. නමුත් බැස්ටියන් මාවතේ වෙඩික්කරුවා නම් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් පැහැදිලිවම හඳුනා ගත්තේය. නීතිය හමුවට ඉදිරිපත් කිරීමට අල්ලන්නට ගිය ඔහු පොලීසිය සමඟ ගැටී බෙම්මුල්ලේ දී වෙඩි කා මරු වැළඳ ගත්තේය. ඒ හැරුණු කොට සෙසු ඝාතන දාහතේම වෙඩික්කරුවෝ තවමත් සිටින්නේ නිදැල්ලේය. නොනැවතී පාතාලයේ වෙඩි තාමත් මේ පළාත් දෙකේ පත්තුවෙමින් ඇත්තේද ඒ නිසාමය.

මෙම පළාත් දෙකේ සිදු වූ ඝාතන වලින් වැඩි හරියකට වගකිව යතු වූයේ හරක් කටා සහ මාකිලංගමුවේ සංජීව යන කුඩු පාතාලයේ කුප්‍රකටයින් දෙදෙනාය. ඒ අතර හරක් කටාගේ සෘජු සම්බන්දකම් ඇතිව සිදු වූ බව කියන ඝාතන ගණන 05කි. මේ කාලය තුළ මාකිලංගමුවේ සංජීවගේ නම ඉදිරියේ ලියැවෙන ඝාතන ගණන 06කි.


පෑලියගොඩ මැනිං වෙළද පොළේදී සිදුවූ අඹ ශානාගේ ඝාතනයත් ගම්පහ අධිකරණය ආසන්නයේ සිදුවූ පස් පොඩ්ඩා ඇතුළු දෙදෙනෙකුට මරු කැදවූ වෙඩිල්ලත් හැරුණු කොට ගම්පහ දිස්ත්‍රික්කය තුළ සිදුවූ ඝාතන 07න් 04කටම වගකිව යුතු වූයේ මාකිලංගමුවේ සංජීවයි. පස් පොඩ්ඩාගේ ඝාතනයට පළිගන්නට කෙහෙල්බද්දර පිහිටි බාබර් සාප්පුවකදී කරණවෑමියකුට වෙඩි තබා මරා දමවන්නේත් කෙහෙල්බද්දර පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි ස්ථානයක හිමිකරුවකුට වෙඩි තබා මරවන්නේත් මාකිලංගමුවේ සංජීවයි. පෑලියගොඩ පටිටිය හන්දියේදී පොලිස් අත්තනායක නම් වූ මත්කුඩු ජාවාරම්කරුවකු ඝාතනය කෙරුණු වෙඩිල්ලේද නම ලියැවී ඇත්තේ මාකිලංගමුවේ සංජීවගේය.

වත්තල ඇලකන්දේ කායවර්ධන මධ්‍යස්ථානයක් අසලදී ජූනි 14 වැනිදාත් මට්ටක්කුලියේදී අගොස්තු 26 වැනිදාත් තරුණයන් දෙදෙනකුට මරු කැදවමින් පත්තුවූ වෙඩි තැබීම් පිටුපසද සිටින්නේ මාකිලංගමුවේ සංජීව බව කියයි. එම ඝාතන දෙකම සිදුවන්නේ මත්කුඩු ජාවාරම්කරුවෙක් වන වැල්ලේ සාරංගගේ උවමනා එපාකම් මතය.

පොලීසිය කියන ආකාරයට අනුව අද මේ මතුවී තිබෙන පාතාලයේ ඝාතන රැල්ලට ආරම්භයක් දෙමින් බැස්ටියන් මාවතේදී මැයි 30 වෙනිදා පත්තු වූ වෙඩිල්ල පිටුපස සිටින්නේද මාකිලංගමුවේ සංජීවය.

ඒ අනුව බලනවිට ගෙවී ගිය තෙමසක කාලය තුළ සිදුවූ වෙඩි තැබීම් සහ ඝාතන අතරින් වැඩිම ඝාතන ප්‍රමාණයක් මෙහෙයවා ඇත්තේ මාකිලංගමුවේ සංජීවයි. ඔහුව සැලකෙන්නේ දැනට ජීවතුන් අතර සිටින පාතාල අපරාධකරුවන් අතර දරුණුතම කල්ලි නායකයෙක් ලෙසිණි. ඉවක් බවක් නොමැතිව මාකිලන්ගමුවේ සංජීව මෙසේ මිනීමරමින් සිටින්නේ පාතාලයේ ගෝඩ් ෆාදර් චරිතයට අද පණ පොවමිනි.

මාකදුරේ මධුෂ් සහ කොස්ගොඩ සුජී හැරුණු කොට එල්.ටී.ටී.ඊ.යේ වෙඩික්කරුවන්ගෙන් හොඳටම වැඩ ගත්තේ මාකිලංගමුවේ සංජීවයි. දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.සුමන්තිරම් මහතා ඝාතනය කිරීමට පවා එල්.ටී.ටී.ඊ.යේ හිටපු සාමාජිකයන් පිරිසක් ඔහු සමඟ කළ උත්සහයක් ගැනද රාජ්‍ය බුද්ධි සේවය වරක් හෙළිකර ගත්තේය. එම ඝාතන සැලසුමට සම්බන්ධව සිටි එල්.ටී.ටී.ඊ.යේ වෙඩික්කරුවන්ද සමඟ මාකිලංගමුවේ සංජීවගේ ගෝලබාලයන් රැසක් කොළඹ අපරාධ කොට්ඨාශය සමඟ එක්ව 2019 වසරේ රාජ්‍ය බුද්ධි සේවයේ මෙහෙයුමකට අනුව කොටුකර ගන්නේ සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ ජීවිතයද ආරක්ෂාකර ගනිමිනි. එහිදී ගිනි අවි සහ බෝම්බ රැසක්ද සොයා ගනු ලැබුවේ උතුරේ වල දැමූ එල්.ටී.ටී.ඊ.යේ ආයුධ මාකිලංගමුවේ සංජීවගේ අතට පත්වන බව තහවුරු කරමිනි.

පාතාලයේ අලුත්ම ගෝඩ් ෆාදර් ලෙස මෙසේ කරලියට පැමිණ සිටින මාකිලංගමුවේ සංජීව අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළද සමත් විශ්ව විද්‍යාල වරම් ලබන්නට පවා සුදුසුකම් ලැබූවෙකි.

වැඩිදුර කියවීම සඳහා පිවිසෙන්න 

උපුටා ගැනීම සිළුමිණ 

අදටත් අබිරහසක් වූ ලලිත් ඝාතනය

මෙරට ජාතික නායකත්වයට පවා ඉතාමත් ළංව සිටි ලලිත් ඇතුලත්මුදලි මහතාගේ වියෝව අපේ රටේ ඉදිරි ගමනට එල්ල වූ බලවත් පහරකි. ඔහු එදා මරුවාගෙන් ගැලවුණේ නම් අපේ රටේ දේශපාලනය මෙන්ම සංවර්ධනය සහ ආර්ථිකය වෙනස් තැනක තිබෙන්නට තිබුණි.

උදිත ගුණවර්ධන

විශ්වවිද්‍යාල සිසුන්ට ‘මහපොළ’ හඳුන්වා දුන්නේ ඔහුය. ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩු සමයේ වෙළෙඳ හා නාවික කටයුතු මෙන්ම ජාතික ආරක්ෂක ඇමැතිවරයා ද වූ ඔහු පසු කලෙක අධ්‍යාපන හා කෘෂිකර්ම ඇමැති ධුර ද දැරුවේය. ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ බිහි කිරීමට පුරෝගාමී වූ ඔහු ලලිත් ඇතුලත්මුදලිය. ඔහු 1993 දී තුවක්කුකරුවකුගේ වෙඩි උණ්ඩයට බිලිවී අප්‍රේල් 23 වැනිදාට වසර 29ක් සපිරෙයි.



එක්සත් ජාතික පක්ෂය අද පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ තනි ආසනයක් හිමි කුඩා දේශපාලන පක්ෂයක් ලෙසිනි. ඔවුනට ඒ අසුන පවා හිමි වූයේ ජාතික ලැයිස්තුවෙනි. එක්සත් ජාතික පක්ෂය වැනි සියලු ජාතීන්ගේ විශ්වාසය දිනා ගත් පක්ෂයක් තනි ආසනයකට වැටීම දේශපාලන ලෝකය තුළ කිසිවකු නොසිතු දෙයකි. අපේ ඉතිහාසය තුළ පක්ෂ රැසක් අන්තයට පරාජය වූ අවස්ථා එමටය.

ශ්‍රීලනිපය 2018 දී පොදුජන පෙරමුණ සහ ශ්‍රීලනිපය ලෙස බෙදී ගිය අතර, එම බෙදීම තුළ පවා පළාත් පාලන මැතිවරණයෙන් ඡන්ද ලක්ෂ පහළොවක් සහ පළාත් පාලන රැසක් ජය ගැනීමට පුළුවන් විය. එහෙත් මෙරට ආණ්ඩු බලය ඉසිලූ සහ ප්‍රබල ජාතික නායකයන් රැසක් නියෝජනය කළ එජාපය බිමටම සමතලා වූයේ ඇයිද යන්න විමසා බැලිය යුතු දෙයකි.

එදා එජාපය නියෝජනය කළේ ලලිත් ඇතුලත්මුදලි වැනි දැවැන්ත චරිතය. ලලිත් ලා ගාමිණී ලා අගමැතිකම් ජනාධිපතිකම් නොදැරුව ද ඔවුන්ට ජාතික නායකයකුට ඇති පිළිගැනීම සමාජය තුළ තිබුණි. එමෙන්ම අසූව දසකය සහ අනූව දසකය ආරම්භයේදී එජාපයට ජාතික මට්ටමේ නායකයන් රැසක් සිටියහ. ඒ අතරින් මැද පන්තියේ සහ උගතුන්ගේ විශ්වාසය දිනූ නායකයා වූයේ ලලිත්ය.

ලලිත් ඇතුලත්මුදලි යනු ලොව පිළිගත් නායකයෙකි. මෙරට නායකත්වයට වුවද ඕනෑවටත් වඩා සුදුසුකම් තිබූ නායකයෙකි. මුලින්ම 1977 මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි ඇතුලත්මුදලි මහතා උසස් අධ්‍යාපන ඇමැතිවරයා ලෙස ඉටු කළ සේවය අති මහත්ය.

ඔහු ආරම්භ කළ මහපොළ ක්‍රමය නිසා සරසවි සිසුනට විශාල සහනයක් අත්විය. අදත් සරසවි සිසුනට ලලිත් දුන් මහපොළ ශිෂ්‍යත්වය නිසා සැලසෙන්නේ විශාල සෙතකි.

ලලිත් නායකයකු ලෙස ජනතාව අතර ස්ථාපිත වූයේ මෙවැනි දේ නිසාය.ඒ නිසාම එදා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විවිධ අඩුපාඩු මැද පවා දීප්තිමත්ව බැබලුනි. ලලිත්, ගාමිණී, රොනී, වැනි ඇමැති පෙළක් ද ප්‍රේමදාස මහතාද එජාපය සවිමත් කළේය. එදා ඔවුන් අතර වැඩ කිරීම පිළිබඳ මහා තරගයක් ඇතිව තිබුණි. එහිදී ප්‍රේමදාස, ලලිත් සහ ගාමිණී අතර 1988 ජනාධිපති ධුර අපේක්ෂකත්වය ගැන බලාපොරොත්තු දැල්වී තිබුණි. ගාමිණී දිසානායක මහතාට ගොවි ජනතාව සහ කඳුකරයේ විශාල පිළිගැනීමක් තිබුණි. එකල තිබූ සමාජ පිළිගැනීම වූයේ ගාමිණීට ඉන්දියානු සහාය ද ලැබෙන බවය.

ලලිත් ඇතුලත්මුදලි මහතාට මැද පන්තියේ ලොකු සහයක් ලැබුණු අතර, ඔහුට ද ජනාධිපති අපේක්ෂකත්වයට ඕනෑවටත් වඩා සුදුසුකම් තිබුණි. ප්‍රේමදාස මහතාට නැති බැරි මිනිසුන්ගේ සහාය බලවත්ව ලැබුණි. එහෙත් මේ තුන්කොන් තරගයේ ජයග්‍රාහකයා වූයේ ප්‍රේමදාස මහතාය. එහෙත් ඒ ගැන ලලිත් ඇතුලත්මුදලි මහතාගේ කිසිදු කහටක් නොතිබුණි. ගාමිණී ද එසේමය. එදා 1988 ජනාධිපතිවරණය පැවැත්වූයේ උතුරේත්, දකුණේත් ප්‍රචණ්ඩ භීෂණය මැදය. ප්‍රේමදාස මහතා එහි භයානක බව පෙන්වා දුන්නේ දෙකොන පත්තු කළ විලක්කුවක උදාහරණය සමඟය. එහෙත් ඒ බියකරු වටපිටාව මැද ලලිත් ජීවිත අවදානම ද නොතකමින් රට පුරා ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කළේය. එය ඇත්තෙන්ම අතිශය දුෂ්කර කාර්යයක් ලෙස සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවේ. ලලිත් යනු තමන් භාරගත් වගකීම නිසි ලෙස ඉටු කරන්නෙකි. එදා බණ්ඩාරනායක මැතිනිය සමඟ කරට කර සටනකින් පසු ප්‍රේමදාස මහතා ජය ගත්තේ ලලිත්ලාගේ නොපසුබට සහ වීර්යවන්ත සටන නිසාය.

එහෙත් ලලිත් ලා ගාමිණී ලා කළ කැප කිරීම් නොවන්නට එජාපය විපක්ෂයට වැටෙන්නේ 1994 වසරේදී නොව 1988 දීය. එහෙත් ජය ගත් ප්‍රේමදාස මහතා මේ සියල්ල අමතක කළේ මාස කිහිපයකිනි. 1989 මහ මැතිවරණයේදී ලලිත් ඇතුලත්මුදලි මහතා කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ප්‍රමාණයක් ලබා ජය ගත්ත ද ඔහුට ලැබුණේ වැදගැම්මකට නැති ඇමැතිකමකි. ගාමිණීට ද එසේමය. අගමැතිකම ලැබුණේ රටේ එතරම් ප්‍රසිද්ධියක් නොතිබූ විශ්‍රාම ලැබිය යුතු වයසක සිටි ඩී. බී විජේතුංග මහතාටය.

ඔහු වැදගත් මහත්මයකු වුවද ලලිත් ලා තරම් සක්‍රීය චරිතයක් නොවීය. එයින් එජාපය තුළ කෙමෙන් ඇවිලෙන්නට වූයේ ගින්නකි. මුලදී අළු යට ගිනි පුපුරු ලෙස වර්ධනය වූ මේ තත්වය කෙමෙන් එජාපය තුළ බෙදීමකට අවශ්‍ය පසුබිම නිර්මාණය කළේය. ප්‍රේමදාස මහතාට අනාගතයේ නියත අභියෝගයක් වන ලලිත් ඇතුලත්මුදලි මහතා වැන්නන් නිහඬ කිරීම ප්‍රේමදාස මහතා තම බලය ආරක්ෂා කිරීමට ගත් තීන්දුවක් ලෙස සඳහන් කිරීම වඩාත් නිවැරැදිය.

එහෙත් ඔහු ගත් ඒ තීන්දුව නිසා එජාපය මෙන්ම රට ද අසමත් ඉසව්වකට තල්ලු කළේය.

1991 පළාත් පාලන මැතිවරණයේදී එජාපය ලබා ගත්තේ විශාල ජයකි. ප්‍රධාන විපක්ෂය වූ ශ්‍රීලනිපය 32%ක ප්‍රතිශතයක් ලබා ගනිද්දි පාලක එජාපය පළාත් පාලන ආයතන තුන් සියයකට කිට්ටු ප්‍රමාණයක් ජය ගත්තේය. ලැබූ ප්‍රතිශතය 52% ද ඉක්මවීය. එදා ආණ්ඩුවට හිතවත් පිරිස් කීවේ ඉර හඳ පවතිනතුරු එජාප ආණ්ඩු කරන බවය.

එහෙත් 1991 අගෝස්තු වන විට එජාපය නමැති මහ ගලේ පතුරු ගැලවෙන්නට වූයේ ලලිත්, ගාමිණී, ප්‍රේමචන්ද්‍ර, ලයනල් ජයතිලක, වීරවන්නි, එස්. ඒ. මුතුබණ්ඩා ඇතුළු පිරිසක් එක්ව ඉදිරිපත් කළ දෝෂාභියෝග යෝජනාවක් නිසාය. මාස කිහිපයකින් එම යෝජනාව අසාර්ථක වුවද එජාපයේ බෙදීම බිම් මට්ටමටම ගමන් කළේ ලලිත් ඇතුළු පිරිස එජාපයට විකල්පයක් ලෙස රාජාලියා ලකුණෙන් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ නම් අලුත් දේශපාලන පක්ෂයක් බිහි කිරීම නිසාය. මෙමඟින් එජාපයේ ප්‍රාදේශීය නායකයන් රැසක් එජාපයට අහිමි වූ අතර, ප්‍රධාන විපක්ෂය වූ ශ්‍රීලනිපයටත් වඩා වේගයෙන් ආණ්ඩු විරෝධීන් අතර ජනප්‍රිය විය. එම ජනප්‍රියත්වයට හේතුවක් වූයේ ලලිත් ඇතුලත්මුදලි මහතා වැන්නෙක් එම පෙරමුණේ සම නායකත්වය දැරීමය.

එහෙත් පාර්ලිමේන්තු බෝම්බයෙන් මරු කටට ගොස් ජීවිතය බේරා ගත් ලලිත්ට ඉක්මනින් මරුවා නැවත සම්මුඛ වීමට හේතුව වූයේ රාජාලියා පක්ෂයයි. ඔහුට ඒවන විට දේශපාලන සතුරන් රැසක් සිටි අතර, වරින් වර ඔවුන්ගෙන් තර්ජන එල්ල විය. වරෙක කොළඹ කොටුවේදී මැර ප්‍රහාරයකට ලක් විය. එදා ආණ්ඩුවේ සිටි වගකිව යුත්තන් කීවේ දුම්රිය මගීන් ප්‍රකෝප වී මේ පහර දීම සිදු කළ බවය. ඒ දේ කවුරුන් කළද ලලිත්ගේ දේශපාලන ගමනේ ඇති අවදානම ගැන මෙයින් මනා ලෙස තහවුරු විය.

එම වාතාවරණය තුළ එළඹුණේ 1993 පළාත් සභා මැතිවරණයයි. සියලු පළාත් සභා එකවර විසුරුවා පැවැති මේ මැතිවරණය ජාතික මැතිවරණයක ස්වරූපය ඉසිලුවේය. පසෙකින් එජාපයද, අනෙක් පසින් බණ්ඩාරනායක මැතිනිය නායකත්වය දැරූ පොදුජන එක්සත් පෙරමුණු සන්ධානය ද අනෙක් පසින් ලලිත්, ගාමිණී නායකත්වය දැරූ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ ද තරග බිමට පිවිස තිබුණි. තරගයේ වැඩි අවධානය දිනා ගත් පක්ෂය වූයේ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණය. ලලිත් එම පෙරමුණේ බස්නාහිර මහඇමැති අපේක්ෂක ලෙස කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වැදුණේය.

ලලිත් ඇතුළත්මුදලි මහතාගේ මරුවා ද කොළඹ දිස්ත්‍රික්කය පුරා ඔහුත් සමඟ ඇවිද යමින් තිබුණි. නොසිතූ නොපැතූ මොහොතක ලලිත්ට මරුවා මුණගැසුනේ කිරුළපන ක්‍රීඩාංගණයක පැවැති ප්‍රචාරක රැලියකදීය. ඔහුට නාඳුනන තුවක්කුකරුවකු එල්ලය බලා කළ ප්‍රහාරයෙන් බරපතළ තුවාල සිදුවූ අතර, රෝහල්ගත කරන විටද ඔහු මරුමුවට පත්ව තිබුණි.

මෙරට ජාතික නායකත්වයට පවා ඉතාමත් ළංව සිටි ලලිත් ඇතුලත්මුදලි මහතාගේ වියෝව අපේ රටේ ඉදිරි ගමනට එල්ල වූ බලවත් පහරකි. ඔහු එදා මරුවාගෙන් ගැලවුණේ නම් අපේ රටේ දේශපාලනය මෙන්ම සංවර්ධනය සහ ආර්ථිකය වෙනස් තැනක තිබෙන්නට තිබුණි.

ලලිත් ඇතුලත්මුදලි ඝාතනය ගැන එකල විවිධ සමාජ අදහස් පැවතිනි. ආණ්ඩුව සඳහන් කළ නිල මතය වූයේ මෙය කොටි සංවිධානය කළ ඝාතනයක් බවය. ආණ්ඩු විරෝධීන් කෙළින්ම චෝදනා කළේ එවක සිටි ආණ්ඩුවටය. තවත් පිරිසක් අනුමාන කළේ රට අවුල් කිරීම සඳහා තුන්වන පාර්ශ්වයක් විසින් මේ දේ සිදු කරන්නට ඇති බවය. එහෙත් දසක තුනක් ගෙවී ගියද ලලිත්ට තුවක්කුව මෑනීමට නියෝගය දුන්නේ කවුද යන්න අභිරහසකි.

සිරිසේන කුරේ; මනෝ විද්‍යාවෙන් ඔබ්බට

ඕනෑම වාමාංශිකයෙකුට සහ ප්‍රගතිශීලී බුද්ධිමතෙකුට අනුව සිරිසේන කුරේ යනු, සරලමතිකයෙකි. ජවිපෙ ඇතුළුව පොදුවේ යථාර්ථයට වශී වූ බුද්ධිමතුන්ට මගහැරී ගිය සත්‍යය කුමක්ද? ජවිපෙ නායකයාට පමණක් නොව, ‘බෲස් කැප්ෆෙරර්’ වැනි මානව විද්‍යාඥයෙකුට පවා සිංහල චින්තනයේ තැනුම් ඒකකය ගැන වැරදුනේ කුමක්ද?

දීප්ති කුමාර ගුණරත්න 

වයස අවුරුදු 90 ක් ආයු වැළඳු සිරිසේන කුරේ මහතා මිය ගියේ ය. ඔහු පිළිබඳව ඇති තරම් දේශපාලන සාහිත්‍යය තුළ මිථ්‍යා වපුරා ඇත. නමුත්, කිසිවෙකු ඔහු ගැන විශ්ලේෂණයක් සිදු කර නැත. 87-89 දකුණේ සිවිල් යුද්ධය පැවති සමයේ, ඔහුගේ කාර්යභාරය තක්සේරු කරන්නේ කෙසේද? 87 වර්ෂයේ සිටම, ජේ. ආර් ජයවර්ධන රෙජීමයට රටේ සිවිල් යුද්ධය පාලනය කර ගැනීමට නො හැකි විය. ඊට හේතුව වූයේ, සිවිල් යුද්ධයේ දේශපාලන මානය වටහා නො ගැනීමයි. 89 වර්ෂයේ මුල ආර්. ප්‍රේමදාස ජනාධිපති වූ අතර එම වර්ෂයේම අග දී, විජේවීර සහ ගමනායක ඝාතනය විය. ඉන්, දකුණේ සිවිල් යුද්ධය අවසන් විය.

                     ලංකාවේ දේශපාලන පක්ෂවලට ඇති ලොකුම අභියෝගය වන්නේ, ඇත්තටම දේශපාලනය කරන්නේ කවුද යන්න හඳුනා නො ගැනීමයි. උදාහරණයක් ලෙස, සිවිල් යුද්ධයේ දරුණුතම අවධිය වූ 89 වර්ෂයේ දී, සිවිල් යුද්ධයේ මතවාදී මෙහෙයුම්කරුවා රන්ජන් විජේරත්න මහතා බවට ප්‍රචලිත විශ්වාසයක් එවකට මහජනයා අතර පැවතිණි. අරගලයේ අනෙක් පාර්ශවය වූ ජනතා විමුක්ති පෙරමුණ ද එය විශ්වාස කළේය.

                   සිංහල ජාතිය දෙකට බෙදී සිදු කළ දකුණේ සිවිල් යුද්ධයේ දී, මතවාදී යාන්ත්‍රණය හැසිරවීම පහසු වූයේ නැත. රට පුරා කඳවුරු විවෘත කර තැනින් තැන මුරපොළවල් විවෘත කිරීමෙන් ඵලක් නැති බව, 89 වන විට ප්‍රේමදාස රෙජීමයට අවබෝධ විය. තැනින් තැන සිදුවන හුදෙකලා සිදුවීම් මැඩ පැවැත්වීම ද නිශ්ඵල විය. වැඩ වර්ජන අක්‍රීය කිරීම ද ඵලක් නොවීය.

                   මෙහි ප්‍රතිඵලයක් ලෙස, ‘OPS COMBINE’ නමින් අලුත් මධ්‍යස්ථානයක් පිහිට වීය. එය, ”ඒකාබද්ධ අණදෙන මධ්‍යස්ථානය” නමින් හැඳින්වීය. එහි හමුදා නායකත්වයට, මේජර් ජෙනරාල් නෝමන් වෛද්‍යරත්න පත්වූ අතර දේශපාලන අධිකාරිය බවට පත් වූයේ, රන්ජන් විජේරත්න ය. ඔවුන් දෙදෙනාගේ මූලික උපාය වූයේ, ‘කුඩා කණ්ඩායම්’ (SMALL TEAMS) යොදා කැරැල්ල මර්දනය කිරීමයි. එහිදී, පැජරෝවක කෝප්‍රල්වරයෙක් සමඟ සෙබලු 4 දෙනෙක් ඉබාගාතේ මං මාවත්වල ගමන් කරන ලද අතර සැක කටයුතු අය අත්අඩංගුවට ගන්නා ලදී. ‘චූලානන්ද සමරණායක සහෝදරයා’ වසරකට සැරයක් තම මතකය හැටියට ලියන්නේ, මෙවැනි සිදුවීමකි. මෙම අදහස, ඇමරිකානු යුධ හමුදා ඇකඩමියේ උගන්වන ප්‍රතිත්‍රස්තනායක උපායකි. එහි දී කරන්නේ, රාජ්‍ය විරෝධීන්ගේ පහළ සාමාජිකයන් බිය වැද්දීමයි. නමුත්, එමඟින් සමාජයක් බිය වන්නේ නැත.

                   සමාජයක් බිය වැද්දීම සඳහා දේව නීතිය හෝ මිනිස් නීතිය හෝ අදාළ නැත. ඒ සඳහා, යක්ෂ නීතියක් සොයා ගත යුතු ය. මේ නීතිය සොයා ගත්තේ, සිරිසේන කුරේ විසිනි. ඔහුගේ එම න්‍යාය ඔහු හැදින්වූයේ, ”දියමන්ති වලින් දියමන්ති කැපීම” යන නමිනි. ඔහු එය කළේ, භාෂාවෙනි- යමක් විනාශ කළ හැක්කේ එම දෙයම පාවිච්චි කිරීම තුළිනි. ජෙනරාල් වෛද්‍යරත්න ඇතුළත්ව මිලිටරි බුද්ධි අංශය සහ සිරිසේන කුරේ දවසම මධුවිත පානය කරමින් කරන ලද්දේ, අල්ලා ගන්නා ලද මධ්‍යම මට්ටමේ නායකයන් එක් ‘අයෙකු’ අනෙකා ගැන නොකී කතා ඔහුට කියා ඔහුගේ සිත චංචල කිරීමයි. එමඟින්, ඔවුන් කෙටි කලෙකින් දාමයේ ප්‍රධාන ඉත්තන් වෙතට ප්‍රවේශ විය.

                      සිරිසේන කුරේ හොඳින් වටහාගෙන තිබුණේ, මිනිසා යනු, මනෝවිද්‍යාත්මක සතෙකු නොවන බවයි. මිනිසාගේ අවිඥාණය අනෙකාට සම්බන්ධ නිසා, ඔහු හෝ ඇය ඒ කෙනාගේ අනෙකාට ආශාවෙන් සහ ආදර්ශයෙන් සම්බන්ධ බවයි. එවිට, මිනිසා යනු, ගෘහයක් නොව අන්තර්ජාලයකි. උදාහරණයක් ලෙස, කොළඹ සන්නද්ධ නායකයා වූ [89]කදුරුපොකුණ, තමන්ගේ සමීපතයා වූ D. M ආනන්දව පාවා නොදෙන බව වෛද්‍යරත්න සහ කුරේ දැන සිටියහ. ඒ නිසා, ඔවුන් කළේ, කදුරුපොකුණට D. M ගැන එහෙන් මෙහෙන් ලද තොරතුරු කිහිපයක් මුදා හැරීමයි. ඒ අතර, D.M. ගේ ස්ත්‍රී ගැටලුවක් ද යොදා ගනු ලැබීය. උපාය හරි ගිය අතර, D. M .දැලට හසු වීමට වැඩි කාලයක් ගත වූයේ නැත. අද මා මේ ගැන කියනතුරු, ජවිපෙට ඒ ගැන විශ්ලේෂණයක් නොතිබූ අතර විහිළුවකටවත් සන්නද්ධ වීමට සිතන්නේ නැත.

                    ඕනෑම වාමාංශිකයෙකුට සහ ප්‍රගතිශීලී බුද්ධිමතෙකුට අනුව සිරිසේන කුරේ යනු, සරලමතිකයෙකි. ජවිපෙ ඇතුළුව පොදුවේ යථාර්ථයට වශී වූ බුද්ධිමතුන්ට මගහැරී ගිය සත්‍යය කුමක්ද? ජවිපෙ නායකයාට පමණක් නොව, ‘බෲස් කැප්ෆෙරර්’ වැනි මානව විද්‍යාඥයෙකුට පවා සිංහල චින්තනයේ තැනුම් ඒකකය ගැන වැරදුනේ කුමක්ද?

                     ජවිපෙ නායකයාට අනුව, යුධ හමුදාව ඇතුළුව රජයේ මර්දන උපකරණ තුළ වැඩ කරන මිනිසුන් අවසන් විග්‍රහයක දී හදවතෙහි තෙතමනයක් සහිත බෞද්ධ හැදියාවකින් යුතු මිනිසුන් ය. කැප්ෆෙරර්ට අනුව, බෞද්ධයා තම කෲරත්වය උපුටන්නේ කුඩා කාලයේ දකින පන්සල්වල වධ දෙන චිත්‍ර සහ මූර්තීන් (කටු ඉඹුල) හරහා ය. එම නිසා, අවසානයේ සිදු වන්නේ බෞද්ධයාට බෞද්ධයා සම්මුඛ වීමයි.

                    ජවිපෙ නායකයාගේ සහ සබුද්ධික මානව විද්‍යාඥයාගේ ප්‍රවාද මනස්ගාත කරමින් සිරිසේන කුරේ (මෙයට තවත් සාධකයක් එකතු කළ යුතු ය. සිරිසේන කුරේ යනු, කලක් කොළඹ චිත්‍රපට ශාලාවල සිටි කළමණාකරුවෙකි. ජවිපෙ ග්‍රාමීය තරුණයාව විනාශ කිරීමට ඔහු යොදා ගත්තේ, බටහිර චිත්‍රපට නැරඹූ ග්‍රාමීය තරුණයෙක්ම ය.) සහ ජෙනරාල් වෛද්‍යරත්න අපට පෙන්වා දුන්නේ, ග්‍රාමීය සිංහල පිරිමියාගේ ඥාණ විභාගය සකස් වන්නේ, බටහිර යුධ චිත්‍රපට, රහස් පරීක්ෂක කතා, පළිගැනීම සහ වධ දීම පිළිබඳ ගොපලු චිත්‍රපට මගින් බවයි. ඒ අනුව, කිසිදු ජාතිවාදියෙකු නොවූ සිරිසේන කුරේ 80 දශකයේ ජාතිවාදය පරාජය කරන ලද්දේ, බටහිර චින්තනය හරහා ය. එම නිසා, ඔහුගේ ජාතිවාදයට එරෙහි කෲරත්වය රෝග ලක්ෂණාත්මක[PATHOLOGICAL] එකක් නොව දියුණු දෘෂ්ටිවාදයකි.

                    නොවැම්බර් මාසයේ ජවිපෙ නායකත්වය විනාශ වූ වහාම, OPS COMBINE ආයතනය විසුරුවා හරින ලද්දේ, ප්‍රේමදාස රෙජීමයට ජනතා ආකර්ෂණය ලබාගත හැකි වැඩසටහනක් එවකට තිබූ නිසා ය. 2009 වර්ෂයට පසුව, රාජපක්ෂලාට නැති වූයේ මෙවැනි දේශපාලන වැඩසටහනකි. ඒ වෙනුවට, ඔවුහු ඒ තැනට තමන්ගේ ‘පවුල’ ආදේශ කරන ලදී. ඉන්, රට විනාශ විය.

                   56 යනු, පරාජයක් යැයි කිවූ සිරිසේන කුරේ මිය යන විට ඔහුගේ පක්ෂය ද ලිබරල්වාදය නිසා මිය ගොස් තිබුණි. 80 දශකයේ ‘සාංදෘෂ්ටිකවාදය’ (වාස්තවික සහ විශ්ව සාධාරණ සාරධර්ම නැතැයි ද, ක්‍රියාවෙන් සහ සෑම මොහොතක්ම පූර්ණ වශයෙන් සහ වගකීමෙන් ජීවත් වීමෙන් එක් එක් පුද්ගලයෙකු තමාට සාරධර්ම මවා ගත යුතු යැයි ද අදහන මතවාදය) නව සහශ්‍රකයේ දී මිය ගොස් ඇත. දැන් රජ කරන්නේ, විපරිතතාවය යි. අපට ඇති අනාගත අභියෝගය වන්නේ, සිරිසේන කුරේලා නැති ලොවක ජාතිවාදයෙන් තොර දුප්පතුන්ට සහන සලසන නව සාංදෘෂ්ටිකත්වයක් බිහි කර ගන්නේ කෙසේද යන්නයි. 

පල්ලියේ පන්සල

 ඇමරිකාවේ ඔහායෝ ප්‍රාන්තයේ බ්‍රයන් නගරය ඉතාම කුඩා නගරයක්. ජනගහණය 8,729ක් පමණයි. එයින් 95%ක් පමණම සුදු ජාතිකයින්. මා දන්නා තරමින් ශ්‍රී ලාංකික සම්භවය ඇති කිසිවකු එම නගරයේ නැහැ. එහෙත් ඔහායෝ ප්‍රාන්තයේ වඩා විශාල නගර වල හා යාබද ප්‍රාන්ත වල තැනින් තැන ශ්‍රී ලාංකිකයින් යම් ප්‍රමාණයක් විසිරී සිටිනවා. 


ඔහායෝ ප්‍රාන්තයේ පිහිටි ඓතිහාසික මෙතෝදිස්ත පල්ලියක් එහි වත්මන් හිමිකරු විසින් සඟසතු කර පූජා කිරීමෙන් පසුව මේ වන විට එය බෞද්ධ පන්සලක් හා භාවනා මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය වී තිබෙනවා. පන්සලේ විහාරාධිපති ධුරය දරන තලංගම දේවානන්ද හිමියන් එහි අතීත උරුමය පිළිබිඹු වන පරිදි Father John's Loving Kindness Meditation Society යනුවෙන් මෙම ස්ථානය නම් කර තිබෙන අතර එහි අතීත ගෘහ නිර්මාණ සැලසුම හා චිත්‍ර ආදිය එලෙසම නඩත්තු කරමින් ආරක්ෂා කිරීමට තීරණය කර තිබෙනවා. එමෙන්ම මෙම ස්ථානය ඕනෑම ආගමිකයෙකුට විවෘතයි. 

දේවානන්ද හිමි කැලිෆෝර්නියා හා ඉන්දියානා ප්‍රාන්ත වල පිහිටි තවත් පන්සල් දෙකක ද විහාරාධිපති ධුරය දරනවා. සම්ප්‍රදායික ක්‍රිස්තියානි පල්ලියක් පන්සලක් වීම අපූරු අත්දැකීමක්. 

ඇමරිකාවේ ඕනෑ විදිහට පන්සල් හදන්න බැහැ. ඒ වගේම ඕනෑ විදිහට වෙනත් ආගමික ස්ථාන, ව්‍යාපාරික ස්ථාන හෝ නිවාස හදන්නත් බැහැ. ගෙදරක් කුලියට දීමේ නිදහස තබා ගෙදරක ඉදිරිපස හා පසුපස වැවිය හැකි ගස් ගණන තීරණය කිරීමේ නිදහස පවා ඇතැම් විට නිවාස හිමියාට නැහැ. ඒ වගේ දේවල් තීරණය වන්නේ කිසියම් ප්‍රදේශයක බහුතරයකගේ කැමැත්ත මතයි. එහෙත්, ඇමරිකාවේ බෞද්ධයින් ඇත්තේම නැති නගරයක වුවත් පල්ලියක් පන්සලක් කරන්න බැරි කමක් නැහැ.

ඡායාරූපය දේවානන්ද හිමිගේ වත්පොත් පිටුවෙන්. ( ඉකොනොමැට්ටා)

බිව්ව නේද කොරෝන පැණිය

පහත නිර්මාණය සමාජ මාධ්‍යය වලින් උපුටා ගන්නා ලදී. නිර්මාණ කරුවා ගැන නොදන්නා එනමුත් මෙහි ඇති හාස්‍යය සහ අර්ථය පදනම් කරගෙන ප්‍රසිද්ධ කිරීමට තීරණය කළෙමු. 


බිව්ව නේද කොරෝන පැණිය

බිව්ව නේද ධම්මික පැණිය

අනේ මගේ එමලි පනේ

කියන්නකෝ ඇත්ත අනේ

බිව්ව නේද ධම්මික පැණිය.


ලොක් ඩවුන් එක ඕපන් කල දවසේ එමලි ගියා කෑගල්ලට විගසේ

කැහැ කැහැ සිටි එමලී පැණි බීලා ගෙට ආපී

දෙයියො තමයි දන්නෙ රෙසපිය..

දෙයියොතමයි දන්නෙ රෙසපිය

දෙයියො තමයි දන්නෙ රෙසපිය

අනේ මගේ එමලි පනේ කියන්නකෝ ඇත්ත අනේ බිව්ව නේද කොරෝන පැණිය..


කෑගල්ලට කොරෝනාව බෝ උනා

සීමාවක් නැතුව ගොඩක් පැතුරුනා

සුව වෙන්නට හිතපු දනා

පැනිය නිසා මෝඩ උනා

බිව්ව නේද කොරෝන පැනිය

බිව්ව නේද ධම්මික පැනිය

තාප්ප අල්ලාගෙන

කුලුනු වලට පිට දීගෙන

බිව්ව නේද කොරෝන පැනිය.


පරන දෙයක් මතක් කරල දෙන්නද

දම්මික පැණියේ සුලමුල

සුව වෙන්නට හිතු දේවී

පැණිය නිසා මෝඩ උනී

බිව්ව නේද කොරෝන පැනිය

බිව්ව නේද ධම්මික පැනිය

අනේ මගේ එමලි පනේ

කියන්නකෝ ඇත්ත අනේ

බිව්ව නේද කොරෝන පැණිය


කොරෝනාවෙ නියම තත්වෙ දැනගෙන

හොර වෙද්දුත් අරිශ්ඨ පැනි හදනවා

කබලට හකුරු දමා වතුර දමා දිය කරලා

පැනි කිය කිය විකුණ ගන්න හදනවා


අනේ මගේ එමලි පනේ

කියන්නකෝ ඇත්ත අනේ

බිව්ව නේද කොරෝන පැනිය

බිව්ව නේද ධම්මික පැණිය

බිව්ව නේද කොරෝන පැනිය

තාප්ප අල්ලාගෙන

කුලුනු වලට පිට දීගෙන

බිව්ව නේද කොරෝන පැණිය


බිව්ව නේද කොරෝන පැණිය

බිව්ව නේද ධම්මික පැණිය

අනේ මගේ එමලි පනේ

කියන්නකෝ ඇත්ත අනේ

බිව්ව නේද ධම්මික පැණිය.


ලොක් ඩවුන් එක ඕපන් කල දවසේ එමලි ගියා කෑගල්ලට විගසේ

කැහැ කැහැ සිටි එමලී පැණි බීලා ගෙට ආපී

දෙයියො තමයි දන්නෙ රෙසපිය..

දෙයියොතමයි දන්නෙ රෙසපිය

දෙයියො තමයි දන්නෙ රෙසපිය

අනේ මගේ එමලි පනේ කියන්නකෝ ඇත්ත අනේ බිව්ව නේද කොරෝන පැණිය..


කෑගල්ලට කොරෝනාව බෝ උනා

සීමාවක් නැතුව ගොඩක් පැතුරුනා

සුව වෙන්නට හිතපු දනා

පැනිය නිසා මෝඩ උනා

බිව්ව නේද කොරෝන පැනිය

බිව්ව නේද ධම්මික පැනිය

තාප්ප අල්ලාගෙන

කුලුනු වලට පිට දීගෙන

බිව්ව නේද කොරෝන පැනිය.


පරන දෙයක් මතක් කරල දෙන්නද

දම්මික පැණියේ සුලමුල

සුව වෙන්නට හිතු දේවී

පැණිය නිසා මෝඩ උනී

බිව්ව නේද කොරෝන පැනිය

බිව්ව නේද ධම්මික පැනිය

අනේ මගේ එමලි පනේ

කියන්නකෝ ඇත්ත අනේ

බිව්ව නේද කොරෝන පැණිය


කොරෝනාවෙ නියම තත්වෙ දැනගෙන

හොර වෙද්දුත් අරිශ්ඨ පැනි හදනවා

කබලට හකුරු දමා වතුර දමා දිය කරලා

පැනි කිය කිය විකුණ ගන්න හදනවා


අනේ මගේ එමලි පනේ

කියන්නකෝ ඇත්ත අනේ

බිව්ව නේද කොරෝන පැනිය

බිව්ව නේද ධම්මික පැණිය

බිව්ව නේද කොරෝන පැනිය

තාප්ප අල්ලාගෙන

කුලුනු වලට පිට දීගෙන

බිව්ව නේද කොරෝන පැණිය

ජෝර්දානය තුල කොවිඩ්-19 වසංගතය නිසා පීඩාවට පත් ශ්‍රී ලාංකික කම්කරුවන්

නිසි සෞඛ්‍යාරක්ෂන ක්‍රමවේදයන් නොමැතිව කම්හල් යලි විවෘත කිරීම හේතුවෙන්, සැප්තැම්බර් අග සිට ජෝර්දානය තුල කොවිඩ්-19 වසංගත ව්‍යාප්තියේ සීඝ්‍ර වැඩි වීමක් දක්නට ලැබේ. පසුගිය ජූලි 31 වන විට 1193 ක් ව පැවති එරට ආසාදිතයින් සංඛ්‍යාව, ඔක්තෝබර් 10 වන විට 20,898 දක්වා ඉහල නැගුනි. එම කාල පරාසය තුල සමස්ත මරන සංඛ්‍යාව 11 සිට 181ක් දක්වා වැඩිවිය. මේ අතර ශ්‍රී ලාංකික කම්කරුවෝද වෙති.



අල් - දුලෙල් ප්‍රදේශයේ පිහිටි, ශ්‍රී ලංකාවේ මැලිබන් සමූහ ව්‍යාපාරයට අයත් ඇඟලුම් කම්හලක රැකියාවේ නියුතුව සිටි තරුන කම්කරුවෙකු කොරෝනා රෝගයෙන් මියගිය බව ඔක්තෝබර් 03 දා සිරස නිවුස් ෆස්ට් වාර්තා කලේය. එම කම්හලේ සේවයේ නියුතු කම්කරුවන් 1200 න් 400 ක් පමන ශ්‍රී ලාංකිකයෝ වෙති. එම 400 න් 300 ක්ම කොරෝනා රෝගයෙන් ආසාදිත වූ බව වාර්තා වෙයි.  

එම ආයතනයේ 100 ක පමන  සේවක පිරිසක් මේ සිදුවීම ගැන තම අදහස් ප්‍රකාශ කරන ආකාරය අන්තර් ජාලයෙන් නැරඹිය හැක. ඔවුන්ගෙන් කෙනෙකු මෙසේ පවසයි. "මේ ඉන්නේ එක රෝ එකක (පේලියක) කොටසක් විතරයි. අපිට එලියට යන්න බෑ. කන්න බොන්න නෑ. මෙතන ඉන්න අය කොවිඩ් නෙගටිව් (ආසාදිත නොවන) හෝ පොසිටිව් (ආසාදිත) කියලා වෙන් කරලා නෑ. ඔක්කොම එක ගොඩේ ඉන්නේ. අපි හැදිච්ච (ආසාදිත) කට්ටිය, අනෙක් අයගේ කාමර වලට දානවා. එතකොට ඒ අයටත් හැදෙනවා."

සමහර කම්කරුවන් ආසාදනයෙන් වැලකීමට කාමරවල දොරවල් වසාගෙන සිටින බවත්, තවත් සමහරු පලාගොස් ඇති බවත් කම්කරුවෝ පවසති. "මේ වීඩියෝ එක ෂෙයා වෙලා ගිහින් ජනාධිපති තුමා හරි දැකලා අපිව ලංකාවට ගෙන්නගන්න ඕනෑ. නිසි පිලිතුරක් නැතිව අපි අසරන වෙලා ඉන්නේ." යැයි කම්කරුවෙක් පවසයි.

ජෝර්දානයේ අල්-දුලෙල් හි පිහිටි ඇඟලුම් කම්හලක කම්කරුවෝ තමන් මුහුන දෙන රුදුරු කොන්දේසි විස්තර කලහ. ආන්ඩුව සහ සමාගම් පාලකයින් ගෙනයන චරපුරුෂ සේවා හා මර්දනකාරී පිලිවෙත් ද, අල් -කරාක් චැටල් මෙගා ගාමන්ට් හි කම්කරුවන්ට එල්ල කල පොලිස් ප්‍රහාරය පිලිබඳ අත්දැකීම් ද ලබා සිටින ඔවුහු, තම කම්හලේ නම සඳහන් නොකරන්නැයි ඉල්ලා සිටියහ.

ඉන් එක් කම්කරුවෙක් මෙසේ පැවසීය, "වැඩපලේ තුන් දෙනෙකුට  කොරෝනා වැලඳුනා. ඒත් කම්හලේ වැඩ නතරකලේ නෑ. පීසීආර් කරලා පොසිටිව් බව දැනගන්න තුරුම දිගටම වැඩ කලා. සති දෙකක සිට එම්බසි (තානාපති කාර්යාල) වලට කතා කලා. සත පහකට ගනන් ගත්තේ නෑ. ෆැක්ටරි මැනේජර් ඇතුලු නිලධාරීන්ට දැනුම් දුන්නා. ෆැක්ටරි මැනේජර් කිසිදු වගකීමක් නැතිව ෆැක්ටරියෙන් පැනලා ගියා. අපිට වැඩ කරන්න බැරි මට්ටමට වැටුනයින් පස්සේ වැඩ නොකර කාමර වල නැවතුනා." 

"පාලකයො කාමර වලට ඇවිල්ලා වැඩ කලේ නැතිනම් කෑම නොදෙන බවට තර්ජනය කලා. එහෙම තර්ජනය කරලා වැඩට අරන් ගියා. එහෙම යද්දී වැඩි කොටසකට කොරෝනා වැලඳුනා. මුලු ඔක්කොටම ඔවුන් කොරෝනා බෝ කලා. අවසානයේ අපට කර කියාගන්න දෙයක් නෑ. අපේ එක්කෙනෙක් නැති උනා."

පසුගිය පෙබරවාරි අග, හිටි අඩියේම, ආර්ථිකය වසා දමා ඇති අතර, මාස එකහමාරක් පමන මුලු කාලය පුරාම කම්කරුවන්ට ගෙවා ඇත්තේ අර්ධ මාසික වැටුපකි. වසංගතයේ ව්‍යාප්තිය ඇරඹි මුල් කාලයේ උදේ හවස උන පරීක්ෂාව සිදු කලද දැන් එය උදේට පමනක් සීමා කර තිබේ.  ආරම්භයේදී මෙම ආයතනය විසින්, සේවකයින්ට මුඛ ආවරන බෙදා දී ඇති නමුත් ඒවා  ප්‍රමිතියකින් තොරවූ බව කම්කරුවෝ පවසති. පසුව මුඛ ආවරන 50 ක් අඩංගු පැකට්ටුව බැගින් කම්කරුවන් අතර බෙදා දී ඒ වෙනුවෙන් එක් අයෙකුගෙන් රු 1000 බැගින් වැටුපෙන් අයකර ගෙන තිබේ.

අගුලු දැමූ මුලු කාලය පුරාම සේවා ස්ථානයෙන් පිට වීම දැඩිලෙස සීමා කර තිබේ. අවශ්‍ය දෑ මිලදීගැනීම සඳහා ආයතනයට සමීප වෙලඳසැලට වරකට 10 දෙනා බැගින් යාමට ඉඩ සලසාදී ඇත. "මේ කාලය මහත් පීඩාකාරී වුනා. ස්ත්‍රී කම්කරුවන්ගේ සනීපාරක්ෂාවට අත්‍යවශ්‍ය දේ පවා නොමැතිව ඔවුන් විශාල ගැටලු වලට මුහුන දුන්නා"යැයි කම්කරුවෙක් පැවසීය.

අවසර පත්‍රයක් අතැතිව පවා මහමග ගමන් කල පුද්ගලයන්, මුඛ ආවරන නොපැලඳීමේ චෝදනාව මත, ජෝර්දාන් ඩිනාර් 100 ක (ලංකා රුපියල් 26,000) දඩයකට යටත් කෙරුනි. එය කම්කරුවෙකුගේ මාසික වැටුපට වඩා අඩු වන්නේ යන්තමිනි.

අගුලු දැමූ කාලය තුල, තම අවශ්‍යතා සපුරාගැනීමට මහමගට පැමිනෙන්නන්, මෘග පොලිස් ප්‍රහාරයන්ට ලක් කෙරී ඇත. විශේෂයෙන් විදේශ ශ්‍රමිකයින් බිම දමා පාගා ඉතා අමානුෂික දඬුවම් වලට ලක් කරන අවස්ථා ඔවුන් ජංගම වීඩියෝ දර්ශන මගින් දැක ඇත. එවැනි වධබන්දන තුලින් අනතුරුව, ඔවුන් පොලිස් අත්අඩංගුවට පත්වීම අනිවාර්ය වේ. මුල් වරට ඇඳිරි නීතිය කඩන්නන් ජෝර්දාන් ඩිනාර් 120 ක දඩයකට යටත් කෙරෙන අතර, දෙවෙනි හා තෙවෙනි අවස්ථා වලදී එය 200 හා 300 බවට පත් වේ. මෙම දන්ඩනයන්ගේ එල්ලය වන්නේ අරගල වලට ඇදෙන පරිපීඩිත කම්කරුවන් කල්තබා ත්‍රස්ත කිරීමයි.

වසා දැමූ ගුවන්තොටුපලවල් මෙතෙක් විවෘත කර නොමැති අතර, කිසිම හවුහරනක් නැතිව හිරවී සිටින කම්කරුවන්ට වසංගතයෙන් දිවි ගලවාගෙන සිය රටට ඒමේ සියලු බලාපොරොත්තු සුන්ව ඇත. මෙම තතු තුල, වායු සමන පහසුකම් නොමැති නවාතැන් වල සිරවී සිටින කම්කරුවන්, උෂ්න සෘතුවේ බලගතු කායික පීඩාවන්ට ලක් වේ. සිසිල් වාතය සඳහා ඔවුනට නවාතැන් වලින් එලිමහනට පැමිනීමට බල කෙරෙන අතර, එය වසංගත ආසාදනයට රුකුලක් වෙයි. 

ලෝසවෙඅ සමග කතා කල ඉර්බිඩ් නගරයේ ඇඟලුම් කම්හලක කම්කරුවන් පැවසුවේ, පසුගිය සතියේ එහි 208 දෙනෙකුට  කොරෝනා වැලඳී ඇති බැව් තහවුරු වූ බවයි. ඉන් අටක් ශ්‍රී ලාංකිකයෝ වෙති. අනෙක් 200 ක පමන පිරිස වෙනත් රටවලින් පැමිනි කම්කරුවන් ය. ශ්‍රී ලාංකිකයින් අටදෙනා ඇඟලුම් කම්හලේම කාමර දෙකක නිරෝධායනය කර ඇත. ඔවුන්ට ආයතනයෙන් ලබාදෙන්නේ පැනඩෝල් සහ කොත්තමල්ලි පමනක් බව කම්කරුවෝ පැවසූහ. අවසානයේදී කම්හල වසා දමා ඇත.

ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් මෙම ඇඟලුම් කම්හලට පැමින, කම්කරු පවුල් වල සාමාජිකයින්ට සහන සලසන බැව් ප්‍රකාශ කරමින් පුද්ගලික විස්තර ලබාගෙන ඇති නමුත්, එවැනි කිසිම සහනයක් මෙතෙක් සපයා නැත. එය, ලංකාවට යලි පැමිනීමේ අපේක්ෂාවෙන් සිටින කම්කරුවන් දිගටම එහි රඳවා තබා, ඔවුන්ගෙන් තවදුරටත් විදේශ විනිමය උපයා ගැනීමට කරන රඟපෑමක් බව කම්කරුවෝ ප්‍රකාශ කලහ.

එම කම්හලේ කම්කරු කාන්තාවක් රෝග ව්‍යාප්තිය පිලිබඳ තම අදහස් මෙසේ ප්‍රකාශ කලාය. "ජෝර්දානයේත්, අන් රටවලත්, පාලකයන් රෝගයට ප්‍රතිකාරයක් සොයාගැනීමට කිසිදු උත්සාහයක් ගන්නේ නෑ. ධනපතියන්ගෙ ලාභ තර කර ගන්න කම්කරුවන් වැඩට යැවීම රෝගය මෙතරම් වේගයෙන් පැතිරීමට හේතුවයි. මේක ස්වභාවික විපතක් බව පෙන්වන්න ඔවුන් උත්සාහ කරනවා. එවැනි විපත් වලින් කම්කරුවන්ගේ ජීවිත බේරාගැනීමට පාලකයන්ට කිසිම උවමනාවක් නෑ. ධනපති ක්‍රමයට මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට විසඳුම් ඇත්තෙත් නෑ. එසේ කිරීමට අවශ්‍යතාවයකුත් නෑ."

විරෝධතා වලින් සිදුවන්නේ ට්‍රම්ප් ශක්තිමත් වීමයි - නිලන්ත ඉලංගමුව


කළු ජාතිකයෙකු වූ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනය මුළු මහත් ලෝකයේම අවධානය ඇමරිකාව දෙසට යොමුවන්නට බලපෑ සුවිශේෂී සිද්ධියක් වී තිබෙනවා. 



මේ සමග ඇමරිකාවේ උද්ගත වී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය ලෝක දේශපාලනයට සිදුකර ඇති බලපෑම ගැන ශ්‍රී ලංකා ගාර්ඩියන් වෙබ් අඩවියේ හිටපු සංස්කාරක, දේශපාලන විශ්ලේෂක නිලන්ත ඉලංගමුව විසින් සිදුකරන සුවිශේෂී හෙළිදරව්ව.


 

අම්මා ගැන

රටේ අහිංසක මිනිස්සුන්ගේ සත පහක මුදලක් සොරකම් නොකර මෙලෙස විශ්‍රාම දිවිය ගතකිරීමෙන් මා ලබන ආත්ම තෘප්තිය එදා මාගේ මවද ලබන්නට ඇතැයි සිතේ.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග 

අසූව දශකයේ එක්තරා දිනෙක මම අක්කා සමග ඇය ජීවත් වූ රොස්මිඩ් නිවෙසට ගියෙමි . අපි යන විට ඇය සිය නිදන කාබරයට වී සිය මවගෙන් ලද රිදී ආභරණ කිහිපයක් ගෙන බලමින් සිටියාය. අප ගිය විට එම ආභරණ අපට පෙන්වමින් ඒවා අලෙවි කළ හොත් කොපමණ මුදලක් ලබා ගත හැකිදැයි විමසීය. එකෙනෙහි එම අභරණ විකුනන්නේ මන්දැයි ඇයගෙන් විමසීමි. එවිට ඇය අපට පවසා සිටියේ සිය උකුල් ඇටයේ සිදු කළයුතු සැත්කම සදහා අවශ්‍ය මුදල් සපයා ගැනීම වෙනුවෙන් එම ආභරණ විකුණා දැමිය යුතු බවයි.

 අපට එලෙස පවසා සිටියේ දොලොස් වසක් මෙරට අගමැතිවරිය ලෙස කටයුතු කළ  කාන්තාවකි. මට විශාල කනගාටුවක් ඇතිවිය. ඒත් සමග මාගේ මව පිළිබද මහත් ආඩම්බරයක් ද ඇතිවිය. තමාට සහ තම දරු තිදෙනාගේ උරුමයක් වූ අක්කර 3000ක් රජයට පවරා දුන් නායිකාවකට අද සිය සැත්කමක් සදහා අවශ්‍ය මුදල් සපයා ගැනීමට සිය උරුමයෙන් ලද ආභරණ විකිණීමට සිදුව තිබේ. අවංක රාජ්‍ය පාලනයක අදර්ශය ඇය ලබා දුන්නේ එලෙසිනි.

බණ්ඩාරනායක මැතිණිය 
දියණියක ලෙස ඔබ එදා කෙතරම් තෘප්තියකින් එම ආභරණ විකුනන්නට ඇත්දැයි මට හැඟෙන්නේ වසර එකොළහක් මෙරට ජනාධිපතිනිය ලෙස කටයුතු කර විශ්‍රාම යෑමෙන් අනතුරුව පවුලෙන් ලද ඉඩ කඩම් විකුණා අදාල වියදම් කළමනාකරණය කරගත්තද මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ සත පහක මුදලක් සොරකම් නොකර මෙලෙස විශ්‍රාම දිවිය ගතකිරීමෙන් මා ලබන ආත්ම තෘප්තිය එදා මාගේ මවද ලබන්නට ඇතැයි සිතේ.

පාලකයන් වගේම ජනතාවත් පටු ආකල්පවලින් මිදිය යුතුයි

මෙය අප සැමගේ අතීත ක්‍රියාකාරකම් පිළිබදව නැවත වාරයක් සිතා කටයුතු කිරීමට ස්වභාවධර්මය විසින් ලබාදුන් අවස්ථාවක්. ආත්මාර්ථකාමීත්වය පසෙකලා අවංක පොදු හැඟීමෙන් යුක්තව ජනතාවත් රටත් මේ මොහොතේ ආරක්ෂා කරගත නොහැකි වුවහොත් එකී ස්වභාවධර්මයම අපට නැවත අවස්ථාවක් ලබා නොදෙන්න පුළුවන්. 

චිත්‍රාරත්න කළුආරච්චි 

ගොවීන්ගේ ජීවන තත්වය ඉහළ දැමීම මගින් ඔවුන්ගේ ඵලදායීතාවය වර්ධනය කළ යුතුයි. මන්ද තවමත් අපේ රටේ ගොවීන්ගෙන් අතිබහුතරයක් ජීවත් වන්නේ ඉතා පහළ ජීවන මටිටමකයි. අතරමැදියන් විශාල වශයෙන් ගොවීන් සූරාකනු ලබනවා. ගොවීන් සදහා ලබා දෙන විවිධ සහන ක්‍රමවේද දේශපාලන අරමුණුවලින් තොරව මීට වඩා ක්‍රමවත් කළ යුතුයි.



රටතුළ ස්වයං නිෂ්පාදන ක්‍රියාවලියක් අවශ්‍ය බව පෙනී යනවා....

කොරෝනා වසංගතයක් සමග සමස්ත මිනිස් වර්ගයාටම තම ක්‍රියාකාරකම්, සිතුම් පැතුම්, ඇවතුම් පිළිවෙත් හා සිය ජීවන චර්යාවන් පිළිබදව නැවත සිතා බැලීමට බලගතු පෙළඹවීමක් කර තිබෙනවා. ගෝලීය වශයෙන් සෑම ජන සමාජයක්ම ක්ෂණිකව අක්‍රිය කරවීමට සමත් වූ මෙම තත්වය සමස්ත ලෝක වැසියන්ගේම සමාජ,සංස්කෘතික, දේශපාලන හා ආර්ථික චර්යාවන්ට මෙන්ම සමස්ත ජීවන පැවැත්මටම එල්ලවී ඇති තර්ජනය අතිමහත්.

ගෝලීය ආර්ථිකය අඩපණ වීම ලොව සෑම රටකම ආර්ථිකයන් කෙරෙහි අයහපත් බලපෑම් එල්ලවී තිබෙනවා. විශේෂයෙන් තුන්වන ලෝකයේ රටක් ලෙස ශ්‍රී ලංකා ආර්ථිකයට ද මෙම බලපෑමෙන් ගැලවිය නොහැකියි. ආනයන අපනයන ආර්ථිකය කෙරෙහි ඉතා දැඩි නැඹුරුතාවයක් යොමු කර ඇති ශ්‍රී ලංකා ආර්ථිකයට ගෝලීය ආර්ථික අවපාතයන් ඉතා තදින් බලපානවා. මෙම තත්වය හමුවේ සැලකියයුතු රැකවරණයක් දේශීය ආර්ථිකයට ලබා ගැනීමට නම් රට තුළ සිදු වන ස්වයං නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් හා විද්‍යානුකූල ලෙස පවත්වා ගැනීම ඉතා අවශ්‍යයි. මේ සදහා නව තාක්ෂණය සමග දේශීය අගයන් එකතු කර නව ස්වයං නිෂ්පාදන ක්‍රියාවලියක් කරා යොමු විය යුතු අතර රජය විසින් පටු අරමුණුවලින් තොරව අවංකව ඒ සදහා අවශ්‍ය සැලසුම් සැකසිය යුතුයි. ඒ සදහා අවශ්‍ය පහසුකම් සපයා දිය යුතුයි. ශ්‍රී ලංකාව කියන්නේ භෞතික හා මානව සම්පත්වලින් අනූන වූ රටක්. අවශ්‍ය වන්නේ ශක්තිමත් සැලසුම් හා නිසි ලෙස ක්‍රියාවෙහි යොමු වීම සදහා අවශ්‍ය අවංක නායකත්වයක් හා පාලන ක්‍රමවේදයක්.

ජනතාව ආරක්ෂා කරමින් රට ඉදිරියට ගෙන යන්න නම් ඔබගේ යෝජනා මොනවාද ?

මෙය අප සැමගේ අතීත ක්‍රියාකාරකම් පිළිබදව නැවත වාරයක් සිතා කටයුතු කිරීමට ස්වභාවධර්මය විසින් ලබාදුන් අවස්ථාවක්. ආත්මාර්ථකාමීත්වය පසෙකලා අවංක පොදු හැඟීමෙන් යුක්තව ජනතාවත් රටත් මේ මොහොතේ ආරක්ෂා කරගත නොහැකි වුවහොත් එකී ස්වභාවධර්මයම අපට නැවත අවස්ථාවක් ලබා නොදෙන්න පුළුවන්. සියඵ දේශපාලනඥයන් තමතමන්ගේ පෞද්ගලික අභිමතාර්ථ අනුව කටයුතු කිරීම නවතා අවංකව තම හදවත්වලට එකඟව රට දැය ජනතාව පිළිබදව සිතා කටයුතු කරන නව දේශපාලන සංස්කෘතියකට මූලාරමිභය සැලසිය යුතුය. මහ මැතිවරණයෙන් කුමන දේශපාලන පක්ෂය ආණ්ඩු පිහිටුවූවත් අඩුම වශයෙන් රට යම් ඉහල ආර්ථික සමාජ මට්ටමකට ළගා වන තෙක් වත් සියඵ දෙනා එක් අදහස් ඇතිව රාජ්‍ය නායකයා සමග එකතු වී සහයෝගයෙන් කටයුතු කළ යුතුයි.

මේ මොහොතේ රජය විසින් දරන වියදම් හැකි තරම් අවම කර ගනිමින් ඒවා ජනතාව යළි නගාසිටුවීම සදහා යෙදවිය යුතු අතර රටතුළ පවතින නිෂ්පාදන අවස්ථා තවතවත් පුඵල් කර අපනයන වර්ධනය කරගැනීමේ ක්‍රියාවලියකට වහ වහා යොමු විය යුතුයි. විශේෂයෙන් පාලකයන් මෙන්ම ජනතාව ද මේ අවස්ථාවේ තමා තුළ චින්තන විප්ලවයක් ඇතිකරගෙන නව ආකල්ප අනුව කටයුතු කළ යුතුයි. පටු ආකල්පවලින් අත්මිදිය යුතුයි.

ලංකාවේ පාසල් ඉක්මනට විවෘත කළ යුතුයැයි ඔබ හිතනවාද?

කොරෝනා වසංගතයත් සමග උද්ගත වූ මෙම තත්වය නිසා පාසල් අධ්‍යාපනයට සිදු වූ පාඩුව සුඵකොට තැකිය නොහැකියි. ක්‍රමවත් අධ්‍යාපනික ධාරාවට සැලකියයුතු පහරක් මෙයින් එල්ල වුණා. නමුත් රටෙහි සමස්ත අධ්‍යාපනය කඩාකප්පල් වීමට මෙය හේතුවක් නොවනවාසේම සමස්ත පාසල් දරු ප්‍රජාව මෙම වසන්ගතයෙන් ආරක්ෂා කර ගැනීම සැමගේ වගකීමයි. එම නිසා මේ මොහොතේ දී හදිසියේ පැසල් විවෘත කිරීම පිළිබදව වරක් දෙවරක් නොව තෙවරක් සිතිය යුතුයි. ඒ සදහා ප්‍රායෝගික වැඩපිළිවෙළක් සැකසිය යුතු අතර මේ වන විට බොහෝ පාසල්වල සිදු කරනු ලබන ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමවේදය තවම අපේ රටට නොගැළපෙන බවනම් කිවයුතුමයි.

රට පුරාම මේ වන විට නිවාස මුල් කර ගෙන ගෙවතු වගා වැඩසටහන ක්‍රියාත්මක වනවා එහි දකින අඩුපඩු සහ ගෙවත්තේ වටිනාකම සදහන් කළොත් ?

ස්වයං නිෂ්පාදන ක්‍රියාවලියකට යාමේදී තම අවශ්‍යතා තමා විසින්ම ඉටු කර ගැනීමට පෙළඹීම ඉතා හොද යොමුවීමක්. තමන්ගේ ගෙවත්ත තුළ තමාට අවශ්‍ය මූලික ආහාර ද්‍රව්‍ය වගා කර ගැනීම තුළින් පවුලේ ආර්ථිකයට විශාල ශක්තියක් ලැබෙනවා. එසේම එය ආර්ථිකමය වශයෙන්ද වාසිදායකයි. නැවුම් ආහාර තමගෙවත්තෙන් ලැබීමෙන් ජනතාවගේ සෞඛ්‍ය සම්පන්නභාවය ආරක්ෂා වෙනවා.

රට පුරාම ගොවි ජනතාව මේ වන විට වගා කටයුතු ආරමභ කර රටේ ආර්ථිකය ජය ගැනීමට මහත් වෙහෙසක් දරනවා. ඒ සේවාව දකින අයුරු හා දැනට ගොවීනට බලපා ඇති බාධක මොනවාද?

කුමන රජයක් පාලනයක් පැවතියත් ගොවි ජනතාව හා කෘෂිකර්මාන්තය රැකගැනීමටත් එහි අභිවෘද්ධියටත් මූලිකත්වයක් ලබාදී කටයුතු කළ යුතුයි. අතීතයේදීත් වර්තමානයේදීත් රජයන් විසින් ඒ වෙනුවෙන් බොහෝ දේ සිදුකළා. නමුත් ඒවා කොතරම් දුරට ප්‍රමාණවත්ද යන්න යළි සිතා බැලිය යුතුයි. ගොවීන්ගේ ජීවන තත්වය ඉහළ දැමීම මගින් ඔවුන්ගේ ඵලදායීතාවය වර්ධනය කළ යුතුයි. මන්ද තවමත් අපේ රටේ ගොවීන්ගෙන් අතිබහුතරයක් ජීවත් වන්නේ ඉතා පහළ ජීවන මටිටමකයි. අතරමැදියන් විශාල වශයෙන් ගොවීන් සූරාකනු ලබනවා. ගොවීන් සදහා ලබා දෙන විවිධ සහන ක්‍රමවේද දේශපාලන අරමුණුවලින් තොරව මීට වඩා ක්‍රමවත් කළ යුතුයි. ගොවියාට වටිනාකමක් ලබාදිය යුතුයි. දිවංගත ගාමිණී දිසානායක මැතිතුමාගේ කාලයේ මහවැලි ව්‍යාපාරයේදී ඇති කළාමෙන් ගොවියාට නිසි ඇගයීමක් නමිබුවක් ලබාදිය යුතුයි.

මේ අවස්ථාවේදී ජනතාව කියනවා හැකි ඉක්මනින් ලංකාවේ වැවි ටික ප්‍රතිසංස්කරණය කළ යුතු බව ඒ සදහා ලබා දෙන යෝජනා මොනවාද?

කෘෂිකර්මාන්තයේ සංවර්ධනයයක් අපේක්ෂා කරනවානමේ අනිවාර්යයෙන්ම වැව් ප්‍රතිසංස්කරණය කළ යුතුයි. එහි විවාදයක් නැහැ. කෘෂි ආර්ථිකයේ කොදු නාරටිය වාරි කර්මාන්තයයි. වැව් ඇළමාර්ග ක්‍රමවත් ලෙස ප්‍රතිසංස්කරණය කිරීම සදහා විද්‍යාත්මක කඩිනම් වැඩ පිළිවෙලකින් තොරව කෘෂිකර්මාන්තයේ දියුණුවක් අපේක්ෂා කිරීම සිහිනයක් පමණයි.

රජය යම් අයවැයක් ඉදිරිපත් කර මුදල් වෙන් කිරීමේදී වසර මැදදී තමයි සංවර්ධන කටයුතුවලට මුදල් ලැබෙන්නේ ඒ නිසා රටතුළ සංවර්ධන කටයුතු අඩාල වන බව ජනතාව පවසනවා. මේ සදහා කළ යුතු දේ කුමක්ද?

තවමත් අපේ රටේ නිසි විද්‍යාත්මක වූ සංවර්ධන සැලසුම් සැකසීමක්, ක්‍රියාත්මක වීමක් හා මෙහෙයවීමක් සිදුවන්නේ නැහැ. දේශපාලනික අරමුණු හා රාජ්‍ය නිලධාරීවාදය මූලික වනවා මිසක් සැබෑ සංවර්ධන අරමුණු දැකීම හරිම අඩුයි. උදාහරණයක් ලෙස ක්‍රමසම්පාදන විෂය සදහා ලංකාවේ ව්‍යවස්ථාපිත සේවාවක් පිහිටුවා ඇතත් එම කටයුත්තට ඔවුන් නිසි ලෙස යොදවා ගන්නේ ද නැතිනම් වෙනත් අය සංවර්ධන සැලසුම් හදනවාද යන්න සිතාගත නොහැකියි. දේශපානලඥයින් මෙතෙක් හදුනා නොගත් මෙවැනි සැඟවුණු තත්වයන් නිසි ලෙස හදුනාගෙන නිවැරදි කළ යුතුයි. දීර්ගකාලීන දැක්මක් සහිත විද්‍යාත්මක සංවර්ධන සැලසුම් ක්‍රමවේදයක් අපේ රටතුළ ඇති කළ යුතුයි.

සාමාන්‍යයෙන් වසරක කාලයක් සදහා සකසන සංවර්ධන වැඩසටහනකට එම වසර මුලදී මුදල් ලබාදිය යුතුයි. නමුත් අපේ බොහෝ වැඩසටහන්වලට මුදල් ලබාදීම පමණක් නොව අනුමැතිය හා ප්‍රතිපාදන ලැබෙන්නේද බොහෝ කල්ගතවීයි. මේ නිසා සංවර්ධන වැඩසටහන් බෙහෝමයක් අසාර්ථක වෙනවා. ජනතා මුදල් අපතේ යාමක් සිදුවනවා. එක් එක් සංවර්ධන ව්‍යාපෘති සදහා ගතවන කාලය නිවැරදිව තක්සේරු කර මුදල් ලබාදීම සිදු කළ යුතුයි. මේ තත්වය නිවැරදිව තේරුම් ගෙන නිසි පිළියම් ඉදිරි සංවර්ධන වැඩසටහන්වලදීවත් ක්‍රියාත්මක නොකළහොත් එය රටේ අවාසනාවක්.

ජාතිය වඳවීම හා පිං බිමේ අනාගත ජලභීතිකාව

නන්දන වීරරත්න 

ජාතිය වඳවීම, අනාගතයේ සිදුවිය හැකි මුස්ලිම් ආක්‍රමනයකට මුහුණ දීම බඳු කාරණා ගැන බියෙන් මා අයිති සිංහල ජාතිය බියෙන් සිටින්නේය. ඇසුඇසු තැන බැලුබැලු තැන ඇසෙන්නේ දකින්නේ එබඳු බියක අඳුරය. අපේ කල්පනාව දේවල් දේශපාලන න්‍යාය පත්‍රවලින් එලියට එන යෝජනා මිස ලංකාවේ ජන ජීවිතය මුහුණ දෙන නිශ්චිත ගැටළුව නොවන බවයි.

මේ කරුණු සටහන් කරන්නේ පසුගිය මාස හයක කාලයක් වෛද්‍ය විද්‍යාඥයෙකු වන අචාර්ය කමල් ගම්මම්පිල සමඟ ලංකාව පුරා වකුගඩු රෝග වසංගතය අදාලව කෙරුණු සෙවීමට යෙදුනු ගමන් වලින් ලැබුණු අවබෝධය නිසාය. ලංකාවේ ජනයා පංති හෝ වාර්ගික බෙදීම් වලින් තොරව මුහුණ දෙන බලවත්ම තර්ජනය එන්නේ ජලය අපවිත්‍ර වීමය. ලංකාවේ කඳුකරයෙන් ගලන ගංගා සියල්ලේම ජලයට බැර ලෝහ මිශ්‍ර වන්නේය. මේවා සෙසු රසායනික ද්‍රව්‍ය මුසු වීමට අමතරවය.


 
අචාර්ය ගම්මම්පිලට අනුව මේ බැරලෝහ පානීය ජලයෙන් ඉවත් කිරීමට ජල සම්පාදන මන්ඩලයේ ජල පවිත්‍රාගාරවලට නොහැකිය. මෙහි දිගු කාලීන බලපෑම වකුගඩු විනාශවීම, පිලිකා, අධික රුධිර පීඩනය දිය වැඩියාව බඳු රෝග වසංගත තවයට පත්වීමය.

අපි තවමත් නොදන්නා හේතුන් මත 13 වෙනි සියවස වෙද්දී රජරට රාජධානි අත්හැර දැමූ ජාතියක් වෙමු. ජනප්‍රිය ඉතිහාසය රජරට රාජධානි අත්හැර දැමීමේ හේතුව දකුණු ඉංදියානු ආක්‍රමන බව කීවත් කිසිම ඉතිහාසකරයෙක් එම මතයේ නැත. මන්ද ආක්‍රමන නිසා මිනිසුන් රාජධානි අත්හැර දැමීම් නොකරන නිසාය. කාර්මික විප්ලවයට පෙර රසායනික පොහොර හා විනාශකාරි වල්නාශක හා කෘෂි නාශක සොයා ගැනීමට බොහෝ කලකට පෙර අපි රජරට අත්හැර දැමුවෙමු. නමුත් අපි මේ මොහොතේ සිටින්නේ ඉතා අනතුරු දායක රසායනික ද්‍රව්‍ය පිරුණු එවා අපේ අහාරයට එකතුවෙන යුගයකය. 

මේ නිසා මේ යුගයේ දැනුවත් මිනිසුන්ගේ වගකීම කතා සාප්පු වීම හෝ සමාජ ජාලා හරහා කටින් බතල කොල සිටුවීම නොව ලංකාවේ ගංඟා, කලපු හා වැව් ආරක්ශා කිරීමට ස්වේඡාවෙන් සංවිධානය වීමය. ඒ හැර සිදු වෙන සැම දෙයක් ම අනාගත මානව පැවැත්මට උපකාර කරන්නේ නැත. මෙයට ක්‍රියාකාරී විප්ලවවාදීන් මෙන්ම හාන්සිපුටු විප්ලවවාදීන්ද විරුද්ධවී මෙසේ කියනු ඇත.

 'ජලයද මිනිස්සුද ආරක්ශා වනු ඇත්තේ විප්ලවයෙන් පසුවය පලමුව විප්ලවය කර දෙවනුව ජලය ආර්ක්ෂා කරමු' එය පොහොට්ටුවන් හෝ කොල අලින්ගේ අපේ ආන්ඩු කතා වලට පමනක් දෙවැනි කෙප්පයන්ය. 

තවත් වසර තිහකින් මේ රටේ ජීවත්වීමට සිතන මනුශ්‍යයන්ට ජලය ආනයනය කිරීමට සිතුවීම නතර කල නොහැකිය ඒ වනවිට මේ රටේ දිළින්දන් හා මැද පංතියෙන් පහල ජනයා ලෙඩ රෝගවලින් අකාලේ මිය ගොස් අවසානය. මේ ටික ලීවේ පසුගිය මාස තුනක් පුරා ලංකාවේ වැව් වලට අදාල නිර්මානයකට දායක වීමට සිදුවීමෙන් ලැබුනු අත් දැකීම් ද මුල් කරගෙනය

ජගත් කාන්තා දිනය සැමරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පරම අයිතියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා සංවිධානය මගින් පවත්වනු ලබන ජගත් කාන්තා දින සැමරුම් උළෙලට මාගේ සුබ පැතුම් පිරිනමන්නේ හදපිරි සතුටිනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් අප මාතෘ භූමියේ පමණක් නොව සමස්ත ලෝකයේ  ම මව්වරුන් සහ දියණියන් උදෙසා ඉටු කර ඇති කර්තව්‍යයන් සිහිපත් වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරිය ලෙසත්, පක්ෂයේ හිටපු සභාපතිනිය ලෙසත් සිතට දැනෙන්නේ මහත් අභිමානයකි.



            දෙවන ලෝක යුද්ධයෙන් පසු බිහි වූ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1946 වසරේ දී පිහිටුවන ලද "එක්සත් ජාතීන්ගේ කොමිසම"මගින් පළමු වරට කාන්තා අයිතිවාසිකම් සහ ඒ වෙනුවෙන්  සිදු කෙරෙන අරගල ජගත් පිළිගැනීමට ලක් විය. අනතුරුව 1953 දී ඔවුන් විසින් යෝජනා කළ " කාන්තාවන්ට දේශපාලන අයිතිය ලබා දීම පිළිබඳ ජගත් සම්මුතිය" කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ලෝකය තැබූ තවත් වැදගත් පියවරක් විය. එමෙන් ම 1967 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගනු ලබූ " කාන්තාවන්ට වෙනස් ආකාරයට සැලකීම නැතිකර දැමීමේ ප්‍රකාශය" මෙහි තවත් සාර්ථක දිගුවක් විය.

            ජගත් සංවිධානය ප්‍රමුඛ ජාත්‍යන්තරය කාන්තාවන්ගේ අයිතිවාසිකම් සහ හැකියාවන් පිළිබඳ මෙලෙස සාකච්ඡා, සම්මුති ක්‍රියාත්මක කරද්දී අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1960 ජූලි මස 21 වන දින ලෝකයේ ප්‍රථම අගමැතිවරිය අප මාතෘ භූමියට දායාද කරමින් ලෝක ඉතිහාසය රනින් බැබලවීය. වර්තමානයේ අප අත් දකින්නාක් මෙන් ම එදා ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිනියට මුහුණ දෙන්නට සිදු වූ අභියෝග ඉතා බරපතල විය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය අග්‍රාමාත්‍ය පදවියේ දිව්රුම් දීමෙන් පසු ඒ පිළිබඳ විශේෂයෙන් සඳහන් කරමින් ලෝකයේ බොහෝ රටවල පුවත්පත් කතුවැකි ලියා තිබුණි. ඒ අතුරින් එවකට ඉන්දියාවේ ජනප්‍රියම පුවත්පතක් වූ "මැඩ්ඩ්‍රාස් මේල්" පුවත්ප‍තේ ලියූ කතුවැකියෙහි තිබූ සටහනක් වැදගත් වෙතැයි සිතමි.

"ප්‍රතිවාදීන් විසින් ජාතිවාදී හා ආගම්වාදී හැඟීම් ඇවිස්සීමට එරෙහිව ලාංකික ඡන්ද දායකයන් විසින් තීරණාත්මක ලෙස එම ක්‍රියාවන් පරාජය කිරීම ගැනත් ඉන්දියාව පමණක් නොව සමස්ත ලෝකයේ ම විශ්වාසය දිනා ගත හැකි අවංක, එඩිතර, මානවවාදී නායකත්වයක් පත්කර ගැනීම පිළිබඳ වත් ඉන්දියාව සමස්ත ලාංකික ජනතාවට ස්තුති කළ යුතු ය" යනුවෙනි. එපමණක් නොව එංගලන්තයේ "ලන්ඩන් ස්ටාර්" පුවත්පත් කතුවරයා සිය කතුවැකියෙහි මාතෘකාව ලෙස යොදා ගෙන තිබුණේ "ලොව පුරා කාන්තාවනි නැගිටිව්, ලංකාවේ බණ්ඩාරනායක මහත්මිය තනි කරන්නට ඉඩ නොදෙව්" යනුවෙනි.                       

මෙලෙස ලෝකයේ ප්‍රථම අගමැතිවරිය බිහිකළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1976 දී ලෝකයේ රටවල් 84ක සහභාගීත්වයෙන් කොළඹ දී පැවැත් වූ නොබඳි ජාතීන්ගේ පස්වන මහ සමුළුවේ දී එහි ප්‍රථම සභාපතිනිය බිහි කිරීමේ ගෞරවය ද දිනා ගනු ලැබීය. ඉනුත් නොනැවතී දශකයකට වැඩි කලක් රට තුළ දරුණු වාර්ගික යුද්ධයක් පවතිද්දී වුව ද 1994 වසරේ දී දිවයිනේ සමස්ත මැතිවරණ කොට්ඨාශ අතුරින් එකක් හැර අන් සියල්ල ජයග්‍රහණය කරමින් ප්‍රතිවාදී අපේක්ෂකයාට වඩා වැඩි ඡන්ද ලක්ෂ විස්සක් ලබා දෙමින් ලෝකයේ ප්‍රථම විධායක ජනාධිපතිවරිය පත්කිරීමේ ගෞරවය ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිමිකරගත්තේ ය.

මේ අනුව ගත් කළ අන් කිසිදු දේශපාලන පක්ෂයකට හෝ සංවිධානයකට වඩා ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමේ අයිතියක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ජයග්‍රහණවලට ශක්තියක් වෙමින් සාර්ථක ඉදිරි ගමනක්  වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා සංවිධානයට ඉත සිතින් සුබ පතමි.
මෙයට,

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ හතරවන විධායක ජනාධිපති සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුශාසක 

මොණරවිල කැප්පෙටිපොලත් ඩීල් කාරයෙක්

තමන්ට සිරගත කර සිටින කැප්පෙටිපොළ, අවස්ථා කිහිපයකදීම හමුවුණු බව වෛද්‍ය හෙන්රි මාර්ෂල් කියනවා. ඒ අවස්ථාවලදී තමන් වැරැදි දෙකක් කළ බව කැප්පෙටිපොළ මාර්ෂල්ට කියනවා.
ක්‍රිසන්ති විතාරණ

මාධ්‍යවේදී මලික් චමින්ද විසින් රචිත ,‘18 පරපුර 1818 වෙල්ලස්ස නිදහස් සටනේ වර්තමානය සොයා ගිය ගමන’, ඌවේ ඉතිහාසය පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කරමින් රචනා වූ ගමන් විත්ති කෘතියකි. මේ එම කෘතිය පිළිබඳ ලේඛකයා සමඟ කළ කතාබහකි.



 ‘18 පරපුර, ඉතිහාසය පිළිබඳ වෙනස් ලියැවීමක්. මොකක්ද මේ වෙනස?

ඔබ කියන විදියට මෙය ඉතිහාස පොතක්. ඒත් වෙනස්. ඉතිහාසය ගැන මට උනන්දුවක් තියෙනවා. පොත් පත් කියවලා මූලාශ්‍රවලින් ලබා ගත් දැනුමක් තිබෙන බවත් ඇත්ත. ඒත් එය ඉතිහාස සම්ප්‍රදාය ගැන ගැඹුරට හදාරලා ලබාගත් දැනුමක් නෙමෙයි. ඒ නිසා, ඉතිහාසඥයකුට තරම් ඉතිහාසය ගැන ලියන්න මට සාධාරණ අයිතියක් නැහැ කියලයි මම හිතන්නේ. උඩරට අරගලය පිළිබඳ පසුගිය කාලයේ ලියැවුණු පොත් පත් සැලකිය යුතු සංඛ්‍යාවක් තිබෙනවා. ඒ අතරින්, ආචාර්ය පෝල් ඊ. පීරිස්, මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද වැනි විද්වතුන් ලියූ පොත් ඉතාමත්ම වැදගත්. ඔවුන් විධිමත්ව ඉතිහාසය පිළිබඳ හදාරලා, ඉතිහාසය ගැන මනා දැනුමක් ලැබූ පුද්ගලයෝ. මම මාධ්‍යවේදියෙක්. මම කරන්නේ සංචාරයක්. ඒ තුළ මට යම් යම් ස්ථාන මුණ ගැහෙනවා. ඒ ස්ථානවල තිබූ ඉතිහාස කතන්දර එකතු කිරීමක් තමයි මම කරන්නේ. මෙහිදී පොත් පත්වල ලිඛිත සාධකවලට අමතරව, ගම්වල ජනතාවගේ ජනශ්‍රැති හා ජනවහර මම ප්‍රයෝජනයට ගන්නවා. සංචාරකයෙක් විදියට දැක්ක දේ, එදා තිබුණු දේ අද කොහොමද තියෙන්නේ? කියන එක සංසන්දනය කිරීම තමයි මම කරන්නේ.

සංචාරකයෙක් ලෙස ඔබ ලබා ගන්නා මූලාශ්‍ර, පොතක අන්තර්ගතය වන තරමට විශ්වාසය තහවුරු කර ගත්තේ කොහොමද?

1818 අරගලයට පසුගිය වසර වෙද්දි වසර 200 ක් පිරුණා. ඒ වන විට මේ රටේ නිර්මාණකරුවන් සහ විවිධ පුද්ගලයන් ගේ පවා මේ සම්බන්ධයෙන් උනන්දුවක් ඇති වුණා. ඌව වෙල්ලස්ස කියන්නේ ලංකාවේ දරිද්‍රතාවෙන් වැඩි වශයෙන් ම පීඩාවට පත් වුණු කලාපයක්. ‍මුලින් කියපු උනන්දුවත් සමඟ සිදු වන අනෙක් දේ, රටේ මිනිස්සු ඔවුන් සොයාගෙන එනවා කියලා මේ ප්‍රදේශයේ මිනිස්සුන්ටත් දැනෙනවා. මේ නිසා මම ඔවුන් සොයාගෙන යනකොට, අරගලකරුවන්ට නැති නෑදෑයෝ පිරිසක් ඇති වෙලා. සමහර වීරයන්ගේ පරම්පරාවලට නෑදෑකම් හදා ගත් පිරිසක් ඉන්නවා. ඔවුන් ගේ අයිතිය කියන්න තවත් පිරිසක් ඉන්නවා. මම ඔවුන් හමුවෙලා මෙහෙම වැඩක් කරනවා කිව්වහම, මුලදී ඒ ස්ථාන බලා ගන්න ඉන්න අය කියලා කියන අය, ටික වෙලාවකින් නෑදෑකමක් හඟවනවා. ඒත්, අතරමඟදී , මම වගේ අය එන බව දැන ගත්තහම, ඒ මිනිස්සු මේ විදියට සූදානම් වෙලා ඉන්න බව දැන ගන්න ලැබෙනවා.

ඔබ අහනවා කොහොමද එහෙනම් විශ්වාසය තහවුරු කර ගන්නේ කියලා. අපි දන්නවා 18 අරගලය අවස්ථාවේ ඉංග්‍රීසින් මේ පළාත සම්පූර්ණයෙන් විනාශ කළා. මිනිසුන් ගම් පිටින් ගිනි තියලා, කුඩා දරුවෝ පවා මරා දැම්මා. එතැනින් බේරිලා පානම වැනි ප්‍රදේශවලට ගිහින් ආපසු ආව පිරිස් ඉන්නවා කියලා පිළි ගැනීමක් තියෙනවා. මෙතැන පරම්පරා හයක විතර කාලයකුත් තියෙනවානේ. මේ සියල්ල සත්‍යම සොයා ගැනීමේදී ගැටලු ඇති කරනවා.

අනෙක් කරුණ, මේ සටන රහසිගතව සංවිධානය වුණ එකක්. වෙන්නෙ මොනවද කියලා දැනගෙන හිටියෙත් කිහිපදෙනෙක් විතරයි. ඒ පිරිස් මිය ගියාට පස්සේ, ඒ රහස් සියල්ල විනාශ වෙනවා. ඒ නිසා, මෙතැනදි හරියටම වුණේ ‍මේකයි කියන්න අමාරුයි. මේ වගේ දේ නිවැරැදි කර ගන්න වෙන්නේ, මීට පෙර මේ සම්බන්ධයෙන් ගවේෂණය කළ පිරිස් මඟිනුයි. ඒ සමඟ ම, අපේ රටේ පැරැණි ගම්වල ජනමත නායකත්වය දැරූ පිරිස් ඉන්නවා. පන්සලට, පාසලට සම්බන්ධ පිරිස් ඔස්සේ, තොරතුරු ප්‍රමාණයක් ලබා ගැනීමට හැකි වෙනවා.

මෙහිදී, අමාරුවෙන් කැළෑ වැදිලා බේරුණු පරම්පරාවක් දෙකක් ඉන්න බව නම් තහවුරු වෙනවා. හිටිහාමිගේ පරම්පරාව ඉන් එකක්. එක් දහස් නවසිය හැට ගණන්වල "රසවාහිනී" සඟරාවක, මේ පරම්පරාව සොයා ගත් විස්තර වගයක් තිබෙනවා . මේ වගේ සාක්ෂිවලින් තමයි මම විශ්වාසය තහවුරු කරන්නේ. අනෙක ජනශ්‍රැති. ඒවා බොරු කියලා බැහැර කරන්න බැහැනේ. රහසිගතව සිදුවුණු දේ, ජනශ්‍රැති මඟින් තමයි ගොඩ නගාගන්න වෙන්නේ. හැබැයි 18 අරගලයේදී "ඩීල්" දාපු රදල පරම්පරා ටික නම් ඉතිරි වුණා.

ඉතිහාසය ගැන කතා කරද්දි නිතර ඇහෙන චරිතවලින් ඔබ්බට ගිහින්, මේ පොත තවත් චරිත ගැන කතා කරන්න උත්සාහ කරනවා නේද?

අපි හැමදාමත් ඉතිහාසය අහන්නෙ දකින්නේ ප්‍රභූ දෘෂ්ටියකින්.18 අරගලයේ විතරක් නෙමෙයි. දුටුගැමුණු රජතුමා, පරාක්‍රමබාහු රජතුමා වැනි මහා චරිත කළ දේ කතා කළාට, සැබෑ වීරයෝ මේ අතර හැංගිලා. බලය තිබුණු තැන, රදළයෝ ගැන තමයි හැමදාමත් කතා කළේ. සමහර විට අද තියෙන තත්ත්වයමත් එයම වෙන්න ඇති. බලපුළුවන් කාරයන් සතුටු කරන්න, ඉතිහාසය ලියූ ලේඛකයෝ උත්සාහ කරන්න ඇති. වෙල්ලස්ස අරගලය ගත්තහම, කැප්පෙටිපොළගේ නායකත්වය ගැන කතා කෙරෙනවා. ඒත්, සටන් ආරම්භ වෙනකොට කැප්පෙටිපොළ හිටියේ ඉංග්‍රීසීන් එක්කයි. සමහරු කියනවා අරගලකරුවන් සමඟ හොර රහසේ ගනුදෙනු කරමින් හිටියා කියලා. බොහෝ වෙලාවට එය ඔප්පු වන තැනුත් හමු වෙනවා. හැබැයි අරගලය ඉස්සෙල්ලම ආරම්භ වන්නේ, කිවුලේගෙදර මොහොට්ටාල, බුටාවේ රටේරාල වැනි අය මල්වතු විහාරයේ සිටි හාමුදුරු කෙනෙක් සිවුරු ඇරවලා, රාජධුර අපේක්ෂකයා ලෙස පත් කරලා, නායකත්වය දීම මඟිනුයි. මේ අතර හිටියේ සාමාන්‍ය ජනතාව. ඊ ළඟට බින්තැන්නේ වැදි ජනතාව. පසු කාලීනව මෙය ජයග්‍රහණයක් විදියට යද්දී තමයි, අර පිරිස් මතුවෙන්නේ.

මේ ප්‍රභූ පිරිස් මෙතන්ට රිංගලා, ජන සටන අවුල් කළා. මිනිස්සුන්ගේ අවංක කැප කිරීම ඔවුන් විනාශ කළා. ප්‍රභූවරු තමයි ඉතිහාසය පුරාම අපට වැඩි වශයෙන් විනාශ කිරීම් කරලා තිබෙන්නේ. හැබැයි ඔවුන් ගැන වැඩියෙන් කතා කරනවා. ජනතාවගේ කැප කිරීම් ගැන කතා කරන්නේ නැහැ. මහා වෙහෙර විහාර හැදුවා වුණත්, ඒ පිටුපස සාමාන්‍ය මිනිසුන් ගේ කැප කිරීම් කතා කළේ නැහැ. තවමත් අනුරාධපුරයට ගියාම, ප්‍රභූන් ගොඩනැගූ මාලිගාවල නටබුන් පවා දකින්න ලැබෙනවා. ඒත්, ජන ජීවිත අදටත් පැල්පතේ. එතැන ප්‍රශ්නයක් තිබෙනවා. ඒ නිසා මට, හැමදාම ප්‍රභූන් ගැනම කතා කරන ඉතිහාසය වෙනුවට, ජනතාව කළ දේ කතා කරන්න අවශ්‍ය වුණා. ඒකට හේතුව, සැබෑ වීරයෝ හැමදාම මැරෙන්න දෙන්න බැරි නිසයි.

ඔබ කියන්නේ, ජාතික වීරයෝ ලෙස නම් කළ ඔවුන් "ඩීල් කාරයෝ" කියල ද?

අරගලයට පස්සේ එක්වුණු ප්‍රභූවරු ගැන ගැටලු රැසක් තිබෙනවා. බලන්න කැප්පෙටිපොළ. තමන්ට සිරගත කර සිටින කැප්පෙටිපොළ, අවස්ථා කිහිපයකදීම හමුවුණු බව වෛද්‍ය හෙන්රි මාර්ෂල් කියනවා. ඒ අවස්ථාවලදී තමන් වැරැදි දෙකක් කළ බව කැප්පෙටිපොළ මාර්ෂල්ට කියනවා. එකක් තමයි දොරේසාමිගේ පළමු අදිකාරම් ධුරය ගැනීම. දෙවැන්න ආයුධ භාරදී යටත් වන්නැයි කී අවස්ථාවේ, ආයුධ භාර නොදීම. මේ සියල්ල පෙර කර්මයට සිදු වන බවත් කියනවා. මේ සියල්ලටම වඩා වැදගත් දේ තමයි, මාර්ෂල් හරහා ඔහු ඩොයිලි හා බ්‍රවුන්රිග්ට ලිපි යැවීම. ඔහු, තමන් නොමරා රටින් පිටුවහල් කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා. කැප්පෙටිපොළ ගැනත්, අනෙක් රදළයෝ ගැනත්, මේ වගේ අවස්ථා ගණනාවක් තියෙනවා.

මඩුගල්ලේ, පිළිමතලව්වේ දෙන්නත් එහෙමයි. මේ දෙන්නා එකතුවෙලා තමයි ජයග්‍රාහීව ගිය සටන ඉදිරියට යද්දි , දොරේසාමි සුර්ය වංශයේ නෙමෙයි කියලා සටන අවුල් කරන්නේ. ඇහැලේපොළට, කපුවත්තේට සහ ඔහුට බේරෙන්න දෙනවා නම් කැප්පෙටිපොළ හා දොරේසාමි පාවා දෙන්න පුළුවන් කියලා මෙතැනදි පිළිමතලව්වේ බ්‍රවුන්රිග්ට ලිපි ලියනවා.

මේ වගේ ඩීල් හැම තැනම තිබිලා තියෙනවා. ඒක තමයි අදටත් පවතින්නේ. අදත් උඩින් තියෙන්නේ වෙනම කතාවක්. ඒත්, ඇත්ත සම්පූර්ණයෙන් වෙනස්. 18 අරගලයේ විතරක් නෙමෙයි, අපේ ඉතිහාසය පුරාවටම ඩීල් තියෙනවා. මේ ප්‍රභූවරුන් හැමදාම කළේ ඩීල් මත යැපීමයි. අහිංසක ජනතාව ඒවාට බිලි වුණා. 18 අරගලයේදී විතරක් නෙමෙයි, අදටත් ඩීල් නිසා තමයි රට අවුල් වෙලා තියෙන්නේ.

ඔබ මේ පොතෙන් ඔබ බලාපොරොත්තු වෙන්නේ, ඉතිහාසය ගවේෂණය කිරීමද? එහෙමත් නැත්නම් මේ පොත හරහා ඉතිහාසය සමාජයට සමීප කරවීමට ද?

මුල්ම කාරණය තමයි, නිදහස ලබා වසර හැත්තෑ ගණනකට පස්සෙ තමයි, අපට මොවුන් වීරයෝ විදිහට පිළිගන්න පුළුවන් වුණේ. එතකම් , ද්‍රෝහියෝ කියලා නම් කරලා තිබුණු මේ පිරිස, ඉන් ගලවා ගන්න කාටවත් වුවමනාවක් තිබුණේ නැහැ.මගේ අරමුණ වුණේ, මුලින් කියූ හැංගුණු පරම්පරා ටික ඉස්සරහට ගන්නයි.

මෑතක තිබූ 1818 අරගලය සම්බන්ධ උත්සවවල පවා අපි දැක්කේ, අර ප්‍රභූ පුද්ගලයන් ගැන කතා කරනවා විතරයි. ඔවුන්ට උපහාර උත්සව පැවැත්වෙනවා. මාධ්‍යවලින් කතා කරනවා. කොටින්ම කියනවා නම්, ඩොයිලි, බ්‍රවුන්රිග් ගැනත් කතා කරනවා. ඒත්, අර මිනිස්සු ගැන කතා කරන්න කෙනෙක් නැහැ.

මේ වසර 200 ක් වෙද්දි ඒ කතා නොවුණු පිරිස ගැන කතා කරන්නයි මට අවශ්‍ය වුණේ. දැනට මම ඒක කළත්, ඉදිරියට මීට වැඩිය ලොකු දෙයක් කළ යුතුයි කියන වුවමනාව මට තියෙනවා.

ඒ කියන්නෙ මීට වඩා විස්තරාත්මක පොතක්. මෙහි තියෙන්නේ ඉතා පොඩි ප්‍රමාණයක්. මේ කාර්ය කරගෙන යන්න, බොහෝ කැප කිරීම් කළ යුතුයි. දැනට තියෙන දැනුමෙ හැටියට, තොරතුරු ගවේෂණය සඳහා රටවල් තුන හතරකටවත් යන්න වෙනවා . ඒකට හේතුව, සමහරු මැරුණේ වෙන රටවල. සංචාරකයෙක් විදියට ලිව්වත් ඉන්දියාව, මුරුසිය වගේ රටවලට යන්න වෙනවා.

මේ සොයා යන ඉතිහාසය, අනාගතයට අවශ්‍යද?

අපේ ඉතිහාසයේ මුල් කොහෙද කියන දේ දැන ගැනීම තරුණ හෝ ළමා පරම්පරාවේ පෞර්ෂය ගොඩ නැගීමට ඉවහල් වෙනවා. අවාසනාවකට 1972දී ඉතිහාසය සහ සාහිත්‍ය විෂයන් පාසලෙන් කප්පාදුවකට ලක් වුණා. දැන් යම් පමණක උනන්දුවක් ඇතිවෙලා තියෙනවා. ප්‍රශ්නය වෙන්නේ, අපි ඉතිහාසය කියා බොහෝ විට අහන්නේ යුද්ධ, ජාති බේද, ගැටුම් වැනි සෘණාත්මක සිදුවීම්. ඒ මානසිකත්වයෙන් බලලා, ඉතිහාසයට ජාතිවාදී ලේබලයක් අලවනවා. ඉතිහාසයෙන් ගත යුතු දේ ගත්තේ නැහැ. වටිනා මානව ධර්මතා ගත්තේ නැහැ. මේ දේ තමයි අපි ඉතිහාසය කියා වරද්දා ගත් දේ. ඉතිහාසය මඟිනුයි, අපේ අනන්‍යතාව හැදෙන්නේ.

උපුටා ගැනීම: දිනමිණ 

අඟුනකොලපැලැස්ස බන්ධනාගාරයේ පහර දීම

නවීන් දේවගේ විසිනි

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව (සිඅසුක) ජනවාරි 16 දා මාධ්‍ය හමුවක දී ප්‍රසිද්ධ කල සීසීටීවී වීඩියෝ පටයක අඟුනකොලපැලැස්ස බන්ධනාගාරයේ නිලධාරීන් එහි රැඳැවියන්ට අමානුෂික අයුරින් පහර දෙන ආකාරය දැක්වෙයි.

මාධ්‍ය හමුව අමතමින් සිඅසුක ලේකම් සුදේශ් මාරසිංහ “මේ හැම බන්ධනාගාරයක් තුලම තත්ත්වය ඕක තමයි. ‘සිරකරුවෝ මනුෂ්‍යයෝ කියලා‘ ඔවුන් කියන්නේ නමට විතරයි. ඔවුන් ඉතාමත් අමානුෂික ලෙස තමයි සිරකරුවන්ට සලකන්නේ.” යැයි පැවසී ය.


නොවැම්බර් 22 වැනි දා සිදුව ඇති මෙම පහර දීම සටහන්වී ඇති වීඩියෝ පටයට අනුව බන්ධනාගාර ශාලාවකින් රැඳැවියන් එකිනෙකා බෙල්ලෙන් ඇද ඉවතට දැමෙයි. එසේ ඉවතට දැමෙන්නන්හට පොලිස් භටයෝ දිගු මුගුරුවලින් පහර දෙති. මුගුරු පහරින් බේරීමට දිවයන රැඳැවියන් හඹා යන පොලීසිය නැවත නැවතත් පහර එල්ල කරති. අනතුරුව රැඳැවියන් දන ගස්වා පහර දෙමින් දෑත් ඔසවා ගෙන දනිස්සෙන් ඇවිද යාමට බල කෙරේ. ඒ අතරේ පොලිස් භටයෝ තම මුගුරුවලින් සිරකරුවන් ගේ තට්ටම්වලටත් පිට කොඳුවලටත් රිසි සේ තඩි බාති; ඇතැමෙක් විටින් විට ඔවුන් ගේ හිසටත් පපුවටත් වැර යොදා පා පහර දෙති. මේ සිදු වීම් දාමය පැය භාගයකට ආසන්න කාලයක් පුරා විහිද යයි.

අර්ධ මිලිටරි ඒකකයක් වන පොලිස් විශේෂ කාර්ය බලකාය අඟුනකොලපැලැස්ස බන්ධනාගාරයේ සේවය සඳහා යෙදවීමට එරෙහි ව එහි සිරකරුවන් විසින් ඔක්තෝබර් 21 වැනි දා දියත් කල විරෝධතාවයට ප්‍රතිචාරයක් වශයෙන් ආන්ඩුව විසින් බන්ධනාගාර පරිපාලනය හරහා මෙම ප්‍රචන්ඩ පහර දීම සංවිධානය කර ඇත.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටා ඇති සිරකරුවන් 2000ක් රඳවා තැබිය හැකි අඟුනකොලපැලැස්ස බන්ධනාගාරය 2017 දී විවෘත කරන ලද්දේ “ජාත්‍යන්තර ප්‍රමිතියට” අනුව ඉදි කල ලංකාවේ ප්‍රථම බන්ධනාගාරය යැයි ඔජ වඩමිනි. එයට සිරකරුවන් බැලීමට එන අයට ගෙන ආ හැක්කේ එක් බත් පාර්සලයක් පමනි. සිරකරුවන්ට අවශ්‍ය සෙසු සියලු දේ බන්ධනාගාර වෙලඳසැලෙන් සාමාන්‍ය වෙලඳපොල මිලට වඩා අධික මිලකට ලබාගත යුතු ය.

බන්ධනාගාරය තුල සිරකරුවන් නිරුවත් කර පහර දීම් නිරන්තර ව සිදු වෙයි. විශේෂ කාර්ය බලකාය විසින් සිරකරුවන් බැලීමට පැමිනෙන ඥාතීන් සහ හිතවතුන් නිරුවත් කර පරීක්ෂා කිරීම මුල් කර ගෙන ඔක්තොබර් 21 දා විරෝධතාව පුපුරා ගියේ ය. එ දින උදෑසන බන්ධනාගාරයේ කුලුනක් මතට නැඟුනු සියයක් පමන සිරකරුවෝ “බන්ධනාගාර පාලනයට එස්ටීඑෆ් එපා” යනුවෙන් ලියූ බැනරයක් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවේ යෙදී ගත්හ. බන්ධනාගාර රැඳැවියන් බහුතර පිරිසක ගේ සහයෝගය දිනා ගත් විරෝධතාව අවසන් වුයේ පසු දින බන්ධනාගාර නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ය.

බන්ධනාගාරයට පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට සිරකරුවන් ගේ පුලුල් විරෝධයක් මතු ව ඒමට පදනමක් ඇත. රැඳවියන් ලඟ මත්ද්‍රව්‍ය සහ ජංගම දුරකථන තිබේ දැයි පරීක්ෂා කිරීමේ කඩතුරාව යටතේ 2012 නොවැම්බර් 09 වැනි දා වැලිකඩ බන්ධනාගාරයට කඩා වැදුනු විශේෂ කාර්ය බලකාය සැලසුම් සහගත ව ප්‍රකෝපකරනයක් ඇති කොට ලැයිස්තු අනුව තෝරා ගත් සිරකරුවන් පිරිසක් ඝාතනය කලේ ය. සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව බලයට පැමිනියේ සිරකරුවන් ගේ අයිතීන් ගැන කැක්කුමක් ඇත්තන් මෙන් රඟපාමින් මේ අපරාධය ද ගසා කමිනි.

බන්ධනාගාර තුල ප්‍රකෝපකරනයන් නිර්මානය කර අවශ්‍ය සිරකරුවන් සමූහ වශයෙන් ලයිස්තුවලට අනුව තෝරා ගෙන ඝාතනය කිරීම ලංකාවේ ධනපති රාජ්‍ය යන්ත්‍රය කලක් තිස්සේ, විශේෂයෙන් ම දෙමල ජනයාට එරෙහි ව දියත් කල සිවිල් යුද්ධ සමයේ දී, වැඩි වර්ධනය කර ගත් මර්දන ක්‍රමෝපායකි. 1983 දී වැලිකඩ බන්ධනාගාරය තුල දී 53 දෙනෙකු ද, 1997 දී කලුතර බන්ධනාගාරයේ දී 3 දෙනෙකු ද, 2000 දී බිඳුනුවැව පුනරුත්ථාපන කඳවුරේ දී 26 දෙනෙකු ද වශයෙන්, දෙමල දේශපාලන සිරකරුවන් ඝාතනය කෙරුනි.

2012 දී වවුනියාව බන්ධනාගාරයේ දී විශේෂ කාර්ය බලකාය තවත් දෙමල දේශපාලන සිරකරුවන් දෙ දෙනෙකු ඝාතනය කල හ. එහි වින්දිතයෙකු ගේ දෙමාපියන් ගොනු කල මූලික අයිතිවාසිකම් නඩුව විභාග නොකර ම ප්‍රතික්ෂේප කරමින් එවකට අගවිනිසුරු මොහාන් පීරිස්, “බන්ධනාගාරයේ කලබලයක් ඇති වූ විට බන්ධනාගාර කොමසාරිස් කල යුත්තේ ජීනීවා ප්‍රඥප්තිය පෙරලීම ද” යනුවෙන් නරුම ලෙස ප්‍රශ්න කලේ ය.

සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව මේ ක්‍රමෝපායන්ගෙන් බිඳකුදු අපගමනය වී නැත. 2018 ඔක්තෝබර් මාසයේ දී අඟුනකොලපැලැස්ස බන්ධනාගාරයට විශේෂ කාර්ය බලකාය යෙදවූයේ, බන්ධනාගාරවල “බාහිර” ආරක්ෂාවට විශේෂ කාර්ය බලකාය යෙදවීමටත්, බන්ධනාගාර බුද්ධි අංශ ශක්තිමත් කිරීමටත්, අධිකරන සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරන අමාත්‍යාංශය ගත් තීන්දුවක පලමු පියවර වශයෙනි. “බාහිර ආරක්ෂාව” යනුවෙන් විශේෂන පදයක් යොදා ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයට කඩා වැදීම ගැන ඇති පුලුල් මහජන අප්‍රසාදය තුල යි.

වීඩියෝ පටය එලිදරවු වීමත් සමග නැගුන විරෝධය හමුවේ මහජනයා ගේ දෑස්වලට වැලි ගැසීමට අධිකරන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරන අමාත්‍ය තලතා අතුකෝරාල “සිද්ධිය විමර්ශනය” කිරීමට කමිටුවක් පත් කල අතර, පසු දා ම වීඩියෝ පටය ප්‍රසිද්ධ කල අය දඩයම් කිරීමට තවත් කමිටුවක් පත් කලා ය. කොලඹ දී පැවති මාධ්‍ය සාකච්ඡාවක දී වීඩියෝ දර්ශන බන්ධනාගාරයෙන් එලියට දුන් අයටත්, එය ප්‍රසිද්ධ කල සිඅසුකටත්, අතුකෝරාල තර්ජනය කලා ය.

මෙම “විමර්ශන කමිටු” මුලුමනින්ම ව්‍යාජ ය. බලයට පැමිනි විගස සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව 2012 වසරේ දී වැලිකඩ දී සිරකරුවන් 27 දෙනෙකු ඝාතනය කරමින් විශේෂ කාර්ය බලකාය සිදු කල අපරාධය විමර්ශනයට යැයි පවසමින් පත් කල කමිටුවක් 2015 ජනවාරි - ජූනි කාලය තුල ක්‍රියාත්මත වන සෙයක් මවා පෑව ද වාර්තාවක් ප්‍රසිද්ධ නොකිරීම මගින් පෙන්නුම් කෙරෙන්නේ ධනපති රාජ්‍යය තම මර්දන මෙවලම් මොට කර ගැනීමට සූදානම් නොමැති බවයි.

2018 අගෝස්තු 13 වැනි දා ද වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳැවියන් කන්ඩායමක් වහලකට නැගී උපවාසයක යෙදුනේ තම අධිකරන ක්‍රියා මාර්ග කඩිනම් කරන ලෙසත් බන්ධනාගාරයේ පහසුකම් ඉහල නංවන ලෙසත් ඉල්ලමිනි. අගෝස්තු 20 වැනි දා මෙම විරෝධතාවට සම්බන්ධ වූ රැඳවියන්ට රුදුරු ලෙස පහර දුනි. “ගල් මුල් රැගත් කාන්තා රැඳවියන් ගේ සිර ගෙදර කැරැල්ලක් මැඬීමට” “අවම බලය” යෙදවූවා යැයි කියමින් සිදු කල එම පහර දීමෙන් කීප දෙනෙකු රෝහල් ගත කල අතර එක් තැනැත්තියක් ජීවිතක්ෂයට පත් වූවා ය.

2017 මාර්තුවේ දී සිඅසුක නිකුත් කල වාර්තාවක වැලිකඩ බන්ධනාගාරයේ පවත්වා ගෙන යන අමානුෂික කොන්දේසි මොනවා දැයි විස්තර කෙරෙයි. එක් කෙනෙකු පමනක් රැඳැවිය හැකි කුටියක 3-8 ත් අතර ගනනක් රඳවා ඇත. නිදා ගැනීමට කොට්ට පැදුරු හෝ ආහාර ගැනීමට පිඟන් කෝප්ප නොසැපයෙ යි. ඇතැම් රැඳැවියන් තම ආහාර ගන්නේ සිලි මලුවල තබා ගෙන වන අතර ලබා දෙන ආහාර පෝෂන ප්‍රමිතියකට නැත. සිරකරුවන් 2500කට පමන ඇත්තේ වැසිකිලි 50 කට ආසන්න ප්‍රමානයක් පමනි. වැසිකිලිවලට නල ජලය නොමැති අතර වෙනත් තැනකින් ජලය ගෙන වැසිකිලියට යාමට සිදු වෙයි. සිරකරුවන් සියලු දෙනා ම මේ තත්ත්වයන් තුල පැයක කාලයක් ඇතුලත ශරීර කෘත්‍යයන් නිම කල යුතු ය.

වැලිකඩ පමනක් නොව අන් සෑම බන්ධනාගාරයකම තත්වය මෙයට වෙනස් නොවේ.

බන්ධනාගාරවල මර්දනකාරී පරිසරයක් නිර්මානය කිරීම සහ පවත්වා ගෙන යාම පොලිස් රාජ්‍යයක් ඇටවීම දෙසට ආන්ඩුව ගන්නා දැනුවත් පියවර අනුව සිදු කෙරෙන්නක් විනා ඒ හෝ මේ බන්ධනාගාර නිලධාරීන් ගේ “අහඹු අක්‍රමිකතා” නිසා ඇති වූ තත්ත්වයක් නොවේ.

රාජ්‍ය මර්දන ක්‍රමෝපායන් වර්ධනය කිරීමේදී කඩතුරාවක් ලෙස යොදාගත් “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය”, “මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධයක්” මගින් විස්ථාපනය කෙරෙමින් ඇත. වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන්ට පහර දීමත් අඟුනකොලපැලැස්සේ රිමාන්ඞ් සිරකරුවන්ට පහර දීමත් “භයානක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්” බන්ධනාගාරය තුල දියත් කල කැරැලි “මර්දනය” කිරීමට සිදු කල පහර දීම් ලෙස හුවා දැක් වෙයි.

විශේෂ කාර්ය බලකාය බන්ධනාගාරයට කැඳවෙන්නේ මත්ද්‍රව්‍ය බන්ධනාගාර තුලට ඒම වැලකීමට සෝදිසි මෙහෙයුම් කිරීමේ මුවාවෙනි. දෙසැම්බරයේ ජනාධිපති කාර්යාලයේ පැවැත් වූ රැස්වීමක දී ද “බන්ධනාගාරවල ආරක්ෂාවට” විශේෂ කාර්ය බලකාය යෙදවීමත් “මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට” මරන දඬුවම කඩිනමින් ක්‍රියාවේ යෙදවීමත් ගැන ජනාධිපති සිරිසේන සාකච්ඡා කලේ ය.

පිලිපීනයේ දී ජනාධිපති සිරිසේන, ආඥාදායක පාලකයෙකු වන එ රට ජනාධිපති ඩුවර්ටේ ගේ මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධය පසසා තමන්ට ද එය උගන්වන්නැයි ඉල්ලා සිටියේ මත්ද්‍රව්‍ය මැඬීමට සිරගෙවල සිදු කල යුතු වෙනස්කම් කිරීමට තමන් පසු බට වන්නේ නැති යැයි පවසමිනි. පිලිපීනයේ ධනපති පන්ති පාලනය සමාජ ආතතීන් පුපුරා යාම සමනය කර ගෙන ඇත්තේ මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධයක මුවාවෙන් සිය දහස් ගනන් අහිංසක ජනයා මරා දමමින් පොලිස් භීෂනයක් වපුරවමිනි.

අඟුනකොලපැලැස්ස බන්ධනාගාරයේ පහර දීම, මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධයක මුවාවෙන් ලංකාව තුල ක්‍රියාත්මක කෙරෙන රුදුරු මර්දන ක්‍රියාදාමයක දැනුවත් පියවරකි.

සිරිසේනගේ ඉංග්‍රීසි ,අපේ ඉංග්‍රීසි සහ රනිල්ගේ ඉංග්‍රීසි

ජනාධිපති සිරිසේන මහතාට  ලියා දුන් ඉංග්‍රීසි  කතාව පිලිපින ජනධිපති වරයා ඉදිරියේ හරියට  කියවා  ගන්නට බැරිවීම ගැන දැන් විවිධ විවේචන එල්ල වෙමින් තිබේ .වෙනත් ජාත්‍යන්තර  සම්මන්ත්‍රණ වලදී සිංහලෙන් කතාකරන සිරිසේන මහතා මෙවර ඉංග්‍රීසියෙන් කතා  කරන්නට ගියේ මන්දැයි අපි දන්නේ නැත .

සිරිසේන මහතා දක්ෂ  කථිකයෙකි .මව් බසින් කතා  පවත්වන්නට  ඔහුට වඩා දක්ෂ දේශපාලනඥයින් සිටින්නේ අතලොස්සකි . අනුර කුමාර එවැන්නෙකි . රනිල්ගේ සිංහල කතා නම් එහෙමට  රසයක් නැත    . මහින්ද රාජපක්ෂගේ සිංහල කතාද එසේමය .


සිරිසේන මහතාට  ඉංග්‍රීසි බස පිළිබඳව අඩු දැනුමක් තිබීම ඇත්තෙම්ම රාජ්‍යපාලනයේදී ඔහුටත් අවාසි දායකය. රටටත් අවාසි දායකය . රනිල්ගේ සංස්කෘතිය ඔහුට අප්පිරිය වීමට එක හේතුවක් වුයේ  ඉංග්‍රීසි බව  කියනු  ලැබේ . සිරිසේන  මහතා රනිල් පන්නා දමා දින 52 ක් නැටු නැටිල්ලෙන් රටට සිදුවූ පාඩුව කොතරම් විශාලදැයි දන්නෝ දනිති. එය සිදුවුයේ ඔහුගේ ඉංග්‍රීසි බසේ දුප්පත් කමත් එක හේතුවක් වූ නිසා නොවේද?
සිරිසේන මහතාට  පමණක් නොව මන්ත්‍රීවරු සැලකිය යුතු පිරිසකටද , රටේ බහුතරයකට ද  ප්‍රමාණවත්   ඉංග්‍රීසි  දැනුමක් නැත . ප්‍රමාණවත් ඉංග්‍රීසි දැනුමක් නැති වූ විට ලෝකයෙන් උකහා ගහ  හැකි දැනුමද අල්පය. එහි පාඩුව රටටමය. දෙමළා සමග  කතා කරන්නටත්  නැගෙනහිර පළාතේ මුස්ලිම් මිනිසුන් සමග කතා  කරන්නට සිංහලුන් නොදන්නා බැවින් අදත් ඔවුන් සහ සිංහලයන් අතර තිබෙන අනවබෝධය අති විශාලය .    


මා  මේ ලිපියෙන්  කතාකරන්නට  යන්නේ ජනාධිපතිවරයාට මෙන්ම  ලාංකිකයන් බහුතරයකට  ඉංග්‍රීසි බසින් ලියන්නට,  කියවන්නට අවබෝධ කරගන්නට සහ කතා  කරන්නට  බැරි වීමට  බලපෑ  හේතු කීපයක් පිලිබඳවය.


පළමුවෙන් අපට හමුවෙන්නේ S.W.R.D. බණ්ඩාරනායක මහතා සහ ඔහුගේ ශ්‍රී ලංකා නිදහස්  පක්ෂයයි . එකළ ඉංග්‍රීසිය විසින් බලවත් පීඩනයක් සිංහලයන් මත පටවා තිබීම නිසා සිංහල භාෂාව පමණක්  රාජ්‍ය භාෂාවක් කිරීම නිසා   ග්‍රාමීය සිංහලයා  ඉංග්‍රීසි ඉගනීම ඇත හැර දැමු අතර  එය දෙමළා පාගා  දැමීමට තරම් දුර ගෙන ගියේය. එබැවින් බණ්ඩාරනායක සහ ශ්‍රීලනිපය කරන ලද්දේ  සමාව දිය නොහැකි අපරාධයකි .

ඉන්පසු බලයට පැමිණි ආණ්ඩු මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයද රටේ බහුතරයකට ඉංග්‍රීසි හෝ වෙනත්  ජාත්‍යන්තර  භාෂාවක්  ඉගනීමට ළමුන්  සහ වැඩිහිටියන් පොළඹවන ප්‍රමාණවත්  පියවර ගත්තේ නැත . එම ආණ්ඩු සහ අධ්‍යාපන අමාත්යංශය ඉංග්‍රීසි ඉගැන්වීමට කිසිත් නොකළේ යයි  මා කියන්නේ නැත  . නමුත් ඉංග්‍රීසි ඉගනීමට පෙළඹ  වීමට  ගත් පියවර කිසිසේත් ප්‍රමාණවත් නැත .

වසර 20  කට අධික  කාලයක් පාසල්වල ඉංග්‍රීසි විෂය ඉගැන්වීමෙන්ද ,අවුරුදු අටක් අධ්‍යාපන කලාපයක ඉංග්‍රීසි ඉගැන්වීම පිළිබඳව වගකීම භාරව සිටීමෙන්ද මේ සම්බන්ධයෙන් මා තුළ ප්‍රමාණවත් අවබෝධයක් තිබේ.

පෙළපොත නොමිල් දුන්නද , අවශ්‍ය තරම් ඉංග්‍රීසි ගුරුවරු සිටියද සතියකට  කාල පරිච්චේද පහක් ඉංග්‍රීසි  ඉගැන්වුවද ළමුන් ඉංග්‍රීසි  ඉගනගන්නේ  නැත . ඒ සදහා  ළමුන් තුළ  උවමනාවක් ඇති කළ යුතුය .  ඉගනීමට උවමනාවක් නැතිවූ විට ශක්‍රයාටවත්  බලහත්කාරයෙන් ඉගැන්විය නොහැක .  ළමුන් ජීවත්වන  පරිසරය ඉංග්‍රීසි ඉගැනුමට  පොළඹවන්නේ නැති බැවින් ඔවුන් ඒ සදහා පෙළඹවීමට අවශ්‍ය  පියවර  ගැනීම ප්‍රධාන වශයෙන් අධ්‍යාපන  අමාත්‍යවරයාගේත් අධ්‍යාපන අමාත්‍යාංශයේත් වගකීම වන්නේය .

පෙළඹවීම කළහැකි හොදම මග එම විෂය සමත් වීම අනිවාර්ය  කිරීමය 

අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනීසිටීම සදහා සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විෂය සමත්වීම අනිවාර්ය කරන්නේ නම්  , විශ්ව විද්යාල , අධ්‍යාපන විද්‍යා පීඨ වලට ඇතුලත් වීම සදහා උසස් පෙළ GENERAL ENGLISH විෂයට සාමාන්‍ය සාමාර්ථයක් තිබීම අනිවාර්ය කරන්නේ නම්  , සරසවි උපාධි සහතිකය නිකුත් කිරීමට  එහි පවත්වන  ඉංග්‍රීසි විභාගයකින් සමත් වීම අනිවාර්ය  කරන්නේ නම්  සියලුම  පාසල්  සිසුන් සරසවි සිසුන්   ඉංග්‍රීසි ඉගනීමට   අනිවාර්යයෙන්  පෙළඹෙනු නිසැකය .

එහෙත් එවැනි තීරණ අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන්ට  පමණක් ගැනීමට තරමක් අපහසු කරුණකි .ඒ සදහා ආණ්ඩුවේ එකගත්වය සහ සහය අවශ්‍යය.

ආණ්ඩුවේ සහය ලබා  ගැනීම පහසු නැත. දේශපාලකයන් බදු පැනවීමේදී සහ භාණ්ඩ මිල ඉහල දැමීමේදී කැත්තට පොල්ල සේ සිටියද මෙවැනි කරුණු වලදී කෙලින් තීරණ ගන්නේ නැත .එයට හේතුව තමනට ලැබෙන චන්ද ප්‍රමාණය අඩුවෙනු  ඇතැයි යන බියය . මේ සදහා උදාහරණයක් මා දක්වන්නට කැමතිය .

මහින්ද රාජපක්ෂ මහතා ජනධිපති වී සිටි සමයේ එස්. බී දිසානායක  මහතා උසස් අධ්‍යාපන ඇමතිවරයා ලෙස  කටයුතු කරද්දී උසස් පෙළ විභාගයේ GENERAL ENGLISH විෂයට සියලු සිසුන් පෙනී සිටීම (සමත් වීම නොවේ ) අනිවාර්ය කිරීම සඳහා  යෝජනාවක් ඇමති මණ්ඩලයට ගෙනාවේය . එහෙත් එයට ඇමති මණ්ඩලයේ අනුමැතිය  ලැබුනේ නැත. එයට ප්‍රධාන හේතුව වුයේ  මහින්ද රාජපක්ෂ මහතා විරුද්ධ වීමය . ඔහු එයට හේතුව  ලෙස දැක්වුයේ ප්‍රමාණවත් තරම් ඉංග්‍රීසි ගුරුවරු  පාසල්වල නැත  යන්නය .

එවක රටේ  ලොක්කා  වූ රාජපක්ෂගේ වගකීම වන්නේ  පාසැල්වලට අවශ්‍ය ගුරුවරු ලබා දෙමින් එස් බී ගේ යෝජනාව ක්‍රියාත්මක කිරීම නොවේද? එහෙත් රාජපක්ෂ කල්පනා කළේ මෙවැනි යෝජනාවක් ක්‍රියාත්මක කිරීමෙන් තමන්ට ලැබෙන චන්ද අඩුවෙනු ඇත  යන්න මිස වෙන කුමක්ද ?

 අති බහුතරයක්  පාසල් වලින්  පිටවන සිසුන්ගෙන් 90%කට මෙන්ම     සරසවි වලින් පිටවෙන 90% කගේ ඉංග්‍රීසි දැනුම බෙහෙවින් දුර්වල වී තිබෙන්නේ  මේ නිසාය . සිරිසේන ජනාධිපතිවරයාත් ඔවුන්ගෙන් එක අයෙකු පමණි  .

කෙසේ වෙතත් සිරිසේන මහතා ඇමතිවරයෙකු ලෙස  බොහෝ කලක් සේවය  කළ අතර ඉංග්‍රීසි වල වැදගත් කම එසේ සේවය  කරද්දී අනිවාර්යයෙන් ඔහුට  වැටහෙන්නට ඇත . ඕනෑ කම තිබුනේ නම් බ්‍රිතාන්‍ය කවුන්සලයෙන් ගුරුවරයෙක් ගෙදරටම  ගෙන්වා  ගෙන  ඉංග්‍රීසි ඉගනගන්නට තිබුණි.  නැතහොත් සුද්දෙක්  හෝ හෝ සුද්දියක් තම නිවසේ වසර දෙක තුනක් නතර  කරගෙන ඔහු හෝ ඇය සමග   බැරි බැරි ගායෙන් හෝ අවුරුදු  තුන හතරක් ඉංග්‍රීසියෙන්  කතා  කලේනම් මේ වෙන විට   චතුර ලෙස ඉංග්‍රීසි කතා  කරන ශුරයෙක් වීමට සිරිසේන මහතාට  පුළුවන් කම තිබුණි .

ඉංග්‍රීසි බස හොදින් ඉගනගන්නට  මන්ත්‍රීවරයෙක් ලෙස සිටියදීත්   ඇමතිවරයෙක් ලෙස සිටියදීත්  ජනාධිපති තනතුරට පත්වූ විටදීත්  සිරිසේන මහතාට හිතුනේ  නැත්තම් පෙළපොත නොමිලේ දුන්නද ඇතිපදම් ඉංග්‍රීසි ගුරුවරු දුන්නද ,  සපත්තු දුන්නද, නිල ඇදුම්  දුන්නද ඉංග්‍රීසි ඉගනීමට ගමේ  කොල්ලන් කෙල්ලන් උනන්දු වේද යන්න අප  කලපනා  කල යුතුය . විභාගවලට ඉංග්‍රීසි විෂය සමත් විම අනිවාර්ය  කල යුතුය  කියා  මා කියන්නේ ඒ නිසාය .

සුදු කුකුලා බ්ලොග් අඩවියෙනි